Monday, April 30, 2012

ගොං සංඝයෝ කියපු තරමක් 'බන' කතා උන්ගේ ගොං කමට කියපුවා විතරයි!!! බුදුහාමුදුරුවෝ පින්කරන්න කිව්වෙත් වෙන දේකටයි!!! මේකට, මේ ජීවිතය අවබෝධ කරගැනීමට, අමුතුවෙන් පින් කරන්න උවමනා වෙන්නේ නෑ!!! ඒත් කියන දේ තේරෙන්නේ වත් නැති (මොලේ ≤ 0) පොරවල් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සියලු ලෝක සත්වයන් හට පින්ම කරන්නය... පව් කරන්න එපාය... කිය කියා කිව්වේ මේ ඉන්න තරමක් උන් මැටි මෝල්ලු නිසා, උන් වැඩේ එහෙම්පිටින් අනාගන්නවා මිසක්, ධර්මය අවබෝධ කරගන්නේ නැති බව පැහැදිලිවම දැනගෙන සිටි නිසයි!!! !!! !!! ඒත් මේ හැම එකෙක්ම පටිච්චසමුප්පාදය කවදා හෝ නතර කරගන්නා තෙක්, අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට ඉපදිලා නිරපරාදේ දුක්විඳින්න වෙන නිසා, ඇත්ත තේරුම්ගන්න මොලයක් නැති මේ ජීවිතයේ හැදිලා ඉන්න මෝඩයෙක් / මෝඩියෙක් ගෙන්, කවදා හෝ දවසක මොලයක් තියන... ඇත්ත දකින්න / තේරුම් ගන්න පුළුවන්... බුද්ධිමත් මනුෂ්‍යයෙක් / ගැහැණියෙක් හදන්න නම් කරන්න තියන එකම දේ, උන්ට 'පින් කරපිය!' කියන එක විතරයි!!! !!! !!! එතකොට, බෝධිසත්වයෙක් බුද්ධත්වය කරා යන ආකාරයටම පින් රැස්වීම සිදුවෙලා, කවදා හරි දවසක, හැබැයි සාරසංඛ්‍ය / දොළොස්සංඛ්‍ය ඒවායින් එහෙම නෙවෙයි... කල්ප කල්ප කල්ප කල්ප 100,000 කින් විතර පස්සේ හරි මොලේ තියන එකෙක්, බුද්ධ සාසනයක් පවතින කලෙක හැදිලා... ඌට ඒ බුද්ධ සාසනයේ ගොං සංඝයන්ගෙන් බේරිලා, පිරිසුදු බුද්ධ දෙශාණාම අහන්න ලැබුණොත්... ඌ හරි ඇත්ත අවබෝධ කරගෙන ණිවන් දකින්න ඉඩ තියන නිසයි!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම පිං කර කර යන හැම එකාටම යන්න වෙන්නේ හතර අපායේ වැටි වැටීම වීමයි!!! !!! !!! එහෙම එක්වරක් අපායට වැටුනාම ආයේ ගොඩ එන්න වෙන්නේ කල්ප කල්ප කල්ප 50,000 ක් තිස්සේ විතර රැස් කරපු පිං සේරම ක්ෂයවෙලා යනකම් විඳවලා තමයි!!! ඒ කියන්නේ මේ අවස්ථාව මගහැර ගත්තා නම් උන්ට තව කාලසීමා ගණනය කරන්න බැරි තරම් මහා දිග කාලයක් පිං කර කර ඉන්නවා... අපායට වැටෙනවා... පිං කර කර ඉන්නවා... ආයි අපායට වැටෙනවා... මිසක්, ධර්මය අවබෝධ කරගෙන ණිවන් දකින්න වෙන්නේ නෑ!!! !!! !!! 'පුබ්බාකෝටි න පඥ්ඥායති' කියපු විදියට, කෙළවරක් පේන්නේ නැති තරම් දුරක ඉඳල උඹලා / අපි සංසාරේ 'ඇවිල්ල' තියෙන්නේ එහෙමයි!!!!

ඉතින්, මේ වැඩේට පින් කරන / පෙරුම්පුරන මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! කෑමෙන් / බීමෙන් පරිස්සම් වෙන්න... සිවුරක් ඇඳගෙන ඉන්න... ගහක් / ගලක් යටට වෙලා ඉන්න... මොකවත් ඕනේ නෑ!!! !!! !!! උඹලට තිබුණේ මේ කතාව පැහැදිලිවම දැනගන්න / තේරුම්ගන්න විතරයි!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, මාරයාගේ 'කතන්දර' වලට රැවටිලා (ඒ යකත් රැවටිලා නේ හිටියේ) උඹලව පින්කරන්න / පෙරුම්පුරන්න ඕනේ කියල හරි බලාපොරොත්තු ඇතිකරලා, තොපි මැරෙණකොට sure එකටම තව එකෙක් හැදෙන තැනට කටයුතු කරපු එකයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, 'අතහරින්න... අතහරින්න...' කියද්දී, 'අතහරින්න එපා... අතහරින්න එපා... පිංකරන්න තියනවා... කොහොමහරි අල්ලගනින්... හයියෙන් අල්ලගනින්...' කියලා, සංසාරෙටම ඇදල දාපු එකයි!!! !!! !!! මොකද මේ අවස්ථාව මගහැරෙව්වා නම්, මේ කරුණු නොදැන හිටියා නම්, උඹලා තාමත් අවිද්‍යාවෙන්!!! !!! !!! ආයේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට උඹලට ගොඩ යන්න වෙන්නේ නෑ!!! !!! !!! එතකොට මාරයට උඹලා ගැන worry වෙන්න දෙයක් නෑ!!! ගොං සංඝයෝ සේරම කලේ අන්න ඒ මාරයාගේ උවමනාව ඉටුකරපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනය ආරක්ෂා කළා... සාසන උන්නතියට කටයුතු කළා... ඒ සේරම බයිලා විතරයි!!! !!! !!! උන් කරපු එකම දේ පිරිසුදු බුද්ධ දේශණා එහෙම්පිටින්ම කණපිට ගහලා, අහන / කියවන එවුන් මොකෙක්වත් සංසාරෙන් නිදහස් වෙන්නේ නැතිවෙන විදියට පාර හදපු එකයි!!! !!! !!!

හොඳට දැනගනින්, මේ ටික හොඳට හිතට වැදුන නම්, උඹ දැන් අනාගාමී පුද්ගලයෙක්!!!(මොකද 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' කියපු part එක චුට්ටක් අමාරුයි. ඒක අනිවාර්යයෙන් ධ්‍යාන වඩලා සමාධියෙන් ඉඳලාම කරගන්න තියන දෙයක්!!) උඹ අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන... මාත් එක්ක ආව... මාත් එක්ක හිටිය... එකෙක් නම්, සමහරවිට උඹව අරහත්වයට පත්වෙන්නත් ඇති!!! එහෙම උනොත් උඹලට ටික දවසක් යනකොට 'වෙනස' තේරෙයි!!! !!! !!! අනික් එවුන් ආයි ආයි කියවලා බලල try කරහල්ල... හොඳට හිතට වදිනකම් කියවහල්ල... හැබැයි ඔය සංසාරේ අනාගත්ත එක කාලකණ්නියෙකුටවත් කිසිම වැඩක් වෙන එකක් නෑ!!! !!! !!! උන්ව අපායටම වීසි වෙලා යනවා... කියලා වැඩක් නෑ!!! !!! address නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක තෝරලා දෙනකොට, සිද්ධවෙන දේ පෙනෙයි!!! !!! !!! මම warning කරපු එවුන්ට දැන් වෙන්න ඕනේ හරිය වෙලත් ඉවරයි!!! !!! !!!
අවිද්‍යාවෙන් වැහිලා ඉන්නකම් මිනිස්සු හිතන්නේ 'තමං' නිත්‍ය/ස්ථිර කෙනෙක්/පුද්ගලයෙක් වෙන්න ඇති!! ය... ලස්සන ලස්සන රූප, මිහිරි සද්ද, සිත පිනවන සුවඳ, ඉමිහිරි රස, සනීපයක් දැනෙන ස්පර්ශ විඳ විඳ ඉඳීම පුදුමාකාර සැපයක්!! ය... පිං ටිකක් කරගත්ත නම් මැරිලා ගිහින් මීටත් හොඳ තැනක ඉපදිලා තව තවත් සැප විඳින්න පුළුවන්!! ය... එහෙම කියලයි. ඉතින් උන් ආයෙ ආයෙමත් මනුස්ස ජීවිත ලබන්න... මීටත් වඩා සැප විඳින්න පුළුවන්, අඩුපාඩු නැති ජීවිත ලබන්න... ඇති පදම් තියන සැප සේරමත් විඳලා, අන්තිමේ තියන ලොකුම සැපය 'ණිවන් සැපයත්' විඳින්න, පුකවල් ඉරාගෙන පිං කරනවා!!!අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව පහල උනායින් පස්සේ තමයි ඒ මෝඩ පොරවල් දැනගන්නේ, 'තමං' කියන්නේ මේ කාල කාල හැදිච්ච ඇඟක් උපකාරයෙන් තියන තාවකාලික / 'අනිත්‍ය' කතන්දරයක්!! ය... ඇඟට පවතින්න බැරුව කඩාගෙන වැටෙනකොට 'තමං' වත් සුනේ සුං වෙනවා!! ය... කියන බව!!! එතකොට තමයි උන්ට "අයියෝ... මං ඉවරයි!!" කියල තරු විසිවෙන්නේ. අන්න ඊටපස්සේ තමයි උන්ට 'දුක' කියන එක මතක්වෙන්නේ. එතකොට, සැප නිකම්ම අතුරුදහන් වෙලා දුක මතුවෙනවා!!! කරකියාගන්න දෙයක් නැති උනාම, කොච්චර දැඟලුවත් වැඩක් නෑ... මෙතන තමන්ට ඕනේ විදියට මොකවත්ම කරන්න පුළුවන් කමක් නෑ!! මේ ජීවිතය තමන්ට උවමනා විදියට පවත්වන්න බැරි 'අනාත්ම' දෙයක් බව උන් තේරුම්ගන්නවා!!! ඒ වගේම ජීවිතේ කියල රැවටිලා හිටියේ මොකකටද කියල දැනගත්තම... 'මතකයක්' මිසක් මං කියල එකෙක් මේක අස්සේ නෑ නේද? කියල දැනගත්තම... සංසාරේ ඇවිල්ල තියෙන්නෙත්, යනවා නම් යන්නෙත්, ඒ 'මතකය' විතරයි නේද කියල දැනගත්තම... උන්ට පිං කරන්න පුකවල් ඉරාගත්ත හැටි මතක් වෙලා හිනහත් යනවා!!! 'ඇත්ත' තේරුණාට පස්සෙ, පිං කරකර තවත් ඉපදෙන්න බලන් ඉන්න එක උන්ටම එපා වෙනවා!!! ඒ පිං කර කර ආයෙ ආයෙ ඉපදෙන්න, තමන්ට දිගින් දිගටම ඉන්න තිබ්බ උවමනාව ඉබේම නැතුව යනවා!!! උන් ඔහේ තියන දෙයක් කාල බීල... තමන්ගේ පාඩුවේ ජීවත් වෙමින් සැහැල්ලුවෙන් ඉඳන්... මේ ජීවිතේදිම 'නිවණ' අත්විඳිනවා!!! !!! !!! උන්ට සැප විඳින්න... නම්බුනාම ගන්න... තමන්ගේ ලොකුකම ප්‍රදර්ශණය කරන්න... වගේ මොන පිස්සුවක් වත් හැදෙන්නේ නෑ!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච කාලෙක ඒ ජීවිත කතාව 'තෙල් ඉවරවෙච්ච පහණක් නිවිලා යනවා වගේ' අවසන් වෙනවා!!! !!! !!!

දැන් බලහන්... උඹලා අසාවෙන් බදාගෙන ගොඩගහගෙන හිටීය දේවල් ඔක්කොම උඹලට නැතිවෙනවා!!! උඹට ඕනේ උනාට ඒවා සදහටම තියාගන්න පුලුවන්ද??? බෑ!!! බැරිනම් ඉතින් කරන්න වෙන්නේ අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! උඹල වයසට යනකොට ඇස් පෙන්නේ / කන් ඇහෙන්නේ / අතපය හරියට වැඩකරන්නේ නැතුව යනවා!!! උඹලට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවද??? නෑ!!! මොකුත් නෑ!!! !!! !!! එතැනදී වෙන්නෙත් අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! හැබැයි උඹලා මේ ඇඟ අබලන් වෙනකොට... මේ ඇඟ නැතිවෙනකොට... තව ඇඟකට යන්න බලාගෙන හිටියා!!! ඒක 'හොඳ ඇඟක්' කරගන්න... හොඳ 'ලොකු එකෙක්' හැටියට... හොඳට සැප විඳින්න පුළුවන් එකෙක් හැටියට... ඉපදෙන්න මල් පහන් පූජ කර කර... බුද්ධ පූජාවල් / බෝධි පූජාවල් තිය තිය... ලස්සන ලස්සන තාල දාල ගාථා හද හදා කිය කිය... පෙරහැරවල් කර කර... මහා ජරමරයක් කළා!!! බැලුවහම තොපිට මෙතනින් එහාට කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! එහෙනම්, දැන් තොපි මල් පහන් පූජ කර කර, ගාථා කිය කිය වැඳ වැඳ ඉඳලත් වැඩක් තියනවද??? නෑ!!! එව්වා කලයි කියලත් උඹට තව එහෙකටවත් යන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! උඹලට එතැනදී වෙන්නෙත් ඔක්කොම අල්ලලා දාල, 'මට මේ ඇති!!' 'මේ හොඳටෝම ඇති!!' 'මට ඕනේ මේ දුකෙන් නිදහස්වෙන්න විතරයි!!' කියල, හිත හදාගන්න විතරයි!!! !!! !!! උඹ කොහොමත් මැරෙන්න ඉපදිච්ච එකෙක්!!! !!! !!! අනික උඹ අවිද්‍යාවෙන් මැරුණොත් උඹගේ මතකය CD එකකට ගහල කාට හරි දීල මලා වගෙයි... උඹ පිරිණිවන් පෑවොත් එහෙම CD එකක් ගහල නොදී මලා වගෙයි... උඹට ඒ දෙකේදීම වැඩක් නෑ!!! උඹ කොහොමත් මැරෙනවා!!! !!! !!! ඔන්න ඔය ඇත්ත තේරුම් අරගෙන, ආයේ ආයේ උපදින්න... දිගින් දිගට පවතින්න... බැරි බව දැනගෙන, ඊළඟට ඔය ඔලුගෙඩිය අස්සේ තියන 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' උඹ මේ ජීවිතයෙන්ම පිරිණිවන් පානවා!!! !!! !!!

බුදුරජාණන්වහන්සේටත් සෙසු සියලු රහතුන්වහන්සේලාටත් උනේ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලවයි, අනික් මුළු ලෝකෙම හිටිය තරමක් ධර්මයට යොමුවෙච්ච අහිංසක මනුස්සයෝ සේරමලයි, එහෙම්පිටින්ම කෑවේ, සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ධර්මය කියන්න ගිහින් දීපු definitions සේරම වැරදියි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ උන් කියපු තණ්හාවල්, 'මගේ ළමයි... මගේ ගෑනි... මගේ මිනිහ... මගේ ගෙදර...' වගේ කෙහෙල්මල් ගැන නෙවෙයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ, memory එකට attach වීම (මෝහ), ඒකත් එක්ක ගැටීම (repel නැත්නම් ද්වේශ) හා ඒකට attract වීම (රාග) ගැනයි!!! !!! !!! මේවා තාම කවුරුවත් දන්නේ නැතුව ඇති... බුදුහාමුදුරුවොන්ට උන්වහන්සේ වැඩසිටිය කාලේ මේවා මේ විදියට කියන්න පුළුවන් උනේ නෑ!!! !!! !!! අවුලක් නෑ... මාව උන්වහන්සේගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති!!! මං උඹලව ඇඟ ඇතුලටම ගෙනිහිල්ල වෙන දේ පෙන්වනවා වගේ සේරම කියල දෙන්නම්... graphs / drawings ඇඳලාම කියල දෙන්නම්... ගූ කරගත්ත එවුන්ට හැරෙන්න, උඹලා කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න නම් දෙන්නේ නෑ!!! !!! !!!
දැන් බලහල්ල... උඹල කාට මේ වෙනකම් නොතේරුණත් ඔය වගේ ඉවරයක් නැති මතකයක් උඹලගේ ඔළුගෙඩි අස්සේ තියනවා!!! වැඩිය ඕනේ නෑ... දැන් සිල් බේරෙන බෞද්ධයෙක් උනාට, කලින් දෙයියෝ අදහ අදහා බිලි පූජා තියපුවා... දැන් අහවල් දෙයියගේ කෙනෙක් උනාට, මහණවෙලා හාමුදුරුකෙනෙක් හැටියට හිටපුවා... වගේ, වැඩේ එහෙම්පිටින් අච්චාරු වෙන කතන්දරත් අම්බානට තියනවා!!! නිකමට මතක් කරහන්... රස කෑමක් කාපු එකක් / trip එකක් ගියපු එකක් / film එකක් බලපු එකක් / accident එකක් / ගුටි කාපු - බැණුම් අහපු එකක් මොකක් හරි, උඹට හොඳ 'තදට' මතක හිටපු එකක්. කොහොමද?? මේ දැන් වෙන දෙයක් වගේ... මේ දැන් විඳින දෙයක් වගේ... live experience එකක්ම වගේ... නේද??? ඔන්න ඔය විදියටම, හැබැයි අහම්බෙන් / හෙණගැහුවා වගේ, ඔන්න එකපාරටම මතක් වෙනවා... උඹ හරකෙක්!! දැන් ඔන්න 4-5 දෙනෙක් එකතුවෙලා කඹ වලින් ගැටගහලා... උඹව බෙල්ලෙන් අල්ලලා අදිනවා... පෙරලන්න හදනවා... මරන්න!!! උඹගේ කකුල් ගැට ගහලා... නැට්ට අඹරලා මිරිකගෙන... අම්බානට රිදෙනවා!!! එකෙක් තඩි පිහියකුත් අරගෙන ඉස්සරහට ඇවිත්, ඔන්න කැපුවා උඹගේ බෙල්ල!!! !!! දැන් උඹ මරු විකලෙන් දඟලනවා!!! !!! කොහොමද සැප??? ** මේ... මේක මේ hypnotize කෙහෙල්මලක් එහෙම නෙවෙයි!!! කොහොමත්, මැරෙන්න වැටුනාම හැම එකාටම මුහුණ දෙන්න තියන ඒවා උඹලට වේලපහින් දැනගන්න සලස්වලා දීමක් විතරයි!!! !!! ** දැන් උඹ ඔය මරාපු හරකගෙ seen එක 'සිරාවට' හිතුවොත්, උඹගේ තොල කට වේලිලා... කෙලගිලින්න වත් බැරුව ගිහින්... හුස්ම හිරවෙලා... දාඩිය වැක්කෙරෙන්න අරන්... තෝව වෙව්ලන්න අරගෙන... ගූ / හුජ්ජ ගිහිල්ල... තෝව නන්නත්තාර වෙයි!!! !!! !!! (උඹගේ 'මීටරේ පණ මදි' නම්, imagination powerful මදි නම්, එච්චර effective නැති වෙයි.) කොහොම හරි, තෝ දැන් අම්බානට බය උනා කියලා හිතපන්!!! දැන්, ඇයි තොට එහෙම බයක් ඇතිවුනේ?? තෝ හරකෙක්ද?? මොකාද තෝව ඇදගෙන ගිහින් මැරුවේ?? එහෙම මොකුත් උනේ නෑ!!! ඒ සිහිවුනේ තොට කලින් ඔය 'පංච උපාදානස්කන්ධය' (මතකය) ඇතුව ඉපදිලා ඉඳලා මැරුම් කාපු 'එක හරකෙක්ගේ' මතකයක්!!! !!! වෙන එකෙක්ගේ එකක්!!! !!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒත් බලපන් උඹ ඔය බව නොදැන, 'ඒ හරකා උඹයි...' 'ඒ ඇදගෙන ගිහින් මැරුවේ උඹවයි...' කියලා රවටුනොත්, අම්බානක දුකක්!!! බයවෙලා... වෙවුලලා... මාර වේදනාවක්!!! බේරෙන්න කිසිම ක්‍රමයක් නෑ!! අනික ඔය මතක් උනේ 'එක හරකෙක්ගේ' case එකක් විතරයි!!! ලේ වලින් මූද පිරිලා ඉතිරිලා යන්න තරම් තව අම්බානක් හරක් / ඌරෝ / එළුවෝ / කුකුල්ලු වගේ සත්තුන්ගෙන් ආව මතකයනුත් ඔහොමම තමයි!!! ඒ සේරම මතක් වෙන්න ගත්තාම කොහොමට හිටීද??? ඒත් දැන් ඇත්තටම වෙලා තියන දේ දැනගත්තම / දැනගත්ත නිසා, උඹට ඔයවගේ අතීත සිදුවීම් මොනවා මතක් උනත් කලින් වගේ උඹව upset වෙන්නේ නෑ!!! !!! !!! upset වෙන්න කිසිම හේතුවක් නෑ... මොකද ඒ කිසි දෙයක් උඹට වෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! පොඩි පොඩි shocks / තැතිගැන්ම වල්, ඇතිවෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ. නිකම් චිත්‍රපිටියක් බලනවා වගේ බලන් ඉඳලා, අමතක කරලා දාපන්. එච්චරයි!!! එතකොට උඹට දුකක් / වේදනාවක් මොකවත් නෑ!!!තේරුණා නේද???

