Thursday, January 3, 2013

ඊළඟට මේ බහුතරයක් අන්‍යාගමික උන්දලා, 'දෙයිය මැව්වා!! මළාම ආයි එයා ගාවට යනවා!!' නැත්නම් 'ස්වර්ගෙට යනවා!!' ඒත් නැත්නම් 'එයා ඇවිල්ල judgment එක දෙනකම් ඉන්නවා!!' කියල තියන... ආයේ තව, 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! මළාම ඉවරයි!!' කියල තියෙන... බයිලා කතන්දර අහලා, හොඳටෝම ඇඳගෙන / මඤ්ඤං වෙලා / රැවටිලා / මුලාවෙලා ඉන්න case එක!!!

ඒ සේරගේම පදනම මෙන්න මේකයි!!! !!! !!! මං 147th post එකේදී මේ ගැන ලිව්වත් එක්ක. අහම්බෙන් හරි නිරවුල් මනසක්, කල්පණා කිරීමේ හැකියාවක් තියන බුද්ධිමත් මනුෂ්‍යයෙක් 'තමන්' ගැන හෙව්වොත්... කල්පණා කර කර බැලුවොත්... "මේ ඇඟ නිකම්ම නිකම් ලේ / මස් වලින් හැදිච්ච දෙයක් විතරයි!! මේ 'ජීවිතය' ඒ ඇඟ අස්සෙ සිද්ධවෙන මොකක් හරි ලොකු 'කතන්දරයක්' තමයි!!" කියන බව නම් එයාට තේරෙන්න ගන්නවා!!! ඒත් ඒ 'කතන්දරේ' පටන්ගත්තෙ කොහොමද?? කියල... මළායින් පස්සෙ ඒ 'කතන්දරේට' මොකක් වෙයිද?? කියල... නම් එයාට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒ කියන්නේ, මේ අපි 'දැල්වෙන ඉටිපන්දම්'ය කියල හිතුවොත්, දැන් ඒ ඉටිපන්දම් දැල්වෙවී තියන බව තේරෙනවා!!! හැබැයි ඒක පත්තුවුනේ කොහොමද?? නැත්නම් පත්තුවෙන්න පටන් ගත්තේ කොහොමද?? නිවුනාම මොකක් වෙයිද?? කියල නම් හොයාගන්න / දැනගන්න විදියක් නෑ!!! මොකද, ඉටිපන්දම පත්තුවෙලා සැහෙන කාලයක් ගියාට පස්සෙ තමයි ඒකට ඔය 'ලොකු වැඩ' කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එතකොට පත්තුවෙච්ච හැටි... පත්තුවෙන්න පටන්ගත්ත හැටි... පේන්නේ නෑ!!! අනික් අතට, 'පත්තුවෙවී තියනකම්' විතරයි ඔව්ව කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා නිවිච්චහම වෙන දේ බලාගන්න විදියකුත් නෑ!!! ඉතින්, කොච්චර උවමණාව තිබුණත් 'දැල්වෙන ඉටිපන්දමකට' ඒක පත්තුවෙන්න පටන්ගත්ත හැටි... නිවුණාම වෙන දේ... දැනගන්න බෑ!!! එච්චර 'ලොකු වැඩ' කරන්න ඒකෙ (දැල්වෙන ඉටිපන්දමේ) හැකියාව ප්‍රමාණවත් නෑ!!! !!! !!! තේරෙනවා නේ??? ඔන්න ඔය විදියටම මනුස්සයෙකුටත් ඉපදිලා... ලොකු මහත් වෙලා... සැහෙන කාලයක් ගිහින් තමයි හිතල බලල වැඩකරන්න පුළුවන් කම ලැබෙන්නෙ. ඒ වගේම, ජීවිතේ තියනකම් විතරයි ඒ කරන ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින්, මනුස්සයෙකුට කොච්චර උවමණාවක් ඇතිවුණත් 'තමන්' ඉපදුනේ කොහොමද?? 