Monday, July 22, 2013

හරි! ඉතිං ඔය, දුකෙන් නිදහස්වෙන්නය කියල උඹල අමුතුවෙන් මොකක්වත් කොරන්න ඕනේ නෑ!!! මේ ජීවිත වල ඇත්ත කතාන්දරය දැනගෙන... තේරුම් අරගෙන... ටිකක් බර බර වචන වලින් කිව්වොත්, 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන'... 'යථාභූත ඥාණය පහළ කරගෙන'... මේ ජීවිතය පවතිනකම් දැනෙන වේදනාවල් වලින්... නැත්නම්, ඉන්නකම් මුහුණදෙන්න සිද්ධවෙන දේවල් වලින්... කලබල නොවී, ඒවා ඉවසගෙන, උඹලගෙ පාඩුවේ හිටහල්ල!!! එතකොට, ආයුෂ ගෙවිල ඉවරවෙනකොට උඹලගෙ දුක්කරදර වදවේදනාවල් සේරමත් එහෙම්මම ඉවරවෙලා යාවි!!! එතකොට උඹල සදහටම දුකින් නිදහස් වෙනවා!!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! කියන එක...

 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, බාහිය දාරුචීරිය උත්තමයට කිව්වා!!! උන්වහන්සේ කියපු විදියටම කිව්වොත්, "බාහිය, ඔබ යමක් දැක්කොත්, එය දැකීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යමක් ඇහුවොත්, එය ඇසීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යම් ගඳක් සුවඳක් වින්දොත්, එය විඳීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යම් රසයක් වින්දා නම්, එය විඳීම් මාත්‍රයකට සීමා කරන්න!! ඔබ යම් පහසක් වින්දා නම්, එය විඳීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යමක් සිතුවා නම්, යම් ප්‍රාර්ථනාවක් කළා නම්, යමක් මෙනෙහි කළා නම්, එයත් එතැනින්ම නතර කරන්න!! බාහිය, ඔබ එහෙමනම් හික්මෙන්නෙ, එතන හැදිච්ච යමක් (දෙයක්) නෑ!! යමක් හැදුනේ නැත්නම්, ඔබ එතන නෑ!! ඔබ වෙන තැනකත් නෑ!! ඔබ ඒ අතරවාරයෙත් නෑ!! ඔබ නිදහස්!!" කියල කිව්වා!!! !!! !!! ඒ කියල, බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියා. අනේ පැය භාගයක් වත් ගියේ නෑ!!! පිස්සු එළදෙනක් ඇවිල්ල ඇනල, ඒ මනුස්සය මළා!!! ඊටපස්සෙ ශ්‍රාවක පිරිසත් එක්ක ඒ මළසිරුර තියන තැනට වැඩිය බුදුහාමුදුරුවෝ, "බාහිය හොඳ බුද්ධිමත් මනුෂ්‍යයෙක්. එයා ප්‍රශ්ණ අහල මාව විඩාවට පත්කළේ නෑ. බාහිය මං කිව්වදේ හරියටම අල්ලගත්ත!! එයා පිරිණිවන් පෑවා!! මේ සිරුර ආදාහනය කරලා, ධාතු කොටස් ගෙනිහින් ස්ථූපයක් කරවන්න. ඒකට වන්දනාමාන කිරීමෙන් දෙවි මිනිසුන්ට පින් රැස්කරගන්න පුළුවන්!!" කියල කිව්වා!!! !!! !!!   ඉතිං... මොකද්ද එතන වුනේ??? ??? ??? මෙහෙමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඉස්සෙල්ලම බාහියගෙ current situation එක analyse කරලා... නැත්නම්, වර්ථමාණ තත්වය පරීක්ෂා කරලා... බැලුවා. එයා ධර්මය මොකවත් දන්නෙ නෑ. මහ දෙයක් කියල දෙන්න වෙලාවකුත් නෑ!!! මොකද එයාට ඒ වෙනකොට ආයුෂ ඉතුරුවෙලා තිබුණේ පැය 1/2ක් විතර තමයි!!! හැබැයි ඒ මනුස්සයා බොහෝම නිහතමානී... අහිංසක... කියන දේ හරියට තේරුම් අරං, ඒ කියපු විදියටම කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. බුදුහාමුදුරුවො