Thursday, March 29, 2012

ණිවන් දැක්කයින් පස්සේ කෙනෙකුට ආයේ සංසාර අනතුර සම්බන්ධයෙන් කරන්න කියල මොකවත් නෑ!!! ඒ අයට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැවසුවේ, "අනික් උදවියටත් කියන්න... හැමෝම ඉන්නේ මහා ලොකු අනතුරක!! හැකි සෑම කෙනෙක්ම ඒ අනතුරින් බේරගන්න!!" කියලයි!!! 'කතන්දර පේන්න ගත්තයින් පස්සේ' මටත් ඕනේ උනේ ඒකමයි!!! හැබැයි, මං ප්‍රශ්ණේ විසඳන්න පටන් ගත්තේ මාරතුමාගෙන්!!! එයා වර්තමාණයේ ලොක්කා බව හැබෑව... එයාට ඕනෙම කෙනෙකුට 'පාර්ට් දාන්න' පුළුවන් බවත් හැබෑව... ඒත්, එයත් සංසාර අනතුර ගැන දන්න... තමන් කවුද? ඊළඟට වෙන්නේ මොනවද?? කියල දන්න කෙනෙක් නෙවෙයි!!! ඔක්කොටමත් වඩා, කෙනෙක් අරහත්වයට පත්වුනයින් පස්සේ 'පාර්ට් දාන්න' ගියොත්, වරදින්නේ එයාටයි!!!'දුසී' නමින් මාර තනතුරේ ඉපදිලා ඉඳලා ඒ විදියට වැඩ වරද්දගෙන බොහෝ කාලයක් අපායේ දුක්වින්ද 'මතකයක්' මුගලන් හාමුදුරුවොන්ට තිබුණ... උන්වහන්සේ 'අපේ ලොක්කට' ඒ සේරම කියල දුන්න!!! මාරයෝ කියලත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේ... ඉතින් මේ දැන් තියන අබල් බබල් සේරටම 'අපේ උන්නැහැ' වගකියන්න ඕනෙත් නැහැ!!! අනික, 'තාවකාලිකව කොච්චර ලොක්කෙක් උනත් මොකටද??' 'මෙච්චර පින් තියන තත්වෙක ඉඳලා පහලට වැටෙන්න ඉඩ හැරියොත් කොච්චර අපරාදයක්ද??' කියල, මට 'අපේ එකා' ගැන හරියට දුක හිතුන... මං 'පොරට' ඔක්කොම කියල දුන්න!!! (ඊට පස්සේ මාර වෙනසකුත් දැනුන!!! ඒකයි, දැන් control එක මගේ අතේ කිව්වේ) එයා මේ ඉන්න තරමක් කුප්ප මිනිසුන්ට වඩා නම් ලක්ෂවාරයක් හොඳ කෙනෙක්... දැන් එයා කීයටවත් අමාරුවේ වැටෙන්නේ නෑ!!! ඒ වගේම, එයා අනිවාර්යයෙන්, පුළුවන් උපරිම කාලයක්, දිගටම ඉන්න ඕනේ බවත් මං කිව්වා!!! මොකද, එයා නැති උනොත් වෙන 'භූතයෙක්' අනිවාර්යයෙන් එතනට set වෙලා, අපි සේරමලටත් කෙලලා... ඌත් කෙලවගන... ගම කන්න ඉඩ තියනවා!!! ඒකයි. ඉතින්, මාර තුමා එයාගේ පාඩුවේ පැත්තකින් ඉඳියි... දැන් තියෙන්නේ මේ සේරම අනාගෙන... හොඳටම නාගෙන... ඉන්න ගොං මිනිස්සුන්ට ඇත්ත කියල දීල උන්ව හදන්න විතරයි!!! වසවර්ති මාරතුමා තනතුරේ ඉන්නකම්ම අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ, ඊට පස්සේ නම් බුදුහාමුදුරුවෝ / බුදුරජාණන්වහන්සේ නෙවෙයි, 'බු' යන්නවත් කියන්න හම්බවෙන්නේ නැති කාලයක් එයි... එතකම්, ඉපදිලා ඉන්න / ඉපදෙන තරමක් එවුන්ට ගොඩයත හැකි වෙයි...

හ්ම්... ඇත්තටම, කතාව ලියාගෙන ආව පාරෙන් පොඩ්ඩක් පිට පැන්න. ඇයි කියනවා නම්, 'උවමනාවෙන් බලන / follow කරන උදවියට පුළුවන් ඉක්මනට සෝතාපන්න තත්වයට එන්න කරුණු කියල ඉන්න...' 'ජාති / ආගම් කතා නැතුව හැම කෙනෙකුටම ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්න කරුණු කියන්න...' කියල guide කරනවා වගේ තේරුණා!!! ඉන්නේ තනියෙන්, ලියන්නේ තනියෙන් උනාට, 'වැඩේ යන්නේ' තනියෙන් නෙවෙයි බව මං ඉස්සර ඉඳලම කිව්වනේ!!! කොහොම හරි, මේ මගේ කතාවක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කතාවක් වත්... බුදුහාමුදුරුවොන්ගේ කතාවක් වත් නෙවෙයි!!! මේ අපි කවුරු කවුරුත් අහුවෙලා ඉන්න ස්වභාවධර්මයේ 'මහ බෙල්ල කඩල යන' වැඩපිළිවෙලක්!!! බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවධර්මයේ කතාන්දරය එහෙම්පිටින්ම... සම්පූර්ණයෙන්ම... පරතෙරටම... දැනගෙන, අවබෝධ කරගෙන, සියලු ලෝක වාසී දෙවි මිනිසුන්ට කියල දුන්න!!! අපේ කාලේ වෙනකොට එහෙම්පිටින්ම වහල දාල තිබ්බ ඒ සත්‍ය කතාන්දරය, අපේ පූරුවේ පිණට පහලවෙච්ච කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, 'අපේ හාමුදුරුවෝ' මහා උත්සාහයක් දරල... මහා අවංක, අව්‍යාජ උත්සාහයක් දරලා... නැවතත් ලෝකයට විවෘත කරලා දුන්නු නිසා අපිටත් දැනගන්න ලැබුණා!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කිව්වා, "ධර්මය අවබෝධ කරන පිරිස ඉතා අල්පයි... කකුලේ මහපටැඟිල්ලේ නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!' කියල!!! !!! !!! ** ඒකත් කලින් වගේම තමයි... කියල තියෙන්නේ, 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!' කියන එක තමයි!!! !!! !!! මොකදමේ වැඩපිළිවෙලට අනූව සත්වයෙක් හැදෙද්දී සිද්ධවෙන දෙයක් තියනව... ජීවත්ව සිටින තාක් එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයක් තියනවා... උං ඇත්ත දැනගෙන මේ වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් උං මැරෙණකොට සිද්ධවෙන දෙයක් තියනවා... ඔන්න ඕව හොඳටම දැනගෙන, හරියටම කලයුතු දේ කරන උදවියට මිසක් වෙන කාටවත් සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ධර්මය තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගත්තට... බුද්ධ දේශණා 84,000 ම කට පාඩමින් කියන්න තරමට 'ධර්ම ධර' කෙනෙක් උනාට... ඉන්න තැනක 'සිල් බේරෙන' ගණනටම සිල් රැක්ක/රකින සිල්වතෙක්/සිල්වතියක් උනාට... කිසි කෙනෙකුට සංසාර දුකින් නිදහස් වෙන්න බෑ!!! !!! !!! **

හැබැයි බලාගෙන ගියාම මේ කතාව මගේ 'ප්‍රියතම කෑමක්' නැත්නම් ආසම subject එකක්!!! මං කොහොමත් system internals එක්ක වැඩ කරන... kernel level දුවන... පොරක්!!! සේරම කූරු ගාල කූරු ගාල අල්ලගන්න කම් නින්ද යන්නේ නැති එකෙක්!!! ඇත්තටම වෙන්න ඕනේ, මේ කාලයේ මුළු ලෝකෙම ඉපදිලා ඉන්න එවුන් සදහටම දුකින් නිදහස් වෙන එකයි!!! බුදුහාමුදුරුවොන්ට ඕනේ උනෙත් ඒකමයි!!! !!! !!! ඉතින්,මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි...' කියපු එක, 'නෑ! දැන් බුද්ධිමතුන්ට විතරක් නෙවෙයි... මෝඩයන්ටත් හරියනවා!!' ගාණටම ගෙනාව!!! !!! !!! උවමනාවෙන් ධර්මයට යොමුවෙන එවුන්ට විතරක් නෙවෙයි... අනික් එවුන්ට එලෝගෙන, පස්සෙන් පන්නගෙන ගිහින් දෙන්න පුළුවන් ගාණටම හැදුව!!! !!! !!! (නැත්නම් මාරතුමාට බණ කියන්න ඇහැකි වෙයිය? ඒකා මගෙන් බණ අහයිය??) ඇත්තටම කිව්වොත්, සාමාන්‍ය කතන්දරේ invert කලා!!! අහන්න / කියවන්න ලැබුණාම, මුළු මහපොලවේම පස් තරම් එවුන්, 'මනස උසස්' මනුස්ස කියන ගණයට අයත්, මොලේ කඳුලක් හරි තියන ('මොලේ' > 0) එවුන්, ඔක්කොම වගේ අවබෝධ කරාවි... miss වෙන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසකට, කඳයි බඩයි අහවල් එකයි විතරක් තියන මෝඩ බූරුවන්ට, මොලේ කළඳක් වත් නැති ('මොලේ' ≤ 0) එවුන්ට විතරයි!!! මෙතනින් එහාට යන්නේ තනිකරම මාගේ role එක... ඒකෙන් තමයි වෙනස පටන් ගන්නේ!!! දැන් ඉතින් මෙච්චර කල් උඹල ජාති / ආගම් කියල පිල් බෙදිලා, වෙන්වෙලා, එක එක කුණුහරුප කර කර හිටිය ඇති!!! ඒවා අල්ලලා දාල, ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා.

මෙන්න මේකත් කියන්න ඕනේ. මේ ළඟදිත් දවසක් ගොං සංඝයෙක් කියනවා ඇහුන, මේ ධර්ම කතාව 'දර්ශණයක්...' ඒ කියන්නේ කවුරුහරි, අහන්න / දකින්න තියන සාධක වලින් guess කරලා, මෙහෙම මෙහෙමයි වෙලා ඇත්තේ... මෙහෙම මෙහෙමයි වෙනවා ඇත්තේ... කියල උපකල්පණ වලින් කියපු දෙයක් කියල. 'බෞද්ධ දර්ශණය' කියල එහෙම කියන්නේ... හැබැයි, මේ ඇවිල්ල 'දර්ශණ' බම්බුවක් නෙවෙයි!!! මේ Nature එක!!! ස්වභාවධර්මය!!! ස්වභාවික වැඩපිළිවෙලක් සම්බන්ධවයි මේ ඔක්කොම තියෙන්නේ!!! ඒකා ආයේ කිව්වා, 'බුදුහාමුදුරුවෝ වත් උන්වහන්සේ සේරම දන්නවා කියල කිව්ව බවක් 'ත්‍රිපිටකයේ' සඳහන් වෙන්නේ නෑ!!' කියල. අනේ මන්ද, ඒකා 'විජ්ජා චරණ සම්පන්නෝ... සුගතෝ... ලෝක විදූ...' කියල බුදුරජාණන්වහන්සේට වඳින / නමස්කාර කරන එකෙක් නෙවෙයිද දන්නෑ!!! 'ලෝක විදු' කියන්නේ, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා...' ඔක්කොම දන්නවා!!! පරතෙරටම දන්නවා!!! !!! සම්පූර්ණයෙන්ම දන්නවා!!! !!! !!! කියන එකටයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා, "අභිඤ්ඥාහං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නො අනභිඤ්ඥාය" (මහණෙනි, මම විශිෂ්ඨ වූ ඥාණයකින් සියල්ල දැනගෙනයි ධර්මය කියන්නේ... විශිෂ්ඨ වූ ඥාණයකින් නොදැන නොවේ!!) කියල!!! බුදුහාමුදුරුවෝ 'කතන්දරේ' එහෙම්පිටින් දැනගෙන, ඔක්කොම කියල දීල තියනවා!!! !!! !!! හැබැයි ඉතින් 'ත්‍රිපිටකේ' නම් එව්වා නැතුව ඇති... මොකද, ඒක මාරය සරණ ගිය කාලකණ්නි ගොං සංඝයෝ, ගෞතම බුද්ධ සාසනය 'පුහු' කරන්න හදපු, බුදුහාමුදුරුවොන්ගේ හුළං ඇරලා... පිරිසුදු බුද්ධ දේශණා කාල... ධර්මය දියාරු කරලා... සත්‍ය වහලා... අහන / කියවන එවුන්ට උතුර දකුණ මාරුවෙන්නම දෙන්න හදපු මහානර්ඝ නිර්මාණයක්!!! ඔය දැන් එක එක films හදන්නේ... අන්න ඒවගේ වැඩක්!!! !!! !!! දැන් ඒවායින් වැඩක් නෑ... මං ඒ සේරම අතුගාල දානවා!!! !!! !!! හැබැයි අපටත් අහල අහලම ඔය 'ත්‍රිපිටකය' කියන වචනේ කටට හුරුවෙලා තිබුණ නිසා මාත් මුලින් මුලින් ලියපු posts වලදී ඒ වචනේ පාවිච්චි කරලා ඇති. හැබැයිOriginal / Genuine බුද්ධ දේශණා නම්, ඒ දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල රහතුන්වහන්සේලාම සකස් කල පොත් වහන්සේලාගෙන්ම විතරයි!!! !!! !!! ඒ නිසා, සිවුරක් දාගත්ත පලියට බුරුවො කියල තියන / කියන ගොං කතා පිළිගන්න එපා!!! !!! !!!
ඇත්තටම නම්, ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලාගේ අවෑමෙන් පස්සේ, බෞද්ධ එවුන්ය... අන්‍යාගමික එවුන්ය... කියල මහ ලොකු වෙනසක් තිබුණේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැත්තකට දාලා ලොකු ලොකු වැඩ කරන්න ගියපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ගෙන්, නැත්නම් 'අටු ආචාර්ය'ල ('අටු' හදන්න කියල දීපු පොරවල්!! ඒ කිව්වේ පිරිසුදු බුද්ධ දේශණා වළඳලා, තව තවත් මේ වගේම අනිත්‍ය / තාවකාලික ජීවිතම හදාගන්න, 'සංසාරේ යන්න' කියල දීපු බූරුවෝ) ගෙන් පටන්ගත්තු, උන්ගේ කුණුහරුපය, 'අභිධර්මය' සරණ ගියපු කාලකණ්නි රැලේ එවුනුයි... දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් වෙනුවට 'විකල්ප' හොයන්න ගියපු, 'සර්වබලධාරී' කෙනෙක් හදාගෙන එයාගේ sup එකෙන් ඔක්කොම කරගන්න ගිහිල්ල, මාර තුමා "දෙන්නම් උඹලට ජම්බු!!" කියල දීපු හොඳ හොඳ දිරච්ච ලණු කාපු අන්‍යාගම් වල එවුනුයි... මැරි මැරී ගිල්ල set උනේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි!!! !!! !!! තව ටිකක් පැහැදිලි කලොත්, බුද්ධාගම් කාරයෝ... 'අර' ආගම් කාරයෝ... 'මේ' ආගම් කාරයෝ... කස්ටියම පෙරහැරේ ගිහිල්ල බැස්සේ එකම වලකට තමයි!!! !!! !!!භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!" කියලයි!!! !!! !!! ඒ කියන්නේ බිලියන් 700 ක් විතර 'මිනිස්සුන්'ගෙන්, 'මිනිස්සු' ⅛ ක් ¼ ක් විතර!!! හරියටම කිව්වොත්, 'මොකෙක්වත් අවබෝධ කරලා නෑ...' 'එකෙක් වත් ගොඩ ගිහිල්ල නෑ...' කියන එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!

ධර්මය කියව කියව... 'දහම' හප හප... සිල් රැක රැක... වැඳ වැඳ... අවබෝධ කරගන්නව වෙනුවට, කෙලෙස් නැතිකරගන්න දඟල දඟල ඉන්න මෝඩ පොරවල්, 'සංඝයෝ / national කාරයෝ / කලිසම් කාරයෝ / සාරි කාරියෝ / ගවුන් කාරියෝ' හැමෝම හිතාගෙන ඇති උන් 'ගොඩ'ය කියල... ඒත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'උඹල කරමැටි සහිත නිසරු පොලවේ වැවුණු ගස් වගෙයි...' කියලයි!!! කොටින්ම කිව්වොත්, 'වැඩක් වෙන්නේ නෑ!!' කියලයි!!! !!! !!! අපේ මුතුන් මිත්තෝ... ආච්චිලා / සීයල... සේරම ඉවරයි!!! 'ගොඩ' නෙවෙයි... තොපි සේරමලටත් කෙලවෙන්නයි ගියේ!!! හොඳ වෙලාවට... පූරුවේ පිණට... තමයි, අපේ හාමුදුරුවෝ ආවේ!!! !!! !!! නැත්නම් බොලා / අපි සේරම 'ෆිනිතෝ' තමයි!!! !!! !!! මං පෙන්නන්නං වෙන්න ගියේ මොකද්ද කියල... බුදුහාමුදුරුවෝ කිසි දෙයක් නිකම් ඉන්න බැරුවට... කවුරුවත් බය කරන්න... ලකුණු දාගන්න... කියල නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ ලෝකේ ඇත්තටම සිද්ධවෙන දේ ගැනයි!!! !!! !!! මං උඹලට ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව දේවල් එකක් නෑර වෙන්නේ ඒ විදියටමයි!!! කියන හැටි පෙන්නනවා / කියල දෙනවා!!! ආයි කතා දෙකක් නෑ... බොලාට රෙදි / සිවුරු කරට ගන්නම වෙනවා!!! පස්ස නොබලා... ණිවන් හොයාගෙන... හුරේ run එකක් දෙන්න වෙනවා!!! !!! !!!

