Wednesday, January 25, 2012

ධර්මය අවබෝධ නොකළ, අවබෝධයෙන් පරිපූර්ණත්වයට පත්නොවෙච්ච, 'අරහත්වයට' පත්නොවෙච්ච කෙනෙක් කියන්නේ, ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් අනික් අයට උගන්වන්න තියා තමන්වත් දන්නේ නැති ගුරුවරයෙක් ගානයි!!! එහෙම කෙනෙකුට ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් කල හැක්කේ පොතකින් බලාගන්න එකක් ඒ විදියටම තව කෙනෙකුට කියන්න... කෙනෙක්ගෙන් අහගන්න දෙයක් තව කෙනෙකුට ඒ විදියටම කියන්න... විතරයි!!! !!! !!! කවුරු උනත් ඔය සීමාව ඉක්මෙව්වොත් වෙන්නේ විනාසයක් මයි!!!

මීට අවුරුදු 400 ගණනකට උඩදී වැඩසිටිය 'ආර්ය සංඝ' පරම්පරාවේ රහතුන්වහන්සේලා පිරිසගේ අවෑමෙන් බිහිවෙච්ච 'ගොං සංඝ' පරම්පරාවේ එවුන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! උන් මුලින් රහත්වෙලා ඉන්නේ නැතුව, මේ දැන් ඉන්න මහන්තත්ත ගොං පොරවල් වගේම, බුද්ධ දේශනා පැත්තකින් තියල, 'මං දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියල 'ඉදිමෙන්න' ගිහිල්ලා... ඉතින්, උනුත් ඉවරයි!!! සාසනෙත් ඉවරයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වා, 'සාසනය විනාස කරන්නේ පිටස්තර පුද්ගලයින් නෙවෙයි... සාසනය විනාස කරන්නේ සාසනයට රිංගගන්න අමනයෝ විසින්මයි' කියල!!!

බුදුරජාණන්වහන්සේ කිසිම දේශණාවක් බාගෙට කරලා, වෙන වෙන අයට අඩුපාඩු හදන්න තියල සිදුකරලා නෑ!!! !!! !!! නුවණින් කල්පණා කරලා කරලා බුදුරජාණන්වහන්සේ අර්ථ දක්වල තියන විදියටම ධර්මය අවබෝධ කරගන්නවා මිසක්, තමන්ට හරියන විදියට 'ධර්මය හදන්න' කාටවත් බෑ!!! කිසිම බුද්ධ දේශණාවක් තමුන්ට ඕනේ විදියට, තමුන්ට හිතෙන විදියට තෝරන්න... 'මේ කියල තියෙන්නේ මේකයි...' 'මේ තියෙන්නේ මේ ගැනයි...' කිය කියා අලුත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න... 'ඕක ඔහොම නෙවෙයි... මෙහෙමයි වෙන්න ඕනේ!' කියල ධර්මය සම්බන්ධයෙන් තමන්ගේ මත අදහස් දක්වන්න... කාටවත් කිසිම අයිතියක් ඇත්තෙත් නෑ!!! අනික, පාලි (මාගධී) භාෂාව පිලිබඳ ඔස්තාර් කෙනෙක් වෙච්ච පලියට කවුරුවත් ධර්මය අවබෝධ කල කෙනෙක් වෙන්නෙත් නෑ!!! ඒත් මේ 'ගොං සංඝ' පිරිස සාසනයට 'ගොඩාක් දේවල්' කරලා!!! කොටින්ම, උං මල් පහන් පූජා කර කර, පෙරුම් පුර පුර 'සංසාරේ යන්න' අලුත් 'බුදු දහමක්' හදලා!!! !!! !!!

බුද්ධ සාසනයට සම්බන්ධ වූ පමණින් සලකා බලනකොට, භික්ෂු / භික්ෂුනී / උපාසක / උපාසිකා යන සිව්වනක් පිරිසම එකයි!!! ඒ සියලු දෙනාම සතර අපායේ වැටෙමින් යන සංසාරගත සත්වයින් පිරිසක්ම විතරයි!!! !!! ඒ අය අතරේ එකම වෙනස, භික්ෂු / භික්ෂුනී යන පැවිදි පිරිස නිවණ කරා යාමට express route එක, නැත්නම් High Way එක භාවිතාකරන්න තෝරාගැනීමත්, අනෙක් උපාසක / උපාසිකා යන ගිහි පිරිස ඒ සඳහා normal route එක, නැත්නම් Conventional Way එක තෝරාගැනීමත් විතරයි!!! !!! !!! 'සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය' (සියලු දුකින් නිදහස් වීම පිණිස, නිවණ සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු මට ලබා දී, මහණ කරන සේක්වා) කියල සිවුරු පිරිකර පිළිගන්න කෙනාට කරන්න තියන මූලික / ප්‍රධාන කාර්යය වේගයෙන්... 'ලෑල්ලට පාගල' ගිහින්... ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමයි!!! !!! !!! ඇයි ඉතින්, උන් සිවුරු ඉල්ලන්නේ එහෙම කරන්න ඕනෙයි කියල නේ???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එසේ පැවිදිවන පිරිසට උපදෙස් දුන්නෙත් ආරණ්‍ය ගතෝවා... රුක්ඛ මූල ගතෝවා... ශුන්යාගාර ගතෝවා... වෙලා, පිණ්ඩපාතයෙන් ලැබෙන දෙයක් වළඳලා, තමන්ගේ උපරිම කාලය භාවනාවට යොදවන්න කියලයි!!! කොටින්ම නිදිමත කියන්නෙත් රෝගයක්... බැරිම උනොත් චුට්ටක් නිදියනවා මිසක්, නින්දට වහල්වෙන්න එපා!!! මාසෙකට දෙපාරක් නෑව නම් ඇති... ඇඟ ගැන හොයන්න / බලන්න කාලය අපතේ යවන්න එපා!!! කියලයි. සිවුරු පිරිකර පිළිඅරන්, බුදු සසුනේ පවිදිවෙන පුද්ගලයා ආර්ය මහා සංඝරත්නයට ඇතුලත් විය හැකි උතුම් පුද්ගලයෙක්ද, සිවුර ගලවල ගෙදරයවන්න ඕනේ වල බල්ලෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒකා බුදු උපදෙස් අනුව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ක්‍රියාත්මක වන කෙනෙක්ද නැද්ද කියන එක අනුවයි!!! තථාගතයානන් වහන්සේ ආර්ය සංඝ පරම්පරාව හැදුවේ සෙසු ලෝකයාට පින් කෙතක් වීමට / සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව සලකා ධර්මය ප්‍රචාරයට / සම්බුද්ධ සාසනය සුරක්ෂිතව දීර්ඝ කාලයක් ආරක්ෂා කිරීමට මිසක් එවුන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කරන්න නෙවේ!!! !!! !!!

තමන්ට තියන එකම රාජකාරිය, "සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය..." කියල සිවුරු පිරිකර ඉල්ලගනිද්දී කියපු විදියට වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම කටයුතු කරමින් වේගයෙන් ණිවන් අවබෝධය සම්පූර්ණ කරගැනීමට, අරහත්වයට පත්වීමට, අවංකවම කැපවන ආර්ය සංඝයා වහන්සේ නමක් නම්, කිසිම ප්‍රමාදයක් නැති... අතරමග නැවතීමක් නැති... ආපහු හැරීමක් නැති... ඍජු මාර්ගයක (High Way එකක) ගමන්කරන නිසා තමයි ආර්ය සංඝරත්නය සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... සාමීචිපටිපන්න...යනුවෙන් හඳුන්වලා තියෙන්නේ!!! ඒ පින්වත් උදවිය ඉතාමත් ඉක්මනින් මාර්ග ඵල ලබලා සෙසු ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්වයට පත්වෙන නිසා තමයි ආහුණෙයිය... පාහුණෙයිය... දක්ඛිණෙයිය... අන්ජලිකරණෙයිය...යනුවෙන් හඳුන්වලත් තියෙන්නේ!!! ඒ විදියට කැපවීමෙන් කටයුතු කරලා තමන්ගේ කොටස සම්පූර්ණ කරගත් පින්වත් භික්ෂුන්වහන්සේලා 'රහතුන්වහන්සේලා' පිරිසට තමයි බුදුරජාණන්වහන්සේ අවසානයේ "දේසේත භික්ඛවේ ධම්මං... ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං..." කියල සෙසු ලෝකයාට ධර්මය කියන්න කියලත් පවරලා තියෙන්නේ!!! !!! !!!

ඒත් බුදුහාමුදුරුවෝ කොහොම කිව්වත් වැඩිහරියක් කාලකණ්නි සංඝයෝ කරලා තියෙන්නෙත්, දැනටත් කරන්නෙත් සිවුරු දාගෙන business කරන එක, පන්සල් හදාගෙන ඒවයි දේවාලත් දාගෙන, මිනිස්සු ගොනාට අන්දන එක, උද්ඝෝෂණ / උපවාස කරන එක, දේශපාලණය කරන එක, unions lead කරන එක, strike කරන එක වගේ කුණුහරුප වැඩම තමයි!!! උං සුපටිපන්න උජුපටිපන්න වත් ආහුණෙයිය පාහුණෙයිය වත් නෙවෙයි... බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, උන්ව සිවුර ගලවලා ගෙදර යවන්නයි!!! !!! !!! මොකද මේ පිස්සු කෙල කෙල ඉන්න කාලකණ්නි සංඝයෝ නිවණ රවුන් ද? හතරැස් ද? කියලවත් දන්නේ නැතුව, නිවණ / අරහත්වය ගැන බයිලා ගහන්න තියගත්තම, මිනිස්සුන්ට නිවණ අවබෝධ කරන්න වෙන්නේ නෑ... එවුන්ට නිවණ එහෙම්පිටින්ම 'ඇනෙනවා'. මේ කාලකණ්නි සංඝයෝ 'පින් කෙතක්' නෙවෙයි 'පව් ආකරයක්' වෙනවා!!! උං මුළු සම්බුද්ධ සාසනයටම මහා තුවාලයක් / පිළිකාවක් වෙනවා!!! !!! !!! 'ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටන විට දිව්‍යලෝක පිරෙනවා, අපාය හිස්වෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙනවා අපාය පිරෙනවා!!' කියල, බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියල තියෙන්නේ ඔන්න ඕකයි!!!

ඇත්තටම නම්, රහත්වෙච්ච නැති, නිවණ රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැති, ගිහි / පැවිදි පිස්සු හුටල්ලෝ ධර්මය කියන්න / ලියන්න ගිහින් වැඩේ එහෙම්පිටින්ම අනලා, සාසනය වළඳලා නොතිබුනා නම්, දැන් ඉන්න බක පණ්ඩිතයොත් 'නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහන' වැඩ නොකර කට / පුක පියන් පැත්තකට වෙනවා නම්, උඹල කාටවත් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! ණිවන් 'දක්කන' වැඩේ කරන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! !!! ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩසිටිය කාලේ අවුරුදු 7 පුංචි පුංචි දරුවෝ පවා අවබෝධ කරගත්තු සරල, සංදිට්ඨික - අකාලික ධර්මයක් අවබෝධ කරගන්න බැරුවයි මේ 'ලොකු ලොකු තද පොරවල්' තාමත් වටේ යන්නේ... ලැජ්ජාවේ පණයනව ඕයි!!! !!! !!!
ධර්මය කියන්න, ධර්මය ප්‍රචාරය කරන්න, හැමෝටම බෑ!!! !!! !!!

තව කෙනෙකුට යමක් කියල දෙන්න, ඉස්සෙල්ල තමන් ඒ ගැන දැනගෙන ඉන්න එපාය?? ඒකත් එහෙන් මෙහෙන් 'යන්තං සන්තං' දැනගත්තට, පුළුවන් වුනාට හරියන්නේ නෑ... හොඳටම දැනගෙන, පරිපූර්ණ අවබෝධයක් ඇතුව ඕනේ උගන්නන වැඩේට බහින්න!!! මොනවා හරි ඉගනගන්න විෂයක් සම්බන්ධයෙන් බලමු... teacher ගේ පැත්තෙන් බලනකොට, එයා, උගන්වන විෂය master කරපු, ඒ විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල කෙනෙක් වෙන තරමට, එයාට උගන්වන එක 'තිතටම' කරන්න පුළුවන් වෙනවා!!! ඉගෙනගන්න අයගේ පැත්තෙන් බලනකොට, විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සාර්ථකව දැණුම ලබාගෙන ඉගනුම අවසන් කරනවා. උසස් ප්‍රතිඵලත් ලබනවා!!!