දන්නවා එයාගේ ආයුෂ ඉවරවෙලා system එක (වින්-නාම case එක) නවතිනකම් හිත suppress කරලා තිබ්බනම් (හිතන එක නතර කෙරෙව්වා නම්), case එක close වෙන බව!!! ඉතිං කිව්වා, "බාහිය, ඇහැ තියනකම් අනම් මනම් පේනවා තමයි. ඔහෙ පෙනිච්ච දෙන්. ඔයා ඒවා ගැන හිතන්න යන්න එපා!! කන් තියනකම් සද්ද ඇහෙනවා තමයි. ඔයා එව්ව ගැනත් හිතන්න යන්න එපා!! නහය / දිව / ඇඟ තියනකම් ගඳ-සුවඳ / රස / පහස දැනෙයි. ඔයා එව්ව ගැනත් හිතන්න යන්න එපා!! වැඩක් නෑ!! එතකොට, ඔය හිතටත් නානාප්‍රකාර දේවල් හිතෙයි. නොයෙකුත් නොයෙකුත් දේවල් මතක්වෙයි. කිසි දෙයක් ගණන්ගන්න එපා!! අල්ලලා දාන්න. දිගින් දිගට හිතන්න තියාගන්න එපා!! " කියල!!! !!! !!! බාහිය බුදුරජාණන්වහන්සේ කියපු විදියටම හිත පාවිච්චිකරන්නේ නැතුව හිටියා!!! එතකොට, "ඔබ එහෙමනම් හික්මෙන්නේ, එතන හැදිච්ච දෙයක් නෑ!!" කිව්ව විදියට, අර build-up වෙච්ච magnetic field එක (ලබ්බ!! ලබ්බ!! අර විඥාණය කියන කෙහෙල්මල. ) නැතුව ගියා!!!  ඊළඟට, "යමක් හැදුනේ නැත්නම් ඔබ එතන නෑ!! වෙන තැනකත් නෑ!! ඒ අතරවාරෙත් නෑ!!" කිව්ව විදියට, ඒ ළඟපාතක වත්... විශ්වයේ ඈත කෙළවරක වත්... අතරමැද්දේ තැනක වත්... ඒ හිතේ ක්‍රියාකාරීත්වයට අනුරූප තව විද්‍යුත් ශක්තියක් ගොඩනැගෙන්න විදියක් නැතුව ගියා!!!  ඉතිං මොකද්ද උනේ??? Duplicate එකක්... කොපියක්... හැදුණේ නෑ!!! බාහියගේ ශරීරයේ ක්‍රියාත්මක වෙවී තිබිච්ච 'වින්-නාම case එක' එහෙම්මම අඩුවෙලා අඩුවෙලා නැතුව ගියා!!! !!! !!! 'එයා' පිරිණිවන් පෑවා!!! !!! !!! හරිය??? 

 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, නොකරපු වැරැද්දකට අහුවෙලා උල තියල මරන්න නියමවෙච්ච හාමුදුරු නමකටත් කිව්වා!!! දන්නවද? නැත්නම්, අහල / කියවල වත් තියනවද? ඒ කතන්දරය??  මෙහෙමයි, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩහිටිය කාලෙ පැවිදිවෙච්ච තවත් අහිංසක හාමුදුරු නමක් හිටියා. දවසක් එයා පිණ්ඩපාතේ හොයාගෙන යනගමන් හරි... ගිහින් එනගමන් හරි... වතුර පිරිච්ච වැවක් දැකලා, චුට්ටක් නාගන්න හිතුවා. ඉතිං එයා සිවුරු පාත්‍රා වැව අයිනෙන් තියලා, වැවට බැහැල නාන්න පටන්ගත්තා. ඔය අතරෙ, රජවාසලෙන් රත්තරන් බඩු වගයක් උස්සපු හොරෙක් ඒ වැව පාරෙන් දුවගෙන දුවගෙන ආවා. රජවාසලේ මුර සෙබළු ඒකගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවා. ඒ හොරගෙඩිය වැව අයිනේ තිබුණු අර හාමුදුරුවොන්ගෙ සිවුරු පාත්‍රා දැකල, හොරකම් කරගෙන ආව බඩු පාත්තරේ අස්සට දාල, හිමීට ශේප් වෙලා / මාරුවෙලා ගියා. සෙබළු බැලුව, හොරා නෑ!!! හැබැයි පොරක් වැවේ නානවා!!! හිතුව මේ ඒ හොරා වෙන්න ඇති කියල... වෙලාවට පාත්තරේ අස්සෙ උස්සපු බඩුත් තිබුණා... කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, ගොඩට ආව ගමන් අර හාමුදුරුවෝව කුදලගෙන රජවාසලට අරං ගියා!!!  හරි ගොං සෙබළු නේද, මෙයාල??  රජා ඊටත් වඩා ගොනෙක්!!! !!! !!!  