Wednesday, December 28, 2011

තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ, බොහෝම කලාතුරකින් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙන්නේ, 'සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න ඉපදෙන මැරෙණ සියලු ලෝක සත්වයන්ට, ඒ භයානක සංසාර ගමනෙන් ගැලවෙන්න / නිදහස්වෙන්න උපකාර කරන්නට'යි කියලයි!!! මේ සියලු ලෝක සත්වයින් හට එහෙම භයානක අනතුරක් / බරපතල ප්‍රශ්ණයක් නොතිබුනා නම්, ලෝකයාට බුදුවරුන්ගේ අවශ්‍යතාවයක් ඇති නොවන බවත්, ලෝකයේ බුදුවරුන්ගේ පහලවීමක් සිදු නොවන බවත්, උන්වහන්සේ පැහැදිලිවම දේශණාකොට වදාළා!!!

ලෝක සත්වයින්ව සංසාර ගමනෙන් නිදහස් කරන්න මෙලොවට වැඩිය බුදුරජාණන්වහන්සේ කාටවත්, කොයිම වෙලාවක වත්, පින් කරන අරමුණින් හරි, තව එක වරක්වත් සංසාරේ 'යන්න' කියල කිව්වේ වත් / 'යන්න' අනුබල දුන්නේ වත් නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ, 'සංසාරෝඝං මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) කියලයි!!! උන්වහන්සේ කිව්වේ, 'මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!' කියලයි!!! උන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසන් වතාවට ශ්‍රාවක පිරිසට කිව්වෙත්, 'හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා... අප්පමාදෙන සම්පාදේථ' (මහණෙනි මම ඔබව අමතමි, සකස්වෙච්ච සියලුම දේවල් නැසී වැනසී යනවා... අප්‍රමාදීව ගැලවීමට කටයුතු සලසා ගන්න!!) කියලයි!!!

බුදුරජාණන්වහන්සේ, සත්වයින්ගේ හටගැනීමට හේතුවන 'සංසාර ගමන' ගැන ලෝකයාට හෙළිදරව් කරලා දුන්නට, 'සත්වයෝ සංසාරේ යන කතාවක්' කොහෙදිවත්, කාටවත්, කියලා නෑ!!! සත්වයා කියන්නේ සංකතයක්!!! සත්වයෙක් කොයි ලෝකේ කොයි විදියට හැදුනත්, අලුතෙන්ම හැදිලා... කාලයක් වෙනස්වෙවී පැවතිලා... එහෙම්පිටින්ම විනාසවෙලා යනවා විතරයි!!! ඒ හැරෙන්න, සත්වයෝ සංසාරේ යන්නෙත් නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!!

හැබැයි, සත්වයින් හටගන්නේ ලෝකයේ ක්‍රියාත්මකව පවතින ස්වභාවික හේතු-ඵල ධර්මතාවයකට අනුවයි!!! බුදුරජාණන්වහන්සේ එම 'හටගැනීම' විස්තර කලේ, 'ඛන්දානං පාතුභාවෝ... ආයතනානං පටිලාභෝ...' (පංච උපාදානස්කන්ධයක් බැසගැනීමක්... ආයතන 6ක් ලැබීමක්...) හැටියටයි!!!

උන්වහන්සේ ඒක හැඳින්වුයේ බීජයකින් පැළයක් හටගන්නවා වගේ දෙයක් කියලයි!!! බීජයකින් හටගන්නා ශාකයක මව් ශාකයේ තිබුණු ස්වභාවික ලක්ෂණ / ගුණාංග සේරම තිබුණත්, ඒ කලින් තිබුණු 'මව් ශාකයම' නෙවෙයි නේ?? ඒ වගේම, පැළවෙන්න කලින් ශාකයක් තිබුනෙත් නෑ!!! තිබුණු මව් ශාකය මැරිලා කඩංවැටිලා දිරල පොලවට පස්වෙලා ගියාම, ආයේ එහෙම ශාකයක් ඇත්තෙත් නෑ!!! ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! 'ගසක පැවැත්මක්' දිගින් දිගට සිද්ධවේගන සිද්ධවේගන ගියාට, 'එකම ගහක්' දිගටම පවතිනවා කියල නෙවෙයි!!! !!! !!!

ඔන්න ඔය විදියටම සත්වයින් සම්බන්ධයෙන්, එවුන්ව හදන්න හේතුවෙන 'පංච උපාදානස්කන්ධයත්' සරලවම කිව්වොත්, කල්ප කාලාන්තරයක් තිස්සේ පැවත එන 'මතකයත්' වෙනස්වීම් වලට භාජනය වෙවී / අලුත් වෙවී, දිගින් දිගටම පවතින ස්වභාවයක් ස්වභාවධර්මයේ තියනවා!!!

ජීවත්ව සිටිනා සත්වයෙකුගේ පංච උපාදානස්කන්ධය 'භවයක්' ලෙසින් සකස්වූනොත්, ඒ කියන්නේ, අවකාශයේ විහිදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් (electromagnetic radiation) හැටියට හැදුනොත්, 'මුල් සත්වයා' මරණයට පත්වෙනකොට, ඒ පංච උපාදානස්කන්ධය තවත් සත්ව කයකට බැහැගෙන තවත් 'අලුත් සත්වයෙක්' හැදෙනවා!!! මුල් සත්වයා එතනින් ඉවරයි!!! !!! !!! ඊළඟට ඉන්නේ වෙන සත්වයෙක්!!! !!! !!! හැබැයි, බීජයකින් හැදෙන පැලයෙත් මව් ශාකයේ තිබුණු ගති ලක්ෂණ දකින්න පුළුවන් වගේම, හැදිච්ච අලුත් සත්වයාටත් කලින් හිටිය සත්වයාට වගේම හිතෙන්න / දැනෙන්න පටන් ගන්නවා!!! එච්චරයි!!

එක සත්වයෙකුට තියෙන්නේ ඒකගෙ ආයුෂ විතරයි!!! එකෙක් ඉවරද? ඌ ඉවරයි!!! !!! !!! ඔය බව මුලින්ම කිව්වේ, කාශ්‍යප බුදුරජාණන්වහන්සේයි!!! උන්වහන්සේ වැඩසිටියේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 5,000 ක්ව පැවති කාලයේදී උනත්, උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කිව්වා, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ චුට්ටයි!!) කියලා!!! අපේ ගෞතම බුදුරජාණන්වහන්සේත් මේ බව දැක්ක!!! උන්වහන්සේත් ශ්‍රාවක පිරිසට කිව්වා, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ චුට්ටයි!!) කියලා!!! ඒත් එතකොටත් සාමාන්‍යයෙන් මනුස්සයෙකුට අවුරුදු 120 ක විතර ආයුෂක් උරුමවෙලා තිබුණා... නමුත් දැන්???

සංසාරෙට, සංසාර ගමනට නැත්නම් සංසාර කතාවට ආයුෂ කල්ප කෝටි / ප්‍රකෝටි ගණනින් තිබුණට, තමුන්ට තියෙන්නේ අවුරුදු 50-60ක් විතරයි නම්, තමුන්ට කල් තියෙන්නේ එච්චරයි!!! !!! !!! ඒක හරියට ලෝක බැංකුවේ ඩොලර් ට්‍රිලියන් බිලියන් වලින් තිබුණත් වැඩක් නෑ... තමුන් ළඟ තියෙන්නේ රුපියල් 20 නම් තමුන්ට තියෙන්නේ එච්චරයි වගෙයි!!! බොලාට තේරුණාද??? කලින් හිටිය ගොං සංඝයෝ, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් නම්බුනාම / පට්ටන්දර තිබිච්ච සාසන භක්ෂක කාලකණ්නි, 'පෙරුම් පුර පුර යං...' 'පින් කර කර යං...' 'දෙවි මිනිස් සැප කෙලවර අමා මහා ණිවන් සැපත් ලබමු...' කිය කියා තොපිව ගොනාට ඇන්දුවාම, තොපි හිතුවේ තොපිටත් 'චුන් එකේ සංසාරේ යන්න' පුළුවන් ඇති!! කියලද??? ආතල් එකේ ධර්මය හප හප යන්න කල් තියනව කියලද??? මෝඩ මී හරක්!!!

Monday, December 26, 2011

මේ සංකත ජීවිතයකින් තවත් සංකත ජීවිතයකට සම්බන්ධයක් හදන්න පුළුවන් එකම එක මාධ්‍යය / ශක්තිය, 'විඥාණය' ඇතිවෙන්නේ සංස්ඛාර හන්දයි කියල බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේදී තෝරලා දුන්න!!! ඒක කවුරුවත් කරවන, කාටවත් ඕනේ විදියට සිද්ධවෙන දෙයක් නෙවෙයි... ස්වභාවධර්මයට අයිති දෙයක්!!! ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙන, යටත්වෙන දෙයක් තමන් කලොත් අනිවාර්යයෙන් ඒකෙ ප්‍රතිඵලයට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! කොච්චි පාරේ ගියොත් කෝච්චියට අහුවෙනවා මිසක්, අයින් වෙලා ගියා කියල upset එකක් නෑ නේ?? අන්න ඒ වගේම තමයි!!! දැන් අපි ඉපදිලා ඉවරයි... ඉතින්, දැන් කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉවසන් ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් වෙන කරන්න මොකවත් නෑ!!! හැබැයි, ආයි පාරකට ඉල්ලං කන්න නොවෙන විදියටයි මින් ඉදිරියට වැඩකරන්න ඕනේ!!! !!! !!! ඒ වගේම ධර්මය දැක්ක, ජීවිතය අවබෝධ කල කෙනාටත්, ඉතුරු ජීවිත කාලය වහක් (boring) කරගන්න කියලත් නෑ!!! කාටවත් කරදරයක් / වදයක් නොවී, තමන් කැමති විදියකට, තමන්ට ඕනේ දෙයක් කරගන, නිදහසේ / සැනසිල්ලේ ජීවත් වෙන්න තමන්ට පූර්ණ අයිතිය තියනවා!!!

ඉතින්, අපි මේ දැන් අපිට ලැබිල තියන ඇස් / කන් / නාසය / දිව / කය කියන ඒවා පාවිච්චිකරලා රසට කාල, ලස්සනට ඇඳලා පැළඳල හිටියයි කියල, ඒකෙන් සංසාර ගමනටවත් පුනරුප්පත්තියකට වත් කිසිම බලපෑමක් නෑ!!! එහෙම නැතුව, 'මට මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න පුළුවන් හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරිවෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' කියල හිතන්න ගියොත් තමයි ටොපිය!!! 'සැප විඳින්න නැතත් කමක් නෑ... ඉපදෙන්න තිබුණොත් ඇති!!' කියල හිතුවොත්, මැරෙණවා... නැතිවෙනවා... කියල දැන දැනත් දිගින් දිගටම පවතින්න බලාපොරොත්තු උනොත්, අන්න ඒවා තමයි ටොපි!!!තෙරුණයි??? ඒ ඇරෙන්න සින්දු ඇහුව, චිත්‍රපටි / මැච් බැලුව, නැටුවා, 'චුට්ටක් දැම්ම', සැප වින්දා කියල කිසිම අවුලක් නෑ!!! හැබැයි සැප ගන්න ගිහිල්ල ජීවිතය අවබෝධකරගන්න බැරි උනොත්, ඔක්කොම 'හුටා' වෙන නිසයි මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙලා, ජීවිතය අවබෝධ කරගන හිටපිය කියන්නේ!!! ඒ අවබෝධ කරගැනිල්ලත් කාලට, බාගෙට, තුන්කාලට එහෙම නෙවෙයි... එහෙමපිටින්!!! ඉවරයක් වෙන්නම, අවබෝධය සම්පූර්ණ වෙන්නම, කලාට පස්සේ තමයි තමන්ගේ 'ප්‍රශ්ණේ' එහෙම්පිටින් ඉවරවෙන්නේ!!! එතකම් interval නෑ!!! !!! !!!

ජීවිතය අවබෝධ කරගෙන, මේ සේරම තාවකාලික දේවල්, මේ ඇඟ පවතින තාක් කල් ඇතිවන තාවකාලික විඳීම් කියන යථාවබෝධය ඇති වුණායින් පස්සේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න යථාභූත ඥාණය තමන්ට ලැබුණායින් පස්සේ, කන්න ඕනේ නම් කාල කාල පැලිලා මැරියල්ල... බොන්න ඕනේ නම් බීපල්ලා... බිව්වට මදි නම් බැරල් එකක් පුරෝගෙන බැහැල නාපල්ලා... හැබැයි තමුන්ට ආතල් ගන්න / සැපගන්න වෙන එවුන්ව bite එකට ගන්න කාටවත් අයිතියක් නෑ!!! වෙන එවුන් මරාගෙන කන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න / උදුරගන්න, වෙන එවුන්ව මුලා කරන්න කාටවත් අයිතියක් නෑ!!! (ඕනෙම නම් කලත් කමක් නෑ... මොකද, ස්වභාවධර්මයෙන් කොහොමත් ඉතුරු හරිය ගැන බලනවා!!!) ඊළඟට, තමන් පරිහරණය කරන, තමන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන, උපකාරවෙන දේවල් එකතු කරගත්තට, උවමනාවෙන් රැකබලා ගත්තට, ඒවා නඩත්තු කරන්න ටිකක් විතර නැහුණට මොකුත් upset එකකුත් නෑ!!! 'මගේ' ළමයි, 'මගේ' ගෑනි, 'මගේ' දෙමව්පියෝ කියල අනික් එවුන් ගැන හොයා බලාගෙන, උන්ට යුතුකම් වගකීම් හරියට ඉටුකරගෙන උන්න කියලත් කිසිම අවුලක් නෑ!!! (නොකලොත් හරිත් නෑ!!!) ඉගෙන ගන්න... රස්සාවක් කරන්න... ඒවා ඕනේ එකක් OK! ඇත්තටම කියනවා නම්, ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???

ආ... ඊළඟට, 'තණ්හාව නැතිකරන්නම ඕනේ!!!' කියපු, තණ්හාව නැතිකරන්න පුක ඉරාගෙන දඟලපු එවුන් මෙන්න මේ ටික පොඩ්ඩක් බලනවා. දැන් ඔන්න කෙනෙකුට බුද්ධ දේශණා වලට මහා තණ්හාවක් තියනවා!!! අහන්න ලැබෙන ලැබෙන එක ගෙනල්ල ගොඩ ගහගන්නවා!!! ඒවා ආයි ආයි දාගෙන අහනවා... කියවනවා... ඒ කරුණු අනික් අයට කියල දිදී, CD / Cassettes හද හද දීල, එයා ධර්ම ප්‍රචාරයට ලොකු මෙහෙයක් කරනවා!!! එයාගේ ඒ තණ්හාව සංසාර ගමනට හේතු වෙනවද??? ඒ තණ්හාව නිසා එයා දුකට පත්වෙනවද??? තව කෙනෙක් ඉන්නවා... එයා, එයාගේ ළමයින්ට හරිම තණ්හාවයි!!! ඒ ළමයින්ගේ පස්සෙන්මයි!!! ඒ ළමයින්ගේ හැම දෙයක්ම හොයල බල බලා සේරම කරලා දෙනවා!!! ඒ ළමයින්ගේ ඇඳුම් පැළඳුම් හෝදලා දීල, ඒ ළමයින්ට රසට කන්න බොන්න හදල දීල, ඒ ළමයින් හොඳ ගුණ යහපත් දරුවෝ කරන්න මේ මනුස්සය මාර නැහිල්ලක් නැහෙනවා!!! දැන්, ඒ ළමයින් ගැන තියන තණ්හාව අයිති වෙන්නේ කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද??ළමයින් ගැන තියන ඒ දැඩි තණ්හාවෙන් ඒ මනුස්සය සසර දුකට වැටෙනවද??? තව කෙනෙකුට අලුත් අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මාර තණ්හාවක්, ආසාවක් තියනවා!!! එයා නොකා නොබී ඒ වෙනුවෙන් වෙහෙසෙනවා!!! තව කෙනෙක් ඉන්නවා... එයාට ඉහලට ඉගෙන ගන්න ලොකු ආසාවක්, තණ්හාවක් තියනවා!!! එහෙම ඉගෙන අරන් ඉහලට ගියොත් දෙමව්පියන්ට සහෝදර / සහෝදරියන්ට හොඳට සලකන්න හැකිවෙන බව දන්නා එයා ඉගනීම වෙනුවෙන් මැරීගන දඟලනවා!!! ඒ අයගේ ඉගන ගැනීමට තියන තණ්හාව අයිති වෙන්නේ, කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ... තේරුණාද??? අනාගෙන නේද හිටියේ??? අන්න ඒක හන්ද මීට පස්සේ, සංසාර දුකට එකම හේතුව තණ්හාවයි කියල කියන්න තරම් 'අමු ගොනෙක්' වෙන්න එපා!!!

හැබැයි, කොයිම වෙලාවක වත් 'මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරි වෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'දෙයියෙක් ගාවට හරි ගිහිල්ල මට දිගටම ඉන්න ඕනේ...' කියල හිතන්න එපා!!! මොකද හිතුවට උඹට ආයි ලැබෙන්නේ නෑ!!! තොට තියෙන්නේ මෙච්චරයි... වලකජ්ජ ගහපු ගමන් උඹ ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! උඹට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! අන්න ඒ හන්ද, 'මට මේ ඇති... මේ හොඳටෝම ඇති... සැනසිල්ලේ ඉඳල මෙතැනින්ම ඉවරයක් දකින්නයි මට ඕනේ!!' කියල හිතපිය!!! !!! !!! හරිය??

හ්ම්ම්... දැන් ඉතින්, කවුරු කවුරුත් සිවුරු / සිල්රෙදි කරට අරගෙන, දුවන්න ලෑස්ති වෙයල්ලා...
කාලෙකට උඩදී ධර්ම මාතෘකාව කතාකරන්න ගියාම වාදෙට set වෙච්ච, මාත් එක්ක ඇරගත්තු, කෙනෙක් හිටියා... හැබැයි ඉතින් යාලුවෙක් මාලුවෙක්!! man's ගේ තර්කය උනේම, 'මගේ' bag එක, 'මගේ' කුඩේ, 'මගේ' ළමය, 'මගේ' ගෑනි, 'මගේ' ගෙදර කිය කියා හතර අතටම බැඳිලා ඉඳගෙන, ණිවන් යන්නේ කොහොමද?? ණිවන් දකින්න නම් ඒ සේරම බැඳීම් නැතිවෙන්න ඕනේ!!! කියලයි. ඇත්තටම එවුන් හිටියේ මහා විසාල අවුලක!!! ඒකට එකම හේතුව වෙලා තිබුණේ, උං කාලෙකට කලින් මහා ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවෝ, 'සිවුරු ගලවල ගෙදර යවන්න!!' කියපු ජාතියේ 'ගොං සංඝයෝ' නැත්නම් 'සාසන භක්ෂක'ල ධර්මය කියල ඇදබාපු බොරු බේගල් අහල / කියවල, ධර්ම මාර්ගය අනාගෙන තිබිච්ච එකයි!!! !!! !!! හැබැයි ඒ මනුස්සයට හොඳ වෙලාවට 'මොලේ' තිබුණ / තියනවා!!! කියන දේ ඇහුව / අහනවා!!! අන්න ඒ හන්ද කරුණු කියල දීල, හරි පාර පෙන්වල දෙන්න පුළුවන් උනා!!! දැන් එයා කලින් දාපු 'ගොං තර්ක' මොකුත්ම දාන්න එන්නේ නෑ... දැන් හුඟාක් හොඳට කතාව තේරුම් අරන් ඉන්නේ!!!

යන්තම් වලේ නොවැටී බේරෙන්න පිනක් තියන ඒ වගේ මිනිස්සු සීමිත පිරිසක් ගොඩ යාවි!!! අනික් බහුතරයක්, පොට වරද්ද ගත්ත, සාසන භක්ෂක'ල සරණ ගිය, මිනිස්සු ඉවරෙටම ඉවරයි!!! !!! !!! ආයේ කතාකරන්න වත් දෙයක් නෑ... හැබැයි දැන් ඉන්න ලොකු ලොකු 'සංඝ'ල මේ කරුණු දැනගෙන / බලාගෙන, ඉක්මනට තම තමන්ගේ කොටස සම්පූර්ණ කරන්, ඊළඟට අනික් මිනිස්සුන්ටත් ඇත්ත පෙන්වල දීල, මුලාවෙන් මුදවන්න පටන් ගත්තොත්, තාම පණපිටින් ඉන්න එවුන්ව වලට වැටෙන්න නොදී බේරගන්න පුළුවන් වෙයි!! නැත්නම් ඉතින් උනුත් අනාතයිම තමයි!!! ඉස්සරහට ලියන්න ඉන්න කරුණු දැක්කම, මොලේ තියන ඕනෙම එකෙක්ගේ 'පුක පත්තුවෙයි'!!! !!! !!! මං කිව්ව මතකනේ, 'රෙදි කරට අරන් ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා...' කියල??? සාසන භක්ෂක'ල කරලා කියල තියන දේවල්, ධර්මය හප හප ඉන්න සම්ප්‍රදායික බෞද්ධයන්ට වෙන දේ, පෙරුම් පුරපු / පුරණ, මේ ජීවිතයෙන් එහාට එකක් හරි යන්න හිතන් හිටිය / ඉන්න, ගියපු / යන්න බලන් ඉන්න පොරවල් වලට වෙන දේවල් සේරම, මං එකින් එකට කියනවා!!! ඒ කරුණු ගැන දැනගත්තාම, තේරෙයි මං මොකද්ද කිව්වේ කියල... කවුරු කවුරුත් 'ආතල්' එකේ ඉන්නේ තමන්ට වෙන්න යන දේ දන්නේ නැති නිසයි!!!

අපේ හාමුදුරුවෝ හරියටම හරි!!! උන්වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්නලා දුන්න, 'ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' කියන බව!!! ඇත්තටම,කලින් හිටිය ගොං සංඝයෝ සාසනය ගූ කරලා තියෙන්නේ!!! මෑතක ඉඳල radio එකේ පරණ උන්දලා බයිලා ගහපුවා දානවා උදේට උදේට... ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්‍රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!! මට අහන්න ලැබුණේ නම් සැහෙන දුරක් ගියාමයි... ඒත්, අහං හිටිය ටිකේ මේ යකා දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, ශ්ලෝක කෑලි වගේ අනං මනං ගොඩාක් කවලම් කරලා කරලා හැදුව හෙණ ලොකු සලාදයක්!!! හදල අන්තිමට, අහං හිටිය අය එහෙනම් ණිවන් යන්න බලන්න කිව්වා. 'හැබැයි ඒක මේ ආසන්න ආත්මයක නම් බැරිවෙයි!!! මයිත්‍රී බුදුහාමුදුරුවොන්ගේ කාලේදී හරි ණිවන් දකින්න බලන්න...' කිව්වා. මට, 'ශිඃ' කියල හිතුනා... දැන් හිටියනම් මං 'ගිරා හොට' කෙලින්කරනවා!!! මොනවා කරන්නද?? දැන් time passed!!!

ඒ යකා කෙලින්ම පහර ගැහුවේ සන්ධිට්ඨිකයි!!! අකාලිකයි!!! කියපු ශ්‍රී සද්ධර්මයට!!! !!! !!! sure එකටම දැන් අපායේ ඇති!!! බුදුහාමුදුරුවෝ මේ වගේ එවුන්ට හොඳ ලස්සනට කියල තියනවා... "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප‍්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ!!) කියල. අපරාදේ... මේ කාලකණ්නි ගහපු බයිලා අහල, ඇත්ත නොදන්නා අහිංසක මිනිස්සු කොච්චර ලක්ෂ ගණනක් අපරාදේ තම තමන්ට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැති නාස්ති කරගන්න ඇත්ද?? උන් ඉවරෙටම ඉවරයිනේ??? අපරාදේ!!! මං පෙන්නන්නම් කතන්දර සේරම, කාගේ කාගෙත් ඇස් එලියට පනින්නම!!! මොකක් හරි ලොකු වාසනාවක් හන්ද, අපේ හාමුදුරුවොන්ට ගෞතම සම්මාසම්බුද්ධ සාසනය ආයේ ගොඩ ගන්න / ස්ථාපිත කරන්න පුළුවන් උනා!!! !!! !!! නැත්නම් අපිත් ඉවරෙටම ඉවරයි!!! !!! !!! මං කොහොමත් 'නෙලනවා' ඔය සාසන භක්ෂකල කියපු / මට අහන්න ලැබුණු කතා සේරටම වාෂ්පවෙලාම යන්න!!! ධර්ම මාර්ගයේ එක එකාගේ ගූ ගොඩවල් කොහොමටවත් තියෙන්න බෑ!!!

