Friday, December 9, 2011

විසාලා මහනුවරට බුදුරජාණන්වහන්සේ වැඩම කරද්දී ධාරානිපාත වැහි වැහැලා, මල කුණු / මල ජරාව සේරම සේදිලා ගියා වගේ, අපේ හාමුදුරුවෝ පරම පිවිතුරු බුද්ධ වචනය නැවත ලෝකයාට හෙළි කරද්දී, ධර්මය නමින් තියන සත්වයා සංසාර දුකටම ඇදලා දමන 'කුණුහරුප වැඩ පිළිවෙල' ලෝකෙන් අතුගාලම දාන්න තිබුණු දරුණු උවමනාවටයි, ජාති / ආගම් වගේ barrier ඔක්කොම කඩාගෙන ගිහින් බේරන්න පුළුවන් හැම එකාම මෙතැනින්ම බේරලා දාන්න බොක්කෙන්ම ආව උවමනාවටයි, කතාව පිළිවෙලට plan කරගෙන, යුතුකම් / වගකීම් හැටියට කරන්න වෙන දේවලුත් කරගෙන, මේක ලියාගෙන එන්න සෑහෙන කාලයක් ගතඋනා මිසක්, කතා බහ කරන්න ලැබුණු සැහෙන දෙනෙකුට දැනටමත් මේවා කියල දීල ඉවරයි!!! මුලින්ම මේ සේරම කියල දුන්නෙත් ලොකුම ලොකු එක්කෙනාට, මාර තුමාට තමයි!!! හිතාගන්න වත් බැරි වෙයි... හිතන්න යන්නත් එපා!!! මටත් වෙලාවකට මං ගැන හිතා ගන්න අමාරුයි... ගණන්ගන්න එපා!!! මම හිතන්නේ 'මේ ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති...' කියල විතරයි!!! ඉතින්, මේ 'අද කාලේ රහත්වෙන්න බෑ!!' 'ණිවන් දකින්න බෑ!!' 'ධර්මය අවබෝධ කරන්න අමාරුයි!!' 'කාටවත් මාර්ගඵල දෙන්න බෑ!!' කියන කතන්දර සේරම අමූලික බොරු!!! !!! !!! අල්ලලා දාන්න... දැන් ඔයාල ලෑස්ති වෙන්න, රහත්වෙන්න!!! මම සේරමලා / ඔක්කොමලා සෝතාපන්න කියන barrier එකෙන් එහාට පන්නලා, පුළුවන් එවුන් සේරම අනාගාමී කරලයි නතර කරන්නේ!!! !!! !!! මම කියපු වචන මොකවත් කට කහනවට කියලා නෑ!!! දැන් control එක මගේ අතේ... මම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ... ඒ කියන්නේ, දැන් ආයේ සෑහෙන කාලෙකට, මුළු විශ්වයම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගෙ මයි!!! !!! !!!

ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ... අපි ඉපදුනේ නැත්නම් මේ මොන පුකක්වත් නෑ නේ??? ලෙඩ වෙන්නේ / වයසට යන්නේ / මැරෙන්නේ / දිරවන්නේ නැති එවුන් එක්ක set වෙන්න වෙන්නේ / fit එවුන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ / 'මට ඔය දේවල් වෙන්න එපෝ!' කිව්වට හරියන්නේ නැති නිසා, දුක්වෙන්න වෙන්නේ විතරක් නෙවෙයි... ඉගෙන ගන්න චාටර් වෙන්න වෙන්නේ / රස්සා හොයන්න, රස්සා කරන්න චාටර් වෙන්න වෙන්නේ / බණ අහන්න, සංසාරයක් ගැන හොයන්න, දෙයියෙක් ගැන හොයන්න වෙන්නේ / ළමයින්ගේ, නෑයින්ගේ වැඩ වලට චාටර් වෙන්න වෙන්නේ / ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න වෙන්නේ මොකුත් නෑ නේ... ඉපදුනේ නැත්නම්??? ඉපදෙන එකමයි මේ සේරටම හේතුව!!! case එක!!! එතකොට, කොහොමද ඉපදෙන්නේ???

