Monday, April 30, 2012

** මේ... සමහර විට, බුද්ධත්වයට පත්වෙලා, සිද්ධවෙලා තියන 'හුට්ටප්පරේ' දැක්කම, 'මළ මගුලක් නේ මේ වෙලා තියෙන්නේ...' කියල, බුදුරජාණන්වහන්සේටත් තනියම හිනා යන්න ඇති... ඒත් ඉතින් ඒක කොහොම කියන්නද?? ඔය කෙහෙල්මල් වැඩපිළිවෙල ගැන දන්නෙ නැතුව ඉන්නකම් කොච්චර පරිප්පුවක් කන්න උනාද?? ඔය 'ඇත්ත' දකිනකම් ඉවරයක් නැතුව විඳවන්න වෙනවා මිසක්, කාටවත්... කොහොමටවත්... මේ මර උගුලෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! අනික, 'සම්මා සම්බුද්ධත්වය' කියන සුවිශේෂී තත්වය ලබාගැනීමට නම්, කොහොමත් ඔය 'පෙරුම්පුරණ' මාර්ගය ඇරෙන්න විකල්ප මොකවත්ම නෑ!!! !!! !!! ඉතින්, එක බුද්ධ සාසනයක් එහෙම්පිටින් වැළලිලා / අතුරුදහන් වෙලා ගියාම, සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා... නැවත බුද්ධ සාසනයක් පිහිටුවලා... සතර අපායේ වැටෙන ස්වභාවයෙන් මිදීමට නොහැකිව අසරණ වෙලා ඉන්න තවත් අහිංසක සත්ව පිරිසක් සංසාර දුකින් බේරගන්න නම්, කවුරු හරි මහා කරුණාවන්ත... මහා දයාවන්ත... මහා පරාර්ථකාමී... කෙනෙකුට, ඔය 'කට්ට' අනිවාර්යයෙන්ම කන්න සිද්ධවෙනවා මයි!!! !!! !!! සුමේධ තාපසතුමා අපි වෙනුවෙන් ඒ විදිය විශාල කැප කිරීමක් සිදුකල මහා උත්තම මනුෂ්‍ය රත්නයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒත් එහෙම දුක් විදගෙන, ලොකු කට්ටක් කාගෙන දඟලන්න වෙන්නේ 'ධර්මය' අලුතෙන්ම හොයල දැනගන්නයි!!! !!! විද්‍යාඥයෙක් ඕනේ වෙන්නේ ලෙඩෙයි ලෙඩේට බෙහෙතයි හොයාගන්න විතරයි!!! එයා බෙහෙත හොයල දුන්නම, අනික් එවුන්ට තියෙන්නේ බෙහෙත බීල ලෙඩේ හොඳකරගන්න විතරයි!!! !!! උන්ට හොය හොයා ඉන්න මොකක්වත් නෑ!!! !!! !!! දැන් ලෝකේ ධර්මය තියනවා!!! උඹලට තියෙන්නේ අහල / කියවල අවබෝධ කරගන්න විතරයි!!! !!! ඒකට පෙරුම් පුරන්න / පින් කරන්න උවමනාවක් නෑ!!! !!! !!!} **

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට, අවිද්‍යාවෙන්ම ඉඳගෙන 'තමන් මේ සත්‍යය අවබෝධ කරගන්න සංසාරේ සැරිසරාගෙන එද්දී, කොච්චර දුකක් විඳින්න සිද්ධවුනාද?' කියල සිහිවෙලා තමයි "අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං - ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං"(මේ සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා කවුද කියලයි මං හොය හොයා හිටියේ. ආයෙ ආයෙ ඉපදීම නම් දුකක්මයි!!) කියල උදානයක් පහලවුනේ!!! ඒ කියන්නේ, හිතල උවමනාවෙන් කිව්වා නෙවෙයි... හිතෙන ඒවට අනුව ඉබේටම කියවුනා!!! හැබැයි, "මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය... ඥාණය පහළ විය... ප‍්‍රඥාව පහළ විය... විද්‍යාව පහළ විය... ආලෝකය පහළ විය..." කියලා, උන්වහන්සේ පැහැදිලි කල ආකාරයටම 'ඇත්ත' දැක්ක ගමන්, "සංසාරේ හදන වඩුවා සොයන්න මම සංසාරේ සැරිසරාගෙන ආවා..." කියලා හිතාගෙන හිටියට, 'මං සංසාරේ ඇවිල්ල නෑ නේද??' 'සිද්ධවෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් / මතකයක් දිගින් දිගට පැවතගෙන ඇවිත් තියන එක විතරයි නේද??' කියලා දැනගත්ත ගමන්, උන්වහන්සේගේ සංසාර දුකයි... නැවත නැවත ඉපදීමයි... දෙකම එක සැරේම නැතුව ගියා!!! !!! !!! උන්වහසේට, "ගහකාරක දිට්ඨෝ’සි - පුන ගේහං න කාහසි - සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං - විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (ඒයි වඩුවා! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි. ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා කියවුනේ ඒකයි!!! !!! !!!

