Monday, December 19, 2011

බුදුහාමුදුරුවෝ කිව්වේ, "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං" මහණෙනි, මේ කය ඔබේ නොවේ!! "නාපි අඤ්ඤේසං" වෙන කෙනෙකුගේද නොවේ!! "අභි සන්කතන්"විශේෂයෙන් සකස්වූ දෙයක්!! "අභිසන් චේතයිතන්" විශේෂයෙන් පහල කල චේතනාවක ප්‍රතිඵලයක්!! "වේදනීයන් දට්ඪබ්බං" විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!!"පුරාණ මිදං භික්ඛවේ කම්මං" මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!! කියලයි. ඒයි... ඔය 'උඹගේ ඇඟ' උඹගේ නෙවෙයි ලු!!! හැබැයි, වෙන එකෙක්ගෙත් නෙවෙයි ලු!!! ඕක නිකම්ම නිකම් පොළවෙන් ගත්තු දේවල්, හතරමහා ධාතු වලින් හැදිච්ච කෙහෙල්මලක් විතරයි!!! ඕක, කලින් කරපු කරුමයක්... කලින් චේතනාවක් පහල කරපු එකක ප්‍රතිඵලයක්... ඒත් ඒ කරුමේ කරපු එකාවත්, චේතනාව පහල කරපු එකාවත් දැන් නෑ!!! ඌ මැරිලා!!! !!! !!! උඹට තියෙන්නේ විඳවන්න විතරයි!!!

ඒයි... 'මේක' උඹේ නොවුනට, වෙන එකෙක් කෙලපු පිස්සුවක ප්‍රතිඵලයක් උනාට, දැන් උඹට දැනෙන විදිය කොහොමද??? අතක් පයක් කැඩුවොත්, 'මේ මගේ එකක් නෙවෙයි... ගානක් නෑ!!' කියල ඉන්න පුලුවන්ද??? ඇදගෙන ගිහින් කිඹුලන්ට කන්න දැම්මොත්, 'ආ... අවුලක් නෑ!! මං නෙවෙයි නේ...' කියල ඉන්න පුලුවන්ද??? ඔන්න ඕකයි seen එක!!! ලාබයක්, කීර්තියක්, ප්‍රසිද්ධියක්, ප්‍රසංසාවක් ලැබුණම ඉදිමෙන්න / උඩපනින්න යනවා... දුකක් / කරදරයක් උනාම විලාප ගහනවා... මොකෙක් හරි බැන්නොත් කලොත් ඌව කන්න හදනවා... මිසක්, උඹට තේරෙනවද මේ වෙන එකෙක් කරපු දෙයක ප්‍රතිඵලයක් බව?? කලින් සිද්ධවෙච්ච දෙයක ප්‍රතිඵලයක් බව?? උඹට දැනෙන්නේ මේ ඔක්කොම උඹටම වෙන දේවල් විදියට නේද??? ඔන්න ඔතනයි case එක!!! දැන් තෝ ඇත්ත නොදැන, එක්කෝ පිලි නොගෙන, පිස්සු කෙලියොත්, තෝ වෙලාව ඉවරවෙනකොට කොහොමත් මැරෙණවා!!! !!! !!! ඒත් ඒ මැරෙණකොටම තව සත්වයෙක් උපදිනවා!!! එතකොට ඌට වෙන්නෙත් මේ විදියටමයි!!! ඌත් විඳින්න වෙන හැම දේම ඌටම වෙන දේවල් කියල පිළිඅරන් විඳවනවා මිසක්, වෙන එකෙක් හන්ද (තෝ හන්ද) කන්න වෙච්ච පරිප්පුවක් කියල දැනගන්නේ නෑ!!! අනික, ඌටත් ඔය තොගේ කුණු කන්දල් ටික පැටෙව්වහම, 'මං අරහේ හිටියා...' 'මං මෙව්වා මෙව්වා කලා...' 'මට මෙව්වා මෙව්වා තිබුනා...' 'දැන් මොකුත් නැතෝ!!!' කිය කියා විලාප තියන්න වෙනවා!!! වැඩිය ඕනේ නෑ... 'දමිය' අපිට හොම්බට ඇන ඇන කිව්වා... අපි ඇහුවේ නෑ නේ?? කියල විඳවන්න වෙනවා!!!