අන්‍යාගමික / බෞද්ධ හැම කෙනෙක්ම හොඳට හිතේ තියාගන්න ඕන වැදගත්ම කරුණ, 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දර්ශණයක් වත්, බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! මේ ඇවිල්ල ස්වභාවධර්මය!!! !!! !!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ, "මගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල විතරක් කිව්වේ!!! උන්වහන්සේ කොහෙවත් කියල නෑ, 'මගේ ධර්මය, අහවල් රටේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... එවුන්ටයි' කියල!!! ඒ හන්ද, මනුස්සයෝ හැටියට ඉපදිච්ච හැම එකාම මේ කරුණු හොඳට බලා කියාගෙන දැනගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම, ජාති / ආගම් කියන කෙහෙල්මල් කතන්දර 'මනුස්සයොන්ට' තියෙන්න බෑ!!! ඒ සේරම උන්ට loose හන්ද කරගහගත්ත / බදාගත්ත කතන්දර!!! සේරටම වඩා, 'ඉතාමත් වැදගත් කාරණාවක්' තියනවා... අන්න ඒක, කිසිම අඩුවක් පාඩුවක් නැතුව, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටුවෙන්න ඕනෙවට තමයි මේ දේවල් මෙච්චරටම ඇනිලා යන තැනට සේරම වැඩකටයුතු හැඩගැහිලා / හැඩගස්වල තියෙන්නේ!!! !!! !!! උඹල දන්නවද???

සංසාර පැවැත්ම නිසා හැදෙන එක එක ජාතිවල සත්වයෝ අතරේ 'ලොක්කෝ' කියල කවුරුවත් නෑ!!! !!! !!! හැබැයි කර්ම ශක්තිය අනුව උන්ට ලැබෙන ආයුෂ / බල පරාක්‍රමය වගේ දේවල් හන්ද, කාලෙන් කාලෙට එක එක උදවියට යම්කිසි කාල සීමාවල් සඳහා 'ලොක්කෝ' වෙන්න අවස්ථාව ලැබෙනවා!!! හැබැයි ඔය කොයි 'ලොක්කත්' තාවකාලිකයි... තමන්ට ලැබිච්ච වෙලාව ඉවරවෙච්ච ගමන්, ඕනෙම ලොක්කෙක්ගේ, 'හුචුස්' ගාල හුළං බහිනවා!!! !!! !!! ඊළඟට ඉතින් තියෙන්නේ ලොක්ක හැටියට ඉඳන් කරපු / කියපුවට 'කන්න' තමයි... (හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කල / කී දේ අනුව තමයි). හැබැයි කවුරුවත් ඔය බව දන්නේ නෑ!!! ඉතින්, ඔය විදියට ලොක්කෝ වෙලා හිටිය / වෙලා ඉන්න අයගෙන්, මේ ඉන්න තරමක් සත්වයින්ට ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්න ලොකුම ලොක්කා, 'ලොකු අයියා' නැත්නම් 'මහ එකා' තමයි මාරය!!! එකෙක් කාලෙකට 'හොල්ලගෙන' ඉන්නවා... ඒකා චුත වෙනකොටම තා එකෙක් එතනට සෙට්වෙනවා... එකාගේ හුළං බහිනකොට තා එකෙක් සෙට්වෙනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඉතින් ඔය තනතුරට සෙට්වෙන 'මෑන්ස්' හොඳ කෙනෙක්... 'පින් තියන' කෙනෙක්... හැබැයි, පොඩ්ඩක් වයර් මාරුවෙච්ච කෙනෙක්. 'පොර' හිතන්නේ, මේ ඉන්න තරමක් හතරමහා ධාතු වලින් හැදෙන සත්වයෝ හැම එකෙක්ම එයාට අයිතියි කියලයි!!! ඒක කොහොම හිතිච්ච මගුලක්ද දන්නේ නෑ... මුලින්ම එහෙම මොට්ට කල්පණාවක් ආවේ කොයි එකාටද දන්නෙත් නෑ... කොහොම හරි, තමන්ගෙයි කියල හිතන් ඉන්න නිසා, මේ ඉන්න තරමක් සත්වයෝ මොකෙක්වත් සංසාර පැවැත්මෙන් මිදෙනවට / සංසාරෙන් නිදහස් වෙනවට, කොයි මාරයත් කැමති නෑ!!! !!! !!! එයා බලන්නේ මේ ඉන්න තරමක් එවුන්ව සදහටම සංසාර පැවැත්මේ දිගින් දිගටම රඳවලා තබාගන්නයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, 'මුළු ලෝකෙම එවුන් ඉන්නේ මාර වසඟයට අහුවෙලයි!!' කියල කිව්වේ ඒකයි!!! එයාගේ පින් බලය අනුව, එයාට උඩින් යන්න පුළුවන් / එයාට යටත් නැති, දෙවි / මිනිස් කවුරුවත් නෑ!!! !!! !!! අරහත්වයට පත්වෙනකම් කාටවත් එයාගෙන් ගැලවීමක් නෑ!!! !!! !!!

දැන් එතකොට මේ සංසාර ගත සත්වයොත් හැමදාම මිනිස්සු වෙලා උපදින්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ, "මේ, සසර සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දී... හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක... යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතු වුන වෙලාවක්ය..." කියල දේශණා කරලා අදහස් කලේ ඒකයි!!! හිතන්න පුළුවන් කමක් තියන මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක ඇරෙන්න, සත්වයෝ කාටවත් මේ සංසාර කතාව ගැන දැනගෙන, ඒකෙ නිෂ්ඵලත්වය... අනතුර... දුක... තේරුම් අරගෙන, ඒකෙන් නිදහස්වෙන්න ඕනේ කියල හිතන්න බෑ!!! !!! !!! බල්ලෝ / පූසෝ වගේ එවුන් සංසාර දුකක් ගැන කතාකරනවා... 'මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ!' කියනවා... අහල නෑ නේ?? අන්න ඒ හන්ද මාරතුමාට ලෝකේ ඉන්න තරමක් සත්වයෝ එයාගෙන් නිදහස් වෙලා යයි කියල බය වෙන්න / කලබල වෙන්න දෙයක් නෑ!!! හැබැයි මනුස්සයෝ එක්ක නම් හරි කරදරයි!!! උන් හැම එකාගෙම පුක පස්සේ ගිහින් ගිහින්, උන් සංසාර කතන්දරේ ගැන දැනගනීද?? උන් ඒකෙන් නිදහස් වෙන්න try කරයිද?? බේරිලා පැනගනීද?? කිය කියා බලන් ඉන්න එක හරිම වාතයි... මහා ඇණයක්!! ඒත් මොකෙකුටවත් ගැලවිලා යන්න දෙන්නත් බෑ... මොකද කරන්නේ??? හැදුව විකල්ප තොගයක්!!!

'හරි පාර' අහුවුනොත් නේ සේරම case වෙන්නේ?? එහෙම නොවෙන්න, 'හරි එක' හොයාගන්න බැරිවෙන්න, මුලින්ම හැදුව කිසිම පලක් ප්‍රයෝජනයක් නැති කුණුහරුප වැඩපිළිවෙලවල් (fake routes) හැට හුටහමාරක්!!! !!! !!! ඒ තමයි උඹල ඔය දැන් මහා ලොකුවට බදාගෙන ඉන්න ජාති / ආගම් කතන්දර!!! !!! !!! ඊළඟට, ඉන්න තරමක් මිනිස්සුන්ව ගොඩවල් ගොඩවල් වලට බෙදල, උන්ව හොඳට ඇණුවා!!! !!! !!! මතකයිද මාරයාගේ සේනාව?? එයාගේ tool set එක!!! 'කාමා තේ පඨමා සේනා... දුතියා අරති වුච්චති...' එහෙම කියල තියෙන්නේ... (කලින් ලියල දාල ඇති). අන්න ඒවා ඇත්තටම තියෙන්නේ සත්වයින්ගේ 'හිත්' වල!!! මාර තුමාට පුළුවන් එයාගේ යටත්වැසියෝ ඕනෙම කෙනෙක්ගේ හිත් access කරලා, එවුන්ගේ හිත්වල තියන ඔය 'ගති ලක්ෂණ' අවුස්සන්න!!! ඒවායේ levels වෙනස් කරන්න!!! හරියටම කියනවා නම්, set එකක / setup එකක, graphic equalizer එක adjust කරනවා වගේ වැඩක්... එතකොට සද්දේ වෙනස් වෙනවා නේ!!! අන්න ඒ වගේ, සත්වයින්ගේ හිත් වල කාමාසාව / එපාවෙන ගතිය / බඩගිනි-පිපාස ගතිය / තණ්හාව / නිදිමත-අලස ගතිය / සැකය වගේ ඒවා වෙනස් කරන කොට, සත්වයොත් මාරයට ඕනේ ඕනේ විදියට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! ඔන්න ඔහොම මිනිස්සු නටවලා, 'උඹලගේ ආගම තමයි හරි එක!! ඒත් අරුං අදහන්නේ වෙන එකක්!! උන් උඹලගේ ආගම විනාස කරන්න යන්නේ... උන්ව මරපං!!' වගේ 'රොටි' හදල දුන්නම, ආයි උං ගැන worry වෙන්න දෙයක් නෑ... එතකොට උන් උන් කුළල් කාගන්න තියාගන්නවා මිසක්, ඒ කිසි එකෙක් සංසාරෙන් නිදහස් වෙන්නේ නෑ!!! !!! !!! උං ලෝකේ නැති ප්‍රශ්ණ හදාගෙන, පුකවල් ඉරාගෙන නට නට ඉඳල, වෙලාව ඉවර උනාම මැරිලා ආයේ සංසාර ගමනටම සෙට්වෙනවා මයි!!! !!! !!! මාරයට තිබුණු කරදරෙත් ඉවරයි... වැඩෙත් එයාට ඕනේ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! තොපිට තේරුණාද seen එක??? ඇත්තටම, මේ ලෝකේ තියන තරමක් 'හුට්ටප්පර' සේරගේම අවසාන බලාපොරොත්තුව, සත්වයෝ සංසාරෙන් නිදහස් වෙන එක වැලැක්වීම විතරයි!!! !!! !!!

Friday, March 23, 2012

මේ විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ඨික ආගම් අදහන උදවියට...

ඔය උදවිය ඉන්නේ මහා දාර වලක!!! ඔය උදවියගේ මැරිච්ච මැරිච්ච හැමෝම වගේ අනාථයි!!! !!! ගොඩ ගියානම් ගොඩගියේ බොහොම සීමිත පිරිසක් විතරයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ, කෙනෙකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙන්න උවමනාවට කල්ප 91ක් ආපස්සට බලපු උන්වහන්සේට දකින්න ලැබිල තිබුණේ, 'සුගතියේ' නැත්නම් දෙවි මිනිසුන් අතර උපතක් ලබල තිබුණේ එකම එක මිත්‍යා දෘෂ්ඨික කෙනෙක් පමණක් බවයි!!! ඒ කෙනත් මිත්‍යා දෘෂ්ඨික නමුත් 'කර්ම හා කර්ම විපාක' විශ්වාස කරපු / පිළිගත්තු, ඒ අනුව ජීවිතය ගතකල කෙනෙක්!!! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, "මිත්‍යා දෘෂ්ඨිකයට උපත් දෙකයි... එක්කෝ නිරය, නැත්නම් තිරිසන් ලෝකය!!" කියල!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දන්නවා, මේ සියලු ලෝක සත්වයින් ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් සතර අපායේ වැටෙමින් යන නොනවතින සංසාර ගමනකට අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්න පිරිසක් බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා ඒ සත්වයින්ගේ සකස්වීම සිදුවෙන්නේ කර්මානුරූපව බව!!! !!! !!! උන්වහන්සේ පැහැදිලිවම දන්නවා එහෙම හැදෙන සත්වයින්ව බේරගන්න කවුරුවත් මේ විශ්වයේ නැති බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රාවකයින්ට හැම වෙලේම උපදෙස් දුන්නේ, "මේ සසර ගමන බොහොම භයානකයි... මේ ජීවිතයේදීම ඒ භයානක සංසාර ගමනින් එතෙර වෙන්න!! මේ සත්ව ජීවිත හරිම unsure... කොයි වෙලේද කියල නෑ!! ඒ නිසා පවින් වැළකිලා පින්ම කරන්න... එහෙම නොවුනොත් ගොඩ යනකම් දුගතියට ('ජරා' ජීවිතවලට) ඇද නොවැටී ආරක්ෂා වෙන්න බෑ!! දුගතියේ උපදින්න උනොත් දුක් බොහෝමයි... නැවත මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුෂ්කරයි!!" කියලයි!!!

මොකද, ජීවත් වෙන්න නම් කන්න බොන්න ඕනේ වගේම, මේ සසර සැඩ පහරෙන් එතෙර වෙනකම් 'ගිලෙන්නේ' නැතුව ඉන්නත් පින් ඕනෙමයි!!!ඒක හරියට, කුරුල්ලෙකුට අහසේ පියාඹන්න නම් තටු ගැසීම අනිවාර්යයි වගේ වැඩක්... නැත්නම් ඌ 'දොකොස්' වෙනවා කියල හැමෝටම තේරෙනවා නේ?? ඉතින්, ඔන්න ඔය තමන්ට උවමණා කරන පින් තමන්ම රැස්කර ගැනීම අතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ 'තමන්ම හම්බ කරගෙන කන...' 'තමන්ම වගාකරගෙන කන...' උදවිය ගානයි!!! එයාල ස්වාධීනයි!!! බුදුරජාණන්වහන්සේ, 'අත්ත දීපා භික්ඛවේ විහරථ අත්ත සරණා... අනත්ත සරණා...' කියල, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න... වෙන අයගෙන් සරණක් බලාපොරොත්තු වෙන්න එපා!' කියපු විදියට වැඩ කරන එයාලට අනුන්ගෙන් යැපෙන්න දෙයක් නෑ!!! !!! !!! හැබැයි, මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියන පට්ටපල් බොරු වලට රැවටිච්ච උදවිය මේ කාරණාවේදී 'හිඟන්නෝ' ගාණයි!!! උන් දෙයියන්ට වැඳ වැඳ... කන්නලව් කරකර... ඉල්ල ඉල්ලා... ඉන්නවා!!! ලැබුණොත් ස්තුති කරනවා... නැත්නම් 'බකන්නිලන්' ඉන්නවා... විතරයි!!! හිඟන්නෝ කොච්චර සද්දේ දාගෙන ඉල්ලුවත් උන්ට කන්න අඳින්න ලැබෙන්නේ අනික් එවුන් දුන්නොත් විතර නේ?? නැත්නම් හුළං නේ??? ඔන්න ඔය හිඟන්නෝ විදියටම, විහින් කොඳු කඩාගෙන... විහින් තමන්ගේ ස්වාධීනත්වය නැතිකරගෙන... ඉන්න මිත්‍යා දෘෂ්ඨික ආගම් වලට අහුවෙච්ච උදවිය, 'දෙයියන්නාන්සේ සේරම කරලා දේවි...' 'දෙයියන්නාන්සේ මාව බලාගනීවි...' කියල හිතාගෙන, ජීවත් වෙන ටිකේ කාල / ඇඳලා / life එක enjoy කර කර / full ජොලියේ හිටියට, කෙලවෙන්නේ මැරෙන්න වැටුණාම තමයි!!! !!! !!! මොකද, කවුරු කොහොම හිතාගෙන හිටියත්, තමුන්ව බේරගන්න... තමුන්ව බලාගන්න... පුළුවන් කවුරුවත් මේ විශ්වයේ නෑ!!! !!! !!! මේකේ ඉන්න තරමක් ඉන්නේ උඹල අපි වගේම සංසාර පැවැත්ම හන්දා ඉපදෙන මැරෙණ තාවකාලික ජීවිත ලබාපු එවුන්ම විතරයි!!! !!! !!! ඔන්න ඔය 'ඇත්ත' නොදැන 'බොරුවෙන්' මුලාවෙලා ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසකයෝ තමන්ව බේරගන්න දෙයියෙක් නැති බව දැනගන්න කොට... 'මොනවා කරන්නද??' කියල හිතාගන්න බැරුව දෙලෝ රත්වෙනකොට... තමන්ට ලැබිච්ච කාලයත් ගෙවිලා ඉවරයි!!! !!! !!! ඉතින් sorry ම තමයි... තව දුරටත් 'උඩ ඉන්න' මොකුත්ම හම්බ කරගත්තෙත් නැති, සසර සැඩ පහර ගැන දැනගෙන ඒකෙන් ගොඩ යන්න උත්සහ කලෙත් නැති එවුන්, සැඩ පහරේ ගහගෙන ගිහින් පතුලටම ගිලිලා යනවා මයි!!! !!! !!!