එතකොට, subject එක තමන්වත් හරියට නොදන්න, කිසිම පළපුරුද්දක් නැති teacher කෙනෙක් උගන්නන්න ගියොත් මොකක් වෙයිද?? එයා පොතක් බලාගෙන උගන්නනවා නම්, පොතේ තියන ටික කියන්න පුළුවන්... ඊට වඩා දෙයක් බෑ!!! වෙන කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ල උගන්නනවා නම්, ඒ අහගත්ත ටික ඒ විදියටම කියත හැකියි... ඊටවඩා යමක් කරන්න බෑ!!! තේරෙන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත්, ඒත් පොතේ තියන ටික / අහගෙන ආව ටික කියත හැකියි... ඊට වඩා දෙයක් කරන්න බෑ!!! කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවොත්, ඒත් පොතේ තියන ටිකම / අහගෙන ආව ටිකම කියත හැකියි... වෙන මොකුත් බෑ!!! ඇයි, එයා දන්නෙත් නෑ නේ!!! !!! 'හොඳ ගුරෙක්' උනොත් ප්‍රශ්ණයක් මතුවෙච්ච තැනදී කියාවි 'අනේ මාත් හරියට දන්නේ නෑ... මෙන්න මේ පොතෙන් බලාගන්න...' නැත්නම් 'ඔයා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් ගෙනුත් අහල බලන්න...' එහෙම කියල!!!

ඒත් teacher කාරයා ගෝලයෝ ගැන හිතන්නේ නැති, එයාගේ යැපීම / පැවැත්ම ගැන විතරක් කල්පණා කරන, තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්?? ඒ 'ගුරා' තමන්ගේ තත්වේ / නම්බුව රැකගන්න, බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත මෝඩ පොරක් උනොත්?? එහෙම උනොත්, ඒකා අහන ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!! අතින් පයින් යන එකක්යැ?? අනික, ඒකා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන්න, ඉගෙනගන්න යන එවුන් දන්න එකක්යැ?? ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!!

මේ ධර්ම කතන්දරේ සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ ඕකමයි!!! !!! ඔය විදියටමයි!!! !!! !!!

කෙනෙක් ධර්මය ප්‍රචාරය කරන්න, අනුන්ට කියල දෙන්න කලින් තමුන් ධර්මය හරියටම 'තිතටම' අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! තමුන් පරතෙරටම / පරිපූර්ණ වශයෙන්ම / ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා නම් විතරයි අනික් අයට ධර්මය උගන්නන්න යන්න ඕනේ !!! !!! !!! මොකද ධර්මය කියන මාතෘකාව පොත්පත් වලින් කියවල / බලාගෙන, විභාග ලියල කරන මංගල්ලයක් නෙවෙයි... ඇහැට පේන්නේ නැති, කණ / නහය / දිව කියන ඒවාට අහුවෙන්නෙත් නැති, අල්ලලා අතපත ගාල දැනගන්න විදියකුත් නැති, සසර අනතුර හා එයින් ගැලවීම 'නිවණ' කියන දේවල් ගැන පරිපූර්ණ අවබෝධයක් / ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගන්න නම් තමුන් නිවණ අත්විඳලා ඉන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, තමුන් ණිවන් දැකල, අරහත්වයට පත්වෙලා ඉන්නම ඕනේ!!! !!! !!! පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!!

බුදුහාමුදුරුවෝ කලේ, තම තමන්ට ගිහිල්ල බලන්න තියන තැනක් ගැන කියල දීල, එතනට යන්න තියන විදිය, යන්න ඕනේ විදිය, මාර්ග සලකුණු සේරම කියල දීලා සංසාර පැවැත්මට අහුවෙලා දුකෙන් නිදහස්වෙන්න බැරුව ඉන්න සත්වයින්ට නිදහස් වෙන්න උපකාර කිරීමක්, මාර්ගොපදේශණයක් විතරයි!!! හැබැයි, ඒ 'තැන' කොයි වගේ තැනක්ද?? එතනට 'ගියහම' දැනෙන්නේ කොහොමද?? එතැනදී වෙන්නේ මොනවද?? කියන සේරම දැනගන්න ලැබෙන්නේ, බුදුරජාණන්වහන්සේගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදල නියමිත තැනට 'යන' උදවියටම විතරයි!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙකුට බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියන දේ, උන්වහන්සේ අදහස් කල ආකාරයෙන්ම, 100% නිවැරදිවම වැටහෙන්න ගන්නෙත් 'නිවණ' තමන්ම අත්විඳලා, අරහත්වයට පත්වූ පසුව තමයි!!! !!! !!!

ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට බුද්ධ දේශණාවල් අහල / කියවලා ඒවායින් කරුණු අරන් උන්වහන්සේ වදාළ කරුණු කිසි එකක් දසමයක් වත් වෙනස් නොවෙන්න, පිරිසුදු බව ඒ විදියටම ආරක්ෂා කරගෙන, වෙන කෙනෙකුට හරියන්න කියල දෙන්න / වෙන වෙන විදිවලින් තෝරලා දෙන්න හැකියාව තියනවා!!! !!! !!! 'වැදගත් දේශණා මේවයි... ණිවන් අවබෝධයට අදාළ කරුණු තියෙන්නේ මේ මේ දේශණා වලයි...' 'මේ මේ දේශණාවල් ප්‍රථමික මට්ටමේ මිනිසුන්ට දේශණා කරලා තියන ඒවා... මේවට අවධානය යොමුකරලා තේරුමක් නෑ...' කියල බුද්ධ දේශණා තෝරාගන්න හැකියාවක් තියනවා!!! ඒ වගේම, ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට, ධර්මය නමින් තියන 'කයි කතන්දර' ඕනේ එකක් අහපු / කියවපු සැනින්, මේක ධර්මය නෙවෙයි... මේ මහ කුණුහරුප කතාවක්... මේක බොරුවක්... කියල එක හෙලාම ප්‍රකාශ කිරීමේ හැකියාවත් ලැබෙණවා!!! !!! !!! හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කර නොගත්, අරහත්වයට පත් නොවූ කෙනෙකුට මේ දේවල් කිසි එකක් කරන්න බෑ!!! !!! !!!

Friday, January 13, 2012

'ගිහියන්ට රහත්වෙන්න බෑ... රහත් උනොත් ගිහිගෙයි ඉන්න බෑ... හිටියොත් දවස් 7න් මැරෙනවා...' කියල තියන ප්‍රසිද්ධ කුණුහරුප කතාවේ ඇත්තම ඇත්ත තේරුම දන්නවද???

මේ ලෝකේ ඉන්නේ ගෑණු / පිරිමි හැටියට මිනිස්සු කොටස් දෙකයි. ඒ මිනිස්සුන්ගෙන් බුදුරජාණන්වහන්සේව පිළිගන්න, උන්වහන්සේ වදාළ ධර්මය පිළිගන්න අය පමණක් බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස හැටියට හඳුන්වනවා!!! ඒ ශ්‍රාවක පිරිස අතරෙන් සංසාර දුක තේරිලා, එයින් නිදහස් වීම සඳහා ණිවන් අවබෝධ කිරීමට full-time කැපවෙන අදහසින් බුද්ධ සාසනයේ පැවිදිවෙන උදවියත්, සාමාන්‍ය ජීවිතම ගතකරමින් part-time ණිවන් අවබෝධයට කැපවෙන උදවියත් වෙන් වෙන්ව ගත්තාම, අන්න එතකොට හැදෙනවා භික්ෂු / භික්ෂුනී / උපාසක / උපාසිකා කියන සිව්වනක් පිරිස!!! හරි?? හැබැයි සිව්වනක් පිරිස හැටියට හැඳින්වුවත්, මුං ඔක්කොම මැරි මැරී ඉපදි ඉපදී සංසාර දුකේ බැහැගන ඉන්න සාමාන්‍ය මිනිස්සුම තමයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ නමකගේ එකම උවමනාව, එකම බලාපොරොත්තුව, එකම අවශ්‍යතාවය සංසාර දුකෙන් එතෙර වීමට බැරුව දුකට පත්වෙලා, අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට එයින් ගැලවීමට උපකාර කිරීමයි!!! උන්වහන්සේ ඒ සඳහා බුද්ධිමත් මිනිස්සුන්ට මාර්ගෝපදේශණය සපයනවා... බුද්ධිමත් මනුෂ්‍යයින් පමණක් ඒ මාර්ගෝපදේෂණය උපකාර කරගෙන අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට වෙහෙසෙනවා!!! අන්න එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට තම තමන් දක්වන උත්සාහය, උනන්දුව, කැපකිරීම මත බුද්ධිමත් මනුෂ්‍යයන් පමණක් චතුරාර්ය සත්‍ය අවබෝධකරගනීමෙන් ලැබෙන 'ඵල ප්‍රයෝජන' ලබන්න වාසනාවන්ත වෙනවා!!! !!! !!!

අඩුම අවස්ථාව වන, සෝතාපන්න කියන තත්වයට පත්වුනයින් පස්සේ කිසිම කෙනෙක් 7 වරකට වඩා සංසාර දුකට මුහුණ දෙන්නේ නෑ!!! හැබැයි මේ ජීවිත කාලය තුල, 'සෝතාපන්න' කියන තත්වයට වත් එන්න බැරි උනොත්, වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! එක සිවුරක් නෙවෙයි, සිවුරු 10-15 ක් එක පිට එක ඔතාගෙන පවිදිවෙලා හිටියත්, ඒත් වැඩක් වෙන්නේ නෑ!!! සකෘදාගාමී වුනොත් එක වරක් පමණක් කාම ලෝකයේ උපදිනවා, ඊළඟ උපත් රූපාවචර / අරූපාවචර බ්‍රහ්ම ලෝක වල විතරයි... අනාගාමී වුනොත් කාම ලෝකයේ උපදින්නේ නෑ, උපදින්නේ රූපාවචර / අරූපාවචර බ්‍රහ්ම ලෝක වල විතරයි... අරහත් තත්වයට පත් වුනොත් ආයේ කොහෙවත් උපදින්නේ නෑ... එච්චරයි!!! හොඳට කකා බිබී, සින්දු අහ අහ, චිත්‍රපටි බලබල, අනික් දේවලුත් කර කර හරි රහත් උනොත්, ඒකා ආයේ උපදින්නේ නෑ නෑම තමයි!!! !!! !!! හැබැයි, මේ සේරම ලැබිය හැක්කේ කාටවත් 'ඇණයක්' නොවී, අහිංසක / නිහතමානී ජීවිත ගතකරන, බුද්ධිමත්, ධර්මානුකූලව ණුවනින් කල්පනා කිරීමේ හැකියාව 'යෝනිසෝමනසිකාරය' ඇති උදවියට විතරයි!!! !!! !!! අනික් එවුන් කොච්චර උඩ පැන්නත් සන්සාරේම තමයි!!! !!! !!!

ඉතින් මොලයක් කියල එකක් තියන ඕනේ 'මී හරකෙකුට' තේරෙනවා නේ, රහත් වුනොත් මිසක් කිසි එකෙකුට ගැලවීමක් නැති බව?? නේද??? අන්න ඒක තමයි වැඩේ... ඒ වගේම දැන් මේ මනුස්ස ජීවිත ලබල ඉන්න 'මී හරක්' ටික මාර්ගඵල නොලබා 'මී හරක්' හැටියටම මළොත්, ඊළඟට උපදින්න වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! (මං, ඒක වෙන්නේ ඒ විදියටමයි කියන බවත් පෙන්වනවා!!!) අන්න ඒ හන්දා, උඹලටත් මේ සංසාර දුකෙන් බේරෙන්න ඕනේ නම්, තොපි සේරටම අනිවාර්යයෙන් රහත්වෙන්නම වෙනවා!!! !!! !!! වෙන කිසිම විකල්පයක් නෑ!!! !!! !!!