'තමන්' මළාම මොකක් වෙයිද?? වගේ දේවල් දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි උන්ට 'හිතන්න පුළුවන් කමක්' / 'මහප්පරාන වැඩ' කරන්න පුළුවන් කමක් තියන නිසා තමන් සම්බන්ධයෙන් ඒ විස්තර දැනගන්න බැරිවුණත් වෙන එවුන් සම්බන්ධයෙන් හරි, ඉපදුනේ / ඉපදෙන්නේ කොහොමද?? මැරුණාම වෙන්නෙ මොකද්ද?? කියල හොයන්න පුළුවන්!!! ඒත් එහෙම මහප්පරාන වැඩ කරන්න පුළුවන් උනා කියල, සත්වයන්ගේ උපත / මරණය සම්බන්ධ කිසිම දෙයක් මේ homo sapience වර්ගයේ එවුන්ගෙ, 'මිනිස්සුන්ගෙ' ඇස් වලට පේන්නේ නෑ!!! උන්ගෙ කන්වලට ඇහෙන්නෙත් නෑ!!! ඒ සිදුවීම් වල උන්ට අල්ලලා අතපත ගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! එහෙම තමන්ට හරියටම දැනගන්න / ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් වෙන්නෙ පිස්සු හැදෙන එක විතරයි!!! !!! !!! ඊළඟට කරන්න පුළුවන්, උපකල්පණ වලට යන එකයි... 'කල්පිත' හදාගන්න එකයි... වගේ මඤ්ඤං වැඩ තමයි!!! !!! !!! දැන් උඹලත් හොඳටෝම මඤ්ඤං වෙලා ඉන්නේ, අන්න එහෙම කලින් හිටිය එවුන් උන්ට කොරන්න බැරි කෙහෙල්මල් කොරන්න ගිහිල්ල මඤ්ඤං වෙලා කියපුවා / ලියපුවා අහලා / කියවලා තමයි!!! !!! !!! **- හුඟාක් අන්‍යාගමික / බෞද්ධ විරෝධී එවුන් අර 'කාලාම සුත්‍රය' අල්ලගන්නවා, 'කවුරුවත් කිව්වට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' 'පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' කිය කියා අහල, 'ඇත්ත' පෙන්නලා දෙන්න හදනකොට කඩාකප්පල් කරන්න... ලිස්සල / මගහැරල / මාරුවෙල යන්න... එහෙම!!! හැබැයි ඒ උන්දලාම උන්ගෙ ආගම් වල තියන එක එක පිස්සු හුටල්ලෝ කියපු / ලියපු මෝල් කතන්දර ගෙඩි පිටින් ගිලිනවා, 'කාලාම සුත්‍රය'ක් කියල එකක් ගැන දන්නෙ වත් නැති... අහලවත් නැති... එවුන් වගේ!!! !!! !!! -**

ඇත්තටම තොපිට ලැජ්ජාවක් කියල එකක් නැද්ද, ඔය එක එකා කියපු / ලියපු පිස්සු කතන්දර ගෙඩි පිටින් ගිල්ලේ??? ??? ඇයි බොල පොඩ්ඩක් කල්පණා කරන්න තිබුණ නේද, "මට මං ඉපදුණේ කොහොමද?? මට මං මළායින් පස්සෙ මොකක් වෙයිද?? කියල පේන්නේ නැතිකොට... හොයාගන්න බැරිකොට... තව මං වගේම homo sapience ජාතියේ එකෙක් / එවුන් කොහොමද අමුතුවෙන් ඒ ගැන හොයාගත්තේ / දැනගත්තේ??" කියල??? ??? උඹලට හිතෙන්න පුළුවන්, "සාමාන්‍ය මනුස්සයෙක් / මනුස්සයෝ නෙවෙයි එව්වා කියල තියෙන්නේ!! දෙවිවරුම තමයි ඇවිත් ඒ සේරම කියල තියෙන්නේ!!" කියල.