බුදුහාමුදුරුවෝ තමයි ඔය subject එක master කරපු කෙනා!!! !!! !!! අපිට තියෙන්නේ උන්වහන්සේගෙන් අහගන්න විතරයි!!! උන්වහන්සේ, එක දේශණාවක දී, ඔය 'උපත' නැත්නම් ඉපදීම කියන එක තෝරලා දුන්නා මෙන්න මේ විදියට!!! "ජාති... සන්ජාති... අභිනිබ්බන්ති... ඔක්කන්ති... ඛන්දානං පාතුභාවෝ... ආයතනානං පටිලාභෝ... මෙන්න මේක තමයි උපත!!" කියල!!! බුදුහාමුදුරුවෝ ඉපදිලා ඉපදිලාම දන්නවා මේ ලෝකේ හතර විදියකට ඔය 'උපත' 'උපදිනවා' කියන එක සිද්ධ වෙන බව!!! ඒ තමයි 1- අණ්ඩජ (බිත්තරයක් අස්සේ උපදිනවා) 2-ජලාබුජ (මව් කුසක උපදිනවා) 3- සංසේදජ (තෙත් පරිසරයක උපදිනවා. ** ඔය සමහර මාලු එහෙම ඉන්නේ, ගෑනු සතා බිත්තර දාගෙන දාගෙන යනවා... පිරිමි සතා ඒවා උඩින් හලාගෙන හලාගෙන යනවා... අන්න ඒ ජාතියේ case තමයි ඔය 'සංසේදජ' උපත් කියන්නේ) 4- ඕපපාතික (හිටිවනම පහළවෙනවා. ** මේ තමයි නිරි සතුන්, පෙරේතයින්, දෙවියන්, බ්‍රහ්මයින් උපදින ක්‍රමය. පරිසරයේ ඉතාම සියුම් තත්වයෙන් තියන (වාෂ්ප තත්වයෙන් තියන) රසායනික කොටස් එකතුවෙලා, හිටිවනම සියුම් ශරීරයක් නිර්මාණය වෙනවා කියල හිතන්න... ඒ හොඳටෝම ඇති!! එතන ඉඳල සත්වයා!!) ඉතින්, බුදුරජාණන්වහන්සේ උපත තෝරලා දීපු දේශණාවෙන්, 'ජාති / සන්ජාති / අභිනිබ්බන්ති / ඔක්කන්ති' හැටියට කියල තියෙන්නේ ඔය උපත් ජාති / වර්ග 4 ගැනයි!!!

ඊළඟට උන්වහන්සේ කියල තියෙන්නේ ඔය උපත් ජාති 4න් කොයි එකකින් උපතක් සිදුවුනත්, ඒ උපතේදී වෙන්නේ මොකද්ද?? කියන දේ ගැනයි!!! ඉතින් එතකොට, ඔය දේශණාවට අනුව, 'උපත කියල සිද්ධවෙන්නේ පංච උපාදානස්කන්ධයක් බැස ගැනීම, සහ ආයතන 6ක් ලැබීම විතරයි නේද??' කියන බව හැමෝටම පේනවා නේ?? නේද??? වෙන කතන්දර මොකුත්ම එපා!!! අපිට ඕනේ බුදුහාමුදුරුවෝ කියපු ටික විතරමයි!!! දැන්, ඔය ආයතන 6ක් කියන්නේ, ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන set එකට!! ඒ කියන්නේ තව සතරමහා ධාතුන්ගෙන් හැදෙන ඇඟක්!!! ඒ හන්දා, මේ ඕනෙම උපතකදී වෙන්නේ, 'අලුතෙන්' ඇඟක් හම්බවෙන එක, නැත්නම් 'අලුතෙන්ම' කයක් හැදෙන එකයි, ඒ ඇඟට / කයට පංච උපාදානස්කන්ධයක් බැසගනීමයි විතරයි!!! හරි නේ?? කරුණු දෙකයි... ඇඟක් අලුතෙන් හැදෙනවා!!! පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!!