ඊළඟට, විශේෂයෙන් අද කාලේ එවුන්ට ගොඩාක්ම වැදගත්වෙන නිසා, දැන් ඔය 'නවීණ විද්‍යාවට' අනුව කතාවෙන සත්වයන්ගේ 'ජාන' නැත්නම් DNA හුචු හුචුවට මේ විඥාණය බැසගැනීම සම්බන්ධ වෙන ආකාරය චුට්ටක් කියනවා නම්, මේ 'භවය' හැටියට බුදුරජාණන්වහන්සේ දක්වල තියන විද්‍යුත්චුම්බක කදම්බය, සත්වයෙකුගෙන් සත්වයෙකුට එහෙම්පිටින්ම වෙනස්, ත්‍රිමාණ තලයේ '3D space' පවතින හැඩයක් ගන්න එකක්!!! ඉතින්, උපතක් සිදුවීමේදී, negative එකක image එකක් expose වෙනවා වගේ, සම්බන්ධ වෙන / resonate වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට අනුව DNA structure එක modify වෙනවා!!! තියන branches නැති වෙනවා... නැති branches හැදෙනවා... ඒ branches වල දිග අඩු වැඩි වෙනවා... අන්න එහෙම වෙලා තමයි ඔය කර්මානුරූපව අත/පය නැති, කොරවෙච්ච, ඇස්/කන් නැති අංජබජල් පොරවල් එහෙම උපදින්නේ!!! එකම පවුලේ ඉපදෙන එවුන් පවා අහසට පොලව වගේ වෙන්නෙත් මෙන්න මේ නිසාම තමයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, සත්වයා, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා...' (කර්මයම උප්පත්ති ස්ථානය කරගෙන, කර්මයම ඥාතියා කරගෙන, කර්මයම දායාද කරගෙන) ඉන්නවා කියලා!!!

කතාව සම්පූර්ණ වෙන්න, කෙනෙකුට මේ ජීවිතය අවසානයේදී මුහුණ දෙන්න වෙන 'සීන්කෝන්' ගැනත් චුට්ටක් බලමු නේද?? අරහත්වයට පත්වෙච්ච කෙනෙකුට නම් අමුතුවෙන් බලන්න මොකවත් නෑ!!! එයාලා අවසානය මොකද්ද කියල බලාගන්නේ ජීවත්ව ඉන්දැද්දී මයි!!! !!! !!! 'ණිවන් දකිනවා' කියන්නේ... අන්න ඒක!!! ඒත් අරහත්වයට පත්වෙන්න බැරිවෙච්ච කෙනෙකුට ඊළඟට සකස්වෙන උපත අනුව, කිහිප ආකාරයකට 'ආතල්' ලැබෙණවා!!! ඇත්තටම මේ වෙන්නේ රේල් පාරේ පීලි මාරුවෙනවා වගේ වැඩක්!!! පීලි මාරු උනාට, කෝච්චි පෙට්ටිය ඇතුලේ ඉන්න කෙනාට වෙනසක් දැනෙන්නේ එහාට මෙහාට හැරුනම විතරයි නේ?? එළියෙන් ඉඳන් බලන් උන්නම නම් පේනවා, ඔන්න දැන් මේ පීල්ල තියෙන්නේ තව ටිකයි... ඊළඟ එකට වැටෙන්න තව චුට්ටයි... ඒක තියෙන්නේ අහවල් දිහාවට... එහෙම කියල. දැන් 'හොඳම ආතල් එක' තියෙන්නේ, මේ මැරෙණ මැරෙණ මිනිස්සු, 99.999999999% විතරම, යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට!!! ඒකෙන් නිරය / පෙරේත ලෝක වෙනස්!! තිරිසන් ලෝක වෙනස්!! අර ඇඳපු graph එකේ බලන්න, පුනරුප්පත්තියක් වෙනකොට සිද්ධවෙන්නේ cross-fade එකක්!!! කලින් එක විනාශවේගන යනකොට අලුත් එක ආරම්භ වෙලා...