ඉතින් අර මාතෘකා කරගත්ත 'ගොං කතාව' කියාපු, කාලකණ්නි, සාසනභක්ෂක, 'ගොං සංඝයා' කරලා තියන දේ බොලට තේරෙනවද???

ඌ කරලා තියෙන්නේ, මස්කඩ කාරයෝ / මාලු කාරයෝ නොවන, හොරු / මංකොල්ල කාරයෝ නොවන, බොරුවෙන් / වංචාවෙන් ජීවත්වෙන එවුන් නොවන, ස්ත්‍රී දූර්ථ නැති, සුරා දූර්ථ නැති ඕනෙම අහිංසක, නිහතමානී, බුද්ධිමත් මනුෂ්‍යයෙකුට මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ මේ සංසාර දුකෙන් එතෙරවෙන්න තිබුණු වටිනා අවස්ථාව වහල දාල, 'රහත් උනොත් තෝ විනාසයි... තොට ගෙවල් දොරවල් / පවුල් පන්සල් / අඹුදරුවෝ සේරම නැතිවෙනවා... තොට ඒ සේරම අතහැරලා කැළෑ වදින්න සිදුවෙනවා... ඒවත් තියාගෙන තෝ රහත්වෙන්න හැදුවොත් තොට දවස් 7න් මැරෙන්න වෙනවා...' කියල බොරු බේගල් ඇදබාල, ලක්ෂ ගානක් අහිංසක මින්ස්සුන්ව අම්බානට බය කරලා, ගොනාට අන්දලා, මුලා කරලා, එවුන් හීනෙකින්වත් ජීවිතය අවබෝධ කරන්න හිතන්නෙවත් නැතිවෙන විදියට සියලු වැඩකටයුතු ලැස්ති කරපු එකයි!!! !!! !!! ලක්ෂ ගානක් මිනිස්සුන්ට සංසාරෙන් එතෙරවෙන්න නොදී ඒක වලක්වලා 'සන්සාරේම පලයන්' කියල අනාත කරලා දාපු එකයි!!! !!! !!! තේරුණාද???

මේවගේ ගොං සංඝයන්ගේ කතන්දර ගොඩාක් මං එකතුකරන් ඉන්නේ... ඒවා පස්සේ post කරන්නං. මේක ලියන්න හිතුනේ කෙනෙක් මේ ගොං කතාව ලඟදි ඇදල ගත්ත නිසයි.

ඒයි... උඹලට තේරුණාද ඔය පරණ කාලකණ්නි ගොං සංඝයෝ කණට මී පැණි වක්කරන style එකෙන් උඹල කාට කාටත් කරලා තියන දේ???
මං නං එහෙම කරන්නේ නෑ!!! මම අමු තිත්ත කුණුහරුපෙන් දෙස දෙසා හරි උඹලව ආයි වලේ නොවැටෙන විදියට සියලු වැඩකටයුතු ලැස්ති කරනවා!!!
ධර්මය 'දැකපු', ජීවිතය අවබෝධ කරපු කෙනාට අමුතුවෙන් කාගෙවත් උපදෙස් අනුසාසනා වැඩක් ඇත්තෙම නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව කටයුතු කරලා, තමන්ගේ කොටස සම්පූර්ණ කරගත්තා කියන්නේ ආයේ වෙන කරන්න දෙයක් නෑ!!! !!! !!! එවුන්ට බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නේ අනික් එවුන්ටත් කියන්න කියල විතරයි!!! !!! !!! මොකද උන්වහන්සේ පැහැදිලිවම දන්නවා ධර්මය අවබෝධ කරන 'දිව' වගේ ප්‍රඥාවන්ත උදවිය ඉන්නේ අතලොස්සයි!!! බහුතරයක් ඉන්නේ ධර්මය බෙද බෙදා ඉන්න, තමන් ධර්මයේ ප්‍රයෝජනය නොලබන, 'හැඳි' වගේ හිස් මිනිස්සුයි!!! කියන බව!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ ගේ අවබෝධය අදහාගත්ත, 'මගේ එකම හයිය' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි, ඒ ධර්මය අනුවම යන මගේ ගුරු හාමුදුරුවොයි වෙච්ච මට, පෙනෙන / නොපෙනෙන ලෝක වල කල්‍යාණමිත්‍ර පිරිසගේත් උපකාරය තියන එකේ, වෙන මොකෙක්ගේ වත් කතන්දර කිසි එකකින් වැඩක් නෑ!!! !!! !!! මං පැහැදිලිවම දන්නවා හුඟාක් සද්දෙන් කෑගහන සේරමල බොරුකාරයෝ බව!!! !!! !!! හැබැයි දඟලල දඟලලා අමාරුවෙන් ධර්මය අවබෝධ කරගත්ත, ජීවිතය ජයගත්ත එකෙකුට, හැම එකාටම තියන අනතුර කොච්චරද කියල තේරුණාම,මොකෙක් වත් 'හැඳි'ය, මෝඩයෝය කියල අතහරින්න කීයට වත් හිතෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒකයි මේ සේරම.

මං කණට මී පැණි වක්කරනවා වගේ, ලස්සන / සුන්දර / මිහිරි / කන්කළු / ළගන්නා සුළු / සිත නලවන / සිත පිණවන / සිත සනසන / මන පිණවන / මන බන්දන විදියට 'බණ කියන්න' නම් ලැස්ති නෑ!!! හැබැයි මං රිදෙන්නම දීල හරි, උඹල මැරෙන්න වැටිච්ච වෙලාවට, නෑයෝ / යාලුවෝ / හිතවත්තු මොකෙක්වත් උඹලට නැතිවෙන වෙලාවට, හිනා වෙවී මැරෙන්න... 'අඩේ... මං ගොඩ නේද??' කියල full fit එකේ මැරෙන්න... විතරක් හදලා දෙනවා!!! !!! !!! මම වැඩේට අතගැහුවේ අන්න ඒකටයි!!! !!! !!! ඒත් ඉතින් වචන වලින් වටිනාකම මණින, තේරුම වටහාගන්න තරම් මොලයක් නැති එවුන් සම්බන්ධයෙන් මට කරන්න දේකුත් නෑ!!! මාත් එක්ක හැදිච්ච කම, සංස්කෘතිය, සභ්‍යත්වය වගේ එව්වා කතාකරලත් වැඩක් වෙන්නේ නෑ... මොකද උඹලට 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' කියන එක නොතේරුණාට, මේ අවුරුදු 50-60 ඉවරවෙලා උඹල 'කූරිය ගැහුවට' පස්සේ වෙන දේවල් මට පේනවා!!! බල්ලෝ / බලල්ලුන්ට කොහෙද බොල සංස්කෘතියක් / සභ්‍යත්වයක්?? බලපල්ලා පාරවල් පාරවල් ගානේ යන 'බලු සීන්'... තොපිටත් එච්චර තමයි!!! අනික පෙරේතයන්ට / නිරිසත්තුන්ට, රට / ජාතිය / ඉතිහාසය වගේ එව්වත් මොකවත් නෑ!!! !!! උඹලත් අතීතයේ 'උඹලම පැටව් වදල, උඹලම උන්ව මරාගෙන කාපු ජරා සත්තු' තමයි!!! !!! උඹල ඔව්ව දන්නේ නැති එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... මේ try කරන්නේ ඒ default route එක වෙනස් කරන්නයි!!! උඹල මේවා කියවල බලල වැඩක් ගන්නවා නම් එච්චරයි!!! !!! !!!

හුඟාක් බක පණ්ඩිත, මහන්තත්ත පොරවල්, ධර්මය හරියට දන්නෙත් නෑ!!! උන්ට තෙරිලත් නෑ!!! එත් උන් හිතන්නේ තමන් හරි!!! ධර්මය තමයි upset කියල ඉතින් උන් ධර්මය තමුන්ට ඕනේ ඕනේ විදියට තෝරනවා!!! ධර්මය තමුන්ට ඕනේ ඕනේ විදියට හදන්න, තේරුම් ගන්න යනවා!!! !!! !!! උන් හිතන් ඉන්න විදියට 'සත්‍ය කතාව' නැතිකොට, 'මේ බොරු!! ධර්මයේ එහෙම නෑ!! මූ බොරු කියන්නේ!!' කියනවා.

ඕකම තමයි 'සාසන භක්ෂක' කියල මම අදහස් කරන එවුන්ගෙත් style එක!!! උන්, 'බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය හරි නෑ... ඒක එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනේ!!' කියල උන්ට හිතෙන හිතෙන විදියට ධර්මය හදලා!!! !!! !!!

හොඳම උදාහරණය තමයි බුදුරජාණන්වහන්සේ, 'ලූද්දෝ (රෞද්‍රයි / නපුරුයි) ලෝහිතපාණී (ලේ තැවරුණ අත් ඇති) හතපහතේ නිවිට්ඨෝ (අන්‍යයන්ව වැනසීමෙහි යෙදුණු) අදයාපන්නෝ පාණභූතේසු (ප‍්‍රාණීන් / සත්වයින් කෙරෙහි දයාවක් නැති)' කියල කියා දීපු ‘පාණාතිපාතා වේරමණී’ එක, 'පණ ඇති සත්වයෙක් බව දැනගැනීම... මරන්න චේතනාවක් ඇතිවීම... මරන්න උපක්‍රමයක් යෙදීම...' මොන මොනවද කියල, 'අලුත් බණක්' හදලා තියන එක!!! ඔය වගේම, 'චතුරාර්ය සත්‍ය කියන්නේ තාත්තයි... අම්මයි... පුතයි... දුවයි... හතර දෙනාටයි' කියලත්, 'හතර අපාය තියෙන්නේ මේ මහා පොලවෙමයි' කියලත්, 'බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවෙයි' කියලත් කියපු ගොං කතා සෑහෙන තියනවා!!!

බලාගෙන යනකොට මුන් තමයි ධර්මය හරියට දන්නේ!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත්, උන්වහන්සේගේ දේශනා කල ධර්මය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත උදවියටත් තමයි වැරදිලා තියෙන්නේ!!! !!! !!!

කොහොමත් බුද්ධ සාසනයක් මහා බර කාලයක් තියෙන්නේ නෑ... බුද්ධ සාසනයකට පවතින්න ලැබෙන්නේ ඒ බුද්ධ සාසනය සම්පූර්ණ කරගත් කල්‍යාණමිත්‍රයින් සිටිනා තාක් කල් තමයි!!! එහෙම අය නැතිවෙච්ච ගමන් එක එක ජාතිවල කාලකණ්නි සාසනයට රිංගලා සාසනය කාල, ගූ කරලා දානවා!!! තමුන්ලට මේ ජීවිතේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිවෙලා, හැදෙන 'ඊළඟ එකා' ආයි මනුස්සයෙක්ම වෙලා ඉපදුනත්, ඒ වෙනකොටත් සාසනය 'ෆිනිතෝ' වෙලා තියෙන්න පුළුවන්!! ඊළඟ වාරේ හැදෙන ඒකා දිව්‍ය ජීවිතයක් ලබල ඉපදිලා... ඒකා චුතවෙලා ඊළඟට හැදෙන එකා මනුස්ස ලෝකෙට ආවත්, ඒ වෙනකොට මෙහෙ බුද්ධ සාසනයක් හොයාගන්නවත් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! අපේ කාලේ වෙනකොටත් ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවර කරලයි තිබුණේ!!! !!! !!! සාසනයක් තිබ්බේ නෑ... තිබ්බේ කුණුහරුප වැඩපිළිවෙලක් විතරයි!!! !!! !!! හැම එකාම මයිත්‍රී බුදුන් දකින්න පෙරුම් පුර පුරයි හිටියේ... එකෙක්වත් මේ බුද්ධ සාසනයේ ණිවන් අවබෝධ කරන්න පුළුවන් කියල අහලවත් තිබ්බේ නෑ!!! !!! !!! අපේ හාමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න, කල්‍යාණමිත්‍ර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ට පින්සිද්ධ වෙන්න තමයි අපිට නැවතත් ගෞතම බුද්ධ සාසනයේ පිහිට / පිළිසරණය ලබන්න අවස්ථාව උදා උනේ!!! !!! !!!