හරි! දැන් මේ 'මගේ' ළමය, 'මගේ' ගෑනි කතන්දරයි, කට්ටියම අනාගෙන ඉන්න 'තණ්හා' කතන්දරෙයි ගැන, බුදුහාමුදුරුවෝ කියල තියෙන විදිය ටිකක් බලමු!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ කියපු දේ විතරයි අපිට ඕනේ!!! "යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ" (කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා ආදී ලෙස ඇති සියලු තණ්හාවන්ගේ ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරුකිරීමක් ඇද්ද, ආලය නැතිවීමක් ඇද්ද, ඒ සියලු තණ්හාවන් ගේ ක්ෂයවීම මයි නිවණ කියන්නේ!) කියල තමයි බුදුහාමුදුරුවෝ අපිට කියල දීල තියෙන්නේ!!! ඒ කියන්නේ, 'කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට සත්වයා සන්සාරයටම බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමටම හේතුවන සියලු ආකාරයේ තණ්හාවන් නැති උනාද, ආයේ ඉපදීමක් නෑ!!', 'එහෙම සංසාරයට බැඳ තබන, නැවත නැවත ඉපදීමක් ඇතිකිරීමට හේතුවෙන, තණ්හාවල් තියනකම් නිවන්න බෑ!!' කියන එක තමයි උන්වහන්සේ ඒ කියල තියෙන්නේ!!!

ටිකක් පැහැදිලි කරගමු බලන්න... දැන් මේ තණ්හාව කියන්නේ පෙන්නන්න පුළුවන් / කියන්න පුළුවන්, නිකම් චීස් කෑල්ලක් / බිස්කට් එකක් / පාන් පෙත්තක් වගේ මොකක්වත් නෙවෙයි නේ?? ඒක හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක්... සිතුවිලි සමූහයක්... වඩාත්ම නිවැරදිව කිව්වොත්, නිතර නිතර මතක්වෙන / කල්පණාවෙන දෙයක්!!! එහෙම නිතර නිතර කල්පණා කරන / මෙනෙහි කරන / ආවර්ජනය කරන දේ, නැවත නැවතත් සන්කතයක්ම, ඒ කියන්නේ නැවත නැවතත් මේ වගේ තාවකාලික ජීවිතයක්ම සකස්කර දීමට හේතුවෙන දෙයක් උනොත්, 'සන්ස්ඛාරයක්' උනොත්, අන්න ඒක නම් පුනරුප්පත්තියක් ඇති කරන්න හේතු වෙනවා!!! !!! !!! නැත්නම් ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! ** මම ඔය ගැන කලින් කියල ඇති, සංස්ඛාර කිව්වමත් කෙහෙල් ලෙලි වගේ ජාතියක්... සමහර ලෙලි ඕනේ!! හුඟක් ලෙලි ගැන හොයන්න / බලන්න දෙයක් නෑ!! ඒත් යන පාරේ දාල තියන, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන ඒවායින් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනේ!! කියල...

Thursday, December 22, 2011

** බුදුහාමුදුරුවෝ විඥාණය හැටියට දැක්වුයේ, පංච උපාදාන්ස්කන්ධයේම තවත් ස්වරූපයක් බව හොඳට මතක තියාගන්න!!! ඒක තනිව පවතින, තනිව ගමන්කරන දෙයක් නෙවෙයි බවත් හොඳට මතක තියාගන්න!!! මොකද, 'විඥාණය' නිකම් සත්වයෙකුගේ 'පණ' කියල සරලවම ගත්තත්, පණ තියෙන්න හරි නැතිවෙන්න හරි 'කයක්' තියෙන්නම එපාය?? අනික පණ නැත්නම්, සතරමහා ධාතු වලට 'කයක්' හැටියට පවතින්නත් බැහැ නේ?? මළකුණ කුණුවෙලා අන්තිමට පොළවටම පස්වෙනවා නේ?? ඉතින්, විඥාණයක් නම්, ඒක නාමරූප එක්කම තමයි ඉන්නවා නම් ඉන්නේ / යනවනම් යන්නේ. හොඳද??? එතකොට බලන්න, කතාවක් තියනවා 'ගන්ධබ්භයෙක් කියල එකෙක් තමයි ඇවිල්ල බහින්නේ!!' කියල. ඒක හරිද??? නෑ!!! ඒක 'චතුරාර්ය සත්‍ය' කඳුලක් වත් අවබෝධ කරපු නැති එකෙක් කියපු කතාවක්!!! !!! !!! ඕක මුලින්ම කියපු එකා මොකෙක් උනත්, සිවුරක් ඇඳගත්ත එකෙක්ද / නැද්ද කියන එක වැඩක් නෑ, ඌ හෙණ ගොං හරකෙක්... සත්වයා සන්කතයක් කියන බව නොදැන, මැරුණද? ඒ සත්වයා එතනින් ඉවරයි!! බව නොදැන, 'යනවා ඇති!!' කියල උපකල්පණය කරලා තමයි ඕක ගොතල තියෙන්නේ!!! විඥාණය තනිව පවතින්නේ / ගමන්කරන්නේ නෑ කියපු එකෙන් බේරෙන්න තමයි 'ගන්ධබ්භයෙක්' කියල 'අලුත් එකෙක්' හදාගෙන තියෙන්නේ!!! ඒක බොරුවක්!!! ගන්ධබ්භයෙක් කියල එකෙක් ඇවිල්ල බැහැල 'මිනිස්සු' ඉපදෙනවා නම්, ඒ උපදින එවුන්ට 'තාත්තෙක්' ඕනේ වෙන එකක් නෑ නේ?? තාත්තෙක් ඕනේ වෙන්නේ ඇඟක් හදන්න නේ?? ඒත් එන එකා එන්නේ ඇඟක් එක්කම නම්, අලුතෙන් ඇඟවල් මොකටද?? අනික ලෝකේ ඉන්න තරමක් ගෑනුන්ට හැමදාම ළමයි හම්බවෙයි නේ?? ඇයි ඉතින්, ගන්ධබ්භයෝ 'හිටු කියල' ඇවිත් ඇවිත් බහීවි නේ... තියන තරමක් ඒවාට?? කාගේ තහනමක්ද?? තවත් ඔය ගොං කතාවලට රැවටෙන්න එපා!!! ආ... අනික අර 'අන්තරාභව' seen එක. එහෙම එකකුත් නෑ!!! ඒකත් අමූලික බොරුවක්!!! ගොනෙක් කියපු එකක්!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, විඥාණය එක කයක් අතහරින්නේ තවත් කයක් ආල්ලගෙන කියලයි!!! ඒ කිව්වේ, අර graph එකේ පෙන්වපු cross-fade එක!!! අන්න එහෙමයි වෙන්නේ.

හරි! දැන් ඇයි මේ සත්වයෝ, උඹල / අපි හැමෝම, සංස්ඛාර කලේ??? ඇයි, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත ලැබෙයි කියල හිතුවේ??? ඇයි එහෙම ඒවා ප්‍රර්ථනා කලේ??? ඇයි පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී හිටියේ??? අන්න... ඒ සේරම උනේ අපේ නොදැනුවත් කමටයි!!! !!! !!! කවුරුවත් මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දර ගැන දැනගෙන හිටියේ නෑ... මේවා අස්සේ 'මං' කියල මොකෙක් හරි ඉන්නවා ඇති!! කියල හිතන් හිටියා... 'ඌ' හැමදාම ඉන්න එකෙක් වෙන්න ඇති!! කියල හිතන් හිටියා... මේ ජීවිතේ ඉවරවෙනකොට, මැරෙනකොට, 'ඌ' වෙන එකකට යනවා ඇති!! කියල හිතන් හිටියා... ඉතීන් 'පතාපන් පුතා!!' තමයි... හිටු කියල පින් කර කර, පෙරුම් පුර පුරා පැතුවා!!! !!! !!! වැඩේ එහෙම්පිටින්ම ඇනුනා!!! !!! !!! අවිද්‍යාව නිසයි මේ අවුල එහෙම්පිටින්ම ඇති වුනේ!!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!! 'සංඛාර පච්චයා විඥාණං' සංස්ඛාර හන්ද විඥාණය ඇතිවුනා!!! 'අරක' හැදුණා... 'විඥාණ පච්චයා නාමරූපං' විඥාණය නිසා නාමරූප ඇතිවුනා!!! තව කයක් ලැබුණා!!! අන්න... ආයෙම ඉපදුනා!!! !!! !!! ආයි පාරක් ඉල්ලගෙනම කෑවා!!! !!! !!!

මතක නේ බාහිය දාරුචීරිය උත්තමය??? 'දිට්ඨේ දිට්ඨ මත්තං... සුතේ සුත මත්තං... මුතේ මුත මත්තං...' කතන්දරය විතරයි ඇහුවේ... (දැක්කොත් දැක්ක විතරයි... ඇහුනොත් ඇහුන විතරයි... කතාව). එයා 84000ක් ධර්මස්කන්ධයේ මොන මගුලක්වත් දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි... පන්සිල් රැක්කද / නැද්ද කියල වත් සඳහනක් නෑ... ඒත් එතනම අරහත්වයට පත් වුනා!!! එතනම පිරිණිවන් පෑව!!! මොකද එයා සංස්ඛාර නවත්ත ගත්ත!!! මොකුත් හිතන්න ගියේ නෑ නේ??? මං ඊළඟට කොහේ යයිද?? මට මීට වඩා හොඳ එකක් ලැබෙයිද?? මං ගොඩාක් පින් කරලා තියනව... මට ලොකුවයින් එකක් ලැබෙයි!! ඔය මොන කෙහෙල්මලක් වත් හිතන්න ගියේ නෑ!!! එතකොට 'අරක' නැතුව යනවා!!! field එක cut-off වෙනවා!!! නිකම්... (light එකක්) switch off කළා වගේ වෙනවා!!! ආයි උපදින්නේ නෑ!!! !!! !!! අවිද්‍යාව නැත්නම් සංස්ඛාර නෑ... සංස්ඛාර නැත්නම් විඥාණයක් නෑ... එතකොට මෙතැනින්ම මේ මල කරදරේ ඉවරයි!!! !!! !!!

දැන් ඉතින් 'හයියෝ... අපි ඉවරායි!!!' කියල හිතන්න, හතරගාතේ දාල වැටිලා, තුෂ්නිභූත වෙලා, 'අන්දෝස් වෙලා' ඉන්න, ලතවෙන්න එපා!!! බුද්ධිමත් මනුෂ්‍යයන්ට මේ සත්‍ය දැනගන්න ලැබුණාම, උද්දාමයට පත්වෙලා කියලා තියෙන්නේ, "ආශ්චර්යයි ස්වාමිනි!!! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්නා වගෙයි... වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි... මුනින් නවල තිබුණු එකක් උඩුකුරු කළා වගෙයි..." කියලයි!!! අපි ඉන්නේ වලක!!! මතකනේ... ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත හා තිරිසන් ලෝක වල බව බුදුහාමුදුරුවෝ කිව්වා නේ??? හැබැයි ඔය කියල තියෙන්නේ අවිද්‍යාවේ ඉන්න අයට... දැන් ඔය උදවිය කතන්දරය දන්නවා නේ?? ඔය කවුරුවත් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල ඉඳල නෑ... ඒත් ඔය උදවියට ලැබිල තියන 'පංච උපාදානස්කන්ධ' නැත්නම් තම තමන්ට ලැබිල තියන 'මතකයන්' කූරුගාල බැලුවොත්, ඒවයි තියනවා සිහිකරලා ඉවරයක් කරන්න බැරි තරම් ඔයවගේ කතන්දර!!! ඒ වගේම, තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනකම් තමන්ට තියන අනතුර අඩුවෙන්නෙත් නෑ!!! අන්න ඒ නිසා, මෙතනින් පහලට ඇදන් වැටෙන්නේ නැතිවෙන්න, මේ සැරේම ඉවරයක් වෙන්න, තිතටම වැඩේ කරන්න ඕනේ!!! අනික ඔය හැමෝම ඉන්නේ තනි තනියම... තමුන්ට තමුන් විතරමයි!!! වටේ පිටේ මොකා හිටියත් වැඩක් නෑ!!! තමුන්ට අම්ම / තාත්ත වත් නෑ!!! !!! !!! මේ තනි තනියෙන් කන පරිප්පුවක්!!!

කොච්චර උනත් ඉතින් බයවෙන්න එපා!!! සත්වයා මේ 'ජීවිත' පිලිබඳ සත්‍ය නොදන්නා තාක් තමයි සංසාර ගමනක් නිර්මාණය වෙන්නේ!!! අවිද්‍යාව තමයි මුල!!! තමුන් අවිද්‍යාවෙන් මිදුණා කියන්නේ, තමුන්ගේ ප්‍රශ්ණේ ඉවරයි!!! මම නම්, 'ණිවන් අවබෝධ කරලත් ඉවරයි!!' කියාගෙනම field එකට බැස්සේ, ණිවන් දැකපු නිසයි!!! අවිද්‍යාව කුඩේකුඩු කරනවා කිව්වේ, ඒකත් කරන හන්දාමයි!!! මේක උවමනාවෙන් බලන කෙනෙකුට ආයේ 'සංසාරේ යන්න' ලැබෙන්නේ නෑ!!! කිව්වෙත්, සත්‍ය දැක්කට පස්සේ ආයේ කාටවත් සංසාර කතා බැරි නිසයි!!! සංසාරේ දිගට දිගට තිබුණට, තමන්ට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම්, කට ඇරන් බලන් හිටියයි කියල වැඩක් තියනවද??? කොච්චර තණ්හාවෙන් භරිත වෙලා, කෙල පෙරාගෙන හොඳ එහෙකට යන්න බලන් හිටියත්, යන්න ලැබෙන්නේ නැත්නම්, මක්කොරන්නද??? ප්‍රාර්ථනා ඉටුවෙන්නේ නැත්නම් තණ්හාව බම්බු ගහන්නද??? ඔන්න ඕකයි බුදුරජාණන්වහන්සේට නම් උනයි කිව්වේ!!! 'විසංඛාර ගතං චිත්තං... තණ්හානං ඛය මජ්ජගා...' (හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා...) බොලාටත් එච්චරම තමයි!!!

** හැබැයි, practically කතන්දරේ සෑහෙන වෙනස්... මේ කියනවට වඩා ටිකක් sirious!!! ඉස්සරහට 'Y' junction එකක් එනවා... මේ සත්‍යයට විරුද්ධ / අකමැති අය එක පාරකට set වෙනවා... සත්‍යයට කැමති / සත්‍ය පිළිගන්න, අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවිය අනික් පාරට set වෙනවා... තමන්ට ඕනේ එකට යන්න පුළුවන් කමක් නෑ!!! වැඩපිළිවෙල සිද්ධවෙන විදිය ස්වභාවධර්මයෙන්ම හැදිලයි තියෙන්නේ!!! 'අනාත්මයි' කිව්වේ මොකද්ද කියල පේන්න ගන්නෙත් ඉස්සරහට යනකොට තමයි!!! කොහොමත්, මේ කරුණු විශ්වාස කරන / පිළිගන්න, අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවියට case මොකවත් නෑ... එක්කෝ මෙතැනින්ම ඉවරයි!!! නැත්නම් බොහෝවිට තව එකකින්ම ඉවරයි!!! උපරිම 7යි තමයි!!! ඒක වෙනස්කරන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් නෑ!!! !!! !!!
කවුද දැන් මේ ජීවිත වල සත්‍ය විස්තර ඉපදෙනකොටම දැනගෙන හිටියේ?? කවුරුවත්ම නෑ!!! අඩුම ගනනේ, බුදුවීමට පෙරුම්පුරන බෝසතානන්වහන්සේ නමක් වත්, මේ මොකවත්ම දන්නේ නෑ!!! හැමෝම යන්නේ කළුවරේ යන ගමනක්!!! බෝසතානන්වහන්සේ නමක්, තමන්වහන්සේ විසින්ම උත්සාහ කරලා කරලා මේ 'වැහිලා තියන සත්‍ය' අවබෝධ කරගනිද්දී තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ!!! බුද්ධත්වයට පත්වෙලා තමයි දැනගන්නේ, "මේ අවිද්‍යාව නිසානේ, මෙච්චර දුකක් වින්දේ..." කියල!!! මතක නේ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේත් "අනේක ජාති සංසාරං... සංධා විස්සන් අනිබ්භිසන්... ගහකාරකං ගවේසන්තෝ... දුක්ඛා ජාති පුනං පුනං..." ('සසර දුක' නමැති ගේ හදන වඩුවා සොය සොයා, අනන්ත වාර ගණනක් නොයෙකුත් නොයෙකුත් විදියට ඉපදෙමින් මැරෙමින් සංසාරේ ඇවිද්දා... නැවත නැවත ඉපදීම නම් දුකක් මයි...) කියල උදානයක් කලේ???

බුදුරජාණන්වහන්සේ සත්වයින්ව හඳුන්වල දුන්නේ 'සංකත' කියල!!! සංකත කියන්නෙම අලුතෙන්ම හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙමින් පැවතිලා, විනාශවෙලා යන නිසා!!! එතනම තියනවා, මේ අපි හැම එකාම 'නිත්‍ය නෑ' කියන බව!!! නිත්‍ය නැත්නම්, ස්ථිර නැත්නම්, මොනවා ගොඩගහගත්තත් වැඩක් නෑ... මොනවා තිබුණත් වැඩක් නෑ... දවසක ඔක්කොම නැතිවෙනවාමයි!!! ඉතින් දුකක් තමයි!!! මැරෙණකම් time තියනවා කියමු... ඒත් ඉන්න ටිකෙත් කොච්චර දේවල් වලට මුණදෙන්න වෙනවද?? ලෙඩ වෙනවා... වයසට යනවා... අකමැති අය / දේවල් එක්ක එකතුවෙන්න වෙනවා... කැමති අය ගෙන් / කැමති දේවල් වලින් වෙන්වෙන්න වෙනවා... 'අනේ මාව ලෙඩවෙන්න එපා!! අනේ මාව වයසට යන්න එපා!! මට මේ මේ දේවල් වෙන්න එපා!! මට මේ මේ දේවල් නැතිවෙන්න එපා!!' කිය කියා හිතුවට / පැතුවට හරියන්නේ නෑ!!! ඉතීන් ජීවත් වෙනකම් ඒ ගැනත් දුක්වෙන්න වෙනවා... ඉවරයක් නෑ!!! බුදුහාමුදුරුවෝ දැක්ක, ඉපදිලා ඉවරවෙලා විලාප තිව්වට හරියන්නේ නෑ!!!මේ සේරම ඉපදුන / උපදින සත්වයාට උරුමයි බව!!! මේ සේරම auto ලැබෙන දේවල් බව!!!

බුදුරජාණන්වහන්සේ බැලුවේ මේ දුකෙන් ගැලවෙන්න විදියක්!!! එතකොට තමයි දැක්කේ මේක මේ විදියටම සිදුවේගන එන්නේ, උන්වහන්සේට 'බුදුනෙතින්' බැලුවත් පේන්නේ නැති තරම් දුර කාලෙක ඉඳල බව!!! උන්වහන්සේ, ඒකට හේතුවත් හොයාගත්ත... ඒක, නොකඩවා දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙලක, 'සංසාර ගමනක', ප්‍රතිඵලයක්!!! හැබැයි, බුදුහාමුදුරුවෝ සංසාර ගමන ගැන කියල දුන්නට, 'සත්වයා සංසාරේ යන' කතාවක් කොහෙවත් කියල නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක 'හේතුව' තියන තාක් 'ඵල' හටගන්නා ස්වභාවයක් කියලයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ 'විඥාණය' හැඳින්වුයේ පැළවෙන දෙයක් හැටියටයි!!! 'කම්මං කෙත්තං... විඥාණං බීජං... තණ්හා සිනේහෝ...' (කර්මය කුඹුරයි... විඥාණය බීජයයි... තණ්හාව වතුරයි...) කියලයි!!! ඒත් මෙහෙම කිව්වම, විඥාණයත් නිකම් වී ඇටයක් / අබ ඇටයක් / මිරිස් ඇටයක් වගේ මොකක් හරි 'ඇටයක්' වෙන්න ඇති කියල 'ගොං විදියට' හිතල බෑ!!! එකම විඥාණයක් දිගින් දිගට යන කතාවක් උන්වහන්සේ කොහේදී වත්ම කිව්වේ නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "රූපයකින් තොරව / වේදනාවකින් තොරව / සංඥාවකින් තොරව / සන්ස්ඛාරයකින් තොරව විඥාණයක් තනිව පවතිනවා, තනිව ගමන් කරනවා කියල කවුරුහරි කිව්වොත්, ඒකනම් කීයටවත් වෙන්නේ නෑ!!" කියලයි!!! {ඔතන ඔය 'රූප' කියන එක වෙනම, ඊළඟට 'වේදනා / සංඥා / චේතනා (සංස්ඛාර)' ටික එකට = 'නාම' කියල ගත්තම, අන්න... නාමරූප!! ඉතින්, මේ කියල තියෙන්නෙත්, විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ, වෙන්ව පවතින්නේ නෑ!! කියන එකමයි!!!} ඊළඟට උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "එක භවයකින් තවත් භවයකට කිසිම දෙයක් යන්නේ නෑ!!" කියලත්!!!

මොකද, මේ එක ජීවිතයකින් තව ජීවිතයකට කිසිම සම්බන්ධයක් නෑ!!! සංකත කියන්නේ වෙන වෙනම ඒවා!!! වැල් අමුණපු මොකවත් නෙවෙයි!!! එකක් ඉවරද, ඒක ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! !!! !!! ඒත්, සංසාර ගමනක් හැදෙන්නෙත් ඔය ජීවිත අතරතුරේම සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දයි!!! අන්න ඒක තෝරලා දෙන්න තමයි බුදුරජාණන්වහන්සේ මෙච්චර දේවල් කිව්වේ / කලේ!!! හැබැයි ඉතින් අහන එකා ඕක තේරුම්ගන්න බැරි ගොනෙක් උනාට, ඒකට බුදුහාමුදුරුවෝ පළි නෑ!!! !!! !!! (අපේ හාමුදුරුවෝ වත්, මංවත්, පලිත් නෑ!!!) භෞතික වශයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැතුව, සත්ව ජීවිත දෙකක් අතර සම්බන්ධයක් ඇතිකරන්න පුළුවන් එකම විදිය තමයි, එක ජීවිතයක් පවතින අතරතුරේ 'සිද්ධවෙන දෙයක්', ඒ කියන්නේ අර ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය, අනික් ජීවිතය සකස්වීමට හේතු වෙන එක!!! ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක හේතු-ඵල ධර්මතාවයක් හැටියට, 'මේ හේතුව තිබුනොත් මේ විදියට වෙනවා' කියල තෝරලා දුන්නේ!!!

ඊළඟට, බුදුහාමුදුරුවෝ මේ හේතුව පෙන්නුවා, තණ්හාව හැටියට!!! 'යායං තණ්හා, පෝනෝ භවිකා... නන්දිරාග සහගතා... තත්‍ර තත්‍රාභිනන්දනී...' (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇති කරයි... කැමැත්තෙන් ඇලෙන ස්වභාවයෙන් යුතුයි... යන යන තැන සතුටින් පිළිගනියි...) කියල තමයි තේරුම් කරලා දුන්නේ!!! හැබැයි ඉතින් මෙහෙම කිව්වේ ඇත්ත කතන්දරේ තෝරලා දෙන්න වෙන ක්‍රමයක් නැති කමට!!! ඒ නැතුව, 'මේ සන්සාරගමන තනිකරම තණ්හාව හන්ද වෙන එකක්!!' කියල නෙවෙයි!!!

මොකද, බුදුරජාණන්වහන්සේ මේ සත්වයින්ගේ හටගැනීම පිළිබඳව ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල කියල දුන්න!!! ඒ තමයි, 'දුක පිණිස හේතු-ඵල වාදය ක්‍රියාත්මක වන ආකාරය', නැත්නම් පටිච්චසමුප්පාදය!!! ඒ තමයි, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... ඵස්ස පච්චයා වේදනා... වේදනා පච්චයා තණ්හා... තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියල තියන කතන්දරය!!! ඉතින්, බැරි වෙලාවත් මේ සංසාර දුකට එකම හේතුව තණ්හාව උනා නම්, ඔය පටිච්චසමුප්පාදය තියෙන්න ඕනේ, 'යදිදං තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියලයි!!! හරිද??? එහෙම උනා නම්, 'අවිද්‍යාව / සංස්ඛාර / විඥාණය / නාමරූප / සලායතන (ආයතන 6) / (6 ආකාර) ස්පර්ශය / (6 ආකාර) විඳීම්' මොන කෙහෙල්මලක් ගැනවත් කියන්න උවමනා වෙන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ නිකම් වැඩකට නැති කෑලි දාල කතාව අච්චාරු කරාවිය? නැද්ද?? 'උඹ තණ්හාව නැතිකරලා දාපන්... එතකොට හරියයි!!' කියල නිකම් ඉඳී නේ?? නැද්ද???

ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ!!! !!! !!! තණ්හාව නෙවෙයි මේ සංසාර ගමනට මුල!!! !!! !!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!!