ඉතින්... අර පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඇතුව සිටි හාමුදුරුවරු 30 නමටම උනෙත් ඕකයි!!! බුදුහාමුදුරුවෝ ඇත්ත පෙන්නලා දුන්නා... ඒ හාමුදුරුවරු ඒක පැහැදිලිවම දැක්කා!!! තේරුම් ගත්තා!!! වැඩේ හරි!!! !!! ඒ 30 නමම, එතනම, අරහත්වයට පත්වුනා!!! !!! !!! 'සංසාර දුක' ඉවරයි!!! මොකද 'සංසාර කතාව' තනිකරම වෙන එවුන්ගේ කෙහෙල්මලක්... ඒකෙන් තමන්ට වැඩක් නෑ!!! !!! !!! ඊළඟට, තමන්ටම තේරෙණවා, අතීතයේ ඉඳලා ඇවිල්ල තියෙන්නේ 'තමං' නෙවෙයි නම්, මෙතනින් එහාට යැවෙන්නෙත් 'තමං' නෙවෙයි කියන බව!!! !!! !!! තමන්ට තියෙන්නේ මෙච්චරයි!!! මේ ජීවිතය විතරයි!!! 'අනිත්‍ය' 'ස්ථිර නෑ!!' කියන බව හොඳටම තේරෙණවා!!! තමන්ට කොච්චර උවමනා උනත්, 'දිගටම ඉන්න / පවතින්න බෑ!!' කියලා තේරෙණවා!!! 'දුකයි' කියලා 'බොක්කෙන්ම' තේරෙණවා!!!කොයි වෙලාවේ හරි මේ ඇඟ විනාස වෙලා ගියොත් තමං ඉවරයි... ඒත් කොච්චර උවමනා උනත් බේරෙන්න බෑ!!! මේ කිසි එකක් තමන්ට ඕනේ විදියට තියාගන්න / පවත්වන්න බෑ... 'අනාත්මයි' කියලා තේරෙණවා!!! ඒත් එක්කම, තව තවත් සැප විඳින්න පුළුවන් වෙයි... ආයේ ආයේ උපදින්න ලැබෙයි... දිගින් දිගටම ඉන්න පුළුවන් වෙයි... කියලා තිබ්බ ආසාවල් / බලාපොරොත්තු සේරම සුනේ සුං වෙලා යනවා!!! !!! !!! ආයේ ඒවා ගැන හිතෙන්නේ වත් නෑ!!! !!! !!! හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා... තණ්හාව ක්ෂය වෙලා යනවා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් වුනේ එහෙම්මමයි!!! උන්වහන්සේට, "විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා උදානයක් පහලවුනේ ඒකයි!!! !!! !!! එතකොට හරිම සැහැල්ලුයි... ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි... හොඳටම තේරෙණවා ආයේ ඉපදීමක් සිද්ධවෙන්නේ නැති බව!!! !!! !!!

දැන් මේකනේ... උඹල / අපි කවුරුවත් ඉපදුනේ අපේ උවමනාවට නෙවෙයි!!! අපි ඔන්න ඔහේ ඉපදිලා විතරයි!!! හැබැයි ඉපදුනාට පස්සේ අපිට එක එක පිස්සු හුටල්ලන්ගේ කතන්දර අහන්න සිද්ධවුනා... ගොං සංඝයෝ, 'පිං කර කර පෙරුම්පුරහන්. එතකොට උඹලට ඔයිට වඩා හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන්' කිව්වා!! තා එකෙක්, 'උඹලව මැව්වේ දෙයිය තමයි. එයා උඹලව බලාගනී' කිව්වා!! තා එකෙක්, 'ඉන්න ටිකේ කාල ඇඳලා ජොලියේ හිටහන්. මැරුණම ඔක්කොම ඉවරයි' කිව්වා!! බයිලා ගොඩයි!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත අහගෙන බැලුවම තමයි දැනගන්න ලැබුණේ, ඇත්තටම අපේ ඉපදීම එහෙම්පිටින්ම සිද්ධවෙලා තියෙන්නේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසා බව!!! බැලුවම අපි ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙලා තියෙන්නෙත් මීට කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නොදැන, 'අවිද්‍යාවෙන්' සිටිය නිසයි!!!

කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නැත්නම්, තමන් අනිත්‍ය බව නොදැන සිටිය නිසා, තවත් ඒ වගේම අනිත්‍ය ජීවිතයක්, 'සංකතයක්' බලාපොරොත්තුවෙන් හිටියා... ඉල්ල ඉල්ල හිටියා... 'සංස්ඛාර ඇතුව' සිටියා!!! ඒ සංස්ඛාර නිසා විඥාණය, තමන්ට තිබුණු මතකය, නැත්නම් 'පංච උපාදානස්කන්ධය' පැලවුනා!!! ඒ පැලවෙච්ච විඥාණයෙන් ඒ සත්වයාට තිබුණු මතකය ඇති තව සත්වයෙක්, නැත්නම් 'නාමරූප' හැදුණා!!! 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' වෙන්නේ එහෙමයි!!! !!! !!! ඊළඟට, මේ පටිචසමුප්පාදය ටිකක් දිග කතාවක් උනාට, ඕක symmetrical ඒ කියන්නේ කලින් ජීවිතයෙන් මේ ජීවිතය පටන් ගත්තු විදියටම, මේකෙන් ඊළඟ ජීවිතය පටන්ගැනීමත් එකම විදියට සිද්ධවෙන, සමමිතික... දෙපැත්ත සමාන... balance කතන්දරයක්!!! !!! !!! (බුදුහාමුදුරුවෝ විඥාණය / භවය කියල දෙපැත්ත දෙවිදියකට කියල දීල තියෙන්නේ ඒ ඒ අවස්ථාවේදී වඩාත් වැදගත් වෙන ලක්ෂණය (properties ගැන) සලකලයි!!! !!! !!! පස්සෙ හොඳටම තෝරලා දෙන්නම්!!!) ඉතින්, කලින් ඉල්ලුව නිසා මේක / මේ ජීවිතය ලැබුණා වගේම, දැන් ඉල්ලුවොත් තා එකක් හැදෙනවා!!! !!! ඉල්ලුවේ නැත්නම් නෑ!!! !!! 'උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති...'!!! !!! !!! එතකොට බලහල්ල... දැන් "පොඩි කාලේ ළමයි හඳ ඉල්ලලා අඬනවා!! ඇයි?? හඳ ලස්සනයි... දැක්කම ආස හිතෙනවා... අල්ලන්න ඕනේ වෙනවා... හැබැයි ඒක අතට ගන්න පුළුවන් එකක් නෙවෙයි!! අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි!! කියල දන්නේ නෑ!!! ඒ වුනාට ලොකුමහත් වෙලා, හඳ ගැන හොඳට දැනගත්තයින් පස්සේ ඒ ළමයි කවුරුවත් හඳ ඉල්ලනවද?? නෑ!!! !!! !!! මේ ජීවිත කතාවෙත් එහෙම්මමයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේම, "විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා" කිව්වේ ඒකයි!!! 'ඇත්ත' දැනගත්ත ගමන්, සංස්ඛාර ඇතිවන ස්වභාවය, නැත්නම් ආයේ ආයේ තවත් සංකතයක් 'තවත් ජීවිතයක්' ඉල්ලන / බලාපොරොත්තුවෙන ගතිය, ඉබේම නැතුව යනවා!!! !!! තණ්හාව ක්ෂයවෙලා යනවා!!! !!! මොකද, ආසාවෙන් බලාගෙන හිටියට ලැබෙන්නේ නැත්නම් බලන් ඉඳල වැඩක් නෑ... ඉබේම එපා වෙනවා!!! !!! ඉබේම අතහැරෙනවා!!! !!!
** මේ... සමහර විට, බුද්ධත්වයට පත්වෙලා, සිද්ධවෙලා තියන 'හුට්ටප්පරේ' දැක්කම, 'මළ මගුලක් නේ මේ වෙලා තියෙන්නේ...' කියල, බුදුරජාණන්වහන්සේටත් තනියම හිනා යන්න ඇති... ඒත් ඉතින් ඒක කොහොම කියන්නද?? ඔය කෙහෙල්මල් වැඩපිළිවෙල ගැන දන්නෙ නැතුව ඉන්නකම් කොච්චර පරිප්පුවක් කන්න උනාද?? ඔය 'ඇත්ත' දකිනකම් ඉවරයක් නැතුව විඳවන්න වෙනවා මිසක්, කාටවත්... කොහොමටවත්... මේ මර උගුලෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! අනික, 'සම්මා සම්බුද්ධත්වය' කියන සුවිශේෂී තත්වය ලබාගැනීමට නම්, කොහොමත් ඔය 'පෙරුම්පුරණ' මාර්ගය ඇරෙන්න විකල්ප මොකවත්ම නෑ!!! !!! !!! ඉතින්, එක බුද්ධ සාසනයක් එහෙම්පිටින් වැළලිලා / අතුරුදහන් වෙලා ගියාම, සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා... නැවත බුද්ධ සාසනයක් පිහිටුවලා... සතර අපායේ වැටෙන ස්වභාවයෙන් මිදීමට නොහැකිව අසරණ වෙලා ඉන්න තවත් අහිංසක සත්ව පිරිසක් සංසාර දුකින් බේරගන්න නම්, කවුරු හරි මහා කරුණාවන්ත... මහා දයාවන්ත... මහා පරාර්ථකාමී... කෙනෙකුට, ඔය 'කට්ට' අනිවාර්යයෙන්ම කන්න සිද්ධවෙනවා මයි!!! !!! !!! සුමේධ තාපසතුමා අපි වෙනුවෙන් ඒ විදිය විශාල කැප කිරීමක් සිදුකල මහා උත්තම මනුෂ්‍ය රත්නයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒත් එහෙම දුක් විදගෙන, ලොකු කට්ටක් කාගෙන දඟලන්න වෙන්නේ 'ධර්මය' අලුතෙන්ම හොයල දැනගන්නයි!!! !!! විද්‍යාඥයෙක් ඕනේ වෙන්නේ ලෙඩෙයි ලෙඩේට බෙහෙතයි හොයාගන්න විතරයි!!! එයා බෙහෙත හොයල දුන්නම, අනික් එවුන්ට තියෙන්නේ බෙහෙත බීල ලෙඩේ හොඳකරගන්න විතරයි!!! !!! උන්ට හොය හොයා ඉන්න මොකක්වත් නෑ!!! !!! !!! දැන් ලෝකේ ධර්මය තියනවා!!! උඹලට තියෙන්නේ අහල / කියවල අවබෝධ කරගන්න විතරයි!!! !!! ඒකට පෙරුම් පුරන්න / පින් කරන්න උවමනාවක් නෑ!!! !!! !!!} **

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට, අවිද්‍යාවෙන්ම ඉඳගෙන 'තමන් මේ සත්‍යය අවබෝධ කරගන්න සංසාරේ සැරිසරාගෙන එද්දී, කොච්චර දුකක් විඳින්න සිද්ධවුනාද?' කියල සිහිවෙලා තමයි "අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං - ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං"(මේ සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා කවුද කියලයි මං හොය හොයා හිටියේ. ආයෙ ආයෙ ඉපදීම නම් දුකක්මයි!!) කියල උදානයක් පහලවුනේ!!! ඒ කියන්නේ, හිතල උවමනාවෙන් කිව්වා නෙවෙයි... හිතෙන ඒවට අනුව ඉබේටම කියවුනා!!! හැබැයි, "මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය... ඥාණය පහළ විය... ප‍්‍රඥාව පහළ විය... විද්‍යාව පහළ විය... ආලෝකය පහළ විය..." කියලා, උන්වහන්සේ පැහැදිලි කල ආකාරයටම 'ඇත්ත' දැක්ක ගමන්, "සංසාරේ හදන වඩුවා සොයන්න මම සංසාරේ සැරිසරාගෙන ආවා..." කියලා හිතාගෙන හිටියට, 'මං සංසාරේ ඇවිල්ල නෑ නේද??' 'සිද්ධවෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් / මතකයක් දිගින් දිගට පැවතගෙන ඇවිත් තියන එක විතරයි නේද??' කියලා දැනගත්ත ගමන්, උන්වහන්සේගේ සංසාර දුකයි... නැවත නැවත ඉපදීමයි... දෙකම එක සැරේම නැතුව ගියා!!! !!! !!! උන්වහසේට, "ගහකාරක දිට්ඨෝ’සි - පුන ගේහං න කාහසි - සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං - විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (ඒයි වඩුවා! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි. ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා කියවුනේ ඒකයි!!! !!! !!!

මොකද, මේ සංසාර ගමන තනිකරම අවිද්‍යාව හේතුකොට ගෙන දිගින් දිගට සිද්ධවෙන දෙයක්!!! අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනාද, switch එකක් off කල ගමන් light එකක් නිවෙනවා වගේ තමයි... කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා සේරම එහෙම්පිටින් අතුරුදහන් වෙනවා!!! ඒවා 'නැතිකොරන්න' පුක ඉරාගෙන දඟලන්න දෙයක් නෑ!!! !!! !!! ඊට පස්සේ ඒ හිතේ කීයටවත් සංස්ඛාර ඇතිවන්නේ නෑ!!! !!! !!! ඒ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙච්ච සත්වයාගේ ජීවිතය අවසාන වෙනවත් එක්කම, ඒ සත්වයා පදනම් කරගෙන පැවතිච්ච සිත / විඥාණය / පංච උපාදානස්කන්ධය එහෙමත් නැත්නම් 'භවය' කියලා හඳුන්වපු electro-magnetic field එක, 'නිරුද්ධ වෙනවා' collapse වෙනවා මිසක්, ඒක අවකාශයේ පැතිරෙන්න පටන් අරන්, ඒ ශක්තියෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

අර... මතකද අර වනගතව භාවනානුයෝගීව ඉඳලා... ධ්‍යාන වඩලා... 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගත්තු හාමුදුරුවරු 30 නමක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හමුවට වැඩිය වෙලාවේ, උන්වහන්සේ ඒ 30 නමගේම හැකියාවල් දැකලා, "මේ ඇත්තන්ට මෙතනදීම, ඉඳගෙන ඉන්න තැනම, අරහත්වයට පත්වෙන්න ධර්මය කියලා දෙන්න ඕනේ!!" කියලා, කරපු දේශණාව??? (මම ඒ සේරම කලින් ලියලා ඇත්තේ!!!) ඒ හාමුදුරුවරු 30 නමට වගේම අපි හැමෝටමත් 'තමන්ගේ' අතීතය බැලුවොත්... සිහිකලොත්... ඒකේ, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩි ලේ ප්‍රමාණයක් එකතුකරන්න පුළුවන් තරම්, අම්බානක් හරක් ආත්ම වල ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් එළුවෝ හැටියට ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු හැටි... හැංගිලා තියනවා!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල සතරමහා සාගරය පුරවන්න තරම් කඳුළු හලපුවා... මනුස්සයෙක්ම හැටියට ඉපදිලා, තාත්ත මැරිච්ච වෙලාවල මහා සාගරය පුරවන්න තරමට අඬපු ඒවා... ඒවගේ උදාහරණ කියලා ඉවරයක් කරන්න බෑ!!! !!! !!! උඹලට මතක් කරගන්න බැරිවුනාට, මේ ඉන්න තරමක් මිනිස්සු / සත්තු හැම එකාගෙම හිත්වල එහෙම තමයි!!! !!! !!! ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ කලේ, "ඔයාල දන්නවද, ඇයි ඔයාලට මේසා විශාල දුක් කන්දරාවක් විඳින්න උනේ?" කියල ඒ ස්වාමින්වහන්සේලා ගෙන් අහලා, "ඔයාලට මේතරම් දුකක් විඳින්න උනේ, ඔය පංච උපාදානස්කන්ධය තමන්ගේ යයි ගත් නිසයි!!" කියලා, කියපු එක නේ?? ඒ කියන්නේ, "තමන්ටම වෙච්ච දේවල්ය... තමන්ටම මුහුණපාන්න වෙච්ච දේවල්ය... තමන්ම කරපු / කියපු දේවල්ය... කියලා, රැවටිච්ච නිසයි උඹලට දුක්විඳින්න උනේ!!" කියලා, කියපු එක නේ??
දැන් එතකොට, පෙරුම්පුරන්න ගිය 'ගොං සංඝයන්ට' මොකක් වෙන්න ඇත්ද?? කලින්ම කිව්වා නේ... උන්ට කිසිම ආරක්ෂාවක් නෑ!!! කාගෙන් නියත විවරණ ලබලද??? අනික මේ සත්වයෝ හැදිලා තියන රටාව හන්දා, උන් කාට වහගෙන... බොරුව දාගෙන... මොන මොන මගුල් හිතුවත් / කිව්වත් / කලත්, ලෝකයා ඉදිරියේ උන් හෙළුවෙන් ඉන්න එවුන් වගේ තමයි!!! අනුන්ගේ හිත් දකින්න හැකියාවක් තියන අයට මොකවත් වහන්න බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඕනෙම එකෙක්ගේ ඕනෙම 'පොතක්' කියවනවා!!! !!! !!! සාමාන්‍යයෙන් higher rank කට්ටියට lower ranks වල අයගේ 'එව්වත්' එහෙමම තමයි!!! මේ කාලකණ්නි ගොං සංඝයෝ, තමන් ධර්මය අවබෝධ කරගත්ත... මහා ප්‍රඥාවන්ත... මහා ලොකු එවුන් කියල පෙන්නගෙන හිටියට, 'මේ සංසාර ගමන හරිම භයානකයි!! පුළුවන් ඉක්මනට ජීවිතය අවබෝධ කරගෙන මෙතනින් නිදහස් වෙයං...' කිව්වම, ඒක පිළිගන්නේ නැතුව පෙරුම් පුරන්න තියාගත්තේ, කියන සිංහල වත් තේරෙන්නේ නැති මොට්ට බූරුවෝ නිසයි කියන එක දෙවිවරුන්ට රහසක් නෙවෙයි!!! !!! !!! ඒ කිසි කෙනෙක් ගොං සංඝයන්ගේ අහලකට වත් ආවේ නෑ!!! !!! !!! බුද්ධ වචනය don't care කරපු / කිලිටි කරපු එවුන් දිහා දෙවිවරු බලන්නේ වත් නෑ!!! !!! !!! දැන් ඉතින් ඒ කෙලවගත්ත අනාථයෝ, අපායේ ඉඳන් පෙරුම්පුරනවා... හැබැයි බුදුවෙන්න නෙවෙයි. දැන් පෙරුම් පුරන්න වෙලා තියෙන්නේ යමපල්ලන් ගෙන් බේරෙන්නයි!!! මොකද, 'ඇත්ත තේරුම් ගනින්... ජීවිතය අවබෝධ කරගනින්...' කිය කියා කට කැඩෙනකම් කිව්වත් ඒක නොකර 'අපේ බුදුං අපි වඳින්න... පෙරලි පෙරලි අපි වඳින්න...' කිය කියා පිළිම වලට වැඳ වැඳ හිටපු එවුන්ට, දැන් යමපල්ලෝ පෙරලා පෙරලා නෙළනවා!!!