මේ ඇත්තටම වෙන සිද්ධිය, අපායට වැටෙන එවුන්ගෙන් 'යම රජතුමා' අහනවයි කියපු ප්‍රශ්ණ පත්තරයෙන් දැනගන්න පුළුවන්!!! ඒක මේ බුදුරජාණන්වහන්සේ ගොතල කියපු කතාවක්... ප්‍රබන්ධයක්... එහෙම නෙවෙයි!!! 'අපාය' කියන්නේ වෙනම ලෝකයක්. ඒකෙ සිද්ධවෙන දේවල් සිද්ධවෙන්නේ එහෙ ලොක්කන්ට ඕනේ ඕනේ විදියට!!! (මෙහෙ වගේම තමයි). බුදුහාමුදුරුවෝ කලේ, පොඩ්ඩක් 'රබර් ඇහැ' 'රබර් කණ' දාල (දිවැසින්) එහෙ සිද්ධවෙන කතන්දරේ බලලා, අපිට කියල දීපු එක විතරයි!!! !!! !!! එහෙට යන යන එකාගෙන්, යම රජ්ජුරුවෝ, 'පළවෙනි දේවදුතය දැක්කද?? දෙවැනි දේවදුතය දැක්කද?? දැක්කද?? දැක්කද?? දැක්කද??' කියල අහ අහ,"තෝ, 'සංසාර ගමනක් තියනවා!!' 'තොට ආයේ උපදින්න වෙනවා!!!' 'තොට, තෝ කලින් කියපු / කරපුවට කන්න වෙනවා!!! !!!' කිව්වම, තෝ ඒක විහිලුවකට ගත්ත නේද??? තෝ හිතුවේ ඒක joke එකක්ය කියල නේද???" කියල මතක් කරලා දීල, "දැන් එහෙමනම් තෝ කරපු දේවල් වලට තෝම කාපිය!!! !!! !!!' කියල, යමපල්ලන්ට handover කරනවලු!!! එතන ඉඳල party begins තමයි!!! ඉතින්, ඔය 'දෙයිය මැව්වා...' 'ඉබේම හැදුනා...' වගේ 'කතන්දර අහල' රැවටිලා හිටිය උඹලගේ අම්මල / තාත්තල / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / හිතවත්තු සේරමලා අන්තිමේ නනත්තාර උනා... ඉවරෙටම ඉවරවුනා!!! ඒ එක්කෙනෙකුට වත් ආයි ඇවිල්ල, 'දෙයියෙක් නෑ බං... අපිට කෙලවුනා බං... උඹල ඉක්මනට මොනව හරි කරගනිල්ල...' කියල කියන්න බැරි උනායින්, උඹල කාටවත් මේ වැඩේ තියන භයානක කම දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! බැරි වෙලාවත් උඹලට ඒ බව දැනගන්න ලැබුණා නම්, තොපිට මැරෙණකන්ම ජීවත් වෙන්න සිද්ධවෙන්නේ 'කඩන් වැටෙන්න යන plane එකක ඉන්න passengers ල වගේ තමයි!!! !!! !!! උන්ට කිසිම විකල්පයක්... ගැලවීමක්... choice එකක්... මොකවත්ම නෑ!!! !!! !!! තියෙන්නේ කෙලවිලා යනකම් විලාප ගගහ, පණබයේ වෙවුල වෙවුල ඉන්න විතරයි!!! !!! !!! කොහොමත් අවසානයේදී කෙලවිලා යනවාම තමයි!!! !!! !!!

ඊළඟට, අර අනික් කතන්දර... 'ස්වර්ගෙට යනවාය' 'judgment day එක එනකම් සාමදානයේ සැතපෙනවාය' වගේ ඒවා ගැන පොඩ්ඩක් බලන්න. දැන් ඔය 'ස්වර්ගෙට යනවා ඇති!!' 'එහෙ ගිහින් කිසි upset එකක් නැතුව ෂෝක් එකට ඉන්න පුළුවන් ඇති!!' ආයේ, 'මළවුන් එක්ක අහවල් දවස එනකම් සාමදානයේ සැතපිලා ඉන්නවා ඇති!!' 'එදාට අහවල් කෙනා ඇවිත් නැගිට්ටනවා ඇති!!' කියන සේරගෙන්ම ඇඟවෙන්නේ, 'තමන්' නැතිවෙනවට තියන බය... 'තමන්ට' දිගින් දිගටම පවතින්න තියන ආසාව... එහෙම නේ??? ඇත්තටම, අපි මේ කතාවෙන සංසාර කතන්දරයේ පදනමත් ඕකයි!!! !!! !!! අපි කාටවත් එහෙම දිගින් දිගට ඉන්න / පවතින්න විදියක් නෑ!!! !!! සංසාර පැවැත්ම නිසා හැදිච්ච සත්වයෝ කාටවත්ම එහෙම ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!! !!! මේ හැදිච්ච ඇඟවල් සේරම ඒවායේ ආයුෂ ඉවරවෙච්ච ගමන්, නැත්නම් කර්ම විපාකයකට ගොදුරුවෙච්ච ගමන් (lifetime superseded by karma) විනාශයට පත්වෙනවා... නැසී වැනසී යනවා... ඒ කියන්නේ, 'සත්වයා' මරණයට පත්වෙනවා මයි!!! !!! !!! උන්ට කරන්න පුළුවන් "ඉපදුනෙත් මං දැනගෙන... මගේ උවමනාවට... මට මේ අහවල් තැන, අහවල් පවුලේ, අහවලා හැටියට ඉපදෙන්න ඕනේ කියාගෙන නෙවෙයි නේ... ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්ච දෙන්... මට මොකෝ!! කොහොමත් මැරෙණ එක නේ..." කියල අතහැරලා, අමතක කරලා දාන එක විතරයි!!! !!! !!! ඒ වගේම, "ආයේ කොහේ කොයිලෝකේ මොකෙක් හැටියට ඉපදුනත් ඒ ඉපදෙන හැම එකාටම වෙන්නෙත් මේ සේතේම නේ... මේකේ ඉවරයක් දකින්නයි ඕනේ!! තවත් නම් එපෝ!!" කියල අවබෝධයෙන්ම හිත හදාගෙන, නිකම්ම නිකම් ඉන්න එක විතරයි!!! !!! !!! ඒත් ඔය ඇත්ත නොදන්නා සත්වයා තමන්ට දිගින් දිගටම ඉන්න / පවතින්න පුළුවන් ඇතියි කියල හිතාගෙන, දිගින් දිගටම ඉන්න හිතුවොත්... තවදුරටත් පවතින්න බලාපොරොත්තු ඇතිකරගත්තොත්... වෙන්නේ, ඒකා මැරෙණකොටම තවත් එකෙකුගේ උපත සිද්ධවෙන එක විතරයි!!! එතකොට මේ විඳින ඉවරයක් නැති දුක් / වේදනා නැවත නැවතත් (repeatedly) විඳින්න වෙන නිසා ඒ සත්වයාට ගැලවීමක් ලැබෙන්නේ නෑ!!! ඔන්න ඔය ඇත්ත දැනගත්තොත් උඹලා ලේසියෙන්ම මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන නිසා, "ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් තියනවා... එහෙ හරී ෂෝක්... මැරිච්ච හැමෝම ඉන්නේ එහෙ තමයි..." කියල, හොඳ ලස්සන ගුලියක් අඹරල දීල උඹලව ගොනාට අන්දලා තියෙන්නේ 'ලොකු අයියා' නැත්නම් 'මාරයා' තමයි!!! ඇත්තටම එයා 'ස්වර්ගය' කියල උඹලට පෙන්නලා තියෙන්නේ අපායයි!!! මොකද, එතකොට ලොකු ලොකු පොරවල් බොහොම සන්තෝසෙන් උඩ පැනගෙන ඇවිල්ල 'ජබොස් ගාල' සිය කැමැත්තෙන්ම 'වලට' පනින නිසා මාරතුමාට කිසි කරදරයක් නෑ... එයා ඔය කරලා තියෙන්නේ, උඹලව නියමෙටම ගොනාට අන්දලා... ඇදගෙනම නාපල්ලා... කියල හදල දීපු එකයි!!! !!! !!! අන්න ඒ නිසා, දැන්නම් උඹලගේ route එක අනිවාර්යයෙන් වෙනස්විය යුතුමයි!!! !!! !!! නැත්නම්, තොපි කතන්දරේ දැනගන්න ලැබිලත් ගොඩ යන්න හදාගත්තේ නැති ගොං රැලක් වෙනවා වෙනවා වෙනවා මයි!!! !!! !!!

ඇත්තටම මේ මාතෘකාව මගේ මොකක්වත්... අපේ හාමුදුරුවොන්ගේ මොකක්වත්... ඒත් නැත්නම් බුදුහාමුදුරුවොන්ගේ මොකක්වත්... එහෙම නෙවෙයි!!! !!! !!! මේ, උඹල / අපි සේරමලයි, අනික් ඉන්න තරමක් සත්තු සේරමලයි හැදෙන්න හේතුවෙච්ච ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'හේතු-ඵල ධර්මතාවය' නැත්නම් 'පටිච්චසමුප්පාදයයි'!!! !!! !!! මේ වැඩපිළිවෙලට පිටින් 'අමුතු ක්‍රමේකට' හැදිච්ච සත්වයෝ මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් නෑ!!! !!! !!! ඒ හැදිච්ච අපි දැන් කන 'පරිප්පුව' කොහොමද?? උඹලටත් දුක දැනෙනවා නේ??? පිපාසෙන් / කුසගින්නෙන් ඉන්න උනාම... ලෙඩ වුනාම... තමන් කැමති, තමන්ට ප්‍රිය අයගෙන් / දේවල් වලින් වෙන්වෙන්න උනාම... උඹල අකමැති, අප්‍රිය අය / දේවල් එක්ක එකතුවෙන්න උනාම... විඳින්න වෙන දුක හැමෝටම පොදුයි නේ?? 'මැරෙණවා' කියන එක උඹලටත් අනික් හැමෝටම වගේ, දුකක්මයි නේ??? ඒත් මේ සංසාර පැවැත්මෙන් ගැලවෙනකම්, කාටවත් ඔය දිගින් දිගටම (repeatedly) දුක් විඳින්න වෙන එකෙන් නිදහස් වෙන්න බෑ!!! ගැලවෙන්න ඕනෙය කියල වෙන මොන මොන දේවල් කලත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් / පිළිසරණින් සංසාර දුකෙන් ගැලවුනොත් මිසක්, ගැලවෙන්නත් බෑ!!! !!! !!! යකුනේ, අන්න ඒක නිසා, මේක පිළිඅරන්, අහල තේරුම් අරන්, ඇත්ත දැනගෙන, තොපිත් ගොඩ ගියා කියල, 'උඹලගේ ආගම් බලු උනා...' 'උඹලයි / උඹලගේ ආගම් සේරමයි පැරදුනා...' 'බුදුහාමුදුරුවොයි / බුද්ධාගමයි දිණුවා...' 'උඹලට බුදුහාමුදුරුවොන්ට second වෙන්න උනා...' කියල මොන උලව්වක් වත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! මම මේක follow කරන ඕනෙම එකෙක්ගේ route එක clear කරලා ගොඩයන්න හදල දෙනවා!!! ඒත් උඹල follow නොකලොත්, මේක 'බුද්ධාගමේ කතාවක්... අපිට වැඩක් නෑ!!' කියල නොසලකා හැරියොත්, don't care කලොත්, උඹලට ඒ මොකවත්ම දැනගන්න වෙන්නේ නෑ!!! එහෙම උනොත් උඹලට ගැලවෙන්න ලැබුණු chance එක miss වෙයි... කලින් හිටිය එවුන්ට මේ කිසි එකක් දැනගන්න අවස්ථාව නොලබිච්ච නිසා කෙලවුනා වගේම, තොපිට දැනගන්න අවස්ථාවක් ලැබිලත් දැනගත්තේ නැති නිසා කෙලවිලාම යයි!!! !!! !!!

Monday, March 19, 2012

මේ... ඉතින් දැන්වත් දන්න දන්න හැමෝටම මේගැන කියහල්ල!!! මේ ගණනට වත් ජීවිත කතාව ගැන දැනගන්න කම්, මේ ඉන්න මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ!!! !!! !!! උඹලට පේන්නේ නැති උනාට, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට ඇදගෙන වැටෙනවා!!! (මතක නේ? උන් තාම මේ මොකුත් දන්නේ නෑ... ඉතින් උන්ට වෙන්නේ උන්ව පණපිටින් ඒ ඒ ලෝක වලට ඇදගෙන වැටෙනවා වගේ තමයි!!!) කතාකරලා වැඩක් නෑ... මාර දුකක්!!! !!! !!! උඹල / අපි හැමෝම මේ ටික කරගන්න බැරුව අනන්ත කල්ප සංඛාවක් විඳවල තියනවා!!! !!! !!! තොපි දැන්වත් පුළුවන් පුළුවන් හැම එකාවම මේ ගැන දැනුවත් කරලා, උන්ට ගොඩයන්න අවස්ථාව හදල නොදුන්නොත්, උඹල කරන්නේ මහා අපරාදයක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගෙවාගෙන ආව සන්සාරේදී තමන්ට නෑයෝ නොවෙච්ච කිසිම සත්වයෙක් නෑ!!" කියලයි. ඉතින්, ඒ එක්කෙනෙකුට වත් මේ වාසනාවන්ත අවස්ථාව miss වෙන්න දෙන්න එපා!!! උන් පව්!!! !!! !!! තමන්ට වචනෙකින් හරි උදව්වක් / උපකාරයක් කල කෙනෙකුට මේක miss වෙන්න ඉඩහැරියොත් උඹ කරන්නේ මහා බලු වැඩක්!!!

මේකේ live thread එක කරනගන යන්නේ elakiri.com එකේ තමයි. EK එක හොඳ place එක... හැමෝටම  එතනට එකතු වෙන්න කියහල්ල!!! ජනාධිපති තුමාගේ ඉඳල ඉන්න ඉන්න හැම කෙනෙක්ම  එතනට එකතුවෙන්න ඕනේ!!! !!! !!! http://tinyurl.com/kariyawasam කියන url එක publish කරන්න!! ඒ වගේම මේ කතන්දරේ ලෝකේ හැම මනුස්සයෙකුටම දැනගන්න පුළුවන් වෙන්න හැම භාෂාවකින්ම translate කරලා publish කරන එක ඒ ඒ අදාළ අංශ වල ලොකු ලොක්කොන්ට බාරයි!!! (මං ලොක්ක මේ මාතෘකාවට විතරයි!!!) හාමුදුරුවරු කවුරු කවුරුත් මේ කතාව අල්ලගෙන, ගමක් ගමක් ගානේ කියාගෙන යන්න පටන් ගන්න!!! !!! !!! කිසි කෙනෙක් මගහැරෙන්නේ නැතිවෙන්නම වැඩේ කරන්න!!! !!! !!! ඒ වගේම තමන්ගේ වගකීම පැහැර හැරියොත්, ඒක තමන්ටම පාරාවළල්ලක් වෙන බවත් දැනගන්න!!! !!! !!! මේ මාතෘකාව 'සෙල්ලම් කරන්න පුළුවන්' එකක් නෙවෙයි!!! !!! !!!

ඇත්තටම, මට 'සෙල්ලම් පෙන්නන්න' ඇවිල්ල EK එකේ සැහෙන පිරිසක් අර 'ඉතුරු 7න්' එකක් දෙකක් චූටි ගල්කැට නෙවෙයි... පිදුරුතලාගල කන්ද වගේ ඒවා කරගත්ත!!! !!! !!! මට කරන්න දෙයක් නෑ... උන් කිව්වට අහන්නේ නැති බූරුවෝ නිසා කරන්න කිසිම දෙයක් නෑ!!! තව ටික දෙනෙක් 7ක් නෙවෙයි, 7777777 කට වත් ආයේ හදන්න බැරිවෙන්නම වැඩේ කාගත්ත. (උන් රඟපෑමක් කලාද? නැත්නම් බොක්කෙන්ම කියපු / කරපු දේවල්ද කියල නොදන්න නිසා, එකපාරට මොකුත් කියන්න බෑ) කොහොම උනත්, මම මුළු කතන්දරේම කියනවා... එතකොට කෙලවගත්ත එවුන්ට තේරෙයි 'මං' ඉවරයි නේද?? කියල. I'm sorry about that! මේ මාතෘකාව මගේ එකක් නෙවෙයි... මේ තමයි nature එක!!! !!! !!! ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... ගූ කරගත්තොත්, පිටවෙනකොට automatically බෙල්ල මිරිකෙනවා!!! !!! !!!
ඔන්න ඔය අනතුර දැකපු බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!!' එහෙම නැත්නම්, තොපිට හොඳටම තේරෙණ style එකෙන්... 'යකෝ, ඉක්මනට සෝතාපන්න වෙයං... නැත්නම් තෝ මගේ සාසනයට වත් අයිති නෑ!!' කියලයි!!! !!! !!! මොකද, සෝතාපන්න කියන තත්වයට වත් එනකම්, මේ කිසිම සත්වයෙකුට කිසිම ආරක්ෂාවක් නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ වදාළේ, 'මනුස්ස ජීවිතයක් ලැබීම අන්තීම දුර්ලභයි!!' කියලයි!!! !!! !!! හැම සත්වයෙක්ම ගෙවාගෙන ආව සංසාර ගමනෙන් වැඩිහරියක්, නැත්නම් 99.999% ම ඉපදිලා තියෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!! තව විදියකට කිව්වොත්, උන් මනුස්ස ජීවිතයක් ලබන්නේ, නිරිසත් / පෙරේත / තිරිසන් ආත්ම හැට කෝටියකට සැරයක් (1 : 600,000,000) වගේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් විතරයි!!! මේ ලැබුණු අවස්ථාව මගහැරුණොත්, උන් ආයේ මනුස්ස ලෝකෙට එන්නේ තව අවුරුදු ලක්ෂ... දසලක්ෂ... ගණනකින් වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ 'මේ, සසර සැඩපහරට අසුවෙලා... දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ... හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතුවුනු අවස්ථාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ දිහාවට හැරිලා, පීනන්න පටන්ගන්න!!' කියලයි!!! !!! !!! අහන එකා බූරුවෙක් නෙවෙයි නම්, ඌට මේ සරල උදාහරණයෙන්ම තේරෙන්න ඕනේ ඌ මුහුණපාල තියන සංසාර අනතුරේ බරපතල කම ගැන!!! එහෙම තේරිච්ච එකෙක්, එවෙලේ ඉඳල සංසාරෙන් එතෙර වීම සඳහා හැකි ඉක්මනින් සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා (ගොඩ බිම දිහාවට හැරිලා පීනන්න පටන්ගන්නවා) මිසක්, එහෙම කරලා හැකි ඉක්මනින් අඩුම ගණනේ සෝතාපන්න කියන තත්වයට වත් එනවා (සැඩ පහරෙන් බේරිලා ඉවුරට ගොඩ වෙනවා) මිසක්, පින් කරකර... පෙරුම් පුරපුර... තවදුරටත් සංසාරේ යන්න නම් කීයටවත් හිතන්නේ නෑ!!! !!! !!! (අනික් අතට පෙරුම් පුරපුර... පින් කරකර... හරි තව දුරටත් සංසාරේ 'යන්න' හදන එකෙකුට නම් බුද්ධ සාසනයෙන් ඇති වැඩකුත් නෑ!!! මොකද, පෙරුම් පිරුවත් නැතත් උන්ට කොහොමත් හතර අපායේ වැටි වැටී සංසාරේ යන්න වෙනවා මයි!!! බුද්ධ සාසනය තියෙන්නේ සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න... ගොඩ යන්න... උවමනා උන්ට විතරයි!!!) අන්න ඒ විදියට බුදුරජාණන්වහන්සේ සරණ ගිහින්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන ශ්‍රාවක පිරිස විතරයි 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා' විදිහට, යුගල වශයෙන් නම්, සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් හැටියට 4 දෙනයි. තනි තනියෙන් නම්, සෝවාන් මාර්ගයේ යන කෙනා / සෝවාන් කෙනා / සකෘදාගාමී මාර්ගයේ යන කෙනා / සකෘදාගාමී කෙනා / අනාගාමී මාර්ගයේ යන කෙනා / අනාගාමී කෙනා / අරහත් මාර්ගයේ යන කෙනා / අරහත් කෙනා හැටියට 8 දෙනයි විදිහට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ සම්මාසම්බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ!!! !!! !!! ඉතීන්, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින්... තමන්ගේ ජීවිතකාලය තුලදීම... අවම මාර්ගඵල අවස්ථාව, 'සෝතාපන්න' තත්වයටවත් පත්නොවුනොත්, සිවුරු අඳින එකෙක්ය කියලවත්... දිට්ඨිසම්පන්න / ශ්‍රද්ධානුසාරී / ධම්මානුසාරී එවුන් කියලවත්... ධර්ම ධර / විණය ධර / සිල්වත් / ගුණවත් / පන්සිල් රකින එවුන්ය කියලවත්... අනික් කිසිම එකෙක් බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා සංසාර අනතුරේ මයි!!! future unpredictable... උන්ගෙන් පස්සේ හැදෙන එවුන් කොහේ කොහේ විසිවෙයිද කියන්න බෑ!!! !!! !!! ඒකයි 'සෝතාපන්න කෙනා ආත්ම 7 කින් ගොඩයනවා' කිව්වට, ධම්මානුසාරී එකා ආත්ම 77 කින් වත් ගොඩයයි... ශ්‍රද්ධානුසාරී එකා ආත්ම 777 කින් වත් ගොඩයයි... කියල ඉඟියක්වත් කරලා නැත්තේ!!! !!! !!! ඒක නිසාම තමයි, 'නියසිලට ගත් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ගොඩ යන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ වලටමයි!!' කියල බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දේශණා කරලා තියෙන්නෙත්!!! !!! !!! දැන්වත් තොපිට තේරුණාද තියන risk එක???

හැබැයි, 'සෝතාපන්න මාර්ගයේ යන කෙනා සෝතාපන්න වෙනකම් එයාගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කොහොමද කියනවා නම්, මළාට පස්සේ තව දුරටත් '...මාර්ගයේ යන' කතාවක් නෑ නේ?? ඌ එතනින් ඉවරයි නේ?? හැබැයිසෝතාපන්න වෙන මාර්ගයට ආවා කියන්නේ, 'පටිච්චසමුප්පාදයට' අනුව සංසාර ගමන කියන එකේදී සිද්ධවෙන 'කතන්දරේ මේකයි' කියල ඉඟියෙන් හරි (ලාවට ලාවට වත්) දැනගත්ත කෙනෙක්ය කියන එකයි!!! ඉතින් ඒ කෙනා මැරෙන්න ලංවෙලා ඇඟ අස්ථාවර (unstable) වෙනකොට, අර මතකය ඇවිස්සිලා 'කුණුහරුප / අපබ්‍රංස' seen පේන්න ගන්නකොටම, එයා තේරුම් ගන්නවා 'ආ... එහෙනම් මේ සංසර ගමනේදී වෙලා තියෙන්නේ මේකයි නේද? කියන බව!!! කවුරුවත් කියනවට නෙවෙයි... තමන්ම අත්දැකීම ලබල දැනගන්නවා 'මේක නේ මේ වෙලා තියෙන්නේ!!' කියල!!! !!! ඒත් එක්කම එයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා!!! !!! !!! එයාට මතක් වෙනවා, 'මේ මං කරපු දේවල් නෙවෙයි නේද?' 'මේවා මට වෙච්ච දේවල් නෙවෙයි නේද??' 'මේ මොකක්වත් මට අදාළ නෑ නේද???' කියන බව!!! !!! !!! හරිය??? ඉතින්, එයා චුට්ටක් වත් කලබල වෙන්නේ නෑ!!! !!! එයා කීයටවත් 'ඒ තොරණ් දැකල' upset වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් බොලා වගේම තමයි!!! !!! !!! උන් මහා භයානක සසර අනතුරින් සදහටම ගැලවෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "යමෙක් සෝතාපන්න උනා කියන්නේ, එයා මහා විශාල පර්වතයක් තරමේ දුක් කන්දරාවක් ඉවරකළ කෙනෙක්!! එයාට විඳවන්න තියෙන්නේ තව චූටි චූටි ගල්කැට 7ක තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද,අනන්ත කල්ප සංඛාවක් තිස්සේ ගොඩ ගැහිලා තිබ්බ මහා පරුවතයක් තරමේ 'අනුන්ගේ' මතකය අතහැරලා දැම්මම, තව ඉතුරු තමුන්ගේ ජීවිතකාලය තුලදී එකතුවෙච්ච මතකය විතරයි!!! !!! !!!

ඉතින්... තේරුණාද??? ??? ඇයි යකුනේ මං කිව්වේ, 'මං උඹල සේරමලව සෝතාපන්න කරනවා!!' කියල!!! !!! !!! දැන් ඉතින් උඹල බයවෙන්න එපා... මේ කරුණු නැවත නැවතත් කියවල, හොඳටම මතක හිටින්න හදාගන්න!!! !!! !!! නිතර සිහි කරන්න!!! !!! !!! උඹල කවුරුවත් හතර අපායට ගෙනියන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් නෑ!!! !!! !!! මේ, 'ගෞතම බුද්ධ රාජ්‍යය' මුළු ලෝකෙම එලිය කරගෙන බබලන වෙලාවයි!!! !!! !!! දැන් total controll එකත් මගේ අතේ!!! !!! !!! විශේෂයෙන් මගේ ගුරු හාමුදුරුවොන්ට, 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන... මාව හොඳ යාලුවෙක් හැටියට දැක්ක... මේ ලියපුවා අවංක උවමනාවකින් බලපු අහිංසක / නිහතමානී උඹල කවුරුවත්, අම්මල-තාත්තල / නැන්දලා-මාමල / පුන්චි අම්මල-බාප්පල / අක්කල-අයියල / නංගිලා-මල්ලිලා / දූලා-පුතාල කිසිම කෙනෙක්, ආයේ කවදාවත් සංසාර දුකට වැටෙන්නේවත්, මං උඹලට වැටෙන්න දෙන්නේවත් නෑ!!! !!! !!! අපි මෙතනින් නතරවෙන්නෙත් නෑ... මං next round එකේදී උඹලට වෙන්න ගියේ මොකද්ද කියල පෙන්නනවා!!! !!! !!! (රෙදි / සිවුරු කරට අරගෙන දුවන්න වෙයි කිව්වේ...) ඒ වගේම තමයි, මේ මාතෘකාවට අදාළ සේරම ආයේ කිසිම පුංචි ළමයෙකුට වත් 'තේරුණේ නෑ!' කියන්න බැරිවෙන්නම පැහැදිලි කරලා කියල / තෝරලා දෙනවා!!! !!! !!! මේක නතර කරන්නේ, උඹලව අනාගාමී කියන තත්වයටම ගෙනිහිල්ල, මේ ජීවිතය තුලදීම නිර්වාණයත් සාක්ෂාත් කරගන්න අවශ්‍ය හැම දේම කියල දීලයි!!! !!! !!! මේ වෙනකොට කතා බහ කරපු සෑහෙන දෙනෙකුට ඔය සේරම කරලා දෙන්නත් ලැබුණා!!! ඒත් මෙහෙම public situation එකකදී ඒ විදයට immediate results ලැබෙන්නේ නෑ!!! මේ මතෘකාවේදී ළඟ ඉන්න කොට (close proximity) තියන chances මාරයි!!! කියල වැඩක් නෑ!!! !!! ඒ සේරම කියල දුන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මයි!!! !!! !!! (ඒ සේරම ඉදිරියේදී කියල දෙනවා!!!)
වේලපහින්ම කිව්වා නේ, සත්වයෝ සංසාරේ යන්නේ නෑ... උන් ඇඳගෙන ඉන්න 'ජංගිය / ජොකා' සංසාරේ යනවා වගේ වැඩක් තමයි වෙන්නේ!!! කොටින්ම කිව්වොත්, මේක මේ සත්වයෝ අනන්ත සංඛාවක් දායක වෙලා දුවපු relay එකක් වගෙයි... සංසාරේ ඇවිල්ල තියෙන්නේ 'relay පොල්ල' විතරයි!!! කියල. තව කිව්වා, අවිද්‍යාවෙන් වැහිච්ච, ජීවිතේ ගැන මොකුත් නොදන්න එකා, කෝච්චි පෙට්ටියක් ඇතුලේ ඉඳන් වටපිට බලබලා යන එකෙක් වගෙයි... උන්ට 'පීල්ල එක දිගටම තියනවා ඇති!' 'එකම පීල්ලක් වෙන්න ඇති!' කියල හිතුනට, කෝච්චි පෙට්ටියෙන් බැහැල බලන් හිටියොත් තමයි පේන්නේ කෝච්චිය යන්නේ පීල්ලෙන් පීල්ලට මාරුවෙවීය කියන බව!!! එහෙම කියල. ඉතින් උඹලව කෝච්චියෙන් බස්සල තියෙන්නේ... දැන් උඹලට පරණ කතන්දර අදාළ නෑ!!! !!! !!! අවිද්‍යාවෙන් වැහිලා, අන්ධවෙලා ඉන්න එවුන්ට... 'එළියෙන්' හතරවටේ බල බල උන්න මිසක්, 'තමන්ව' දැක්කේ නැති එවුන්ට... මේ ජීවිත නිත්‍යව / ස්ථිරව දිගින් දිගට පවතිනවා වගේ දැනුනට, විද්‍යාව පහලවුනාට පස්සේ, ජීවිතේ 'දැක්කට' පස්සේ හොඳටම තේරෙනවා, කොච්චර උවමනා උනත්, තමන් කොච්චර බලාපොරොත්තු උනත්, තමන්ට දිගින් දිගට පවතින්න බැරි බව!!! !!! !!! ඒ බව තේරුම්ගන්නවත් එක්කම 'එයාගේ සංසාර කතාව' හබක් වෙනවා ඉබේම!!! !!! !!! ඉතින්, හොඳට දැනගනිල්ලා, 'අතීතයේ මේ මේ විදියට ඉපදිලා තියනවා... මේ මේ විදියට ඉපදිලා හිටියා...' කියල කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එවුන්ට කතන්දරේ කියල / තෝරලා දෙන්න විතරයි!!! !!! !!! 'පින්කලොත් සුගතියේ උපදින්න පුළුවන්... පව්කලොත් දුගතියට යන්න වෙනවා...' කියන සේරම කතා තියෙන්නෙත් අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මෝඩ පොරවල් 'ගම කාගත්තොත්' අපරාදේ නිසා, උන්ව හොඳ අතට / නිවැරදි දිශාවට දක්කන්න (guide කරන්න) විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න උඹල / අපි කවුරුවත් කලින් ඉපදිලා ඉඳලා වත්, උඹල / අපි කාටවත් ආයේ තව chance එකක් හම්බවෙන්නේ වත් නෑ!!! !!! !!! කරන මගුලක් කරගන්න ඕනේ මේ ජීවිත කාලය තුලදී මයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ සංසාරය එක මොහොතකට වත් වර්ණනා කලේ නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වෙම, 'මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!!' 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට!!' කියලයි!!! හේතුව, බුදුහාමුදුරුවෝ සත්වයා සංකතයක් බව දන්නවා!!! 'ඌ' අනිත්‍යයි!!! ඌ කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ!!! ඌට තියෙන්නේ බොහොම සුළු ආයුෂක් විතරයි!!! ආයුෂ ඉවර වෙච්චගමන් ඌ මැරෙණවා!!! හුඟක් වෙලාවට ආයුෂ ඉවරවෙන්නත් කලින් ලෙඩවෙලා / accident වෙලා උන්ට මැරෙන්න වෙනවා!!! එතනින් ඌ ඉවරයි!!! !!! !!! ඊළඟට හැදෙන්නේ වෙන එකක්... 'අලුත් සත්වයෙක්' තමයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු...' (මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි!!) කියලයි!!! සංසාරේ නම් දිගායි... ඒත් සත්වයාගේ කොටායි... 'මහ බැංකුවේ / ලෝක බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත්, අපිට නැත්නම් වැඩක් නෑ...' වගෙයි!!! උඹලට තියෙන්නේ උපරිම, අවුරුදු 50යි... 60යි... එච්චරයි!!! !!! !!! ඒ ටික ඉවර වුනාම උඹ ඉවරයි!!! !!! !!! කරන දෙයක් කරගන්න බොලාට තියෙන්නේ බොහොම සුළු කාලයයි!!! !!! !!! අනික, සංසාර දුකෙන් නිදහස් වීමේදීත්, සංසාර ප්‍රශ්ණයට බලපෑ හේතුව හරියටම දැනගෙන, එයින් ගැලවීම සඳහා කලයුතු දේ හරියටම කරන උදවිය සසර දුකින් නිදහස්ව පිරිණිවන් පානවා මිසක්, මහණවෙලා ඉන්න... බණ අහන... පන්සිල් රකින... ධර්මය කියව කියව, නැත්නම් 'හප හපා ඉන්න' හැම එකාම සංසාරෙන් එතෙරවෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! ඕක කිව්වට නොතේරෙන මෝඩයෙක් නම් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ... ඒ සත්වයාට බුද්ධ සාසනයට ඇතුළත්වීමට වත් වරම් නෑ!!! !!! !!! උඹලට නොතේරුණාට, බුදුහාමුදුරුවෝ ඇත්තටම සිද්ධවෙන දේ පැහැදිලිවම කිව්වා!!! !!! !!! "මුළු මහපොලවේම තියන පස් තරමේ පිරිසක් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටයි!! ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි!!" කියල!!! !!! !!! යකෝ, තොපි හිතුවේ මේ ඉන්න තරමක් සංඝයෝ හැම එකාම... සිල් ගන්න / දානේ දෙන / මල්-පහන් පූජා කරන / ගාථා කියකියා වඳින / පෙරහැරේ යන / පන්සිල් රකින 'නමට බෞද්ධ' හැම එකාම... ගොඩ යනවා කියලද??? තොපිට වැරදිලා... බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියට විතරයි!!! !!! !!! ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල හැඳින්වුයේ / කතා කලේ, පංච උපාදානස්කන්ධ වල, නැත්නම් එක් එක් සත්වයාට අදාළ 'අනන්‍යතාවයන්' සහිත අප්‍රමාණ 'මතකයන්' ගේ දිගින් දිගට පැවැත්ම ගැනයි!!! !!! !!! ඒ ඇවිල්ල නිකම්ම නිකම් දිනපොතක ලියපු සටහන්... හඬ පටයක / තැටියක / CD එකක තියෙන 'සද්ද බද්ද' නැත්නම් දල සේයා පටයක / video cassette / video CD / DVD video එකක තියන රූප-සද්ද... ඒත් නැත්නම්, hard disk එකක තියන data (දත්ත) වගේ, 'සත්වයන්ගේ මතකයේ' ගබඩාවෙච්ච ඒ ඒ සත්වයන් 'දැක්ක / ඇහුව / වින්ද / හඳුනගත්ත / චේතනා පහලකොට ක්‍රියාකළ හා දැනගත්ත' දේවල් සම්බන්ධයෙන් තියන 'මතකයක්' විතරමයි!!! !!! !!! ඒ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' මුල්කරගෙන කාල කාල හැදෙන / තාවකාලික / අනිත්‍ය සත්වයන් ගැන කතාකරන එකත් පාඩුයි... මොකද, ඒ සියලු ලෝක සත්වයින් හැදෙන්නේ අවකාශයේ පැතිරෙන ස්වභාවයෙන් යුතු 'භවයක්' ලෙස සකස්වූ පංච උපාදානස්කන්ධයක් හේතුකරගෙනයි!!! ඊළඟට එහෙම හැදෙන සත්වයෙක් ජීවත්වන තුරාවට, ඒකගෙ 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6න් තවතවත් අලුතෙන් 'රූප / වේදනා / සංඥා / සංස්ඛාර / විඥාණ' නැත්නම්, 'දකින / අහන / විඳින / හඳුනගන්න / චේතනා පහල කරලා ක්‍රියාකරන හා දැනගන්න දේවල් එකතුවෙවී... නොයෙකුත් වෙනස් වීම් වලට බඳුන්වෙවී... 'විද්‍යුත් තරංග ආකාරයෙන්' තියන ඒ පංච උපාදානස්කන්ධය, සත්වයාට අවිද්‍යාවෙන් මුලාවී සිටියදීම මැරෙන්න සිද්ධ වුනොත්, ආයේ අවකාශයේ පැතිරෙන ස්වභාවයට පත්වෙනවා!!! එතකොට ඒක බුදුහාමුදුරුවෝ 'විඥාණය' කියල හඳුන්වපු 'විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක ස්වරූපයෙන්' ක්‍රියාත්මක වෙලා තවත් සත්වයෙකුගේ උපත සකස්කිරීමට හේතු වෙනවා!!! ඒපාර, ඒ පරණ මතකය 'අච්චුගහපු' තවත් අලුත් සත්වයෙක්ගේ උපත සිද්ධවෙනවා!!! !!! !!! කවදා හරි ඔයවිදියට හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෙකුට, කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන්, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙන, 'සත්‍ය' දැනගන්න ලැබුණාට පස්සේ, ඒ සත්වයාගේ (බුද්ධිමත් මනුෂ්‍යයා ගේ) අවිද්‍යාව දුරුවෙනවා!!! ඉන්පස්සේ ඒ 'මුලාවක් නැති' සත්වයා මැරෙනකොට, ඒ පංච උපාදාන්ස්කන්ධයත් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙලා / නිරුද්ධවෙලා යනවා මිසක්, තවත් සත්වයෙක් උපද්දවිය හැකි ආකාරයට අවකාශයේ පැතිරෙන්න ගන්නේ නෑ!!! !!! !!! 'භවයක්' සකස්වෙන්නේ නෑ!!! !!! !!! ඉතින්... එතනින්, ඒ තාක් කල් දිගින් දිගට පැවත ආ පංච උපාදානස්කන්ධයක පැවැත්ම හමාර වෙනවා!!! !!! !!! ඔන්න ඕකයි මේ ධර්ම මාතෘකාවෙන් කියවෙන ස්වභාවික / ස්වභාවධර්මයේ වැඩපිළිවෙල සහ එහි අවසානය!!! !!! !!!

