Friday, December 9, 2011

මොකද්ද එතකොට මේ වෙලා තියෙන්නේ??? මෝඩ සත්වයෙක්, ඌට මතක තියන දේවල් බදාගෙන, ඒවා ගැනම කල්පණා කර කර, ආසාවල් පොදි බැඳගෙන, බලාපොරොත්තු ගොඩ ගහගෙන, පින් කර කර පෙරුම් පුරාගෙන, තව ඕනේ... තව ඕනේ... කිය කියා හිටියා !!! මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරේ ස්වභාවය නිසා, ඒ මෝඩයට මතක තිබිච්ච සේරමයි, ඌ හිත හිත හිටපු කුණුගොඩවල් සේරමයි, තවත් ස්වරූපයකින් විශ්වය පුරා පැතිරුණා!!! එහෙම පැතිරුණු එකෙන්, තවත් තැනක අලුත් සත්වයෙකුගේ උපතක් සිදුවුනා!!! ඒ හැදෙන ඇඟේ 'මතක හිටින ගතිය' නිසා, පරණ එකාට තිබිච්ච මතකයි, ඌ හිත හිතා හිටිය කුණුගොඩවල් සේරමයි 'කුට්ටිය පිටින්ම' අලුත් එකාට මතක හිටියා!!! කලින් ඒකා මලා!!! ඌ ඉවරයි!!! උගේ මතකයට රැවටිච්ච අලුත් එකා, 'මං පරණ එකාම වෙන්න ඇති!!' කියලා, එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්තා!!! !!! !!! ** උගේ මතකයට කිව්වම, 'මැරිච්ච පරණ එකාගේ මතකය' කියල හිතුවත්, 'අලුත් එකාට ලැබිල තිබුණු (copy වෙලා තිබුණු) මතකය' කියල හිතුවත්, අවුලක් නෑ!!! මේක මේ නොදන්න කමට වෙච්ච 'රැවටිල්ලක්' 'මුලා වීමක්' විතරයි!!!

බැලුවාම මෙච්චර කාලයක් තිස්සේ මුළු සත්ව සංහතියටම වෙලා තියෙන්නේ ඔන්න ඔය කෙහෙල්මල තමයි!!! සත්වයා සංසාරේ ගිහිල්ල නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, එක ජීවිතයකින් තව ජීවිතයකට 'මොකුත්ම යන්නේ නෑ!!' කියලා නේ!!! බැලුවම වෙලා තියෙන්නේ, සත්වයා සංසාරේ ගිහින් නෑ!!! ඒකා ඇඳගෙන හිටපු ජංගිය නැත්නම්, ජොකා සංසාරේ ගිහිල්ලා වගේ වැඩක්!!! කල්ප කල්ප බර ගාණක් තිස්සේ හැදිච්ච හැදිච්ච සත්වයෝ රීපුව / හුජ්ජ කරපුව සේරම ගෑවිච්ච පරණ ජංගියක් / ජොකෙක් ඇඳගෙන අලුතෙන් සත්වයෙක් හැදිලා!!! කාලයක් ගිහින් ඌත් මැරෙනවා!!! ඊළඟට ඌත් රීපු / හුජ්ජ කරපු ඒවා ගෑවිච්ච ජංගිය / ජොකා ඇඳගෙන තා අලුත් එකෙක් හැදෙනවා!!! ඔන්න ඔහොම 'කතන්දරේ' දිගින් දිගටම යනවා!!! !!! හැබැයි ඉතින් 'ධර්මය' අවබෝධ කරනකම් මොකෙක්වත් දන්නේ නෑ, තමුන් ඇඳන් ඉන්නේ අනුන්ගේ ගූ / හුජ්ජ ගෑවිච්ච හද්ද පරණ ජංගියක් / ජොකෙක් කියලා... 'මගේ ජංගිය' / 'මගේ ජොකා' කියල බොහොම ආදරෙන් වැළඳගෙන, බදාගෙන ඉන්නවා!!! !!! !!! උඹලට තේරුණාද??? මේක මීට වඩා ලස්සනට කියලා වැඩක් නෑ!!! මේ සංසාර කතාව මහා ගූ ගොඩක් මයි!!! !!! !!!

මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???