බෝධිසත්ව කෙනෙක් පෙරුම්පුරන කාලේ තව ශෝක් වැඩක් වෙන්න පුළුවන්... මොකද්ද දන්නවද?? බැරිවෙලා වත්, බෝසතානන්වහන්සේ හැටියට පෙරුම් පුරාගෙන එනවා කියල රැවටිලා හැදෙන සත්ව පිරිසෙන් එක්කෙනෙකුට හරි පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අහල අවබෝධ කරගන්න ලැබුණා නම්... 'සත්‍යය' දකින්න ලැබුණා නම්... එතකොට ඒ (බෝධි)සත්වයාගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්... 'අරහත්වයට' පත්වෙලා... පිරිණිවන් පානවා!!! එතකොට බුදුවෙන්න පෙරුම් පිරිල්ල 'හබක්' වෙනවා!!! එතනින් එහාට මුළු බෝධිසත්ව පිරිවරම ඉවරයි!!! ඇයි ඉතින් පිරිණිවන් පැවයින් පස්සේ ඒ 'පන්චුපාදාන්ස්කන්ධය' නැතුව යනවා මිසක්, ඒකෙන් ආයේ තවත් සත්වයෙක් හැදෙන්නේ නෑ නේ?? එහෙම උනා නම් මල කෙලියයි... බුදුවෙන්න නියත විවරණ ලබල හිටියත්, ලෝකයට සම්මාසම්බුදු වරයෙක් පහලවෙන්නේ නැතුව යනවා!!! හැබැයි, සැබෑ ලෝකයේදී එහෙම දෙයක් සිද්ධවීමේ සම්භාවිතාවය / හැකියාව හරිම අඩුයි!!!

ඇයි දන්නවද?? උඹලා මේ බුද්ධෝත්පාද කාලයක... ශ්‍රී සද්ධර්මය අහන්න / කියවන්න තියන කාලෙක... ඉපදිච්ච එවුන් නිසා, මෙහෙම whole sale එකේ ධර්මය ලබන්න වාසනාවන්ත උනාට, ලෝකේ උපදින උපදින තරමක් එවුන්ට හැමදාටම මෙහෙම ධර්මය ලබන්න අවස්ථාවක් උදාවෙන්නේ නෑ!!! !!! !!! බුදුකෙනෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභයි!!! !!! !!! විපස්සී බුදුරජාණන්වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ කියන බුදුවරු දෙනම පහලවුනයින් පස්සේ කල්ප 30ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! එක සත්වයෙකුගේ සංසාර ගමන, කාන්තාර... වනදුර්ග... මුඩුබිම්... හරහා වැටිලා තියන හැතැම්ම දස දහස් ගාණක් දිග පාරක් කියල ගත්තොත්, ඒ පාරේ ගමන්කරන කෙනෙකුට යාන්තම් ගම්මාන මැද්දෙන් වැටිලා තියන හරියේදී light එළියෙන් පහසුවෙන් ආරක්ෂා කාරීව ගමන්කරන්න හැකිවුනාට, අනික් හැම තැනදීම light නැතුව තිත්ත කළුවරේ අනාරක්ෂිතව යන්න සිද්ධවෙනවා වගේ, සංසාරගත සත්වයෙකුට මේ එක බුද්ධ සාසනයක් ගිලිහී ගියොත් ආයේ බුද්ධ සාසනයක් මුණගැසීම අන්තීම දුර්ලභයි!!! !!! !!! ඔන්න ඔය නිසා, දුර්ලභව ලැබිච්ච බුද්ධ සාසනයක් උවමනාවෙන්ම මගහැරගෙන, ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිද්දීම බුදුවෙන්න ඕනෙයි කියල කෙනෙක් පෙරුම්පුරන්න තියාගත්තම, ආයේ එයාගෙන් පස්සේ හැදෙන රැලේ කෙනෙක් බුදුකෙනෙක් දකිනවා කියන්නෙත්, හරියට 'ස්වීප් එකක් ඇදෙනවා' වගේ තමයි!!! අනික බුද්ධ සාසනයක් මුණගැහිච්ච පලියට හැම එකාම ධර්මය අවබෝධ කරන් සංසාරෙන් නිදහස්වෙනවා කියල එකකුත් කොහොමටවත් නෑ!!! අනික, බෝධිසත්වයා හැටියට ඉපදිච්ච මනුස්සයා හිතන්නෙත්, 'මාත් මේ අහවල් බුදුකෙනාගෙන් නියත විවරණත් ලබාගෙන, අහවල් නමින් බුදුවෙන්න ඉන්න කෙනා නේ? මං මොකටද මේ වෙන වෙන අයගෙන් බණ අහන්නේ' කියල නේ?? ඒ නිසා, බුද්ධත්වය සඳහා පෙරුම්පුරන වැඩේට බැස්සයින් පස්සේ, ඒ හැදෙන පිරිවරෙන් අන්තිමේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තියන උත්තම පුරුෂයෙක් හැදිලා, බුද්ධත්වයට පත්වෙලාම වැඩේ ඉවරයක් දැක්කොත් මිසක්, අතරමැද්දේ බෝධිසත්ව කෙනෙක් හැටියට හැදෙන එක්කෙනක් වෙන බුදුකෙනෙකුගෙන් බණ අහල පිරිණිවන්පායි කියල හිතන්න අමාරුයි!!! (හැබැයි කරුමෙට හරි මං වගේ එකෙක් set වෙලා පෙරුම්පිරිල්ලට උදැල්ල දැම්මොත් නම් බෝධිසත්වයෙක් උනත් sorryම තමයි!!)

ඉතීන්... 'සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරමින් සසර සැරිසරාගෙන පැමිණි...' දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් හෙබි පින් උතුරන සිරුරක් ඇතුව ඉපදුනු... අප මහා බෝසත්, සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේත් ලෝකය අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී තමයි!!! !!! !!! බෝසතානන්වහන්සේ නමකගේ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙන්නේ... උන්වහන්සේටත් විද්‍යාව පහලවෙන්නේ... උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී මයි!!! එහෙම සම්මාසම්බුද්ධත්වයට පත්වෙද්දී තමයි භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන 'මොකද්ද මේ වෙලා තියන හරුපේ??' කියන බව දැනගත්තේ!!! ඒ බව උන්වහන්සේම, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි" (මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප‍්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.) කිය කියා ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශණා කරලා තියනවා, බොලා අහල / කියවලා නැද්ද??? ඇත්තටම, බුදුරජාණන්වහන්සේ නමකගේ ජීවිතයේ වැදගත් කාල පරිච්චේදය ආරම්භවන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!! !!! !!! උන්වහන්සේ පවා ලෝකේ ඇත්ත තත්වය අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා, දසබල ඥාණ / විශාරද ඥාණ පහලවුනයින් පස්සෙයි!!! !!! !!! උන්වහන්සේත්, 'සත්වයා සංකතයක්!!' 'උන් සංසාරේ යන්නේ නෑ!!' 'උන්ට සංසාරේ යන්නත් බෑ!!' 'සංසාර ගමන කියල සිද්ධවෙලා තියෙන්නේ / සිද්ධවෙන්නේ වෙනින් කෙහෙල්මලක්!!' කියන බව දැනගන්නේ එතකොටයි!!! !!! !!!
හැබැයි ඒ වටපිටාවේ ඉන්න පිරිස අතරේ ඉන්නේ තමුන්ට පියවි ඇහැට පේන මිනිස්සුයි / තිරිසන් සත්තුයි විතරක් නෙවෙයි!!! යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච වගේ 'පීචන්' සත්ව ජීවිත ලබල 'දුගතියේ' ඉපදිලා ඉන්න අය වගේම, තලාට / භූමාට / අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවිවරු දක්වා 'සුගතියේ' ඉපිද සිටින 'අදෘශ්‍යමාන සත්ව පිරිස' බොහෝමයි!!! !!! !!! හැබැයි මෙයින් බහුතරයක්ම, 99.999999999% විතරම, ජීවිතය අවබෝධ කරපු... 'සත්‍ය' දන්නා... අය නම් නෙවෙයි!!! පියවි ලෝකෙදි තමන්ට හිතවත් උදවිය, ඥාති මිත්‍රාදීන් තමන්ට / තමන් කරන කියන කටයුතු වලට උදව් උපකාර කරනවා... සලකනවා... හොඳ කියනවා... ආයේ, තමන්ට අහිතවත් උදවිය, ඉරිසියා කරන / හතුරුකම් කරන / වෛර බැඳගත් උදවිය තමන්ට / තමන් කරන කියන කටයුතු වලට බාධා කරනවා... වළක්වනවා... විනාශ කරන්න හදනවා... බණිනවා... බාල්දි පෙරලනවා / උදැල්ල දානවා... වගේම, මේ සංසාර ගත සත්වයන්ට 'අදෘශ්‍යමාන සත්වයින්' කරන කියන දේවලුත් කියලා ඉවරකරන්න බෑ!!! !!! !!! අතීතයේදී මොනයම් ජීවිතයකදී හරි තමන් එක්කම ආදරෙන් ඉඳලා දැන් 'සුගතියේ' ඉන්න අය බොහොම ටික දෙනෙක් විතරක් තමන්ගේ පැත්තේ / තමන්ගේ උපකාරයට ඉන්නවා!!! ඒ විදියටම ආදරෙන් හිටියට ජීවිතේ අනාගෙන 'දුගතියට වැටිලා' දැන් බොලට ඉරිසියා කරන, උන්ට නැති නිසා උඹල සැප විඳිනවා බලන් ඉන්න බැරුව වෛර බැඳගෙන ඉන්න එවුන් බොලාව කන්න බලාගෙන ඉන්නවා!!! අතීතයේදී හරි මේ ජීවිතේදී හරි තොපි කරපු බලු වැඩ හන්දා බැටකාල මැරිච්ච එවුන්, හෙණ ඈත අතීතයේ ඉඳල පලිගන්න බලාගෙන එන එවුන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා!!! කොහොම හරි, ගොඩ දෙනෙක් ඉන්නේ බොලාට කෙලින්න බලාගත්තු, බොලාව කන්න බලං ඉන්න එවුන් තමයි!!! !!! !!! හැබැයි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක්, කාටවත් මේ වටපිටාවේ උදවියගෙන්... 'third party' එකෙන්... තියන බලපෑමෙන් ගැලවෙන්න බෑ!!! !!! !!!

ජීවත් වෙන සත්වයන්ට අදෘශ්‍යමාන ජීවිත ලබල ඉන්න එවුන් කරන බලපෑම ගැන සිරාවට දැනගන්න ලැබුණොත්, තොපි ගල්වෙලා, වෙන මොන මොනවා හරි වෙයි... ඒ හන්ද ඔව්ව වැඩිය expose කරන්න අදහසක් නෑ!!! (බයවෙන්න එපා... දැන් 'ලොකු ලොකු එව්වෝ' ඔක්කොම වගේ බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ තමයි!!!) අපේ හාමුදුරුවෝ කිව්වා 'භූතයෝ' අම්මගේ බඩ ඇතුලට අතදාල, ඉපදෙන්න ඉන්න දරුවෝ පවා මරණ කතන්දර ගැනත්. ඉෂ්ඨ දේවතාවෝ සිහිකිරීමෙන්... පිරිත් කීමෙන්... බලාපොරොත්තු වෙන්නේ ඔය 'පොරවල්' ගෙන් ආරක්ෂා වීම තමයි!!! කර්ම විපාක හැදෙන විදිය කතාකරන්න ගියාම ටිකක් ටිකක් විතර දැනගන්න ලැබෙයි... බුදුහාමුදුරුවෝ, "සංසාර ගමන භයානකයි... පුළුවන් ඉක්මනට නිදහස්වෙන්න!!" කිව්වේ ඔය සේරම දැකලයි!!! !!! !!! ඒත් මේ case වලදී, 'තමන් හොඳ කෙනෙක්' නම්... තමන් 'ගුණයහපත් / අහිංසක / ධර්මානුකූල' කෙනෙක් නම්... මහා බලගතු, දීර්ඝායුෂ තියන, මහේශාක්‍ය දෙවිවරු තමන්ව බලාගන්නවා!!! තමුන්ව ආරක්ෂා කරනවා!!! තමුන්ගේ උපකාරයට එනවා!!! මොකෙකුටවත් කිට්ටුවෙලා තමුන්ට කරදර කරන්න... දුෂ්ඨ බලවේග වලට තමුන්ව විනාශ කරන්න දෙන්නේ නෑ!!! !!! !!! සංසාර පැවැත්මේදී සත්වයෙකුට යන්තම් හරි ආරක්ෂාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ අන්න ඒ විදියට තමයි!!!

දැන් මේ ජීවමාන බුදුකෙනෙකුගෙන් නියත විවරණ ලැබූ පින්වත් උත්තමයෙකුගේ පාරමිතා සම්පූර්ණ කරන්න කෙරෙන වැඩපිළිවලේදී, "මේ අහවල් බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබූ, අහවල් කාලයේ... අහවල් නමින්... බුද්ධත්වයට පත්වෙන පුද්ගලයා තමයි!!' කියලා දැනගන්නවටපිටාවේ ඉන්න අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවි පිරිස, නිතරම බෝසතානන්වහන්සේත් සමග ඉන්නවා!!! බෝසතානන්වහන්සේව රැකබලාගන්න, උන්වහන්සේව ආරක්ෂා කරන්න, ලඟින්ම රැඳෙනවා!!! ඒකෙන් දුගතියේ ඉපදිලා ඉන්න, බෝසතානන්වහන්සේට නරකක් / නපුරක් කරන්න බලන එවුන්ට, කිට්ටුවෙන්න... උන්වහන්සේගේ හිතට බලපෑම් කරන්න... ලැබෙන්නේ නෑ!!! ඉතින්, දුෂ්ඨ බලවේග වලින් බේරිලා ඉන්න ලැබෙන නිසා, සතර අපායට වැටෙනා තරමට බෝසතානන්වහන්සේගේ සිත දූෂණය වීම වැළකෙනවා!!! ඒ හන්දා බෝධිසත්ව කෙනෙක් අවිද්‍යාවෙන් ඉඳන් මැරුණා කියල හතර අපාය දක්වාම පල්ලම් බහින සත්තු හැදෙන්නේ වත්, වැඩපිළිවෙල කඩාකප්පල් වෙන්නේ වත් නෑ!!! !!! !!! හැබැයි, මුලදි මුලදී ඉපදෙන තරමක් බෝධිසත්වයෝ සුගතියේම 'මනුස්ස ලෝක / දිව්‍ය ලෝක වලම' ඉපදෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! මතකද අර ගැල් 500 කතාවේදී හරකෙක් හැටියට... නළපාන එකේදී වඳුරෙක් හැටියට... ආයේ, අලි / හංස / කිඳුරු වගේ සත්ව ජීවිත පවා ලබපු බෝධිසත්වයෝ ඉපදිලා හිටියා?? ඇයි ඒ??? බුදුවෙන්න, හරක් / වඳුරෝ හැටියට ඉපදිලා පුරන්නත් 'පාරමිතා' තියන නිසාද??? ??? ??? අනික ඒ වෙනකොටත් පටන්ගත්ත කෙළවරක් පෙන්නේ නෑ කියපු තරම් දුර ගෙවාගෙන, අනන්ත අප්‍රමාණ තිරිසන් ජීවිත ගතකරගෙන ඇවිල්ලත් නේ?? ඇයි මේ, බුදුවෙනවා කියල නියත විවරණ ලබලත් ආයේ තිරිසන් ජීවිත ලබල උපදින්න උනේ??? පව් නොකර පින්ම කර කර ඉඳලත් කොහොමද තිරිසන් සත්ව ජීවිත හැදුනේ???