දැන් නම් කතන්දර ගොඩාක් වෙනස් වෙලා... අපේ හාමුදුරුවෝ, අපිට බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිත් ග්‍රන්ථාරූඪ කල පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයම අපේම මව් බසින්, අපිට හොඳටම තේරෙණ විදියට අහන්න / කියවන්න අවස්ථාව හදල දීල තියනවා!!! බයිලා ගහපු හුඟාක් පරණ උන්දලා දැන් ඇත්තෙත් නෑ... ඒත් අදටත් සමහර ගොං ශ්‍රාවකයෝ එවුන් ගහපු වැල් බයිලා බදාගෙන විහිං නැහෙන්න යනවා!!! මේ ඊයේ පෙරේදත් සංඝ කෙනෙක් අර 'තුන්තරා බෝධියෙන් කැමති බෝධියකින් ණිවන් අවබෝධ කරගන්න...' කතාව කියනවා ඇහුනා!!! මුං 'ගොං' කියන්නේ, කොච්චර ගොංද කියල හිතාගන්නවත් බෑ!!

ගෞතම බුදුසසුනේ ණිවන් අවබෝධ කරනවා කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරන් අරහත්වයට පත්වෙලා පිරිණිවන් පානවට!!! 'බුදු' හරි 'පසේ බුදු' හරි වෙන්න හිතුව කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ණිවන් අවබෝධ කරන එක ප්‍රතික්ෂේප කළා කියන එකට!!! !!! !!! මොකද, 'බුදු වෙනවා' කියන්නේ තමන් කාගෙවත් උපකාරයක් නැතුව තනිවම චතුරාර්ය සත්‍ය සොයාගෙන, අවබෝධ කරගෙන, සංසාර පැවැත්ම නතරකරගන්නවා කියන එකට!!! පසේබුදු කෙනෙකුට එහෙම කරගත්තට වෙන එවුන්ට කියල දෙන්න බෑ!!! සම්මාසම්බුදු උනොත් තමනුත් ගොඩ ගිහින්, තව ලොකු පිරිසක් ගොඩ දාන්නත් පුළුවන්!!! හැබැයි දැන් කාටවත් අමුතුවෙන් චතුරාර්ය සත්‍ය හොය හොයා ඉන්න දෙයක් නෑ!!! !!! !!! මොකද, ගෞතම බුදුරජාණන්වහන්සේ සේරම හොයාගෙන කියල දීල තියෙන ධර්මය තාමත් ලෝකයාට විවෘතව තියනවා!!! තමන්ට තියෙන්නේ ඒ ධර්මය අහල, අවබෝධ කරගෙන, සංසාර පැවැත්ම නතරකරගන්න විතරයි!!!

ඉතින්, ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුදු සසුන පවතින කාලයේ ඉපදිලා, ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු ධර්මයම අහන, මල් / හඳුන්කූරු / පහන් / බුද්ධ පූජා / ගිලන්පස පූජා කරකර ගෞතම බුදුරජාණන්වහන්සේටම වැඳ වැඳ ඉන්න මේ කාලකණ්නි ශ්‍රාවකයෝ, තුන්තරා බෝධි කතාවක් කියනවා කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේට, 'මට උඹගේ ධර්මයෙන් වැඩක් නෑ!! මං තනියම ධර්මය හොයාගෙන අවබෝධ කරගන්නං...' කියල කියනවා වගේ මීහරක් කතාවක් නේ?? මුන්ට පිස්සුද??? කලින් හිටපු සාසන භක්ෂක කාලකණ්නි ඇදබාපු බොරු බේගල් / වැල් බයිලා අහපු, ඒවා අදහගත්තු එවුන් අන්ධයෝ පොට්ටයෝ වෙලා ඉවරයි!!! උන්ට, උන් කියන්නේ / කරන්නේ මොනවද? කියල වත් තේරෙන්නේ නෑ!!! දැන්වත් යන පාර වෙනස් කරගත්තේ නැත්නම්, කස්ටියටම මේපාරත් ඉල්ලගෙනම කන්න වෙයි... එච්චරයි!!!

Wednesday, January 11, 2012

බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මේ එක්කෙනෙක් මනුස්සයෙක් හැටියට ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියි!!' 'මේ එක්කෙනෙක් මනුස්සයෙක් හැටියට ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි!!' 'රූස්ස ගහක් කපල අරන්, ඒකෙ පුළුවන් පුළුවන් හැම කොටසින්ම ගිනිකූරු තරමේ පොඩි පොඩි කෝටුකෑලි කපලා හදාගෙන, මේ මගේ මේ ආත්මේ අම්ම... මේ මගේ ගිය ආත්මේ අම්ම... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මේ අම්ම... කිය කියා වෙන්කරගෙන වෙන්කරගෙන ගියොත්, කෝටුකෑලි තොගේ ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!' 'රූස්ස ගහක් කපල අරන්, ඒකෙ පුළුවන් පුළුවන් හැම කොටසින්ම ගිනිකූරු තරමේ පොඩි පොඩි කෝටුකෑලි කපලා හදාගෙන, මේ මගේ මේ ආත්මේ තාත්ත... මේ මගේ ගිය ආත්මේ තාත්ත... මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මේ තාත්ත... කිය කියා වෙන්කරගෙන වෙන්කරගෙන ගියොත්, ඒත් කෝටුකෑලි තොගේ ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!' කියලයි!!! සහසුද්දෙන්ම කිව්වොත්, මේ හැම එකෙක්ම මීට කලින් අනන්ත / අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෝ හැටියටම ඉපදිලා තියනවා කියලයි!!! !!! !!!

ඒ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කරමින් බෝධිසත්වයෙක් හැටියට සංසාරේ ගමන්කළ කාලය අතරතුරේ බුදුවරු 512,000 ක් ලෝකයට පහලවෙලා ධර්මය දේශණා කරලා තියන බව බුද්ධ දේශණා වල සඳහන් වෙනවා!!! ඒ කියන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරමේ කාලයක් තුල බුදුවරු 512,000 ක් ලෝකයේ පහලවෙලා කියන ඒක නේ?? එහෙමනම්, බුදු ණෙතට වත් පේන්නේ නෑ කියපු මෙච්චර දීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ සැරිසරන බොලා / අපි කොච්චර බුදුවරු දැකල ඇත්ද??? අපිට කොච්චර බුද්ධ සාසන මුණගැහිලා ඇත්ද??? උඹල නිකමටවත් මේවා හිතුවද??? ??? ???

විශ්වයේ කොයි සක්වලක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහල වුනත්, ඒ හැම බුදුකෙනෙක්ම හැම අතින්ම සමානයි!!! උන්වහන්සේලා සියලු දෙනාම කරන්නේ, චතුරාර්ය සත්‍යය / සසරදුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ඇති කාලයක ලෝකයේ පහලවෙලා, තමන්වහන්සේ විසින් නැවත වරක් එම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, ලෝකයාට හෙළිදරව් කර දීමයි!!! ඒ හැම බුදුවරයෙක්ම අවබෝධ කරගන්නේ, ලෝකයාට හෙළිදරව් කරන්නේ එකම ලෝකධර්මතාවය ගැන තමයි!!! තවත් පැහැදිලි කලොත්, සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම දේශණා කරන්නේ අපි මේ දැන් අහන, ගෞතම බුදුරජාණන්වහන්සේ කියා දුන්නු, මේ චතුරාර්ය සත්‍ය, මේ පටිච්චසමුප්පාදය සහ මේ ආර්යෂ්ඨාංගික මාර්ගය ගැනමයි!!! !!! !!!

ඉතීන්... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, 'පිං කරපල්ලා... උඹලට පිං මදි... පෙරුම්පුරපල්ලා... පිළිවෙත් සම්පූර්ණ කරපල්ලා... කැමති බෝධියකින් ණිවන් දකින්න ප්‍රර්ථනා කරපල්ලා...' කිය කියා ගොං කතා කිව්වම, තොපි ඒවා පිළිගත්තේ, තොපි මේ පළවෙනි පාරට බණ අහන, කුලුඳුලේ ධර්මය මුණගැහුණු එවුන් කියල හිතුවද??? ??? ??? යකුනේ, බොලා / අපි සේරම ඇවිල්ල, බුද්ධ සාසනයක් මුණගැහුණු, ක්ෂණ සම්පත්තියක් හිමිවුනු වාසනාවන්ත පිරිසක් නෙවෙයි... ඇත්තටම නම්, උඹල / අපි හැමෝම, බුද්ධ සාසන දහස්ගණනක් පහුකරගෙන ආව, මීට කලින් ලැබිච්ච ලැබිච්ච ක්ෂණ සම්පත්ති හැම එකක්ම නැති නාස්ති කරගත්ත කාලකණ්නි රොත්තක්!!! !!! !!! හැම බුද්ධ සාසනයකදිම සාසන භක්ෂක කාලකණ්නින්ට අහුවෙලා, මුලාවෙලා අවස්ථාව මගහැරෙන්න ඇති... ඒකයි මේ තරම් දුරක් එන්න වෙලා තියෙන්නේ!! තොපි තාම දානයේ ආනිසංස... සීලයේ ආනිසංස... කියව කියවා හිටියට, ලෞකික ලෝකෝත්තර කෑලි අල්ලගෙන හප හපා උන්නට, තාමත් ණිවන් දකින්න පිං රැස්කරන්න දඟල දඟල හිටියට, තොපි හැම එකෙක්ම මීට කලින් ආත්ම බර ගණනක් තිස්සේ ඔය ටික ඔය විදියටම කරගෙන ආව... 'කුර ගෙවෙනකම්' මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම ගියපු... 'පටි රෝල් වෙනකම්' මේ පටිච්චසමුප්පාදයම කියව කියව හිටපු... ගොං රැලක්!!! !!! !!! තොපි හැම එකෙක්ම බැලුවොත් කවද හරි අතීත ජන්මයක මහණවෙලා ඉඳලත් වැඩේ අනාගත්ත කාලකණ්නියෙක්!!! !!! !!! තොපි මේ බව දන්නවද??? ??? තොපි නිකමටවත් මේවා ගැන හිතුවද??? ??? ???

