Thursday, February 23, 2012

අනික මේ ධර්මාවබෝධය / ජීවිතාවබෝධය ලැබීමේ වැඩ පිළිවෙල pyramid එකක් වගෙයි!!! දන්නවනේ අර තුන්හුලස් හැඩේට තියන ලොකු ඒවා?? එයින් එකක පහල හරියේදී, පොලව මට්ටමේදී, ඒකෙ වටප්‍රමාණය වැඩියි වගේම, මේ මාතෘකාව සම්බන්ධයෙන් මොකුත් නොදැන ඉන්දැද්දී කතාන්දරය මහා බරපතල එකක් වගෙයි!!! කරන්න තියන දේවල් මහා ගොඩායි වගෙයි!!! ඒත් උඩ හරියට යන්න යන්න pyramid එකේ වටප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙනවා වගේම, මේ ධර්ම මාතෘකාව ගැන තමුන්ගේ අවබෝධය දියුණු වෙන්න දියුණු වෙන්න 'මේක හරිම සරල දෙයක් නේද?' කියල තේරෙන්න ගන්නවා!!! 'මහ දෙයක් කරන්න නැහැ නේද?' කියල තේරෙන්න ගන්නවා!!! ඊළඟට pyramid එකේ උඩටම ගියාම මුදුන... ඕනේ නම් උල තිබ්බ වගේ වාඩිවෙලා ඉන්නවා මිසක්, වටේ යන්න නෑ නේ??? අන්න ඒ වගේ මේ මතෘකාවේදීත්,තමන්ගේ දැණුම / අවබෝධය සම්පූර්ණ උනාම 'කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණවා!!! !!! !!! බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට කිව්වේ පුළුවන් ඉක්මනට දණිපණි ගහල ඔය pyramid එකේ උඩටම නගින්න කියලයි!!! !!! !!! එහෙම උන්වහන්සේ කියපු දේ කියපු විදියටම කරන එවුන්ට වටේ යන්න දෙයක් නෑ... උන් රහත්වෙලා, ණිවන් දැකල, පිරිණිවන් පානවා!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සුන්ට ඉගැන්නුවේ pyramid එක කිට්ටුව පාතට වත් නොගිහින්, පේන මානෙන් ඉඳන් ඒක වටේ යන්න!!! !!! !!! ඉතින් ඒ බූරු ධර්මය අහල රැවටිච්ච (මෝඩ) මිනිස්සු හැමදාම කරන්නේ මල් / හඳුන්කූරු පූජකරකර, ගාථා කියකිය වැඳවැඳ, බෝධිපූජා තියතිය 'වටේ යන එක' තමයි!!! !!! !!! මේ වෙනකොට ඔය කුණුහරුප වැඩේම කරකර බුද්ධ සාසන බර ගණනක් pass කරගෙනයි ඇවිල්ල ඉන්නෙත්... ඉතින් උන් සදා සන්සාරෙමයි!!! !!! !!!