දැන් අපි ගමු, බුදුහාමුදුරුවෝ මේ අපේ මනුස්ස ජීවිත වල හටගැනීම (ඉපදීම) සම්බන්ධයෙන් හා 'විඥාණය පවතින්නේ නාමරූප සමගමයි!! විඥාණය නාමරූප වලින් තොරව / වෙන්ව පවතිනේ නෑ!!' කියන එක තෝරලා දෙන්න සිදුකරපු තවත් සංවාදාත්මක බුද්ධ දේශනාවක්!!! ඒකෙදිත් උන්වහන්සේ උපතක් සිදුවීමට අවශ්‍ය කරුණු ගැන කියනවා... හැබැයි වෙනස් විදියකට!!! මෙතැනදී උන්වහන්සේ මනුස්ස උපතක් සිදුවීම සඳහා අවශ්‍ය කරුණු 3ක් ගැන කියා දෙනවා. 1- සරු කාන්තාවක් වෙන්න ඕනේ, 2- ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වෙන්න ඕනේ, 3- විඥාණයක් බැසගන්න ඕනේ, කියල. හරිය???

බුදුරජාණන්වහන්සේ ඔය දේශණාවේදී ඇහුවා, "සරු කාන්තාවක් උන පලියට, ඒ කාන්තාව පුරුෂයෙක් සමග එක්වුණු පලියට, විඥාණයක් බැසගත්තේ නැත්නම්, 'කළලයක්' සකස් වෙනවාද??" කියල. මේ... හැබැයි මෙතනට ඔය tubes වල blocks තියන ඒවා, ජාන විකෘතිතා වගේ නවීණ විද්‍යාත්මක කතා හරියන්නේ නෑ!!! මේ, බුදුරජාණන්වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට උඩදී කරපු දේශණාවක්!!! ඉතින්, එතැනදී ඇත්තටම උත්තරය 'කළලයක් සකස් වෙන්නේ නෑ!' කියන එක විතරයි!!! ඊළඟට උන්වහන්සේ ඇහුවා, "විඥාණයකුත් බැසගෙන කළලයක් සකස් උනා කියමු... අතර මගදී විඥාණය කළලයෙන් චුත උනොත්, කළලය උපතක් දක්වා වර්ධනය වෙයිද??" කියල. වෙනවද?? ම්හු... නෑ!! ඔය 'මළ දරු උපත්' කියල අනන්තවත් වෙන්නේ... අන්න ඒ වගේ, මැරිච්ච කළලය ඉබේම අයින් වෙනවා හරි අරන්දාන්න හරි වෙනවා මිසක්, දරුවෙක් උපදින්නේ නෑ!!! ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා, "ඉපදුන දරුවෙකුගේ විඥාණය චුත උනොත්, ඒ දරුවා තව දුරටත් වර්ධනය වෙනවාද??" කියල. වෙන්නේ නෑ නේ?? පොඩි පෙට්ටියක දාල, වලදාන්න හරි පුච්චලා දාන්න හරි වෙනවා නේ?? ඊළඟට උන්වහන්සේ ඇහුවා, "නාමරූප නැත්නම් විඥාණයට ජරා-මරණ කියල දෙයක් තියනවද??" කියල. තියනවද??? ඔය ජරාවට පත්වෙන්නේ, ඊළඟට පණ ගියහම වලලන්න හරි පුච්චන්න හරි වෙන්නේ, මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟ විතර නේ?? කවුරුවත් 'විඥාණය' පුච්චන්නේ / වළලන්නේ නෑ නේ?? ඉතින්, මේ ඇඟ නැතිඋනා නම් විඥාණයට ජරා-මරණ කියල එකක් නෑ!!! ඉතින්... ඒ දේශණාව ඔය ඇති.