ඒත් case එක තියෙන්නේ, දිව්‍ය ජීවිත වල ඉපදුනාම කලින් ජීවිතේ ගැන මේ දැන් වගේ පේනවා!!! මතක් වෙනවා!!! දෙවිවරු, "මනුස්ස ජීවිතේදී මේ මේ දේවල් කල පිණින් මේ දිව්‍ය ජීවිතය ලැබුණා!!" කියල විස්තර පවා කියල තියනවා!!! ඒ නිසා දෙවි කෙනෙක් නම් 'කවුරුහරි මැව්වා' කියල මෝඩ කතාවක් කීයටවත් කියන්නේ නෑ!!! !!! !!! අනික, චුතවෙන (මැරෙණ) දෙවිවරුන්ට අනික් දෙවිවරු කියන්නෙත් "පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපදිලා උතුම්ම ලාභය 'ශ්‍රද්ධා ලාභය' ලබාගන්න!!" කියලයි!!! මොකද, මෝල් මිනිස්සු නොදන්නවා උනාට, දෙවිවරු දන්නවා මේක ලේසියෙන් ඉවරයක් වෙන්නෙ නැති තොවිලයක් බව!!! !!! !!! ඉතින් ඔය පිස්සු කතන්දර මොකක්වත් දෙවිවරු කියපු එව්වා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය මවපු කතාව කියපු 'මහා බ්‍රහ්මයා' කියල එක්කෙනෙක් නම් ඉන්නවා... ඒත් ඒකත් 'ඒ උන්දැට පිස්සු හන්දා' කියපු කතාවක් විතරයි!!! මොකද, බෝධිසත්ව ජීවිත 7ක් මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා හිටිය මතකයක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට තිබුණා!!! ඒ මතකයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'ඒකට පිස්සු!! ඒකට මොකෙක්වත් මවන්න බෑ!!' කියල!!! !!! !!! (මං මෙව්වා ඔක්කොම මේකේ කලින් ලියල ඇති) ඉතින් ඔය 'සර්වබලධාරී දෙයියා' ගැන... ඒ දෙයියා 'මවපු' case එක ගැන... දෙයිය ගාවට / ස්වර්ගෙට යන එව්වා ගැන... කියල තියෙන්නේ, මඤ්ඤං කාරයෙක් / පිස්සෙක් බව හොඳට දැනගන්න!!! !!! !!! මතක තියාගන්න!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ඔය කතන්දර ඔය විදියටම තිබිල තියනවා!!! කස්ටිය උන්වහන්සේ ලඟටත් ගිහිල්ල, ඔය මවපු කතන්දර / ස්වර්ගය ගැන එහෙම කියල තියනව!!! බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දන්නවා මෙව්වා මේ මෝඩ මිනිස්සුන්ගෙ මෝල් කතන්දර බව!!! !!! !!! ඒත් උන්වහන්සේ ඒ කතාවල් එකපාරටම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ වෙනූවට උන්වහන්සේ කරලා තියෙන්නේ, "කවුද එහෙම කිව්වේ?? ඒ මවපු දෙවියම ඇවිල්ල, 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වද??" ආයේ තව, "ස්වර්ගය තියන දිහාව දන්නවද?? එහෙට යන විදිය දන්නවද??" එහෙම කියලා අහන එක තමයි!!! (මං මෙව්වත් මේකේ කලින් ලියල ඇති) වෙන මොහොකටවත් නෙවෙයි, "ඒ මවපු දෙවියම ඇවිල්ල 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වා නම් පිළිගත්තට කමක් නෑ. ඒත් ඇයි උඹල ඔය එක එක පිස්සෝ කියපු පලියට ඔව්ව පිළිගන්න ගියේ?? උඹල මේ මොකෙක් හරි පිස්සෙක් කියපු කෙහෙල්මලක් අහල නේ ඔය ගොනාට ඇඳගෙන