ඔන්න ඔය තමයි මේ සංසාර ගමනේ භයානකත්වය!!! බුදුවෙන්න නෙවෙයි... මොන මගුලක් නිසාවත් මේ පැවැත්මේ මොහොතක් වත් රැඳී සිටීම කොහොමට වත් සුදුසු නෑ!!! !!! මේ ජීවිත වලට ධර්මයෙන් / කුසලයෙන් / පින්වලින් කියලත් පූර්ණ ආරක්ෂාවක් නෑ!!! !!! !!! මේ සංසාර ගමන මහා බෙල්ල කඩලා යන කතාවක්!!! විසිවෙලා... ඇදීලා... යනවා!!! කොහෙට විසිවෙයිද? කොහේ ඇදිල යයිද? කියන්න බෑ!!! !!! !!! හැබැයි ජීවමාන බුදුවරයෙකුගෙන් ලබපු නියත විවරණය නිසා කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුරේම ඉන්න ලැබෙන එකෙන්, බෝධිසත්වයෙකුගේ එහෙම විසිවෙලා / ඇදිලා යන ගතිය සැහෙන දුරට control වෙනවා!!! ඒ ගැන, "මීයෙකුට වඩා කුඩා සත්වයෙක් නොවී... අලියෙකුට වඩා ලොකු සතෙකු නොවී..." කියල බුදුරජාණන්වහන්සේම කියපු එකක් සෝම හාමුදුරුවොන්ගේ පොතකින් දැක්කා. ඉතින්, ඔන්න ඔහොම ආරක්ෂාවක් ඇතුව පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට කෙරීගන යනකොට නම් අකුසලකර්ම ක්ෂයවෙමින් කුසලකර්ම වැඩිදියුණු වෙන නිසා, මේ බෝධිසත්වයෝ සීමාව ඇතුලේ හරි කැලේ විසිවෙන එක පොඩ්ඩ පොඩ්ඩ ස්ථාවර වෙනවා!!! ඊළඟට ඉතින් දිගින් දිගටම හැදෙන්නේ මනුස්ස / දිව්‍ය ජීවිතම තමයි!!! එහෙම ගිහින් ගිහින් උපරිමයටම ගියාම වැඩේ හරි!!! හැබැයි ඔය උපදින තරමක් සත්වයෝ හැම එකාම / කෙනාම, ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යං කිච්චං න ලබති තම්පි දුක්ඛං... 'දුක් set' එකට අනිවාර්යයෙන්ම ගොදුරුවෙන්නත් ඕනේ!!! !!! !!! ඒ වගේම, මෙහෙම කොච්චරක් සත්වයෝ හැදි හැදී... මැරි මැරී... පෙරුම් පුරන වැඩපිළිවෙල දිගින් දිගටම සිද්ධ උනත්, වටපිටේ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිස සත්‍ය අවබෝධ කල උදවිය නොවන නිසා, සිද්ධවෙන සිදුවීම ගැන ඒ අයට කිසිම තේරුමක් නෑ!!! !!! !!!
ඔන්න ඔතනදි වෙන 'සීන්කෝන් එක' මොකද්ද කියන එක තමයි සියලු ලෝක සත්වයන් අනාගෙන තිබුණු / තියන කතාන්දරය!!! !!! !!! හැබැයි දැන් ඒක එලි කරලා සෑහෙන කල්!!! !!! !!! මං, 'සංසාරේ කුඩුකරනවා!!' 'සංසාරේ හුළං අරිනවා!!' කියල අඬබෙර ගහල කාරිය... බුද්ධ දේශණාවල් දෙකකින්ම කරුණු අරගෙන ගලපලා... හොඳ ලස්සනට පෙන්නුවා, මොකද්ද මේ 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන සිදුවීම කියන එක, බොහෝම පැහැදිලිව!!! !!! !!! ** උඹලා බකයෝ නිසා බැලුවේ / කියෙව්වේ නැත්නම්... උඹලා සංසාරය අනාගත්ත _කයෝ නිසා පෙනුනේ නැත්නම්... ඒක නම් මගේ upset එකක් නෙවෙයි!!! !!! !!! දැනටමත් සංසාරේ ගූ කරගෙන නැති එවුන් දැන් හරි බලාගනිල්ල, (12/09/2011 post එක). ආයේ මේ සත්‍ය සිදුවීම පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ ගත්තු උදාහරණේ ගැනත් මං කිව්වා, (03/18/2012 post එක). ආයේ බලලා මතක් කරගනිල්ලා!!! !!! !!! මේ... සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!! ආනන්තරීය පාපකර්ම / බලවත් පාපකර්ම වල result එක!!! !!! !!! පස්සේ කියල දෙන්නම්. කොහොම හරි, මං time passed කිව්ව / same quality පොරවල්ට දැන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! **

හරි! එතකොට මේ 'මතකයක්' විතරනේ සත්වයෙක්ගෙන් තවත් සත්වයෙකුට... ඒ සත්වයාගෙන් තවත් සත්වයෙකුට... හැටියට, දිගින් දිගට පැවතගන එන්නේ / යන්නේ!!! දැන් ඔය විදියට 'දෙවනියට හැදෙන කෙනා' පලවෙනි එක්කෙනාගේ තිබිච්ච මතකයට රැවටිලා, ඒ පාර එයත් "මං මේ අහවල් බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබාගෙන බුදුවෙන්න යන කෙනා නෙව... මං අකුසලයෙන් වැළකිලා කුසලයෙහිම යෙදෙමින් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ!!" කියල, පෙරුම්පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න එයාව දකින / එයාගැන දැනගන්න අනික් අයත් රැවටෙනවා "මේ අර බෝධිසත්වයානන්වහන්සේ නේ!!" කියල!!! හරිද?? ඔන්න ඉතින් බෝසතානන්වහන්සේගේ 'දෙවැනි ආත්ම භාවය' ගතවෙනවා!!! ඉතින්... මේ 'දෙවැනි සත්වයාත්' පෙරුම් පුරපුර හිටියට, එයාටත් තියෙන්නේ සීමිත ආයුෂක් නේ?? එයාගේ ආයුෂ ඉවරවෙච්ච ගමන් එයත් මැරෙණවා!!! එයත් එතනින් ඉවරයි!!! !!! !!! හැබැයි එයා මැරෙන්නෙත් අවිද්‍යාවෙන්ම මිසක්, 'මේ වෙන්නේ මොකද්ද?' කියල දැනගෙන නෙවෙයි නේ?? ඉතීන්... එයා මැරෙණකොටම තවත් සත්වයෙක් උපදිනවා!!! ආයිත් කලින් වතාවේ වගේමයි... උපදින 'තුන්වෙනි සත්වයාත්' රැවටිලා / 'සක්ඛාය දිට්ඨියට අහුවෙලා' පෙරුම් පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න අයත් කලින් වගේම, "ආ... මේ අර බෝධිසත්වයා නේ!!" කියල රැවටෙනවා!!! හරිය??? හැබැයි මේ කතාන්දරය දිගින් දිගට යද්දී, හැදෙන හැදෙන සත්වයෝ අකුසලයෙන් වැලකෙමින් කුසලයේම යෙදෙන නිසා, ඉස්සරහට යන්න යන්න සිද්ධවෙන්නේ සිටිනවාට වඩා පිණින් වැඩි / පවින් අඩු සත්වයින් සකස්වීම / ඉපදීම තමයි!!! !!! !!! නිකම්, බැලුමක් පුම්බනවා / tyre එකකට හුළං ගහනවා වගේ, 'සත්වයන්ට පින් පුරවන' මේ කතාන්දරය අවසාන වෙන්නේ සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනක් හැදිලා... අර කලින් කියපු කාලසීමාවල් සම්පූර්ණ වෙලා... පින් උතුරන, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇති සත්වයා ඉපදිලා බුදුවුනාම තමයි!!! !!! !!! ඔන්න ඕක තමයි පෙරුම්පිරිල්ලේ ඇත්තම ඇත්ත කතාන්දරය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ... මෙන්න මේ පෙරුම්පුරන කතන්දරේදී, තව මරු ආතල් 'joke case' එකකුත් සිද්ධ වෙනවා!!! දැන් ඔය වැඩපිළිවෙල officially, ඒ කියන්නේ නියමාකාරයෙන් පටන් ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබාගෙනයි!!! !!! !!! ඒ මොකවත් නැති නිකම්ම නිකම් 'බයියෙක්' අපි හිතමු, 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පෙරුම්පුරල පුරලා බුදුවුනා!!' කියල අහපු ගොං සංඝයෙකුත්, "මාත් පෙරුම්පුරලා බුදුවෙන්න ඕනේ!!" කියල පෙරුම්පුරන්න තියාගත්තොත් මක්ක වෙයිද??? වෙන මොකුත් වෙන්නේ නෑ... 'පුක්ක නෙති වෙනවා!!' එච්චරයි!!! !!! !!! ඇයි ඉතින්, "මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනවා නේ?? මතක නැද්ද??? මං තෝරලා දුන්නනේ ඒ 'සීන්කෝන්' එකත් පැහැදිලිවම!!! මුළු ජීවිත කාලෙම සිල්රැක රැක හිටියත්... පින්කර කර හිටියත්... මහණවෙලා හිටියත්... වැඩක් නෑ!!! !!! !!! අඩුම ගණනේ සෝතාපන්න වුනේවත් නැත්නම්, කතාකරලා වැඩකුත් නෑ!!! !!! !!! (04/09/2012 post එක). මෙච්චරට අනතුරුදායක සංසාර පැවැත්මේදී, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලැබූ බෝධිසත්වයානන්වහන්සේ නමකගේ පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල පමණක් සාර්ථක වෙන්නේ, ඒ බුදුරජාණන්වහන්සේගෙන් ලැබෙන නියත විවරණයත්... සක්ඛාය දිට්ඨියෙන් රැවටිච්ච සත්වයා නිසා වටපිටාවේ ඉන්නා අය රැවටීමත්... කියන කරුණු දෙක නිසයි!!! !!! !!!

දැන් බලන්න සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබූ අවස්ථාව. සුමේධ තාපසතුමා ඒ ජීවිතයේදීත් මහා පින් බලයක් තිබුණු... ප්‍රඥාවන්ත... පරහිතකාමී / පරාර්ථකාමී... උතුම් මනුෂ්‍යයෙක්!!! !!! !!! අර... තමන්ගේ මෑණියන්ව කර උඩ තියාගෙන පීනලා, ඒ මෑණියන්ගෙන් "පුතේ උඹ බුදුවෙයන්!!" කියල විවරණ ලබාගෙන, ඒ වෙනකම් පැවතගෙන ආව චරිතයක්!!! !!! !!! (ඒ වෙලා තියෙන seen එකත් දැන් ඔයාලට තේරෙණවා ඇති නේ??) නිකමට හරි, දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ඇහුවානම් අනිවාර්යයෙන්ම අරහත්වයට පත්වෙලා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පාන තරම් හොඳ ප්‍රඥාවන්ත කෙනෙක්!!! !!! !!! 'තමුන් වගේ පරහිතකාමී... පරාර්ථකාමී... පුද්ගලයෙක් තනිවම සංසාර දුකෙන් නිදහස් වීම සුදුසු නෑ... ලෝකයේ බුදුකෙනෙකුන් නැති කාලෙක බුද්ධත්වයට පත්වෙලා, තව බොහෝ පිරිසක් සංසාර දුකින් නිදහස් කරගෙනම නිදහස් වෙන්න ඕනේ!!' කියලා, මහා කැප කිරීමක් කල උත්තම මනුෂ්‍ය රත්නයක්!!! !!! !!! ඔය සේරටමත් වඩා, දීපංකර බුදුරජාණන්වහන්සේ, තමන්ට ඒ වෙනකොට තිබෙන පින් බලය... තමන්ගේ චරිතය... තමන්ට ඒ අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගන්නට ඇති හැකියාව... සේරම බුදු නුවණින් විමසලා බලලා, 'අහවල් කාලේ අහවල් නමින් බුද්ධත්වයට පත්වෙනවා!!' කියල නියත විවරණයක් දුන් කෙනෙක්!!! !!! !!! (හරියන්නේ නැති වැඩකට අතගහන්න හැදුව නම්, දීපංකර බුදුරජාණන්වහන්සේ නියත විවරණ දේවිය??) ඔන්න ඔය සේරම, වටපිටාවේ ඉන්න උදවියත් දන්නවා / දැනගන්නවා!!! !!! !!!
ඉතාමත් කලාතුරකින් ලෝකෙට පහලවෙලා, මේ සත්වයින් සකස්වෙන වැඩපිළිවෙල 'පටිච්චසමුප්පාදය' ගැන සොයා දැනගෙන, ලෝකයාට හෙළිදරව් කරලා දෙන බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙත්, සෙසු ලෝක සත්වයින් වගේම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අනුවම ඉපදෙන තවත් එක් සත්වයෙක්ම තමයි!!! !!! !!! උන්වහන්සේ බෝසතානන්වහන්සේ නමක් හැටියට පාරමිතා සම්පූර්ණ කිරීමට සංසාරේ සැරිසරාගෙන යන කාලය අතරතුරේදීත්... උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සියලු ලෝක අවබෝධ කරගත් ජීවිතයේදීත්... මේ දැනුත්... ස්වභාවධර්මයෙන් නම් සිදුවන්නේ, හැමදාටම හැම සත්වයෙක් සම්බන්ධයෙන්ම සිදුවන එකම වැඩපිළිවෙලම තමයි!!! !!! !!! ඒත්, පාරමිතා සම්පූර්ණ කරන බෝසතානන්වහන්සේ නමක් කියන්නෙත් 'අවිද්‍යාව' දුරුවෙච්ච... 'විද්‍යාව' පහලවෙච්ච... ඒ කියන්නේ, පටිච්චසමුප්පාදයට අනුව 'සත්තු හැදෙන' නැත්නම් 'සත්ව ජීවිත සකස්වෙන' හැටි... පුනරුප්පත්තිය කියල ඇත්තටම සිද්ධවෙන සිදුවීම... දැකපු / අවබෝධ කරගත්තු කෙනෙක් නෙවෙයි!!! !!! !!! ඇත්තටම නම් බෝසතානන්වහන්සේ නමත් සාමාන්‍ය සත්වයෙක්ම තමයි!!! බෝසතානන්වහන්සේ නමකගෙයි, සාමාන්‍ය සත්වයන්ගේ අතරෙයි තියන ප්‍රධාන වෙනස, සෙසු සියලු ලෝක සත්වයෝ සංසාරේ අනාගෙන... කර්මානුරූපව ඉපදෙන මැරෙණ නන්නත්තාර ගමනක යෙදිලා ඉන්න අතරවාරේ, බෝසතානන්වහන්සේ නමක් සාමාන්‍ය සත්වයින් කාටවත් නොලැබෙන, 'බාහිරින් ලැබෙන' සුවිශේෂී ආරක්ෂාවක් / රැකවරණයක් ඇතුව, ස්ථිර අධිෂ්ඨානයකින්... ඒකායන අරමුණකින්... සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ඉලක්කයකට යන ගමනක යෙදී සිටින සත්වයෙක් වීම පමණයි!!! !!! !!!

හැබැයි, ඇත්තටම නම් බෝසතානන්වහන්සේ නමක් සසර සැරිසරමින් පාරමිතා සම්පූර්ණ කරලා සම්මාසම්බුද්ධත්වයට පත්වෙනවා කියන එකේදී වෙන්නෙත්, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබලා... බුද්ධත්වය අධිෂ්ඨාන කරගන... 'එක සත්වයෙක්' පෙරුම්පිරීම ආරම්භ කළායින් පස්සේ, අසංඛ්‍ය 4ක් / 8ක් ඒත් නැත්නම් 12ක් කල්ප වලිනුත් ලක්ෂයක් වගේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හැදෙන, ඉපදෙන මැරෙන සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනකින්... 'සත්වයෝ වැලකින්...' අන්තිමට හැදෙන, පින් උතුරන... දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින... මහා වාසනාවන්ත... මහා ප්‍රඥාවන්ත... මහා තේජාන්විත... මහා බලවත්... 'උත්තම පුරුෂයෙක්' සම්මාසම්බුද්ධත්වයට පත්වීම තමයි!!! !!! !!! උඹලා හිතාගෙන හිටියේ මේ එක්කෙනෙක්ම සංසාරේ පෙරුම් පුර පුර... පුපුර පුපුර... ආව කියලද??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ටික නම් හිතාගෙන හිටියේ එහෙම්මම තමයි!!! !!! !!! ඒකනේ උං පෙරුම්පුරන්න තියාගත්තේ!!! තොපිටත් 'පෙරුම්පුරපිය!!' කිව්වේ!!! කාලකණ්නි හැත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලස්සනම වැඩේ තියෙන්නේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාර ගමන හරීම භයානකයි!! නැවත නැවත ඉපදීම නම් දුකක්මයි!! මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! පැවිදි කෙනෙක් නම් අරහත්වයටම පත්වෙන්න!! ගිහිකෙනෙක් නම් අනාගාමීවත් වෙන්න!! සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!!" කිය කියා කට කැඩෙනකම්ම කියපු එක, "ඔව්ව ඔහොම හදිස්සියට කොරන්න බෑ... ඔව්වට පිං හුඟාක් ඕනේ... පෙරුම්පුරල ඉන්න ඕනේ... පෙරුම්පුරල වරෙල්ලා..." කියල කතාව 'එහෙම්පිටින්ම කණපිට' ගහපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ** චැඃ... මං හිටියේ නැහැනේ ඔය කාලකණ්නි රැල 'සාසනය කකා' පණපිටින් හිටපු කාලේ... හරී දුකයි!!! මේ මෑතකදී ඉඳන් උදේට උදේට radio එකේ 'හිත නිවන බන' කතන්දරක් යනවා. පරණ හොඳ හාමුදුරුවරු කිහිපදෙනෙක් ගෙන් ඇත්තටම 'බුදු බණ' තියන වැදගත් දේශනාත් අහන්න ලැබුණ... හැබැයි වැඩිපුරම යන්නේ / ඇහෙන්නේ 'ගොං සංඝයන්ගේ හිත නිවන පුක පත්තුකරන බන' තමයි. ඒවයින් තමයි මාත් මුන්ගෙ කතන්දර ගොඩක්ම දැනගත්තේ. කලින් අහල තිබ්බේ නෑ!! (වේලපහම එව්වා ඇහුව නම් අපිට කෙළවෙන්නත් ඉඩ තිබුණා) හැබැයි එව්වා ඇහුව එකෙන් ගොං සංඝයෝ, රූප දාන / සද්ද දාන / ගන්ධ දාන / රස දාන / පොට්ටබ්භ දාන කියල 'දාන වර්ග' වගයකුත් 'හඳුන්වලා දීල' තියන බවත් දැනගන්න ලැබුණා!!! අම්මපා... මං හිටියා නම්, 'සද්ද දාන / පොට්ටබ්භ දාන' දෙකම එකට එකතු කරලා, දෙනවා කණ පැලෙන්නම!!! !!! !!! ** අපරාදේ... උං අහිංසක මිනිස්සු කෝටි ගාණක් අනාථ කළා!!! !!! !!! මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවටත් වඩා බොහෝම දුර්ලභව ලැබෙන ක්ෂණ සම්පත්තියක් ඇතුව ඉපදිච්ච අහිංසක මිනිස්සු කෝටි ගණනකට, 'සංසාරෙන්' නිදහස්වෙන්න නොදී, උන්ව 'සංසාරෙටම' ඇදල දැම්මා!!! !!! !!! දැන් ඒ කාලකණ්නි රොත්ත බුරුත්තම අපාගතවෙලා හොඳ සැපට විඳවනව. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා ධර්මය අධර්මය කරන්න දඟලන එවුන්ට සිද්ධවෙන දේ!!! !!! !!!

මං උඹලට මේ පෙරුම්පිරිල්ලේ කතාව හොඳටම තේරෙන්න, උඹලව ටිකක් deep ගෙනියන්නම්...

මේ සත්ව ජීවිත වල කතාන්දරය තනිකරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කර්ම ශක්තිය' කියල අඳුන්වලා දීපු පින් / පව් මත රඳා පවතින දෙයක්!!! !!! !!! ** 'පොඩි' case එකක් මං කර්ම / කර්ම විපාක ගැන කියල දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! එතකොට හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! ('කර්ම' කියන්නේ හරි ශෝක් මාතෘකාවක්!!! bite එකට ගත්තම, බොන්නත් පුළුවන් හොඳට) ** මේ විශ්වයේ හැදෙන සත්ව ජීවිත වලින්, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව හැදෙන උත්තම පුරුෂයෙක් කියන තත්වය (level එක) තමයි උපරීම... පින් උතුරන... මට්ටම!!! !!! !!! එක්කෝ සක්විති රජ කෙනෙක් බවට... එක්කෝ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කෙනෙක් බවට... පත්වෙන්න පුළුවන්, එහෙම උපරීම... පින් උතුරන... මට්ටමේ ජීවිතයක් ලබන කෙනෙකුට තමයි!!! !!! !!! හැබැයි, මේ උපරීම මට්ටමේ ජීවිතයක් හැදෙන්න උවමනා කරන මහා පින් බලය ගොඩනගාගන්න එක, තනි සත්වයෙකුට තමාගේ ජීවිත කාලය තුලදී කොහොමට වත් කරන්න බෑ!!! !!! !!! ඒ ගතවෙන කාලය බුදුහාමුදුරුවෝ කිව්වා, 'බෝධිසත්ව චරිතය' ක්‍රියාත්මක වන ස්වභාවය මත... ඒ කියන්නේ, 'බෝධිසත්වයාණන් වහන්සේ' ශ්‍රද්ධාධික කෙනෙක්ද? ප්‍රඥාධික කෙනෙක්ද? වීර්යාධික කෙනෙක්ද? කියන එක අනුව... සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ ඉඳල දොළොස්සංඛ්‍ය කල්ප ලක්ෂය දක්වා වෙනස් වෙන මහා දීර්ඝ කාලයක් බව!!! !!! !!! (වේගය අනුව යම් දුරක් යාමට ගතවෙන කාලය අඩු / වැඩි වෙනවා වගේ!) ඒත් සත්වයෙකුට, විශේෂයෙන් මනුස්සයෙකුට තියෙන්නේ සීමිත ආයුෂක් විතරයි නේ?? ඉතින්... පෙරුම් පුරන්න කියලා පටන්ගත්තට, වැඩේ පටන් ගත්ත පලවෙනි 'බෝධිසත්වයා' බොහෝම ටික කාලෙකින්ම මැරෙණවා!!! !!! !!! හැබැයි එහෙම පෙරුම් පුරන්න ගිහින් මැරෙණ කෙනා මැරෙන්නෙත් අවිද්‍යාවෙන්ම මිසක්, ජීවිතය අවබෝධ කරගෙන 'ඇත්ත දැකල' නෙවෙයි නේ??? ඉතින්, ඒ සත්වයා මරණයට පත්වෙනවත් සමගම තවත් සත්වයෙක් හැදෙනවා / උපදිනවා!!! !!! !!!