නිරය / පෙරේත ලෝක කියන්නේ ඕපපාතික උපත්. හැදි හැදී ඉන්න දෙයක් නෑ... පහලවෙච්ච ගමන් සත්වයා!! එයාලට cross-fade එක අතරතුර කාලයේ, කයවල් දෙකෙන්, දැන් ඉන්න පරිසරයේත්, ඊළඟට set වෙන පරිසරයෙත් දෙකේම තියන දේවල් අහන්න / දකින්න / විඳින්න ලැබෙණවා!!! ඇස් දෙකෙන් දෙපැත්ත දකිනවා... කන් දෙකෙන් දෙපැත්තේ ඒවා ඇහෙනවා වගෙයි... අනික් ගඳ-සුවඳ / පහස සේරම එහෙමයි!! එතකොට 'සත්වයාට' දැනෙන්නේ ඒ දෙකේම ඒවා එකතුවෙලා තමයි!!! අපේ හාමුදුරුවෝ කියපු කතාවක කිව්වා, ඉන්නකම් හොඳට සද්දේ දාගෙන, අනික් එවුන්ව පාගාගෙන රජා වගේ හිටිය කෙල්ලෙක් මැරෙන්න වැටිලා, 'අම්මේ ගේ ගිනිගන්නවෝ...' 'අනේ අම්මේ මාව බේරගන්න... හතර දෙනෙක් ඇවිත් මාව ඇදගෙන යන්න හදනවා...' කියල විලාප ගහපු seen එකක්!! එයා set වෙලා තියෙන්නේ නිරයට!!! එක පැත්තකින් ගෙදරයි, අනික් පැත්තෙන් ගිනි ජාලාවලුයි දැක්කම පේන්නේ ගේ ගිනිගන්නවා වගේ තමයි!!! අනික අපායට වැටිච්ච ගමන් යමපල්ලෝ හතර දෙනෙක් ඇවිල්ල අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගන්න කතාව බුදුහාමුදුරුවෝ කියල දීල තියෙනවා!!! ඒ ටික තමයි 'අරය' දැකල තියෙන්නේ. එතනින් එහාට වෙච්ච දේ කියන්න විදියක් නෑ.. 'එයා' මේ ලෝකෙත් එක්ක තිබ්බ සම්බන්ධකම් ඉවරයි!!! ඊළඟට තියන රස වෑහෙන කතාව බුදුහාමුදුරුවෝ නම් කියල දීල තියෙනවා!!! ප්‍රශ්ණ 5කට උත්තර සපයන්න තියනවලු... ඊළඟට පොතු අරිනවලු... අර, වෑයෙන් පොල් ලී රහින්නේ... අන්න එහෙම කරලා අරන්, ඊළඟට 'කොත්තු තැටියක්' වගේ මහා විසාල රත්වෙච්ච යකඩ පොළවක දොයි කරලා, අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි ඇණ ගහනවලු... එහෙම කෝටි ප්‍රකෝටි ගණන් නිරිසත්තු දොයි කරලා ඉන්නවලු. ඊළඟට ඉතින් ගොයම් පාගනවා වගේ යකඩ රෝද තියන කරත්ත වලින් පාගනවලු. අවුරුදු දහස් ගණන්, සමහරුන්ට ලක්ෂ, කල්ප ගණන් ඒ course එක හම්බවෙනවලු!!!ඕව sure නැති අය කලබල වෙන්න එපා! ගිහිල්ලම බලාගන්න පුළුවන් නෙ...