ඉන්නේ!!" කියල තෝරලා දෙන්නයි... "ස්වර්ගෙට යනව කිය කියා හිටියට, උඹ ඒක තියන තැන දන්නෙත් නැත්නම්, එහෙට යන විදිය දන්නෙත් නැත්නම්, උඹ කොහොමද ස්වර්ගෙට යන්නේ??" කියල, 'කින්ඩිය දාල' හරි ඒ මිනිස්සුන්ගෙ මුලාව දුරුකරලා සිහිකල්පණාව ඇතිකරන්නයි... තමයි!!! !!! !!! ඉතින් හොඳට මතක තියාගනිල්ල, උඹල ඔය නන්නත්තාර වෙලා ඉන්නේ එක එක පිස්සන්ගෙ කෙහෙල්මල් අහලයි!!! !!! !!! ඔය ඔක්කොම මහා මෝල් කතන්දර... පට්ටපල් බොරු බේගල්... තමයි!!! !!! !!! මේ විශ්වයේ සත්තුන්ව / මිනිස්සුන්ව මවන එවුන්... law givers ල... judge කරන එවුන්... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන්න තරමක් ඉන්නේ සංසාර පැවැත්මට අහුවෙලා ඉපදෙන මැරෙන සත්වයෝ රැළක් විතරයි!!! !!! !!! **- උන්ගෙ ගැන මං එහෙම්පිටින් කියල දෙන්නම්. මං විශ්වය ඇල්ලුවේ දෙකට නැවිල නෙවෙයි!!! !!! !!! -** උඹලට මේ දැන්ම... වහාම... සිරාවටම... තේරුම් ගන්න තියෙන්නේ, බොලා හැමෝමත් ඉන්න තරමක් සියලු ලෝක සත්වයන් වගේම සංසාර පැවැත්මට අහුවෙලා... නොනවතින ඉපදෙන / මැරෙණ ගමනකට set වෙලා... ගැලවෙන්න බැරුව ඉන්න, නිකම්ම නිකම් 'homo sapiens' වර්ගයේ සත්වයන් පිරිසක්ය කියන බව තමයි!!! !!! !!! උඹල ඔය අහල තියන කෙහෙල්මල් බම්බු කතන්දර... මනස්ගාත... සේරම පැත්තකට දාලා, වහාම මේ අනතුරින් ගැලවෙන්න කටයුතු නොකලොත් තොපිලට සිද්ධවෙන්නේ, 'කූරිය ගහපු සැනින්' අඩුම ගණනේ පෙරේත ජීවිතයක් වත් ලබාගෙන නවතින්න බැරුව කෙළින්ම තිරිසන් / නිරිසත් ජීවිත වලට set වෙන්න... නැත්නම් තිරිසන්නු / නිරිසත්තු වෙලා උපදින්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Wednesday, January 2, 2013

දැන් ඉතින් කතන්දරේ මෙහෙමයි. උඹල කවුරු කවුරුත් දැන් නම් මහා හුඟාක් දේවල් දන්න... මහා දැන උගත්... මහා පණ්ඩිත... මහා ලොකු උදවිය... 'ප්‍රොෆෙසර්ල' උනාට, උඹල එකෙක්වත් ඉපදෙනකොටම ඔය සේරම දැනගෙන ඉපදිච්ච එවුන් නෙවෙයි!!! !!! !!! දැන් උඹලට මුල අමතක උනාට, බොලා සේරමල 'ඥෑස් ඥෑස් ගාගෙන' ඔන්න ඔහේ ඉපදිච්ච, නිකම්ම නිකම් හුජ්ජ කොල්ලො / හුජ්ජ කෙල්ලො ටිකක් තමයි!!! (එහෙම ජීවිතේ පටන් ගත්ත උඹල අද වෙනකොට නාකිච්චෝ / නාකිච්චියෝ වෙන්නත් පුළුවන්. ඒකෙ අවුලක් නෑ.) හැබැයි උඹල මේ වෙනකම් 'මහා ලොකුවට' දන්නෙ, උඹලට ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / කය කියන ඒවට දැනිච්ච... එහෙම නැත්නම් ඒ 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලා දැනගන්න ලැබිච්ච... දේවල් විතරයි!!! !!! !!! උඹල ඉගෙනගන්නය කියල මහා ලොකුවට කියෙව්වෙ / පරිහරණය කලෙත්, උඹල වගේම 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලම ඉගෙනගත්ත / දැනගත්ත මහා උගත්තු / ගත්කතුවරු / professors ල ලියපු පොත්පත්ම තමයි!!! !!! !!! ඉතින්...