Tuesday, April 24, 2012

මේ තාක් කාලයකට විශ්වයේ කොහේ කොයි ලෝකෙක උනත් 'සත්වයෙක්' හැදුනානම් හැදුනේ / ඉපදුනානම් ඉපදුනේ, ස්වභාවධර්මයෙන්ම සකස්වෙච්ච ස්වභාවික වැඩපිළිවෙලට, 'පටිච්චසමුප්පාදයට' අනුවයි!!! මින් ඉදිරියට තව කොච්චර කාලයක් ගතවුනත්, විශ්වයේ සත්වයෝ හැදෙනවානම් හැදෙන්නෙත් / උපදිනවානම් උපදින්නෙත්, ඒ 'පටිච්ච සමුප්පාද' නැත්නම්, 'හේතුවක් නිසා ඵලයක් හටගන්නා' වැඩපිළිවෙලට අනුවම තමයි!!! මේ වැඩපිළිවෙල විශ්වයේ හැමදාටම සිද්ධවෙන දෙයක්!!! ආර්ය සත්‍යයක්!!! !!! !!! කිසිදා වෙනස් නොවන, ස්ථිර / සදාකාලික සිදුවීම් මාලාවක්!!! හැබැයි, සාමාන්‍ය දෙවි / මිනිස් කාටවත් තමන්ටම හොයල මේ වැඩපිළිවෙල ගැන දැනගන්න... නැත්නම්, තමන්ටම හොයල තමන් හැදුනු / ඉපදුනු හැටි දැනගන්න... පුළුවන් කමක් නෑ!!! !!! !!! සාමාන්‍යයෙන් නම් ඉපදෙන මොකෙක්වත් ඔව්ව හොයන්න යන්නෙත් නැහැ තමයි. හැම එකාම ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න... කරදරයක් නැතුව, පහසුවෙන් / හොඳින් ඒ ජීවිතේ ගතකරන්න... ඉන්න ටිකේ පුළුවන් තරම් සැප විඳින්න... දඟලනවා මිසක්, උන්ගෙ ජීවිත වල ඊට වඩා වැදගත් මොකවත් ඇත්තෙම නෑ!!! අහම්බෙන් හරි 'මොකද්ද මේ ජීවිතේ?' 'මොකද්ද මේකේ තේරුම?' 'ඇයි අපි ඉපදුනේ?' 'කොහොමද අපි ඉපදුනේ??' 'මොකද්ද මේකේ අවසානය??' කියල හිතුනොත්, ඒ බොහොම කලාතුරකින් ඉපදෙන, දුර්ලභ ගණයේ බුද්ධිමත් / ප්‍රඥාවන්ත කෙනෙකුටම විතරයි!!! හැබැයි කලාතුරකින් කෙනෙකුට එහෙම හිතිලා ජීවිතේ ගැන හොයන්න තියාගත්තත් 'මේ මගුල කොහොම පටන්ගත්තද??' 'අන්තිමට මොකක් වෙනවා ඇත්ද??' කියල කල්පණා කරන්න ගියොත් නම් සිද්ධවෙන්නේ, පියවි ඇහින් දකින්න බැරි, කණින් අහල / අල්ලලා අතපතගාල දැනගන්න විදියක් නැති කතන්දරයක් ගැන, 'දෙයිය මවන්න ඇති...' 'එයා ගාවටම යනවා ඇති...' 'ස්වර්ගෙට යනවා ඇති...' වගේ 'උපකල්පණ' තොගයක් හදාගෙන, පිස්සු නටන්න විතරයි!!! !!! !!! තමන්ම ඕවා ගැන කල්පණා කරන්න නොගියත්, කොහොමත් මිනිස්සු හැටියට උපදින උපදින තරමක් එවුන්ට ඇත්තටම සිද්ධවෙන්නේ, එක එක පිස්සෝ කියපු 'පිස්සු කතන්දර' අහල / කියවලා අනාථ වෙන්නම තමයි!!! !!! !!!

ඇත්තටම මේ සත්ව ජීවිත කිසිම තේරුමක් නැති නිෂ්පල දෙයක්... නිකම්ම නිකම් 'විඳවිල්ලක්' විතරයි!!! ඇත්තටම නම්, ලෝකේ ජීවත්වෙන තරමක් සත්වයන්ගේ වත්, උන් කරන කිසිම දේකවත්, කිසිම හරයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොයාගන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!!" කියලයි. මොකද කෙහෙල් ගස්වල 'අරටු' නෑ!!! ඉතින් කොච්චර හෙව්වත් ලැබෙන්නේ නෑ!!! මේ ඉන්න තරමක් සත්වයෝ... උන් කරන තරමක් දේවල්... සේරම තාවකාලිකයි!!! !!! කොච්චර දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන උපාධි පට්ටම් කොච්චර ගත්තත් ඒවායේ වටිනා කම අවුරුදු 80-100කින් ඉවරයි... මහා ජරමරයක් කරලා වාහනයක් එහෙම ගත්තට අවුරුදු 100-150කින් ඉවරයි... ගෙයක් දොරක් හැදුවොත් අවුරුදු 200-250ක් යනකොට ඒවා සේරම ඉවරයි... වැව් / දාගැබ් කරලා රටේ මහා සංවර්ධනයක් කෙරුවත් අවුරුදු 3000-4000ක් යනකොට එව්වත් ඉවරයි... විද්‍යාවේ දියුණුවෙන් ලෙඩ වලින් / හදිසි අනතුරු වලින් මැරෙන්න යන එවුන්ගේ ජීවිත බේරගත්තට, ආයුෂ ඉවරවෙලා උන් මැරෙන්න යනකොට 'අනේ... අපොයි!' විතරයි!!! විද්‍යාවේ / තාක්ෂණයේ උපකාරය නිසා මොන ජරමරයක් කරලා හරි මැරෙන්න යන එකෙක්ව තව දවස් 2-3කට හරි ජීවත් කරගත්තත්, ආයුෂ ඉවරවෙලා ඌ මළාම, ඒ දඟලපු දැඟලිලි සේරම... කරපු කියපු සේරම... 'වතුරේ ගියා' වගේ තමයි!!! ඉන්නකම් පහසුවෙන් ඉන්න... ලස්සනට ඉන්න... හොඳට ඉන්න... සුඛෝපභෝගීව ඉන්න... සමාජයේ ඉහලින් වැජඹෙමින් ඉන්න... 'ආතල් එකේ' ඉන්න... ගිහිල්ලා මැරිලා හුණෙක් / කැරපොත්තෙක් / ගැඩවිලෙක් / මීයෙක් / මදුරුවෙක් උනාම... නැත්නම් බල්ලෙක් / බළලෙක්, ඒත් නැත්නම් මළපෙරේතයෙක් උනාම... මනුස්සයෙක් හැටියට කරපු මගුල් ඔක්කෝම ඉවරයි!!! !!! !!!

වැඩේ තියෙන්නේ, ඔය දේවල් කිසි එකක් තොට / තොපිට ඕනේ ඕනේ විදියට පාලනය (control) කරන්න බැරි කමයි!!! !!! !!! ඒකෙත් ලස්සනම වැඩේ තියෙන්නේ, දෙයක් උඩට උස්සලා අල්ලන් හිටියට, අතහැරුණු ගමන් බිමට වැටෙනවා වගේම, මේ සංසාර කතාවේදී සත්වයෝ ඉන්නෙත් අපායට (බිමටම / පතුලටම) වැටෙන ස්වභාවයෙන් වෙච්ච එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! හැම එකාම ඉන්නේ, දැන් වැටෙයි... දැන් වැටෙයි... වගේ තමයි!!! !!! !!! උඹ යන්න ඕනෙත් නෑ...සංසාර අනතුරෙන් නිදහස් වෙනකම් සිද්ධවෙන්නේ, ස්වභාවධර්මයෙන් / Nature එකෙන් තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා අදාළ තැන්වලට ඔබනවා වගේ තමයි!!! !!! !!! අනික් එක, සැරයක් පතුලටම ඇදන් වැටුණාම, ආයේ මනුස්ස ජීවිතයක් ලබන්නත් කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනකම් ඉන්න ඕනේ!!! :) තොපිට තේරුණාද?? ඒ කියල තියෙන්නේ, 'අන්තීම අමාරුයි!!' කියන එකයි!!! ඉතින්, මේ 'සංසාර ගමන' කියන එකට අහුවෙලා ඉන්නකම් තොපිට වෙන්නේ, බොහොම සුළු කාලයකට මිනිස්සු... හෙණ කාලෙකට පෙරේතයෝ... ඊටත් වඩා හෙණ කාලෙකට සත්තු... මහා 'දාර' කාලෙකට 'කල්ප කාලාන්තරයකට' නිරිසත්තු... හැටියට, විඳව විඳව ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණාද??? එහෙනම්, සංසාර ගමනේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසාත්, මේ පටලැවිල්ල ලිහාගන්න... සංසාර ගමන නතරකරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... හැකියාවක් ලැබෙන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබල, ඒ ජීවිතයේදීම ශ්‍රී සද්ධර්මයත් අහන්න අවස්ථාවක් ලැබුණොත් විතරක් නිසාත්,'මනුස්සයෙක්' හැටියට ඉපදිච්ච තොපි හැම එකාම ඉස්සෙල්ලාම කලයුතු වැදගත්ම / හරවත්ම එකම දේ, 'ධර්මය' නැත්නම් 'පරම සත්‍යය' අවබෝධ කරගෙන, සංසාර කතාව අවසන් කරගෙන... සංසාර අනතුරෙන් නිදහස් වෙලා... 'වලෙන් ගොඩට ඇවිල්ලා' ඉන්න එකයි!!! !!! !!!

ඊළඟට / ඊට පස්සේ, වටේ පිටේ ඉන්න හැම එකාටම මේ ගැන කියල දීපල්ලා!!! ඉගෙන ගන්න එවුන් ඔලුගෙඩිය පැලෙන්නම ඉගන ගනිල්ලා!! උපාධි පට්ටම සේරම ගහලා, ලොකු ලොකු පොරවල් වෙයල්ලා!! හැම එකාම යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳගෙන, ළමයි දුසිම් ගණන් හදපල්ලා!!! හදල උන් හැම එකාටම මේ 'ඇත්ත' පොඩිකාලේ දීම කියලා දීල, උන් හැම එකාවම සංසාර අනතුරින් නිදහස්වෙන තැනට කටයුතු කරහල්ලා!!! !!! !!! හැබැයි තොපි වැඩේ අනාගත්තොත්, සංසාරේ ගූ කරගත්තොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරු නොවෙන බවත් හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටම ඒක කරගත්ත 'පකයෝ' (ප්‍රසිද්ධියේ හරි අප්‍රසිද්ධියේ හැංගිලා හරි අපේ හාමුදුරුවොන්ට / මට බැණපු... 'අපි වැරදියි' හැටියට දැකපු... බාධා කරපු / මඩ ගහපු / අවමන් කරපු / crash වෙච්ච හැම එකාම) ගැන කතාවක් අවශ්‍ය නෑ. අනික් මේ ඉන්න තරමක් එවුන් හැම එකාමත් මනුස්ස ජීවිත ලබලා හිටියට තවමත් ඉන්නේ සසර අනතුරේම නිසා, උන් මේ ජීවිතය අවසාන වෙන්න කලින් සංසාර අනතුරෙන් ආරක්ෂාවෙන්න අවශ්‍ය මූලික පියවර වත් සම්පූර්ණ කරගත්තේ නැත්නම්... 'සෝතාපන්න' එහෙම නැත්නම්, පටිච්චසමුප්පාදයට අනුව තමන් ඉපදෙද්දීම වෙලා තියන case එක දැනගෙන, ඒ තමන්ට අදාළ නැති පරණ මතකයන්ට රැවටෙන්නේ / මුලාවෙන්නේ නැති කෙනෙක් බවට පත්වුණේ නැත්නම්... වෙලාව ඉවර වෙනකොට උන්ගේ 'බෙල්ල ගහල යන' නිසා, තොපි දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් පිළිගනීද? විශ්වාස කරාවිද?? උඹලටත් බැණුම් අහන්න වේවිද??? ඒ කිසි එකක් care කරන්න එපා!!! මොන බාධක ආවත් ඒ ඕනෙම එකක් බිඳගෙන ගිහිල්ලා තමන්ගේ යුතුකම / වගකීම ඉටුකරන එක තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවන්ගේ ලක්ෂණය!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Do you understand?
මේක live thread එකේ කෙනෙකුට විශේෂයෙන් ලිව්ව එකක්. ඒත් වැදගත් points ටිකක් මේකේ ලිව්වා!! ඒ නිසා හැමෝම බලාගන්න...

මේ... ඇත්තටම නම්, 'අපි කරන වැරදි වැඩ නිසා ඊළඟ භවයේ අපායට යන්නෙත් වෙන එකෙක්ද? දඬුවම් විඳින්නෙත් වෙන එකෙක්ද?' කියල ඇහුවොත් ප්‍රශ්ණේ වැරදියි!!! සත්වයෙක් කියන්නේ සන්කතයක්!!! !!! !!! උන් ඉපදිලා... කාලයක් ජීවත් වෙලා... මැරෙණවා!!! එච්චරයි!!! !!! !!! උන්ට 'භව ගමනක්' කියල එකක් නෑ!!! !!! !!! ඔන්න ඔයබව, 'අනිත්‍ය / දුක්ඛ / අනාත්ම' බව නොදන්නා එක, 'අවිද්‍යාව' තමයි මේ ජීවිත කතාවේ foundation එක!!! !!! !!! පණ යනකම් බණ ඇහුවත්... ධර්මයේ හැසිරුනත්... ලේසියෙන් කෙනෙක් මේ ඇත්ත කතන්දරේ හරියට තේරුම් අරන් සංසාර දුකෙන් ගැලවෙන්නේ නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... මරණින් මතු සුගතියකට හරි යන්නේ..." කියල කිව්වේ ඒකයි!!! !!! !!! නැත්නම් එහෙම කතාවක් කියන්න උන්වහන්සේට පිස්සු නෑ... උන්වහන්සේ ඇත්තටම වෙන සිද්ධිය තමයි ඒ කිව්වේ!!! !!! !!!

ඔයාලගෙයි මගෙයි අතරේ gap එක අහසට පොලව වගෙයි... ඒත් මේ සංසාර අනතුරේ තියන භයානක කමේ හැටියට, මට කිසි එකෙක්ව loss වෙන්න හරින්න බෑ!!! !!! !!! ඒ නිසා, 'සංසාර කතාව' මෙතැනින්ම කුඩේ කුඩුවෙලා යන්න maximum bias කරලා, බණ ඇහුවට ලේසියෙන් කෙනෙක් අල්ලගන්නේ නැති point එකට මං ඔයාලව බලහත්කාරයෙන් ඇදගෙන ආව නිසා, දැන් ඔයාල confuse වෙලා... excite වෙලා... අන්දුන් කුන්දුන් වෙලා... තුන් කුන්දුන් වෙලා... ඉන්නේ!!! !!! !!! ඒකේ අවුලක් නෑ... ගණන්ගන්න එපා!!! !!! !!! මෙහෙම නැතුව මොකෙක්වත් සංසාර දුකෙන් කවදාවත් නිදහස් වෙන්නේ වත් / නිදහස් කරන්න ලැබෙන්නේ වත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... මරණින් මතු සුගතියකට හරි යන්නේ..." කියල කිව්වේ සන්තෝසෙන් නෙවෙයි!!! !!! !!! ඒක උන්වහන්සේට ඒ කාලේ හැටියට කරගන්න දෙයක් නැති කමට, බොහොම දුකෙන් / කණගාටුවෙන් කියපු දෙයක්!!! !!! !!! 'මං ඒ situation එක invert කරනවා!!' කියල... 'මුළු ලෝකෙම එවුන් ගොඩ යන, නියපොත්තට ගන්න තරමේ චුට්ටකට විතරක් miss වෙන ගාණටම හදනවා!!' කියල... 'උඹලට සංසාරේ යන්න දෙන්නේ නෑ!!' 'දැන් උඹලට සංසාර අනතුරක් නෑ!!' කියල... වැඩේට අතගැහුවේ මොකුත් අසනීපයක් හන්දා එහෙම නෙවෙයි!!! මං වැඩේ නවත්තන්නේ උඹලව එහෙම්පිටින් ගොඩ දාල තමයි!!! !!! !!! බය නැතුව ඉන්න... මං සේරම clear කරලා දෙනවා!!! !!! !!!

ඇත්තටම මේ මාතෘකාව මෙච්චරට තුවාලයක් වෙලා තියෙන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ට හිතෙන හිතෙන බයිලා ගහලා... 'ධර්මය' වළඳලා... වැඩේ අච්චාරු කරලා තියන නිසයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා, උන්වහන්සේ කිව්වා, සාසනයට රිංගගන්න කාලකණ්නි ඔය විනාශය කරන බව!!! !!! !!! මං උන්ව තම්බන්නේ වත් නැතුව අමුවෙන්ම කන්න හදන්නේ ඒකයි!!! හැබැයි දැන් උන් කරපු කියපු කිසි දේකින් වැඩක් නෑ... මං ඒවා සේරම කුඩේ කුඩුකරලා දාල, උඹලට 'ඇත්ත' පෙන්නලා දෙනවා!!! !!! !!! උඹලට, 'මං සැරින් සැරේට එක එක දේවල් කියනවා' කියලා හිතෙන්නේ, 'සංසාරේ යන්න බැරි නම් අමුතුවෙන් අපායට යන්නේ කොහොමද?' වගේ ඒවා හිතෙන්නේ, තවම හරිහැටි ඒ 'ඇත්ත' අවබෝධ උනේ නැති නිසයි!!! !!! !!! ඒවා හිතන්න යන්න එපා... එතන case එක තියෙන්නේ, අපි Nature එකෙන් තියන බලපෑමෙන් නිදහස්වෙලා මේ ජීවිතය අවසන් වෙනකොට පටිච්චසමුප්පාදය break වෙන තැනට කටයුතු කලේ නැත්නම්, Nature එක තව සත්ව ජීවිතයක් බලහත්කාරයෙන්ම හදන නිසයි!!! !!! !!! එහෙම තව ජීවිතයක් හැදෙන්න ඉඩ හැරියොත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ... 'පොලව පලාගෙන අපාගත වෙනවා!!' කිව්ව විදියටම වැඩේ සිද්ධවෙනවා!!! නැත්නම් 'නිදා පිබිදියා වගේ...' 'ශක්තිමත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ...' දිව්‍යලෝකේ උපදිනවා කියන එක සිද්ධ වෙනවා!!! හැබැයි දැන් කාලේ නම් කිසිම එකෙක්ගෙන් දිව්‍ය ජීවිත සකස්වෙන්නේ නෑ!!! !!! !!! මැරෙණ මැරෙණ එකාගෙන් හැදෙන්නේ පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත විතරයි!!! !!! !!! ඉතින් එහෙම හැදෙන්න හැරියොත්, කරන්න දේකුත් නෑ... අනේ අපොයි විතරයි!!! !!! !!! ඒ නිසයි පව් කරන්න එපා... පින්ම කරන්න... කියල තියෙන්නේ!!!

