Monday, December 19, 2011

බුදුහාමුදුරුවෝ කිව්වා, මේ සත්වයන්ගේ පැවැත්ම තනිකරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් මත දිගින් දිගට සිදුවෙන දෙයක් බව!!! ගෞතම බුදුරජාණන්වහන්සේ මේ බව අවබෝධ කරගෙන තියෙන්නේ, "විඥාණය පවතින්නේ නාමරූප සමගමයි... නාමරූප ඉක්මවන්නේ නෑ..." කියලයි!!! ඒවගේම උන්වහන්සේ කිව්වා, "විපස්සී බුදුරජාණන්වහන්සේ ඔය බව අවබෝධ කරගත්තේ, විඥාණය නාමරූප දෙසට නැවී පවතිනවා යනුවෙනුයි" කියලත්!!! උන්වහන්සේලා මේ පැහැදිලිකරලා තියෙන්නේ, මේ තාක්ෂණික යුගයේ උදවියට නම් බොහොම සමීප, හුරුපුරුදු කතන්දරයක් ගැන... ඒත් උන්වහන්සේලා ජීවමානව වැඩසිටි කාල වල, 'මේ ස්වභාවික සංසිද්ධිය මෙන්න මේකයි!!' කියල හරියටම පැහැදිලි කරන්න උදාහරණ තිබුන බවක් නම් කිසිම බුද්ධ දේශණාවකින් දනගන්න ලැබුණේ නෑ!!! ඉතින්, ගෞතම බුදුරජාණන්වහන්සේත්, විපස්සී බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේලා ජීවමානව වැඩසිටිය කාලවලදී දක්වන්න පුළුවන් වෙච්ච උදාහරණ වලින්, ඔය කියල තියෙන්නේ, 'විද්‍යුතයත් / විද්‍යුත් චුම්බකත්වයත්' කියන ස්වභාවික සංසිද්ධි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට පැවතීම කියන බව මං ඔය උදවියට තෝරලා දුන්න!!!

ඊළඟට උන්වහන්සේ කිව්වා, හිත බැසගත්තොත්, විඥාණය පැළවෙන බව!!! දැන්, ඔය 'හිත' ගැන කට්ටියම දන්නවා නේ?? මේ ඉන්න ගමන් අවුරුදු ගණන් අතීතයට යනවා... අතීත සිදුවීම් මතක් වෙනවා! මේ ඉන්න ගමන් වෙන වෙන රටවල් වලට යනවා... ඒ රටවල් වල තියන දේවල් මතක් වෙනවා! හඳට / අභ්‍යවකාශයට යනවා කියන්නෙත් සුළු දෙයක්!! speed කියන්නේ... කියල වැඩක් නෑ!! හිතාගන්නවත් බැරි වේගයකින් වැඩ කරන දෙයක්!!! එතකොට, 'බැස ගන්නවා' කියන්නේ මොකද්ද? අපි ඔය 'බැහැල වැඩ!' 'වැඩේට බහිනවා!' කියන්නේ, වෙන වෙන දේවල් අතහැරලා එකකටම යොමුවෙනවා... දිගින් දිගටම එක දෙයක නිරත වෙනවා කියන එක නේ?? ඉතින්, බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන / අවබෝධ කරගෙන හිටියා, මේ සත්වයින් හිතනවා / චේතනා පහල කරනවා කියන ක්‍රියාව කරද්දී, එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධ වෙන්නේ, ඉතාමත් අධික වේගයකින්, 'අධිසංඛ්‍යාත' වලින්, සිදුවන විද්‍යුත් ශක්තියේ ක්‍රියාත්මක වීමක්, නැත්නම් 'අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග' මාර්ගයෙන් සිදුවන ක්‍රියාවලියක් බව!!! ඒ වගේම, එහෙම විද්‍යුත් තරංග ක්‍රියාත්මක වීමක් සිදුවෙනවා නම්, ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකුත් (electromagnetic field) අනිවාර්යයෙන්ම ගොඩනැගෙන බව!!! ඉතින්, මෙහෙම අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගුනොත්, ඒකෙ ස්වභාවය තමයි අවකාශය පුරාම පැතිර යාම!!! අන්න ඒ සිද්ධාන්තය තමයි අද කාලේ මේ TV / Radio / Mobile Phone / Satellite Communication හැම දෙයකටම යොදාගන තියෙන්නේ!!! හැබැයි, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ නම් මේවා කිසි දෙයක් මේ විදියට කියල, තෝරලා දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ!!!