ඇත්තම කියනවා නම්, උඹල 'මහා ලොකුවට' දන්නෙ හරීම චුට්ටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල දැනගත්තු / ඉගෙනගත්තු තරමක් මහා මහා මහා දේවල් සේරම දැනගන්න උඹලට උපකාර වෙච්ච... උඹල ලබාපු 'මහා දැණුමේ' වැඩි හරියකට වගකියන... මේ homo sapiens වර්ගයේ සත්වයන්ට නැත්නම් මිනිස්සුන්ට ලැබෙන ඇස් වලට ගොඩාක් දේවල් පේන්නේ නෑ!!! !!! !!! එව්වට පේන්නෙ බොහෝම චූට්ටයි!!! !!! !!! ඒ වගේම, මේ homo sapiens වර්ගයේ එවුන්ගේ කන් වලට ඇහෙන්නෙත් බොහෝම චූට්ටයි!!! !!! !!! එව්වට මහා හුඟාක් දේවල් ඇහෙන්නේ නෑ!!! !!! !!! ඉතින් එහෙම 'බොහෝම චුට්ටක් දන්න' උඹලා කට්ටියක්, ගොං සංඝයන්ගෙ 'ගොං බණ' අහලා... ආයේ තව, සංසාරේ රවුන්ද? හතරැස්ද? කියලවත් නොදන්න මොට්ටපාලලයි මොට්ටියොයි ලියපු / කියපු, සින්දු / කතන්දර අහලා / කියවලා... පින් කොර කොර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න... 'සසර වසනා තුරා උඹ මගේ වෙලා, මම උඹේ අහවලා වෙලා' උපදින්න... බලාගෙන ඉන්නවා!!! !!! !!! ඒ වගේම තව 'බොහෝම චුට්ටක් දන්න' කට්ටියක් 'දෙයියන්නාන්සේ තමයි අපිව මවල තියෙන්නේ!!' කියල හිතාගෙන, ආයේ එයා ගාවටම යන්න... ස්වර්ගෙට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහා හුඟාක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා!!! !!! !!! තව 'බොහෝම චුට්ටක් දන්න' උන්දලා වගයක් 'අපි ඉබේමයි හැදිල තියෙන්නෙ. මැරුණම සේරම ඉවරයි!!' කියල හිතාගෙන, ඉන්න ටිකේ කකා බිබී ජීවිතේ විඳිමින්... උපරිම ආතල් ගනිමින්... ඉන්නවා!!! !!! !!! එක විකාරයයි. ඒත් එකම upset එක, ඔය කෙහෙල්මල් මොකක්වත් ඇත්තටම / හැබැවටම නම් සිද්ධ වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! ඔය සේරම ඇවිල්ල 'දවල් හීන' / පිස්සු කතන්දර / මන්සගාත නැත්නම්, පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් මොකද කරන්නේ??? ??? බොහෝම චුට්ටක් දැනගෙන, 'මං / අපි ඔක්කොම දන්නවා!!' 'මං / අපි හොඳටම දන්නවා!!' 'මං / අපි තමයි හරියටම හරි!!" කියල හිතන්න ගියාම ඔහොම වෙනවා තමයි... ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔව්ව එකක්වත් නෙවෙයි!!! !!! !!!