ඌත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, "මූව ගෙනිහින් උල තියාපිය!!" කියල, 'නියෝගෙ' දුන්නා. **- ඒ ගොං රජා ඉල්ලං කන්න වෙන බව දන්නෙ නැති එකෙක්!!!  ඒකයි!!!   -** කොහොම හරි, 'බඩු බනිස්'!!! අර හාමුදුරුවොව උල තිබ්බා!!!  අන්න එවෙලේ, බුදුහාමුදුරුවෝ ඒ වෙච්ච case එක, 'remote vision' එකෙන් ('ඉර්දි බලෙන්' නැත්නම්, 'දිබ්බචක්ඛු ඥාණයෙන්') දැක්කා. උන්වහන්සේ 'සුටුස් ගාල' අර හාමුදුරුවොව උල තියල තියන තැනට වැඩියා. නැත්නම්, එතන පහළවුනා!!! වැඩලා, "භික්ෂුව, ඕක අතහැරල දාන්න!!" කියල කිව්වා!!! !!! අර අහිංසක හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ කරන්නය කියපු විදියටම කළා!!! උල උඩම පිරිණිවන් පෑවා!!! !!! !!! රහත්වෙලා හිටිය කෙනෙක් නෙවෙයි!!! !!! !!!  හැබැයි එතනම පිරිණිවන් පෑවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද්ද ඒ උනේ??? ??? කොහොමද එහෙම උනේ??? ???  මේං මෙච්චරයි කතාව. බුදුහාමුදුරුවො දන්නවා, මේ මනුස්සයගේ 'system එක break වෙනකම්'... එයාගේ 'විඥාණ පච්චයා නාමරූපං ↔ නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ නතරවෙනකම්... හිතන එක නතරකෙරෙව්වා නම්, ඔහොම්මම... උල උඩම... වැඩේ ඉවරයක් කරන්න පුළුවන් බව!!! !!! !!!  ඉතිං, ඒකට කරන්න ඕනේ දේ තමයි, 'ඔන්න ඕක අතහැරල දාන්න!!' කියල කිව්වේ!!! !!! !!! දැන් හැබැයි මෙහෙම එකක් තියනවා!!! ඒ නිරපරාදේ අකාලේ මැරෙන්න වෙච්ච හාමුදුරුවෝ, ශාස්තෘ ගෞරවය හොඳටම තිබිච්ච... බුදුරජාණන්වහන්සේව හිස්මුදුනින්ම පිළිගත්ත... උන්වහන්සේව බොක්කෙන්ම විශවාස කරපු... අහිංසකයෙක්!!! !!! !!!    ඒ හන්දයි බුදුහාමුදුරුවොන්ට එයාගේ දුක්කන්දරාවල් සේරම එතැනින්ම ඉවරයක් කරගන්න හදල දෙන්න පුළුවන් උනේ!!! !!! !!!  නැත්නම් වැඩේ හරියන්නෙ නෑ!!! !!! !!!  බකපණ්ඩිත මොට්ට බූරුවෙක්ව එහෙම උල තියපු වෙලාවක ලඟට ගිහිල්ල 'ඔන්න ඕක අතහැරල දාහං!!' කියන්න ගියානම් එහෙම, මළකෙලියක් වෙනවා!!! !!! !!!  මොකද, "මේ උල මගේ පුක පලාගෙන පලාගෙන යනවා!! මං මෙහෙ අමාරුව ඉවසගන්න බැරුව දඟලනවා!! මේ යකා රජාට කියල මාව බේරගන්න හදන්නේ නැතුව... නැත්නම්, රජාට කියකිය ඉන්න ඕනෙත් නෑ, ඉර්දි බලෙන් හරි මාව බේරගන්නෙ නැතුව... මෙතන පයිත්තියං කියවනවා!!" කියල එහෙම, ඌ කුණුහරුප හිතන්න තියාගන්නවා නේ???  එතකොට වැඩේ එහෙම්පිටින්ම කුරුවල් වෙනවා!!! !!! !!! ඒත් අර අහිංසක හාමුදුරුවෝ එහෙම නෙවෙයි!!! !!! !!! එයාට බුදුරජාණන්වහන්සේව තමන්ටත් වඩා විශ්වාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම දන්නවා උන්වහන්සේ එහෙම දෙයක් කිව්වෙ තමන්ට තියන ආදරේට, තමන්ව බේරගන්න බව!!! !!! !!! ඒ අහිංසක හාමුදුරුවෝ චුට්ටක් තමන් ගැනම කල්පණාකරල බැලුව, "අනේ මේ උල උඩ ඉන්න මං මොකක්වත් අල්ලගෙන නැහැ නේ?? හැබැයි භාග්‍යවතුන්වහන්සේ අතහරින්නැයි කිව්වෙ, මං මොකක්හරි