ඉපදෙන කිසිම සත්වයෙක් මේ සිදුවීම දැනගෙන උපදින්නේ නෑ!!! ඒත් උන් හැම එකාම උපදින්නේ තම තමන්ට මතකයට නගාගන්න බැරි උනත්, හැකියාව හදාගෙන සිහිකරන්න පටන්ගත්තත්, සිහිකරලා ඉවරයක් කරන්න තියා හිතන්නවත් බැරි අප්‍රමාණ මතකයක් එක්කයි!!! !!! !!! ඒ මතකයේ නැති දෙයක් නෑ!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගණනින් මිනී මරාපුව... අනන්ත අප්‍රමාණ සත්තු තොග පිටින් මරාපුව... මරාගෙන කාපුවා / යුද්ධ කරපුව / මංකොල්ල කාපුවා / හොරකම් කරපුව / බොරු වංචාවල් කරපුව / ගෑනු දූෂණය කරපුව... රජවෙලා හිටපුව / මහණ වෙලා හිටපුව / දෙයියෝ අදහ අදහ හිටපුව... හරක් / ඌරො / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපුවා... කියල ඉවරයක් කරන්න බෑ!!! !!! !!! ඕනෙම සිල්වත් / ගුණවත් උපාසක උපාසිකාවකගේ... පණ්ඩිත / අතිපණ්ඩිත / බකපණ්ඩිත හාමුදුරු නමකගේ... දෙයිය මැව්වා නැත්නම් පළවෙනි පාරට හැදුනා කියල හිතාගෙන ඉන්න අන්‍යාගමිකයෝ ඕනෙම කෙනෙක්ගේ... ජනාධිපති / මැති-ඇමති / ලොකු ලොක්කෝ ඕනෙම කෙනෙකුගේ... එහෙමයි!!! !!! !!! සත්වයෙක්ගේ 'කය' බිඳීගන යනකොට, ඌ මැරෙන්න ලංවෙනකොට, ඔය මතකය එහෙම්පිටින් ඇවිස්සෙනවා!!! !!! !!! ඉතින්, මෙලෝ මලදානයක් නොදන්න සත්වයෙකුට, 'හෙණගැහුවා වගේ' ඔහොම කුණු කන්දල් මතක්වෙන්න ගත්තම, එතනින් එහාට මොනවයින් මොනවා වෙයිද කියල කාටවත් අනාවැකි කියන්න බෑ!!! !!! !!! (උඹලට අතීතය / අනාගතය පේන්නේ නැති එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... මට නම් දැන් මේ මතෘකාවේදී -∞ ඉඳල +∞ වෙනකම්ම යත හැකියි!!) specific conditions වලදී හැරෙන්න බුදුරජාණන්වහන්සේට නම් ඕනෙම සත්වයෙක් සම්බන්ධයෙන් ඉස්සරහට සිද්ධවෙන දේ කියත හැකියි!!! !!! !!! (මටත් දැන් ටිකක් ලාවට ලාවට වගේ පුළුවන්!!) හැබැයි පොදුවේ ගත්තම, 'මොහොතක්' / 'moment' එකක් කියන්නෙත් සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙන වේගයට අනුව (electrical speed) සුමානයක හමාරක තරම් දිග... කාලයක් නිසා, මොන මගුලක් වෙයිද කියල හිතාගන්නවත් බෑ!!! !!! !!! ** චුල්ල කම්ම විභංගය / මහා කම්ම විභංගය / ලෝණඵල සුත්‍රය / වෙලාම සුත්‍රය වගේ ඒවායේදී, බුදුරජාණන්වහන්සේ කර්ම / කර්ම විපාක ගැන කියපුව තෝරලා දීල, ලෝක සත්වයින්ගේ structure එක නැත්නම් උන්ව හැදෙන රටාව ගැන කියල දුන්නම, හැම කෙනෙකුටම වගේ ඔය සේරම ලස්සනට තේරෙන්න ගනී!!! මං වේලපහින්ම කිව්වා නේ, 'සංසර ගමන' 'භවගමන' වගේ වචන, භාවිතයෙනුත් අයින් කරලා දානවා කියල... ඒ කියපුව වෙන්නේ ඒ විදියටම තමයි!!! !!! !!! **
කස්ටියම හොඳට පින් රැස් කරගෙන... පාරමිතා සම්පූර්ණ කර කර... 'යන්න' හිතන් හිටිය සංසාර ගමනෙදී සිද්ධවෙන 'කතන්දරේ' පැහැදිලි කරලා දෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යොදාගත් හොඳම උදාහරණය, 'පහණත් අනිත්‍ය නම්, පහණේ තෙලුත් අනිත්‍ය නම්, දාල තියන වැටිත් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය දේවල් වලින් ඇතිවෙලා තියන පහන් දැල්ලත් අනිත්‍ය නම්, ඒ පහන් දැල්ල නිසා ඇතිවෙන ආලෝකය නිත්‍යයිද? අනිත්‍යයිද?' කියන එක තමයි!!! ඉතින්, ඔහොම ඇහුවම, කෙනෙක් කිව්වොත්, 'පහණ අනිත්‍යයි තමයි... තෙලුයි / වැටියිත් අනිත්‍යයි තමයි... දැල්ලත් අනිත්‍යයි තමයි... ඒත් එලිය නම් නිත්‍යයි!!' කියල, ඒක හරිද??? මොකද, ඔක්කොම අනිත්‍යයි බව හොඳටම පෙනි පෙනී, තමන්ට ඕනේ එක විතරක් 'නිත්‍යයි' කියල කියනවනම්, ඒක මහ බූරු කතාවක් නේ??? පහණ මොනවයින් හදල තිබුණත් කාලයක් යද්දී කැඩිලා බිඳිලා විනාසවෙලා යනවා... පහන් තිරෙයි / තෙලුයි දෙකම හරි ඉක්මනට පිච්චිලා ඉවරවෙනවා... දැල්ල තියෙන්නේ එතකම් විතරයි!!! එලිය තියෙන්නේ පහණ දැල්වෙනකම් විතරයි!!! !!! ඒ කියන්නෙ ඉතින්, පැහැදිලිවම, 'එලිය අනිත්‍යයි' !!! !!! !!! නේ??? එහෙව් එකේ, නිකමට හරි 'එලිය නිත්‍යයි' කියල කවුරුහරි කිව්වොත්, ඒක කොච්චර බූරු කතාවක්ද??? ??? ??? හැබැයි ඉතින්, ඒක කොච්චර බූරු කතාවක් උනත්, උඹල / තමුන්ලා සේරම කිය කියා ඉන්නේ ඒ බූරු කතාවම තමයි!!! !!! !!!

මේ හතරමහා ධාතුන්ගෙන් හැදුනු ආයතන 6ම අනිත්‍යයි!!! ඒ සේරම, වේලපහින්ම එක එක හරි, නැත්නම් කය බිඳිලා යනකොට, 'මැරෙණ කොට', set එකම එක සැරේ හරි, අනිත්‍ය වෙලා යනවා!!! !!! ඒ කියන්නේ කැඩිලා... බිඳිලා... විනාසවෙලා... යනවා!!! !!! ඒ ඒ ආයතන වල ක්‍රියාකාරීත්වය පවතින්නේ / සිද්ධවෙන්නේ ඒවා බිඳිලා යනකම්, කැඩෙනකම් විතරයි!!! !!! !!! 'දැල්ල තියෙන්නේ තෙලුයි / වැටියි තියනකම් විතරයි!!' වගේමයි!!! ඉතින්... එතකොට 'මම' ??? තමුන්ලා / උඹල හැමෝම 'මම' / 'මගේ ආත්මය' කියල හිතාගෙන / රැවටිලා ඉන්නේ ඔය ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච '6 ආකාරයක විඳීමට' නැත්නම් 'වේදනා mixture' එකට නේ... ඒක අර අනිත්‍ය පහන්දැල්ල නිසා ලැබෙන 'එලිය' නැත්නම් 'ආලෝකය' වගේමයි!!! !!! ඉතින්, ඒ වේදනාවල් සේරම අනිත්‍යයි නේ??? ඒක තමයි... 'මම' අනිත්‍යයි!!! !!! !!! 'ඌට' ඉන්න පුළුවන් ඇඟ සජීවීව තියනකම්, ඇඟේ පණතියනකම් විතරයි!!! !!! !!! 'ඌට' කොහෙවත් යන්න බෑ!!! !!! !!! දෙයිය ගාවට?? ම්හු! බෑ!!! ස්වර්ගෙට?? ම්හු! බෑ!!! බෑ!!! !!! සංසාරේ?? ම්හු! ම්හු!! බෑ!!! බෑ!!! !!! බෑ!!! !!! !!! තේරුණයි???

ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර කතාව පැහැදිලිකරන්න ගත්තු ඔය සරල උදාහරණය හරිම පුදුමයි!!! ඕකේ, මේ මුළු සංසාර කතාව එහෙම්පිටින්ම ගැබ්වෙලා තියනවා!!! !!! නැත්නම්, ඔය උදාහරණෙන් මේ මුළු සංසාර කතාවම දකින්න පුළුවන්!!! !!! !!! ** එකම වැඩේ තියෙන්නේ ප්‍රඥාවෙන් ඒ සේරම දකින්න තරම් ප්‍රඥාවන්ත / පින්වන්ත එවුන් හරිම අඩුයි!!! ඉන්න තරමක් ඉන්නේ, දන්නවයි කියල හිතාගෙන ඉන්න... බොරුවට පුම්බගත්තු / ඉදිමිච්ච / මහන්තත්ත ගොන්සන්ලයි, බකපණ්ඩිතයොයි තමයි!!! ඒකයි සංසාර දුකෙන් නිදහස්වෙන්න අමාරු!!! ** අවුලක් නෑ... මොකා උනත් මේ කතාව අල්ලගත්තේ නැත්නම් sorry වෙනවා!!! ඒ හන්ද, ප්‍රඥාවෙන් බලන්න පුළුවන් එවුන් එහෙම බලහල්ලා... එහෙම බැරි එවුන් තා එකෙක්ව උදව්කරගෙන, මෙන්න මේ විදියට 'real-life'ම වැඩේ කරලා බලාගනිල්ලා... මුලින්ම, පොඩි පොඩි ඉටිපන්දම් කොට කෑලි කිහිපයක්, ගිනිපෙට්ටියක් එහෙම අරන්, ගෝලයවත් කතාකරන්, කළුවර කාමරයක් / ශාලාවක් වගේ තැනකට යමල්ල. ඊළඟට, ගෝලයට කියහන් ඉටිපන්දම් කෑල්ලක් පත්තුකරලා, හොඳ කල්පණාවෙන් ඉඳල, ඒක නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් කිට්ටු කරලා, ඒක පත්තු කරන්න කියල. ඊළඟට, ඒක නිවීගන යනකොට ඒකෙන් තව එකක්... ඒක නිවීගන යනකොට තව එකක්... හරිය?? හැබැයි සද්ද බද්ද නැතුව, දැල්ල නිවිලා යන්නේ නැතිවෙන්න... ඉටිපන්දම් කෑලි දෙකක් එකසැරේ පත්තුවෙන්නෙත් නැතිවෙන්න... හරියට කල්යල් බලලා, proper timing වලට, වැඩේ කරන්න ඕනේ!!! මොකද අපි මේ simulate කරන්නේ, nature එකෙන්, නැත්නම් ස්වභාවධර්මයෙන් ඉබේම කෙරෙන වැඩක්!!! !!! දැන් එතකොට උඹට කරන්න තියෙන්නේ, ගෝලය ඉටිපන්දම් පත්තුකරන එකට පස්ස හරවගන / ඒ දිහාව බලන්නේ නැතුව, ඉටිපන්දම් එළියෙන් වටපිට බල බලා ඉන්නයි... කාමරේ වටේ බලන්න දේවල්, පින්තූර / බඩුමුට්ටු තිබ්බ නම් මරු!!

කරලම බලහන්... ගෝලය තිතට වැඩේ කලොත්, උඹට 'ඉටිපන්දම් එකක් ඉවර වෙලා යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා... ඒක ඉවරවේගන යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා...' කියල තේරෙන්නේ නෑ!!! උඹ දකින්නේ ආලෝකය එක දිගටම පවතිනවා වගේ තමයි!!!උඹ හොඳ alert කෙනෙක් නම්, අවධානයෙන් ඉන්න කෙනෙක් නම් විතරක්, උඹට cross-fade එක check වෙයි!! අර කලින් graph එකක් ඇඳලා පෙන්නුවේ... අන්න ඒක!!! මුල එකේ එලිය අඩුවේගන යනකොට ඊළඟ එකේ වැඩිවේගන එනවා... අන්න එතැනදී චුට්ටක් එලිය අඩු වැඩි වෙනවා තේරෙයි!! alert / sensitive නැති කෙනෙකුට නම් මොකුත් වෙනසක් තේරෙන එකක් නෑ!!! ඕක තමයි මේ අවිද්‍යාවෙන් වැහිලා... අන්ධවෙලා... ඉන්න මෝඩ මිනිස්සු 'මම' නැත්නම් 'මගේ ආත්මය' කියල අහුවෙලා / රැවටිලා ඉන්න මායාව / බොරුව!!! !!! නිත්‍යයි වගේ... ස්ථිර දෙයක් වගේ... හිතෙනවා / දැනෙනවා!!! ඉතීන් මුලාවෙනවා!!! !!! !!! කොහොමත් මේ මොට්ට මිනිස්සු හැම එකාම වගේ බලන් ඉන්නේ වටපිටාව දිහාම නේ??? අනික් එවුන් කරන්නේ කියන්නේ මොනවද බලන්න... ලෝකේ පුරාම තියන කුණුහරුප බලන්න... වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්න බලන්න... වගේ ඒවාට මිසක්, එකෙකුට වත් තමන්ගේ ගැන බලන්න හීනෙකින් වත් හිතෙනේ නෑ නේ!!! උන් ඉපදිච්ච දවසේ ඉඳල ඉගෙනගන්න හදන්නෙම බාහිර දේවල් ගැන විතරයි... එකෙක් වත් දන්නේ නෑ 'තමුන්' කියන්නේ මොකද්ද?? මොනවද මේ ඇඟවල් අස්සේ වෙන්නේ?? මොනවද මීට කලින් වෙලා තියෙන්නේ?? මොනවද ඊළඟට වෙන්නේ?? කිසි දෙයක්!!! අන්න ඒකයි තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කිව්වේ, "වඩාත්ම වැදගත් ඉගනගැනීම තමන් ගැන ඉගෙන ගැනීමයි!!" කියල.