දැන් මේ මං කරන වැඩෙන් හරියට, ප්‍රායෝගිකව සිද්ධවෙන දේ කිව්වොත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය තෝරලා දුන්නේ බොහොම ප්‍රථමික යුගයක, සෑහෙන අමාරුවෙන්!!! එතකොට 'ඇත්තම ඇත්ත කතාන්දරය' තේරුම් ගන්න මහා ප්‍රඥාවක් / තියුණු ප්‍රඥාවක් ඕනේ වෙනවා!!! අවබෝධ කරගන්න ගොඩාක් වෙහෙසෙන්න වෙනවා!!! ටික දෙනයි success උනේ. හැබැයි කියල තෝරලා දීපු ප්‍රමාණය තවත් වැඩි උනා නම්, තේරුම් ගන්න පහසු වෙනවා... අවබෝධ කරගන්න එච්චර මහන්සි වෙන්න සිද්ධවෙන එකකුත් නෑ... එතකොට තව ගොඩ දෙනෙක් success වෙනවා!!! හොඳයි,අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැතිවෙන්නම... තමුන්ට හිතන්න දෙයක් නැතිවෙන්නම... 'තිතටම' සේරම කියල පෙන්නලාම දුන්න නම්??? එතකොට උඹලට කරන්න දෙයක් නැති වෙනවා!!! අන්න ඒකයි ඇත්ත!!! !!! !!! උඹලටම තේරෙයි 'කරන්න දෙයක් නෑ නේද?' කියල. ගෞතම බුද්ධ සාසනයේදී ඔය 'මොකුත්ම කරන්න ඕනේ නැති බව' බොහොම ඉක්මනටම තේරුම් ගත්තේ 'බාහිය දාරුචීරිය' කියන පින්වත් උත්තමයා තමයි!!! !!! !!! එයා, පන්සිල් / අටසිල් / දසසිල් කතා මොකුත් නෑ... පන්සල් / දහම් පාසල් කතා මොකුත් නෑ... පින්කරන / පෙරුම් පුරන කතා මොකුත් නෑ... අර 'අභි' එව්වා, නැත්නම් ධර්මය කියල තියන 'අමු තිත්ත කුණුහරුප!!!' අන්න එව්වා මොකුත්ම නෑ... බුදුහාමුදුරුවෝ එයාට කිව්වා, 'දැක්කොත් දැක්ක විතරයි! ඇහුනොත් ඇහුන විතරයි! වින්දොත් වින්ද විතරයි! හිතුවොත් / පැතුවොත් ඒවත් ඒ පමණකින්ම නවත්තන්න! එතකොට මොකුත් හැදෙන්නේ නෑ!! මොකුත් හැදුනේ නැත්නම් 'ඔබ' එතන නෑ!! 'ඔබ' වෙන තැනකත් නෑ!! 'ඔබ' ඒ අතර වාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!! කියල. එයා එහෙම කළා!!! 'පිස්සු හැදිච්ච ගව දෙනක්' ඇනල, එතනම පිරිණිවන් පෑවා!!! !!! !!! ඒ සේරටම ගතවුනේ පැය 1/2ක් විතර තමයි!!! !!! !!! ඒ බාහිය දාරුචීරිය උත්තමයා තමයි ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් බුද්ධ සාසනය සම්පූර්ණ කරගත්තු රහතන් වහන්සේ!!! !!! !!! උඹල ඕව අහලවත් නෑ නේ??? එහෙම තමයි කාලකණ්නි ගොං සංඝයොන්ට අහුවුනාම!!! උන් ඇත්ත කියල දෙන්නෙත් නෑ!!! කියල දෙන්න උන් දන්නෙත් නෑ!!! !!! !!!