ඔතනින් අපිට ගන්න ඕනේ වෙන්නේ, උපතක් සිද්ධ වෙන්න අවශ්‍ය කරුණු ටික විතරයි!!! ඒ කියන්නේ, 'ගෑනියෙකුයි මිනිහෙකුයි එකතුවෙන්න ඕනේ!! විඥාණයක් බැසගන්න ඕනේ!!' කියන ටික විතරයි. හරි නේ?? එතකොට, කලින් එකේදි වගේමයි... මෙතනත් කරුණු දෙකයි!!! හරි! දැන් ඔය දේශණා දෙකේදීම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීල තියෙන්නේ, උපතකට අවශ්‍ය කරුණු 2යි කියල නේ?? එහෙම නම් ඔය කරුණු වල මොකක් හරි සම්බන්ධයක් තියෙන්නම ඕනේ!!! ඔය දෙවැනි එකේ, ගෑනියි මිනිහයි දෙන්න කරන්නේ ඇඟක් හැදෙන්න අවශ්‍ය බීජ, 'මූලික සතරමහා ධාතු' සැපයීම බව තේරෙණවා නේ?? ඒ කියන්නේ, අර කලින් එකේදි ආයතනානං පටිලාභෝ කියපු එකම තමයි!!! ඔය කියන්නෙත් උපතේදී ඇඟ හැදෙන / කය සකස්වෙන එක ගැනමයි!!! ඔන්න... එක කරුණක් නම් ගැලපුනා!!! තව එකක් ඉතුරුයි. ඒක ගැන එක දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කිව්වේ, පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා කියල!!! මේ අනික් එකේදි කියනවා විඥාණයක් බැසගන්නවා කියල!!! මොකද්ද මේ කියන්නේ??? මේ දෙකම එකක්ද??? නැත්නම් දෙකක්ද??? ඒත් නැත්නම් මේ මොකද්ද??? ??? ???

දැන් බලන්න, බුදුහාමුදුරුවෝ මේ මාතෘකාව master කරපු කෙනා!!! උන්වහන්සේ මේවයේ නොදන්න දෙයක් නෑ!!! !!! !!! දැන් ඔය උපත ගැන කියල / තෝරලා දෙන්න, 'විඥාණයක් බැසගන්නවා...' 'පංච උපාදානස්කන්ධයක් බැසගන්නවා...' කියල තැන් දෙකකදී, කතන්දර දෙකක් කියන්න උන්වහන්සේට පිස්සු නෑ!!! හැබැයි මේ කියල තියෙන්නේ ජාති දෙකක් ගැන නම්, දේශණා දෙකේදීම ඔය දෙකම උවමනා බව කියවෙන්නත් ඕනේ!! මෙන්න මේක බලන්න... තේ එකක් හදන්න පිටියි සීනියි දෙකම ඕනේ කියමු!! එහෙම නම් එක තැනකදී තේ හදන්න පිටි විතරක් දාන්න... තව තැනදි සීනි විතරක් දාන්න කියල කියන්නේ නෑ නේ?? තැන් දෙකේදීම පිටියි / සීනියි දෙකම ඕනේ බව කියවෙන්න ඕනේ!! ඒ කියන්නේ මේ පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි කියන්නේ දෙකක් උනා නම්, දේශණා දෙකේදීම පංච උපාදනස්කන්ධයයි, විඥාණයයි දෙකම බැස ගන්නවා කියන්න ඕනේ!!! ඒත්, බුදුහාමුදුරුවෝ එහෙම කියලත් නෑ!!! ඒ කියන්නේ, මේ වෙන වෙනම ජාති දෙකක් නම් නෙවෙයි!!! !!! !!! හැබැයි ඔය දෙකම එකක් උනා නම්, නම් දෙකකින් අඳුන්වන්න ඕනේ වෙන්නෙත් නෑ!!! මොකද, බුදුහාමුදුරුවොන්ට පිස්සු නෑ... දේශණා දෙකේදීම එකම විදියට කියාවි!! නේද?? තේරිලා නැත්තේ උඹලටයි!!! !!! මේ උන්වහන්සේ හොඳටම දන්න දෙයක් ගැන කියන්නේ!!! බුදුවරු හැමෝම අවබෝධ කරගන්නේ මේක තමයි!!! ඉතින්... මොකද්ද මේ??? ??? ???