මොකද, මේ සංසාර ගමන තනිකරම අවිද්‍යාව හේතුකොට ගෙන දිගින් දිගට සිද්ධවෙන දෙයක්!!! අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනාද, switch එකක් off කල ගමන් light එකක් නිවෙනවා වගේ තමයි... කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා සේරම එහෙම්පිටින් අතුරුදහන් වෙනවා!!! ඒවා 'නැතිකොරන්න' පුක ඉරාගෙන දඟලන්න දෙයක් නෑ!!! !!! !!! ඊට පස්සේ ඒ හිතේ කීයටවත් සංස්ඛාර ඇතිවන්නේ නෑ!!! !!! !!! ඒ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙච්ච සත්වයාගේ ජීවිතය අවසාන වෙනවත් එක්කම, ඒ සත්වයා පදනම් කරගෙන පැවතිච්ච සිත / විඥාණය / පංච උපාදානස්කන්ධය එහෙමත් නැත්නම් 'භවය' කියලා හඳුන්වපු electro-magnetic field එක, 'නිරුද්ධ වෙනවා' collapse වෙනවා මිසක්, ඒක අවකාශයේ පැතිරෙන්න පටන් අරන්, ඒ ශක්තියෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

අර... මතකද අර වනගතව භාවනානුයෝගීව ඉඳලා... ධ්‍යාන වඩලා... 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගත්තු හාමුදුරුවරු 30 නමක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හමුවට වැඩිය වෙලාවේ, උන්වහන්සේ ඒ 30 නමගේම හැකියාවල් දැකලා, "මේ ඇත්තන්ට මෙතනදීම, ඉඳගෙන ඉන්න තැනම, අරහත්වයට පත්වෙන්න ධර්මය කියලා දෙන්න ඕනේ!!" කියලා, කරපු දේශණාව??? (මම ඒ සේරම කලින් ලියලා ඇත්තේ!!!) ඒ හාමුදුරුවරු 30 නමට වගේම අපි හැමෝටමත් 'තමන්ගේ' අතීතය බැලුවොත්... සිහිකලොත්... ඒකේ, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩි ලේ ප්‍රමාණයක් එකතුකරන්න පුළුවන් තරම්, අම්බානක් හරක් ආත්ම වල ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් එළුවෝ හැටියට ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු හැටි... හැංගිලා තියනවා!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල සතරමහා සාගරය පුරවන්න තරම් කඳුළු හලපුවා... මනුස්සයෙක්ම හැටියට ඉපදිලා, තාත්ත මැරිච්ච වෙලාවල මහා සාගරය පුරවන්න තරමට අඬපු ඒවා... ඒවගේ උදාහරණ කියලා ඉවරයක් කරන්න බෑ!!! !!! !!! උඹලට මතක් කරගන්න බැරිවුනාට, මේ ඉන්න තරමක් මිනිස්සු / සත්තු හැම එකාගෙම හිත්වල එහෙම තමයි!!! !!! !!! ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ කලේ, "ඔයාල දන්නවද, ඇයි ඔයාලට මේසා විශාල දුක් කන්දරාවක් විඳින්න උනේ?" කියල ඒ ස්වාමින්වහන්සේලා ගෙන් අහලා, "ඔයාලට මේතරම් දුකක් විඳින්න උනේ, ඔය පංච උපාදානස්කන්ධය තමන්ගේ යයි ගත් නිසයි!!" කියලා, කියපු එක නේ?? ඒ කියන්නේ, "තමන්ටම වෙච්ච දේවල්ය... තමන්ටම මුහුණපාන්න වෙච්ච දේවල්ය... තමන්ම කරපු / කියපු දේවල්ය... කියලා, රැවටිච්ච නිසයි උඹලට දුක්විඳින්න උනේ!!" කියලා, කියපු එක නේ??

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.