'අවිද්‍යාව' කිව්වේ, මේ ජීවිත ගැන මොන මගුලක්වත් දැනගන ඉපදෙන්නේ නෑ කිසි එකෙක්!!! අනික, ඒකෙ ඇහැට පේන / කණට ඇහෙන / අල්ලලා අතගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! සත්වයෙක් ඉපදෙන්න / හැදෙන්න නම්, හතරමහා ධාතු වලින් හැදෙන 'ඇස / කන / නාසය / දිව / කය / මනස' කියන set එකකට, ඒ කියන්නේ ඇඟකට, පංච උපාදන්ස්කන්ධයකුත් බැහැගන්න ඕනේ!!! !!! !!! හැබැයි පංච උපාදානස්කන්ධයක් කියල ඇවිල්ල බැහැගන්නේ නගර සභාවේ කුණුගොඩක් වගේ එකක්!!! ඔය තියෙන්නේ, අක්කර ගණන් ලොකු පළාතක කඳු කඳු ගහල... අන්න එයින් එකක්!!! අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ හැදිච්ච, අනන්ත අප්‍රමාණ සත්වයෝ තොගයක්, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු සේරම දේවල් තියන යෝධ මතකයක්!!! ඉතින් ඉපදිච්ච ගමන් සත්වයාට රන්කිරි කටගාන්නත් කලින් කටගාන්න වෙන්නේ ඒ කුණුගොඩ!!! හැම සත්වයාම පටන්ගත්තු තැනම රැවටෙනවා!!! අනික, ඔය රැවටීම සිද්ධවෙන්නේ කිසිම දෙයක් නොදන්න, ජීවිතේ පටන්ගන්න තැනදිම හන්ද, කවදාවත් ඔය දිගින් දිගට යන අවුල ලිහාගන්න / කඩාගන්න, මුලාවෙන් මිදෙන්න වෙන්නෙත් නෑ!!! 'මේ සේරම මට වෙච්ච දේවල් වෙන්න ඇති...' 'මේ මං කරපු / කියපු දේවල් වෙන්න ඇති...' 'කලින් ඉන්න ඇත්තෙත් මං වෙන්න ඇති...' කියල, එහෙම්පිටින් මුලා වෙනවා!!! 'සක්ඛායදිට්ඨියට' අහුවෙනවා!!! ඒ මුලාවේම ඉඳගෙන, 'මට දැන් මෙහෙම ඉඳල ඉඳල මැරුණම තව එකකට යන්න පුළුවන් ඇති!!!' කියල හිතනවා!!! බලාපොරොත්තු ඇතිකරගන්නවා!!! !!! !!! ඔන්න කෙළවෙන තැන!!!

ඉතීන් මේ ගොන් සත්වයා, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත පතන්න තියාගන්නවා!!! පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී ඉන්නවා!!! !!! !!! අන්න සංස්ඛාර කරනවා!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ සංස්ඛාර කිව්වේ, 'සන්කතන් අභිසන්කරෝති ති සංඛාරා' කියලයි!!! 'නැවත නැවත සන්කතයක්ම, තවත් මේ වගේම තාවකාලික ජීවිතයක්, හදා දීමට හේතුවන දේ සංස්ඛාර වේ!!' කියලයි!!! ඉතින්, මුං එහෙම යන්න හිතාගෙන / යන්න බලාගෙන / යන්න පෙරුම්පුරාගෙන ඉන්න කොට 'අරක' හැදෙනවා!!! අර, අරක... 'විඥාණය' (electromagnetic field එක) හැදෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!! !!! !!! ඒක තිබුනොත් ඉතින්, තව කොහේ කොයි දීපන්කරේක හරි කයකට බැහැගන්නවාමයි නේ?? අන්න... ආයි උපදිනවා!!! 'විඥාණ පච්චයා නාමරූපං' වෙනවා!!! !!! !!! අන්න එහෙමයි මේ මෝඩ 'සත්තු' වැඩේ ඉවරයක් වෙන්න නොදී තව තවත් අනාගන්නේ!!! ඉල්ලගෙනම කන්නේ!!! !!! !!!

Monday, December 19, 2011

දුකයි තමයි... කරන්න දෙයක් නෑ.. බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා!!! 'සංකිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා' කිව්වේ ඒකනේ!!! හැබැයි 'ක්ෂණ සම්පත්තියක්' ලබලත් ප්‍රයෝජනයක් ගන්න බැරුව ඒක ගිලිහිලා ගියොත්, ඊට වඩා දුකක්!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාව සත්වයෙකුට හම්බවෙන්නේ කල්ප කල්ප බර ගණනකට සැරයක් විතරයි!!! !!! !!! හරීම දුර්ලභයි!!! දැන් miss කරගත්තොත් ආයේ කල්ප කල්ප ගණන් විඳවන්න වෙනවා... ගොඩ යන්න වෙන්නේ නෑ!!! හරිම භයානක ගමනක්!!! මේක කඩාගන්න පුළුවන් කමක් ලැබිච්ච වෙලාවේ කඩල ඉවරයක් කරන්න ඕනේ!!! බුදුහාමුදුරුවොන්ට මෙහෙම 'කන් පාත්වෙන්නම නෙලන්න' ඒ කාලේ හැකියාවක් තිබ්බේ නැතුවට, කොච්චර දේවල් කිව්වද?? "මේක කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ වැඩක්... තේරුමක් නෑ!!" කිව්වා... "මට බැන්න... මට ගැහුවා... වගේ ඒවා හිත හිත ඉන්න එපා!!" කිව්වා... "පිළිකුල් හැටියට බලන්න / දකින්න... අනිත්‍ය හැටියට බලන්න / දකින්න... අසුභ හැටියට බලන්න / දකින්න... කිය කියා කිව්වා..." ඇහුවේ නෑ නේ?? දැන් ඉතින් උඹල කතන්දරේ දැක්ක නේ??? කොච්ච්ච්ර පින් කරලා, පෙරුම් පුර පුරා හිටියත් වැඩක් නෑ... තොට කොහෙවත් යන්න වෙන්නේ නෑ!!! තෝ මැරුණම ඔක්කොම ඉවරයි!!! !!! !!!

ඉතින්, ඔන්න ඕකයි මේ ජීවිත කතන්දරේ. මේක මේ 'හේතුව' තියනකම් 'ඵල' හටගන්නා ස්වභාවයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! ඔය 'යන ඒවා' අදාළ, මෙලෝ මගුලක් නොදන්න 'කෝච්චි පෙට්ටි ඇතුලේ ඉන්න', අවිද්‍යාවෙන් ඉන්න, එවුන්ට විතරයි!!! !!! !!! උඹල කෝච්චියේ ගිහිල්ල ඉවරයි... උඹලව කෝච්චියෙන් බස්සවල තියෙන්නේ!!! බුදුහාමුදුරුවෝ මට කිව්වේ, තොපිට යන්න දෙන්න එපා කියලයි!!! උඹල දැන් ඉන්නේ එළියේ නේ?? උඹලට ඔය සංසාර කතා අදාළ නෑ!!! මං කිව්වා නේ, උඹලට යන්න වෙන්නේ මං යන්න දුන්නොත් විතරයි කියලා!!! උඹලට බයවෙන්න දෙයක් නෑ... උඹලව එක්කරන් යන්නේ, 'බටර් පාන් කාල... සනීපෙට නිදාගත්තා...' වගේ වෙන තැනට!!! නිවණට!!! දැන් උඹල කොහෙන් කොහොම යන්න හැදුවත් ණිවන් විතරයි!!! මොකා කොයි ජාතියෙන් කොහොම ආවත්, ඒත් ණිවන් විතරමයි!!! කල්‍යාණමිත්‍රයෝ මාව හදල තියෙන්නේ fail වෙන්න නෙවෙයි!!! දැන් controll එක මගේ අතේ!!! මං ගෞතම බුදුරජාණන්වහන්සේගේ!!!

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි !!! !!! !!!
බුදුහාමුදුරුවෝ කිව්වේ, "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං" මහණෙනි, මේ කය ඔබේ නොවේ!! "නාපි අඤ්ඤේසං" වෙන කෙනෙකුගේද නොවේ!! "අභි සන්කතන්"විශේෂයෙන් සකස්වූ දෙයක්!! "අභිසන් චේතයිතන්" විශේෂයෙන් පහල කල චේතනාවක ප්‍රතිඵලයක්!! "වේදනීයන් දට්ඪබ්බං" විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!!"පුරාණ මිදං භික්ඛවේ කම්මං" මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!! කියලයි. ඒයි... ඔය 'උඹගේ ඇඟ' උඹගේ නෙවෙයි ලු!!! හැබැයි, වෙන එකෙක්ගෙත් නෙවෙයි ලු!!! ඕක නිකම්ම නිකම් පොළවෙන් ගත්තු දේවල්, හතරමහා ධාතු වලින් හැදිච්ච කෙහෙල්මලක් විතරයි!!! ඕක, කලින් කරපු කරුමයක්... කලින් චේතනාවක් පහල කරපු එකක ප්‍රතිඵලයක්... ඒත් ඒ කරුමේ කරපු එකාවත්, චේතනාව පහල කරපු එකාවත් දැන් නෑ!!! ඌ මැරිලා!!! !!! !!! උඹට තියෙන්නේ විඳවන්න විතරයි!!!

ඒයි... 'මේක' උඹේ නොවුනට, වෙන එකෙක් කෙලපු පිස්සුවක ප්‍රතිඵලයක් උනාට, දැන් උඹට දැනෙන විදිය කොහොමද??? අතක් පයක් කැඩුවොත්, 'මේ මගේ එකක් නෙවෙයි... ගානක් නෑ!!' කියල ඉන්න පුලුවන්ද??? ඇදගෙන ගිහින් කිඹුලන්ට කන්න දැම්මොත්, 'ආ... අවුලක් නෑ!! මං නෙවෙයි නේ...' කියල ඉන්න පුලුවන්ද??? ඔන්න ඕකයි seen එක!!! ලාබයක්, කීර්තියක්, ප්‍රසිද්ධියක්, ප්‍රසංසාවක් ලැබුණම ඉදිමෙන්න / උඩපනින්න යනවා... දුකක් / කරදරයක් උනාම විලාප ගහනවා... මොකෙක් හරි බැන්නොත් කලොත් ඌව කන්න හදනවා... මිසක්, උඹට තේරෙනවද මේ වෙන එකෙක් කරපු දෙයක ප්‍රතිඵලයක් බව?? කලින් සිද්ධවෙච්ච දෙයක ප්‍රතිඵලයක් බව?? උඹට දැනෙන්නේ මේ ඔක්කොම උඹටම වෙන දේවල් විදියට නේද??? ඔන්න ඔතනයි case එක!!! දැන් තෝ ඇත්ත නොදැන, එක්කෝ පිලි නොගෙන, පිස්සු කෙලියොත්, තෝ වෙලාව ඉවරවෙනකොට කොහොමත් මැරෙණවා!!! !!! !!! ඒත් ඒ මැරෙණකොටම තව සත්වයෙක් උපදිනවා!!! එතකොට ඌට වෙන්නෙත් මේ විදියටමයි!!! ඌත් විඳින්න වෙන හැම දේම ඌටම වෙන දේවල් කියල පිළිඅරන් විඳවනවා මිසක්, වෙන එකෙක් හන්ද (තෝ හන්ද) කන්න වෙච්ච පරිප්පුවක් කියල දැනගන්නේ නෑ!!! අනික, ඌටත් ඔය තොගේ කුණු කන්දල් ටික පැටෙව්වහම, 'මං අරහේ හිටියා...' 'මං මෙව්වා මෙව්වා කලා...' 'මට මෙව්වා මෙව්වා තිබුනා...' 'දැන් මොකුත් නැතෝ!!!' කිය කියා විලාප තියන්න වෙනවා!!! වැඩිය ඕනේ නෑ... 'දමිය' අපිට හොම්බට ඇන ඇන කිව්වා... අපි ඇහුවේ නෑ නේ?? කියල විඳවන්න වෙනවා!!!

ඊළඟට, විශේෂයෙන් අද කාලේ එවුන්ට ගොඩාක්ම වැදගත්වෙන නිසා, දැන් ඔය 'නවීණ විද්‍යාවට' අනුව කතාවෙන සත්වයන්ගේ 'ජාන' නැත්නම් DNA හුචු හුචුවට මේ විඥාණය බැසගැනීම සම්බන්ධ වෙන ආකාරය චුට්ටක් කියනවා නම්, මේ 'භවය' හැටියට බුදුරජාණන්වහන්සේ දක්වල තියන විද්‍යුත්චුම්බක කදම්බය, සත්වයෙකුගෙන් සත්වයෙකුට එහෙම්පිටින්ම වෙනස්, ත්‍රිමාණ තලයේ '3D space' පවතින හැඩයක් ගන්න එකක්!!! ඉතින්, උපතක් සිදුවීමේදී, negative එකක image එකක් expose වෙනවා වගේ, සම්බන්ධ වෙන / resonate වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට අනුව DNA structure එක modify වෙනවා!!! තියන branches නැති වෙනවා... නැති branches හැදෙනවා... ඒ branches වල දිග අඩු වැඩි වෙනවා... අන්න එහෙම වෙලා තමයි ඔය කර්මානුරූපව අත/පය නැති, කොරවෙච්ච, ඇස්/කන් නැති අංජබජල් පොරවල් එහෙම උපදින්නේ!!! එකම පවුලේ ඉපදෙන එවුන් පවා අහසට පොලව වගේ වෙන්නෙත් මෙන්න මේ නිසාම තමයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, සත්වයා, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා...' (කර්මයම උප්පත්ති ස්ථානය කරගෙන, කර්මයම ඥාතියා කරගෙන, කර්මයම දායාද කරගෙන) ඉන්නවා කියලා!!!

කතාව සම්පූර්ණ වෙන්න, කෙනෙකුට මේ ජීවිතය අවසානයේදී මුහුණ දෙන්න වෙන 'සීන්කෝන්' ගැනත් චුට්ටක් බලමු නේද?? අරහත්වයට පත්වෙච්ච කෙනෙකුට නම් අමුතුවෙන් බලන්න මොකවත් නෑ!!! එයාලා අවසානය මොකද්ද කියල බලාගන්නේ ජීවත්ව ඉන්දැද්දී මයි!!! !!! !!! 'ණිවන් දකිනවා' කියන්නේ... අන්න ඒක!!! ඒත් අරහත්වයට පත්වෙන්න බැරිවෙච්ච කෙනෙකුට ඊළඟට සකස්වෙන උපත අනුව, කිහිප ආකාරයකට 'ආතල්' ලැබෙණවා!!! ඇත්තටම මේ වෙන්නේ රේල් පාරේ පීලි මාරුවෙනවා වගේ වැඩක්!!! පීලි මාරු උනාට, කෝච්චි පෙට්ටිය ඇතුලේ ඉන්න කෙනාට වෙනසක් දැනෙන්නේ එහාට මෙහාට හැරුනම විතරයි නේ?? එළියෙන් ඉඳන් බලන් උන්නම නම් පේනවා, ඔන්න දැන් මේ පීල්ල තියෙන්නේ තව ටිකයි... ඊළඟ එකට වැටෙන්න තව චුට්ටයි... ඒක තියෙන්නේ අහවල් දිහාවට... එහෙම කියල. දැන් 'හොඳම ආතල් එක' තියෙන්නේ, මේ මැරෙණ මැරෙණ මිනිස්සු, 99.999999999% විතරම, යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට!!! ඒකෙන් නිරය / පෙරේත ලෝක වෙනස්!! තිරිසන් ලෝක වෙනස්!! අර ඇඳපු graph එකේ බලන්න, පුනරුප්පත්තියක් වෙනකොට සිද්ධවෙන්නේ cross-fade එකක්!!! කලින් එක විනාශවේගන යනකොට අලුත් එක ආරම්භ වෙලා...

නිරය / පෙරේත ලෝක කියන්නේ ඕපපාතික උපත්. හැදි හැදී ඉන්න දෙයක් නෑ... පහලවෙච්ච ගමන් සත්වයා!! එයාලට cross-fade එක අතරතුර කාලයේ, කයවල් දෙකෙන්, දැන් ඉන්න පරිසරයේත්, ඊළඟට set වෙන පරිසරයෙත් දෙකේම තියන දේවල් අහන්න / දකින්න / විඳින්න ලැබෙණවා!!! ඇස් දෙකෙන් දෙපැත්ත දකිනවා... කන් දෙකෙන් දෙපැත්තේ ඒවා ඇහෙනවා වගෙයි... අනික් ගඳ-සුවඳ / පහස සේරම එහෙමයි!! එතකොට 'සත්වයාට' දැනෙන්නේ ඒ දෙකේම ඒවා එකතුවෙලා තමයි!!! අපේ හාමුදුරුවෝ කියපු කතාවක කිව්වා, ඉන්නකම් හොඳට සද්දේ දාගෙන, අනික් එවුන්ව පාගාගෙන රජා වගේ හිටිය කෙල්ලෙක් මැරෙන්න වැටිලා, 'අම්මේ ගේ ගිනිගන්නවෝ...' 'අනේ අම්මේ මාව බේරගන්න... හතර දෙනෙක් ඇවිත් මාව ඇදගෙන යන්න හදනවා...' කියල විලාප ගහපු seen එකක්!! එයා set වෙලා තියෙන්නේ නිරයට!!! එක පැත්තකින් ගෙදරයි, අනික් පැත්තෙන් ගිනි ජාලාවලුයි දැක්කම පේන්නේ ගේ ගිනිගන්නවා වගේ තමයි!!! අනික අපායට වැටිච්ච ගමන් යමපල්ලෝ හතර දෙනෙක් ඇවිල්ල අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගන්න කතාව බුදුහාමුදුරුවෝ කියල දීල තියෙනවා!!! ඒ ටික තමයි 'අරය' දැකල තියෙන්නේ. එතනින් එහාට වෙච්ච දේ කියන්න විදියක් නෑ.. 'එයා' මේ ලෝකෙත් එක්ක තිබ්බ සම්බන්ධකම් ඉවරයි!!! ඊළඟට තියන රස වෑහෙන කතාව බුදුහාමුදුරුවෝ නම් කියල දීල තියෙනවා!!! ප්‍රශ්ණ 5කට උත්තර සපයන්න තියනවලු... ඊළඟට පොතු අරිනවලු... අර, වෑයෙන් පොල් ලී රහින්නේ... අන්න එහෙම කරලා අරන්, ඊළඟට 'කොත්තු තැටියක්' වගේ මහා විසාල රත්වෙච්ච යකඩ පොළවක දොයි කරලා, අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි ඇණ ගහනවලු... එහෙම කෝටි ප්‍රකෝටි ගණන් නිරිසත්තු දොයි කරලා ඉන්නවලු. ඊළඟට ඉතින් ගොයම් පාගනවා වගේ යකඩ රෝද තියන කරත්ත වලින් පාගනවලු. අවුරුදු දහස් ගණන්, සමහරුන්ට ලක්ෂ, කල්ප ගණන් ඒ course එක හම්බවෙනවලු!!!ඕව sure නැති අය කලබල වෙන්න එපා! ගිහිල්ලම බලාගන්න පුළුවන් නෙ...

තව කතාවක හාමුදුරුවෝ කිව්වා මේ වයසක පහේ උන්ද කෙනෙක්, 'මොකද මේ හැම තැනම ගූ ගොඩවල්?' කියල අහපු seen එකක්. ඒවගේ එව්වා නම් ඇති පදම් අහන්න ලැබුණා!!! ඒ සේරමලා පෙරේත ලෝකෙට set වෙච්ච උදවිය!!! එවුන් නම් නැති තැනක් නෑ!!! උන්ට ඉතින් මොකුත් කන්න / බොන්න බෑ... ඇල්ලුවට අහුවෙන්නේ නෑ... කතාකලාට කාටවත් ඇහෙන්නේ නෑ... ගූ / කෙල තැඹි / හොටු තැඹි වගේ ඒවා තමයි කන්න තියෙන්නේ!!! කක්කුස්සි වලවල්, කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න තියෙන්නේ!!! ඇඳුම් නෑ, හොරි හැදිලා, වණ වෙලා, ගඳ ගගහ තමයි ඉන්න තියෙන්නේ!!! අවුරුදු දාස් ගණන් එහෙමයි!!! ආතල් maxa!!!

අනික් ඔය තිරිසන් ලෝක වලට set වෙන එවුන්ට නම්, එකපාරට ඇදගෙන ගිහිල්ල තිත්ත කළුවර පෙට්ටියකට දාල වැහුවා වගේ වෙනවා!!! ඇහෙන්නේ / පේන්නේ / දැනෙන්නේ නෑ... හිතෙන ඒවා සේරම නම්, මේ දැන් වගේම වැඩ!!! අන්න ඉතින් සනීපෙට විඳවන්න ලැබෙණවා!!! විලාප ගහන්න තමයි තියෙන්නේ!!! ඊළඟට, දඟලන්න එහෙම වෙන්නේ කාලයක් ගියාම තමයි. ඒත් උණ්ඩි කරලා උණ්ඩි කරලා හිරේ දැම්ම වගේ තමයි එලියට එනකම් ඉන්න වෙන්නේ!!! එලියට එනකොට අම්ම ඥාව් ඥාව් ගාල ලෙව කනවා... නැත්නම් උම්බෑ උම්බෑ කිය කියා ලෙව කනවා... එක්කෝ එලියට ආව ගමන් හොට කපල, අඹරන්න දානවා... ඔන්න ඔහොම තමයි වෙන්නේ!!!

මනුස්ස / දිව්‍ය උපත් ගැන නම් කතා කරලත් වැඩක් නැති ගණනයි!!! මොකද දැන් ඉන්න ගොඩාක් එවුන්ට ඒවාට යන්න ලැබෙන්නේ නෑ!!! බොහොම සුළු පිරිසකට, 0.000000001% වගේ පිරිසකට විතරයි chance එක තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ තථාගතයි නේ!!! ඔන්න ඕකයි, 'සංසාරෝඝං මහබ්භයං කියල, කියල තියෙන්නේ!!! හිතාගෙන ඉන්න ඒවා, හීන දකින ඒවා වෙන්නේ නෑ... time pass උනොත්, රෙවෙනවා මයි!!!

හැබැයි ඉතින් මෙච්චර භයානක සංසාර ගමනක් ආවේ, මේතරම් දුක් කන්දරාවක් විඳින්න උනේ, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු හන්ද කියල බුදුහාමුදුරුවෝ කිව්වා නේ?? මතක නේ... අර 30 නමක් භාවනානුයෝගීව වැඩසිටිය භික්ෂුන්වහන්සේලා උන්වහන්සේව මුණගැහෙන්න ආව වෙලාවේ, 'රහත්වෙන්නම දුන්නේ'??? ඉතින් ඒකම තමයි case එක!!! මොකද, කවුරු උනත් ඔය හිතේ තියන තියන දේවල් බදාගෙන හිත හිතා ඉන්නේ නැත්නම්, ඒ ඇඟවල් වලින් තව සත්වයෙක්ව උපද්දවන්න 'භවයක්', electromagnetic field එකක් හැදෙන්නේ නෑ!!! භවයක් තිබ්බොත්, ඒ කියන්නේ පැතිරෙන්න electromagnetic field එකක් තිබුනොත් විතරයි තවත් සත්වයෙක් උපදින්න පුළුවන්!!! නැත්නම් මොකුත් නෑ... මේ ජීවිතයෙන්ම ඉවරයි!!! පිරිණිවන් පානවා!!! අනික් එක, පංච උපාදානස්කන්ධය මගේය, මට වෙච්ච දේවල්ය, මං කියපු / කරපු දේවල්ය, කියල නොගත්ත නම් කොහොමත් ඕක ගැන එච්චර හිතෙන්නේ නෑ!!! අපි වෙන එකෙකුට වෙච්ච දෙයක් ගැන, වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන, පැල් බැඳගෙන හිත හිතා ඉන්නේ නෑ නේ කොහොමත්?? අන්න ඒ වගේ, පංච උපාදානස්කන්ධය මගේය කියල රැවටුනේ නැත්නම්, කොහොමත් හිත හිතා ඉන්න දෙයක් හිටින්නෙත් නෑ!!!