ගමුකෝ පොතක්! ඕං ඒකෙ තියනවා කවියක්!! ... මොකද්ද?? ... කවියක්!!! ... තියෙන්නේ කොහොමද?? ... පොතේ, අකුරු වලින් ලියපු, නැත්නම් print කරපු, 'වචන' ටිකක් හැටියට තමයි තියෙන්නේ!!! හරිද?? පැහැදිලිද?? හරි! දැන්,කෙනෙක් ඕක බලාගෙන හයියෙන් කියවනවා කියමු!! ... මොකද්ද අනික් අයට ඇහෙන්නේ??? ... කවියක්!!! ... අර පොතේ තියන කවිය!!! ... ඒත්, ඇහෙන්නේ කොහොමද??? සද්දයක් හැටියට, අර 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! ...බාහිර පරිසරයේ / අවකාශයේ විහිදිලා, පැතිරිලා යන ස්වරූපයකින්, අර පොතේ තියන 'වචන' ටිකමයි ඇහෙන්නේ!!! හරිද?? තේරුණාද??? මේ එකම දෙයක් නේද?? 'එකම වචන ටික' නේ!!! ඒත්, තියෙන්නේ කොහොමද?? දෙවිදියකට... ස්වරූප දෙකකින්... ස්වභාවයන් දෙකකින්... එහෙම නේද?? අන්න case එක!!! තේරුණයි??? විඥාණය / පංච උපාදානස්කන්ධය කියන දෙකේ කතන්දරයත් ඔච්චරම තමයි!!! කරුණු හැටියට ඒ දෙකේම අඩංගු වෙන්නේ එකම දෙයක් මයි!!! !!! !!! නමුත් ඔය දෙක පවතින්නේ ස්වරූප දෙකකින්!!! 'පංච උපාදානස්කන්ධය' කියන ස්වරූපය වැහුණු පරිසරයක ක්‍රියාත්මක වෙද්දී, 'විඥාණය' කියන ස්වරූපය අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුක්තයි!!! එච්චරයි.

ඊළඟට ගමු අර 'පංච උපාදානස්කන්ධය!!' බුදුහාමුදුරුවෝ ඒක අර්ථ දැක්වුයේ මෙන්න මෙහෙම. **- අතීත වූද, අනාගත වූද, වර්තමාන වූද, තමා ගේ යයි සලකන්නා වූ හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ, ගොරෝසු වූ හෝ සියුම් වූ, ළාමක (හීන) ස්වරූපයෙන් පවත්නා වූ හෝ උසස් (ප‍්‍රණීත) ස්වරූපයෙන් පවත්නා වූ, දුරින් පවතින්නා වූ හෝ ළඟින් පවතින්නා වූ යම්කිසි රූපයක් ඇත්ද, එය රූප ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි වේදනාවක් ඇද්ද, එය වේදනා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි සංස්ඛාරයක් ඇද්ද එය සංඛාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම්කිසි විඥාණයක් ඇද්ද එය විඥාණ ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. -** දැන් මේ කියල තියෙන, අතීතයේ ඉඳන් මේ වෙනකම් ඔය එක එක්කෙනා දැකපු / අහපු / විඳපු / හඳුනා ගත්තු / චේතනා පහල කරලා හිතපු, කියපු, කරපු / දැනගත්තු සේරම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අතීතයේ සිට මේ දැන් වෙනතෙක් කොටස, තමයි ඔය තම තමන්ට තියන මතකය!!! ඊළඟට, ඔය උදවියට මෙතැන් සිට ඉදිරියට කරන්න පුළුවන් ඒ පැරණි මතකය ආවර්ජනය කිරීම සහ ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් කල්පණා කිරීම / අනාගත බලාපොරොත්තු ඇතිකර ගැනීම, තමයි ඔබේ සිතීමේ ක්‍රියාවලිය!!! ඔන්න ඔය දෙකේම එකතුව, නැත්නම් 'සත්වයා' කියල ගන්න තියන සේරම, අර... 'මම' වෙන්න ඇති! 'මගේ ආත්මය' වෙන්න ඇති! කියල හිතාගන හිටිය case එක, තමයි ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ!!! කොටින්ම, 'සත්වයෙක්' කියල හඳුන්වන එකාගේ තියන 'ඔක්කොම' වචන තුනකින් කිව්වා වගේ වැඩක්!!! ඕනෙම මනුස්සයෙක් අරන් බැලුවොත් ඒ මනුස්සයගෙයි කියල කියන්න තියන 'ඔක්කොම ටික' ඔය පංච උපාදානස්කන්ධයේ තියනවා!!!