අල්ලගෙන ඇති!! මොකද්ද ඒ??" කියල!!! !!! !!! එතකොටම click උනා (කල්පණා උනා), "ආ.. ඇත්ත නේන්නම්!! මං මේ හිත අල්ලගෙන... හිතිං අල්ලගෙන... නේ ඉන්නෙ!!" කියල!!! !!! !!! ඇයි ඉතිං, 'අපරාදේ මං නාන්න ගියේ!! මං එතනට ගියේ නැත්නම් මට මෙහෙම අකරතැබ්බයක් වෙන්නෙ නැහැ නේ?? අර හොර උන්නැහැ රත්තරන් බඩු ටික පාත්තරේ අස්සට දාන්නෙ නැතුව ගඟට වත් විසිකරල ගියානම්, මොනවා හරි කරල රජාගෙන් සමාව අරං බේරෙන්න තිබුණ නේ!! කමක් නෑ, මං හොඳට සීලය ආරක්ෂා කරගෙන හිටිය කෙනෙක්!! මට හොඳ තැනක උපදින්න ලැබෙයි... ... ..." අනම් මනම් කියකියා, නහුතයකුත් එකක් දේවල් හිතෙන්න ගන්නවා නේ??? ??? ???  උන්වහන්සේට ඒක click උනා විතරයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙ අතහරින්න!!! උන්වහන්සේ දෙපාරක් හිතන්න තියාගත්තෙ නෑ!!! !!! !!! 'පටාස් ගාල' හිතහිතා හිටපු සේරම එහෙම්මම අතහැරල දැම්මා!!! !!! !!! හිතන එක නැවැත්තුවා!!! !!! !!! උන්වහන්සේ එහෙම බුදුහාමුදුරුවො කිව්ව දේ කළා විතරයි... හරියට නිකම්, 'remote control එකකින් කණුවක් උඩ පත්තුවෙවී තිබිච්ච light එකක් off කළා වගේ' උල උඩම නිවිල ගියා!!! !!! !!! පිරිණිවන් පෑවා!!! !!! !!!  හරිය??? 

Little bit of system internals here...  කලින් අවස්ථාවේ ගොනා ඇනල හරි... දෙවැනි අවස්ථාවේ උල ඇනිල හරි... ශරීර අභ්‍යන්තරය තුවාල වුණාම ලේ ගලන්න ගන්නවා!!! එතකොට මොළේට blood supply එක දුර්වල වෙනවා!!! Oxygen අඩුවෙනකොට brain cells damage වෙන්න ගන්නවා!!! අන්න ඒ තත්වෙට පත්වෙනකොට, අරහත්වයට පත්වෙච්ච නැති ඕනෙම කෙනෙක්ගේ / සත්වයෙක්ගේ, මානසික ක්‍රියාවලිය... 'විඥාණ' 'නාමරූප' කතන්දරය... පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙන්න පටන් අරං, විඥාණය (අර.. 'ලබ්බ' නැත්නම්, magnetic field එක) අසීමාන්තිකව වැඩිවෙන්න ගන්නවා!!! !!! !!! Field එක build-up වෙනවා!!! !!! !!! ඒත් මොළේ හරියට වැඩකරකර තියෙද්දි, කල්තියාම සුදානම් වෙලා, හිතන / හිතෙන ක්‍රියාවලිය නැත්නම් current drive වෙන එක උවමණාවෙන් නවත්තන් හිටියාම, එහෙම field එක build-up වෙන්නෙ නෑ!!! !!! !!! Brain cells damage වෙන්න වෙන්න current flow එකත් අඩුවෙලා අඩුවෙලා ගිහින්, නැත්තටම නැතුව යනවා විතරයි!!! !!! !!! ඊටපස්සෙ නිකම්ම නිකම් හතරමහා ධාතු තමයි!!! !!! !!!  හැබැයි, මහ හුඟක් අසාවල් බලාපොරොත්තු නැති, තනිකඩව හුදකලාව ඉඳල පුරුදු, යන්තම් සන්තම් ජීවිතයක් ගතකරල පුරුදු කෙනෙකුට, බුදුහාමුදුරුවොන්ගෙන් ලැබුණා වගේ හරියට timing වලට වැඩේ පටන්ගන්න උපකාරයක් ලැබුණොත් මිසක්, ඔහොම instant noodles හදනව වගේ, මේ කෙහෙල්මල් පැවැත්ම නවත්වගන්න එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, රහත් නොවී හිටියොත්, වැඩේ 'ජෝන් බාස්ට' යනවම තමයි!!! !!! !!!  **- හැබැයි ඉතිං බයවෙන්න එපා!!!  ඒ උඹල රහත් නොවුණොත් නේ...    -**