ඕකම තමයි බුදුරජාණන්වහන්සේ බාහිය දාරුචීරිය උත්තමයට කිව්වෙත්. "දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!!" දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... කිය කියා පිස්සු කෙලින්න නෙවෙයි!!! රූපය, ඇහැ සීමාවේ තියනකම් පෙනිච්චාවේ... ඈත්වෙච්ච ගමන් ඒගැන අමතක කරලා දාන්න!!! "ඇහුනොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!!" ඇහුන... ඇහුන... පිස්සුව කෙලින්න නෙවෙයි... සද්දේ ඇහෙනකම් අහං හිටපිය!! හැබැයි, අහං ඉන්නවා විතරයි... මොකුත්ම හිතන්න වැඩක් නෑ!! සද්දේ නැවතුනාම අමතක කරලා දාන්න!!! "රසක් / ගඳක් සුවඳක් / පහසක් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න!!" කනකම්, බොනකම්, විඳිනකම් ඒ ගැන සිහියෙන් ඉන්න... ඉවර උනාම අමතක කරලා දාන්න!!! "යමක් හිතුවොත්, පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න!!" එක එක ඒවා හිතෙයි. ගනන්ගන්න එපා!!! හිතට ආපු සැනින් අමතක කරලා දාන්න!!! "ඔබ හික්මෙන්නේ එහෙම නම්, එතන 'සකස්වෙන' දෙයක් නෑ!! 'සකස්වෙච්ච' දෙයක් නැත්නම්, 'ඔබ' එතන නෑ!! 'ඔබ' එතන නැත්නම් වෙන තැනකත් නෑ!! ඒ අතරවාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!!" මේ කියන්නේ, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කන්නෙ / බොන්නෙ / නිදාගන්නේ නැතුව, පුක විකාගෙන හිටපිය කියල නෙවෙයි!!! නිකම් setup එකක් වගේ උඹට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච පලියට, 'මම දිගටම ඉන්නවා ඇති... මෙතන ඉන්න බැරි වෙනකොට වෙන එකකට යනවා ඇති... පින් කරලා මීට වඩා හොඳ එකකට යන්න ඕනේ... දෙයියෙක් ඇති...' වගේ ලෝකේ නැති කුණුහරුප හිතන්නේ නැතුව, උඹල / අපි සේරමලා මේ පොඩි කාලයක් ඉඳල විනාසවෙලා යන්න හැදිච්ච සත්තු ටිකක් විතරයි බව තේරුම් අරගෙන, ඉන්න ටිකේ කාටවත් 'ඇණයක්' නොවී පාඩුවේ හිටපන් කියන එකයි!!! එතකොට කර්ම රැස්වීමක් නෑ... ඒ කියන්නෙත් භවයක් (electromagnetic field එකක්) නෑ කියන එකමයි!!! මොකද බුදුරජාණන්වහන්සේ භවය තෝරලා දුන්නේ, 'විපාක දීම පිණිස කර්ම රැස්වීමක්' හැටියට!!! ඒකට අනුව නේ, ඇඟක් set වෙන්නෙ. අන්න ඒකයි!!!

මේ, ඒක නෙවෙයි... දැන් උඹලට සංසාරේ යන්න පුලුවන්ද??? ??? ??? බුදුහාමුදුරුවෝ, පංච උපාදානස්කන්ධය මගෙයි කියල ගත්ත ඒක නේ upset එක කිව්වේ... දැන් උඹලට කොහොමත් එහෙම ගන්න බෑ නේ?? උඹ දැක්ක නේ, ඒකෙ වැඩිහරියක්, වැඩිහරියක් කියන්නේ එහෙම්පිටින්ම වගේ, තියෙන්නේ කලින් හිටපු හිටපු එවුන්ගේ කුණුකන්දල් මිසක්, උඹගේම එව්වා නෙවෙයි බව?? හරි! කමක් නෑ. උඹ මට තර්ජනයක් එහෙම දාල, 'පංච උපාදානස්කන්ධය මගේ තමයි යකෝ!' කියල බලෙන්ම ගන්නවා කියමු!! ඒත් උඹ දැක්ක නේ, උඹට මෙතනින් එහාට යන්න බැරි බව?? 'මං' යනවයි කියල හිතන් හිටියට, ගියොත් යන්නේ 'වෙන එකෙක්' බව?? තෝ මැරුණම එතනින් තෝව ඉවරනේ?? උඹට කොහෙවත් යන්න වෙන්නේ නෑ නේ?? අන්න ඒක තමයි වැඩේ... සත්වයාට සංසාරේ යන්නවත්, දෙයියෙක් ගාවට යන්නවත්, ස්වර්ගෙට යන්නවත්, වෙන දිහාවකට යන්නවත් බෑ!! බොල!!! එකෙක් මැරුණම ඌ ඉවරයි!!! උඹල සේරමලට එච්චරයි!!! උඹල ඔක්කොම කොච්චර පින් කර කර, කොච්චර දාන මාන දීගෙන හිටියත්, කොච්චර පෙරුම් පුර පුර, ලොකු ලොකු හොඳ HiFi ජීවිත ලබන්න බලාගෙන හිටියත්, තොපිට ඒ මොකවත්ම ලැබෙන්නේ නෑ!!! තොපි සේරමලා මැරිලා කතන්දරේ ඉවර වෙනවා!!!

ඒයි, උඹල වැඩි වැඩියෙන් ලබන්න හිතාගෙන, පුක ඉරාගෙන පින් කරපුව, මහා දාන දීගෙන ලොකු ලොකු ඒවායින් ලබන්න පෙරුම් පුරපුව, සේරම අපරාදේ නේද බං?? සමහරු ලොකු ලොකු ඒවායින් ලබන්න හිතාගෙන, හොඳ හොඳ උසස් ඒවායින් ලබන්න හිතාගෙන, කෝටි ගණන් වියදම් කරගෙන මහා විසාල පිළිම හදනවා... චයිත්‍ය හදනවා... හොඳ ලොකුවට නම ගහනවා... අයියෝ සල්ලි!!! බුදුහාමුදුරුවෝ පින් කරන්නයි කිව්වේ ලොකු ලොකු ඒවායින් ලබන්න නෙවෙයි බොල!!! මේ මහා චාටර් වැඩ පිලිවෙලින් ගැලවෙන්නයි!!! !!! !!! දැන් ඉතින් දැක්ක නේ, තොපිලගේ බලාපොරොත්තු, ප්‍රර්ථනා, පින් කර කර ඉල්ලපුවා ඔක්කොම හබක්!!! ඒවායින් ප්‍රයෝජනය ගන්න හිටියේ වෙන එකෙක්!!! තොපි නිකම් petrol පුච්චගත්තට තොපිට මොකුත් නෑ... තේරුණාද??? ඉතින් ආයේ තා ඇඟක් ඉල්ලලා, තව ජීවිතයක් ඉල්ලලා වැඩක් ඇත්තෙම නෑ.. හම්බවෙන්නේ නෑ!!!

ඊළඟට අපිට තියනවා බොහොම වැදගත් තවත් ස්වභාවික සංසිද්ධියක්!!! ඒ තමයි, 'අනු නාදය' නැත්නම් resonance කියල හඳුන්වන, මොකක් හරි 'කම්පණයක්' සිදුවෙන තැනක, ඊට සමාන කම්පණ සංඛ්‍යාත තියන, පරිසරයේ තියන අනෙකුත් දේවලුත් ඒ කම්පණය අනුව ඉබේම කම්පණය වීමට පටන් ගැනීම!!! ගොරවනකොට ගෙවල් ඇතුලේ ජනෙල් වීදුරු / බඩු මුට්ටු දෙදරන්න ගන්නේ... බෙර / drums සද්ද අනුව නැත්නම් ඔය බර වාහන / කෝච්චි වගේ ඒවා ලඟින් යනකොට ඇඟ ඇතුලෙත් දෙදරනවා දැනෙන්නේ... උච්ච සංඛ්‍යාත (high pitch) සංගීත භාණ්ඩ වාදනය කිරීමේදී සියුම් වීදුරු භාණ්ඩ බිඳෙන්නේ... අන්න ඒ සේරම ඔය අනුනාද නැත්නම් resonance සංසිද්ධිය නිසයි!!!

ඉතින්, දැන් මේ සත්වයිනුත් පොඩි පොඩි 'ගුවන්විදුලි සේවා' පවත්වගෙන යනවනේ... උන් දන්නේ නෑ, එහෙම කෙහෙල්මලක් සිද්ධවෙමින් පවතින බව!! හැබැයි වැඩේ වෙනවා!!! !!! !!! ඒවයෙදීත් වෙන්නේ ඔය කලින් කියපු කතන්දරම තමයි!!! අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ විකාශන කටයුතු කරගෙන යනවා... ඒත් ඒවා පවතින්නේ තනි තනිවම!! කවලම් වෙන්නේ නෑ!!! ඒවගේම, ඒවා කොච්චර දුරකට විකාශණය වෙනවද කියන එකත් මහා 'පුක මුට්ටුවෙන' seen එකක් තමයි!!!හිතාගන්නවත් බැරි තරම් දුර යනවා!!! බුදුහාමුදුරුවෝ, "දූරන් ගමං... ඒක චරං..." (බොහෝ දුර ගමං යනවා... තනිවම තමයි යන්නේ...) කියල කියපු ගාථාවක් එහෙම අහල ඇති නේ?? ඒ කියල තියෙන්නේ මේ seen එක ගැන තමයි!!! ඒක පස්සෙ බලමු. හැබැයි මේවා, radio වලින් / TV වලින්, නැත්නම් දැනට හදල තියන මොනම අධිතාක්ෂණික උපකරණයකින්වත් අහන්න 'අල්ලන්න' බෑ!!! මේ 'විකාශණ' නැත්නම් 'transmissions' හරියන්නේ, ස්වභාවධර්මයෙන්ම හදන 'සත්ව ශරීර' කියන 'උපකරණ' නැත්නම් 'මැෂින්' වලටම විතරයි!!!

ඊළඟට තියන ප්‍රශ්ණය තමයි, මෙහෙම සිදුවෙන 'විකාශණයක්' receive කරන්න, 'ග්‍රහණය කරගන්න' ඇඟවල් සුසර / tune කරන්නේ කොහොමද?? කියන එක!!! ඒකට උත්තරය තමයි, මේ සත්ව ශරීර නැත්නම් ඇඟවල් සම්බන්ධයෙන් සුසර / tune කරන කතාවක් නෑ!!! සුසර වෙච්ච / tune වෙච්ච, 'වඩාත්ම ගැලපෙන' ඇඟක්, මේ පැතිරෙන චුම්බක ක්ෂේත්‍රයට අනුව කම්පණය වීමට පටන් ගන්නවා විතරයි!!! ඒක තමයි බුදුරජාණන්වහන්සේ, මේ සත්වයින් 'කර්මානුරූපව උපදිනවා' කියල පෙන්වල දෙන්න හේතුව!!! !!! !!! පවතින සිතේ ස්වභාවයට අනුරූප කයක් තමයි මේ විඥාණයට අනුව resonate වීමට, අනුනාද වීමට පටන් ගන්නේ!!! හැබැයි සත්වයෙකුගේ 'හිතක' තියෙන්නේ එක දෙයක් නෙවෙයි!!! මේ ඇවිල්ල හිතාගන්නවත් බැරිතරම්, අනන්ත ප්‍රමාණයක් විද්‍යුත් තරංග වල සම්මිශ්‍රණයක්!!! තරංග කදම්බයක්!!! හැම සත්වයෙකුටම ආවේනික ගුණාංග හැම එකක්ම, එක එක ආකාරවලින් මේ මිශ්‍රණයේ අඩංගු වෙලා තියනවා!!! ඒ අතරේ මූලික වශයෙන්ම කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැසෙමින් පැවත එන මතකය, ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා තීරණය වීමට බලපාන පින් / පව් සම්බන්ධ දේවල්, මනුස්සයෙක් නම්, දාන / සීල / භාවනා වල යෙදිලා දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, සීල / සමාධි / ප්‍රඥා හැටියට දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, හෑම එකක්ම තියනවා!!! බුදුරජාණන්වහන්සේ මෙන්න මේ තරංග කදම්බය තමයි, 'භවය' කියල හඳුන්වලා දුන්නේ!!! !!! !!! උන්වහන්සේ කිව්වා, 'භව පච්චයා ජාති' කියල!!! මොකද උන්වහන්සේ පැහැදිලිවම අවබෝධ කරගෙන හිටියා, මේ විදිය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක පැතිරීමක් සිදු උනොත්, කොහේ කොයි දීපංකරේක හරි ඒකට අනුරූප කයක් resonate වෙලා, කම්පණය වෙලා, තවත් සත්වයෙකුගේ උපතක් සිද්ධවෙන බව!!! !!! !!!

ඔන්න දැන් තියනවා ටිකක් එකපාරට හිතාගන්න අමාරු දෙයක්!! රූප සටහනකුත් හැදුව ඒක තේරුම් ගන්න පහසු වෙන්න... දැන් මේ සත්වයා කියන 'එකා' හැදිලා තියෙන්නේ 'පංච උපාදානස්කන්ධ' විසුරුවාහරින්න, transmit කරන්න නෙවෙයි නේ?? ඒක ඉබේ සිද්ධවෙන දෙයක් මිසක්, කිසිම සත්වයෙකුට එහෙම දෙයක් වෙනවා කියල හැඟීමක් වත් නෑ!!! කිසිම සත්වයෙකුට එහෙම කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ!!! සත්වයාට ඕනේ වෙන මොකක් නැති උනත්, ඒකගෙ පැවැත්ම තියාගන්න විතරයි!! ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලානේ තියෙන්නේ... ඉතින් අවුලක් නෑ!! ආයුෂ තියන තාක්, 'කය' පවතින තාක්, ඒ 'කය' පදනම් කරගෙන විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං... කතන්දරයත් අඩුපාඩු නැතුව ක්‍රියාත්මක වෙමින් තියනව!! දුර්වල විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තමයි අවකාශයේ පැතිර පවතින්නේ!! ඉර්ධිමත් රහතුන්වහන්සේලාට නම් මේ ක්ෂේත්‍රය බලවත් කරගෙන නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. එක්කෙනා දහස් ගණනින් පෙනී සිටින්න... පොළවෙන් කිමිදිලා මතුවෙන්න... වතුරේ ඇවිදින්න... ඈත දිව්‍ය / බ්‍රහ්ම ලෝක වලට ගමන් කරන්න... ඕනේ සෙල්ලමක් දාත හැකියි!!! සාමාන්‍ය අයට ඒ මොකවත් බෑ!! ඉර්ධිමත් අයට වගේම හැකියාව දියුණුකරගත් අයටත් වෙන අයගේ fields පාවිච්චිකරලා, එවුන්ව එහෙමපිටින් read කරන්න / message දෙන්න පුළුවන්... telepathy විදියට විස්තර දැනගන්න / පණිවුඩ දෙන්න පුළුවන්!! ඊළඟට බලවත් field එකකින් දුර්වල එකක් යටපත් කරන් ඉන්න (override කරන්න) පුළුවන්!! යක්කු / භූතයෝ / පෙරේතයෝ වැහෙන්නේ අන්න ඒ විදියට තමයි. හැබැයි ඒවා මේ කතාවට වැඩක් නෑ.

අපේ මාතෘකාවට වැදගත් වෙන්නේ, මෙන්න මේ කතාන්දරයයි!! බුදුරජාණන්වහන්සේ කිව්වා, "උපාදාන පච්චයා භවෝ" කියල!! ඒ කියන්නේ මෙන්න මේකයි... දැන්, කෙනෙක් මරණයට පත්වෙන්න ගතවෙන කාලය තත්පර 5-10ක් කියමු. නමුත් 'හිත' කියන එකට ඕක සුමාන එකහමාරක විතර කාලයක්!!! මරණයට පත්වෙනවා කියල වෙන්නේ, ටිකෙන් ටික ඇඟ දුර්වල වෙලා, අන්තිමේ කැඩිලා / බිඳිලා යන එක!!! එහෙම වෙනකොට රහතුන්වහන්සේ කෙනෙකුගේ උනා නම්, කය දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරිත්වයත් දුර්වල වෙලා වෙලා අන්තිමේ එහෙම්පිටින් නතර වෙනවා!!! නිරුද්ධවෙනවා... ඉවර වෙනවා... "නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ" වෙනවා!!! පහණ 'නිවුනා' වගේ නිවිලා යනවා!!! රහතුන්වහන්සේ පිරිණිවන් පනවා!!! ඒත්, අනික් උදවියගේ වෙන්නේ, ඇඟ දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරීත්වයත් අනුරූපව අඩුවෙලා යන්න වෙන්නේ නෑ... අනිත්‍ය තාවය අවබෝධකරගෙන, සේරම අතහැරලා හිටිය කෙනෙක්ගේ උනත්, 'ආශ්‍රව' ක්‍රියාත්මක වෙලා, හිතේ ක්‍රියාකාරිත්වය දිගටම තියාගන්නටම, පවත්වන්නටම උත්සාහ කරනවා!!! මොකද පැවැත්ම නැතිවෙනවට බයයි!!! !!! !!! 'තවත්නම් බැරියෝ...' වෙනකම්ම අල්ලාගෙන ඉන්න, 'උපාදානය කරගෙන' ඉන්න, try කරනවා!!! 'හිත බැහැගන්නවා' කිව්වේ... අන්න ඒක!!! ඒත් ඇඟ කොහොමත් දුර්වලවේගන වේගන යනවා!!! අන්න එතකොට, ඇඟට ඔරොත්තු නොදෙන චුම්බක ක්ෂේත්‍රය (core එක saturate උනාම වැඩිපුර තියන field එක වගේ කොටස) 'භවය' අනිවාර්යයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්නවා!!!



ඉතින්, අනිවාර්යයෙන් තව කොහේ කොයි දීපන්කරේක හරි, ඒ field එකට කිට්ටුවෙන්ම match වෙච්ච කයක් resonate වෙන්න ගන්නවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "විඥාණයක් බැසගන්නවා!!" කියල... අන්න ඒක වෙනවා!!! ඒ ගමන, ඒ අලුත් කයේ මේ field එක හන්ද current flow එකක් ඇතිවෙනවා... ඒත් එක්කම ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා... විඥාණය හටගන්නවා!!! අන්න, විඥාණය පැලවෙලා!!! !!! !!! කලින් තිබුණේ නෑ!!! අලුතෙන් තමයි ඇතිවුනේ!!!ඉතින් එහෙම වෙච්ච ගමන්, ඒ අලුත් කයේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ පටන්ගන්නවා!!! 'උපතක්' සිද්ධවෙනවා!!! ආයි ඒගැන කතාකරන්න දෙයක් නෑ. පරණ 'කය' කොහොමත් දුර්වලවෙලා වෙලා අන්තිමේ බිඳිලා යනවා!!! ඒ කියන්නේ, මුලින් හිටිය සත්වයා මැරෙනවා!!! අලුත් 'කයේ' පටන්ගත්තු 'වැඩේ' ඒකෙ ආයුෂ තියනකම් දිගටම යනවා... ඒ කියන්නේ අලුත් සත්වයා හැදෙන්න ගන්නවා!!! ඕපපාතික මොකෙක්හරි නම්, එවෙලේ ඉඳල ඒ ඉපදුනු සත්වයා ජීවිතයට මුහුණදෙනවා!!!

හරි! දැන් මතකද, බුදුහාමුදුරුවෝ කිව්වා, 'ලොකුවට පේන්න තිබුණට මේවයේ මොකවත් නෑ!' කියල?? අන්න ඒ 'මොකවත් නෑ' කිව්වේ, මේ ඇඟකට 'පිටින් අරගෙන එන දෙයක්' වත්, මේවයින් 'එලියට අරගෙන යන දෙයක්වත්' නෑ!! කියන එකයි!!! ඒත් ජීවත්වෙන කාලය තුල බැලුවොත්, ක්‍රියාත්මකව තියෙද්දී බැලුවොත්, මේ හැම ඇඟක් ඇතුලෙම, ඒකෙන්ම හැදිච්ච විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් අන්‍යෝන්‍ය උපකාරයෙන් ලොකු වැඩක් සිද්ධවෙනවා!!! අර motor ගැන මතකයි නේ?? නැත්නම්, පොඩ්ඩක් මතක් කරගන්න... ඒවා හදල ඉවරකරලා, පැත්තකින් තියල තිබ්බ කියල, කැරකෙන්න ගන්නේ නෑ නේ?? මොකද, මෝටරය කරකැවීමට විදුලිය ඕනේ!! ඒත්, අපි විදුලිය පිටින් දෙන්නේ නෑ!! අපි ඒ විදුලි අවශ්‍යතාවය සපුරාගන්නේ, මෝටරේ ඇතුළෙන්ම හැදෙන විදුලියෙනුයි!! හැබැයි, ඒ මෝටරෙන් විදුලිය හැදෙන්න නම්, මුලින් පොඩි 'තල්ලු ස්ටාර්ට්' එකක් දෙන්න, පොඩ්ඩක් අතින් කරකවන්න ඕනේ!!! අන්න ඒ ටික කරලා දුන්නොත්, මෝටරය ඇතුලෙම විදුලිය නිපදවෙනවා... ඊට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා!!! ඉතින්, එතන ඉඳලා, ස්වාභාවිකවම නැත්නම් මොකක් හරි ආබාධයකින් කැඩිලා බිඳිලා යනකම්ම, දිගින් දිගට කරකැවි කැවී තියනවා!!! කැඩිලා බිඳිලා ගියපු ගමන්, විද්‍යුතයත් නෑ... චුම්බකත්වයත් නෑ... මොකුත් නෑ!!! !!! !!! ඔක්කොම vanish වෙනවා!!! මොකක්වත් නැතුව යනවා!!! මේ ඇඟවල් වලත් එහෙම්මමයි!!! මේ සේරම හැඟීම් / දැනීම් / විඳීම් මේ ජීවිතය පවතින තාක් විතරයි!!! මැරෙනකොට මේ සේරම නැතුව යනවා!!! තව එකකට අරන් යන්න මොකවත්ම ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!!

දැන් එතකොට අලුත් සත්වයාගේ උපත සිදුවීමට හේතු වුනේ, ඒ මෝටරේට 'තල්ලු ස්ටාර්ට්' එක දෙන්න කියලා ආවේ, 'පරණ පොරගේ', ඒ කියන්නේ කලින් සත්වයාගේ 'හිතේ' තිබිච්ච කුණුකන්දල් ටික නේ?? මතකයි නේ, 'පංච උපාදානස්කන්ධය / විඥාණය' දෙක, ස්වරූප දෙකකින් පැවතුනාට එකම දෙයක් බව??? සත්ව ශරීර ඇතුලේ, 'පංච උපාදානස්කන්ධය' හා ආශ්‍රිත ක්‍රියාවලිය 'සිත' හැටියට, විද්‍යුතය ක්‍රියාත්මක වෙනවා!!! විඥාණය හැටියට, ඊට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා!!! මතකයි නේ??? ඉතින් මේ අලුත් 'පැටියා' නැත්නම් සත්වයා හැදෙනකොටම, ඒ ඇඟේ තියන record වෙන ගතිය නිසා, ඒකාව හදන්න හේතු වුන 'පංච උපාදානස්කන්ධය', මරණයට පත්වේගන යන සත්වයාගේ සම්පූර්ණ මතකය, අච්චු ගැහුවා වගේ, එහෙම්පිටින්ම copy වෙනවා!!! record වෙනවා!!! 'අලුත් සත්වයෙක්' උනාට, ඒකාට හද්ද පරණ 'මතකයක්' උරුම වෙනවා!!! බලන්න දැන් ජෝතිපාල උන්නැහැ මැරිලා. ඒත් එයා කියපු සින්දුවක් setup එකකට දැම්මම එයා කියනවා වගේම ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ නෙවෙයි නේ?? ආයි, ඒ දාල තිබිච්ච set එකත් කැඩුනා කියමු... Tape එක නැත්නම් CD එක අරන් වෙන එකකට දැම්මම, ඒ ගමන ඒ set එකෙනුත් කලින් වගේම ජෝතිපාල උන්නැහැ කියනවා වගේ ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ වත් කලින් තිබිච්ච set එකවත් නෙවෙයි නේ?? එක set එකක් කැඩිච්ච ගමන් ඒක ඉවරයි!!! සත්වයොත් ඒ වගෙයි... එක සත්වයෙක් මළාම ඌ ඉවරයි!!! හැබැයි ඕක දන්නේ නැති කෙනා එහෙම්පිටින් රැවටෙනවා!!! ඉතින් අර 'පොඩි එකා'ගෙත් හිත ක්‍රියාකාරී වෙන්න ගත්තම, එයා දකින්නේ ඔය record වෙච්ච කුණුගොඩ තමන් කරපු ඒවා / තමන්ට වෙච්ච ඒවා / තමන්ගේ ඒවා හැටියට!!! !!! !!! ඉතින් පොඩි කාලෙම වැඩේ අනාගන්නවා!!! !!! !!! කොයි සත්වයාටත් මෙච්චරම තමයි... ඒ හැම සත්වයෙක්ම ඉපදිච්ච ගමන්ම සක්ඛාය දිට්ඨියට අහුවෙනවා!!! !!! !!! තමන්ට අදාළ නැති පංච උපාදන්ස්කන්ධයකට, 'මගේ වෙන්න ඇති!!' 'මං වෙන්න ඇති!!' කියල රැවටෙනවා!!!