Tuesday, April 10, 2012


හරි! තව පොඩි case එකක් තියනවා... දැන් මේ බකයෝ ටිකක්, මාර ආතල් එකක් ගත්ත නේ මේ වැඩෙන්!!! මං මේක අල්ලලා දාල දුවයි කියල හිතල වෙන්න ඇති, දුන්න නේ දිගට හරහට!!! ෂෝක් comments දුන්නා... අම්බානට -ve reps දුන්නා... -ve ratings දාල දාල threads demote කළා... ඉතින් ඕං බලාගනිල්ලා ඒ 'ආතල් එකේ' results!!!

මෙන්න මේ, "සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති - සක්කායදිට්ඨි විචිකිච්චිතඤ්ච - සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි - චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡචාභි ඨානානි අභබ්බෝකාතුං" (සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!! ඔහු සතර අපායෙන් මිදෙනවා!! ඔහු නැවත අපායේ වැටෙන 6 ආකාර කර්ම වල යෙදෙන්නෙත් නෑ!!) කියන එකේ, 'සෝතාපන්න වෙච්ච කෙනා ආයේ හතර අපායේ වැටෙන පාප කර්ම කරන්නේ නෑ!!' කියල කෑල්ලක් තියනවා නේද?? දැන් ඇත්තටම නම්, සංසාර දුක තේරිලා... සංසාර බය දැනිලා... ඒ දුකින් නිදහස් වෙන්න මහන්සිගන්න අහිංසක / නිහතමානී මිනිස්සු නම් කොහොමට වත් පව් වැඩ වලට සම්බන්ධ වෙන්නේ නෑ!!! ඒත්, අපි හිතමු කිසිම අහිංසක කමක් / නිහතමානී කමක් නැති 'යකෙකුත්' මේ ඇත්ත කතන්දරේ දැනගෙන සෝතාපන්න උනා!!' කියල!!! ඌත් සෝතාපන්න වුනයි කියල ඉදිමෙන්න යන්නේ වත්... සෝතාපන්න වෙලා පව් කරන්න යන්නේ වත්... නෑ!!! !!! !!! මොකද හොඳටම දන්නවා ඌ නිදහස් වුනේ අතීත කර්ම වලින් විතරයි... ඉස්සරහට පව් වැඩ කලොත්, ඒ කර්ම විපාකවලින් නම් ඌට කොහොමට වත් බේරෙන්න ලැබෙන්නේ නෑ කියල!!! මොකද, නොදැන කල ඒවාට excuse එකක් ගන්න... ඒවායේදී හිත හදාගන්න... හරියටම කිව්වොත්, 'ඒ effect එක neutralize කරගන්න' තියෙන්නේ, "අනේ මං දැනගෙන උන්නේ නෑ!! දැනගෙන හිටියානම් කීයට වත් කරන්නේ නෑ!! දැන් නම් මගේ අතින් කීයටවත් ඒවගේ දේවල් වෙන්නේ නෑ!!"කියල, බොහොම යටහත්පහත් විදියට... අහිංසක විදියට... තමන් තමන්ට අවංකව කටයුතු කිරීමෙන් විතරයි!!! !!! !!!

ඉතින්, දැනගෙන / උවමනාවෙන්ම පව්වැඩ / බලුවැඩ කලාම??? අනික මුන් මේවා කලේ / කරන්නෙත්, warning කරද්දී කරද්දීත්... එපා!! කියද්දී කියද්දීත්, මුන්ගේ ලොකු කම පෙන්නන්න... මහන්තත්ත කමට... කොහොම හරි / by force උන්ට අවශ්‍ය දේ කරනවාමයි කියල නේ?? මුන් කොහොමද, "අනේ මං දැනගෙන උන්නේ නෑ!! දැනගෙන හිටියානම් කීයට වත් කරන්නේ නෑ!! දැන් නම් මගේ අතින් කීයටවත් ඒවගේ දේවල් වෙන්නේ නෑ!!" වගේ යටහත්පහත් / අහිංසක 'බබා පාර්ට්' දාන්නේ?? අනික, වෙන කෙනෙකුට නෙවෙයි... තමුන්ගෙම හිතට??? මතක නේ?? ඕනෙම එකෙකුට අන්තිමට ඉතුරුවෙන්නේ ඌයි උගේ හිතයි විතරයි!!! මාර ආතල් situation එකක් හැදෙනවා!! කර්ම ගැන explain කරනකොට තේරෙයි!!! ඉතින් උන්ට excuses මොකවත් නෑ!!! !!! !!! උන් අනිවාර්යයෙන් guilty විතරයි!!! !!! !!!

මේ කර්ම / කර්ම විපාක ගැන ඇත්තම ඇත්ත කතන්දරේ නම් කිසිම කෙනෙක් හීනෙකින් වත් හිතන විදියක කතන්දරයක් නෙවෙයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ නම් එහෙම්පිටින්ම දන්නවා!!! !!! !!! උන්වහන්සේ 'භවය' කියල තනි වචනෙන් කිව්වේ, technically explain / detail කරන්න මට posts 3ක් 4ක් ලියන්න වෙන තරම් සිරා, බරපතල කතන්දරයක්!!! මං ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ කියල දුන්නු 'ටිකෙන්' අල්ලන්න පුළුවන් උපරිමයටම අල්ලලා ඉවරයි!!! !!! !!! ලෝකේ කිසි කෙනෙක් ඕවා මොන මගුලක් වත් දන්නේ නෑ... ඔක්කොම පුස්සෝ විතරයි!!! !!! !!! හැබැයි මං සේරම කියල දෙනවා... ඒ දැනගත්තම තේරෙයි!!! මේ 'පරම සත්‍යය' / ධර්මයත් එක්ක එකඟ වෙන අයට මිසක් ඊට විරුද්ධ වෙන කාටවත් ස්වභාවධර්මයෙන් කිසිම ගැලවීමක් නෑ!!! !!! !!! "ධම්ම කාමෝ භවං හෝති - ධම්ම දෙස්සී පරභාවෝ" කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ, උන්වහන්සේ බුද්ධත්වය ලැබීම පිණිස යෙදුව වීර්යය... 'generate කල energy එක...' ගංගා නම් ගඟ වියළවා හැරීමට ප්‍රමාණවත්ය කියලයි!!! !!! !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේ, වහල දාලා තිබුන පරම සත්‍යය අවබෝධ කරගෙන ලෝක සත්වයින්ට ඇත්ත පහදලා දීල උන්ව නිදහස් කරන්න දරපු උත්සාහය, 'generate කල energy එක' හිතාගන්න වත් බෑ!!! !!! !!! මං ඒක මුළු ලෝකෙම එවුන්ට ආයේ වරදින්නේ නැති වෙන්නම අල්ලලා දෙන්න generate කල energy එක නම් lightning පරාදයි!!! !!! !!! මං දන්නේ එච්චරයි... against වෙච්ච / crash වෙච්ච අයට අබ සරණයි.

මට නම් දැන් ඕනේ පුළුවන් ඉක්මනට ලෝකේ රහතුන් වහන්සේලාගෙන් පුරවන්නයි!!! මෙතනින් එහාට ලෝකේ සෝතාපන්න නැති එවුන් නම් මොකෙක්වත් ඉන්නත් බෑ!!! !!! !!! ලොකු ලොක්කෝ ඒක ඒ විදියටම වෙන්න, මේක හැම භාශාවකින්ම ලෝකේ පුරාම ප්‍රචාරය කරන්න කටයුතු කරපියෝ!!! !!! !!!

උඹල දන්නවද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, විසාලා මහනුවර තුන් බිය දුරුකරන්න කරපු සත්‍යක්‍රියාව, 'රතන සුත්‍රය' ?? අර... 'අපෝ... ඕක කියන්න එපා!! භූතයෝ එනවා!!' කියල හුඟ දෙනෙක් පැත්තකට දාල තියන 'රත්නත්‍රයේ' ගුණ කියවෙන වටිනා බුද්ධ දේශණාව?? ** ඒ භූතයෝ එනවයි කියල ඔය සුත්‍ර දේශණාව මිනිස්සුන්ගෙන් ඈත් කල එකත් ගොං සංඝයින්ගේම වැඩක් මං හිතන්නේ!!! ** අන්න ඒ සුත්‍ර දේශණාවෙදි, "යේ අරිය සච්චානි විභාවයන්ති - ගම්භීරපඤ්ඤේන සුදේසිතානි - කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා - න තේ භවං අට්ඨමං ආදියන්ති" (ගැඹුරු ප්‍රඥාවක් ඇති බුදුරජාණන්වහන්සේ දේශණා කරන ලද 'ආර්ය සත්‍යයන්' මැනැවින් දුටු යමෙකුන් වේද, භවයේ රැඳී සිටිමින් කොපමණ 'ප්‍රමාද' උනත් ඔවුන් 8 වෙනි භවයක් කරා එන්නේ නෑ!!) කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වේ ඔන්න ඔය කාරණාව තමයි!!! !!! !!! ** දැන් ඉතින් ඔය බුදුරජාණන්වහන්සේ ගැඹුරු ප්‍රඥාවෙන් දේශණා කරපුවා තේරුම් ගන්න උඹලට ගැඹුරු ප්‍රඥාවක් නොතිබිච්ච එක නේ අවුල වෙලා තිබුණේ... ඕං දැන් මං උඹලට තිබ්බ අඩුව පිරෙව්වා!!! !!! !!! දැන් උඹලට ඇති පදමට 'ගැඹුරු ප්‍රඥාව' ලැබිල තියනවා!!! කල්‍යාණමිත්‍රයින් මාව හදලා තියෙන්නේ plugin එකක් හැටියට... මං ඕන මෝඩයෙකුට plug උනාම, ඌ 'බුද්ධිමතෙක්' වෙනවා!!! !!! !!! එහෙම බුද්ධිමත් වෙන එවුන් ධර්මය අවබෝධ කරන් සංසාරෙන් / සංසාර දුකෙන් නිදහස් වෙනවා!!! !!! !!! හරිය???

අනික් එක ඔය රතන සුත්‍රයේදීම කියවෙන, "සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති - සක්කායදිට්ඨි විචිකිච්චිතඤ්ච - සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි - චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡචාභි ඨානානි අභබ්බෝකාතුං" (සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!! ඔහු සතර අපායෙන් මිදෙනවා!! ඔහු නැවත අපායේ වැටෙන 6 ආකාර කර්ම වල යෙදෙන්නෙත් නෑ!!) කියල දේශණා කරලා තියන කාරණාව. ** මේක ඇත්තටම නම් කියල තියෙන්නේ ධර්මයට යොමුවෙච්ච... නිවිච්ච... තැන්පත්... උදවියට!!! හැබැයි මොකාටත් valid!!! ඕනේ එකෙකුට හරි!!! ** දැන් බලහල්ල... උඹල බුදුරජාණන්වහන්සේම දේශණා කොට වදාළ 'පිරිසිදු ශ්‍රී සද්ධර්මය' ඇහුවේ නෑ!!! උඹල ඇහුවේම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තරඟෙට ගහපු බයිලා විතරයි!!! !!! !!! ගොං සංඝයෝ තොපිට මල් / හඳුන් කූරු / පහන් පූජා කරන... පෙරහරේ යන... දහමක් හඳුන්වලා දුන්නා!!! තොපිත් තරඟෙට මල් / පහන් පූජා කර කර... ගාථා කිය කියා වැඳ වැඳ... පෙරහැර කර කර... ලොකු ලොකු පිළිම හද හද... මහ 'යෝධ තොවිලයක්' කළා!!! !!! !!! හැබැයි තොපි, තොපිට තියන 'ප්‍රශ්ණේ' මොකද්ද?? ඒකට කරන්න තියෙන්නේ මොකද්ද?? එහෙම කලාම වෙන්නේ මොකද්ද?? මොන මගුලක් වත් දැනගෙන හිටියේ වත්, දැනගන්න උත්සාහ කලේ වත් නෑ!!! !!! !!! තොපි, තොපිට ඇත්ත කියල දෙන්න ආව... පිරිසුදු බුද්ධ දේශණා තොපිලට තේරුම් කරලා දෙන්න ආව... පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් බැන්නා!!! මටත් බැන්නා!!! එච්චරයි!!! !!! !!!

දැන් බලහල්ල... සංසාරෙට වැටිච්ච සත්වයින්ට වෙලා තියෙන්නේ මහා බෙල්ල කඩල යන වැඩක්!!! ගැලවෙන්න නම් ඒක ගැන හොඳට දැනගෙන, උඹල ඒකට අහුවෙන්නේ නැතුව... රැවටෙන්නේ නැතුව... ඉන්නම ඕනේ!!! ඒ ඇරෙන්න මේ එක එක හාල්පාරුවෝ කියන එව්වා කලයි කියල... එක එක හාල්පාරුවන්ගේ පස්සේ ගියයි කියල... මොකෙකුටවත් සංසාර ගමනින් නිදහස් වෙන්න බෑ!!! !!! !!! මොකද මේක Nature එකේ, ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නේ ඒක ගැනයි!!! !!! !!!

එතකොට, දැන් උඹල හොඳටම දැනගත්ත උඹට තියෙන්නේ මේ වර්තමානයේ ගත කරන ජීවිතය විතරයි (උඹ 'සන්කතයක්' නේ??) අතීතයේ ඒවා උඹලට අදාළ නෑ!! කියන බව!!! ** එහෙම දැනගත්ත ගමන් 'පෙර කරපු කර්ම' කියන ඒවා සේරම 'හබක්' වෙනවා!!! එතනින් එහාට එව්වයින් කිසිම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක ගැන කියල දුන්නම හොඳටම තේරේවි!!! ** ඊළඟට, උඹල මේ ජීවිතේදී මිනී මරලා... සත්තුන්ව මරල / මරාගෙන කාල... කෙල්ලෝ / ගෑනු දූෂණය කරලා... මංකොල්ල කාල... වගේ 'දහ ජරා වැඩ' කරලා නැත්නම්, තොපි නිරයට / පෙරේත ලෝක වලට / තිරිසන් ලෝක වලට වැටෙන්න තරම් 'කරුම' කරලා තියනවද??? (ජීවිතේ ගැන මේ කිසිම දෙයක් නොදැන, එහෙම නැත්නම් පොඩි කාලේ නොතේරුම් කමට / අනුන්ගේ කීමට වෙච්ච ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න...) ඉතින් එහෙම නම්, උඹල හතර අපායේ වැටෙයි කියල සැකයක් / බයක් තියනවද?? 'නෑ!!!' නේ!!! උඹටම full sure නේ, උඹ ආයි හතර අපායේ වැටෙන්නේ නෑ කියන එක!!! !!! !!! ඉතින්, ඒක උඹටම sure උනාම, තොට වෙන මොකෙක් ගෙන් හරි certificate එකක් ගන්න ඕනෙද, 'උඹ හතර අපායේ වැටෙන්නේ නෑ!!' කියල?? අවශ්‍ය නෑ නේද??? ** මාර්ගඵල ලබාපු එක දැනගන්නේ මාර්ගඵල ලබපු එකා මයි!!! ඒකට වෙන එක එකාගේ කයි කතන්දර වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! **

ඉතින් බං, එතකොට උඹලට 'විචිකිච්චාව' නැත්නම් 'ධර්මය' (Nature එක) ගැන තියන සැක, ඉබේම නැතුව යනවා නේ!!! !!! !!! ** ගොං සංඝයෝ ඕකට 'බුද්ධාදී අටතැන්හි සැකය' අනං මනං ලබ්බවල් වගයක් කියල තියනවා... එව්වා වැඩක් නෑ!!! මේ ඇත්තට වෙලා තියන සිදුවීම, 'තමන්ට අදාළ නැති පරණ මතකයකට මුලාවීම' නැත්නම් 'සක්ඛාය දිට්ඨිය' තමයි තිබිච්ච ලොකුම upset එක බව, ගැන කිසිම සැකයක් තියාගන්න එපා!! කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! ** ඊළඟට බලපන්, උඹ ආයි හතර අපායේ වැටෙයි කියල කිසිම සැකයක් නැති කොට, ඔය එලවලුයි බතුයි කාල ඉන්නවා... නාන්නේ නැතුව ඉන්නවා... හෙළුවෙන් ඉන්නවා... මල් / පහන් පූජ කර කර, ගාථා කිය කිය, වැඳ වැඳ ඉන්නවා... දෙයියෝ පස්සේ යනවා... කේන්දරේ බදාගෙන ග්‍රහයෝ පස්සේ යනවා... වගේ මල විකාර කරන්න ඕනෙද??? නෑ!!! ඒ පිස්සු මරගාත මොකවත්ම ඕනේ වෙන්නේ නෑ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!!" කියල!!! තේරුණයි??? දැන් උඹල 'දහම' හප හපා ඉන්න පල් මෝඩයෝ නෙවෙයි!!! උඹලට තියෙන්නේ ණිවන අවබෝධ කරගෙන, මේ ජීවිතයෙන් එහාට තව එකෙකුටවත් හැදිලා දුක්විඳින්න ඉඩ තියන්නේ නැතුව, සංසාරේ මෙතැනින්ම completely shutdown කරලා දාන්න විතරයි!!! !!! !!! (මං ඒකත් කියල දෙනවා!!! !!! !!!)

හැබැයි, දැන් මාත් එක්ක ආපු උඹලවත්, මේ කතාව කියවල / අහල දැනගන්න ලැබෙන අනික් එවුන්වත්, තොපි කොයි ආගමේද?? කොයි ජාතියේද?? මස් මාළු කනවද?? (හැබැයි මරාගෙන නෙවෙයි!!! කඩෙන් ආහාරයක් හැටියට ගන්න තියන මස් මාළු විතරයි!!!) 'නද වෙන්නම දාන පොරක්ද' (හැබැයි බීගත්තට කාටවත් වචන මාත්‍රයකින් හරි කරදරයක් / වදයක් නොවෙනවා නම් විතරයි!!!) ඒ මොකක්වත් වැඩක් නෑ, අවංක උවමනාවෙන් / ප්‍රයෝජනය ගන්න අදහසින් බැලුවා නම්, දැන් උඹල පින් / සිල් මොක නැතත් 'ඇත්ත' නැත්නම් 'පරම සත්‍යය' හොඳට දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් දැන් නම් උඹල කවදා / කොහොම මැරුණත් ඊළඟට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපතක් ලබන්න නම්, අර කියපු ලොතරයියකින් පිට පිටම 3 වතාවක් නෙවෙයි... 10 වතාවක් වත් පළවෙනි දිණුම ඇදිච්ච එකෙක් වෙන්න ඕනේ!!! !!! !!! තොපිට තේරුණාද??? ඒ කියන්නේ, මාත් එක්ක හිටිය / ඉන්න, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන තොපි මොකෙකුටවත් දැන් ආයේ සංසාර අනතුරක් කියල එකක් නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! සංසාර පැවැත්ම නිසා උඹලට උරුම වෙච්ච, උඹලව ආයේ හතර අපායට drive කරන්න පුළුවන් forces සේරම කුඩේ කුඩු කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසි දේකට බය වෙන්න එපා... හැබැයි දැන් උඹලා මං අර වේලපහින්ම දාපු දස අකුසල් කතන්දර වලට අහුවෙන්නේ නැතිවෙන්න පරිස්සම් වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලගේ හිත් උඹලට මොන මොන 'තොරණ්' පෙන්නුවත් ගණන් ගන්න, care කරන්න එපා!!! !!! !!! 'මගේ නෙවෙයි...' 'මට අදාළ නෑ...' කියන බව මතක් කරගන්න!!! එතකොට හිත upset වෙන්නේ නෑ!!! !!! !!! එහෙම upset නොවී මැරෙණ එකෙක්ගෙන් හැදෙන 'භවය' නැත්නම් විඥාණය ස්වරූපයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්න ඒකගේ තියන මතකය, ඒ කියන්නේ 'පංච උපාදානස්කන්ධය' කීයටවත් සතර අපායේ සත්තු හැදෙන තරම් 'පීචං' තත්වෙට වැටෙන්නේ නෑ!!! !!! !!! තේරුණයි???