කොහොම හරි, උඹව හදන්න දායක වෙච්ච එකා, ගත යුත්තක් ඇති එකෙක්!!! ඌ උඹට මනුස්ස ජීවිතයක් හැදෙන තැනට වැඩ කරපු එකෙක්!!! නැත්නම් අද තෝ නෑ!!! ඒ වගේම තමයි, තොපි බලාපොරොත්තු කොච්චර ගොඩ ගහගෙන හිටියත්, තොපිට එක මිලි මීටරයක් වත් මෙතනින් එහාට යන්න බෑ!!! හැබැයි තොපි මේ මොකුත් නොදැන පිස්සු කෙල කෙල හිටියා නම්, වෙන මොක්කු මොක්කු හරි තව කොහේ කොහේ හරි හැදෙයි!!! හැබැයි දැන් කාලේ නම් එහෙම හැදෙන හැදෙන එවුන් හැදෙන්නේ පෙරේත ලෝක, තිරිසන් ලෝක හා අපායේ විතරයි!!! මනුස්ස ලෝකේ වත්, දිව්‍යලෝක වලවත්, ඒ කිසි එකෙක් හැදෙන්නේ නෑ!!! උන් හැදිච්ච තැන ඉඳලා අම්බානට දුක් විඳියි!!! හැබැයි දැන් එහෙම වෙන්නෙත් නෑ!!! මොකද, උඹල කතන්දරේ දැක්ක නේ!!! අඩේ... ඒ කියන්නේ සංසාරේ හබක් නේ!!! ඔව්!!! හබක් තමයි!!! ඇයි යකුනේ මං කිව්වේ 'තොපිට යන්න සංසාරයක් ඉතුරු කරන්නේ නෑ!!' කියල!!! 'මං යන්න දුන්නොත් විතරයි තොපිට යන්න පුළුවන්!!' කියල!!! තොපි හිතුවේ මූ joker කෙනෙක් කියල නේ?? නේද??? ඒ උනාට මං එහෙම නෑ... බුදුහාමුදුරුවෝ සංසාරේ යන්න එපා එපා කිව්වා. තොපි ඇහුවේ නෑ!! ඒ හන්ද මම multi barrel / nutron blasters පාවිච්චි කරලා සංසාරේ සෙත්තපෝච්චි කරලා දැම්ම!!! දැන් ඉතින් පුළුවන් එකෙක් ඉන්නවා නම් පලයන් සංසාරේ!!! හූ... හූ... හූ... දැන් තොපිට යන්න තැනක් නෑ!!! දැන් යමල්ල තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්න!!! තව ගොඩාක් ඒවා line-up කරලා තියෙන්නේ...

ඒයි, තොපි තණ්හාව නැතිකරගන්න බැරුව පුක ඉරාගෙන දැඟලුවා නේද බොල??? ඒ තණ්හා වලින් වැඩක් නෑ!!! !!! !!! තොපි කොච්චර තණ්හාවෙන් බලාගෙන හිටියත්, තොපිට ආයි මොකක්වත් හම්බවෙන්නේ නෑ!!! තොපි මල්/හඳුන්කූරු/පහන් පූජාකර කර... ගාථා කියා කියා වැඳ වැඳ... පින් කර කර... සංසාරේ යන්න පෙරුම්පිරුවා නේද බොල??? තොපිට එහෙම යන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! දැන් ඉතින්, ඒ තණ්හාවල් / බලාපොරොත්තු / ප්‍රර්ථනා සේරම හොඳට හපල හපල කාපල්ලා!!! ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! තොපිට මෙතනින් එහාට එක අඟලක්වත් සංසාරේ වත්, දෙයියෙක් ගාවට වත්, යන්න ලැබෙන්නේ නෑ!!! තොපි කිසිම එකෙකුට, කොයිම විදියකින් වත්, සදාකල් ඉන්න ලැබෙන්නෙත් නෑ!!! උඹල නැත්තටම නැති වෙනවා!!! තොපි ආයුෂ ඉවර වෙච්ච ගමන් මැරෙනවා මැරෙනවා මැරෙනවා මයි!!! !!! !!! උඹලට 'වෙලාව' තියෙන්නේ පණ යනකම් විතරයි!!! !!! !!!