ඉපදිලා සෑහෙන කලක් යනකම්, දරුවෝ නින්දෙන් බය වෙනවා... ගැස්සෙනවා... මරවිලාප දීල අඬනවා... හිනාවෙනවා... ඇයි ඒ??? අර ලැබිච්ච 'මතකය' පොඩි එකාගේ හිත ඇතුලේ එකසිය ගාණට වැඩ!!! කවුරුහරි පොල්ලක් අරන් ගහන්න පන්නන් එන එකක් මතක් උනොත් බයවෙනවා... (පොඩි බලු පැටව් එහෙමනම් නින්දෙන් එකසිය ගාණට දුවනවා!! දැකල නැද්ද?? කතන්දරේ දැනගෙන ඕව බලන් ඉන්නකොට full ආතල්) හොඳට යාලුවෝ එක්ක එකතුවෙලා ජොලියක් දාපු එකක් මතක් උනොත් හිනා යනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඒත් අලුත ඉපදුන දරුවෙක් ඒ ලැබිච්ච 'කයට / ඇඟට' හුරු නෑ... අලුත් පරිසරයට හුරු නෑ... අලුත් සාමාජිකයෝ එක්ක interact කරන්න දන්නේ නෑ... ඉතින් 'බබා' තමයි!!! ඒත් 'ඇතුලෙන්' එහෙමපිටින් ඇනිලා ඉන්නේ... ඒ කියන්නේ, 'කලින් හිටියෙත් මං වෙන්න ඇති!!' කියල ඇඳගෙන ඉවරයි. ඒ වගේම මේ අලුත් උපත සඳහා කයක් / ඇඟක් තීරණය උනෙත්, තනිකරම, 'තල්ලු ස්ටාර්ට්' එක දීපු විඥාණයේ ස්වභාවය 'කර්ම ශක්තිය' අනුවයි!!! අලුත් සත්වයාට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ!!! ඉපදිලා බලන කොට අතපය කොර වෙච්ච, ඇස් පොට්ට, කන් ඇහෙන්නේ නැති, ඇඟක් ලැබිල තිබුනා නම් sorry.com තමයි... විඳවන්න විතරයි තියෙන්නේ!!!
බුදුහාමුදුරුවෝ කිව්වා, මේ සත්වයන්ගේ පැවැත්ම තනිකරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් මත දිගින් දිගට සිදුවෙන දෙයක් බව!!! ගෞතම බුදුරජාණන්වහන්සේ මේ බව අවබෝධ කරගෙන තියෙන්නේ, "විඥාණය පවතින්නේ නාමරූප සමගමයි... නාමරූප ඉක්මවන්නේ නෑ..." කියලයි!!! ඒවගේම උන්වහන්සේ කිව්වා, "විපස්සී බුදුරජාණන්වහන්සේ ඔය බව අවබෝධ කරගත්තේ, විඥාණය නාමරූප දෙසට නැවී පවතිනවා යනුවෙනුයි" කියලත්!!! උන්වහන්සේලා මේ පැහැදිලිකරලා තියෙන්නේ, මේ තාක්ෂණික යුගයේ උදවියට නම් බොහොම සමීප, හුරුපුරුදු කතන්දරයක් ගැන... ඒත් උන්වහන්සේලා ජීවමානව වැඩසිටි කාල වල, 'මේ ස්වභාවික සංසිද්ධිය මෙන්න මේකයි!!' කියල හරියටම පැහැදිලි කරන්න උදාහරණ තිබුන බවක් නම් කිසිම බුද්ධ දේශණාවකින් දනගන්න ලැබුණේ නෑ!!! ඉතින්, ගෞතම බුදුරජාණන්වහන්සේත්, විපස්සී බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේලා ජීවමානව වැඩසිටිය කාලවලදී දක්වන්න පුළුවන් වෙච්ච උදාහරණ වලින්, ඔය කියල තියෙන්නේ, 'විද්‍යුතයත් / විද්‍යුත් චුම්බකත්වයත්' කියන ස්වභාවික සංසිද්ධි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට පැවතීම කියන බව මං ඔය උදවියට තෝරලා දුන්න!!!

ඊළඟට උන්වහන්සේ කිව්වා, හිත බැසගත්තොත්, විඥාණය පැළවෙන බව!!! දැන්, ඔය 'හිත' ගැන කට්ටියම දන්නවා නේ?? මේ ඉන්න ගමන් අවුරුදු ගණන් අතීතයට යනවා... අතීත සිදුවීම් මතක් වෙනවා! මේ ඉන්න ගමන් වෙන වෙන රටවල් වලට යනවා... ඒ රටවල් වල තියන දේවල් මතක් වෙනවා! හඳට / අභ්‍යවකාශයට යනවා කියන්නෙත් සුළු දෙයක්!! speed කියන්නේ... කියල වැඩක් නෑ!! හිතාගන්නවත් බැරි වේගයකින් වැඩ කරන දෙයක්!!! එතකොට, 'බැස ගන්නවා' කියන්නේ මොකද්ද? අපි ඔය 'බැහැල වැඩ!' 'වැඩේට බහිනවා!' කියන්නේ, වෙන වෙන දේවල් අතහැරලා එකකටම යොමුවෙනවා... දිගින් දිගටම එක දෙයක නිරත වෙනවා කියන එක නේ?? ඉතින්, බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන / අවබෝධ කරගෙන හිටියා, මේ සත්වයින් හිතනවා / චේතනා පහල කරනවා කියන ක්‍රියාව කරද්දී, එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධ වෙන්නේ, ඉතාමත් අධික වේගයකින්, 'අධිසංඛ්‍යාත' වලින්, සිදුවන විද්‍යුත් ශක්තියේ ක්‍රියාත්මක වීමක්, නැත්නම් 'අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග' මාර්ගයෙන් සිදුවන ක්‍රියාවලියක් බව!!! ඒ වගේම, එහෙම විද්‍යුත් තරංග ක්‍රියාත්මක වීමක් සිදුවෙනවා නම්, ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකුත් (electromagnetic field) අනිවාර්යයෙන්ම ගොඩනැගෙන බව!!! ඉතින්, මෙහෙම අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගුනොත්, ඒකෙ ස්වභාවය තමයි අවකාශය පුරාම පැතිර යාම!!! අන්න ඒ සිද්ධාන්තය තමයි අද කාලේ මේ TV / Radio / Mobile Phone / Satellite Communication හැම දෙයකටම යොදාගන තියෙන්නේ!!! හැබැයි, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ නම් මේවා කිසි දෙයක් මේ විදියට කියල, තෝරලා දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ!!!

ඒ උනාට මේ චුම්බක ක්ෂේත්‍ර (magnetic field) කතාව බොහොම පැහැදිලිව දැනගන්න හොඳ උදාහරණයක්, සුර / අසුර යුද්ධයක් ගැන කියපු දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කියල තියෙනවා!!! ඒ යුද්ධයේදී 'අසුරයෝ' පරදිනවලු. ඒ ගමන, 'සුරයන්' අසුර නායක 'වේපචිත්ති'ව බන්ධනයකින් බැඳලා, සුර ලෝකෙට අරගෙන යනවලු. හැබැයි මේ බන්ධනයට මොකුත්ම පාවිච්චි කරන්නෙත් නැතිලු!! ඒත් ඒ බන්ධනය නිසා, අසුර නායක වේපචිත්තිගේ ඔළුවයි / අත් දෙකයි / කකුල් දෙකයි සේරම එකට බැඳලා දැම්ම වගේ වෙනවලු!!! නිකම් 'පැණි මුලක්' ගැටගැහුව වගේ කියන්නකෝ. ඊළඟට වැඩේ තියෙන්නේ, වේපචිත්තිව සුර ලෝකෙට අරගෙන ගිහිල්ල, නිකම් ඔහේ පැත්තකින් දාල තියනකොට, වේපචිත්ති හිතනවලු, 'මේ සුරයෝ හරි හොඳයි නේ... අපි හිතුවට වඩා හොඳ පිරිසක් නේ... මට කරදරයක් කලෙත් නැහැ නේ...' එහෙම කියල. එයා ඒ විදියට හිතන කොට, එයා සුරයන් ගැන පැහැදෙනකොට, අර බන්ධනය නැතුව යනවලු!!! එහෙම නිදහස ලැබුණාම, මේකා එපාර හිතනවලු, 'මුන් මොක්කුද?' 'අපේ එවුන් තමයි හොඳ!!' 'ඉක්මනට මෙතනින් පැනගන්න ඕනේ!!!' කියල. එහෙම හිතපු ගමන්, ආයේ අර කලින්වගේම, පැණි මුල ගැටගැහුව වගේ බැඳිලා යනවලු!!! මොකද්ද ඔය කියල තියෙන්නේ?? කොහොමද එහෙම වෙන්නේ??

දැන් මේ සුරයෝ / අසුරයෝ කිව්වේ ප්‍රතිවිරුද්ධ දෙපිරිසක් නේ?? හැබැයි ඒ අයගේ වෙනස්කම තියෙන්නේ දෙපැත්තේ අය හිතන විදියෙයි!!! ඉතින්, අසුර නායකයා උනාට අවුලක් නෑ... සුරයන් ගැන පැහැදීමෙන් හිතනකොට, එයත් සුරයන්ගේ කෙනෙක් වගේ වෙනවා!! ගැලපෙන ගැලපෙන අය එකතු වෙනවා!!! ඔය ගතිය බුදුරජාණන්වහන්සේ අඳුන්වල තියෙන්නේ 'ධාතු ස්වභාවයක්' කියලයි!!! (ධාතු නානත්වය / ධාතු සංයුක්තය කියල තියෙන්නේ... අන්න ඒවා!!) දැන් වතුරට, වතුර බින්දුවක්ම දැම්මොත් කවලම් වෙනවා නේ?? අන්න ඒවගේ. එතකොට බන්ධනය නැතුව යනවා... නිදහස්!!! ඒත් වේපචිත්ති, එයාලගේ අයගේ පැත්ත ගත්තු ගමන් 'වෙන එකෙක්'!! ගැලපෙන්නේ නෑ!! වෙන්වෙනවා!!! සුරයෝ හුඟ පිරිසක් ඉන්න තැන එයා තනියෙන්... වතුරට, තෙල් බින්දුවක් දැම්ම වගේ වෙනවා!! නිකම් බෝලයක් වගේ ගුලි ගැහිලා යනවා!! බන්ධනය වෙනවා!!! තේරුණාද?? ඒත්, කොහොමද මේ හිතින් හිතනකොට, ගුලිවෙන්නේ / දිගහැරෙන්නේ?? අන්න ඒක තමයි අර චුම්බක ක්ෂේත්‍රයේ කතන්දරය!!! සුරයෝ අතරේ, සුරයන්ගේ පැත්තට හිතනකොට, ඒ හැමෝගෙම චුම්බක ක්ෂේත්‍ර සමානයි. ඉතින් mix වෙනවා... අවුලක් නෑ!!! හැබැයි එයා එයාලගේ පැත්තට, අසුරයන්ගේ පැත්තට හිතපු ගමන්, චුම්බක ක්ෂේත්‍ර වෙනස්!! ඉතින්, වෙන් වෙනවා!! අනික් අයගේ පිරිස වැඩියි... ඒ හන්ද එයාලගේ ක්ෂේත්‍රයත් බලවත් වැඩියි... මෙයා ඇකිලිලා යනවා!!! අනික් එක, මේ අය බොහොම සියුම් ශරීර තියන පිරිසක්!! ඉතින් එහෙම්පිටින් ගුලිවෙලා යනවා!!! ඔන්න ඕකයි 'වේපචිත්ති බන්ධනය' කියන seen එක!!!

හරි! දැන් මේ සත්වයන්ට (අපිට) හිතින් බැහැගෙන කරන්න තියෙන්නේ, කරන්න පුළුවන්, මොනවද?? අපි මුලින් දැක්ක, ඕනෙම සත්වයෙකුට කරන්න පුළුවන් වෙන්නේ, මතකය ආවර්ජනය කරන එක, ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් හිතන එක, බලාපොරොත්තු ඇතිකරගන්න එක, නොයෙකුත් දේවල් ප්‍රර්ථනා කරන එක, වගේ දේවල්ය කියන බව!!! ඒ කියන්නේ, දැකපු දෙයක් ගැන, 'අරක ශෝක්! ආයි පාරක් බලන්න තිබුණ නම්...' 'ඒක හොඳයි! මටත් එයින් එකක් ගන්න ඕනේ...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, අහපු දෙයක් ගැන, 'අරූ මට බැන්න! ඌට හොඳ වැඩක් කරන්න ඕනේ...' 'අර සින්දුව ශෝක්! ආයි අහන්න තිබුණ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, කාපු / බීපු දේවල් ගැන, 'ෂා... ඒවා මරු! කොහෙන්ද දන්නේ නෑ ගෙනාවේ... තව ටිකක් ගෙන්න ගන්න ඕනේ!' 'තව සැරයක් අරව කන්න තිබ්බ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, විඳපු දෙයක් ගැන, 'ආයි පාරක් ඒ සැප ගන්න තිබුණා නම්... ආයි වෙලාවක එහෙ ගිහිල්ල එන්න ඕනේ!' වගේ දේවල් දිගින් දිගට හිත හිතා ඉන්න එක, එහෙම නේ?? ඉතින්, සත්වයා මෙන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට, එවුන්ගේ (අපේ) ඇඟවල් හැදිලා තියන විදිය නිසා, එවුන් දන්නෙවත් නැතුව, තව 'කතන්දර' ගොඩාක් සිද්ධවෙලා!!! මේ දැනුත්, සිද්ධවෙමින් පවතිනවා!!! සත්වයෝ, උඹල කවුරු කවුරුත් හිතන්නේ මොනවද? උඹලගේ හිත්වල තියෙන්නේ මොනවද? අන්න ඒ සේරම අවකාශය පුරාම පැතිරෙනවා!!! transmit වෙනවා!!!

දැන් ඔය තමුන්ගේ හිතේ තියන ඒවා දන්නේ තමුන් නේ?? ඒත් ඒවා දිගින් දිගට හිත හිතා ඉන්න තියාගත්තොත්, කාට හරි 'ගේමක් දෙන්න' හිතන් / plan කරන් ඉන්න ඒවා, මොන 'නූල් සූත්තරයක්' හරි දාල කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න plan කරන් ඉන්න ඒවා, මොකක් හරි වැඩපිළිවෙලක් කඩාකප්පල් කරලා දාන්න හිතන ඒවා, ඔක්කොමල කපාගෙන ගිහින් 'මුදුණ වෙන්න' හිතන් ඉන්න ඒවා, ඔය 'හොර කොටු පනින්න' එහෙම හිතන් ඉන්න ඒවා, සල්ලි බාගේ - යාන වාහන සේරම සැපසම්පත් තියන මහා ලොකු පෝසතෙක් වෙන්න ලැබේවා! ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන ඒවා, ලොකු පෝසත් පවුලක ඉපදෙන්න, මහා බලගතු දෙවියෙක් වෙලා උපදින්න ලැබේවා කියල හිතාගෙන, පතාගෙන ඉන්න ඒවා, ආයේ තව ඔය කාට හරි හිතින් ආදරේ උනාට කියාගන්න බැරුව ලතවෙන ඒවා වගේ හැම මගුලක්ම, මේ ඇඟවල් හැදිලා තියන ස්වභාවය නිසා, තමුන් මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා වගේ වෙනවා!!! !!! !!! මේ ඕනෙම සත්වයෙක් කොච්චර 'හැංගිහොරා වැඩවලට' අතිදක්ෂයෙක් උනත්, උන් සේරමලා, ලෝකයා ඉදිරියේ 'හෙළුවෙන් ඉන්න' එවුන් ගානයි!!! අනික, ඔය හැම කෙනෙක්ම දන්නවා නේ, මේ TV / Satellite Communication කතන්දර වලදී, කටහඬවල් ඇතුළු සියලුම ආකාරයේ ශබ්ද වර්ග / සෑම ආකාරයකම රූප / අකුරු - ප්‍රස්ථාර වගේ දත්ත සේරම, ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විශ්වයේ ඕනෙම දුරකට විසුරුවා හරින්න පුළුවන් බව?? අන්න ඒ විදියටම, සෑම සත්වයෙකුගේම හිත්වල තියන දේවල් සියල්ල, 'මුළු පංච උපාදානස්කන්ධයම', මේ ස්වභාවධර්මයෙන් හැදුනු ශරීරවල ක්‍රියාකාරිත්වය නිසා, ඉබේම අවකාශය පුරා පැතිරෙනවා!!! හිත බැසගන්නා ප්‍රමාණය අනුව, තමන් 'මතකය බදාගෙන නැහෙන්න හදන ප්‍රමාණය' අනුව, මේ විකාශනයේ ප්‍රභලතාවය (transmission power) එකත් වැඩිවෙනවා!!!

බුදුහාමුදුරුවෝ දැක්කා, මේක මහා ලෝක ලෙඩක් බව!!! උන්වහන්සේ අවබෝධ කරගත්තා, මේක තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ පදනම, foundation එක කියන බව!!! !!! !!! සත්වයා මේ පංච උපාදානස්කන්ධයට නොරවටුනා නම්, මේ 'මගේ' දෙයක්... මේ 'මට අයිති' දෙයක්... මේ 'මට වෙච්ච' දේවල්... මේ අනික් එවුන් 'මට කරපු' / 'මට කියපු' දේවල්... කියල නොහිතුවා නම්, නොපිලිගත්තා නම්, මෙහෙම කරදරයක වැටෙන්නේ නැති බව!!! උන්වහන්සේ කිව්වා, "අක්කොච්ඡි මං, අවධි මං, අජිනි මං, අහාසි මේ" (අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා) වගේ දේවල් දිගින් දිගට හිතන්න තියාගන්න එපා කියල!!! මොකද මේ හැම දෙයක්ම 'හතරමහා ධාතුත්, ඒවායින් සැදුනු දේවලුත්, ඒ සැදුනු දේවල් නිසා ඇතිවුණු තව තවත් අතුරුඵලත්' අහල / දැකල / විඳලා ඇතිවෙච්ච මතකයක් පමණයි!!! ඒ 'රූප' වලින් විඳපු දේවල්, 'රස / ගඳ-සුවඳ / පහස' වගේ ඒවා, ගැන මතකයක් විතරයි!!! ඒ විඳපු දේවල් හඳුනාගෙන, 'සින්දුවක් / කවියක් / අම්ම / තාත්ත / පැණිරස / කොළපාට / සීතල' කියල හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් විතරයි!!! ඒ හඳුනාගත් දේට අනුව චේතනා පහල කරලා කරපු / කියපු / හිතපු දේවල් ගැන, 'ආයි අහන්න හිතුන, ලස්සනයි කියල හිතුන, ආදරේ හිතුන, තව කන්න හිතුන' වගේ දේවල් ගැන මතකයක් විතරයි!!! ඊළඟට එහෙම හිතිච්ච දේවල් කරලා දැනගන්න ලැබුණු දේවල්, 'ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා / නරක්වෙච්ච දෙයක් කෑවොත් බඩ රිදෙනවා' වගේ අත්දැකීම් ලබපුව පිලිබඳ මතකයක් විතරයි!!!

බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, සත්වයන්ට තියෙන්නේ මේ දේවල් ගැන, 'පංච උපාදානස්කන්ධය ගැන' තියන මහා ලොකු රැවටීමක් / මුලාවක් විතරයි කියල!!! ඒ මුලාව තමයි උන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියල හඳුවලා දුන්නේ!!! මේක එසේ මෙසේ එකකුත් නෙවෙයි... සත්වයෝ හැම එකෙක්ම මේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වපු, 'රූප' නැත්නම් හතරමහා ධාතු සම්බන්ධ හැම එකකටම / ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්, 'වේදනා' හැම එකකටම / ඒ විඳපු දේවල් හඳුනා ගත්තු ඒවා, 'සංඥා' හැම එකකටම / ඒ හඳුනා ගත්තු දේවල් වලට අනුව කරපු-කියපු-හිතපු දේවල්, 'සංස්ඛාර' හැම එකකටම / ඒ හිතිච්ච දේවල් කරලා දැනගත්තු, 'විඥාණ' හැම එකකටම අම්බානට රැවටිලා!!! ඔය එකින් එකට, 1- ඒ මං / මගේ ආත්මය වෙන්න ඇති!!, 2- මං / මගේ ආත්මය හැදිලා තියෙන්නේ ඒවායින් වෙන්න ඇති!!, 3- ඒවා තියෙන්නේ මගේ ආත්මයේ වෙන්න ඇති!!, 4- මගේ ආත්මය තියෙන්නේ ඒවයි වෙන්න ඇති!! කිය කියා, උපාදාන ස්කන්ධ 5 ටම එකකට 4 ආකාරයකින් රැවටිලා!!! 20 ආකාර සක්ඛායදිට්ඨියට අහුවෙලා!!! මේ ඇඟවල් වල record වෙච්ච කෙහෙල්මල් වලට හොඳටෝම රැවටිලා!!! ඉතීන් මේ සත්වයා මතකය බදාගෙන හප හපා, ඒකත් එක්කම හුරතල් වෙවී, ඒකම කූරු ගගා, ඉන්නවා!!! ඉවරයක් නැතුව හිතනවා!!! මතක නේ... 'පංච උපාදානස්කන්ධය / විඥාණය' කිව්වේ ස්වරූප දෙකකින් පවතින එකම දෙයක් බව?? ඉතින්, ඒකා දන්නෙම නැතුව, ඒ හිතේ තියන කුණු කන්දල් සේරම, 'මුළු පංච උපාදානස්කන්ධයම' අවකාශය පුරාම පැතිරෙනවා!!! !!! !!!

** මේ සත්වයෝ හරියට Tape නැත්නම් CD දාන setups වගේ ජාතියක්!!! වෙනසකට තියෙන්නේ මුන්ට චේතනා පහල කර කර (හිතල) තව තව දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන්... ටිකක් දඟලන්න පුළුවන්!!! ඊළඟට මුන්ගේ record වෙලා තියන ඒවා මදිවට අලුතෙන් එකතුවෙන හැම මගුලක් මත් record වෙනවා!!! මතක හිටිනවා!!! ඒ මතකයට සීමාවකුත් නෑ!!! !!! !!! ඉවරවෙලා නතරවීමකුත් නෑ!!! !!! !!! හැබැයි setups වගේමයි. දැන් ඔය set එකක්, කණ පැලෙන්න සද්දෙන් වැඩකර කර තියනවා කියමු! කොහොමද ඒකෙ Tape එක නැත්නම් CD එක ගලවල පැත්තකට දැම්මොත්?? සද්ද බද්ද ඔක්කොම ඉවරයි නේ??? ඕනේ නම් පොඩි 'සූවක් / ස්... සද්දයක්' ඇහෙයි. එච්චරයි!!! මේ සත්තුන්ටත් ඕකම වෙනවා නේ... දැකල නැද්ද, ඔලුවට පොල් ගෙඩියක් එහෙම වැටිච්ච එකෙක්ව? ඔලුවට ලොකු පහරක් වැදිච්ච, accident වෙච්ච එකෙක්ව එහෙම?? උන්ගේ 'මතකය' upset වෙච්ච ගමන් නිකම්ම නිකම් පඹයෝ වගේ වෙනවා!!! 'ගල් බමුණෝ' වගේ වෙනවා!!! කවුරුවත් හිනා උනාට උන් හිනාවෙන්නෙත් නෑ!!! 'හිනාවෙනවා' දන්නෙත් නෑ, 'හිනාවෙන්න' දන්නෙත් නෑ... 'හිනාව' මතක නෑ!!! කිසි කෙනෙක් අඳුනන්නේ නෑ!!! මොකද සේරම තිබ්බේ 'මතකයේ', ඒක lost !!! memory lost !!! ඉතින් setup එකක් වගේම තමයි!!! හැබැයි මුන්ගේ Tape / CD මාරු කරලා වෙන ඒවා දාන්න, තියන ඒවා ගලවල අරන් තියාගන්න, upset උනොත් හදන්න, වගේ කිසිම දෙයක් කරන්න බෑ!!!

හරි! දැන් මේ අවකාශයේ පැතිරෙන තරමක් / විකාශණය වෙන තරමක්, radio / TV channels (transmissions) එකකට එකක් කවලම් වෙනවද?? නෑ!!! අවකාශයේ තියෙන්න පුළුවන් මෙච්චරයි කියල ප්‍රමාණයක් තියනවද?? ඒත් නෑ!!! ඊළඟට ඔය තියන හැම radio එකකින්ම ඔය විකාශණය වෙන radio channels සේරම ඇහෙනවද?? අහන්න පුලුවන්ද?? බෑ!!! එහෙම ඇහෙනෙත් නෑ!!! අහන්නත් බෑ!!! අපි radio එක tune කරනවා, 'සුසර කරනවා' කියන්නේ... අන්න එහෙම කරලා, අපිට අහන්න අවශ්‍ය channel එක විකාශණය කෙරෙන සංඛ්‍යාතය තෝරලා, අන්න ඒ channel එකේ යන දේවල් විතරක් radio එකෙන් අහන්න පුළුවන්!!! හැබැයි කොච්චර කලත් අපිට අහන්න පුළුවන් වෙන්නේ, ඒ radio එක සුසර කරන්න පුළුවන් පරාසයේ (tuning range) එකේ තියන සේවාවන් විතරයි!!!පැහැදිලියි නේ?? ඒ වගේම TV සම්බන්ධයෙනුත්, mobile phones / satellite communication ආදී සියල්ල සම්බන්ධයෙනුත් මේ කතාන්දරය මේ විදියම තමයි!!!