ඉතින්, නිකමට හරි තමන් ගැන බැලුවොත්, ඒ කියන්නේ ඔතනදි නම් ගෝලය ඉටිපන්දම් එක්ක 'සෙල්ලම් කරනවා' බැලුවොත් පෙනෙයි, 'එකක් නිවීගන යනවා...' 'තව එකක් පත්තුවෙන්න පටන්ගන්නවා...' 'ඒක නිවීගන යනවා...' 'තවත් එකක් පත්තුවෙන්න ගන්නවා...' බව!!! හරි නේ?? කතන්දරේ තේරෙනවා නේ??? අවිද්‍යාවෙන් ඉන්න, මේ ජීවිත ගැන කිසිම දෙයක් නොදන්න, මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නවා 'තමුන්' නිත්‍ය ඇති!! කියල. ඉතින් මේ ජීවිතේ ආයුෂ ඉවරවුනාට තමුන් ඉවර වෙන එකක් නෑ... එක්කෝ 'දෙයිය ගාවට ගිහිල්ල ඉන්න ලැබෙයි!!' නැත්නම් 'මැරිච්ච එවුන්ට ඉන්න වෙනම තැනක් ඇති... එහෙ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි!!' කියල. ඒ වගේම, 'නමට බෞද්ධ' ගොං බූරුවෝ හිතාගෙන ඉන්නවා, 'මෙතන නැතිඋනාට මොකෝ?? මට තව තැනක ඉපදෙන්න ඇහැකි නේ!!' කියල. හැබැයි ඒ සේරම, මේ මෝඩ, ගොං මිනිස්සු නොදන්න කමට හිතන මනස්ගාත විතරයි!!! !!! !!! ඇත්තට සිද්ධවෙන්නේ, මේ ඇඟේ ආයුෂ ඉවරවෙලා බිඳිලා යනකොට, ඒ 'සත්වයා' නැතුව යන එක තමයි!!! !!! !!!

හැබැයි පොඩි case එකක් තියනවා... ඔතන ඔය 'ගෝලය' කරපු වැඩේ, එක ඉටිපන්දමක් ඉවරවේගන යනකොට තව ඉටිපන්දමක් ලං කරපු වැඩේ, මේ සත්වයන් සම්බන්ධයෙන් කරන්න 'ගෝලයෝ' කවුරුවත් ඕනේ නෑ!!! ස්වභාවධර්මයෙන්, 'ධෙන්න බලාගත්තු ගමන්මයි' ඉන්නේ!!! !!! !!!මේක හරියට 'කෝච්චි පාරේ හිටියොත් කෝච්චියට අහුවෙනවා මයි... බේරෙන්න නම්, කෝච්චි පාරෙන් අයින්වෙන්නම ඕනේ!!!' වගේ වැඩක්. මේ ඇඟ බිඳිලා යනකොට තව එකක් set කරන්න ස්වභාවධර්මයට ඉඩහැරියොත්, අනිවාර්යයෙන් තව සත්වයෙක් හැදෙනවාමයි!!! !!! !!!එහෙම, 'මේ කරුමෙට' කරගහන්න තව එකෙක් හැදුනා කියන්නේ, 'විඳවිල්ල' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! අනික ස්වභාවධර්මයෙන් ඇඟවල් හදල දෙන්නෙත් කර්මානුරූපව, එක එක ජාති වලින්!!! එතකොට ඉතින්, 'කාපං පුතා!!!' තමයි. බුදුහාමුදුරුවෝ කිව්වා, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං...' (මහණෙනි, මේක පෙර කරපු කරුමයක්!) 'වේදනීයං දට්ඨබ්බං' (විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!) කියල!!! ඔක්කොටමත් වඩා, දැන් ඔය ඉටිපන්දමකින් තව එකක් දල්වන්න අවශ්‍ය වෙන්නේ තාපය විතරයි. හුඟක් එවුන් විද්‍යාව නම් දන්නවා නේ?? දැල්වෙන දෙයක් වෙන්න ඕනේ... ජ්වලන උෂ්ණත්වයට රත්වෙන්න ඕනේ... දහන පෝෂක වායුවක් තියෙන්න ඕනේ... ඉතින්, නිවීගන යන දැල්ලෙන් අලුත් එකේ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙච්ච ගමන් ඒක දැල්වෙනවා. ඒ ඇරෙන්න 'අරකෙ' දැල්ල 'මේකට' එනවා... එහෙම නෙවෙයි නේ???අන්න ඒ විදියටම මේ සත්වයින්ගේත්, එකෙක්ගෙන් තව එකෙක් හැදෙන්න හේතුවෙන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය' විතරයි!!! (ඒ සේරම කලින් ලියල පෙන්නලා ඇත්තේ... දැක්කේ නැත්නම්, එක්කෝ උඹල බලලා තියෙන්නේ උඩින් පල්ලෙන්!!! එහෙම නැත්නම් උඹල 'බකයෝ' හන්ද කියවලාම නෑ!!!) මෙතන වෙන්නේ, මේ සත්ව ශරීර වල පංච උපාදානස්කන්ධය ස්වරූප දෙකකින් ක්‍රියාත්මක වීම නිසා, 'එකෙක් කියන ඒවා අහගෙන ඉඳල තව එකෙක් හැදෙනවා' වගේ වැඩක්!!! අන්තිමේ ඒ හැදෙන එකා පරණ කතන්දරයකට රැවටෙනවා!!! !!! !!! සමහරවිට උගේ වටේ ඉන්න එවුනුත් රැවටෙනවා!!! එච්චරයි.

Tuesday, March 13, 2012

මේ අපේ හාමුදුරුවෝ ලියපු පොතකින් ගත්තු ටිකක්...

බුදුරජාණන්වහන්සේ දැක්කා මනුස්සයින් මැරිල ගිහින් නිරයේ උපදිනවා. උන්වහන්සේ දුටුවා මේ මනුෂ්‍යයා එක ජීවිතයකදී මිනිස් ලොව. ඊළඟ ජීවිතයේ නිරයේ. නිරයේ උපන්නාට පස්සෙ ඇහෙන් ලස්සන රූප හොය හොය ගිය එක්කෙනාට ඇහෙන් දකින්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප රූප. කනෙන් අහන්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප ශබ්ද. නාසයෙන් ආඝ‍්‍රාණය කරන්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප ගඳ. දිවෙන් රස දැනෙන්නෙ අප‍්‍රිය අමනාප දේවල්. කයට පහස හැටියට ලැබෙන්නෙ තමන් කිසිසේත්ම කැමති නැති දේවල්. නිරයේ නිරිසතුන් විඳින දුක බුදුරජාණන්වහන්සේ තමයි පැහැදිලිවම දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා ”මහණෙනි, නිරයේ නිරිසතුන් පෙණ ගුලි බඳු ශරීර ලැබිල, ලෝකුඹු නිරයේ උඩට, පහළට, හරස් අතට තැම්බි තැම්බි වර්ෂ සිය දහස් ගණන් ඉන්නවා. රත් වූ යකඩ පොළොවේ... වහලෙත් රත්වෙලා.... වටේම යකඩ බිත්ති... රතුපාටට රත්වුන පොළොවේ දිගා කරවලා නිරිසත්වයාගේ ශරීරය උඩින් ගිනිගත් යකඩ රෝද ඇති රථ යනවා. ඒ නිරිසතා ”පිපාසයි... බඩගිනියි...” කියල කෑ ගහද්දි යකඩ අඬුවලින් කට ඇරල ලෝදිය වක්කරනවා". බුදුරජාණන්වහන්සේ මේ සියල්ල දුටුවා.

ඇතැම් මනුෂ්‍යයන් එක් ජීවිතයක මනුස්ස ලෝකයෙ, ඊළඟ ජීවිතයේ පේ‍්‍රත ලෝකයේ. ඒ පේ‍්‍රත ලෝකයෙ ඉපදිලා අනුන්ගේ සෙම්සොටු කකා ඉන්නවා. අනුන්ගේ අසූචි කකා ඉන්නවා. අනුන්ගේ මූත‍්‍රා බිබී ඉන්නවා. අනුන්ගේ දහඩිය ලෙව කකා ඉන්නවා. තමන්ම දරුවන් වදල තමන්ම කනවා. පිපාසයෙන් කුසගින්නෙන් ඉන්න පේ‍්‍රතයින් ගැන බුදුරජාණන්වහන්සේ දැක්කා.

ඊළඟට බුදුරජාණන්වහන්සේ දැක්කා මිනිස් ලොව ගතකරන මිනිස්සු මැරිල තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා. මනුෂ්‍යයෙක් වෙලා හිටපු කෙනා බල්ලන් අතර ඉපදිලා ඉන්නවා දැක්කා. මිනිස් ලොව මිනිසුන් අතර ඉපදිලා ඉන්න එක්කෙනා පූසන් අතර ඉපදිලා ඉන්නවා දැක්කා. මිනිස් ලොව මිනිසුන් වෙලා ඉපදිලා හිටපු අය නයි, පොළොන්ගු අතරෙ, පිඹුරන් අතර, පත්තෑයන් අතර, ගෝනුස්සන් අතර ඉපදී සිටින ආකාරය බුදුරජාණන්වහන්සේ දැක්කා. මිනිස් ලොව මිනිසුන් අතර ඉපදිච්ච එක්කෙනා අවබෝධයකින් තොරව කටයුතු කරපු නිසා නොයෙක් ආකාරයේ සතුන් අතරෙ ඉපදිලා අනන්ත දුක් විඳින ආකාරය, මුලාවෙන් මුලාවට පත් වෙලා යන ආකාරය බුදුරජාණන්වහන්සේ දැක්කා.

උන්වහන්සේට මහා කරුණාවක් ඇතිවුනා. උන්වහන්සේ අවබෝධ කරගත්තා ‘ඇයි මේ සත්වයා සතර අපාය ඉක්මවා යන්න බැරිව මේ ඉපදි ඉපදී, මැරි මැරී මේ සසරේ යන්නේ’ කියලා. වර්තමානයේ චතුරාර්ය සත්‍යය ගැන කියන කොට සමහරෙකුට අමාරුයි මේ ගැන. සමහරුන්ගේ සිත රිදෙනවා. ‘මේ ලස්සනට ජීවත් වෙන්න තියෙන වයසෙ මොන චතුරාර්ය සත්‍යයද?’ කියලා. ඒ මොකද හේතුව? අර ඇහැට දැක්ක රූපෙට වසඟ වුනා. කනට ඇසුන ශබ්දයට වසඟ වුනා. නාසයට දැනුන ගඳසුවඳට වසඟ වුනා. දිවට දැනුන රසයට වසඟ වුනා. කයට දැනුන පහසට වසඟ වුනා. බුදු කෙනෙකුගේ ධර්මය අමතක වුනා. බුදුරජාණන්වහන්සේ ”මේ සත්වයා නිරයේ උපදිනවා, පේ‍්‍රත ලෝකයේ උපදිනවා, තිරිසන් ලෝකයේ උපදිනවා. අසුර ලෝකයේ උපදිනවා” කියල දේශනා කළේ භය කරන්න නෙමෙයි. ඒක තමයි සත්‍යය.

මං හදන්නේ මනුස්සයොන්ට මෙහෙම එව්වා වෙන එක කාලෙකට නතරකරලා දාන්න!!! !!! බුදුහාමුදුරුවොන්ට ඕනේ උනෙත් ඒක!!! !!! !!! අනාගතයේදී ආයිම ඔය දේවල් සිද්ධවෙන්න පටන්ගනී... ඒත්, මුළු ලෝකෙම මිනිස්සු 'ඇත්ත' දැනගත්තොත්, අනාගතයේ යම්දවසක මුළු ලෝකෙම ඇනිලා ඇනිලා ගිහිල්ල... පරම්පරා අතරේ සම්බන්ධයක් හොයාගන්න වත් නැති වෙලාම යනකම්... ආයි ඔහොම වෙන එකක් නෑ!!! 

ඊළඟට, ඔය පහලින් තියෙන්නේ සාරිපුත්ත මහ රහතන්වහන්සේ කුසල් / අකුසල් තෝරලා දීපු එකක්...

මනුස්සයට තියනවා නේ තුනක්... අන්න ඒ 'තුන' පරිස්සම් කරගන්න ඕනේ!!!  කුසල් / අකුසල් කෙසේ වෙතත්, වෙන කාටහරි නරකක් / නපුරක් වෙන ඕනේ දෙයක් 'බලු වැඩක්'!!! !!! !!! බලුවැඩ කරන එපා!!! !!! !!! උඹල මොකෙක්වත් බලුවැඩ කරනවට මාත් කැමති නෑ!!! අනික, මිනිස්සු 'බලුවැඩ' කරන්න හොඳ නෑ... එතකොට බල්ලන්ට කරන්න වැඩ නැතුව යනවා.

ප‍්‍රිය ආයුෂ්මතුනි, අකුසල් කියන්නෙ මොනවා ද? අකුසල මුල් කියන්නෙ මොනවා ද? කුසල් කියන්නෙ මොනවා ද? කුසල මුල් කියන්නෙ මොනවා ද?

ප‍්‍රිය ආයුෂ්මතුනි, සතුන් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි විදියට කාම සේවනයේ යෙදීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේළාම් කීම අකුසලයක්. නපුරු වචන කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. අනුන් සතු දේවල් ගැන ලෝභය ඉපදවීම අකුසලයක්. ද්වේෂය ඇති කර ගැනීම අකුසලයක්. මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම අකුසලයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඕවාටයි අකුසල් කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, අකුසල් මුල් කියන්නෙ මොනවාද? ලෝභය අකුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂය අකුසලයට මුල් වෙන දෙයක්. මෝහය අකුසලයට මුල් වෙන දෙයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි අකුසල් මුල් කියල කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, කුසල් කියන්නෙ මොනවා ද? සතුන් මැරීමෙන් වැළකීම කුසලයක්. සොරකම් කිරීමෙන් වැළකීම කුසලයක්. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලයක්. බොරු කීමෙන් වැළකී සිටීම කුසලයක්. කේළාම් කීමෙන් වැළකී සිටීම කුසලයක්. නපුරු වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. හිස් වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. අනුන් සතු දේවල් වලට ලෝභ නො කර සිටීම කුසලයක්. ද්වේෂ සිත් නැතුව සිටීම කුසලයක්. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම කුසලයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවට තමයි ‘කුසල්’ කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, කුසල් මුල් කියන්නෙ මොනවා ද? ලෝභ නැති කම කුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂ සිත් නැති බව කුසලයට මුල් වෙන දෙයක්. මෝහය නැති බව කුසලයට මුල් වන දෙයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි ‘කුසල් මුල්’ කියල කියන්නෙ.


ඉතින්...
* සතුන් මැරීම / සොරකම් කිරීම / වැරදි කාම සේවනය
* බොරු කීම / කේළාම් කීම / පරුෂ වචන කීම / හිස් වචන කීම
* අභිජ්ඣා දෝමනස්ස (අන්සතු දේවල් වලට ආසා කිරීම) / ව්‍යාපාද (ද්වේෂය ඇති කර ගැනීම) / මිච්ඡාදිට්ඨි (මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම)
කියන එව්වා එපා!!! !!! !!!
 

Wednesday, March 7, 2012

මගේ භාෂා විලාශය හරිම ජුගුප්සා ජනකයි... අප්‍රසන්නයි... නේද??? ??? ??? 

ඒත්... ගෙවාගෙන ආව සංසර ගමනෙදි, 'උඹ' කොච්චර වාර ගණනක් 'ගූ වලවල් වල' ඉපදිලා, අවුරුදු සිය දාස් ගණන් තිස්සේ 'අනුන්ගේ ගූ කකා' හිටිය එකෙක්ද?? කියල දන්නවා නම්... හිතාගන්න පුළුවන් නම්... මේ මගේ වචන වල කිසිම upset එකක් තියෙන්න බෑ!!! !!! !!! 

මං නම් මෙහෙම ලියන්නේ full ආතල් එකෙන්...  මොකද උඹල කාටවත් ආයෙත් ගූ වලවල් වල ඉපදෙන්න... අනුන්ගේ ගූ කන්න... මං ඉඩ තියන්නේ නෑ!!! !!! !!! ඒකයි. 

සංසාර අනතුර හරිම භයානකයි...
සත්වයා ඉන්නේ සතර අපාය දිහාවම බලාගෙන, සතර අපායේ වැටි වැටී යන ගමනකයි...
ගොඩ යන්නේ හරිම ටික දෙනයි...
ඔය සේරම ඇත්ත!!! !!! !!! ඉතින් අපිට මොකෝ?? 

ඒ ඉස්සර... මං ඒ පාර වෙනස් කරනවා!!! !!! !!! පොඩ්ඩක් එහෙම නෙවෙයි... එහෙම්පිටින් (180°) වෙනස් කරනවා!!! !!! !!! 
මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙන් අපායේ යන්නේ චූට්ටයි... අනික් එවුන් සේරම ගොඩ!!! !!! !!! 

Tuesday, March 6, 2012

'මම මේ ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනා ඇඟ බදාගන්න... ඒකට සැප දෙන්න... ඒක පිනවන්න... ඒක ලස්සන කරන්න... පුම්බල පුප්පල කැපිලා පේන්න තියාගන්න... දඟලන්නේ නෑ!!! එයාට ඒ පිස්සු මරගාත වලින් කිසි වැඩක් නෑ!!! !!! ඒවායේ මෙලෝ රහක් නෑ!!! !!! බඩගින්නට මොනවහරි කනවා... ලෙඩ-රෝග හැදුනම අමාරුයිම නම්, බෙහෙතක් හේතක් කරනවා... ඉන්නකම් පිළිවෙලකට ඉන්න ඕනේ නිසා, නාල කරලා පිළිවෙලකට ඇඳලා පැළඳල ඉන්නවා... කාටවත් වැරද්දක් / නරකක් නොවෙන රස්සාවක් කරන් ජීවත්වෙන්න අවශ්‍ය මිල මුදල් සොයාගන්නවා... තමුන්ගෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් / වගකීම් කිසි එකක් අඩුවක් නැතුව කරනවා... ආයුෂ ගෙවිල ඉවරවෙනකම්, ඇඟ නඩත්තු කරගෙන shape එකේ ජීවත් වෙනවා විතරයි!!! !!! !!! 'ඇත්ත' නොදන්න මෝඩ, උද්ධච්ච, මොට්ට මෝල් මිනිස්සුන්ට තියන, නම්බු නාම ගන්න... අනික් එවුන්ව කපාගෙන / තලාගෙන / පෙලාගෙන මුදුන වෙන්න... කැපිලා පේන්න... තමන් ලොක්කෙක් / 'ලොකු පොරක්' කියල පෙන්නන්න... ලෝකේ තියන තරම් රස කෑම ජාති සේරම කන්න... ලෝකේ පුරාම තියන කෙහෙල්මල් බලන්න... පුළුවන් තරම් සැපගන්න වගේ 'පුකේ අමාරු' මොකුත්ම නෑ!!! !!! !!! මෝඩ බූරුවෝ බෙල්ල කඩාගෙන, ඔය හැම මගුලක්ම කරන්නේ, මේ කිලෝ 60-70ක 'හතරමහා ධාතු කුට්ටියකට' නේ??? ??? 'ඇත්ත' දැනගත්ත එවුන්, 'රහත්වෙච්ච එවුන්' එහෙම පිස්සු කෙලින්නේ නෑ!!! !!! !!! වැඩිය ඕනේ නෑ, උන්ට 'තෝ දැන් මැරෙයි...' කිව්වත්, 'ආ... ඇත්තද? ඉතින් මට මොකෝ!!' කියල නිකම් ඉන්න පුළුවන්!!! !!!

රහතුන්වහන්සේලා පිරිසක් ඔය අම්බලමක් වගේ තැනක නතරවෙලා ඉන්දැද්දී, වහලෙන් වැටුන විසකුරු සර්පයෙක් එයින් එක රහතුන්වහන්සේ නමකට දෂ්ඨ කලාලු!! ඒ රහතන්වහන්සේ, 'බෙරිහන් දීල මර හඬ තලාගෙන දුවන්න ගත්තා... හොටු පෙරාගෙන විලාප තිය තියා අඬන්න ගත්තා... සර්පයව අල්ලං කෑවා...' ඒ මොකුත් නෑ... "අනේ මෙන්න මේක ගිහින් අර එළියෙන් දාන්න..." කිව්වලු!!! මොකද, ඒ ඇඟෙන් ඒ රහතුන්වහන්සේටවත් වෙන කෙනෙකුටවත් ඇති වඩක් නෑ!!! !!! !!! රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච අය, ජීවත්වෙන්න / පවතින්න ලැබෙනකම් ජීවත්වෙනවා / ඉන්නවා මිසක්, 'වෙන එකෙක් බිල්ලට දීල හරි පණ රැකගන්න ඕනේ' කියල බෙල්ල කඩාගෙන දඟලන්නේ නෑ!!! !!! !!! ඉන්නකම් පුදුම සැහැල්ලුවකින්, සැනසිල්ලේ (ඕනෙනම් මේ 'අපිල' වගේ ඉඳල හිටලා කාලක් බාගයක් එහෙමත් ගහල...) cool එකේ ඉන්නවා විතරයි!!! !!! !!!මැරෙණ එක ගැන නම් අපේ හාමුදුරුවෝ කිව්ව එක හරියටම හරි!!! නිකම් බටර් පාන් කාල සනීපෙට නිදාගත්තා වගේ තමයි!!! මොකද, රහත්වෙච්ච අය හැබැවටම මැරෙන්නෙ දෙවැනි පාරටයි!!! පලවෙනි සැරේ පණ පිටින් ඉඳන් මැරිලා, කතන්දරේ දැනගන්නවා!!! (කෙලෙස් පරිනිර්වාණය කියන්නේ... අන්න ඒක!!) ඒ හන්ද මැරෙණ එකේ කිසි අමුත්තක් නෑ!!! !!! !!!

ඇත්තටම, අරහත්වයට පත්වුනාම තියන සතුට / සැනසීම කියල වැඩක් නෑ!!! පුදුම නිදහසක් තියනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වා 'අතහැරියාම නිදහස්!!' කියලා!!! (මොකද, මාරයට ඉතුරුවෙන්නේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන ටික විතරයි!!! 'සත්වයා' ඒවා අතහැරලා දාල නිසා, මාරයට, ඒ සත්වයාට අයිතිවාසිකම් කියන්න බෑ!!!) හැබැයි, කවදාවත් සල්ලි වලින්, දේපල වලින්, නැත්නම් වෙන මොනම ක්‍රමේකින්වත් ඒ සැනසීම කෙනෙකුට ලබන්න බෑ!!! !!! !!! එහෙම හිත නිදහස් වෙච්චයින් පස්සේ, ඒ සත්වයා සම්බන්ධයෙන් අර ස්වභාවධර්මයෙන් 'කොපි ගහන' / duplicates හදන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ!!! !!! !!! ඒ 'නිවිච්ච' සත්වයාගේ ආයුෂ ගෙවිල ජීවිතය අවසාන වෙනකොටම, එයාගේ සංසාර ප්‍රශ්ණ සේරමත් එතැනින්ම අවසාන වෙනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න එවුන්ට case මොකුත් නෑ... මං උඹලට ඔය වැඩේ miss වෙන්නේ නැතිවෙන්න ලස්සනට route එක හදනවා!!! step-by-step ඔය සේරම කරගන්න කියලත් දෙනවා!!! !!! !!! එකම වැඩේ තියෙන්නේ, මේ 'සත්‍යය' අවබෝධය සම්පූර්ණ වෙලා... අතහැරෙන්න ඕනේ දේවල් අතහැරිලා... කලයුතු දේ කරලා ඉවරවෙන එක, මේ ජීවිත කාලය තුලදීම සිදුවිය යුතුයි!!! !!! !!! අපේ ඇඟවල් සජීවීව පවතින්නේ සුළු කාලයක් විතරයි... අපේ ආයුෂ හරි පොඩ්ඩයි... 'අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!' කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වේ ඒකයි!!! !!! !!! 'අප්පමාදෝ අමත පදං... පමාදෝ මච්චුනෝ පදං...' 'අප්පමත්තා නමීයන්ති... යේ පමත්තා යතාමතා...' සේරම කියල තියෙන්නෙත් ඒ ගැනමයි!!! !!! !!! උන්වහන්සේ අවසන් වතාවට පිරිණිවන් මන්චකයෙදිත්, 'හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත' කියල... 'යකුනේ, කෙළවෙන්න කලින් කරන්න ඕනේ දේ කර ගනිල්ලා!!!' කියල... කිව්වේ ඒකයි!!! !!! !!!

සත්වයෙක් අරහත්වයට පත්වෙනකන්ම සිද්ධවෙන ඇත්ත කතන්දරය මේකයි...

මේ සත්ව ඇඟවල් වල කිසි විශේෂයක් නෑ... මේ සේරම පොළවෙන් ගත් සාරයෙන් හැදිච්ච, 'හතරමහා ධාතුන්ගෙන්' හැදිච්ච, එක එක හැඩවල මැෂින් (machine) ටිකක් විතරයි!!! සත්වයෝ වෙනස්වෙන්නේ උන්ගේ ඇඟවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධයන්, නැත්නම් 'මතකයන්' ගෙනුයි!!! මොන මොනවා හරි ඇඟවල් ටිකක්, බල්ලෝ / පූසෝ / හුනෝ / කැරපොත්තෝ / පෙරේතයෝ / ගැරඬියෝ ඕනේ ජාතියකින් තව 'ඇඟවල්' හැට හුටහමාරක් හදල, ඔය උඹට තියන මතකයෙන් copy ගහල ඒවාට දැම්මොත්, ඒ 'සත්වයෝ' හැම එකාටම දැනෙන විඳීම සමාන වෙනවා!!! කොටින්ම කිව්වොත්, ඒ සත්වයෝ හැම එකාම 'උඹ' වෙනවා!!! !!! !!! ඇයි, උඹ 'මම'ය කියල රැවටිලා ඉන්නේ ඒ විඳීමට නේ?? හරියට set එකකින් ඇහෙන සිංදුවකට 'මං' කියල රැවටිලා ඉන්නවා වගෙයි... එතකොට එකම සින්දුවක් record කරලා දාල set 1000-2000ක් හැදුවත් ඇහෙන්නේ ඒ සින්දුවම නේ?? තේරෙනවා නේ??? මේ 'ඇත්ත' එහෙම්පිටින් අවබෝධ කරගෙන, උඹත් ඔය වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් අන්න ඒ copy ගගහ duplicates හදන එක ස්වභාවධර්මයෙන් කොහොමත් කෙරෙන නිසා, 'උඹ' නැත්නම් 'විඳීම' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ස්වභාවධර්මය 'උඹට' ඇඟවල් කොහේ කොහේ හදල දෙයිද දන්නේ නෑ... ඒක තනිකරම තෝ කරන / කියන / හිතන දේවල් අනුව, ස්වභාවධර්මයෙන් තීරණය කරනවා මිසක්, තොට ඕනේ විදියට, තෝ හිතන විදියට හම්බවෙන්නේ නෑ!!! !!! !!! හම්බ වෙන එක නම් තෝ හතරගාතේ දාල වැඳ වැටුණා කියල, දෙයියෙක් බයියෙක්ටවත් / ග්‍රහයෙකුටවත් / කිසිම මැති ඇමති කෙනෙකුටවත් වෙනස් කරන්නත් බෑ!!! !!! !!! කුකුල් ඇඟකට බැස්ස කාලෙට 'උඹ' roast chicken වෙනවා... හරක් / ඌරු ඇඟවල් ලැබුණාම 'උඹව' pork devil / deviled bief වෙනවා... මාළු ඇඟවල් ලැබුණු කාලෙට fish barbeque වෙනවා... අපායේ හැදුනොත් වෙන කියන්න දෙයක් නෑ!! 'උඹව' සම්බෝල කරනවා... 'fruit salad' හදනවා... ආයි මනුස්ස ඇඟක් ලැබුණත්, ගොං සංඝයින්ට අහුවෙලා ඒ පාරත් අනාථ නොවී බේරුනොත් මිසක්, ශ්‍රී සද්ධර්මය අහල ඒ පාර හරි රහත්වෙන්න ලැබුණොත් මිසක්, 'විඳවිල්ල' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒ නිසා basically, මේ සැරේ රහත් වුනේ නැත්නම් තොට රෙවෙනවා!!! !!! !!!
අන්න ඒ වගේම, මේ ඇඟවල් අස්සේ devices 6ක් set වෙලා මවල තියන 'තෝව', 'දෙයිය ගාවට යයි...' කියල හිතන් හිටියට යන්නෙත් නෑ!!!'ස්වර්ගෙට යයි...' කියල හිතුවට ඒ යන්නෙත් නෑ!!! 'සංසාරේ යයි...' කියල හිතුවට ඒ යන්නෙත් නෑ!!! හැබැයි, 'මෙතැනින්ම අහවර ඇති...' කියල හිතුවට එහෙම අහවර වෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, මේ එක කාමරේක TV එක කැඩුනට, තව ඔය විදියටම TV එකක් දාපු කාමරයක මේ වැඩසටහනම සිද්ධ උනොත්, ඒ පාර ඒ කාමරේ එකෙක් ඇවිද ඇවිද ඉන්නවා පේන්න ගන්නවා නේ?? අන්න ඒකයි!!! හැබැයි, එහෙම උනොත් ඒවෙන කාමරයක්... වෙන TV එකක්... කියන්නේ, ඒ වෙනින් සත්වයෙක්!!! වෙන එකෙක්!!! !!! වැඩසටහනෙන් හැදෙන එකා, පේන 'ත්‍රිමාණ රූපේ' විතරයි කලින් වගේම පේන්නේ!!! හරිද?? හරිනේ?? පැහැදිලියි නේ??? ඇත්තටම වෙන එකම දේ, මේ ඇඟ කැඩෙනකොට ඒ ඇඟ නිසා ඇතිවන විඳීම්, නොදන්න කමට 'මං' කියල රැවටිලා ඉන්න 'මායාව' definitely නැතුව යන එක විතරයි!!! ආයේ වෙන ඇඟක් (තව TV room එකක්) නැති උනොත් 'පොර' ආයි නෑ!!! ඉවරයි!!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! තව ඇඟක් හැදෙන්න, නැත්නම් පුනරුප්පත්තියක් සිදුවෙන්න ඉඩ හැරියොත් (වෙන TV කාමරයක පරණ වැඩසටහනම දුවන්න ඉඩ දුන්නොත්) අන්න එතකොට, 'අහවර නෑ නේද??' කියල තේරෙයි!!! හරිය???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ගැන බොහොම සරලව කිව්වේ, 'යමෙක් මේ 6 ආකාර විඳීම අවබෝධ කලොත්, ඔහු රහතහන්වහන්සේ නමක්!!' කියලයි!!! මේ මුළු ධර්ම කතන්දරයේම එකම අරමුණත් ඔය මුලාව, 'අවිද්‍යාව' දුරුකිරිමම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූදා සිට කලේ, සියලු දෙවි / මිනිසුන් ඔය 'චුට්ට' අවබෝධ කරගැනීම සඳහා හැඩගස්වපු එකත්, උන්ට ඒ 'චුට්ට' අවබෝධ කරගැනීමට උපකාර කල එකත් තමයි!!! !!! !!! හැබැයි,ඉන්න තැනක ඉඳගෙන කල්පණා කරලා... කරලා... 'සත්‍යය' අවබෝධ කරගෙන ඔය මුලාවෙන් මිදියන් කිව්වම, ඒක නොකර, මල් / පහන් පූජකර කර... ගාථා කියකිය වැඳවැඳ... පන්සල් පන්සල් ගානේ යන්නේ ගොං හරක්ම තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, මේ ලෝකේ නැති 'හුට්ටප්පර' / 'අලකලංචි' සේරම මේ ඉන්න තරමක් උගත් / ධනවත් / බලවත් මෝඩයන්ට ඔය 'චුට්ට' අවබෝධවෙනකම් තමයි!!! !!! !!!

ඉතින්, උඹල සේරමලත් ඇතුළුව, ලෝකේ ඉන්න තරමක් සත්වයෝ 'මං'ය, 'මම'ය, කියල හිතන් ඉන්න / හිටිය 'එක' නිකම්ම නිකම් විඳීමක්... දැනෙන දෙයක්... දැනීමක්... 'හොඳ ලස්සන තොරණක්...' මිසක්, මේ එකෙක්ගේ වත් ඇඟවල් අස්සේ 'දෙයියෙක් බයියෙක් ගාවට යන්න පුළුවන් මොකෙක්වත්...' 'ස්වර්ගෙට යන්න පුළුවන් මොකෙක්වත්...' නැත්නම් 'සංසාරේ යන්න පුළුවන් මොකෙක්වත්...' ඇත්තේ නෑ!!! !!! !!! මේක ඔය TV එකක් / computer එකක් වැඩකරන කම් රූප පෙන්නේ? සද්ද ඇහෙන්නේ? අන්න ඒ වගේ දෙයක්!!! TV එක / computer එක කැඩුනම රූප / සද්ද නැතුව යනවා මිසක්, ඒවා කොහෙවත් යන්නේ නෑ නේ?? අන්න ඒ විදියටම, මේ හතරමහා ධාතුවලින් හැදිච්ච ඇස / කණ / නාසය / දිව / කය සහ මනස කියන ආයතන 6 එකතුවෙලා පෙන්නන මේ 'ලස්සන තොරණ', කය බිඳිලා යනවත් එක්කම නැතුව යනවා!!! එච්චරයි!!! !!! !!! බය වෙන්න එපා!!! නෑ... එක්කෝ බයවෙයං. මොකද, උඹ බය උනත් නැතත් කතන්දරේ ඕක තමයි!!! !!! !!!