ඒ උනාට මේ චුම්බක ක්ෂේත්‍ර (magnetic field) කතාව බොහොම පැහැදිලිව දැනගන්න හොඳ උදාහරණයක්, සුර / අසුර යුද්ධයක් ගැන කියපු දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කියල තියෙනවා!!! ඒ යුද්ධයේදී 'අසුරයෝ' පරදිනවලු. ඒ ගමන, 'සුරයන්' අසුර නායක 'වේපචිත්ති'ව බන්ධනයකින් බැඳලා, සුර ලෝකෙට අරගෙන යනවලු. හැබැයි මේ බන්ධනයට මොකුත්ම පාවිච්චි කරන්නෙත් නැතිලු!! ඒත් ඒ බන්ධනය නිසා, අසුර නායක වේපචිත්තිගේ ඔළුවයි / අත් දෙකයි / කකුල් දෙකයි සේරම එකට බැඳලා දැම්ම වගේ වෙනවලු!!! නිකම් 'පැණි මුලක්' ගැටගැහුව වගේ කියන්නකෝ. ඊළඟට වැඩේ තියෙන්නේ, වේපචිත්තිව සුර ලෝකෙට අරගෙන ගිහිල්ල, නිකම් ඔහේ පැත්තකින් දාල තියනකොට, වේපචිත්ති හිතනවලු, 'මේ සුරයෝ හරි හොඳයි නේ... අපි හිතුවට වඩා හොඳ පිරිසක් නේ... මට කරදරයක් කලෙත් නැහැ නේ...' එහෙම කියල. එයා ඒ විදියට හිතන කොට, එයා සුරයන් ගැන පැහැදෙනකොට, අර බන්ධනය නැතුව යනවලු!!! එහෙම නිදහස ලැබුණාම, මේකා එපාර හිතනවලු, 'මුන් මොක්කුද?' 'අපේ එවුන් තමයි හොඳ!!' 'ඉක්මනට මෙතනින් පැනගන්න ඕනේ!!!' කියල. එහෙම හිතපු ගමන්, ආයේ අර කලින්වගේම, පැණි මුල ගැටගැහුව වගේ බැඳිලා යනවලු!!! මොකද්ද ඔය කියල තියෙන්නේ?? කොහොමද එහෙම වෙන්නේ??

දැන් මේ සුරයෝ / අසුරයෝ කිව්වේ ප්‍රතිවිරුද්ධ දෙපිරිසක් නේ?? හැබැයි ඒ අයගේ වෙනස්කම තියෙන්නේ දෙපැත්තේ අය හිතන විදියෙයි!!! ඉතින්, අසුර නායකයා උනාට අවුලක් නෑ... සුරයන් ගැන පැහැදීමෙන් හිතනකොට, එයත් සුරයන්ගේ කෙනෙක් වගේ වෙනවා!! ගැලපෙන ගැලපෙන අය එකතු වෙනවා!!! ඔය ගතිය බුදුරජාණන්වහන්සේ අඳුන්වල තියෙන්නේ 'ධාතු ස්වභාවයක්' කියලයි!!! (ධාතු නානත්වය / ධාතු සංයුක්තය කියල තියෙන්නේ... අන්න ඒවා!!) දැන් වතුරට, වතුර බින්දුවක්ම දැම්මොත් කවලම් වෙනවා නේ?? අන්න ඒවගේ. එතකොට බන්ධනය නැතුව යනවා... නිදහස්!!! ඒත් වේපචිත්ති, එයාලගේ අයගේ පැත්ත ගත්තු ගමන් 'වෙන එකෙක්'!! ගැලපෙන්නේ නෑ!! වෙන්වෙනවා!!! සුරයෝ හුඟ පිරිසක් ඉන්න තැන එයා තනියෙන්... වතුරට, තෙල් බින්දුවක් දැම්ම වගේ වෙනවා!! නිකම් බෝලයක් වගේ ගුලි ගැහිලා යනවා!! බන්ධනය වෙනවා!!! තේරුණාද?? ඒත්, කොහොමද මේ හිතින් හිතනකොට, ගුලිවෙන්නේ / දිගහැරෙන්නේ?? අන්න ඒක තමයි අර චුම්බක ක්ෂේත්‍රයේ කතන්දරය!!! සුරයෝ අතරේ, සුරයන්ගේ පැත්තට හිතනකොට, ඒ හැමෝගෙම චුම්බක ක්ෂේත්‍ර සමානයි. ඉතින් mix වෙනවා... අවුලක් නෑ!!! හැබැයි එයා එයාලගේ පැත්තට, අසුරයන්ගේ පැත්තට හිතපු ගමන්, චුම්බක ක්ෂේත්‍ර වෙනස්!! ඉතින්, වෙන් වෙනවා!! අනික් අයගේ පිරිස වැඩියි... ඒ හන්ද එයාලගේ ක්ෂේත්‍රයත් බලවත් වැඩියි... මෙයා ඇකිලිලා යනවා!!! අනික් එක, මේ අය බොහොම සියුම් ශරීර තියන පිරිසක්!! ඉතින් එහෙම්පිටින් ගුලිවෙලා යනවා!!! ඔන්න ඕකයි 'වේපචිත්ති බන්ධනය' කියන seen එක!!!

හරි! දැන් මේ සත්වයන්ට (අපිට) හිතින් බැහැගෙන කරන්න තියෙන්නේ, කරන්න පුළුවන්, මොනවද?? අපි මුලින් දැක්ක, ඕනෙම සත්වයෙකුට කරන්න පුළුවන් වෙන්නේ, මතකය ආවර්ජනය කරන එක, ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් හිතන එක, බලාපොරොත්තු ඇතිකරගන්න එක, නොයෙකුත් දේවල් ප්‍රර්ථනා කරන එක, වගේ දේවල්ය කියන බව!!! ඒ කියන්නේ, දැකපු දෙයක් ගැන, 'අරක ශෝක්! ආයි පාරක් බලන්න තිබුණ නම්...' 'ඒක හොඳයි! මටත් එයින් එකක් ගන්න ඕනේ...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, අහපු දෙයක් ගැන, 'අරූ මට බැන්න! ඌට හොඳ වැඩක් කරන්න ඕනේ...' 'අර සින්දුව ශෝක්! ආයි අහන්න තිබුණ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, කාපු / බීපු දේවල් ගැන, 'ෂා... ඒවා මරු! කොහෙන්ද දන්නේ නෑ ගෙනාවේ... තව ටිකක් ගෙන්න ගන්න ඕනේ!' 'තව සැරයක් අරව කන්න තිබ්බ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, විඳපු දෙයක් ගැන, 'ආයි පාරක් ඒ සැප ගන්න තිබුණා නම්... ආයි වෙලාවක එහෙ ගිහිල්ල එන්න ඕනේ!' වගේ දේවල් දිගින් දිගට හිත හිතා ඉන්න එක, එහෙම නේ?? ඉතින්, සත්වයා මෙන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට, එවුන්ගේ (අපේ) ඇඟවල් හැදිලා තියන විදිය නිසා, එවුන් දන්නෙවත් නැතුව, තව 'කතන්දර' ගොඩාක් සිද්ධවෙලා!!! මේ දැනුත්, සිද්ධවෙමින් පවතිනවා!!! සත්වයෝ, උඹල කවුරු කවුරුත් හිතන්නේ මොනවද? උඹලගේ හිත්වල තියෙන්නේ මොනවද? අන්න ඒ සේරම අවකාශය පුරාම පැතිරෙනවා!!! transmit වෙනවා!!!