Tuesday, December 13, 2011

බුදුහාමුදුරුවෝ මේ සත්වයින්ව හැඳින්වුයේ 'සංකත දේවල්' නැත්නම් 'සංකත' කියලයි!! ඒ කියන්නේ මේ හැදිච්ච හැම සත්වයෙකුගේම විශේෂ ලක්ෂණ 3ක් දකින්න තියනවා!!! එයින් පලවෙනි එක තමයි, 'උපපාදෝ පඤ්ඤායති'. ඒ කියන්නේ, හටගැනීම දකින්න පුළුවන්!! ඔය... කසාද බැඳලා හරි / නැතුව හරි, ගෑනු අය / කෙල්ලෝ උදේට උදේට වමනේ දාන්න ගන්නේ... ඊළඟට හුළං පුම්බපු බැලුම් වගේ වෙන්නේ... අන්න ඒ තමයි මේ 'මනුස්සය' කියන සතාගේ හට ගැනීම!! ඊට කලින් තිබිච්ච දෙයක් නෙවෙයි... අලුතෙන්මයි හැදෙන්න ගන්නේ!!!

ඊළඟට ඔන්න, අම්මගේ බඩේදිම දඟලන්න ගන්නවා... උවෑ උවෑ ගාගෙන එලියට එනවා... කිරි දුන්නම, කැව්වම / පෙව්වම ටික ටික ලොකු මහත් වෙනවා... බඩගානවා... දණගානවා... හිටගනවා... හිනාවෙන්න / කතාකරන්න ගන්නවා... ඇවිදිනවා... මයිල් එනවා... හැම රැලිවැටෙනවා... නාකි වෙනවා... ලොං හැලෙනවා... ඇස් පේන්නෙ නැතුව යනවා / කන් ඇහෙන්නේ නැතුව යනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමේ හොට බිමම ඇනෙනවා... පාන් කියාගන්න බැරි, කාගෙවත් උපකාරයක් නැතුව මොකවත්ම කරගන්න බැරිවෙන දවසකුත් එනවා!! ඔන්න ඔය තමයි 'ටිථස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති' පවතින කාලය අතරතුරේ වෙනස් වෙවී පවතිනවා දකින්න ලැබෙනවා!!! තව විදියකින් කිව්වොත්, අනිත්‍යයි!!! ස්ථිරව, එක විදියටම තියෙන්නේ නෑ... දිගින් දිගටම වෙනස්වීම් වලට බඳුන් වෙනවා!! පවතින තාක් වෙනස්වීම් වලට භාජනය වෙනවා!!

අන්තිමේදී ඉතින් මේ සත්වයා අනිත්‍යය වෙලාම යනවා!!! වෙනස්වෙලාම යනවා!!! 'වලකජ්ජ ගහනවා'!!! අන්න... 'වයෝ පඤ්ඤායති' නැසී වැනසී යාම දක්නට ලැබෙනවා!!! ඉතින්, සත්වයා කියන්නේ ඔච්චරම තමයි!!! හැදුනා... කාලයක් වෙනස් වීම් වලට මුහුණදිදී ඉඳල, අන්තිමේ මැරෙණවා!! එච්චරයි!!!

ඒත් ඉතින් කිසිම කෙනෙක් කැමති නැහැ මැරෙන්න... එකතුකරගත්තු දේවල් දාල යන්න... ගොඩගහගත්ත ආසාවල්, බලාපොරොත්තු මොකවත් අතහරින්න... හැබැයි, වෙලාව ඉවරනම් / ආයුෂ ඉවර නම්, ඉවරයි!! කෙලවෙනවාම තමයි!!! මේ දැන් වෙලාව අවොත්, මේ දැන් ඔක්කොම ඉවරයි... මැරෙණවා!!! එක විනාඩි පහක් වත් කාලය දික් කරගන්න බෑ. ඉතින් දුක නැද්ද??දුකයි!!! අන්න... ඒක තමයි, දුකයි!! කියල තියෙන්නේ!!!

තමන්ට කොච්චර උවමනා උනත්, මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න කිසිම ක්‍රමයක් නෑ!!! සංසාරේ යන්නත් බෑ!! දෙයියෙක් බයියෙක් ගාවට යන්නත් බෑ!! වෙන කොහෙටහරි වෙලා, shape එකේ සදහටම ඉන්නත් බෑ!! 'සුනේ සුං'ම තමයි!!! මොන මගුලක් කරලවත් අනිත්‍ය ධර්මතාවයෙන් බේරෙන්න බෑ... මොන දහං ගැටයක් ගැහුවත් වැඩක් නෑ... කෙළවෙන එක කෙලවෙනවාමයි!!! සේරම අකුලගෙන, වෙන දෙයකට මුණ දෙනවා ඇරෙන්න, තමුන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ!!! අන්න... අනාත්මයි!!! හරිද?? තේරුණාද???

ඒත්, 'තමන්' අනිත්‍යයි... දුකයි... අනාත්මයි... කියන බව මේ අපි'ල (සත්වයෝ) දැනගෙන හිටියේ නෑ!!! අන්න ඒ හන්ද හිතුව, 'මැරුණම වෙන එකකට යනවා ඇති...' නැත්නම් 'දෙයියෝ ගාවට යනවා ඇති...' එහෙමත් නැත්නම් 'වෙන කොහේ හරි shape එකේ ඉන්න පුළුවන් තැනක් ඇති...' කියල. ම්හු!! කොහේ යන්නද?? මැරුණම සේරම සුං තමයි!!! ඔන්න ඕක අවබෝධ වෙන්න ඕනේ!!! !!! !!! මේ ජීවිතය අනිත්‍යයි... දුකයි... අනාත්මයි... තමුන්ට ඕනේ විදියට මේක පවත්වන්න බෑ!!! තමුන්ට තියෙන්නේ මේ ජීවිතයේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම් තියන බොහොම සුළු කාලයක් විතරයි!!! !!! !!!

අනිත් ප්‍රධානම කරුණ, මේ අපි'ල හැමෝමත්, මුළු විශ්වයේම ඉන්න තරමක් සියලුම සත්වයෝත්, කියන සේරම, ස්වභාවධර්මයට අයිති, ස්වභාවධර්මයෙන්ම හැදිච්ච / හැදෙන, ස්වාභාවධර්මයේම නිර්මාණ මිසක්, මේවයි කෑලි ගලවන්න, ගලවලා තමන්ට ඕනේ 'කෑල්ලක්' වෙනම අරන් තියාගන්න, එහෙම නැත්නම් ඒ 'කෑල්ල' විතරක් අරන් යන්න, වගේ මොකවත්ම කරන්න බෑ!!! ගලවන්න ගියපු ගමන් සත්වයා 'රුප්පති' වෙනවා... නැසී වැනසී යනවා... නිකම්ම නිකම් 'සතරමහා ධාතු' බවට පත්වෙනවා!!! බුදුහාමුදුරුවෝ, මේ ඇඟවල් ප්‍රඥාවෙන් කෑලි කෑලි කරලා බලන්න කිව්වේ, 'මේකේ' වැඩකෑල්ල අල්ලගන්න, 'මේක' අවබෝධ කරගන්න, උවමනාවට මිසක් වෙන වෙන බහුභූත කරන්න නෙවෙයි!!! 'මම' නැත්නම්, 'මගේ ආත්මය' කියල කවුරු කවුරුත් අහු වුනේ / රැවටුනේ, මේ හැදිච්ච ඇඟවල් වල ක්‍රියාකාරිත්වයට!!! ඒ ක්‍රියාකාරිත්වය ඇඟ නැසී වැනසී යනකොට ඇඟත් එක්කම නැසී වැනසී යනවා මිසක්, වෙන කොහෙවත් යන්නෙ නෑ!!! මේ හැදිච්ච ඇඟයි, ඒකෙ ක්‍රියාකාරිත්වයයි එහෙම්පිටින් අනිත්‍යයි!!! දුකයි!!! අනාත්මයි!!!

අනික් එක සත්වයා සංසාරෙට වැටිච්ච කාලේ ඉඳලම, මේ හැදිච්ච / හැදෙන ඇඟවල් තනිකරම technical උලව්වක්!!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මේවයි ලොකුවට පේන්න තිබුණට, මොකවත් නෑ!!" කියල!!! ඉස්සර නම් ඕකට අරගන්න තිබුන හොඳම උදාහරණය, ගිනි බෝලයක් කරකවනකොට පේන ගිනි වළල්ල තමයි!! 'මම' කියල අපිට තේරෙන්නේ ඒ ගිනි වළල්ල!! කය බිඳෙනකොට (මරණයට පත්වෙද්දී) ගිනි බෝලේ කැරකෙන එක නතර වෙනවා!! **- හැබැයි මේ බූරු මිනිස්සු, 'කරකැවෙන්නේ නැති උනාට බෝලේ තියනවා ඇති නේ... (ගන්ධබ්බය!!) අන්න ඌ මේකෙන් එලියට යනවා ඇති!!' කියල, ගත්ත!!! මොකද මුන්ට ඕනේ තව තව ඉන්නම නේ!!! -**හැබැයි දැන්, කතන්දරේ ඊට වඩා පැහැදිලිව, හරියට කියන්න පුළුවන් මෙහෙම... දැන් ඔය TV එකක් ඉස්සරහ වාඩිවෙලා බලාගෙන ඉන්නකොට, රස රස කෑම ජාති පෙන්නනවා... කෙල හල හල බලන් ඉන්නවා!! ලස්සන ලස්සන 'රූප' පේනවා... කෙල පෙරාගෙන බලන් ඉන්නවා!! TV එක වහන්න ඕනේ, 'යකෝ මේ බලන් ඉඳල තියෙන්නේ නිකම්ම නිකම් වීදුරුවක් දිහා නේද?' කියල තේරෙන්න / මතක් වෙන්න!!! මේ ඇඟවල් වලත් එහෙම්මමයි!!! මේ ඇඟවල් අස්සෙත් ඔය කතන්දරේමයි වෙන්නේ!!! current එකෙන් වැඩකරන TV එකෙන් රූප / සද්ද හදනවා වගේ, මේ ඇඟවල් වලත් 'ලස්සන ලස්සන තොරන්' හද හදා පෙන්නනවා!!! ඇයි ඉතින්, පේනවා... ඇහෙනවා.. දැනෙනවා... හිතෙනවා... කීයක් කියලද?? හැබැයි, මේ TV එක වහල / Off කරලා, 'මොකුත් නැති බව' දැනගන්න / බලාගන්න විදියක් නෑ!!! මොකද, TV එක වහනකොට 'බලන් ඉන්න එකාවත්' වැහෙනවා!!! තේරෙණවා නේ??? ඔන්න ඔය නිසයි ඇත්ත දැකල, මේ අවුලෙන් ගැලවෙන්න ලේසි නැත්තේ!!!

හැබැයි ඇත්ත දකිනකම් තමුන්ගේ හිතේ ලොකු අවුලක්!!! එහෙම අවුලක ඉන්න කම්, ස්වභාවධර්මයෙන් මේ එක TV එකක් Off කරනකොටම, මේ ඇඟේ ක්‍රියාකාරිත්වයේ අතුරුඵලයක්, තව TV එකක් On කරනවා!!! තමන් නෙවෙයි ඒක කරන්නේ... තමන් දන්නෙවත් නැති, හීනෙකින්වත් හිතන්නෙත් නැති, මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරය තමයි ඒක කරන්නේ!!!හැබැයි ඒ වෙන TV එකක්... 'බලන් ඉන්නෙත්' වෙන කෙනෙක්... ඒත්, යන්නේ එකම / පරණ show එකක්!!! අන්න එතනයි ප්‍රශ්ණේ!!! ඔක්කොමල රැවටෙනවා!!! !!! !!! ඕක තමයි කල්ප බර ගණනක් තිස්සේ මේ සිද්ධවේගන ඇවිල්ල තියෙන්නේ!!! ඒ නැතුව මේ එක්කෙනෙක් වත් සංසාරේ දිගින් දිගට ඇවිල්ල නෑ!!! කලින් හිටපු සාසන භක්ෂක අටු ආචාර්යල කියල තියෙන විදියට තමන්ට ඕනේ ඕනේ විදියට පතාගෙන, ඔතාගෙන, නෑදෑයෝ පිරිවරාගෙන, හිතේ හැටියට, 'චූන් එකේ' කරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් මෙතන නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට මොකුත් බෑ... rail පාරේ බුදියන් හිටියොත් කෝච්චියට අහුවෙනවා!!! වගේ, තමන් ඔය දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙල නතරකරගන්න කම්, ස්වභාවධර්මයෙන්, තමන් හිතන / කියන / කරන දේවල් වලට අනුව TV දදා දෙනවා!!! අන්න ඒක නිසා, මේ දිගින් දිගට ඇදි ඇදී යන කතන්දරේ තව එක වරක් හරි සිද්ධ වෙන්න ඉඩ හැරියොත්, ගැට්ට කඩාගන්න වෙනවා!!! ප්‍රතිඵල හරිම භයානකයි!!! !!! !!! මොකද total control එක තියෙන්නේ ස්වභාවධර්මය අතේ මිසක් තමුන්ගේ අතේ නෙවෙයි!!! !!! !!! අනික limits ගොඩාක් තියනව... ඒවා exceed කරපු ගමන් තමන් completely disable වෙනවා!!! ඊට පස්සේ 'කන්නම' විතරයි තියෙන්නේ!!! මොකුත්ම කරන්න බෑ!!! 'ආනන්තරීය පාපකර්ම' කියල එහෙම අහල ඇති නේ?? මාත් ඔය early warnings දීල තියෙන්නේ ඒ ගැන හොඳට දන්න නිසයි!!!

හරි! දැන් මේ චාටර් case එක මෙතැනින්ම ඉවරයක් වෙන්න නම්, 'TV එක' වැහුනම / Off උනාම, 'මොකුත් නෑ නේද?' කියල, 'බලන් ඉන්න එකා' ඒ කියනේ, 'තමුන්ම' දකින්නම ඕනේ!!! ඒක තමයි ඔය 'ණිවන් දකිනවා!!' කියන්නේ!!! හැබැයි ඒක සෑහෙන අමාරු වැඩක්... සමාධිය දියුණු කරලා දියුණු කරලා, සමාධියෙන්ම පේන්න / දර්ශණය වෙන්න හරිනවා මිසක්, අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න හරිනවා මිසක්, (Off කරලා බලන්න බෑ!! නේ... 'තමන්' Off වෙනවනේ!!) තමන්ට උවමන උවමනා විදියට 'ණිවන් බලන්න' බෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ ගල්ගෙඩි දෙකක් / දරකෑලි දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා ගිනි අවුලුවනවා වගේ කරන්න ඕනේ කියලයි!!! කොයිවෙලේ හරි ගිනිගන්නකම් අතුල්ල අතුල්ල ඉන්න ඕනේ!!! දැන් මහන්සියි... නිදිමතයි... කම්මැලියි... ඒ හුචු හුචු හරියන්නේ නෑ!!! (මාත් මාස 6-7ක් කට්ට කෑවා!! නිකම් පුක කහනවට මෙව්වා කරන්න පටන්ගත්ත නෙවෙයි!!!) හැබැයි දැන් වැඩේ තියෙන්නේ, ණිවන් දැක්ක නොදැක්ක කියල නෑ, කොහොමත් 'මේක' වැහෙන දවසක් / මේ ජීවිතය අවසාන වෙන දවසක්, වෙලාවක් එනවා!!! ඊට කලින් බුදුහාමුදුරුවෝ කියපු විදියට කලේ / කරගත්තේ නැත්නම්, අන්තිමේ තමුන් අනිවාර්යයෙන් අමාරුවේ වැටෙනවා!!! !!! !!! එතකොට, රෙවෙනවා!!!

ඒ උනාට මාව පිළිගන්න / විශ්වාස කරන අය බයවෙන්න එපා!! මේක මේ, හොල්මනක් ඌව කණ්ණාඩියකින් දැකල, අම්බානට බයවෙලා, වෙවුල වෙවුල ඉන්නවා වගේ වැඩක්!!! මුලාවක්!!! රැවටීමක්!!! හරියට තේරුම්ගත්තම, ඔයාලට කිසි අවුලක් වෙන්නේ නෑ!!! TV එක ගැන දන්නේ නැති කෙනෙක් ඒකෙ පේන පේන ඒවාට රැවටුනට, TV ගැන දන්න කෙනෙක් ඒකට අහුවෙන්නේ නෑ නේ?? එයාල මොනවා හරි වැදගත් දෙයක් තියනවා නම් බලනවා මිසක්, TV එක බදාගෙන නහින්න යන්නේ නෑ නේ?? ඒ වගේම තමයි, TV ගැන කෑල්ලෙන් කෑල්ලට දන්න එකාට, ඒවා repair කරන්නත් පුළුවන්!!! අනික් අයට TV ගැන කියල දෙන්නත් පුළුවන්!!! හරි නේ?? මේ... හැබැයි මං මොකෙකුටවත්, 'අනේ මාව විශ්වාසකරන්න!!' 'අනේ මාව පිළිගන්න!!' නැත්නම්, 'මේක පිලිගනින්!!' 'මේක විශ්වාස කරපිය!!' කියන්නේ නෑ!!! !!! !!! විශ්වාස කලොත් මට 'පැපොල්' වගෙයි... විශ්වාස නොකලොත් 'ගස්ලබු' වගෙයි... මං කතන්දරේ සිරාවටම දන්නවා!!! ඒ වගේම, එහෙම්පිටින්ම කියනව!!! විශ්වාසයෙන් පිළිඅරන්, තමන්ගේ කොටස හරියට කරගන්න කිසි කෙනෙක්, ආයේ තව එක පාරකට වඩා දුක්විඳින්නේ නෑ!!! !!! !!! එච්චරයි.

Friday, December 9, 2011

මොකද්ද එතකොට මේ වෙලා තියෙන්නේ??? මෝඩ සත්වයෙක්, ඌට මතක තියන දේවල් බදාගෙන, ඒවා ගැනම කල්පණා කර කර, ආසාවල් පොදි බැඳගෙන, බලාපොරොත්තු ගොඩ ගහගෙන, පින් කර කර පෙරුම් පුරාගෙන, තව ඕනේ... තව ඕනේ... කිය කියා හිටියා !!! මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරේ ස්වභාවය නිසා, ඒ මෝඩයට මතක තිබිච්ච සේරමයි, ඌ හිත හිත හිටපු කුණුගොඩවල් සේරමයි, තවත් ස්වරූපයකින් විශ්වය පුරා පැතිරුණා!!! එහෙම පැතිරුණු එකෙන්, තවත් තැනක අලුත් සත්වයෙකුගේ උපතක් සිදුවුනා!!! ඒ හැදෙන ඇඟේ 'මතක හිටින ගතිය' නිසා, පරණ එකාට තිබිච්ච මතකයි, ඌ හිත හිතා හිටිය කුණුගොඩවල් සේරමයි 'කුට්ටිය පිටින්ම' අලුත් එකාට මතක හිටියා!!! කලින් ඒකා මලා!!! ඌ ඉවරයි!!! උගේ මතකයට රැවටිච්ච අලුත් එකා, 'මං පරණ එකාම වෙන්න ඇති!!' කියලා, එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්තා!!! !!! !!! ** උගේ මතකයට කිව්වම, 'මැරිච්ච පරණ එකාගේ මතකය' කියල හිතුවත්, 'අලුත් එකාට ලැබිල තිබුණු (copy වෙලා තිබුණු) මතකය' කියල හිතුවත්, අවුලක් නෑ!!! මේක මේ නොදන්න කමට වෙච්ච 'රැවටිල්ලක්' 'මුලා වීමක්' විතරයි!!!

බැලුවාම මෙච්චර කාලයක් තිස්සේ මුළු සත්ව සංහතියටම වෙලා තියෙන්නේ ඔන්න ඔය කෙහෙල්මල තමයි!!! සත්වයා සංසාරේ ගිහිල්ල නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, එක ජීවිතයකින් තව ජීවිතයකට 'මොකුත්ම යන්නේ නෑ!!' කියලා නේ!!! බැලුවම වෙලා තියෙන්නේ, සත්වයා සංසාරේ ගිහින් නෑ!!! ඒකා ඇඳගෙන හිටපු ජංගිය නැත්නම්, ජොකා සංසාරේ ගිහිල්ලා වගේ වැඩක්!!! කල්ප කල්ප බර ගාණක් තිස්සේ හැදිච්ච හැදිච්ච සත්වයෝ රීපුව / හුජ්ජ කරපුව සේරම ගෑවිච්ච පරණ ජංගියක් / ජොකෙක් ඇඳගෙන අලුතෙන් සත්වයෙක් හැදිලා!!! කාලයක් ගිහින් ඌත් මැරෙනවා!!! ඊළඟට ඌත් රීපු / හුජ්ජ කරපු ඒවා ගෑවිච්ච ජංගිය / ජොකා ඇඳගෙන තා අලුත් එකෙක් හැදෙනවා!!! ඔන්න ඔහොම 'කතන්දරේ' දිගින් දිගටම යනවා!!! !!! හැබැයි ඉතින් 'ධර්මය' අවබෝධ කරනකම් මොකෙක්වත් දන්නේ නෑ, තමුන් ඇඳන් ඉන්නේ අනුන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච හද්ද පරණ ජංගියක් / ජොකෙක් කියලා... 'මගේ ජංගිය' / 'මගේ ජොකා' කියල බොහොම ආදරෙන් වැළඳගෙන, බදාගෙන ඉන්නවා!!! !!! !!! උඹලට තේරුණාද??? මේක මීට වඩා ලස්සනට කියලා වැඩක් නෑ!!! මේ සංසාර කතාව මහා ගූ ගොඩක් මයි!!! !!! !!!

මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???

කොහොම හරි, උඹව හදන්න දායක වෙච්ච එකා, ගත යුත්තක් ඇති එකෙක්!!! ඌ උඹට මනුස්ස ජීවිතයක් හැදෙන තැනට වැඩ කරපු එකෙක්!!! නැත්නම් අද තෝ නෑ!!! ඒ වගේම තමයි, තොපි බලාපොරොත්තු කොච්චර ගොඩ ගහගෙන හිටියත්, තොපිට එක මිලි මීටරයක් වත් මෙතනින් එහාට යන්න බෑ!!! හැබැයි තොපි මේ මොකුත් නොදැන පිස්සු කෙල කෙල හිටියා නම්, වෙන මොක්කු මොක්කු හරි තව කොහේ කොහේ හරි හැදෙයි!!! හැබැයි දැන් කාලේ නම් එහෙම හැදෙන හැදෙන එවුන් හැදෙන්නේ පෙරේත ලෝක, තිරිසන් ලෝක හා අපායේ විතරයි!!! මනුස්ස ලෝකේ වත්, දිව්‍යලෝක වලවත්, ඒ කිසි එකෙක් හැදෙන්නේ නෑ!!! උන් හැදිච්ච තැන ඉඳලා අම්බානට දුක් විඳියි!!! හැබැයි දැන් එහෙම වෙන්නෙත් නෑ!!! මොකද, උඹල කතන්දරේ දැක්ක නේ!!! අඩේ... ඒ කියන්නේ සංසාරේ හබක් නේ!!! ඔව්!!! හබක් තමයි!!! ඇයි යකුනේ මං කිව්වේ 'තොපිට යන්න සංසාරයක් ඉතුරු කරන්නේ නෑ!!' කියල!!! 'මං යන්න දුන්නොත් විතරයි තොපිට යන්න පුළුවන්!!' කියල!!! තොපි හිතුවේ මූ joker කෙනෙක් කියල නේ?? නේද??? ඒ උනාට මං එහෙම නෑ... බුදුහාමුදුරුවෝ සංසාරේ යන්න එපා එපා කිව්වා. තොපි ඇහුවේ නෑ!! ඒ හන්ද මම multi barrel / nutron blasters පාවිච්චි කරලා සංසාරේ සෙත්තපෝච්චි කරලා දැම්ම!!! දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! හූ... හූ... හූ... දැන් තොපිට යන්න තැනක් නෑ!!! දැන් යමල්ල තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න!!! තව ගොඩාක් ඒවා line-up කරලා තියෙන්නේ...

ඒයි, තොපි තණ්හාව නැතිකරගන්න බැරුව පුක ඉරාගෙන දැඟලුවා නේද බොල??? ඒ තණ්හා වලින් වැඩක් නෑ!!! !!! !!! තොපි කොච්චර තණ්හාවෙන් බලාගෙන හිටියත්, තොපිට ආයි මොකක්වත් හම්බවෙන්නේ නෑ!!! තොපි මල්/හඳුන්කූරු/පහන් පූජාකර කර... ගාථා කියා කියා වැඳ වැඳ... පින් කර කර... සංසාරේ යන්න පෙරුම්පිරුවා නේද බොල??? තොපිට එහෙම යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! දැන් ඉතින්, ඒ තණ්හාවල් / බලාපොරොත්තු / ප්‍රර්ථනා සේරම හොඳට හපල හපල කාපල්ලා!!! ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! තොපිට මෙතනින් එහාට එක අඟලක්වත් සංසාරේ වත්, දෙයියෙක් ගාවට වත්, යන්න ලැබෙන්නේ නෑ!!! තොපි කිසිම එකෙකුට, කොයිම විදියකින් වත්, සදාකල් ඉන්න ලැබෙන්නෙත් නෑ!!! උඹල නැත්තටම නැති වෙනවා!!! තොපි ආයුෂ ඉවර වෙච්ච ගමන් මැරෙනවා මැරෙනවා මැරෙනවා මයි!!! !!! !!! උඹලට 'වෙලාව' තියෙන්නේ පණ යනකම් විතරයි!!! !!! !!!