අතීතයේ මහා ඉහලින් වැජඹිච්ච, පට්ටං / නම්බුනාම ඕසෙට තිබිච්ච, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ සියලු වැඩකටයුතු ලෑස්තිකරලා තිබුණේ තොපිට ගෞතම බුද්ධ සාසනයත් කෙලවිලා යන්න බව තොපි දන්නවාද??? උං පිරිසුදු බුද්ධ දේශණා කූරුගාල, බුද්ධ දේශණා කපල කොටලා අභිධර්මය කියල අච්චාරුවක් හදල, බුද්ධ දේශණා උන්ට ඕනේ ඕනේ විදියට තෝරලා, වැදගත් කොටස් වෙනස් කරලා / අයින් කරලා, ඒ වෙනුවට පිළිවෙත් පුරන / පෙරුම්පුරන කුණුහරුප දාලා, ගණන්හදන්න calculator ඕනේ වෙන කෙලෙස් 1500 කතන්දර, කුසල්-අකුසල් සිත් / මාර්ග සිත් - ඵල සිත් කතන්දර හදලා, මෙලෝ යකෙකුට මේ කපේදී ණිවන් දකින්න බැරිවෙන්න ලස්සනට වැඩේ දීල තියන බව තොපි දන්නවාද??? ???දැනටත් whole sale එකේ අහන්න ලැබෙන බණ කතා, ධර්ම සාකච්චා, ධර්ම දේශණා, අනුසාසනා වැඩිහරියක් තියෙන්නේ තොපිට ගෞතම බුද්ධ සාසනයෙදිත් සංසාර දුකෙන් නිදහස්වෙන්න බැරිවෙන විදියට 'පාර වහන්න' බව තොපි දන්නවාද??? ??? ???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කලේ, "ජීවමාන බුදුකෙනෙක් ලෝකයේ පහලවෙලා ඉන්න කොට, අපාය හිස්වෙනවා දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් ලොවේ නැති උනාම, අපාය පිරෙනවා දිව්‍යලෝක හිස්වෙනවා..." කියලයි!!! උඹල දන්නවද ඇයි ඒ? කියලා?? 'සාති' කියල සංඝ කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉන්දැද්දිම, 'මට අවබෝධ උනා... මට අවබෝධ උනා... භාග්‍යවතුන්වහන්සේ කියන්නේ මේ එකම විඥාණයක් තමයි භවයෙන් භවයට ගමන්කරන්නේ කියලයි...' කියල පිස්සුවක් කෙලින්න තියාගත්තලු!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ඒ බව දැනගන්න ලැබුණු සැනින් ඒ සංඝයාට කතා කරලා, 'කාටද මෝඩයෝ මම එහෙම කතාවක් කිව්වේ?' කියල ප්‍රශ්ණ කරලා, වැරැද්ද හැදුවලු!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය නිසා ඒක කරන්න ලැබුණට, උන්වහන්සේ ජීවමානව නැති දවසට මොකද වෙන්නේ??? එතකොට ගොන්නු / බූරුවෝ සාසනේට රිංගලා, පැවිදිවෙලා උන්ට හිතෙන හිතෙන ඒවා කියන්න, උන්ට ඕනේ ඕනේ විදියට ධර්මය විග්‍රහ කරන්න යනවා!!! !!! !!! මේ වෙලා තියෙන්නේ ඒක තමයි... කාලකණ්නි ගොං සංඝයෝ ධර්මය වළඳලා... සාසනේ ගූ කරලා... ඒත් ඒවා නිවැරදි කරන්න, ඇත්ත මොකද්ද බොරුව මොකද්ද පෙන්නන්න කෙනෙක් නෑ!!! සංසාර දුකෙන් නිදහස් වෙන්න ඒ සඳහා කලයුතු දේ කරන්න ඕනේ!!! !!! තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කලාට සංසාරෙන් නිදහස්වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒ කුණුහරුප බණ අහන කුණුහරුප බණ පිළිපදින එවුන් මැරි මැරී දුගතියට යනවා... දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙනවා!!! බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකය දුටුවේ නෙලුම් පොකුණක් වගෙයි!!! නෙලුම් පොකුණක වතුරෙන් ඉහලට මතුවෙලා පිපෙන්න බලාගෙන ඉන්න නෙලුම් පොහොට්ටු තියනවා... වතුර යට තියන පොහොට්ටු තියනවා... හැදීගන එන පොහොට්ටු තියනවා... ඉර පායන කොට, අර වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න බලන් ඉන්න පොහොට්ටු පිපෙන්න පටන්ගන්නවා!! ඒත් අනික් ඒවා ඒ වගේ පිපෙන්නේ නෑ. ඒවා හැදෙන්න කාලයක් යනවා. ඒ වගේම පිපෙන්න ලක ලෑස්ති වෙච්ච නෙලුම් පොහොට්ටු කොච්චර තිබුණත්, හිරු පෑයුවේ නැත්නම් ඒවා පිපෙන්නේ නෑ!! පරවෙලා යනවා!!! නෙලුම් පොහොට්ටු වගේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කරගෙන පිපෙන්න 'සංසාර දුකින් එතෙරවෙන්න' උපකාර වුන සූර්යාලෝකය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ පුරා 45 වසක් නෙලුම් පොහොට්ටු වලට පිපෙන්න උපකාර කළා!!! ඒ කාලය හොඳටෝම ඇති මුළු පොකුණේම තියන නෙලුම් ගස්වලින් පොහොට්ටු හැදිලා ඒවා වතුරෙන් උඩට මතුවෙලා පිපෙන්න විතරක් නෙවෙයි, ගසුත් මැරිලා... පොකුණත් අනිත්‍යවෙලා... ඒක ගොඩකරලා ගෙවල් හදන්න හිට!!! ඉතින් බුද්ධ කාලේ නොපිපුණ පොහොට්ටු තිබුණා නම්, එක්කෝ ඒවා නෙලුම් පොහොට්ටු නෙවෙයි... ඒ නිකම්ම නිකම් 'ගොං' පොහොට්ටු!!! එහෙම නැත්නම්, හිරු එලිය නොවැටුන / නොවටිච්ච දිහාවල් වල තිබිච්ච පොකුණු වල හැදිච්ච පොහොට්ටු!!! (වෙන වෙන ආගම් බදාගත්තු / වෙන ජාති වලට අයත් නැත්නම් දුර රටවල් වල ඉපදිලා හිටිය අය!! ඒ අය ගැන නම් ඉතින් කරන්න දෙයක් නෑ නේ...) දැන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි අතරේ නෑ... ඒත් උන්වහන්සේ කිව්වා,"තථාගතයානන්වහන්සේ නැති දාට තථාගතයානන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඔබලාගේ ශාස්තෘන්වහන්සේ වනු ඇත!!"කියල...

හරි! එහෙමනම් ඉතින් අවුලක් නෑ නේ?? ධර්මය තියනවා නම් අදටත් 'ශාස්තෘන් වහන්සේ' ඉන්නවා නේ??? ඒත්, ඇයි මේ නෙලුම් පොහොට්ටු නොපිපෙන්නේ??? ??? ??? තොපි අත් දෙකම උස්සල, නැත්නම් අත් දෙකයි කකුල් දෙකයි සේරම උස්සල පිළිගන්නවද 'අපි නෙලුම් පොහොට්ටු නෙවෙයි... අපිත් ගොං පොහොට්ටු!!' කියල??? නෑ බොල. තොපිලගේ නෙවෙයි වැරැද්ද... උඹලට හම්බ වුනේ 'නියම හිරු එලිය' නෙවෙයි!!! ඒක 'හිරු එලිය' (ධර්මය) වගේ තිබුණට, 'ධර්මය විදියටම' පේන්න හදාපු, සත්වයින් සංසාර දුකින් නිදහස්වීම වලක්වන මර උගුලක්!!! !!! !!! ඔය සාසන භක්ෂක කාලකණ්නි කූරුගාපු 'ගූ කරපු' ධර්මය අහල, කියවල, ඉගෙන ගෙන ණිවන් දකින්න බෑ!!! !!! !!! ඒවාට රැවටුනොත් සංසාරේ එහෙම්පිටින් ඇනෙනවා!!! !!! !!! අපේ කාලේ වෙනකොටත් ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවර කරලයි තිබුණේ!!! !!! !!! සාසනයක් තිබ්බේ නෑ... තිබ්බේ කුණුහරුප වැඩපිළිවෙලක් විතරයි!!! !!! !!! හැම එකාම මයිත්‍රී බුදුන් දකින්න පෙරුම් පුර පුරයි හිටියේ... එකෙක්වත් මේ බුද්ධ සාසනයේ ණිවන් අවබෝධ කරන්න පුළුවන් කියල අහලවත් තිබ්බේ නෑ!!! !!! !!! අපේ හාමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න, කල්‍යාණමිත්‍ර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ට පින්සිද්ධ වෙන්න, තමයි අපිට යාන්තම්, අහම්බෙන් වගේ, ගෞතම බුද්ධ සාසනයේ පිහිට / පිළිසරණය ලබන්න අවස්ථාව උදා උනේ!!! !!! !!! නැත්නම් තොපිට බණ කියන්න ආව මාත් හබක්!!! දැන් නම් ඉතින් සංසාර අනතුර කොච්චර භයානක උනත් මං උඹල කාටවත් ආයිනම් වලේ වැටෙන්න ඉඩ තියන්නේ නෑ!!! !!! !!! හැබැයි මේ සේරම අපේ හාමුදුරුවෝ නිසයි!!! !!! !!! වඳිනවානම් බුදුරජාණන්වහන්සේගේ පින්තුරයකට / පිලිරුවකට පහලින් උන්වහන්සේගේ පිංතූරයක් තියාගෙන වැඳහල්ල අපිව බේරගත්තට!!!
අපි / සත්වයෝ හැදුනේ අලුතෙන්ම උනාට, අපි මනුස්සයෝ හැටියට මේ ලබල තියන ජීවිතවල නම් ආයුෂත් චුට්ටයි උනාට, මේ අපිව / සත්වයින්ව හැදෙන්න හේතු වෙච්ච 'පංච උපාදානස්කන්ධ' පැවතගන ඇවිල්ල තියෙන්නේ 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරමේ බොහෝම දුර ඈත අතීතෙක ඉඳලයි!!! !!! !!! 'ඕවට' දිගින් දිගට පවතින්න හැරියොත්, අනිවාර්යයෙන් තව කෙල කෝටි ගණන් සත්තු හැදි හැදී යනවාම තමයි!!! ඒ වැඩපිළිවෙල කීයටවත් ඉබේ නම් නවතින්නේ නෑ!!! !!! !!! ඕක නවත්තන්න නම්, 'යම් සත්වයෙකුගේ සංසාර දුක' ඉවර වෙන්න නම්, ඒ සත්වයා හටගත් පංච උපාදානස්කන්ධයේ දිගින් දිගට පැවැත්ම කවද හරි දවසක නතරකරන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, මේ දැනට තම තමන්ගේ ශරීර කූඩු අස්සේ ක්‍රියාත්මක වෙමින් තියන පංච උපාදානස්කන්ධ, මෙතනින් එහාට යන්න නොදී මෙතනදිම 'ෆ්ලැටේ ෆ්ලැට්' කරන්න ඕනේ!!! අර graph එකකින් ඇඳලා පෙන්නුවේ, රහතුන් වහන්සේ නමක් පිරිණිවන්පාද්දී වෙන විදිය... අන්න ඒ විදියට, කතන්දරේ එහෙම්පිටින්ම මෙතැනින්ම අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යන්න හරින්න ඕනේ!!! ඉවරයක්ම කරගන්න බැරි උනත්, අඩුම ගණනේ 'at least' නතර කරන්න අවශ්‍ය 'මූලික පියවර' වත් සම්පූර්ණ කරන්නම ඕනේ!!! !!! !!! මොකද ඒක කරගන්න පුළුවන් වෙන්නේ, මේ වගේ 'ක්ෂණ සම්පත්තියක්' ලබාපු වෙලාවක, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිච්ච වෙලාවක කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු වෙලාවක විතරයි!!! ඔය වැඩේ මේ සැරෙත් හරියට කරගන්න බැරි උනොත්, ආයේ අවස්ථාවක් උදාවෙන්නේ ඔය පංච උපාදානස්කන්ධය හන්දාම කවදා කොහේදී හරි 'තවත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්' හැදිච්ච වෙලාවක, එයාටත් ක්ෂණ සම්පත්තියක් ලැබුණොත් තමයි!!! ඒ කියන්නේ ආයෙමත් මේ වගේම අවස්ථාවක් එනකම් ඉන්න වෙනවා!!! අවස්ථාව ලැබුණා කියල වැඩක් වෙන්නෙත් නෑ... මේ වගේම තමයි!!! 'මූලික පියවර' වත් සම්පූර්ණ කරගැනීම එදාටත් කරගන්න බැරි උනොත්, ආයිමත් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නම වෙනවා!!! හැබැයි මෙහෙම ක්ෂණ සම්පත්තියක් ලැබීම මනුස්ස ජීවිතයක් ලැබීමටත් වඩා අතිශයින් දුර්ලභ දෙයක් කියල තමයි බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! අන්න ඒක නිසා, මේ අවස්ථාව miss කරගත්තොත් ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්න කල්ප කීයක් යයිද? දන්නේ නෑ!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' (සසර සැඩපහර භයානකයි)!!! !!! !!!