දැන් ඔය තමුන්ගේ හිතේ තියන ඒවා දන්නේ තමුන් නේ?? ඒත් ඒවා දිගින් දිගට හිත හිතා ඉන්න තියාගත්තොත්, කාට හරි 'ගේමක් දෙන්න' හිතන් / plan කරන් ඉන්න ඒවා, මොන 'නූල් සූත්තරයක්' හරි දාල කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න plan කරන් ඉන්න ඒවා, මොකක් හරි වැඩපිළිවෙලක් කඩාකප්පල් කරලා දාන්න හිතන ඒවා, ඔක්කොමල කපාගෙන ගිහින් 'මුදුණ වෙන්න' හිතන් ඉන්න ඒවා, ඔය 'හොර කොටු පනින්න' එහෙම හිතන් ඉන්න ඒවා, සල්ලි බාගේ - යාන වාහන සේරම සැපසම්පත් තියන මහා ලොකු පෝසතෙක් වෙන්න ලැබේවා! ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන ඒවා, ලොකු පෝසත් පවුලක ඉපදෙන්න, මහා බලගතු දෙවියෙක් වෙලා උපදින්න ලැබේවා කියල හිතාගෙන, පතාගෙන ඉන්න ඒවා, ආයේ තව ඔය කාට හරි හිතින් ආදරේ උනාට කියාගන්න බැරුව ලතවෙන ඒවා වගේ හැම මගුලක්ම, මේ ඇඟවල් හැදිලා තියන ස්වභාවය නිසා, තමුන් මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා වගේ වෙනවා!!! !!! !!! මේ ඕනෙම සත්වයෙක් කොච්චර 'හැංගිහොරා වැඩවලට' අතිදක්ෂයෙක් උනත්, උන් සේරමලා, ලෝකයා ඉදිරියේ 'හෙළුවෙන් ඉන්න' එවුන් ගානයි!!! අනික, ඔය හැම කෙනෙක්ම දන්නවා නේ, මේ TV / Satellite Communication කතන්දර වලදී, කටහඬවල් ඇතුළු සියලුම ආකාරයේ ශබ්ද වර්ග / සෑම ආකාරයකම රූප / අකුරු - ප්‍රස්ථාර වගේ දත්ත සේරම, ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විශ්වයේ ඕනෙම දුරකට විසුරුවා හරින්න පුළුවන් බව?? අන්න ඒ විදියටම, සෑම සත්වයෙකුගේම හිත්වල තියන දේවල් සියල්ල, 'මුළු පංච උපාදානස්කන්ධයම', මේ ස්වභාවධර්මයෙන් හැදුනු ශරීරවල ක්‍රියාකාරිත්වය නිසා, ඉබේම අවකාශය පුරා පැතිරෙනවා!!! හිත බැසගන්නා ප්‍රමාණය අනුව, තමන් 'මතකය බදාගෙන නැහෙන්න හදන ප්‍රමාණය' අනුව, මේ විකාශනයේ ප්‍රභලතාවය (transmission power) එකත් වැඩිවෙනවා!!!