හැබැයි දැන් මේ full coverage එක valid වෙන්නේ, ඒ කියන්නේ ඔයාලට පූර්ණ ආරක්ෂාව තියෙන්නේ, තමන්ගේ ජීවිතයේදී නොකෙරුණු... තමන්ට අදාළ නැති... දේවල් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත්, මේ ජීවිතයේදී තමන් විසින්ම කරපු / කියපු / හිතපු එව්වා ගැන තාම risk එක එහෙම්මමයි!!! !!! !!! එහෙම තමන් විසින්ම කරපු / කියපු / හිතපු දේවල් ගොඩවල් දෙකකට වෙන් වෙනවා!!! නොදැන / උවමනාවෙන් නොකළ දේවල් හැටියට සහ දැනගෙන / උවමනාවෙන්ම කල දේවල් හැටියට!!! අර කලින් කියපු 'Y Junction' එක!!! !!! !!! ඕවයින් නොදැන / උවමනාවෙන් නොකළ දේවලුත් අවුලක් නෑ... ඒවා handle කරන්න තියෙන්නේ වෙන විදියකටයි!!! දැනගෙන / උවමනාවෙන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් නම් කිසිම shape කතාවක් නෑ!!! !!! !!! එව්වා handle කරන්න 'handle' මොකවත් නෑ!!! !!! !!!මං කල් ඇතුව warning කළා... don't care කරපු එවුන් දැන් ඉතින් නොමිලේම ඇතුල් වෙලා ඉවරනේ?? පිටවෙන්න බෑ!!! බෙල්ල මිරිකෙනවම තමයි!!! !!! !!! මේ final warning එක... දැන් නම් මොකෙක්වත් දස අකුසල් වලට සම්බන්ධ වෙන්න එපා!!! !!! !!! දැන් උඹලා කතන්දර දන්නවා!!! !!! !!! දැනගෙන වරද්ද ගත්තොත්, හදන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! ** ඊළඟ වාරෙදි උඹලට කර්ම / කර්ම විපාක කතන්දර ගැන කියල දීලා, විශ්වයේ සත්ව ජීවිත සකස්වෙන ආකාරය, නැත්නම් සත්වයෝ හැදිලා තියන 'layered structure' එක ගැන කියල දීලා, මේ ටික මං real life උදාහරණ වලින්ම තෝරලා දෙන්නම්!!! එතකොට උඹලට මේ සේරම හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! **

දැන් ඉතින් උඹලව ආයේ සංසාර දුකට ඇදල දාන්න පුළුවන් 'ලොක්කෝ' මොකෙක්වත් නෑ!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේ ගැන කියල දීපියව්!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේක බලන්න කියපියව්!!! !!! !!! යකුනේ, මං බෙල්ල කඩාගෙන දැඟලුවේ මේකටයි!!! උඹලට මේ කතන්දර නොපෙනුණාට මං දැන් අතීත - අනාගත 'full-range' දුවන්න පුළුවන් පොරක්!!! kernel level වැඩකරන එකෙක්ය කිව්වෙත්, මේ කතන්දර අහනකොට / කියවන කොට, වැඩේ සිද්ධවෙන හැටි... අභ්‍යන්තරයේ / ඇතුලේ නැත්නම්, යටින් සිද්ධවෙන දේවල්... හොඳට පේන නිසයි!!! හරියට, x-ray vision වගේ. ඉතින්, දැන් මට මේවයි secrets මොකුත් නෑ!!! !!! !!! සාමාන්‍ය මනුස්ස ඇඟක් ඇතුව ඉපදිච්ච එක විතරයි අඩුවකට තිබුණේ. ඒත්, අපේම පූරුවේ පිණට / වාසනාවට ලෝකෙට වැඩිය 'අපේ හාමුදුරුවෝ' අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ, 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' මට බුදුරජාණන්වහන්සේව 'එහෙම්පිටින්ම දකින්න' හදල දුන්නා!!! !!! !!!බුදුහාමුදුරුවෝ මගේ තිබ්බ අඩුපාඩු සේරම පුරෝලා දුන්නා!!! !!! !!! මං මාර තුමාටත් 'ඇත්ත' කියල දීලා 'හොඳ කෙනෙක්' කළා!!! දැන් සේරම හරි!!! !!! !!! ඉතින්, සෝතාපන්න වෙලා නවතින එක මහ ලැජ්ජ නැති වැඩක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනාගාමී වෙලා 'බකන් නිලන් හිටිය' එකෙක්ගෙන් ඇහුවෙත් 'ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද?' කියලයි!!! අනාගාමී උනත් තා එකෙක් හැදෙනවා... එහෙමවත් ඕනේ නෑ!!! මේක මෙතැනින්ම ඉවරයක් කරන්න ඕනේ!!! !!! !!! උඹල බය නැතුව ණිවන් දකින්න ලෑස්ති වෙයල්ලා... මනුස්සයෝ හැටියට ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! !!! !!! වෙන මොන කෙහෙල්මලක් දැක්කත් ඇති වැඩක් නෑ!!! !!! !!!

ම්ම්... මං Net එකට බැස්ස දවස්වලම 'දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම උන්නේ ධ්‍යාන මට්ටම් වලයි' කිව්වම, බූරුවෙක් හිනා උනා!!! රහත් උනයි කිව්වම, තව බූරුවෝ ගොඩ දෙනෙකුට හිනා ගියා!!! තව බූරුවෝ ගොඩ දෙනෙක් මට බෙහෙත් කරන්න... බෙහෙත් ගන්න හොඳ හොඳ දොස්තරලව අඳුන්වල දෙන්නත් ආවා!!! ආයේ තව බූරුවෙක් 'රහත් වෙලා කියල හිතාගෙන ඉන්න...' 'රහත්වෙලා කියල කියාගන්න...' කිය කියා, අරහත්වය බාල්දු කරන්න, අරහත්වයත් එක්ක සෙල්ලම් කරන්න හැදුවා!!! ඒ බූරුවා මං කියන කියන එක බොරු කරන්න... මං කියන කියන දේවල් වැරදියි කියල බලන එවුන්ව මුලාකරන්න... උගේ උපරිම උත්සාහය දැරුවා!!! උගේ සේරම වැඩ පැත්තකට දාල 'මූණු' ගොඩකින් ඇවිත්, මේ වැඩේ කඩාකප්පල් කරන්න සැදී පැහැදී හිටියා!!! දැනටත් එහෙම්මමයි!!! තව බූරුවෙක් 'set එකක්' හදාගෙන රහතුන්(වහන්සේ නමකට) වැඩේ දීපු පලවෙනි set එකේ එවුන් වීමේ ගෞරවය ලබාගන්න ආවා!!! තාමත් බලන් ඉන්නවා!!! හැබැයි, ඔය මොකවත් මේ විශ්වයේ නම් බෑ!!! !!! !!! තොපිට 'අසනීප වෙන්නම' ලැබෙයි!!! 'රිදෙන්නම' ලැබෙයි!!! මට ඒ ගැන ගාණක් වත් නෑ!!! !!! !!! හැබැයි මං ආශ්‍රය කරපු / කරන, මට set වෙච්ච / වෙලා ඉන්න වැඩි හරියක් එවුන් high grade meter (මොළ කාරයෝ) නිසා, මෙච්චරට ගොං බූරු මිනිස්සු ඉන්න බව මං දැනගෙන උන්නේ නෑ!!! ලෝකේ මෙච්චරට බූරු මිනිස්සු ඉන්න බව මං දැනගත්තේ නම් Net එකට බැස්සයින් පස්සෙයි!!! !!! !!!

හරි! ඉතින් ඔය කියපු තමන්ට අදාළ නැති, තමන් වගකියන්න උවමනා නැති, අතීත මතකයන්ගෙන් නිදහස් වීම, ඒවා don't care කිරීම / discard කිරීම / අතහැරලා දැමීම තමයි 'සෝතාපන්න' කියන මූලික මාර්ගඵල අවස්ථාව!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "සෝතාපන්න උන කෙනා විශාල කඳු පර්වතයක් තරමේ මහා දුක් කන්දරාවක් ඉවර කරපු කෙනෙක්!! එයාට තව ඉතුරු චූටි ගල් කැට 7ක් තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද, මේ අපිට උප්පත්තියෙන්ම උරුම වෙලා, ඒත් ඒ බව නොදැන හිටියානම් රැවටෙන්න / අහුවෙන්න / මුලාවෙන්න තිබ්බ අනන්ත අප්‍රමාණ 'මතකයකට' දැන් ඔය උදවියගේ හිත් නටවන්න / හොලවන්න බෑ!!! !!! !!! එතැනින්ම මහා කර්ම තොගයක් invalidate වෙනවා!!! !!! !!! වැඩක් නැති තත්වෙට පත්වෙනවා!!! !!! !!! විනාශ වෙලා යනවා!!! !!! !!! (කර්ම / කර්ම විපාක ගැන කියල දෙනකම් ඉන්න... එතකොට හොඳටම තේරේවි!!!) ඒත් එක්කම, ඔය උදවියගෙන් එහාට හැදෙන තරමක් සත්වයිනුත් දැන් උපදින්නේ උපතින්ම සෝතාපන්න වෙලයි!!! !!! !!! ඒ කොහොමද කිව්වොත්, දැන් ඔයා දැනගත්ත නේ seen එක?? ඊළඟට සත්වයෙක් උපදින කොට උන්ට ඔය තමුන්ට තියන මතකයෙන් කොපියක් ලැබෙනවා!!! නැත්නම් ඔය මතකය උන්ට copy වෙනවා!!! උන්ට අමුතුවෙන් මේ සත්‍ය කතාන්දරය දැනගන්න දඟලන්න වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා, 'සංසාර ගමන කියන්නේ මේකයි...' 'වෙලා තියෙන්නේ මේකයි...' කියල ඉපදෙනකොටම දැනගෙනයි උපදින්නේ!!! !!! !!! ඒ නිසා එවුන් මොකෙක්වත් උන්ට අදාළ නැති පරණ මතකයන්ට මුලාවෙන්නේ නෑ!!! !!! !!! ඒ කිසි එකෙක් හතර අපායේ වැටෙන්නෙත් නෑ!!! !!! !!! උන් ණිවන් අවබෝධ කරන්න කියලා මොකවත්ම නොකර හිටියත්... නිකම්ම නිකම් පිස්සු කෙල කෙල හිටියත්... බීල බීල මලත්... (හැබැයි, කොච්චර බිව්වත් වෙන එවුන්ට ඇණයක් / වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් වෙන්න බෑ!!!) ඒ කියන්නේ උන් කොච්චර 'ප්‍රමාද' උනත්, සෝතාපන්න වෙච්ච එකෙක්ගෙන් එහාට සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්නේ නෑ!!! !!! !!! (ඇයි 7 දෙනෙකුට වඩා උපදින්නේ නැත්තේ? ඇයි 8 වෙනි භවයක් හැදෙන්නේ නැත්තේ? කියලා දන්නවද??? පස්සේ කියලා දෙනවා!!!)

හැබැයි මං පටන්ගන්න කොටම කිව්වා නේ මං උඹලට සංසාරේ යන්න දෙන්නේ නෑ... මේ සැරේ නම් miss වෙන්න දෙන්නේ නෑ... කියල!!! අන්න ඒ නිසා ඉල්ලගෙන කාපු කාලකන්ණින්ට හැරෙන්න, උඹල කාටවත් කිසිම අවුලක් වෙන්නේ නෑ!!! !!! !!! අපේ මේ ජීවිත සම්බන්ධ ඇත්ත කතාව නොදැන හිටිය නිසා, 'අවිද්‍යාව' නිසා තමයි මෙච්චර දුරක් අපි ඇවිල්ලා තියෙන්නේ!!! !!! !!! ඇත්තටම මේ මුළු කතන්දරයම 3D වලින් බලන්න ඕනේ... 'ත්‍රිමාණ' විදියට බැලුවොත් විතරක් හරියට පේන දෙයක්, 2D වලින්... එහෙම නැත්නම් 'ද්විමාණයෙන්' බලන්න ගිහිල්ලා වෙච්ච පටලැවිල්ලක්, 'අනාගත්ත case එකක්' විතරයි!!! !!! !!! අවිද්‍යාවෙන් ඉන්නකම්... 3D බලන්න හැකියාවක් නැතිතාක් කල්... නැත්නම්, 3D පේන්නේ නැති පොට්ටයෙක් වගේ ඉන්නකම්... 'මං' සංසාරේ ඇවිල්ලා!! 'මං' සංසාරේ යනවා!! කියල හිතන / හිතපු, දකින / දැකපු 'ඔටුවෝ' හැම එකාම (දෙවි / මිනිස් හැමෝම) විද්‍යාව පහලවුනායින් පස්සේ... 3D වලින් පේන්න පටන්ගත්තයින් පස්සේ... දැනගන්නවා, 'මොන කුණුහරුපයක්ද මේ??' කියන බව!!! !!! !!! 'මං' සංසාරේ ඇවිල්ලා නෑ නේද?? 'ඉපදිලා හිටිය සත්වයින්ට තිබුණු මතකය...' 'උන් ඇඳන් හිටිය ජංගිය / ජොකා...' එහෙමත් නැත්නම්, 'සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් එකතුවෙලා දුවපු relay එකේ relay පොල්ල...' විතර නේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ!! තව ඉස්සරහට ගියත් යන්නේ!! කියන බව!!! !!! !!! ඉතින් උන් සංසාරෙන් නිදහස් වෙනවා!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් උඹලා වගෙයි!!! !!! !!! ** වැඩේ තියෙන්නේ, මාර ආතල් case එකකුත් තියනවා!!! 3D view එක තියන (මොලේ තියන / බුද්ධිමත් අය) හැම කෙනාම හොඳ ලස්සනට මේ කතාව තේරුම් අරගෙන ඉන්දැද්දි... මේ කතාව දැකල delight වෙලා ඉන්දැද්දී... 3D පේන්නේ නැති මෝඩයෝ ටිකක් බෙරිහන් දුන්නා / දෙනවා, 'මේ කතාව upset...' 'සාසනය කනවා...' 'ධර්මය විකුර්ති කරනවා...' 'දහම කනවා...' කිය කියා!!! උන් තාම දන්නේ නෑ උන් කාපු කෑමේ රඟේ!!! ඉස්සරහට යනකොට පෙනෙයි ඕකුන්ව සුනාමියට අහුවෙච්ච එවුන් වගේ හතර අපායටම විසිවෙලා යන හැටි!!! !!! !!! මට කෙසේ වෙතත් අපේ හාමුදුරුවොන්ට වචනයක් හරි කියපු කාලකණ්නි හැම එකාටම, මේ ජීවිතේ ඉවර වෙනකොට 'පොලව පලාගෙන අපා ගත උනා' කියන එක වෙන්නේ කොහොමද කියල experience කරන්න ලැබෙයි... උන්ට 'සසර වසනා තුරු' සතර අපායේ ලගින්න වෙන්නත් පුළුවන්... who cares??? ** ඉතින්, ඒ කාලකණ්නි ටිකට හැරෙන්න අනික් අපේ හාමුදුරුවොන්ට ආදරය කරන, මාව පිළිගත්, මේක උවමනාවෙන් බලපු ඔයාලගේ නම් දැන් සංසාර අනතුර ගොඩාක් දුරට ඉවරයි!!! බය වෙන්න එපා!!! !!! !!! මං උඹලව හිනා වෙවී මැරෙන්න පුළුවන් ගානටම හදනවා!!! !!! !!!

ඇත්තටම මේ සත්‍යය සිද්ධිය දැනගන්න ලැබෙන කම් ගිහි / පැවිදි / අන්‍යාගමික කිසිම මනුෂ්‍යයෙකුට සංසාර අනතුරින් ගැලවෙන්න / සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! මාත් එක්ක ආව ඔයාලට අමතරව, පිරිසුදු බුද්ධ දේශණා ඒ විදියටම අහල නිවැරදිව අවබෝධකරගන්න උදවිය ඉතාම සීමිත පිරිසක්... 'අතලොස්සක්' හැරෙන්න, ඉතුරු දෙවි / මිනිස් හැමෝටම ඔය ඇත්ත සිද්ධිය 'කතන්දරය' දැනගන්න ලැබෙන්නේ / දැනගන්න වෙන්නේ, ආයුෂ ගෙවිල ඉවරවෙලා... මරණයට ලං වෙලා... තමුන්ට කියල තිබ්බ හැකියාවල් සේරම disable වෙලා... හිතන්න / කතා කරගන්න බැරුව ගිහින්, තමුන්ගේ පාලණය ගිලිහෙන කොටයි!!! !!! !!! අනික මැරෙන්න වැටිච්ච එකා time bomb එකක් ගැටගහලා පැත්තකට දාපු එකෙක් ගාණයි... ඌට ඉන්න තරමක් ලොකු ලොකු යාලුවෝ / ඥාතියෝ හතර වටේ පිරුණත්... ඌව අල්ලගෙන / බදාගෙන හිටියත්... කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ඌ තනි වෙනවා!!! !!! !!! එතකොට ඌ එහෙම්පිටින් අසරණ වෙනවාමයි!!! !!! !!! ජීවත් වෙනකම් සේරම හොල්ලගෙන ඉන්න මෝඩ බූරුවෝ ඕනෙම එකෙක්ගේ ලොකුකම් සේරම ඔතනදි අහවර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකාටත් අන්තිමට ඉතුරුවෙන්නේ ඌයි, උගේ හිතයි විතරයි!!! !!! !!! තමුන්ගේ 'හොඳම යාළුවා' හැටියට තමුන්ගේ ලඟින්ම හිටිය එකා, 'තමුන්ගේම හිත' තමයි 'තමුන්ගේ පරම හතුරා' කියල හැම එකාටම දැනගන්න ලැබෙන්නේ / දැනගන්න වෙන්නේ එතකොටයි!!! !!! !!! ඒ 'හිත' ඌව අනිවාර්යයෙන්ම කනවා!!! !!! !!! ** කජ්ජනීය සුත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඕක ලස්සනට කියල තියනවා!!! උන්වහන්සේ කිව්වා, 'මොකක් පිළිගත්තත් හිත නම් පිළිගන්න එපා!!' කියල. මං, උන්වහන්සේ එහෙම කිව්වේ ඇයි? කියන එකේ technical background එක මොකද්ද කියල මුලදීම පෙන්නුවා. ** ඌට ඌ ජීවත් වෙනතාක් කල් කරපු කියපු හොඳවැඩ / බලුවැඩ සේරම film එකක් පේනවා වගේ replay වෙන්න, 'සිහිවෙන්න' ගන්නවා... උගේ ජීවිතේට අදාළ නැති, කල්ප කාලාන්තරයක් තිස්සේ හැදිච්ච සත්වයොන්ට වෙච්ච දේවල්... උන් කියපු / කරපු හොඳවැඩ / බලුවැඩත් තමන් කරපු / කියපු දේවල්... තමන්ටම වෙච්ච දේවල්... වගේම පේන්න ගන්නවා!!! !!! !!! ** මේ ඇවිල්ලා මාස ගණනාවක් තිස්සේ හරි, තත්පර ගානක් ඇතුලත හරි සිද්ධවෙන කතන්දරයක්!!! (හිතේ speed එකට 'මොහොතක්' කියන්නෙත් සුමානයක හමාරක තරමේ දිග කාලයක්)මැරෙන්න වැටුණම මුණදීල පරිප්පුව කනවා මිසක්, සාමාන්‍ය මිනිස්සුන්ට මෙව්වා වේලපහ දකින්නත් බෑ!!! !!! !!! but, Damiya is capable of visualizing many of these things now **