ඉතින්... 'සේරම නැතිවෙනවා!!' කියනකොට දුකයි නේද?? ගණන් ගන්න එපා මෙයාල!! මං කිව්වා නේ, 'කෙනෙකුට මූණ බලාගෙන කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! ලැබිච්ච අවස්ථාවේ ගොඩ යන්නම ඕනේ!!!' කියල. මේක එහෙම්පිටින් දුකක් බව බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! ඒකනේ උන්වහන්සේ, "සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා!!" (මේ පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම දුකක්!!) කිව්වේ. ඒත් කොච්චර දුක උනත්, මේ ඇත්ත කතන්දරේ තිතටම දැනගන්නම ඕනේ!!! !!! !!! මොකද මේ සිද්ධවෙලා තියන වැඩපිළිවෙල හරිම භයානකයි!!! ඒකයි බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝන් මහබ්භයන්" {සංසාර ඕඝය (සැඩ පහර) මහා භයානකයි} කිව්වේ!!! අපි ඔක්කොමල 'ඔන්න ඔහේ ඉපදුනා...' මිසක්, ඔය සංසාර ගමනක් කියලා කෙහෙල්මලක් ගැන දැනගෙන ඉපදුනේ නෑ නේ??? එහෙම නොදැන ඉන්න තාක් කල් මේ සංසාර කතන්දරෙන් ගැලවෙන්න විදියක් නෑ!!! !!! !!! දැන් ඉතින් ඔයාල කතන්දරේ හොඳටම දැක්ක නේ?? ඒ හන්ද එච්චර risk එකක් නෑ!!! ඇත්තම කිව්වොත් ඔයාල දැන් ඉන්නේ (theoretical) අනාගාමී මට්ටමේ!!! මොකද, practically තත්වේ ගොඩාක් වෙනස් වෙනවා!!! හොඳට තේරුම්ගැනීමේ හැකියාව තියන අය දැනටමත් ඇත්තටම අනාගාමී / අරහත් කියන තත්වයන්ට පත්වෙලත් ඇති!!! කෝකටත්, දැනට හැමෝම ඔය 'හිත' පෙන්වන මායාවල් වලට අහු නොවී ඉන්න!!! තමන් නොකරපු, තමන්ට අදාළ නැති, විකාර දේවල් මතක් උනොත්, 'මං කරපු දේවල් නෙවෙයි නේද?' කියන බව හිතල, හිත සන්සුන් කරගන්න!!!

තව ගොඩාක් දේවල් ලියන්න තියනවා... සේරටම කලින් පරණ සිවුරු දාගත්ත, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් ගෞරව / නම්බු නාම / පට්ටම් තිබිච්ච කාලකණ්නි, ධර්ම මාර්ගයේ 'රීපුව' හෝදලා, සුද්ද කරලා දාන්න ඕනේ!!! ඊළඟට කර්මය (පින් / පව්) ගැන කියලා දීල, විශ්වයේ structure එක, ඒ කියන්නේ මේ සත්වයින් බෙදිලා / වර්ගීකරණය වෙලා තියන හැටි ගැන තරමක් කියා දීල ඉවරවෙලා, මට පුළුවන් ඔයාලව කෙලින්ම confirmed සෝතාපන්න තත්වයටම උස්සල තියන්න!!! ඊළඟට අනාගාමී වෙන්නම කරුණු කියල දෙන්න!!! විශ්වාසයෙන් පිළිගන්න අහිංසක / නිහතමානී උදවියට ආයේ බයවෙන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! හැබැයි, ඉස්සරහට 'Y' junction එකක් එනවා!!! EK site එකේ දිගින් දිගටම මට / මේ වැඩේට 'ඇණයක් වෙච්ච' වසලයෝ ටිකක් ඉන්නවා... අන්න උනුයි, දැන් මේ කතන්දරය හොඳටම දැනගෙන, වෙන මනුස්සයෙකුට / සතෙකුට වචන මාත්‍රයකින් හරි නරකක් / නපුරක් / අවැඩක් කරන මොට්ටයෝ හිටියොත් අන්න උනුයි, යැවෙන්නේ වෙන පාරක!!! ඒවා මට අදාළ නෑ... මම උන්ටයි, මේ ඇත්ත කතාන්දරය නොදැන හිටිය / ඉන්න එවුන්ටයි වෙච්ච දේ/විදිය, වෙන දේ/විදිය, කියන්නම්... එතකොට තේරෙයි!!! ඔය ටික නොදැන හිටිය හුඟ දෙනෙක් (හුඟ දෙනෙක් කියන්නේ 99.99% විතර!) වැඩේ එහෙම්පිටින් කා ගත්තා!!! මං කියලා දෙන්නම්... මේකේ මේ කල්දාන ඒවා, පින් කර කර ඉන්න ඒවා, හරියන්නේ නෑ!!! මං නම් උඹලට 'ණිවන් පුරේ රුවන් දොරටුව ඇරලා දීල' නෙවෙයි, තොපිව ණිවනේ ගේට්ටුව ගාවට ඇදගෙන ගිහිල්ලා, ණිවනටම විසිවෙලා යන්න පයින් පාරක් දීල, තමයි වැඩේ නවත්තන්නේ!!! තේරුණයි??
විසාලා මහනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම කරද්දී ධාරානිපාත වැහි වැහැලා, මල කුණු / මල ජරාව සේරම සේදිලා ගියා වගේ, අපේ හාමුදුරුවෝ පරම පිවිතුරු බුද්ධ වචනය නැවත ලෝකයාට හෙළි කරද්දී, ධර්මය නමින් තියන සත්වයා සංසාර දුකටම ඇදලා දමන 'කුණුහරුප වැඩ පිළිවෙල' ලෝකෙන් අතුගාලම දාන්න තිබුණු දරුණු උවමනාවටයි, ජාති / ආගම් වගේ barrier ඔක්කොම කඩාගෙන ගිහින් බේරන්න පුළුවන් හැම එකාම මෙතැනින්ම බේරලා දාන්න බොක්කෙන්ම ආව උවමනාවටයි, කතාව පිළිවෙලට plan කරගෙන, යුතුකම් / වගකීම් හැටියට කරන්න වෙන දේවලුත් කරගෙන, මේක ලියාගෙන එන්න සෑහෙන කාලයක් ගතඋනා මිසක්, කතා බහ කරන්න ලැබුණු සැහෙන දෙනෙකුට දැනටමත් මේවා කියල දීල ඉවරයි!!! මුලින්ම මේ සේරම කියල දුන්නෙත් ලොකුම ලොකු එක්කෙනාට, මාර තුමාට තමයි!!! හිතාගන්න වත් බැරි වෙයි... හිතන්න යන්නත් එපා!!! මටත් වෙලාවකට මං ගැන හිතා ගන්න අමාරුයි... ගණන්ගන්න එපා!!! මම හිතන්නේ 'මේ ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති...' කියල විතරයි!!! ඉතින්, මේ 'අද කාලේ රහත්වෙන්න බෑ!!' 'ණිවන් දකින්න බෑ!!' 'ධර්මය අවබෝධ කරන්න අමාරුයි!!' 'කාටවත් මාර්ගඵල දෙන්න බෑ!!' කියන කතන්දර සේරම අමූලික බොරු!!! !!! !!! අල්ලලා දාන්න... දැන් ඔයාල ලෑස්ති වෙන්න, රහත්වෙන්න!!! මම සේරමලා / ඔක්කොමලා සෝතාපන්න කියන barrier එකෙන් එහාට පන්නලා, පුළුවන් එවුන් සේරම අනාගාමී කරලයි නතර කරන්නේ!!! !!! !!! මම කියපු වචන මොකවත් කට කහනවට කියලා නෑ!!! දැන් control එක මගේ අතේ... මම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ... ඒ කියන්නේ, දැන් ආයේ සෑහෙන කාලෙකට, මුළු විශ්වයම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගෙ මයි!!! !!! !!!

ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ... අපි ඉපදුනේ නැත්නම් මේ මොන පුකක්වත් නෑ නේ??? ලෙඩ වෙන්නේ / වයසට යන්නේ / මැරෙන්නේ / දිරවන්නේ නැති එවුන් එක්ක set වෙන්න වෙන්නේ / fit එවුන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ / 'මට ඔය දේවල් වෙන්න එපෝ!' කිව්වට හරියන්නේ නැති නිසා, දුක්වෙන්න වෙන්නේ විතරක් නෙවෙයි... ඉගෙන ගන්න චාටර් වෙන්න වෙන්නේ / රස්සා හොයන්න, රස්සා කරන්න චාටර් වෙන්න වෙන්නේ / බණ අහන්න, සංසාරයක් ගැන හොයන්න, දෙයියෙක් ගැන හොයන්න වෙන්නේ / ළමයින්ගේ, නෑයින්ගේ වැඩ වලට චාටර් වෙන්න වෙන්නේ / ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න වෙන්නේ මොකුත් නෑ නේ... ඉපදුනේ නැත්නම්??? ඉපදෙන එකමයි මේ සේරටම හේතුව!!! case එක!!! එතකොට, කොහොමද ඉපදෙන්නේ???

බුදුහාමුදුරුවෝ තමයි ඔය subject එක master කරපු කෙනා!!! !!! !!! අපිට තියෙන්නේ උන්වහන්සේගෙන් අහගන්න විතරයි!!! උන්වහන්සේ, එක දේශණාවක දී, ඔය 'උපත' නැත්නම් ඉපදීම කියන එක තෝරලා දුන්නා මෙන්න මේ විදියට!!! "ජාති... සන්ජාති... අභිනිබ්බන්ති... ඔක්කන්ති... ඛන්දානං පාතුභාවෝ... ආයතනානං පටිලාභෝ... මෙන්න මේක තමයි උපත!!" කියල!!! බුදුහාමුදුරුවෝ ඉපදිලා ඉපදිලාම දන්නවා මේ ලෝකේ හතර විදියකට ඔය 'උපත' 'උපදිනවා' කියන එක සිද්ධ වෙන බව!!! ඒ තමයි 1- අණ්ඩජ (බිත්තරයක් අස්සේ උපදිනවා) 2-ජලාබුජ (මව් කුසක උපදිනවා) 3- සංසේදජ (තෙත් පරිසරයක උපදිනවා. ** ඔය සමහර මාලු එහෙම ඉන්නේ, ගෑනු සතා බිත්තර දාගෙන දාගෙන යනවා... පිරිමි සතා ඒවා උඩින් හලාගෙන හලාගෙන යනවා... අන්න ඒ ජාතියේ case තමයි ඔය 'සංසේදජ' උපත් කියන්නේ) 4- ඕපපාතික (හිටිවනම පහළවෙනවා. ** මේ තමයි නිරි සතුන්, පෙරේතයින්, දෙවියන්, බ්‍රහ්මයින් උපදින ක්‍රමය. පරිසරයේ ඉතාම සියුම් තත්වයෙන් තියන (වාෂ්ප තත්වයෙන් තියන) රසායනික කොටස් එකතුවෙලා, හිටිවනම සියුම් ශරීරයක් නිර්මාණය වෙනවා කියල හිතන්න... ඒ හොඳටෝම ඇති!! එතන ඉඳල සත්වයා!!) ඉතින්, බුදුරජාණන්වහන්සේ උපත තෝරලා දීපු දේශණාවෙන්, 'ජාති / සන්ජාති / අභිනිබ්බන්ති / ඔක්කන්ති' හැටියට කියල තියෙන්නේ ඔය උපත් ජාති / වර්ග 4 ගැනයි!!!

ඊළඟට උන්වහන්සේ කියල තියෙන්නේ ඔය උපත් ජාති 4න් කොයි එකකින් උපතක් සිදුවුනත්, ඒ උපතේදී වෙන්නේ මොකද්ද?? කියන දේ ගැනයි!!! ඉතින් එතකොට, ඔය දේශණාවට අනුව, 'උපත කියල සිද්ධවෙන්නේ පංච උපාදානස්කන්ධයක් බැස ගැනීම, සහ ආයතන 6ක් ලැබීම විතරයි නේද??' කියන බව හැමෝටම පේනවා නේ?? නේද??? වෙන කතන්දර මොකුත්ම එපා!!! අපිට ඕනේ බුදුහාමුදුරුවෝ කියපු ටික විතරමයි!!! දැන්, ඔය ආයතන 6ක් කියන්නේ, ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන set එකට!! ඒ කියන්නේ තව සතරමහා ධාතුන්ගෙන් හැදෙන ඇඟක්!!! ඒ හන්දා, මේ ඕනෙම උපතකදී වෙන්නේ, 'අලුතෙන්' ඇඟක් හම්බවෙන එක, නැත්නම් 'අලුතෙන්ම' කයක් හැදෙන එකයි, ඒ ඇඟට / කයට පංච උපාදානස්කන්ධයක් බැසගනීමයි විතරයි!!! හරි නේ?? කරුණු දෙකයි... ඇඟක් අලුතෙන් හැදෙනවා!!! පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!!

දැන් අපි ගමු, බුදුහාමුදුරුවෝ මේ අපේ මනුස්ස ජීවිත වල හටගැනීම (ඉපදීම) සම්බන්ධයෙන් හා 'විඥාණය පවතින්නේ නාමරූප සමගමයි!! විඥාණය නාමරූප වලින් තොරව / වෙන්ව පවතිනේ නෑ!!' කියන එක තෝරලා දෙන්න සිදුකරපු තවත් සංවාදාත්මක බුද්ධ දේශනාවක්!!! ඒකෙදිත් උන්වහන්සේ උපතක් සිදුවීමට අවශ්‍ය කරුණු ගැන කියනවා... හැබැයි වෙනස් විදියකට!!! මෙතැනදී උන්වහන්සේ මනුස්ස උපතක් සිදුවීම සඳහා අවශ්‍ය කරුණු 3ක් ගැන කියා දෙනවා. 1- සරු කාන්තාවක් වෙන්න ඕනේ, 2- ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වෙන්න ඕනේ, 3- විඥාණයක් බැසගන්න ඕනේ, කියල. හරිය???

බුදුරජාණන්වහන්සේ ඔය දේශණාවේදී ඇහුවා, "සරු කාන්තාවක් උන පලියට, ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වුණු පලියට, විඥාණයක් බැසගත්තේ නැත්නම්, 'කළලයක්' සකස් වෙනවාද??" කියල. මේ... හැබැයි මෙතනට ඔය tubes වල blocks තියන ඒවා, ජාන විකෘතිතා වගේ නවීණ විද්‍යාත්මක කතා හරියන්නේ නෑ!!! මේ, බුදුරජාණන්වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට උඩදී කරපු දේශණාවක්!!! ඉතින්, එතැනදී ඇත්තටම උත්තරය 'කළලයක් සකස් වෙන්නේ නෑ!' කියන එක විතරයි!!! ඊළඟට උන්වහන්සේ ඇහුවා, "විඥාණයකුත් බැසගෙන කළලයක් සකස් උනා කියමු... අතර මගදී විඥාණය කළලයෙන් චුත උනොත්, කළලය උපතක් දක්වා වර්ධනය වෙයිද??" කියල. වෙනවද?? ම්හු... නෑ!! ඔය 'මළ දරු උපත්' කියල අනන්තවත් වෙන්නේ... අන්න ඒ වගේ, මැරිච්ච කළලය ඉබේම අයින් වෙනවා හරි අරන්දාන්න හරි වෙනවා මිසක්, දරුවෙක් උපදින්නේ නෑ!!! ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා, "ඉපදුන දරුවෙකුගේ විඥාණය චුත උනොත්, ඒ දරුවා තව දුරටත් වර්ධනය වෙනවාද??" කියල. වෙන්නේ නෑ නේ?? පොඩි පෙට්ටියක දාල, වලදාන්න හරි පුච්චලා දාන්න හරි වෙනවා නේ?? ඊළඟට උන්වහන්සේ ඇහුවා, "නාමරූප නැත්නම් විඥාණයට ජරා-මරණ කියල දෙයක් තියනවද??" කියල. තියනවද??? ඔය ජරාවට පත්වෙන්නේ, ඊළඟට පණ ගියහම වලලන්න හරි පුච්චන්න හරි වෙන්නේ, මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟ විතර නේ?? කවුරුවත් 'විඥාණය' පුච්චන්නේ / වළලන්නේ නෑ නේ?? ඉතින්, මේ ඇඟ නැතිඋනා නම් විඥාණයට ජරා-මරණ කියල එකක් නෑ!!! ඉතින්... ඒ දේශණාව ඔය ඇති.

ඔතනින් අපිට ගන්න ඕනේ වෙන්නේ, උපතක් සිද්ධ වෙන්න අවශ්‍ය කරුණු ටික විතරයි!!! ඒ කියන්නේ, 'ගෑනියෙකුයි මිනිහෙකුයි එකතුවෙන්න ඕනේ!! විඥාණයක් බැසගන්න ඕනේ!!' කියන ටික විතරයි. හරි නේ?? එතකොට, කලින් එකේදි වගේමයි... මෙතනත් කරුණු දෙකයි!!! හරි! දැන් ඔය දේශණා දෙකේදීම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීල තියෙන්නේ, උපතකට අවශ්‍ය කරුණු 2යි කියල නේ?? එහෙම නම් ඔය කරුණු වල මොකක් හරි සම්බන්ධයක් තියෙන්නම ඕනේ!!! ඔය දෙවැනි එකේ, ගෑනියි මිනිහයි දෙන්න කරන්නේ ඇඟක් හැදෙන්න අවශ්‍ය බීජ, 'මූලික සතරමහා ධාතු' සැපයීම බව තේරෙණවා නේ?? ඒ කියන්නේ, අර කලින් එකේදි ආයතනානං පටිලාභෝ කියපු එකම තමයි!!! ඔය කියන්නෙත් උපතේදී ඇඟ හැදෙන / කය සකස්වෙන එක ගැනමයි!!! ඔන්න... එක කරුණක් නම් ගැලපුනා!!! තව එකක් ඉතුරුයි. ඒක ගැන එක දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කිව්වේ, පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා කියල!!! මේ අනික් එකේදි කියනවා විඥාණයක් බැසගන්නවා කියල!!! මොකද්ද මේ කියන්නේ??? මේ දෙකම එකක්ද??? නැත්නම් දෙකක්ද??? ඒත් නැත්නම් මේ මොකද්ද??? ??? ???

දැන් බලන්න, බුදුහාමුදුරුවෝ මේ මාතෘකාව master කරපු කෙනා!!! උන්වහන්සේ මේවයේ නොදන්න දෙයක් නෑ!!! !!! !!! දැන් ඔය උපත ගැන කියල / තෝරලා දෙන්න, 'විඥාණයක් බැසගන්නවා...' 'පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා...' කියල තැන් දෙකකදී, කතන්දර දෙකක් කියන්න උන්වහන්සේට පිස්සු නෑ!!! හැබැයි මේ කියල තියෙන්නේ ජාති දෙකක් ගැන නම්, දේශණා දෙකේදීම ඔය දෙකම උවමනා බව කියවෙන්නත් ඕනේ!! මෙන්න මේක බලන්න... තේ එකක් හදන්න පිටියි සීනියි දෙකම ඕනේ කියමු!! එහෙම නම් එක තැනකදී තේ හදන්න පිටි විතරක් දාන්න... තව තැනදි සීනි විතරක් දාන්න කියල කියන්නේ නෑ නේ?? තැන් දෙකේදීම පිටියි / සීනියි දෙකම ඕනේ බව කියවෙන්න ඕනේ!! ඒ කියන්නේ මේ පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි කියන්නේ දෙකක් උනා නම්, දේශණා දෙකේදීම පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි දෙකම බැස ගන්නවා කියන්න ඕනේ!!! ඒත්, බුදුහාමුදුරුවෝ එහෙම කියලත් නෑ!!! ඒ කියන්නේ, මේ වෙන වෙනම ජාති දෙකක් නම් නෙවෙයි!!! !!! !!! හැබැයි ඔය දෙකම එකක් උනා නම්, නම් දෙකකින් අඳුන්වන්න ඕනේ වෙන්නෙත් නෑ!!! මොකද, බුදුහාමුදුරුවොන්ට පිස්සු නෑ... දේශණා දෙකේදීම එකම විදියට කියාවි!! නේද?? තේරිලා නැත්තේ උඹලටයි!!! !!! මේ උන්වහන්සේ හොඳටම දන්න දෙයක් ගැන කියන්නේ!!! බුදුවරු හැමෝම අවබෝධ කරගන්නේ මේක තමයි!!! ඉතින්... මොකද්ද මේ??? ??? ???

ගමුකෝ පොතක්! ඕං ඒකෙ තියනවා කවියක්!! ... මොකද්ද?? ... කවියක්!!! ... තියෙන්නේ කොහොමද?? ... පොතේ, අකුරු වලින් ලියපු, නැත්නම් print කරපු, 'වචන' ටිකක් හැටියට තමයි තියෙන්නේ!!! හරිද?? පැහැදිලිද?? හරි! දැන්,කෙනෙක් ඕක බලාගෙන හයියෙන් කියවනවා කියමු!! ... මොකද්ද අනික් අයට ඇහෙන්නේ??? ... කවියක්!!! ... අර පොතේ තියන කවිය!!! ... ඒත්, ඇහෙන්නේ කොහොමද??? සද්දයක් හැටියට, අර 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! ...බාහිර පරිසරයේ / අවකාශයේ විහිදිලා, පැතිරිලා යන ස්වරූපයකින්, අර පොතේ තියන 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! හරිද?? තේරුණාද??? මේ එකම දෙයක් නේද?? 'එකම වචන ටික' නේ!!! ඒත්, තියෙන්නේ කොහොමද?? දෙවිදියකට... ස්වරූප දෙකකින්... ස්වභාවයන් දෙකකින්... එහෙම නේද?? අන්න case එක!!! තේරුණයි??? විඥාණය / පංච උපාදානස්කන්ධය කියන දෙකේ කතන්දරයත් ඔච්චරම තමයි!!! කරුණු හැටියට ඒ දෙකේම අඩංගු වෙන්නේ එකම දෙයක් මයි!!! !!! !!! නමුත් ඔය දෙක පවතින්නේ ස්වරූප දෙකකින්!!! 'පංච උපාදානස්කන්ධය' කියන ස්වරූපය වැහුණු පරිසරයක ක්‍රියාත්මක වෙද්දී, 'විඥාණය' කියන ස්වරූපය අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුක්තයි!!! එච්චරයි.

ඊළඟට ගමු අර 'පංච උපාදානස්කන්ධය!!' බුදුහාමුදුරුවෝ ඒක අර්ථ දැක්වුයේ මෙන්න මෙහෙම. **- අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, තමා ගේ යයි සලකන්නා වූ හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ, ගොරෝසු වූ හෝ සියුම් වූ, ළාමක (හීන) ස්වරූපයෙන් පවත්නා වූ හෝ උසස් (ප‍්‍රණීත) ස්වරූපයෙන් පවත්නා වූ, දුරින් පවතින්නා වූ හෝ ළඟින් පවතින්නා වූ යම්කිසි රූපයක් ඇත්ද, එය රූප ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි වේදනාවක් ඇද්ද, එය වේදනා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි සංස්ඛාරයක් ඇද්ද එය සංඛාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි විඥාණයක් ඇද්ද එය විඥාණ ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. -** දැන් මේ කියල තියෙන, අතීතයේ ඉඳන් මේ වෙනකම් ඔය එක එක්කෙනා දැකපු / අහපු / විඳපු / හඳුනා ගත්තු / චේතනා පහල කරලා හිතපු, කියපු, කරපු / දැනගත්තු සේරම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අතීතයේ සිට මේ දැන් වෙනතෙක් කොටස, තමයි ඔය තම තමන්ට තියන මතකය!!! ඊළඟට, ඔය උදවියට මෙතැන් සිට ඉදිරියට කරන්න පුළුවන් ඒ පැරණි මතකය ආවර්ජනය කිරීම සහ ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් කල්පණා කිරීම / අනාගත බලාපොරොත්තු ඇතිකර ගැනීම, තමයි ඔබේ සිතීමේ ක්‍රියාවලිය!!! ඔන්න ඔය දෙකේම එකතුව, නැත්නම් 'සත්වයා' කියල ගන්න තියන සේරම, අර... 'මම' වෙන්න ඇති! 'මගේ ආත්මය' වෙන්න ඇති! කියල හිතාගන හිටිය case එක, තමයි ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ!!! කොටින්ම, 'සත්වයෙක්' කියල හඳුන්වන එකාගේ තියන 'ඔක්කොම' වචන තුනකින් කිව්වා වගේ වැඩක්!!! ඕනෙම මනුස්සයෙක් අරන් බැලුවොත් ඒ මනුස්සයගෙයි කියල කියන්න තියන 'ඔක්කොම ටික' ඔය පංච උපාදානස්කන්ධයේ තියනවා!!!