සංසාර කතාවෙ ඇත්ත සිද්ධිය මේකයි. 'සංසාර ගමනක්' කියල එකක් ගැන මිනිස්සු දැනගත්ත නම් දැනගත්තේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල බුද්ධ දේශණාවල් වලිනුයි!!! ඒ බුද්ධ දේශණා නොතිබුණා නම්, ඉතාමත් කලාතුරකින් ඉපදිච්ච / ඉපදෙන අතීත ජීවිත අනුස්මරණය කිරීමේ හැකියව තියන අය කියපු / කියන ඒවයෙනුයි... හදිසි අනතුරු වලින් වගේ අකාලයේ මැරිච්ච අයගෙන් හැදිච්ච උදවිය කියපු / කියන ඒවයෙනුයි... හැරෙන්න, සාමාන්‍ය මිනිස්සුන්ට 'අතීත ජීවිත ගැන' නැත්නම් 'සංසාර කතන්දර' ගැන විස්තර මොකවත් දැනගන්න වෙන විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මිනිස්සුන්ට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, උන්ට 'පින් කර කර... පෙරුම් පුර පුර... ඒකෙ පලයල්ලා!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, තනිකරම උන්ගේ නොදැනුවත් කම / මුලාව / අවිද්‍යාව නිසා සිද්ධවෙන මේ දිගින් දිගට පැවැත්ම නැත්නම් නැවත නැවත ඉපදීම, කිසි වැඩකට නැති නිෂ්ඵල දෙයක් බව කියල දීල... මේ හැදෙන සත්ව ජීවිත නිකම්ම නිකම් විඳවිල්ලක් විතරයි බව තෝරලා දීල... ඊළඟට ඒ සංසාර පැවැත්මේ තියන අනතුරුදායක බව / භයානකත්වය පෙන්වල දීල... පුළුවන් ඉක්මනට උන්ට ඒකෙන් ගැලවෙන්න කියන්න උවමණාවටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ ඒ 'සංසාර ගමන' තම තමන්ට ඕනේ ඕනේ විදියට පින් කර කර... පෙරුම් පුර පුර... චූන් එකේ... ආතල් එකේ... යන්න පුළුවන් ගමනක් කියල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වෙම, ඒක ඒ 'සසර පැවැත්මට' අහුවෙලා ඉන්න එවුන් මර ලතෝනි ගගහ බේරෙන්න / ගැලවෙන්න බැරුව දඟලද්දී, උන්ව බලහත්කාරයෙන්ම ඇදගෙන යන... වේගෙන් ගහගෙන යන... මහා භයානක සැඩ පහරක් කියලයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේම, 'මම නම් ඇස්පිල්ලන් ගහන තරම් පොඩි වෙලාවකට වත් උඹල ඒ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ!! පුළුවන් ඉක්මනට ඒකෙන් ගැලවියන්!!' කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉතින් උන්වහන්සේ හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා, ඇත්ත කියල පෙන්නලා දුන්නට තේරුම් ගන්න පුළුවන්... තේරුම් අරන්, කරන්න ඕනේ දේ හරියට කරලා ඒ සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන්... මොලේ තියන එවුන් ඉන්නේ හරිම චුට්ටයි බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, අවබෝධ කරගන්න හැකියාවක් ඇතුව ඉපදිලා හිටිය පින්වත් / ප්‍රඥාවන්ත උදවියට අවබෝධ කරගන්න 'ධර්මය' / 'පටිච්චසමුප්පාදය' කියල දීල, අනික් උන්දලට පිනක් දහමක් කරගෙන... පවින් වැළකිලා... ඉන්නෙයි කිව්වා!!! නැතුව ඉතින්, කොච්චර කියල දුන්නත් අහන එවුන්ට අවබෝධ කරගන්න මොලේ නැත්නම් උන්වහන්සේ මොනවා කරන්නද??? ??? ??? මේ වෙනකම් 'ධර්මය' තිබුණේ ප්‍රඥාවන්තයන්ට... වීර්ය වන්තයන්ට... උත්සාහ වන්තයන්ට... විතරයි!!! !!! !!! (උඹල වගේ එවුන්ට නෙවෙයි!!! !!! !!!)