බුදුහාමුදුරුවෝ දැක්කා, මේක මහා ලෝක ලෙඩක් බව!!! උන්වහන්සේ අවබෝධ කරගත්තා, මේක තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ පදනම, foundation එක කියන බව!!! !!! !!! සත්වයා මේ පංච උපාදානස්කන්ධයට නොරවටුනා නම්, මේ 'මගේ' දෙයක්... මේ 'මට අයිති' දෙයක්... මේ 'මට වෙච්ච' දේවල්... මේ අනික් එවුන් 'මට කරපු' / 'මට කියපු' දේවල්... කියල නොහිතුවා නම්, නොපිලිගත්තා නම්, මෙහෙම කරදරයක වැටෙන්නේ නැති බව!!! උන්වහන්සේ කිව්වා, "අක්කොච්ඡි මං, අවධි මං, අජිනි මං, අහාසි මේ" (අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා) වගේ දේවල් දිගින් දිගට හිතන්න තියාගන්න එපා කියල!!! මොකද මේ හැම දෙයක්ම 'හතරමහා ධාතුත්, ඒවායින් සැදුනු දේවලුත්, ඒ සැදුනු දේවල් නිසා ඇතිවුණු තව තවත් අතුරුඵලත්' අහල / දැකල / විඳලා ඇතිවෙච්ච මතකයක් පමණයි!!! ඒ 'රූප' වලින් විඳපු දේවල්, 'රස / ගඳ-සුවඳ / පහස' වගේ ඒවා, ගැන මතකයක් විතරයි!!! ඒ විඳපු දේවල් හඳුනාගෙන, 'සින්දුවක් / කවියක් / අම්ම / තාත්ත / පැණිරස / කොළපාට / සීතල' කියල හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් විතරයි!!! ඒ හඳුනාගත් දේට අනුව චේතනා පහල කරලා කරපු / කියපු / හිතපු දේවල් ගැන, 'ආයි අහන්න හිතුන, ලස්සනයි කියල හිතුන, ආදරේ හිතුන, තව කන්න හිතුන' වගේ දේවල් ගැන මතකයක් විතරයි!!! ඊළඟට එහෙම හිතිච්ච දේවල් කරලා දැනගන්න ලැබුණු දේවල්, 'ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා / නරක්වෙච්ච දෙයක් කෑවොත් බඩ රිදෙනවා' වගේ අත්දැකීම් ලබපුව පිලිබඳ මතකයක් විතරයි!!!

බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, සත්වයන්ට තියෙන්නේ මේ දේවල් ගැන, 'පංච උපාදානස්කන්ධය ගැන' තියන මහා ලොකු රැවටීමක් / මුලාවක් විතරයි කියල!!! ඒ මුලාව තමයි උන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියල හඳුවලා දුන්නේ!!! මේක එසේ මෙසේ එකකුත් නෙවෙයි... සත්වයෝ හැම එකෙක්ම මේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වපු, 'රූප' නැත්නම් හතරමහා ධාතු සම්බන්ධ හැම එකකටම / ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්, 'වේදනා' හැම එකකටම / ඒ විඳපු දේවල් හඳුනා ගත්තු ඒවා, 'සංඥා' හැම එකකටම / ඒ හඳුනා ගත්තු දේවල් වලට අනුව කරපු-කියපු-හිතපු දේවල්, 'සංස්ඛාර' හැම එකකටම / ඒ හිතිච්ච දේවල් කරලා දැනගත්තු, 'විඥාණ' හැම එකකටම අම්බානට රැවටිලා!!! ඔය එකින් එකට, 1- ඒ මං / මගේ ආත්මය වෙන්න ඇති!!, 2- මං / මගේ ආත්මය හැදිලා තියෙන්නේ ඒවායින් වෙන්න ඇති!!, 3- ඒවා තියෙන්නේ මගේ ආත්මයේ වෙන්න ඇති!!, 4- මගේ ආත්මය තියෙන්නේ ඒවයි වෙන්න ඇති!! කිය කියා, උපාදාන ස්කන්ධ 5 ටම එකකට 4 ආකාරයකින් රැවටිලා!!! 20 ආකාර සක්ඛායදිට්ඨියට අහුවෙලා!!! මේ ඇඟවල් වල record වෙච්ච කෙහෙල්මල් වලට හොඳටෝම රැවටිලා!!! ඉතීන් මේ සත්වයා මතකය බදාගෙන හප හපා, ඒකත් එක්කම හුරතල් වෙවී, ඒකම කූරු ගගා, ඉන්නවා!!! ඉවරයක් නැතුව හිතනවා!!! මතක නේ... 'පංච උපාදානස්කන්ධය / විඥාණය' කිව්වේ ස්වරූප දෙකකින් පවතින එකම දෙයක් බව?? ඉතින්, ඒකා දන්නෙම නැතුව, ඒ හිතේ තියන කුණු කන්දල් සේරම, 'මුළු පංච උපාදානස්කන්ධයම' අවකාශය පුරාම පැතිරෙනවා!!! !!! !!!