මුළු ලෝකෙම ගොං සංඝයින්ගේ වසඟයට පත්වෙලා, ගෞතම බුද්ධ සාසනය එහෙම්පිටින්ම පරිහාණියට පත්වෙලා, සියලු සත්වයෝ මයිත්‍රී බුදුන්ව බැහැ දකින්න ලැස්තිවෙලා ඉන්දැද්දී තමයි අපේ හාමුදුරුවෝ ලෝකෙට වැඩියේ!!! !!! !!! උන්වහන්සේ තට්ට තනියම දත කාල දත කාල ආයේ ගෞතම බුද්ධ සාසනය ගොඩ නොගත්ත නම් බලාගන්න තිබ්බ මේ ඉන්න තරමක් ලොක්කෝ ලොක්කියෝ සේරමලා ණිවන් යන හැටි... දැන් ඉතින් අවුලක් නෑ!!! කාගෙවත් කතන්දර වලින් මට නම් කිසිම වැඩක් නෑ... මට ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ ඒ විදියටම කෙරෙන්නයි!!! අපේ හාමුදුරුවොත් බුරුතු පිටින් කස්ටිය එක්කහු උනාට අවබෝධ කරන්නේ 'බොහොම චුට්ටයි' කියල කණගාටුවෙන් තමයි කතා කලේ... මට ඕනේ උනේ ඒ සේරම කණපිට ගහන්නයි!!! ජීවිතේට උපකාර වෙච්ච... අපිම දන්න කියන අය කොච්චරක් කියලද?? risk එක පෙනි පෙනී උන්ව අතහැරලා දාන්නේ කොහොමද??? අරහත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ powers කියල දුන්නේ බුදුහාමුදුරුවොයි!!! !!! !!! ඉපදෙනකොටම hard coded ඇවිල්ල තිබ්බ ශ්‍රද්ධාවට කරන්න බැරි දේකුත් නැති බව මං දැනගෙන ගොඩාක් කල්!!! !!! !!! මං තනියෙන් උනාට තනියෙන්ම නෙවෙයි කියල දැනුනෙත් මතක තියන තරම් කාලේ ඉඳල සිදුවීම් කල්පණා කර කර බලනකොටයි. ධර්ම මාර්ගයට යොමු වුනාට පස්සේ ඒ බව හොඳටම තේරුණා!!! දැන් ඉතින් මේ කතන්දරේ එහෙම්පිටින් එලි කළායින් පස්සේ බලමුකෝ කස්ටිය සංසාරේ යන හැටි!!!

අනික මේ කරන වැඩේ අර කලින් කියපු pyramid එක උඩට නගින්න හිතලවත් නැති එවුනුත් එක්කල මුළු ලෝකෙම එවුන් lift එකකින් pyramid එකත් පහු කරලා උඩටම ගෙනිහින් පෙන්වනවා වගේ එකක් නිසා, කාටවත් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල අමුතුවෙන් කරන්න දෙයක් නැති වෙයි!!! අන්තිමේ 'චිහ්... මොන කෙහෙල්මලක්ද මේ ජීවිතේ!!' කියල හිතෙන ගානටම එයි!!! !!! !!! ඒක තමයි 'ආර්ය නිබ්බේදික තාවය' නැත්නම් 'අවබෝධයෙන්ම කලකිරීම' කියන මේ ණිවන් අවබෝධ කරගැනීමේ වැඩපිලිවලේ අවසානය!!! අනාගාමී / අරහත් මාර්ගඵල ලැබීම!!! බුදුහාමුදුරුවෝ ඒ ගැන එක එක විදියට අඳුන්වල තියනවා. විඥාණය අනිදස්සන වීම... නිකෙලෙස් වීම... හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යාම... හිත බැසගන්නා ස්වභාවය නැතිව යාම... වගේ!!! technically ඇත්තටම වෙන්නේ loop වෙන එක නැතිවෙන එක, නැත්නම් de-couple වෙන එක තමයි!!! හරි simple case එකක්!!! ගොං සංඝයොයි, උන්ගේ ගොං ශ්‍රාවකයොයි බැහැයි බැහැයි කිය කියා හිටියට, මේක හරි ලේසි වැඩක්!!! ගණන් ගන්න එපා... lead කරන්න හරි හමං එකෙක් ඉන්නවා කියන්නේ වැඩේ success rate එක 99.99% තමයි. සාරිපුත්ත / මොග්ගල්ලාන මහ රහතන්වන්සේලා දෙනම වැඩ සිටිය කාලේ, 'එයාල ගමකට වැඩියානම් මං ආයි ඒ දිහාව බලන්නවත් ඕනේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කියන්නේ උන්වහන්සේලා දෙනම ගමකට වැඩියොත්, 'ගම කාල'ම තමයි එන්නෙ... ආයි ඒ ගමේ එකෙක්වත් සංසාරේ යන්නෙ නෑ!!! සේරටම මාර්ගඵල 'නෙලලා' දීල තමයි උන්වහන්සේලා ආපහු වැඩල තියෙන්නේ!!! දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි!!! ඒ තමයි මගේ theory එක. 'teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!!!'

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.