දැන් ඔය ජීවිතය අවබෝධ කරගන්න වැඩේ මෙහෙදී කරගන්න බැරි උනත්, 'පින් කරගත්තනම් දිව්‍ය ලෝකෙකදී වැඩේ කරගන්න බැරුවයි??' කියල හිතෙන්න පුළුවන්... බුදුහාමුදුරුවෝ, දිව්‍යලෝකේ දිව්‍ය ජීවිත ලබපු අය ධර්මයට යොමුවෙන හැටි ගැනත් දේශණා කරලා තියනවා!!! පිරිසක්, කැලේක අතරමං වෙච්ච කෙනෙක් බෙර හඬක් ඇහිලා ඒ හඬ ඔස්සේ ගම්මානයට යනවා වගේ ධර්මයට යොමුවෙනවා කිව්වා... තව පිරිසක්, 'දිව්‍යලෝකේ එන්න ලැබුණේ ධර්මය නිසා නේද?' කියල මතක්වෙලා ධර්මයට යොමුවෙනවා කිව්වා... තවත් පිරිසක්, අනික් උදවිය දිව්‍ය ජීවිත ලබල තියෙන්නේ ධර්මයේ හැසිරිච්ච නිසා බව අහල දැනගෙන ධර්මයට යොමුවෙනවා කිව්වා... ඔය වගේ කරුණු කිහිපයක්ම තියනවා. හැබැයි ඇත්තටම නම් ඒවා වැඩිහරියක් වලංගු වෙන්නේ සෝතාපන්න තත්වයට පත්වෙලා මනුස්ස ජීවිතෙන් සමුගත්ත අයටයි!!! **- මොකද සෝතාපන්න නැත්නම් දිව්‍යලෝකේ පැත්තට යැවෙයි කියන එක අන්තිම unsure!!! සෝතාපන්න නැති කෙනාට වෙන දේ බුදුහාමුදුරුවොන්ට වත් කියන්න බෑ!!! එච්චරට uncertain!!! පව් කර කර ඉඳල දිව්‍යලෝකේ යනවා... පින් කර කර ඉඳල අපායේ යනවා... case ගොඩායි!!! !!! (මං ඔය සේරම වෙන විදිය පෙන්වල දෙනවා!!! චුට්ටක් හිටහල්ල...) කොහොමහරි, දැන් කාලේ නම් මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලම තමයි!!! (ඒකත් seen එක වෙන හැටි පෙන්නන්නම් කෝ... රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙනවා කිව්වේ ඒකයි!!!) දිව්‍යලෝකේ පැත්තට යැවුනොත් යැවෙන්නේ බොහොම කලාතුරකින් වැඩිපුර පින් ටිකක් කෙරුණු කිහිප දෙනෙක් විතරයි!!! -** බහුතරයක් දෙවි පිරිස ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ, "ශරීරයේ පැහැය දුර්වර්ණ වෙලා... දාඩිය දාලා... චුතවෙන්න හදන දෙවියාට අනික් දෙවිවරු, 'පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපිද උතුම්ම ලාභය ලබාගන්න' යයි පවසනවා" කියලයි!!! ඒකෙ තේරුම තමයි, දෙවියන් අතර උපදින වැඩිදෙනෙක් ධර්මයට යොමුවෙන්න තියා ශ්‍රද්ධාවට වත් ආව (භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ අවබෝධය අදහාගත්) උදවිය නෙවෙයි කියන එක!!! ඒ අයත් හතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට ඇතුල්වෙන්න එන්නේ මෙහෙට... මේ මනුස්ස ලෝකෙට!!! ඉතින්, මෙතන තමයි වැඩේ පටන්ගන්න තියන තැන!!! තමුන්ලා දැන් ඉන්න තැන!!! miss කරගත්තොත් මේ පාරත් sorry ම තමයි!!! !!! !!!

මේ... දැන් ඔය 'වැඩිපුර පින් ටිකක් කෙරුණොත් දිව්‍යලෝකෙට යැවෙයි...' කිව්වම, "පින් කරගත්ත නම් 'මට' දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයි!" කියල හිතන්න එපා!!! එතැනදී වෙන්නේ, තමුන්ට මේ සැරේම පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි උනාට, මනුස්ස මට්ටම ඉක්මවල දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස්කරන්න තරම් පින් එක්රැස්වෙලා තිබුණොත්, මේ පංච උපාදානස්කන්ධය නිසා හැදෙන ඊළඟ සත්වයා දිව්‍යලෝකෙක හැදෙන එක විතරයි!! හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !!! ඊළඟට, දෙවිවරු 'සුගතියට ගිහින් උතුම්ම ලාභය ලබන්න...' කියල කිව්වට, එතන වෙන්නෙත් ඒක නෙවෙයි!!! එයාලත් කතන්දරේ දන්න අය නෙවෙයි නේ... එතැනදී වෙන්නේ දිව්‍ය ජීවිතයක් හම්බවෙලා හිටිය සත්වයාටත් පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි වෙනවා!!! ඒ වගේම, දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස් කරන්න හේතුවෙච්ච පින් විපාක දීල අවසන් උනාම, තවදුරටත් ඒ මට්ටමේ රැඳී ඉන්නත් බැරිවෙනවා!!! ඉතින් අනිවාර්යයෙන් ඒ මට්ටමෙන් පහලට වැටෙනවා... ඊළඟ සත්වයා හැදෙන්නේ මෙහෙ, නැත්නම් මීටත් පහල තැනක තමයි!!! දෙවිවරු 'සුගතිය' කියල අදහස් කරන්නේ මනුස්ස ලෝකය. මෙහෙ ඉපදිලා ශ්‍රද්ධාව ඇතිකරන්, ධර්මය ඉගෙන ගන්න කියල නේ කියන්නේ... හැබැයි චුතවෙන දෙවියා සෝතාපන්න කෙනෙක් නෙවෙයි!!! ඒ කියන්නේ ඊළඟට මොකක්වෙයිද කියන එක unsure!!! සෝතාපන්න නැත්නම් හතර අපායේ වැටෙන ස්වභාවයෙන් මයි ඉන්නේ... ඉතින්, බොහොමයක් වෙලාවට ඒ ඊළඟ සත්වයා හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වල තමයි!!! 'සක්විති රජ උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ ඉපදුනාට, ඊළඟ වතාවේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කිව්වේ ඒකනේ!!! අනික දෙවියා චුත වෙලා ඊළඟට හැදෙන සත්වයා මනුස්ස ලෝකෙම ඉපදුනත්, ඒ වෙනකොට බුද්ධ සාසනයක් නැතිවුනොත්?? ඒ වෙනකොට 'ධර්මය' කියල තියෙන්නේ, සාසන භක්ෂකලා වලඳපු 'කුණුහරුප බණ' විතරක් උනොත්?? කරන්න කිසිම දෙයක් නෑ... ඊළඟට හැදෙන සත්වයා අනිවාර්යයෙන් හතර අපායේ තමයි!!! තේරෙණවද case එක??? පින් කර කර හිටියට වැඩක් නෑ... නිකම් 'වටේ යාමක්' විතරයි!!! කොච්චර වටේ ගියත් වැඩේ ගැස්සිච්ච ගමන් හතර අපායේ තමයි!!! !!! !!!

සංසාරේ දිගටම යන්න උනොත් නම්, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය දිගින් දිගට පවතින්න හැරියොත් නම්, බුදුරජාණන්වහන්සේ දේශණා කලේ 'ණියසිලට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ ප්‍රමාණයක් නැවත සුගතියේ (දිව්‍ය/මනුස්ස) උපතක් ලැබුවට, මැරෙන මැරෙන මනුස්සය යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත් කරායි!!' කියලයි!!! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'බල්ලෙක් / පූසෙක් උනොත් තව එයින්ම එකෙක් වෙන්න, නැත්නම් ඊටත් පහලට යන්න ලේසියි!! හැබැයි උඩ අතට නම් එන්න අමාරුයි!!!' 'පෙරේතයෙක් උනොත් තව තවත් පෙරේත ආත්මම ලබන්න හරි ඊටත් පහලට යන්න හරි පුළුවන්!! ඒත් උඩට එන්න අමාරුයි!!!' කියල. ඒ කියන්නේ, නැවත නැවත උපදින්න උපදින්න සකස්වෙන්නේ සිටින තත්වයටත් වඩා පහල මට්ටමේ ජීවිතයක් කියන එකයි!!! ඉතින් එහෙම පහලට පහලට රූටගෙන රූටගෙන යන සත්වයා නිරයටම වැටෙනවමයි!! ඊලගට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'නිරයට වැටුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීමට ඇති අවස්ථාව, කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දැකීමටත් වඩා අතිශයින් දුර්ලභයි' කියල!!! ඒ කියන්නේ අනන්ත අප්‍රමාණ කාලයක් නිරයේ ගතකරන්න සිදුවෙනවා කියන එකයි!!! ඉතින් එහෙම බැලුවම, මේ සත්වයෙක්ගේ සංසාර ගමන කියන්නේ එක මනුස්ස / දිව්‍ය ආත්මයකට වරක්, නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ආත්මභාව 10,000 - 15,000 විතර ලබමින් යන අන්තිම දුක්ඛිත ගමනක්!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' සසර සැඩපහර භයානකයි!!! !!! !!!

හරි! එහෙමනම් ක්ෂණ සම්පත්තියක් ලබපු මේ ජීවිතය තමයි අපිට මේ ජීවිතය අවබෝධ කරන් සංසාර දුකෙන් නිදහස්වෙන්න පුළුවන් තැන කියල දැක්ක නේ?? එතකොට මේ 'කස්ටිය' ඔය වැඩේ කරන්න පටන්ගන්නෙත් පළවෙනි පාරටද???

සම්ප්‍රදායික විදියට කියනවා නම්, මේ මනුස්සයෝ කවුරුවත් පලවෙනි පාරට මනුස්සයෝ වෙලා ඉපදුන උදවිය නෙවෙයි!!! සත්‍ය සිද්ධිය, මේ ඕනෙම කෙනෙකුට පෙර විසු කඳ පිළිවෙල දකින ණුවන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගෙන තම තමන්ට ලැබිල තියන අතීත මතකයන් ආවර්ජනය කර කර බලන්න පුළුවන් නම්, ඒකෙ අනන්ත සංඛ්‍යාවක් මනුස්ස ජීවිත ගතකල සත්වයින්ගේ මතකයන් තිබෙන බව දැනගන්න පුළුවන්!!! ඒ මතකයන් සිහිකරන්න පුළුවන්!!! අර... කවුරුවත් නොකරපු විදිය අමුතු වැඩක් කරන්න ගියපු සීයා කෙනෙක්ගේ කතාවක් තියෙන්නේ... අහල / කියවල තියනවද?? සීය කෙනෙකුට හිතුනලු, තමන් මැරුණාම කවුරුවත් වළදාපු නැති තැනක තමන්ගේ සිරුර වළලන්න තිබුණානම් හොඳයි කියල... ඉතින් සීය ඒකට සුදුසු තැනක් හොය හොයා ගිහින් තෝරාගත්තේ තඩි නුග ගහක් තිබ්බ තැනක්ලු. නුග ගහක්ද කියල නම් හරියට මතක නෑ... කොහොම හරි, සීය හිතල තියෙන්නේ එච්චර විශාල ගහක් තියන තැනක කවුරුවත් මිනී වළලලා නැතුව ඇති කියලයි!! අන්න ඒ වෙලාවේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සීයාගේ හිතේ ඇතිවෙච්ච අදහස 'දැකල' එතනට ඇවිල්ල කිව්වලු, 'සීයේ, සීයා මීට කලින් 16,000 වතාවක් ඔය නමින්ම, ඔතනම වලදාළ තියනව!!'යි කියල!!! !!! ඒක ටිකක් special case එකක් නේ... හැබැයි බුදුහාමුදුරුවෝ ඒ සීයටයි, සත්වයෝ / අපි හැම එකෙක්ටමයි පොදුවේ කියල තියෙන්නේ ඊට වඩා ෂෝක් කතාවක්!!!

Friday, January 6, 2012

දුකක් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න තියන තාක් කිසිම කෙනෙකුට ජීවිතේ අවබෝධ කරන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න වගේ දේවල් හිතෙන්නේ වත් නෑ!!! එතකොට උනන්දුව ඇතිවෙන්නේ, හැමතිස්සෙම කල්පණා වෙන්නේ, දියුණු වෙන්නේ කොහොමද? වැඩි වැඩියෙන් සැප, 'ආතල් එක' ගන්නේ කොහොමද?? වගේ දේවල් ගැන තමයි!!! එහෙම වෙන්න හේතුවෙන, මනුෂ්‍යා නොමග යන, 'මත් වෙන' කරුණු 3 කුත් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න, 1- ආරෝග්‍යය මදය (නිරෝගීකම නිසා) 2- යෞවන මදය (යෞවනකම නිසා) 3- ජීවිත මදය (මැරෙන්නෙ නෑ කියල හිතන නිසා) කියල!!! ඉතින්, බොහොමයක් වෙලාවට හුඟාක් එවුන්ගේ ඇස් ඇරෙන්නේ 'රිදෙන්නම කන්න' වෙච්ච වෙලාවට තමයි!!! දුක් කරදර එන්න ගත්තම එන්නෙත් වැල නොකැඩී... ඒත් ඒ වෙනකොට ගොඩ දෙනෙක්ගේ time passed!!! හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ... බුදුරජාණන්වහන්සේ වදාළේ, 'ප්‍රඥාව තියනවා නම් වෙන මොනවා නැති උනත් කමක් නෑ!! ප්‍රඥාව නැත්නම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ!!' කියලයි!!!