ගොං සංඝයන්ටත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින්වත් / ප්‍රඥාවන්ත උදවියට වදාළ 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හරි ගියේ නෑ!!! !!! !!! උන්ට හරි ගියේ, 'සබ්බ පාපස්ස අකරණං... කුසලස්ස උපසම්පදා... සචිත්ත පරියෝ දපනං... ඒතං බුද්ධානුසාසනං...' කියල පොදුවේ හැමෝටම කියපු පොඩි පොඩි දේවල් (generic / Montessori බණ) විතරයි!!! !!! !!! උන් මුළු ලෝකෙම එවුන්ට කිය කිය හිටියෙත් ඒ ටිකම තමයි!!! !!! !!! ඊළඟට, මේ මෙව්වයි ඉන්න 'තමන් පහේ පන්තිය වත් pass නැතුව, ඉස්කෝලෙන් out වෙලා... කැම්පසුත් ගිහිල්ල... උපාධියත් අරගන... ඇවිත් ඉන්න එකෙකුට ආයි O/L කරන්න කියල දෙනවා / උපදෙස් දෙනවා වගේ' තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නෙ / රහත්වෙන්නෙ නැතුව, අඩුම ගණනේ 'ධර්මය' කියන්නේ මොකද්ද කියලවත් ඉගනගෙන ඉන්නෙ නැතුව, මට උපදෙස් දෙන්න... මට උගන්නන්න... ආව උද්ධච්ච / බකපණ්ඩිත / මහන්තත්ත මොට්ට බුරුවො වගේ එවුන් ඒ කලෙත් හිටිය!!! ඒ සාසන භක්ෂක කාලකණ්නි, ඉස්සෙල්ල තමන් ධර්මය අවබෝධ කරගන්න / රහත්වෙන්න උත්සහ කරන්නෙ නැතුව, බුද්ධ දේශණා කූරුගාල... එව්වට කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ඔබල remix කරලා... 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ලෝකේ පුරාම පැතිරුණේ අන්න ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! පස්සෙ පස්සෙ මුළු ලෝකෙම එවුන්ට අහන්න උනේ අන්න ඒ ගොං සංඝයන්ගේ ගොං බණයි (generic / Montessori බණ), සාසන භක්ෂක කාලකණ්නින්ගේ කුණුහරුපයි නිසා, කාටවත් 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඉතින් දැන් මේ ඒ 'පරම සත්‍ය ශ්‍රී සද්ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හෙළිකරන්න පටන්ගත්තාම, කතන්දර වැලයි!!! මොකද බැලුවහම, මේ ඉන්න තරමක් උන්දලට මං 329th post එකේදීයි, 638th post එකේදීයි කියපු විදියටම, 'ලුණුයි සීනියි මාරුවෙලා'!!! !!! !!! දැන් උඹල හැමෝම හිතාගෙන ඉන්නේ, ගොං බණයි සාසන භක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුපයි තමයි 'නියම ශ්‍රී සද්ධර්මය'!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'පටිච්චසමුප්පාදය' තමයි අධර්මය නැත්නම් 'වැරදි දහම'!!! කියලයි!!! !!! !!! ඇත්තටම ඉතින් උඹල හිතන / උඹල කියන විදියට නම් උඹල හරි තමයි... ඒත් ලෝක ධර්මතාවයට අනුව උඹල එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අවසාන ප්‍රතිඵලය, පින් කරගෙන... පෙරුම් පුරාගෙන... 'සංසාරේ යන්න' බලන් ඉන්න උඹල සේරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන එක, නැත්නම් 'සංසාරේ යන්න' බලන් ඉන්න බොලා සේරම පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරේ යන්න බලන් ඉන්න උන්දලට කියන්න තියෙන්නේ එච්චරයි!!! !!! !!!