දැන් ඔය පංච උපාදානස්කන්ධය තියෙන්නේ කොහෙද?? තමුන්ගේ හිතේ!!! ඔන්න ඕක තමයි තමුන් ළඟ තියන 'පොත...' ඕක වෙන සාමාන්‍ය උදවිය කාටවත් පේන්නෙත් නෑ!! කියවන්නත් බෑ!! තමුන්ටම තමයි ඕක කියවත හැක්කේ... (හැබැයි, බුදුකෙනෙකුට නම් ඕනෙම කෙනෙකුගේ ඕනෙම පොතක් කියවත හැකියි!!! හිත දියුණු කරපු උදවියටත් සැහෙන දුරකට පුළුවන් වෙයි... ඒත්, ඒවා මෙතනට අදාළ නෑ!!) ඉතින්, දැන් ඔය හිතේ තියන ඒවා තමුන් කියව කියවා හිටිය කියමු..."මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. ඕක ඔහොම කියවද්දී, හතර වටේටම ඇහෙනවා!! සද්දෙන් කිව්වොත්, හතර දිග්බාගෙටම ඇහෙනවා!!! දැන්,ඔහොම කියව කියව ඉන්න අතරේ තමුන් මැරෙනවා!!! තමුන් හබක්... ඉවරෙටම ඉවරයි!!! ෆිනිතෝ!!! ආයේ නෑ!!!ඒත්, මෙන්න බොලේ කාලෙකට පස්සේ අල්ලපු ගමේ ඔය කියපුව 'අහගෙන හිටපු එකෙක්' ඉපදිලා, ඔය මැරිච්ච එකා කියවපු ටිකම කියවන්න ගන්නවා!!! ඌ වෙන එකෙක්... අලුතෙන්ම හැදිච්ච එකෙක්!!! ඒත් කියවන්නේ පරණ කතාවක්!!! අනික, 'වෙන එකෙක්ගේ' එකක්!!! !!! !!! "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. මොකද වෙන්නේ??? ඌ කියන ඒවා අහන එවුන් සේරම රැවටෙනවා, 'මෙන්න බොලේ අර අල්ලපු ගමේ හිටිය අමල් මැරිලා මෙහෙ ඉපදිලා...' කියල!!! අර අලුතෙන් හැදිච්ච එකාට මොකද වෙන්නේ??? ඌ දන්නෙත් නෑ නේ, මොකද්ද මේ වෙච්ච 'හරුපේ' කියල... ඌත් රැවටෙනවා, 'අඩේ, එහෙමනම් 'මම තමයි' කලින් අර අහවල් ගමේ ඉපදිලා ඉන්න ඇත්තේ... ඒ කාලේ 'මගේ අම්ම' තමයි කමලා කියන්නේ... ඒ කාලේ 'මගේ තාත්තා' තමයි විමල් කියන්නේ...' එහෙම කියල!!!
මේ ඔලුව විකාර වෙච්ච, මොලේ කොලොප්පන් වෙච්ච, පිස්සෝ රැලක් 'සියල්ල දත් දෙවියෙක්' කියල සංකල්පයක් හදාගෙන, ඒ කියන්නේ, නැති කෙහෙල්මලක් උපකල්පණය කරගෙන, නැහෙන්න යනවා!!! ඒත්, ඒ 'දෙවියව මවාපු පිස්සෝ' දන්නේ නෑ, බුදුරජාණන්වහන්සේ 'බෝධි සත්වයෙක්' හැටියට බුද්ධත්වය උදෙසා පෙරුම්පුරන්න පටන් ගත්තේ මේ ලෝකේ හැදිච්චි කාලෙටත් වඩා බොහෝම දුර ඈත කාලෙක ඉඳන් බව!!!

මේ ඉන්න සියලුම 'මහා' කට්ටිය, ඒ කියන්නේ, මහා විද්‍යාඥයෝ, මහා දාර්ශනිකයෝ, මහා උගත්තු සේරම, මේ ලෝකේ ගැන දන්නේ / කතා කරන්නේ, (ඔය සැහෙන 'ලොකු තොරණක්' බලලා ගොතා ගත්ත big bang කතන්දරේ එහෙම) මේ මහා භද්‍ර කල්පයේ ලෝකය සකස් වෙච්ච තැන ඉඳලයි!!! ඔය 'පරිණාම වාදය' කියන මහා බොරුව (ලොකුම තොරන් case එක!) ගොතාගෙන එන්නෙත් මේ මහා භද්‍ර කල්පයේ ලෝකය හැදෙන්න පටන් ගත්ත තැන ඉඳල, 'මෙහෙම වෙන්න ඇති... අරහෙම වෙන්න ඇති...' කියල උපකල්පණය කරලයි!!! හැබැයි, බුදුහාමුදුරුවෝ දිවැසින් දැකල තියෙනව, මේ පෘථුවිය සහිත සක්වලම එහෙමපිටින් විනාස වෙලා යනවා.... ආයේ අලුතෙන්ම හැදෙනවා... ආයේ විනාස වෙනවා... ආයේ හැදෙනවා... ඒක ඉවරයක් නැති චක්‍රයක්!! repetitive process එකක්!! කියන බව!!! පෘථුවිය එහෙම විනාස වෙන්න ලං වෙනකොට සත්වයෝ සේරමල 'ආභස්සර' නැත්නම්, 'පොඩි පොඩි ආලෝක' වගේ සත්වයින් බවට අනුවර්තනය වෙනවා... (නිකම්, කනා මැදිරි එලි වගේ!! ඒත් සත්වයෙක් පේන්න නෑ... ආලෝකය විතරයි!!! මොකද ගල් / පස් පවා, වාෂ්ප වෙලා යන තරමේ විශාල ගිනි ගහන රස්නයක් ලෝක විනාසයේදී ඇති වෙනවලු!!! ඉතින් සත්වයොත් ඒ රස්නෙන් හානි නොවෙන ස්වභාවයකට පරිවර්තනය වෙනවලු!!!) ආයේ ලෝකය නිර්මාණය උනාට පස්සේ, උන් ආයේ හිටපු හිටපු ස්වාභාවයන්ටම පත් වෙනවා... කියල බුදුහාමුදුරුවෝ අත්දැකීමෙන්ම දන්නවා!!! ඒ කියන්නේ, ලෝකේ විනාස උනත් සත්වයා විනාස වෙලා ඉවරයක් වෙන්නේ නෑ!!! අනික් එක, කාලෙන් කාලෙට ලෝකයේ සත්ව වර්ග වඳවෙලා යනවා... අලුත් වර්ග හැදෙනවා... හැබැයි මනුස්සය, මනුස්සයා හැටියටම පැවතගෙන ඇවිත් මිසක්, එවුන් වානරයන්ගෙන් නැත්නම් මාළුන්ගෙන් පරිණාමය වෙලා නෑ!!! තේරුණයි???

ඊළඟට, බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව කාලේ අවුරුදු 7ක් එක දිගට මයිත්‍රී භාවනාව වඩලා, ඒකෙ ආනිසංස හැටියට 'සංවට්ට විවට්ට කල්ප 7ක්', ඒ කියන්නේ, වරක් ලෝකය හැදුනට පස්සේ විනාසවෙලා යන්න ගතවෙන කාලය (කල්පයක්) + ඒ විනාස වෙච්ච ලෝකය ආපහු හැදෙන්න ගතවන කාලය (කල්පයක්) + ආයේ විනාසවෙන්න ගතවෙන... + ආයේ හැදෙන්න... + විනාසවෙන්න... ඔය වගේ කල්ප 7ක්, දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලට... ආයේ බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලට... මාරු වෙවී ඉඳල තියනව!!! පහල වෙනවා... චුත වෙනවා... පහල වෙනවා... චුත වෙනවා... (හැබැයි, ඒ මාරු වෙවී... පහලවෙවී/චුතවෙවී... කියන්නෙත් ඉපදි ඉපදී, මැරි මැරී කියන එකම තමයි!!!)

බුදුරජාණන්වහන්සේට ඔය විදියට, හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉපදිච්ච ඉපදිච්ච ජීවිත වලදි ලබපු අත්දැකීම්, 'අහල / දැකල / විඳලා දැනගත්තු දේවල්' මහා ගොඩාක් මතක් කරගන්න හැකියාව තිබුණා!!! ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ සසර ගමනේ යෙදෙමින් සම්පූර්ණ කල පාරමිතා බලයෙන් දසබල ඥාණ, විශාරද ඥාණ, අභිඥ්ඥා උපදවා ගන්නත් පුළුවන් උනා!!! අන්න එහෙම මහ විසාල පසුබිමක් ඇතුවයි බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට ධර්මය කියා දුන්නේ!!! "අභිඥ්ඥාහන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනභිඥ්ඥාය" (විශිෂ්ඨ ඥාණයකින් යුතුවයි මම ධර්මය කියන්නේ, විශිෂ්ඨ ඥාණයක් නැතුව නොවේ) "සනිදානං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනිදානං" (මම ධර්මය කියන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ) "සප්පාටිහාරියන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අප්පාටිහාරියන්" (ප්‍රාතිහාර්ය සහිතවයි මම ධර්මය කියන්නේ, ප්‍රාතිහාර්ය නැතුව නොවේ) කියල උන්වහන්සේ ඒ බව පැහැදිලිවම කියල තියෙනවා!!!

එහෙව් එකේ, අලුතෙන්ම හැදුන කෙනෙක්, නැත්නම් එක් වරම පහල වෙච්ච කෙනෙක්, සේරම දන්නවා කියල කිව්වොත් ඒක මහා 'ගොං කතාවක්ම' විතරයි!!! ඇයි ඒ?? චුට්ටක් හිතන්න බලන්න... එහෙම කොහොම දැනගන්නද?? මේ අපිට උනා වගේම නේ හැම සත්වයෙකුටම වෙන්නේ??? තමන්ම, අහල / දැකල / විඳලා / හඳුනගෙන එපාය සේරම දැනගන්න!!! ඉතින්, අලුතෙන්ම පටන් ගනිද්දී 'දන්න' කිසිම දෙයක් නෑ!!! එහෙනම්, '0' න් පටන් අරන්, 1 2 3 කියල, 'අ' යනු 'ආ' යනු කියල, නැත්නම් a b c d කියල, ඉගෙන ගෙන තමයි පටන් ගන්න ඕනේ!!! ඒ හන්ද සංසාර ගමනක් / නැවත නැවත ඉපදීමක් මොකුත් නැතුව, කවුරු හරි කෙනෙක් 'සියල්ල දැනගෙන එක වරම පහල උනා...' කිව්වොත්, ඒක හෙණ ගොබ්බ කතාවක්!!! අන්න ඒක නිසා ඔය 'මවපු දෙයිය' ගැන ආයේ කතාකරන්නවත් එපා!!! ඒක පිස්සෙක් කියපු එකක්!!!

හැබැයි මේ සක්වලේ, ඇත්තටම ඔය 'මවපු කතාව' කියන කෙනෙකුත් ඉන්නවලු... එයාට කියන්නේ 'මහා බ්‍රහ්මයා' කියලයි!!! ඒ ඇවිල්ල මේ සක්වලේ ස්වභාවයෙන්ම ඇතිවෙලා තියන තනතුරක්!!! සක්‍ර දේවේන්ද්‍රයා, යම රජ්ජුරුවෝ, බුදුරජාණන්වහන්සේ, මාරය වගේම තනතුරක්!!! සංසාරේ සැරිසරන සත්වයෝ, කාලෙන් කාලෙට ඔය තනතුරුවලට පත්වෙනවා... ඒ අයගේ කාලය හමාර උනාම එයාල චුත වෙනවා... ඒ වෙනුවට තව අය පත්වෙනවා... ඒක ලෝක ධර්මතාවයක්!!! !!! !!! ඉතින්, ඔය මහා බ්‍රහ්මයා කියන තනතුරට පත්වෙන පුද්ගලයාගේ විශේෂය තමයි, එයාට මහා දීර්ඝ ආයුෂක් තියන එක!!! කොච්චර දීර්ඝ ආයුෂක්ද කියනවා නම්, එයා ජීවත් වෙන කාලේ වැඩි කමටම, එයාට 'මුල' අමතක වෙනවලු!!! එයා දකින්නේ, හැම කෙනෙක්ම ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඒත් එයා එහෙම්මමයි!!! ඉතින් 'මෑන්ස්' හිතනවලු, 'මං තමයි සත්තුන්ව මැව්වේ!! මවන්නේ!!' කියල. මොකද, එයත් 'තොරන් දකින' කෙනෙක්!!! ගෞතම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය දවස්වල, ඔය දැන් ඉන්න මහා බ්‍රහ්ම උන්නැහැත් 'මමයි මැව්වේ!' කියල පිස්සුවක් කෙලින්න ලැස්ති උනාලු... බුදුහාමුදුරුවෝ ඒ බව දැනගත්ත ගමන් 'මෑන්ස්ව' හම්බවෙන්න ගිහින් කියල තියනවා, "පිස්සු කෙළින්නැතුව හිටහන්... මාත් ඔය තනතුරේ 7පාරක්ම ඉපදිලා උන්න!!" කියල!!! මොකද එහෙම මවපු කතාවක් මේ බූරු මිනිස්සුන්ට නිකමට හරි ඇහුනොත්, උං ඒක අල්ලගන්නවා හුටස් ගාල!!! එතකොට උන්ව ණිවන් දක්කන්න තවත් අමාරුවෙනවා!!! මාත් මේක කිව්වේ ඒකමයි!!! !!! !!! 'මවපු' කතාවක් ලෝකේ කොහේ හරි තියනවා නම් තියෙන්නේ ඔය බ්‍රහ්ම උන්නැහැ පිස්සු කෙලින එකෙන් තමයි!!! හැබැයි ඒ කතාවත් එහෙම්පිටින් බොරු!!!මොකද ගෞතම බුදුරජාණන්වහන්සේ මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා ඉඳලම දන්නවා එහෙම මැවිල්ලක් කරන්න බැරි බව!!!

හරි! දැන් මේ සේරම කිව්වේ, ඕනෙම කෙනෙකුට, මේ සත්වයින්ගේ නැත්නම් 'අපි'ලගේ ඉතිහාසය, ඉතිහාස පොතේ තියන ගානට නෙවෙයි... අනන්තයටම යනකම් බැලුවත්, මෙවුන් මැරි මැරී, ඉපදි ඉපදී, ඇවිත් තියන කොට්ඨාසයක් මිසක්, මොකෙක්වත් මවපු, එහෙම නැත්නම් අලුතෙන්ම හැදුන අය නෙවෙයි කියන එක හොඳටම පැහැදිලි වෙන්නයි!!! හැබැයි ඉතින් 'මේවා විශ්වාස කරන්නම ඕනේ!' කියල... 'මේවා විශ්වාස කරපිය! නැත්නම් මරනවා!!' කියල... එකක් නෑ!!! අකමැති අය විශ්වාස නොකර ඉන්න!!! !!! !!! මොකද කවුරුවත් විශ්වාස කරනවද නැද්ද කියන එක ගැන ස්වභාවධර්මය චුට්ටක් වත් care කරන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයාට කියන්නේ දර්ශණයක් / සංකල්පයක්, මොකක්වත් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ ලෝක ධර්මතාවය ගැන!!! මේ nature එක!!! ස්වභාවධර්මය!!! ඒ මිසක් බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් නෙවෙයි. උන්වහන්සේත් ඒකට අහුවෙලා, මැරි මැරී, ඉපදි ඉපදී, ගොඩාක් දුක් විඳ විඳ ඇවිල්ල තමයි අන්තිමේ ගැලවෙන්න ක්‍රමය හොයාගෙන උන්වහන්සේත් ගැලවිලා, අපටත් ගැලවෙන්න කියා දුන්නේ!!!

ආ... අනික, බුදුහාමුදුරුවොත් බෝධි සත්වයෙක් හැටියට පෙරුම්පුරාගෙන සංසාරේ ආවේ මේ සාමාන්‍ය සත්වයෙක් හැටියටමයි!!! එතකොට බෝසතානන් වහන්සේයි සාමාන්‍යයෙන් පින්වත් / ගුණවත් / සිල්වත් මනුස්සයෙකුයි බැලුවොත්, ඒ දෙන්නම එකයි!! එකම වෙනස, අර සාමාන්‍ය මනුස්සයා 'වටේ යන' කෙනෙක්!! ඒ කියන්නේ කිසිම අරමුණක් නැතුව, ඔහේ යන්නන්වාලේ යන ගමනක, සංසාරේ අනාගෙන කාලෙකට ඉහලට ඉහලට 'මනුස්ස / දිව්‍ය ජීවිත ලබන', වැඩි කාලයක් පහලට පහලට 'පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබන', අනාත ගමනක යෙදෙන කෙනෙක්!! ඒත් බුදුවෙන්න පෙරුම්පුරන සත්වයා, අඟලෙන් අඟල හරි උඩ අතටම විතරක් ගමන් කරන කෙනෙක්!!! බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය ප්‍රමාණයට පින් බලය, කුසල ශක්තිය, එක්රැස් වෙනකන් මොනම හේතුවක් නිසා වත් ආපහු හැරෙන්නේ නැතුව, එකම ඉලක්කයකට ගමන් කරන කෙනෙක්!!! (හැබැයි බෝධි සත්වයෙක් ඒ යන ගමනේදී 'මං මේ බුදුවෙන්න යනවා...' කියල අඬබෙර ගහගෙන යන කතාවක් ගැන නම් බුද්ධ දේශනා වලින් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! ඔය දැන් 'හිටිවන' බුදුවෙන්නේ, 'පහලවෙන්නේ' පෙත්ත ගන්න අමතක වෙච්ච, බෙහෙත් වැරදිච්ච, බෙහෙත් මාරුවෙච්ච අය විතරයි!!!)

බුදුකෙනෙක්ගේ සුවිශේෂත්වය ඇතිවන්නේ උන්වහන්සේ මාර බලවේග පරාජය කොට බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!!එතන ඉඳලා පිරිණිවන් පානා මොහොත දක්වා උන්වහන්සේ යමක් කිව්වොත්, අන්න ඒක නම් ඉතින් එච්චරම තමයි!!! !!! !!! ඒ කියපු විදියටම මිසක්, වෙන විදියකට කිසිවක් සිද්ධවෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේට 'තථාගත' කියල කියන්නෙත් අන්න ඒකයි!!! තමන් වහන්සේ බෝධි සත්වයෙක් හැටියට පෙරුම් පුරාගෙන සංසාරේ ආව කාලේ, "මං මෙහෙම මෙහෙම ඉපදිලා උන්නා..." "මම මේ මේ ජීවිත ගතකලා..." "මම මේ මේ දේවල් කිව්වා... කළා..." කියල හිතන් හිටියට, 'විවේකයෙන් ඉන්න වෙලාවල පොඩි එවුන්ට කතන්දර කියල දෙනවා' වගේ 'ජාතක කතා' හැටියට ඒ අතීත සිදුවීම් ගැන ශ්‍රාවක සංඝයා වහන්සේලාට කිව්වට, 'මං' සංසාරේ ඇවිල්ල නැහැ නේද??? ??? ??? ඇවිල්ල තියෙන්නේ 'මේ මතකයක්' විතරයි නේද??? ??? ??? කියල උන්වහන්සේ දැනගත්තේ බුද්ධත්වයට පත්වෙද්දී මයි!!! ඒක දැනගන්නවත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව කුඩේ කුඩු වෙලා ගියා... සිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැත්තටම නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා... හැබැයි උන්වහන්සේට සුදුසුකම් සම්පූර්ණ කරගත්ත, spirit එක වගේ 'පොරවල්'ට මිසක්, 'මෝඩ පහේ' උදවියට මේ 'සංසාර ගමන' කියල වෙච්ච 'කෙහෙල්මල' මොකද්ද??? ඒ ඇත්තම ඇත්ත කතාව මොකද්ද??? කියල තෝරලා දෙන්න විදියක් තිබුනේ නෑ!!! !!! !!!

හැබැයි, වනගතව භාවනානුයෝගීව කල් ගතකල, ධ්‍යාන වැඩු, තම තමන්ගේ පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව තිබු, 30 නමක් සංඝයා වහන්සේලාට උන්වහන්සේ ඔය 'කතාව' 'ටක්කෙටම' කිව්වා!!! බුදුහාමුදුරුවෝ කලේ, ඒ අයට ඒ අයගේ පෙර ජීවිත සිහිකරන්න කියල, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ ප්‍රමාණය කොච්චරක්ද බලන්න... ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ කොච්චරක්ද කියල බලන්න... මිනිසුන් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල, තාත්ත මැරිච්ච වෙලාවල, හඬපු කඳුළු ප්‍රමාණය කොච්චරක්ද බලන්න... කිය කිය අතීතය සිහිගන්වලා, ඔය තරම් දුක් කන්දරාවක් විඳින්න හේතුව මොකද්ද කියල දන්නවද??? අහල, "ඔබට ඔය තරම් මහා දුක් කන්දරාවක් විඳින්නට උනේ, පංච උපාදානස්කන්ධය 'මගේ' යයි ගත් නිසයි!!!" කියලා, මේ 'හේතුව' කියල දීපු එක විතරයි!!! ඒ හාමුදුරුවරු 30 නමම එතනම අරහත්වයට පත් උනා!!! !!! !!! දැන් උඹලටත් වෙන්න යන්නේ ඒකම තමයි!!! හැබැයි දැන් ඉන්නේ 'ධ්‍යාන වඩපු' වෙනුවට, මොලේ උඩ වාඩිවෙච්ච / මොලේ 'තියල වාඩිවෙන්න' පාවිච්චි කරන, එවුන් නිසා, අහන පරක්කුවෙන් කී දෙනෙක් රහත්වෙයිද කියන එක sure නෑ!! ඒත් අනිවාර්යයෙන් සැහෙන පිරිසක් ඉඳියි!!! කොහොමත්, වෙන්න ඕනේ දේ නම් අනිවාර්යයෙන් වෙයි...

එහෙමනම් අපි මේ සංසාර කතාව ඉවරයක් කරලා දාමු!!! මෙයින් මතුවට 'ගෞතම බුද්ධ රාජ්‍යය' පවතින තාක් කල් උපදින උපදින මනුස්සයෝ 'ණිවන් යනවා...' මිසක් ආයේ 'සංසාරේ යනවා...' කියල එකක් වෙන්න බෑ!!! කීයට වත් වෙන්න බෑ!!! !!! !!!

මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේ ගේ!!! !!! !!! පරක් තෙරක් / කොනක් පොටක් හොයාගන්න බැරි මේ ජීවිත කතාව නිරවුල්ව අවබෝධ කරගෙන ජීවිතේ දිනන්න, අපි ඕනෙම කෙනෙකුට තියන එකම පිළිසරණය (එකම anchor එක) උන්වහන්සේ විතරයි!!! !!! !!! උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා!!! !!! !!! ඉතින්, ජීවිතය අවබෝධ කරගැනීම කියල අපිට කරන්න තියෙන්නේ, උන්වහන්සේ කියල දීපු දේ ඒ විදියටම තේරුම් ගැනීම විතරයි!!! !!! !!! මෙතනට වෙන කිසිම කෙනෙකුගේ අදහස් / මත / අලුත් අර්ථ දැක්වීම් කිසිම දෙයකින් කිසිම වැඩක් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීලයි තියෙන්නේ!!! !!! !!!

ඇත්තටම නම් මම කලින් කරපු technical expression එකෙන් මේ කතන්දරය එහෙම්පිටින්ම ලෝකෙට එලිකලා!!! හැබැයි, 'වියයුතු දේ' අනිවාර්යයෙන් සිදුවෙන විදියට, ඒ වගේම හැම කෙනෙකුටම තේරෙණ විදියට, විශ්වාසයෙන් / උවමනාවෙන් බලන ඕනෙම කෙනෙක් මේ ජීවිතයෙන්ම සංසාර දුකින් නිදහස්වෙන විදියට, අවශ්‍ය කරුණු කියල දෙන්න එතකොට මට තේරුණේ නෑ!!! පස්සේ කල්පණා කරගෙන කරගෙන යනකොට, පාරක් නම් 'පේන්න' ගත්ත... කියල වැඩක් නෑ!!! එලම එල!!! ඒත් ඒකෙදිත් අහුවෙන වැදගත්ම point එක technical උදවියට technically ම කියනවා මිසක්, සාමාන්‍ය උදවියට තෝරලා දෙන්න විදියක් මට 'පෙනුනේ' නෑ!!! වැඩේ හරියටම හරි කියල හොඳටම තේරිච්ච නිසා,කොහොම හරි කියන්න විදියක් දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී, මේ කතාවට 'තිතටම හරියන' උදාහරණය මේකයි කියල hint එකක් දීලා, මේ වැඩේ අනිවාර්යයෙන්ම කෙරෙන තැනට සේරම වැඩ සැලැස්සුවේ නොපෙනෙන ලෝකයේ කල්‍යාණ මිත්‍රයින් පිරිස තමයි!!! ඇත්තටම සංසාරේ සුන්නද්දුලි වෙලා ගියේ එදයි!!! !!! !!! දැන් සැහෙන දවසක් වෙනවා...