'සංසාර ගමන භයානකයි... තමුන් ඉන්නේ ලොකු අනතුරක... තමුන්ව බේරගන්න වෙන කාටවත් බෑ... ගොඩ යන්න කියල දෙන්න විතරයි පුළුවන්... තමන්ගේ ආරක්ෂාව සලසගන්න තියෙන්නේ තමුන්ටමයි... ඉක්මනට දැන ඉගෙනගෙන තමන්ගේ ගැලවීම සලසා ගන්න... කිය කියා කොච්චර කිව්වත් පිලි නොගන්න, උගත් උසස් 'බූරු ජනතාව' සෑහෙන ඉන්නවා!!! !!! !!! ඒ අයගේ route එක වෙනස් කරන්න අමාරුයි... යන විදියකට යන්න... කන විදියකට කන්න... ඇරලා, අමතක කරලා දාන්න විතරයි පුළුවන්!!! !!! !!! සංසාර බය ඇතිවෙච්ච, අනතුර තේරිච්ච, ගැලවෙන්න උවමනා වෙච්ච උදවිය නම් කිසි කෙනෙක් චුට්ටක් වත් බයවෙන්න එපා!!! ඔයාල මේ ජීවිතයෙන්ම, නැත්නම් තව එකක් ඇතුලත, බැරිම උනොත් උපරිම ජීවිත 7ක් ඇතුලත අනිවාර්යයෙන් ඒ සංසාර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක වෙනවා මයි!!! !!! !!! ඒක වලක්වන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් දැන් නෑ!!! !!! !!! මං කිව්වේ, 'දැන් control එක මගේ අතේ' කියල...

කරුණු ගලපලා ලියන්න බර කාලයක් ගතවෙනවා... යුතුකම් / වගකීම් වලට කාලය යොදන්න උනහම තවත් කල් යනවා... අන්න ඒකෙන් තමයි කතාව පරක්කු වෙනවනම් වෙන්නේ!!! මං පුළුවන් ඉක්මනට සේරම ලියල ඉවරකරනවා. ඔයාල දන්න දන්න හැමෝටම මේ ගැන කියල, එයාලටත් කියවල බලල කරුණු දැනගන්න කියන්න. ඒක තමයි වෙන්න ඕනේ!!! මේ වැඩේ තනිකරම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත රඳා පවතින දෙයක්!!! මාත් දන්න දන්න හැමෝටම කියල තියෙන්නේ... ඉස්සරහටත් කියනවා!!! ඔයාල ඔයාලගේ යාලුවෝ / නෑදෑයෝ / අසල්වැසියෝ කට්ටියට කියන්න!!! ඒකෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ගොඩයන්න අවස්ථාවක් හදල දෙන්න ලැබුණොත් ඔයාලටත් ඒක ලොකු ආශීර්වාදයක් වේවි!!!

Tuesday, January 3, 2012

මේ දැන් අපිට වෙලා තියෙන්නෙත් ඕකමයි!!! අද අපි මේ විඳින හැම වේදනාවක්ම විඳින්න වෙලා තියෙන්නේ, ඔන්න ඔය විදියට 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරම් බොහෝම දුර ඈත අතීතයක ඉඳලා පැවතගෙන එන, අපේ නොවන / අපිට අයිති නැති, 'පංච උපාදානස්කන්ධයකට' / 'මතකයකට' නැත්නම් 'කුණු ගොඩකට' අනුව අපි ඉපදුන නිසාම තමයි!!! !!! !!! මේ හිතෙන / දැනෙන හැමදෙයක් මත්, ඒ විදියට ඉපදුන නිසාම තමයි!!! හැබැයි ඒක කරවපු කෙනෙක් / ඒකට දායක වෙච්ච කෙනෙක් කියල කවුරුවත් නෑ!!! 'හේතු' නිසා 'ඵල' හටගන්නා ස්වභාවයට අනුව, 'හේතු-ඵල ධර්මතාවයට' අනුව සිද්ධවෙච්ච දෙයක් විතරයි!!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!!) කියල කිව්වේ!!! ඉතින්, 'මේක' නැත්නම් 'මේ ජීවිතය' පෙර කරපු කරුමයක් උනාට, තමන් කරපු මගුලකුත් නෙවෙයි උනාට, කොහොමද තමුන්ට ඒක දැනෙන විදිය?? දැන් කොහොමද 'තමුන්' කන / 'තමුන්ට' කන්න වෙලා තියන පරිප්පුව??? ඔන්න ඕකයි මේ සංසාර කතන්දරේ බරපතල කම!!! ඔය පංච උපාදානස්කන්ධයේ පැවැත්ම දිගින් දිගට පවතින්න ඇරියොත්, ඔය 'මම'ත් දිගින් දිගටම හැදෙනවා!!! එහෙම හැදෙන තාක් ඔය 'මට' ගොඩාක් දුක්විඳින්න වෙනවා!!! සම්ප්‍රදායික විදියට, වෙන දේ සුද්ද සිංහලෙන්ම කිව්වොත්, 'තොට' අම්බානට කන්න වෙනවා!!! !!! !!! ඉතින්... මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ පෙරේතයින් / තිරිසන් සතුන් හා නිරි සතුන් හැටියට බව බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියලත් තියන එකේ, ඉස්සරහට යනකොට කාට කාටත් හොඳට 'කන්න' වෙන බව දැනගෙන 'ආතල් එකේ' හිටියානම් හොඳයි...

විශ්වයේ කොයි මුල්ලක සත්වයෙක් ඉපදුනත් ඉපදෙන්නේ, මේ වැඩපිළිවෙලට අනුවයි!!! ඉතින්, මේ සංසාර දුකින් ගැලවුණු කවුරුවත්ම නෑ!!! !!! !!! හැබැයි, ඉතාමත් දුර්ලභ 'ක්‍ෂණ සම්පත්තියක්' ඇතුව ඉපදෙන්න වාසනාව ලැබුණු වාසනාවන්ත සත්වයෙකුට, ඒ කියන්නේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ශ්‍රී සද්ධර්මය පරම පිවිතුරු විදියටම අහන්න ලැබුණු කෙනෙකුට, මේ සසර දුකින් සදහටම නිදහස්වීමට අවස්ථාවක් ලැබෙනවා!!! ඒ කියන්නේ, අනන්ත කාලයක් තිස්සේ පැවතගෙන ආව පංච උපාදානස්කන්ධයක් එයාගෙන් එහාට යන්න නොදී නවත්තගන්න අවස්ථාවක් ලැබෙනවා!!! හැබැයි අවස්ථාව ලැබුණු පලියට හැමෝටම සාර්ථක වෙන්න ලැබෙනවා කියල එකක් කොහෙත්ම නෑ... කලයුතු දේ හරියටම කරන, ඒකත් තමන්ගේ ජීවිත කාලය තුලදීම කරලා ඉවර කරන, ඉතාමත් සුළු පිරිසක් පමණක්, බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබාගෙන, රහතුන්වහන්සේලා හැටියට පිරිණිවන් පානවා!!! අනික් එවුන් 'නිකංම නිකං' මැරෙණවා... උන්ට දිගින් දිගටම ඉල්ලං කන්න වෙනවා!!!

සත්වයා කියන්නේ සංකතයක් නිසා, එක්කෙනෙකුට / එකෙකුට තියෙන්නේ තමන්ට ලැබුණු ආයු කාලය විතරයි!!! !!! !!! 'තමුන්' බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබන්නට / සසර දුකින් නිදහස් වීමට නම්, 'බුද්ධ සාසනය', 'සසර දුකින් එතෙරවීමේ වැඩ පිළිවෙල' එහෙමත් නැත්නම්, 'චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම' තමුන්ට ලැබුණු ජීවිත කාලය තුලදීම කරලා අවසන් කලයුතු වැඩක්!!! !!! !!! ඊටත් වඩා, තමන්ට එහෙම බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ගන්නට නොලැබුණත්, අඩුම ගණනේ මේ ලැබුණු ජීවිත කාලය තුලදී සසර දුකින් එතෙරවීමේ මාර්ගයට, සෝතාපන්න මාර්ගයට, වත් ඇතුල් වෙන්නට නොලැබුණොත්, තමුන් තවත් ක්‍ෂණ සම්පත්තියක් නැති නාස්ති කරගත්තු මහ පුදුම කාලකන්ණියෙක් වෙනවා!!! !!! !!! අතට ගත්තු දේ කටට දාගන්න තරම්වත් වාසනාවක් නැති මහ පුදුම අවාසනාවන්තයෙක් වෙනවා!!! !!! !!!

** තව ටික දවසක් යනකොට බලාගනිල්ලකෝ ඔය ඉස්සර මහ ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවොන්ටවත් නැති තරම් නම්බුනාම පට්ටන්දර තිබිච්ච, සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ අතීතයේ හිටිය අහිංසක මිනිස්සුන්ටයි තොපිලටයි කරලා තියන දේ...

බුදුරජාණන්වහන්සේ වදාළේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!' කියලයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ හොඳටම දන්නවා මේ සංසාර ප්‍රශ්ණයට මූලික වෙන හේතුව, '20 ආකාර සක්ඛාය දිට්ඨිය', නැත්නම් සත්වයා පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට වෙලා තියන රැවටිල්ල නැතිකරගන්න කම්, මේ සත්වයින්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව!!! උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!! මේ ක්‍ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!! නැත්නම් තෝ 'මේ පාරත්' ඉවරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "අප්‍රමාදී වෙන්න... පමාවුවෝ මළවුන් වගෙයි..." කිය කියා කිව්වම, තොපිට ඔය බව තේරුණේ නැද්ද??? ??? ???

'සෝතාපන්න වුන කෙනෙක් 7 වරකට වඩා උපදින්නේ නෑ!!' 'සෝතාපන්න වුනොත් 8 වන භවයක් කරා යන්නේ නෑ!!' කිව්වට, ඊට පහල උදවිය, ධම්මානුසාරී / ශ්‍රද්ධානුසාරී / පැවිදි වෙච්ච / දසසිල් - අටසිල් - පන්සිල් රකින / මස් කැල්ලක්, අරක්කු පොදක් කටේ වත් නොතියන / සිල්වත් / ගුණවත් / අනගාරික කිසි එකෙක් ගැන, එක වචනයක් වත් කියල නැත්තේ අයි??? එවුන් අඩුගනනේ 70 පාරකට වඩා උපදින්නේ නෑ... ආත්ම 80 කට නැත්නම් 800 කට එහා යන්නේ නෑ... කියල වත් දේශණා කරලා නැත්තේ ඇයි??? ??? ??? ලෝක විදු බුදුරජාණන්වහන්සේ ඒ ගැන දන්නේ නැතුව ඇති කියල හිතුවද??? ??? ??? බුදුහාමුදුරුවෝ seen එක ලස්සනට කියල තියෙන්නේ... තොපිට තේරිලා නැතුව විතරයි!!! !!! !!! උන්වහන්සේ දන්නවා, 'කොච්චර දාන මාන දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කලත්, සෝතාපන්න නැත්නම් ආයේ කතාකරන්න වත් දෙයක් නෑ!!' කියල!!! !!! !!! සංසාර ගමන ඒ තරමට unsure !!! ඒ තරමට uncertain !!! උන්වහන්සේ ඒකෙ risk එක විතරක් පෙන්නුවා, 'සක්විති රජ කෙනෙක් උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ උපතක් ලැබුවත් ඊළඟ වතාවේ ආයේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කියල!!! සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින්නට තරම් උතුරන්නම පින් ඇතුව උපදින සත්වයෙක්!!! ගිහිව හිටියොත් සක්විති රජ වෙන, පැවිදි උනොත් බුද්ධත්වයට පත්වෙන තරම් උතුම්ම උතුම් ජීවිතයක් ලබන කෙනෙක්!!! එහෙම 'සක්විති රජ' හැටියට උතුම්ම ජීවිතයක් ගතකළත්, අන්තිමේ මැරෙන්නේ නිකංම නිකං!!! ඒ kick එකට ඊළඟ ජීවිතය දිව්‍යලෝකෙක සකස්වූනාට ඊළඟ පාර ආයිම වලේ!!! !!! !!!