මෙතැනදී වැදගත්ම දේ, මේ ජීවිතයේදී සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා... සංසාර බිය ඇතිවෙලා... පරාණ බයටම, කුරා කූඹියෙකුටවත් වරදක් නොකර... මස් කෑල්ලක්, මාළු / කරවල / උම්බලකඩ කෑල්ලක් වත් නොකා... අරක්කු පොදක් කටේවත් නොතිය... ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙණකන්ම උපරීම වශයෙන් සීලයෙන් සංවර වෙලා, සිල්වත්ව හිටියත්... ධර්මයම අහ අහ, හතර අතේ වැඳ වැටි වැටි හිටියත්... කෙනෙකුට එකතුවෙන්නේ අවුරුදු 50-60ක් තරමේ සුළු කාලයක මතකයක් විතරයි!!! !!! !!! ඒත්, 'පටන්ගත්තු කෙළවරක් පේන්නේ නෑ!!' කියපු තරම් දුර ඈත අතීතයේ ඉඳල මේ වෙනකම් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල හැදිච්ච සත්ව ජීවිත ගතකරපු කාලවලදී වත්, අන්‍යාගමික මනුස්ස ජීවිත ලබලා දුකෙන් නිදහස්වෙන්න කියල පිස්සු මරගාත කර කර ගතකල කාලවලදී වත්, මීට පෙර අවස්ථාවල සම්ප්‍රදායික / නමට බෞද්ධ එවුන් හැටියට ඉපදිලා ගොං සංඝයන්ට අහුවෙලා... උන් වලඳපු / ගූ කරපු ධර්මය අහලා සංසාරය අනාගත්ත කාලවලදී වත් එකතුවෙච්ච මතකයන්ගේ, සත්වයෙකුට සුගතියේ උපතක් හදා දෙන්න ප්‍රයෝජනවත් වෙන / ප්‍රමාණවත් වෙන / වැඩකට ඇති දේවල් මොකවත්ම ඇත්තේ නෑ!!! !!! !!! ඒ වෙනුවට අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන කරපුවා... අනන්ත අප්‍රමාණ මිනී මරාපුවා... මරාගෙන කාපුවා... මංකොල්ල කාපුවා... ගෑනු දූෂණය කරපුවා... සත්තුන්ට / මිනිස්සුන්ට හිංසා කරපුවා - වද දීපුවා... ගැන තියන මතකය අම්බානයි!!! !!! !!! ඉතින්, සත්වයෙක් හතර අපායට අදින මේ දුගතිගාමී / ජරා මතකයන් යටපත් කරගෙන, උන්ව දෙවි / මිනිස් ලෝක දිහාවට ගෙනියන, උන්ව සුගතිගාමී අතට අදින්න පුළුවන් අංශුමාත්‍ර වශයෙන් තියන පින් දහම් කරපු දේවල් මතක් වීමේ හැකියාව / අවස්ථාව / සම්භාවිතාව... ඊළඟට, අවුරුදු 50-60ක් තරමේ සුළු කාලයකට ගුණයහපත් ජීවිතයක් ගතකල මතකයක් උඩට මතුවෙන්න තියන හැකියාව / අවස්ථාව / සම්භාවිතාව... හරීම අඩුයි!!! !!! !!! හරියට, තමුන්ට සතිපතා දිණුම් අදින ලොතරැයියකින් පිට පිට තුන් වතාවක් පළවෙනි දිණුම ඇදෙනවා වගේ අන්තීම අමාරුයි!!! !!! !!!

** හැබැයි ඔතනදි නිරන්තරයෙන් පුරුදු පුහුණු කරපු / කරන දේවල් මතකයට එන්න තියන අවස්ථාව, chance එක වැඩියි!!! අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "ධර්මයේම හැසිරෙන්න..." "නිරන්තරයෙන් සිහි කරන්න..." "නිතර නිතර පුහුණු කරන්න..." කිය කියා!!! හැබැයි එහෙම කලත්, ගොඩ යන්න ලැබෙනවා කියන එක නම් 99.999999999% ම uncertain / unsure තමයි!!! !!! !!! **

ඉතින්, අන්තිමේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි) කියල බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියල දීපු මේ සිදුවීම් මාලාවේදී, සංසාර අනතුරින් ගැලවෙන්න / බේරෙන්න 'මේ සත්‍ය කතන්දරය' තමන් හොඳ සිහියෙන් ඉන්දැද්දී අහලා / කියවලා දැනගන්න, මතක තියාගන්න නොලබිච්ච අහිංසක සත්වයෝ හැම කෙනාම වැලේ වැල් නැතුව ගිහින්, අන්ත අසරණ තත්වයට පත්වෙනවා!!! !!! !!! එවුන් කවදාවත්... හීනෙකින්වත්... නොහිතපු කතන්දර, 'අතීත සිදුවීම්' දැකලා... හොල්මං වෙලා... විකාර වෙලා... අන්දමන්ද වෙලා... upset වෙලා... මැරෙණකොට, උන්ට වෙන්න ඕනේ හරිය තීරණය වෙලා ඉවරයි!!! !!! !!! මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට වැටුණේ / වැටෙන්නේ ඒකයි!!! !!! !!! හරියටම කිව්වොත්, එහෙම මැරෙණ මැරෙණ එකාගෙන් ඊළඟට හැදෙන සත්වයෝ හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!! !!! !!! ආයි මනුස්ස ලෝකේ හරි, දිව්‍යලෝකයක හරි ජීවිත ලැබුවොත් ඒ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් සුළු පිරිසක්... පිට පිට 3 වතාවක් පළවෙනි ලොතරැයි දිණුම ඇදිච්ච තරම් පිරිසක්... විතරයි!!! ඒ කියන්නේ සරලවම කිව්වොත්, කිසිම කෙනෙක්... ධර්ම ධර / විනය ධර / මස් මාළු නොකන / බොන්නේ නැති / සිල්වත් - ගුණවත් එවුන්ය කියල නෑ... මොකෙක්වත් සංසාරෙන් එතෙරවෙන්නේ නෑ!!! !!! !!!
හරි! ඉතින් මේ වෙනකොට මේක උවමනාවෙන් බලාගෙන ආපු හැමෝම දන්නවා ඇති, සත්වයා කියන එකා 'සංකතයක්' කියන බව!!! උන් හැදෙන්නේ / උපදින්නේ අලුතෙන්මයි!!! ඒ සත්වයෙක් ඉපදිච්ච තැනින් පටන් අරන් මරණයෙන් ඒකගෙ ජීවිත කතාව අවසන් වෙනවා මිසක්, එවුන්ට පින්කරලා... පෙරුම් පුරලා... ප්‍රාර්ථනා කරලා... කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! ආයුෂ ඉවර වෙනවත් එක්කම, උන්ව අනිවාර්යයෙන් නැතිවෙනවාම තමයි!!! !!! !!! ඉතින්... ඒ ගැන දුක්වෙන්න එපා!!! මොකද, ඒක තමයි මේ අපේ ජීවිත වල හැටි!!! අපිට කරන්න තියෙන්නේ අපිව නැතිවෙන එක ගැන දුක් වෙවී ඉන්න නෙවෙයි. මොකද, අපි මේ ජීවිත ලබල ඉපදුනේ ඉබේ වත්... කාගෙවත් උවමනාවකට වත්... නෙවෙයි!!! 'සංසාර පැවැත්ම' නමැති ස්වභාවික වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසයි!!! ඒ සංසාර ගමන 'දාර වළක්'!!! !!! !!! මේ හැමෝම ඉන්නේ ඒ වළේ තමයි!!! හැබැයි එහෙම වෙලා තියෙන්නේ කවුරුවත් අපිව වළට දාලවත්... අපිම වැඩ වරද්දාගෙන වළට බැහැලවත්... නිසා නෙවෙයි!!! !!! !!! ඉබේම වැටිලා... නැත්නම්, 'නොදන්න කම' නිසා වැරදිලා වලට වැටිලා නිසයි!!! !!! !!! අනිත් එක, ඒ වැටිලා තියෙන්නෙත් 'අපි'ම නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඤ්ඥායති" (සත්වයා සංසාරයට වැටිච්ච දවසක් බුදු ණෙතට වත් පෙන්නේ නෑ!!) කියපු තරමේ,හිතාගන්නවත් බැරි තරම් දුර ඈත අතීතයේ දවසක 'අලුතෙන්ම හැදිච්ච' සත්වයෙකුට, ලොකු 'පටලැවිල්ලක්' සිද්ධ වෙලා!!! !!! !!! අන්න එතනින් පටන්ගත්ත අපි එක එක්කෙනාගේ 'සංසාර ගමන' ඒ පටලැවිල්ලේ ස්වභාවය නිසාම, ඒක ලිහෙනවා වෙනුවට තව තවත් පටලැවී පටලැවී මේ වෙනකන්ම පැවතිච්ච නිසා 'අපි'ව හැදුණා මිසක්, නැත්නම් අපි කවුරුවත් මේ ජීවිතයේ උපදින්නේ නෑ!!! !!! !!! ඒවගේම අපි එක එක්කෙනාගේ සංසාර ගමනේදී මීට කලින් හැදුණු හැම සත්වයෙකුටම සිදුවුනෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳින්න තමයි!!! ඊළඟට, අපිට මේ ජීවිතකාලය තුලදී ඒ පටලැවිල්ල ලිහාගන්න බැරිඋනොත්, මේ ජීවිතය අවසාන වනවාත් සමගම අනිවාර්යයෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම නිසා, ඒ හැදෙන සත්වයාට වෙන්නෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳීමටම තමයි!!! !!! !!!

ඉතින්, මේක තමයි සියලු ලෝක සත්වයන්ගේ ජීවිත සම්බන්ධ ඇත්තම ඇත්ත කතාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ ඇත්තම ඇත්ත කතන්දරය ඔයාලට දැනගන්න ලැබුණේ මෙච්චර දුරක් මාත් එක්ක ආව නිසයි!!! නැත්නම් ලේසියෙන් කෙනෙක්... සාමාන්‍ය මනුස්සයෝ කවුරුවත්... 'සත්වයෝ කවුරුවත් සංසාරේ ඇවිල්ල නෑ!! තමන් සන්කතයක්!! තමන් ඉපදුන තැනින් පටන් ගත්ත තමන්ගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවාමයි!! කොච්චර දුක උනත් කරන්න දෙයක් නෑ... තමන්ට කොච්චර උවමනා උනත් දිගටම පවතින්න විදියක් නෑ... සත්වයින්ට සංසාරේ යන්න බෑ!!' බව දැනගන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, 'තමුන් හාහාපුරා කියල අලුතෙන්ම ඉපදුනාට, ඒ ඉපදුනේ මීට කලින් ජීවත්ව සිටිය අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් හරහා කෙනෙක්ගෙන් කෙනෙක්ට මාරු වෙවී... තව තවත් දේවල් අලුතෙනුත් එකතුවෙවී... ආව අප්‍රමාණ මතකයක් නිසයි!! තමන් නොදන්නවා උනාට... තමන්ට නොතේරුණාට... සිහි කරලා (මතක් කරලා) ඉවරයක් කරන්න බැරි තරම් 'මහා විශාල මතකයක්' තමන්ට උපතින්ම ලැබිල තියනවය!! උරුම වෙලා තියනවය!!' කියල මේ මනුස්සයෝ / දෙවියෝ කවුරුවත් දැනගන්නේ නෑ!!! !!! !!! ධර්මයට යොමුවුන පලියට... සීලයෙන් සංවර වෙලා, සිල්ම රැක රැක / පස් පව් - දස අකුසල් වලින් වැළකිලා / පින්ම කර කර හිටිය පලියට... ගිහි / පැවිදි කිසිම කෙනෙක් වැරදිලාවත්, අහම්බෙන් වත්, මේ ඇත්තම ඇත්ත සිද්ධිය දැනගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළේ, "ධර්මය අවබෝධ කරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ, "මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් සියලු දෙනාම උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල කිව්වෙත්, මිනිස්සු සංසාර දුකෙන් නිදහස් වෙන්න කියල... 'ණිවන් සැප' ලබන්න කියල... උන්ට හිතෙන හිතෙන මල විකාර කර කර ඉඳලා සංසාරය අනාගන්නව මිසක්, හරියට ධර්මය අවබෝධ කරන් කලයුතු දේ කරලා සංසාරෙන් නිදහස් වෙන්නේ නැති බව දැක්ක නිසයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ කියන විදියට, උන්වහන්සේ ලඟට set වෙච්ච / set වෙන එවුන්ගෙනුත් 99.5% ම පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහලත් අවබෝධ කරගන්නේ නැතුව වටේ යන එකේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් කූරු ගාපු / ගූ කරපු ධර්මය අහන එවුන්ට නම්, මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්න තියා ණිවන් තියන පැත්ත පලාතකට වත් එන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවොන්ට, නැත්නම් 'පිරිසුදු බුද්ධ දේශණා' වලට බණින කාලකන්ණියෝ හැම එකාමත්... උපාසකම්මල සුරතල් කරන / හිනස්සන / නලවන ගොං සංඝයින්ගේ බූරු ධර්මය (අධර්මය) අහන හැම එකාමත්... මරණින් මතු උපදින්නේ, හරියටම කිව්වොත් උන්ගෙන් හැදෙන හැදෙන එවුන් උපදින්නේ, නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note 1:-
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා, උන්වහන්සේ කිසිම කෙනෙකුට හිත් වේදනා දෙන / හිත් රිදෙන දේවල් කියල නෑ!!! ඒත් උන්වහන්සේ හොඳටම දැනගෙන හිටියා, "මේ මොට්ට මෝල් මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ!! මුන්ට 'සංසාරෝඝන් මහබ්භයං' (සංසාර අනතුර භයානකයි!!) කියල කට කැඩෙනකම් කිව්වත්, මුන් ඒක තේරුම් ගන්නේ නෑ!!" කියන බව!!! !!! !!! හැබැයි උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මෝඩයන්ට ඇත්ත කියල / තෝරලා දෙන්න, මේ දැන් මං පාවිච්චි කරන drills මොකුත්ම තිබුණේ නැති නිසා, උන්වහන්සේට මෝඩයන් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ හැම වෙලාවේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." "මං ධර්මය කියන්නේ, 'ඇහෙන' අයටයි... 'කන් තියන' අයටයි..." "මං ධර්මය කියන්නේ 'පේන' අයටයි... 'ඇස්' තියන අයටයි..." කියල නිහඬ වුනේ!!! !!! !!! ඉතින්, 'අහවල්එක පණ නැති එකාට වැඩේ කරන්න බෑ' වගේ, මොට්ට මෝල්ලුන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්නත් බැරි උනත්, උන් පව්!! නිසාත්... ඒ වගේම උන් ජීවත් වෙනකම් පිස්සු කෙලින්න තියාගත්තොත් ඊළඟට හැදෙන එවුන් මීටත් වඩා අමාරුවේ වැටෙන නිසාත්... වර්තමාණයේ මොට්ට බූරුවෙක් හැදෙන්න හේතුවෙච්ච 'පංච උපාදානස්කන්ධයක්' ධර්මය අවබෝධ කළහැකි බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැදෙන මට්ටමට පත්කළ හැකි (charge කල හැකි) එකම ක්‍රමය 'පින් කිරීම' පමණක් නිසාත්... උන්වහන්සේ හැම විටම සීලයේ අගය හුවා දක්වමින්, පින් කිරීමටම සියලු දෙවි / මිනිසුන් පොළඹවමින්, කටයුතු කළා!!! !!! !!! හැබැයි උන්වහන්සේ, මිනිස්සුන්ව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවීමට... එවුන්ව ඒ සඳහා උනන්දු කරවීමට... 'පන්සිල් රැක්කොත් අපායේ යන්නේ නෑ!! දිව්‍ය ලෝකේ යන්න පුළුවන්!!' වගේ සුන්දර කතා කියල තිබුණට, හැබෑ ලෝකේ එහෙම එව්වා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබෑ ලෝකේ තියන ඇත්තම ඇත්ත තත්වය තමයි උන්වහන්සේ බුද්ධිමත් මනුෂ්‍යයන්ට කියල දුන්නේ, "ධර්මය අවබෝධ කලත්, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි... ආයි සුගතියේ (දෙවි / මිනිසුන් අතර) උපතක් ලැබුවත්, ඒත් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි..." කියල!!! !!! !!! තොපිට තේරුණාද???

Note 2:-
ණිවන් සැප ලබන්න කියල සීලය බදාගත්ත, පින් කර කර පෙරුම්පුරන්න තියාගත්ත මොට්ට බූරුවෝ හැමෝම මෙන්න මේ ටික හොඳට දැනගනිල්ලා... සත්වයින් සංසාර ගමනකට වැටුණේ නොදැනුවත් කමක් / අනවබෝධයක් නිසයි!!! ඉතින්, ඒ සංසාර දුකින් නිදහස් වීම කරගන්න තියෙන්නෙත් අවබෝධ කරගැනීමෙන් / නොදැන සිටි දේ දැනගනීමෙන්ම පමණයි!!! !!! !!! සිල් රැකගෙන රැකගෙන ගියාට... පින් කරගෙන කරගෙන ගියාට... 'ණිවන් සැප ලැබෙනවා' කියල කෙහෙල්මලක් කවදාවත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි... මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි... මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි පින් කර කර / සිල් රැක රැක ඉඳල හරියන්නේ නෑ... තොපිට සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් මේ මං කියන දේවල් අවබෝධ කරගන්න, ඒ අවබෝධය සම්පූර්ණ වෙලා තොපිලගේ හිත් ආශ්‍රවයන්ගෙන් මිදෙන්න (නිකෙලෙස් වෙන්න) තව අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! ඒකෙනුත්, තොපි මැරෙන්න කලින් තොපේ ගැලවීමට අවශ්‍ය 'අවම ප්‍රමාණයට වත්' තොපි ඇත්තම ඇත්ත කතන්දරය දැනගත්තේ... අවබෝධ කරගත්තේ... නැත්නම්, තොපි මැරෙණ කොටම මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් කෙලවිලා යනවා!!! !!! !!! දැනට මෙන්න මේ ටික තේරුම් ගනිල්ලා... තොපි සීලයෙන් සංවර වෙලා සිත / කය / වචනය පරිස්සම් කරගත්තේ නැත්නම්, තොපි ඇහැ / කණ / කට / බඩ / අහවල් එක පිනවීම තමයි ජීවිතේ කියල හිතාගෙන ඒවා පිනව පිනව ඉන්න ගියොත්, තොපිට ධර්මය අහන්න / කියවන්න වෙලාවක් / විවේකයක් නැතුව යනවා!!! ඕපාදූප / එක එකාගේ රෙද්දවල් ගැන හොයන්න බලන්න, කතාකරන්න තියාගත්තත් වෙන්නේ ඒකමයි!!! ඊළඟට තොපි අනවශ්‍ය කරදර වලට පැටලිලා පව් කරගත්තොත්, ඒකෙ පාඩුවත් තොපිටමයි!!! අන්න ඒ නිසා පරිස්සම් වෙලා, ජීවිතය අවබෝධ කරගන්න එකට මුල්තැන දීපල්ලා!!! !!! !!! මං ඉස්සරහට මේවා ගැන තව විස්තර / detail කරලා කියල දෙන්නම්. හුඟාක් වෙලාවට, උඹලගේ ආච්චිලා / සීයල / මුත්තල / මී මුත්තලට වෙච්ච දේ තේරෙන්න ගත්තම... තොපිට වෙන්න ගිය දේ තේරෙන්න ගත්තම... තොපිට රෙවෙයි!!! !!! !!! 'මොලයක් තියන එවුන්ට' ඒ හරිය දැනගන්න ලැබුණාම, බයවෙලා... heart attack හැදිලා... මැරෙයිද කියලත් හිතෙනවා!!! !!! !!! කොහොමත් තොපිට රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙයි...