Thursday, December 22, 2011

කවුද දැන් මේ ජීවිත වල සත්‍ය විස්තර ඉපදෙනකොටම දැනගෙන හිටියේ?? කවුරුවත්ම නෑ!!! අඩුම ගනනේ, බුදුවීමට පෙරුම්පුරන බෝසතානන්වහන්සේ නමක් වත්, මේ මොකවත්ම දන්නේ නෑ!!! හැමෝම යන්නේ කළුවරේ යන ගමනක්!!! බෝසතානන්වහන්සේ නමක්, තමන්වහන්සේ විසින්ම උත්සාහ කරලා කරලා මේ 'වැහිලා තියන සත්‍ය' අවබෝධ කරගනිද්දී තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ!!! බුද්ධත්වයට පත්වෙලා තමයි දැනගන්නේ, "මේ අවිද්‍යාව නිසානේ, මෙච්චර දුකක් වින්දේ..." කියල!!! මතක නේ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේත් "අනේක ජාති සංසාරං... සංධා විස්සන් අනිබ්භිසන්... ගහකාරකං ගවේසන්තෝ... දුක්ඛා ජාති පුනං පුනං..." ('සසර දුක' නමැති ගේ හදන වඩුවා සොය සොයා, අනන්ත වාර ගණනක් නොයෙකුත් නොයෙකුත් විදියට ඉපදෙමින් මැරෙමින් සංසාරේ ඇවිද්දා... නැවත නැවත ඉපදීම නම් දුකක් මයි...) කියල උදානයක් කලේ???

බුදුරජාණන්වහන්සේ සත්වයින්ව හඳුන්වල දුන්නේ 'සංකත' කියල!!! සංකත කියන්නෙම අලුතෙන්ම හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙමින් පැවතිලා, විනාශවෙලා යන නිසා!!! එතනම තියනවා, මේ අපි හැම එකාම 'නිත්‍ය නෑ' කියන බව!!! නිත්‍ය නැත්නම්, ස්ථිර නැත්නම්, මොනවා ගොඩගහගත්තත් වැඩක් නෑ... මොනවා තිබුණත් වැඩක් නෑ... දවසක ඔක්කොම නැතිවෙනවාමයි!!! ඉතින් දුකක් තමයි!!! මැරෙණකම් time තියනවා කියමු... ඒත් ඉන්න ටිකෙත් කොච්චර දේවල් වලට මුණදෙන්න වෙනවද?? ලෙඩ වෙනවා... වයසට යනවා... අකමැති අය / දේවල් එක්ක එකතුවෙන්න වෙනවා... කැමති අය ගෙන් / කැමති දේවල් වලින් වෙන්වෙන්න වෙනවා... 'අනේ මාව ලෙඩවෙන්න එපා!! අනේ මාව වයසට යන්න එපා!! මට මේ මේ දේවල් වෙන්න එපා!! මට මේ මේ දේවල් නැතිවෙන්න එපා!!' කිය කියා හිතුවට / පැතුවට හරියන්නේ නෑ!!! ඉතීන් ජීවත් වෙනකම් ඒ ගැනත් දුක්වෙන්න වෙනවා... ඉවරයක් නෑ!!! බුදුහාමුදුරුවෝ දැක්ක, ඉපදිලා ඉවරවෙලා විලාප තිව්වට හරියන්නේ නෑ!!!මේ සේරම ඉපදුන / උපදින සත්වයාට උරුමයි බව!!! මේ සේරම auto ලැබෙන දේවල් බව!!!

බුදුරජාණන්වහන්සේ බැලුවේ මේ දුකෙන් ගැලවෙන්න විදියක්!!! එතකොට තමයි දැක්කේ මේක මේ විදියටම සිදුවේගන එන්නේ, උන්වහන්සේට 'බුදුනෙතින්' බැලුවත් පේන්නේ නැති තරම් දුර කාලෙක ඉඳල බව!!! උන්වහන්සේ, ඒකට හේතුවත් හොයාගත්ත... ඒක, නොකඩවා දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙලක, 'සංසාර ගමනක', ප්‍රතිඵලයක්!!! හැබැයි, බුදුහාමුදුරුවෝ සංසාර ගමන ගැන කියල දුන්නට, 'සත්වයා සංසාරේ යන' කතාවක් කොහෙවත් කියල නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක 'හේතුව' තියන තාක් 'ඵල' හටගන්නා ස්වභාවයක් කියලයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ 'විඥාණය' හැඳින්වුයේ පැළවෙන දෙයක් හැටියටයි!!! 'කම්මං කෙත්තං... විඥාණං බීජං... තණ්හා සිනේහෝ...' (කර්මය කුඹුරයි... විඥාණය බීජයයි... තණ්හාව වතුරයි...) කියලයි!!! ඒත් මෙහෙම කිව්වම, විඥාණයත් නිකම් වී ඇටයක් / අබ ඇටයක් / මිරිස් ඇටයක් වගේ මොකක් හරි 'ඇටයක්' වෙන්න ඇති කියල 'ගොං විදියට' හිතල බෑ!!! එකම විඥාණයක් දිගින් දිගට යන කතාවක් උන්වහන්සේ කොහේදී වත්ම කිව්වේ නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "රූපයකින් තොරව / වේදනාවකින් තොරව / සංඥාවකින් තොරව / සන්ස්ඛාරයකින් තොරව විඥාණයක් තනිව පවතිනවා, තනිව ගමන් කරනවා කියල කවුරුහරි කිව්වොත්, ඒකනම් කීයටවත් වෙන්නේ නෑ!!" කියලයි!!! {ඔතන ඔය 'රූප' කියන එක වෙනම, ඊළඟට 'වේදනා / සංඥා / චේතනා (සංස්ඛාර)' ටික එකට = 'නාම' කියල ගත්තම, අන්න... නාමරූප!! ඉතින්, මේ කියල තියෙන්නෙත්, විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ, වෙන්ව පවතින්නේ නෑ!! කියන එකමයි!!!} ඊළඟට උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "එක භවයකින් තවත් භවයකට කිසිම දෙයක් යන්නේ නෑ!!" කියලත්!!!

මොකද, මේ එක ජීවිතයකින් තව ජීවිතයකට කිසිම සම්බන්ධයක් නෑ!!! සංකත කියන්නේ වෙන වෙනම ඒවා!!! වැල් අමුණපු මොකවත් නෙවෙයි!!! එකක් ඉවරද, ඒක ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! !!! !!! ඒත්, සංසාර ගමනක් හැදෙන්නෙත් ඔය ජීවිත අතරතුරේම සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දයි!!! අන්න ඒක තෝරලා දෙන්න තමයි බුදුරජාණන්වහන්සේ මෙච්චර දේවල් කිව්වේ / කලේ!!! හැබැයි ඉතින් අහන එකා ඕක තේරුම්ගන්න බැරි ගොනෙක් උනාට, ඒකට බුදුහාමුදුරුවෝ පළි නෑ!!! !!! !!! (අපේ හාමුදුරුවෝ වත්, මංවත්, පලිත් නෑ!!!) භෞතික වශයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැතුව, සත්ව ජීවිත දෙකක් අතර සම්බන්ධයක් ඇතිකරන්න පුළුවන් එකම විදිය තමයි, එක ජීවිතයක් පවතින අතරතුරේ 'සිද්ධවෙන දෙයක්', ඒ කියන්නේ අර ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය, අනික් ජීවිතය සකස්වීමට හේතු වෙන එක!!! ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක හේතු-ඵල ධර්මතාවයක් හැටියට, 'මේ හේතුව තිබුනොත් මේ විදියට වෙනවා' කියල තෝරලා දුන්නේ!!!

ඊළඟට, බුදුහාමුදුරුවෝ මේ හේතුව පෙන්නුවා, තණ්හාව හැටියට!!! 'යායං තණ්හා, පෝනෝ භවිකා... නන්දිරාග සහගතා... තත්‍ර තත්‍රාභිනන්දනී...' (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇති කරයි... කැමැත්තෙන් ඇලෙන ස්වභාවයෙන් යුතුයි... යන යන තැන සතුටින් පිළිගනියි...) කියල තමයි තේරුම් කරලා දුන්නේ!!! හැබැයි ඉතින් මෙහෙම කිව්වේ ඇත්ත කතන්දරේ තෝරලා දෙන්න වෙන ක්‍රමයක් නැති කමට!!! ඒ නැතුව, 'මේ සන්සාරගමන තනිකරම තණ්හාව හන්ද වෙන එකක්!!' කියල නෙවෙයි!!!

මොකද, බුදුරජාණන්වහන්සේ මේ සත්වයින්ගේ හටගැනීම පිළිබඳව ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල කියල දුන්න!!! ඒ තමයි, 'දුක පිණිස හේතු-ඵල වාදය ක්‍රියාත්මක වන ආකාරය', නැත්නම් පටිච්චසමුප්පාදය!!! ඒ තමයි, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... ඵස්ස පච්චයා වේදනා... වේදනා පච්චයා තණ්හා... තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියල තියන කතන්දරය!!! ඉතින්, බැරි වෙලාවත් මේ සංසාර දුකට එකම හේතුව තණ්හාව උනා නම්, ඔය පටිච්චසමුප්පාදය තියෙන්න ඕනේ, 'යදිදං තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියලයි!!! හරිද??? එහෙම උනා නම්, 'අවිද්‍යාව / සංස්ඛාර / විඥාණය / නාමරූප / සලායතන (ආයතන 6) / (6 ආකාර) ස්පර්ශය / (6 ආකාර) විඳීම්' මොන කෙහෙල්මලක් ගැනවත් කියන්න උවමනා වෙන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ නිකම් වැඩකට නැති කෑලි දාල කතාව අච්චාරු කරාවිය? නැද්ද?? 'උඹ තණ්හාව නැතිකරලා දාපන්... එතකොට හරියයි!!' කියල නිකම් ඉඳී නේ?? නැද්ද???

ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ!!! !!! !!! තණ්හාව නෙවෙයි මේ සංසාර ගමනට මුල!!! !!! !!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!!

'අවිද්‍යාව' කිව්වේ, මේ ජීවිත ගැන මොන මගුලක්වත් දැනගන ඉපදෙන්නේ නෑ කිසි එකෙක්!!! අනික, ඒකෙ ඇහැට පේන / කණට ඇහෙන / අල්ලලා අතගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! සත්වයෙක් ඉපදෙන්න / හැදෙන්න නම්, හතරමහා ධාතු වලින් හැදෙන 'ඇස / කන / නාසය / දිව / කය / මනස' කියන set එකකට, ඒ කියන්නේ ඇඟකට, පංච උපාදන්ස්කන්ධයකුත් බැහැගන්න ඕනේ!!! !!! !!! හැබැයි පංච උපාදානස්කන්ධයක් කියල ඇවිල්ල බැහැගන්නේ නගර සභාවේ කුණුගොඩක් වගේ එකක්!!! ඔය තියෙන්නේ, අක්කර ගණන් ලොකු පළාතක කඳු කඳු ගහල... අන්න එයින් එකක්!!! අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ හැදිච්ච, අනන්ත අප්‍රමාණ සත්වයෝ තොගයක්, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු සේරම දේවල් තියන යෝධ මතකයක්!!! ඉතින් ඉපදිච්ච ගමන් සත්වයාට රන්කිරි කටගාන්නත් කලින් කටගාන්න වෙන්නේ ඒ කුණුගොඩ!!! හැම සත්වයාම පටන්ගත්තු තැනම රැවටෙනවා!!! අනික, ඔය රැවටීම සිද්ධවෙන්නේ කිසිම දෙයක් නොදන්න, ජීවිතේ පටන්ගන්න තැනදිම හන්ද, කවදාවත් ඔය දිගින් දිගට යන අවුල ලිහාගන්න / කඩාගන්න, මුලාවෙන් මිදෙන්න වෙන්නෙත් නෑ!!! 'මේ සේරම මට වෙච්ච දේවල් වෙන්න ඇති...' 'මේ මං කරපු / කියපු දේවල් වෙන්න ඇති...' 'කලින් ඉන්න ඇත්තෙත් මං වෙන්න ඇති...' කියල, එහෙම්පිටින් මුලා වෙනවා!!! 'සක්ඛායදිට්ඨියට' අහුවෙනවා!!! ඒ මුලාවේම ඉඳගෙන, 'මට දැන් මෙහෙම ඉඳල ඉඳල මැරුණම තව එකකට යන්න පුළුවන් ඇති!!!' කියල හිතනවා!!! බලාපොරොත්තු ඇතිකරගන්නවා!!! !!! !!! ඔන්න කෙළවෙන තැන!!!

ඉතීන් මේ ගොන් සත්වයා, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත පතන්න තියාගන්නවා!!! පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී ඉන්නවා!!! !!! !!! අන්න සංස්ඛාර කරනවා!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ සංස්ඛාර කිව්වේ, 'සන්කතන් අභිසන්කරෝති ති සංඛාරා' කියලයි!!! 'නැවත නැවත සන්කතයක්ම, තවත් මේ වගේම තාවකාලික ජීවිතයක්, හදා දීමට හේතුවන දේ සංස්ඛාර වේ!!' කියලයි!!! ඉතින්, මුං එහෙම යන්න හිතාගෙන / යන්න බලාගෙන / යන්න පෙරුම්පුරාගෙන ඉන්න කොට 'අරක' හැදෙනවා!!! අර, අරක... 'විඥාණය' (electromagnetic field එක) හැදෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!! !!! !!! ඒක තිබුනොත් ඉතින්, තව කොහේ කොයි දීපන්කරේක හරි කයකට බැහැගන්නවාමයි නේ?? අන්න... ආයි උපදිනවා!!! 'විඥාණ පච්චයා නාමරූපං' වෙනවා!!! !!! !!! අන්න එහෙමයි මේ මෝඩ 'සත්තු' වැඩේ ඉවරයක් වෙන්න නොදී තව තවත් අනාගන්නේ!!! ඉල්ලගෙනම කන්නේ!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.