බුදුහාමුදුරුවෝ 'මහා කාරුණික' නිසා කාගේවත් හිත රිදවන්න බැරි කමට, 'නිරයට ඇදන් වැටෙන්න පුළුවන්...' කිව්වට, 'වැටෙන්න පුළුවන්' නෙවෙයි යකෝ, සෝතාපන්න නැත්නම් අනිවාර්යයෙන්, definitely නිරයට වැටෙනවා!!! !!! !!! සක්විති රජ උනත් සංසාර පැවැත්මට අහුවෙලා උන්නොත් වෙන්නේ එහෙම නම්, තොපි වගේ හීනියට මලක් පහණක් පූජකරගෙන, ලාවට බණක් අහගෙන, 'බුදු දහම' හප හපා ඉන්න කාලකණ්නි නරපණුවෝ සේරටම යන්න වෙන්නේ නිරයටම තමයි බව තොපිට තේරුණේ නැද්ද??? බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියලා කිව්වම, තොපි හිතුවේ පොඩි joke එකක් කරලා... කියලද??? උන්වහන්සේ "සංසාරෝඝං මහබ්භයං" කිව්වා මිසක්, කිසිම තැනකදී, කොයිම වේලාවකදී වත්, 'නෑ... පින්වත! සංසාරේ එච්චරටම භයං නෑ... මං විහිළුවක් කලේ! උඹල ඔන්න ඔහේ හිමි හිමිං, පින් කර කර, පෙරුම් පුර පුර, කරගෙන පලයල්ලා' කියල, කියල තියනවා තොපි අහල / දැකල තියනවද??? තෝ දැන් සෝතාපන්න වෙලාද??? ??? ??? නැත්නම් හොඳට දැනගනින්, තෝ 'මේ සැරෙත්' හතර අපායටම තමයි!!! !!! !!! තෝ කිලෝ 700-800ක ලොකු සංඝයෙක් උනත් ඒත් එච්චරම තමයි!!! !!! !!!
සත්වයෙක් කියන්නේ සංකතයක්!!! හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙවී පැවතිලා, අවසානයේ විනාශවෙලා යන දෙයක්!!! සත්වයෝ සංසාරේ ගමන්කරන්නේ නෑ!!! !!! !!! මේ කිසි කෙනෙක් කලින් හිටපු තැනකින් මෙතනට ඇවිල්ලත් නෑ!!! මළාම මෙතනින් වෙන තැනකට යන්නෙත් නෑ!!! ඒ වගේම සත්වයෝ කියන ජාතිය නිකම්ම නිකම් ඉබේ හැදෙන්නෙත් නෑ!!! විශ්වයේ කොයි අස්සක මුල්ලක හරි සත්වයෙක් හැදෙනවා නම් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් හන්දයි!!! !!! !!! සත්වයෙක් ජීවත් වෙන කාලයේ නිරන්තරයෙන් වෙනස් වෙමින්, අලුත් වෙමින්, 'එක ස්වරූපයකින්' සත්ව ශරීරය තුල ක්‍රියාත්මකවෙන මේ පංච උපාදානස්කන්ධය, 'තවත් ස්වරූපයකින්' සත්ව ශරීරය කේන්ද්‍ර කරගෙන අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුතුයි!!! ජීවත්වන සත්වයෙක් මරණයට පත්වෙද්දී ඒ සත්වයාගේ ශරීරය තුල ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධය අවකාශයේ පැතිරුණොත්, ඒ හේතුවෙන් තවත් සත්වයෙක් ඉපදීම විශ්වයේ පවතින ස්වභාවික සංසිද්ධියක්!!! !!! !!! ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! එහෙම උපතක් සිදුවීමේදී අලුතෙන් ඉපදෙන සත්වයාට 'තමුන්ව' උපද්දන්න හෙතුවෙච්ච පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ 5 ආකාරයක මතකයක් හැටියට!!! ඒ මතකයේ,
1) 'රූප' නැත්නම් හතරමහා ධාතුත් ඒ හතරමහා ධාතු වලින් හැදුනු සියලු දේත් සම්බන්ධයෙන් තියන මතකයක්
2) 'වේදනා' නැත්නම් ඒ හතරමහා ධාතුත් ඒවායින් හැදුනු දේවලුත් විඳලා ඇතිවෙච්ච මතකයක්
3) 'සංඥා' නැත්නම් ඒ විඳපු දේවල් හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක්
4) 'සංස්ඛාර' නැත්නම් හඳුනා ගත් දේවල් වලට අනුව චේතනා පහලකරලා හිතපු කියපු කරපු දේවල් වල මතකයක් සහ
5) 'විඥාණ' නැත්නම් චේතනා පහල කරලා කටයුතු කිරීමෙන් දැනගත්තු දේවල් ගැන මතකයක් හැටියට, කලින් සත්වයා මුළු ජීවිත කාලය පුරා 'අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / හිතපු - කියපු - කරපු / දැනගත්තු' හැම දේම තියනවා!!!

සත්ව ජීවිත සකස්වීමට හා ඒවායේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' යන ස්වභාවික සංසිද්ධිය නිසා, සත්ව ශරීරයක් සකස්වීමේදී 'ගබඩාවෙන' මේ මතකය, එම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' පැවැත්ම පවතින තාක් විනාශයට පත්වීමක් සිදුවෙන්නේ නෑ!!! එම නිසා, එක ජීවිතයකින් තවත් ජීවිතයක් සකස්වෙමින්, ඒ ජීවිතයෙන් තවත් ජීවිතයක් සකස්වෙමින්, දිගින් දිගට පැවතගෙන ඇවිත් හැදිලා තියන මේ එක සත්ව ජීවිතයක, බුදු ණෙතට පෙනෙන්නේ නැති තරම් දුර ඈත අතීතයක සිට පැවත එන අනන්ත අප්‍රමාණ මතකයක් අඩංගු වෙන බව භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළා!!! උන්වහන්සේ පැවසුවේ 'දිනකට කල්ප සියයක් තරමේ මහා විශාල කාල පරාසයක අතීත මතකය ආවර්ජනය කල හැකි පුද්ගලයෙක්, අවුරුදු 100 තිස්සේ එහෙම සිහි කර කර හිටියත්, එයාට සිහිකරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!' කියලයි!!! උන්වහන්සේ එසේ දැක්වුයේ, තමන් නොදන්නවා උනාට / තමන්ට සිහිකරගන්න බැරි උනාට, මේ හැම සත්වයෙකුටම එවැනි අනන්ත අප්‍රමාණ මතකයක් උරුම වී තිබෙන බවයි!!! !!! !!!

ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් / ලෝක ධර්මතාවයක් නිසා අලුතෙන්ම ඉපදෙන සත්වයන්, ඒ ස්වභාවික ක්‍රියාවලිය නිසාම ලැබෙන 'තමන්ගේ නොවන' මතකයකට 'තමන්ගේ දෙයක්ය' කියලා රැවටීම ඒ සත්වයාගේ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්!!! !!! !!! ඉතින් ඔය තමුන්ගේ නොවන / තමුන්ට අදාළ නැති මතකයක් 'පංච උපාදානස්කන්ධයක්' තමන්ගෙයි කියලා ගැනීම, නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්ට වෙච්ච දේවල් / තමන් කියපු කරපු දේවල්' කියලා රැවටීම කියන 'සක්ඛාය දිට්ඨිය' නිසා අලුතින්ම ඉපදෙන සත්වයා, 'මම මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවා... මට මැරුණම ආයේ ආයෙත් උපදින්න ලැබෙයි...' කියලා, නැති අවුලක් හදාගන්නවා!!! !!! !!! එයා ඒ අවුලෙන්ම ඉඳන් මරණයට පත්වුනොත් ඒ ශරීරයෙන් අවකාශයට විහිදෙන පංච උපාදානස්කන්ධයෙන් ඒ ගමන තවත් සත්වයෙක් ඉපදෙනවා!!! ඒ හැදෙන සත්වයාත් කලින් එකා වගේම ලැබෙන මතකයට රැවටෙනවා!!! ඔන්න ඔහොමයි මේ සංසාර කතාව හැදෙන්නේ!!! !!! !!!

හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!!

කවදා හරි මේ එක පංච උපාදානස්කන්ධයක දිගින් දිගට පැවතීමට 'නැවතීමේ තිත' තියන්න ලැබෙනකම්, ඒකෙන් සත්වයෝ හැදෙන එක නතරවන්නේ නෑ!!! ඒ හැදෙන හැදෙන සත්වයෝ තිරිසන් සතුන් හැටියට ඉපදෙනවා... පෙරේතයින් හැටියට ඉපදෙනවා... නිරයේ ඉපදෙනවා... හතර අපායෙත් ඉපදෙනවා... වළක්වන්නත් බෑ!!! !!! !!! ඒ වගේම, රඹුටන් ඇටයකින් හැදෙන්නේ රඹුටන්, අඹ ඇටයකින් හැදෙන්නේ අඹ වගේ, මේ එක පංච උපාදානස්කන්ධයක් නිසා උපදින්නෙත් එකම වගේ සත්වයින්මයි!!! හැබැයි එවුන්ගේ සමානත්වය තියෙන්නේ එක් එක් ජීවිත වලදී ලැබෙන භෞතික ශරීර වල නෙවෙයි... ඒ හැදෙන හැදෙන සත්වයින් අහන / දකින / හිතන / ක්‍රියාකරන විදියෙයි!!! නිවැරදිවම කියනවා නම්, 'තමුන්'ව හැදෙන්න හේතු වුන පංච උපාදානස්කන්ධය තව කොච්චර ඉස්සරහට ඉස්සරහට පැවතුනත්, ඒකෙන් හැදෙන්නෙම 'තමන්ට' වගේම හිතෙන / 'තමන්ට' වගේම දැනෙන සත්වයෙක්මයි!!! ඉතින්, ඒ අනාගතයේ හැදෙන සත්වයින්ට ඇතිවන විඳීම් දැනෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට දෙයක් වෙනකොට දැනෙනවා වගේමයි!!! ඒ අනාගතයේ හැදෙන සත්වයාට හිතෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට හිතෙනව වගේමයි!!! ආන්න එතකොට, තමුන් 'අතීතයේ මම මේ මේ විදියට මේ මේ තැන්වල ඉපදිලා හිටියා... මට මේ මේ දේවල් තිබුණා... මම මේ මේ දේවල් කළා... දැන් ඒ මොකවත් නෑ... මං අහවල් අහවල් දේ කල නිසා මට මෙහෙම උනා...' කිය කියා ලතවෙනවා වගේ, බොහෝසෙයින් දුකට පත්වෙන්නට සිදුවෙනවා!!! !!! !!! මනුස්ස ලෝකෙදි මේ අතීත ජීවිත සිහිවීම ඒතරම් බරපතල විදියට සිද්ධ වුනේ නැතුවට, සත්වයෙක් නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ඉපදුනාට පස්සේ, ඉවරයක් නැතුව අතීතය සිහිවෙන්න ගන්නා බවත්, ඒ නිසා ඒ හැම සත්වයෙකුටම බොහෝම දරුණු විදියට විඳවන්න සිදුවෙන බවත් බුදුරජාණන්වහන්සේ කියලා තියෙනවා!!! ඒ වගේම මේ උපදින උපදින හැම සත්වයාටම 'ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... ව්‍යාධි පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යංකිච්චං නලභති තම්පි දුක්ඛං...' කියන දුක් set එකත් අනිවාර්යයෙන් ලැබෙනවා!!! !!! !!! ඉතීන්, දිගින් දිගට උපදින්න උපදින්න ගොඩාක් දුක්විඳින්න සිද්ධ වෙනවා!!!