මේ 'කතන්දරය' තේරෙණකම් ඉපදිච්ච ඕනෙම සත්වයෙක් හිතෙන්නෙ, මේ ඇඟ අස්සේ sure එකටම මොකෙක්හරි ඉන්නවා කියල තමයි!!! !!! !!! ඉතින්, ඒ ඉන්නේ 'මං' තමයි... 'මගේ ආත්මය' තමයි... කියල රැවටිලා, 'මාව' පිනවන්න... 'මට' සැප දෙන්න... 'මාව' පුම්බල පුප්පල සමාජයේ අනික් එවුන්ට ඉහලින් කැපිල පේන්න තියාගන්න... තියන උවමනාවට, 'සියලු සත්වයෝ' ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! 'මට' මොනවා හරි වෙයිද?? 'මං' මැරෙයිද?? කියල බයේ, 'තමන්ව' රැකගන්න පරිස්සම් කරගන්න ඕනේ කියල හිතාගෙන, ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! හැමතිස්සෙම එහෙම full alert එකෙන්, සෝදිසියෙන් ඉන්න ඒ ඉඳිල්ල මහා මළ වදයක්!!! !!! !!! ඇඟ කොහොමටවත් තමුන්ට ඕනේ විදියට තියෙන්නේ නෑ!!! ලෙඩ හැදෙනවා... කෑලි කැඩෙනවා... කෑලි නරක් වෙනවා... පණතියනකම් කචල් බචල් තොගයකට මුණදෙන්න වෙනවා!!! 'මං' කියල මුලාවෙලා ඇඟ බදාගෙන ඉන්න කෙනාට ඔය නිසා හැමතිස්සෙම ඉන්න වෙන්නේ ගූ බයෙන්!!! !!! !!! ඒ ගූ බය නිසා සත්වයෝ නොකරන දෙයක් නෑ... හතර අතේ වැඳ වැටෙනවා!!! පිළිම වලට වඳිනවා... දෙයියන්ට වඳිනවා... දෙයියන්ට කන්නලව් කරනවා... 'අනේ, මගේ එක ගලවාගනු මැනවි!' කියනවා... බෝ ගස් වලට වඳිනවා... පුදපූජා තියනවා... කොඩි එල්ලනවා... ග්‍රහයොන්ටත් වඳිනවා... සමහරු 'අහවල් එකට'ත් වඳිනවා... එක විකාරයි!!! ඒත් මේ හතරමහා ධාතුන් ගෙන් හැදිච්ච ඕනෙම ඇඟක් කැඩෙනවා මයි!!! එතකොට සත්වයාට 'මැරෙන්න' වෙනවාමයි!!! !!! අල්ලාගෙන බදාගෙන ඉන්න කෙනාට 'මැරෙණ එක' තරම් දුකක් තවත් නෑ!!! ඒත් මරණයට මුහුණ දෙන්න වෙනවාමයි!!! !!! බුදුහාමුදුරුවෝ ඔන්න ඔය බව කිව්වා, 'බැඳිලා ගියොත් මාරයට!'කියල. (හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම ඇසක්/කණක්/නාසයක්/දිවක්/කයක්/මනසක් මාර තුමාට අයිතිවෙන්නේ උරුමයෙන් මයි!!! ඊට අමතරව ඒ ආයතන 'තමන්ගෙයි කියල හිතන / බදාගන්න' සත්වයෝ හැම එකාමත් එයාට අයිතියි!!!)

හැබැයි වැඩේ තියෙන්නේ, ඔය විඳීම් සේරම තියෙන්නේ... නැත්නම්, ඔය 'තොරණ' පේන්නේ... ඒත් නැත්නම්, ඔය 'මම' ඉන්නේ... මේ ඇඟ 'සජීවීව තියනකම්', ඇඟේ 'පණ තියනකම්' විතරයි!!! කය (ඇඟ) බිඳිලා යනකොට ඒ සේරමත් නැතුව යනවා!!! !!! !!! කෙනෙක් ඔන්න ඔය 'ඇත්ත' දැනගන්න දැනගන්න, 'මම' ඇඟෙන් වෙන්වෙන (ඈත්වෙන) බවක් ටිකෙන් ටික එයාට තේරෙන්න ගන්නවා. 'ඇත්ත කතන්දරය මේකයි නේ!!' කියල එයාම හොඳට 'බඩකට පුරා' දැනගත්ත දවසට, ඒ කියන්නේ අරහත්වයට පත්වුනාම, 'මම' මේ ඇඟේ නෑ කියල එයා හොඳාකාරවම දැනගන්නවා!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඔන්න ඔය ලක්ෂණයට කිව්වා, 'විඥාණය අනිදස්සන වීම' කියල!!! මොකද, කලින් 'ඇත්ත' නොදන්නා කාලේ 'මම' කිය කියා මේ 'හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ' පෙන්නුවට, දැන් දන්නවා 'මං ඒකෙ නෑ!!' කියල!!! !!! !!! ** ඔතනදි බුදුරජාණන්වහන්සේ ඔය 'විඥාණය' කියල දක්වල තියෙන්නේ, සත්වයා 'තමන්' කියල රැවටෙන දේ, 6 ආකාරයක විඳීම ගැනයි!!! ** ඉතින්, 'විඳීමක්' කොහොමද පෙන්නන්නේ?? පෙන්නන්න විදියක් නෑ නේ??? 'දර්ශණය වෙන්නේ' නෑ නේ??? අන්න... අනිදර්ශණයි!!! අනිදස්සනයි!!! හරිය??? ඒවගේම ඉතින්, 'මම ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනාට ඇඟෙන් ඇති වැඩේ මොකද්ද??? එයාට ඒක වැඩක් නැතුව යනවා!!! 'ඇඟට හෙණ ගැහුවත් මට ප්‍රශ්ණයක් නෑ නේ...' 'මට ඒකෙන් ඇති වැඩක් නෑ නේ...' කියල දන්නවා!!! !!! !!! ඉතින්, සත්වයාගේ බය සැක ඔක්කොම නැතුව යනවා!!! !!! !!! අල්ලගෙන / බදාගෙන ඉන්න / හිටිය ඒවා සේරම අතහරින්න දෙයක් නෑ... ඉබේම අතහැරෙනවා!!! !!! !!! එතකොට හරි සැහැල්ලුයි!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර ගමන ගැන ලෝකයාට කියල දුන්නේ මේ ජීවිත හටගැනීමට හේතුවෙච්ච කතාන්දරය තේරුම් කරන්න උවමනා හන්දයි!!! නැත්නම්, 'මොන මගුලකට බණ අහනවද?' 'ණිවන් දකින්නේ මොන බම්බුවකටද?' කියල 'බූරුවෝ' විතරක් නෙවෙයි, මොලේ තියන ප්‍රඥාවන්ත / බුද්ධිමත් එවුනුත් අහන්න ඉඩ තිබුණා... අනික් එක, සත්‍ය නොදන්නා තාක් කල්, 'අවිද්‍යාවෙන්' ඉන්නා තාක් කල්, හැම කෙනෙක්ම අහුවෙන / රැවටෙන / මුලාවෙන මේ භයානක වැඩපිළිවෙලින් හැම සත්වයෙකුටම පටවන 'කුණුගොඩ' ගැන උන්ට කියල දෙන්න, උන් ඒ 'කුණුගොඩට' මුලාවෙන එක නැතිකරන්න, උන්ව මුලාවෙන් මුදවන්න, සංසාර ගමන ගැන කියල නොදීත් බෑ!!! හැබැයි එහෙම සියලු දෙවි / මිනිසුන් දැණුවත් කරන්න සංසාර ගමන ගැන කියල දුන්නට, සත්වයෝ සංසාරේ 'යන' කතාවක්... සංසාරේ කියන්නේ 'යන්න' පුළුවන් එකක්... උඹල ඒකෙ 'පලයල්ලා' කියල එකක්... බුදුහාමුදුරුවෝ කොහෙදිවත්, කොයිම වෙලාවක වත් කියලා නෑ!!! !!! !!! එහෙම කියන්න, සත්වයාට සංසාරේ 'යන්න' පුළුවන් කමකුත් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, 'භවයකින් භවයකට මොකවත් ගමන් කරන්නේ නෑ!! මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම ගෙනියන්න බෑ!! එහෙම ගෙනියන්න / අරංයන්න මෙව්වයි (මේ ඇඟවල් වල) මොකුත් ඇත්තෙත් නෑ!!!' කියල විතරයි!!! !!! !!!

ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ ලෝකයාට හෙළිදරව් කරලා දීල තියෙන්නේ ඉපදෙන / මැරෙණ සියලු ලෝක සත්වයින්ගේ ජීවිත හටගැනීමට බලපාල තියන 'ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්' ගැනයි!!! කාටවත් මේ වැඩපිලිවලේ සිද්ධවෙන දේවල් තමන්ට උවමනා විදියට පාලනය කරන්න හරි, තමන්ට උවමනා විදියට සිද්ධවෙන්න හදන්න හරි, පුළුවන් කමක් නෑ!!! තමන් වෙනුවෙන් එහෙම කරලා දෙන්න පුළුවන් කවුරුවත් ඇත්තෙත් නෑ!!! !!! !!! මේ ඉන්න එකෙක්වත් 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ, අහවල් ආගම අදහන, අහවල් පවුලේ කෙනෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිච්ච එවුන් නෙවෙයි!!! බල්ලෝ / පූසෝ මොකෙක්වත්, 'මට අහවල් ගෙදර බල්ලෙක් වෙලා උපදින්න ඕනේ!!' 'මට අහවල් ගෙරද පූසෙක් වෙලා ඉපදෙන්න ඕනේ!!' කියල ඉපදිලත් නෑ!!! උඹල / අපි හැමෝමත්, මේ ලෝකේ ඉන්න තරමක් සියලු සත්වයෝත්, කියන මේ 'හැම සත්ව ජීවිතයකම' හටගැනීම, 'මෙහෙම උනොත් මෙහෙම වෙනවා... මේක තිබුනොත් මේක වෙනවා...' ආකාරයට සිද්ධවෙමින් යන 'හේතුවක් තිබුණොත් ඵලයක් හටගන්නා' ස්වභාවයක් විතරයි!!! හේතු-ඵල ධර්මතාවයක් විතරයි!!! උඹල / අපි සේරමලා ඒ ධර්මතාවයට අහුවෙලා 'ඔන්න ඔහේ හැදිච්ච' පිරිසක් විතරයි!!! !!! !!! ඒ වගේම මේ වැඩපිළිවෙලින් හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! කොහේ, කොයි ලෝකේ, මොකෙක් හැටියට ඉපදුනත්, ඒ හැම සත්වයෙක්ම අනිත්‍යයි!!! හැදෙන 'හැම එකෙක්ම කැඩෙනවා' මයි!!! !!! !!! හැම කෙනෙක්ම නැතිවෙනවා, 'මැරෙණවා' මයි!!! !!! !!! ඒ වගේම මේ ජීවිත වල අපිට ඕනේ ඕනේ විදියට කරන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තෙත් නෑ... ඉතින්, කාට කාටත් කරන්න තියන හොඳම දෙය, හැකි ඉක්මනින් මේ වැඩපිළිවෙලින් ඉවත්වීම, 'නිදහස්වීම' විතරයි!!! !!! !!!

ඇත්තටම මේ ඉපදෙන මැරෙණ සත්වයෝ හැම එකෙක්ටම ස්වභාවධර්මයෙන් හදල දෙන ශරීර, නැත්නම් සත්ව 'කය'වල් සේරම, පොළවෙන් ලබාගන්න දේ ආහාරයට අරගෙන හැදෙන, නැත්නම් 'හතරමහා ධාතුන්ගෙන් හැදෙන' ආයතන 6ක එකතුවක් විතරයි!!! !!! !!! only a combination of 6 sensor devices !!! !!! !!! ඊට අමතරව සජීවී සත්වයෙක්ගේ, පණ ඇති සත්වයෙක්ගේ, තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' (memory එකක්) විතරයි!!! !!! !!! හැම සත්වයෙක්ම නිකම්ම නිකම් 'රොබෝ කෙනෙක්' වගේ 'අධි තාක්ෂණික මැෂිමක්' තමයි. එච්චරයි!!! a high-tech machine like a robot. that's all !!! ඉතින් 'සත්වයෙක් කියන්නේ ඔච්චරයි!!' කිව්වම, උඹල / අපි හැමෝම එච්චරම තමයි!!! !!! !!! තේරුණයි???

සත්වයාට පණ තියනකම් ඔය 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6 ක්‍රියාත්මකව පවතිනවා!!! ඒ ක්‍රියාකාරීත්වය පවතින තුරාවට ඒවායෙන් විඳීම් (sense / sensation) ඇතිවෙනවා!!! ඒ වගේම, මේ ආයතන 6 සංවේදී එකිනෙකට වෙනස් මාධ්‍යයන් 6 කට නිසා, මෙතන 6 ආකාරයක විඳීමක් ඇතිවෙනවා!!! සත්වයෝ ඕනෙම එකෙක්ගේ 'ඇඟක' සිද්ධවෙන්නේ ඔන්න ඔච්චරයි!!! !!! !!! ඒත්, ඔය 6 ආකාර විඳීම මතකයත් එක්ක එකතුවෙලා (combine වෙලා), මතකය ඇසුරුකරගෙන (interactively) ක්‍රියාත්මක වෙනකොට, ඉබේම ඇතිවෙන චේතනා පහල කරලා, 'හිතල' කටයුතුකරන්න පුළුවන් හැකියාව නිසා, එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේ තියන ඕනෙම එකෙක් 'හොල්මං වෙන ගතිය' නිසා, මෙලෝ යකෙකුට 'ඕක නිකම්ම නිකම් විඳීමක් විතරයි...' කියල තේරෙන්නේ නෑ!!! !!! !!! හැම කෙනෙක්ම හිතෙන්නේ 'මේ මං වෙන්න ඇති...' 'මේ මගේ ආත්මය වෙන්න ඇති...' කියලම තමයි!!! !!! !!! ඉතින්, හැම එකාම 'මේක මහා අද්භූත දෙයක්' කියල මුලාවෙන එක වලක්වන්න බෑ!!! !!! !!! උඹල ඔක්කොම, 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියලා හිතන් ඉන්නේ ඔන්න ඔය 'මුලාව' ගැන තමයි!!! !!! !!! 'මං හරි ලොකු පොරක්!' 'මං වෙනස් කෙනෙක්!' 'මං විශේෂ කෙනෙක්!' කියලා රැවටිලා තියෙන්නේ ඒ 'මුලාවට' තමයි!!! !!! !!!

අපි පොඩි high-tech උදාහරණයක් ගමු. දැන් හුඟදෙනෙක් දන්නවා ඇති නේ, light beams project කරලා අවකාශයේ ත්‍රිමාණ රූප 'මවන්න' පුළුවන් බව. අන්න ඒ විදියට, ඇත්තටම නම් මොකුත් නැති තැනකට ඇත්ත මනුස්සයෙක්ගේ ත්‍රිමාණ රූපයක් project කලොත්, එතන 'ඇත්ත මනුස්සයෙක්' ඉන්නවා වගේම පෙනෙයි!!! ඊළඟට, දැන් ඔය තියෙන්නේ 3D TV (ත්‍රිමාණ රූපවාහිනී) එහෙම... ඒවයෙත් ඇත්ත මනුස්සයෙක්ගේ රූපයක් යනකොට පේන්නේ, ඒ මනුස්සය TV එකෙන් එලියට ඇවිල්ල වෙනම ඉන්නවා වගේ තමයි!!! අපි හිතමු බිත්තියක් තරම් පත (තඩි size) 3D TV එකක් පැත්තක හයි කරපු කාමරයක් ගැන!! පොඩි picture hall එකක් කියමු!! කාමරේ ඇතුලට ගියහම TV එකක් තියන බවක් තේරෙන්නේ නෑ... ඒකත් පැත්තක බිත්තියක් වගෙයි!! තියෙන්නේ හිස් කාමරේ විතරයි!!! දැන් ඒ TV එකේ මනුස්සයෙක් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා පෙන්නුවොත් කොහොමද පේන්නේ?? 'කාමරේ ඇතුලේ මිනිහෙක් ඇවිද ඇවිද ඉන්නවා!!' වගේ නේ පේන්නේ?? නේද??? අපි හිතමු, ඒ 'මිනිහා' කාමරේ එහාට යනවා... මෙහාට යනවා... තැන් තැන් වල නැවතිලා ඉන්නවා... එහෙට මෙහෙට හැරෙනවා... ආයි ඇවිදිනවා... වගේ පේන්න නිර්මාණය කරපු පරිඝනක වැඩසටහනක් (graphic animation) එකක්!! කියල... දැන් ඔතන සිද්ධවෙන කතන්දරේ නොදන්න කෙනෙක්, 'අර මිනිහ' ඇවිද ඇවිද ඉන්නවා දැකල රැවටිලා, ගිහින් එයත් එක්ක කතා කලොත් උත්තර දෙයිද?? නෑ!!! හරි! 'උත්තර නොදෙන්නේ කතාකරන්න බැරි කෙනෙක් වෙන්න ඇති...' කියල හිතුවයි කියමු!!! ඒත්, 'ඇවිද ඇවිද ඉඳලම කකුල් රිදෙනවත් ඇති...' කියල, පුටුවක් ගිහින් තිබ්බොත් 'ඒකා' වාඩිවෙයිද?? ම්හු! නෑ!!! 'තිබහ ඇති...' කියල බොන්න මොනව හරි ගිහින් දුන්නොත් බොයිද?? ඒත් නෑ!!! හැබැයි TV එක වැහුවොත් / කැඩුනොත්?? හුටා, 'පොර' නෑ!!! missing!!! හරි නේ???