දැන් ඔය පංච උපාදානස්කන්ධය තියෙන්නේ කොහෙද?? තමුන්ගේ හිතේ!!! ඔන්න ඕක තමයි තමුන් ළඟ තියන 'පොත...' ඕක වෙන සාමාන්‍ය උදවිය කාටවත් පේන්නෙත් නෑ!! කියවන්නත් බෑ!! තමුන්ටම තමයි ඕක කියවත හැක්කේ... (හැබැයි, බුදුකෙනෙකුට නම් ඕනෙම කෙනෙකුගේ ඕනෙම පොතක් කියවත හැකියි!!! හිත දියුණු කරපු උදවියටත් සැහෙන දුරකට පුළුවන් වෙයි... ඒත්, ඒවා මෙතනට අදාළ නෑ!!) ඉතින්, දැන් ඔය හිතේ තියන ඒවා තමුන් කියව කියවා හිටිය කියමු..."මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. ඕක ඔහොම කියවද්දී, හතර වටේටම ඇහෙනවා!! සද්දෙන් කිව්වොත්, හතර දිග්බාගෙටම ඇහෙනවා!!! දැන්,ඔහොම කියව කියව ඉන්න අතරේ තමුන් මැරෙනවා!!! තමුන් හබක්... ඉවරෙටම ඉවරයි!!! ෆිනිතෝ!!! ආයේ නෑ!!!ඒත්, මෙන්න බොලේ කාලෙකට පස්සේ අල්ලපු ගමේ ඔය කියපුව 'අහගෙන හිටපු එකෙක්' ඉපදිලා, ඔය මැරිච්ච එකා කියවපු ටිකම කියවන්න ගන්නවා!!! ඌ වෙන එකෙක්... අලුතෙන්ම හැදිච්ච එකෙක්!!! ඒත් කියවන්නේ පරණ කතාවක්!!! අනික, 'වෙන එකෙක්ගේ' එකක්!!! !!! !!! "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. මොකද වෙන්නේ??? ඌ කියන ඒවා අහන එවුන් සේරම රැවටෙනවා, 'මෙන්න බොලේ අර අල්ලපු ගමේ හිටිය අමල් මැරිලා මෙහෙ ඉපදිලා...' කියල!!! අර අලුතෙන් හැදිච්ච එකාට මොකද වෙන්නේ??? ඌ දන්නෙත් නෑ නේ, මොකද්ද මේ වෙච්ච 'හරුපේ' කියල... ඌත් රැවටෙනවා, 'අඩේ, එහෙමනම් 'මම තමයි' කලින් අර අහවල් ගමේ ඉපදිලා ඉන්න ඇත්තේ... ඒ කාලේ 'මගේ අම්ම' තමයි කමලා කියන්නේ... ඒ කාලේ 'මගේ තාත්තා' තමයි විමල් කියන්නේ...' එහෙම කියල!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.