** මේ සත්වයෝ හරියට Tape නැත්නම් CD දාන setups වගේ ජාතියක්!!! වෙනසකට තියෙන්නේ මුන්ට චේතනා පහල කර කර (හිතල) තව තව දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන්... ටිකක් දඟලන්න පුළුවන්!!! ඊළඟට මුන්ගේ record වෙලා තියන ඒවා මදිවට අලුතෙන් එකතුවෙන හැම මගුලක් මත් record වෙනවා!!! මතක හිටිනවා!!! ඒ මතකයට සීමාවකුත් නෑ!!! !!! !!! ඉවරවෙලා නතරවීමකුත් නෑ!!! !!! !!! හැබැයි setups වගේමයි. දැන් ඔය set එකක්, කණ පැලෙන්න සද්දෙන් වැඩකර කර තියනවා කියමු! කොහොමද ඒකෙ Tape එක නැත්නම් CD එක ගලවල පැත්තකට දැම්මොත්?? සද්ද බද්ද ඔක්කොම ඉවරයි නේ??? ඕනේ නම් පොඩි 'සූවක් / ස්... සද්දයක්' ඇහෙයි. එච්චරයි!!! මේ සත්තුන්ටත් ඕකම වෙනවා නේ... දැකල නැද්ද, ඔලුවට පොල් ගෙඩියක් එහෙම වැටිච්ච එකෙක්ව? ඔලුවට ලොකු පහරක් වැදිච්ච, accident වෙච්ච එකෙක්ව එහෙම?? උන්ගේ 'මතකය' upset වෙච්ච ගමන් නිකම්ම නිකම් පඹයෝ වගේ වෙනවා!!! 'ගල් බමුණෝ' වගේ වෙනවා!!! කවුරුවත් හිනා උනාට උන් හිනාවෙන්නෙත් නෑ!!! 'හිනාවෙනවා' දන්නෙත් නෑ, 'හිනාවෙන්න' දන්නෙත් නෑ... 'හිනාව' මතක නෑ!!! කිසි කෙනෙක් අඳුනන්නේ නෑ!!! මොකද සේරම තිබ්බේ 'මතකයේ', ඒක lost !!! memory lost !!! ඉතින් setup එකක් වගේම තමයි!!! හැබැයි මුන්ගේ Tape / CD මාරු කරලා වෙන ඒවා දාන්න, තියන ඒවා ගලවල අරන් තියාගන්න, upset උනොත් හදන්න, වගේ කිසිම දෙයක් කරන්න බෑ!!!

හරි! දැන් මේ අවකාශයේ පැතිරෙන තරමක් / විකාශණය වෙන තරමක්, radio / TV channels (transmissions) එකකට එකක් කවලම් වෙනවද?? නෑ!!! අවකාශයේ තියෙන්න පුළුවන් මෙච්චරයි කියල ප්‍රමාණයක් තියනවද?? ඒත් නෑ!!! ඊළඟට ඔය තියන හැම radio එකකින්ම ඔය විකාශණය වෙන radio channels සේරම ඇහෙනවද?? අහන්න පුලුවන්ද?? බෑ!!! එහෙම ඇහෙනෙත් නෑ!!! අහන්නත් බෑ!!! අපි radio එක tune කරනවා, 'සුසර කරනවා' කියන්නේ... අන්න එහෙම කරලා, අපිට අහන්න අවශ්‍ය channel එක විකාශණය කෙරෙන සංඛ්‍යාතය තෝරලා, අන්න ඒ channel එකේ යන දේවල් විතරක් radio එකෙන් අහන්න පුළුවන්!!! හැබැයි කොච්චර කලත් අපිට අහන්න පුළුවන් වෙන්නේ, ඒ radio එක සුසර කරන්න පුළුවන් පරාසයේ (tuning range) එකේ තියන සේවාවන් විතරයි!!!පැහැදිලියි නේ?? ඒ වගේම TV සම්බන්ධයෙනුත්, mobile phones / satellite communication ආදී සියල්ල සම්බන්ධයෙනුත් මේ කතාන්දරය මේ විදියම තමයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.