ඉතින්... 'සේරම නැතිවෙනවා!!' කියනකොට දුකයි නේද?? ගණන් ගන්න එපා මෙයාල!! මං කිව්වා නේ, 'කෙනෙකුට මූණ බලාගෙන කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! ලැබිච්ච අවස්ථාවේ ගොඩ යන්නම ඕනේ!!!' කියල. මේක එහෙම්පිටින් දුකක් බව බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! ඒකනේ උන්වහන්සේ, "සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා!!" (මේ පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම දුකක්!!) කිව්වේ. ඒත් කොච්චර දුක උනත්, මේ ඇත්ත කතන්දරේ තිතටම දැනගන්නම ඕනේ!!! !!! !!! මොකද මේ සිද්ධවෙලා තියන වැඩපිළිවෙල හරිම භයානකයි!!! ඒකයි බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝන් මහබ්භයන්" {සංසාර ඕඝය (සැඩ පහර) මහා භයානකයි} කිව්වේ!!! අපි ඔක්කොමල 'ඔන්න ඔහේ ඉපදුනා...' මිසක්, ඔය සංසාර ගමනක් කියලා කෙහෙල්මලක් ගැන දැනගෙන ඉපදුනේ නෑ නේ??? එහෙම නොදැන ඉන්න තාක් කල් මේ සංසාර කතන්දරෙන් ගැලවෙන්න විදියක් නෑ!!! !!! !!! දැන් ඉතින් ඔයාල කතන්දරේ හොඳටම දැක්ක නේ?? ඒ හන්ද එච්චර risk එකක් නෑ!!! ඇත්තම කිව්වොත් ඔයාල දැන් ඉන්නේ (theoretical) අනාගාමී මට්ටමේ!!! මොකද, practically තත්වේ ගොඩාක් වෙනස් වෙනවා!!! හොඳට තේරුම්ගැනීමේ හැකියාව තියන අය දැනටමත් ඇත්තටම අනාගාමී / අරහත් කියන තත්වයන්ට පත්වෙලත් ඇති!!! කෝකටත්, දැනට හැමෝම ඔය 'හිත' පෙන්වන මායාවල් වලට අහු නොවී ඉන්න!!! තමන් නොකරපු, තමන්ට අදාළ නැති, විකාර දේවල් මතක් උනොත්, 'මං කරපු දේවල් නෙවෙයි නේද?' කියන බව හිතල, හිත සන්සුන් කරගන්න!!!

තව ගොඩාක් දේවල් ලියන්න තියනවා... සේරටම කලින් පරණ සිවුරු දාගත්ත, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් ගෞරව / නම්බු නාම / පට්ටම් තිබිච්ච කාලකණ්නි, ධර්ම මාර්ගයේ 'රීපුව' හෝදලා, සුද්ද කරලා දාන්න ඕනේ!!! ඊළඟට කර්මය (පින් / පව්) ගැන කියලා දීල, විශ්වයේ structure එක, ඒ කියන්නේ මේ සත්වයින් බෙදිලා / වර්ගීකරණය වෙලා තියන හැටි ගැන තරමක් කියා දීල ඉවරවෙලා, මට පුළුවන් ඔයාලව කෙලින්ම confirmed සෝතාපන්න තත්වයටම උස්සල තියන්න!!! ඊළඟට අනාගාමී වෙන්නම කරුණු කියල දෙන්න!!! විශ්වාසයෙන් පිළිගන්න අහිංසක / නිහතමානී උදවියට ආයේ බයවෙන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! හැබැයි, ඉස්සරහට 'Y' junction එකක් එනවා!!! EK site එකේ දිගින් දිගටම මට / මේ වැඩේට 'ඇණයක් වෙච්ච' වසලයෝ ටිකක් ඉන්නවා... අන්න උනුයි, දැන් මේ කතන්දරය හොඳටම දැනගෙන, වෙන මනුස්සයෙකුට / සතෙකුට වචන මාත්‍රයකින් හරි නරකක් / නපුරක් / අවැඩක් කරන මොට්ටයෝ හිටියොත් අන්න උනුයි, යැවෙන්නේ වෙන පාරක!!! ඒවා මට අදාළ නෑ... මම උන්ටයි, මේ ඇත්ත කතාන්දරය නොදැන හිටිය / ඉන්න එවුන්ටයි වෙච්ච දේ/විදිය, වෙන දේ/විදිය, කියන්නම්... එතකොට තේරෙයි!!! ඔය ටික නොදැන හිටිය හුඟ දෙනෙක් (හුඟ දෙනෙක් කියන්නේ 99.99% විතර!) වැඩේ එහෙම්පිටින් කා ගත්තා!!! මං කියලා දෙන්නම්... මේකේ මේ කල්දාන ඒවා, පින් කර කර ඉන්න ඒවා, හරියන්නේ නෑ!!! මං නම් උඹලට 'ණිවන් පුරේ රුවන් දොරටුව ඇරලා දීල' නෙවෙයි, තොපිව ණිවනේ ගේට්ටුව ගාවට ඇදගෙන ගිහිල්ලා, ණිවනටම විසිවෙලා යන්න පයින් පාරක් දීල, තමයි වැඩේ නවත්තන්නේ!!! තේරුණයි??

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.