තව කතාවක හාමුදුරුවෝ කිව්වා මේ වයසක පහේ උන්ද කෙනෙක්, 'මොකද මේ හැම තැනම ගූ ගොඩවල්?' කියල අහපු seen එකක්. ඒවගේ එව්වා නම් ඇති පදම් අහන්න ලැබුණා!!! ඒ සේරමලා පෙරේත ලෝකෙට set වෙච්ච උදවිය!!! එවුන් නම් නැති තැනක් නෑ!!! උන්ට ඉතින් මොකුත් කන්න / බොන්න බෑ... ඇල්ලුවට අහුවෙන්නේ නෑ... කතාකලාට කාටවත් ඇහෙන්නේ නෑ... ගූ / කෙල තැඹි / හොටු තැඹි වගේ ඒවා තමයි කන්න තියෙන්නේ!!! කක්කුස්සි වලවල්, කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න තියෙන්නේ!!! ඇඳුම් නෑ, හොරි හැදිලා, වණ වෙලා, ගඳ ගගහ තමයි ඉන්න තියෙන්නේ!!! අවුරුදු දාස් ගණන් එහෙමයි!!! ආතල් maxa!!!

අනික් ඔය තිරිසන් ලෝක වලට set වෙන එවුන්ට නම්, එකපාරට ඇදගෙන ගිහිල්ල තිත්ත කළුවර පෙට්ටියකට දාල වැහුවා වගේ වෙනවා!!! ඇහෙන්නේ / පේන්නේ / දැනෙන්නේ නෑ... හිතෙන ඒවා සේරම නම්, මේ දැන් වගේම වැඩ!!! අන්න ඉතින් සනීපෙට විඳවන්න ලැබෙණවා!!! විලාප ගහන්න තමයි තියෙන්නේ!!! ඊළඟට, දඟලන්න එහෙම වෙන්නේ කාලයක් ගියාම තමයි. ඒත් උණ්ඩි කරලා උණ්ඩි කරලා හිරේ දැම්ම වගේ තමයි එලියට එනකම් ඉන්න වෙන්නේ!!! එලියට එනකොට අම්ම ඥාව් ඥාව් ගාල ලෙව කනවා... නැත්නම් උම්බෑ උම්බෑ කිය කියා ලෙව කනවා... එක්කෝ එලියට ආව ගමන් හොට කපල, අඹරන්න දානවා... ඔන්න ඔහොම තමයි වෙන්නේ!!!

මනුස්ස / දිව්‍ය උපත් ගැන නම් කතා කරලත් වැඩක් නැති ගණනයි!!! මොකද දැන් ඉන්න ගොඩාක් එවුන්ට ඒවාට යන්න ලැබෙන්නේ නෑ!!! බොහොම සුළු පිරිසකට, 0.000000001% වගේ පිරිසකට විතරයි chance එක තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ තථාගතයි නේ!!! ඔන්න ඕකයි, 'සංසාරෝඝං මහබ්භයං කියල, කියල තියෙන්නේ!!! හිතාගෙන ඉන්න ඒවා, හීන දකින ඒවා වෙන්නේ නෑ... time pass උනොත්, රෙවෙනවා මයි!!!

හැබැයි ඉතින් මෙච්චර භයානක සංසාර ගමනක් ආවේ, මේතරම් දුක් කන්දරාවක් විඳින්න උනේ, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු හන්ද කියල බුදුහාමුදුරුවෝ කිව්වා නේ?? මතක නේ... අර 30 නමක් භාවනානුයෝගීව වැඩසිටිය භික්ෂුන්වහන්සේලා උන්වහන්සේව මුණගැහෙන්න ආව වෙලාවේ, 'රහත්වෙන්නම දුන්නේ'??? ඉතින් ඒකම තමයි case එක!!! මොකද, කවුරු උනත් ඔය හිතේ තියන තියන දේවල් බදාගෙන හිත හිතා ඉන්නේ නැත්නම්, ඒ ඇඟවල් වලින් තව සත්වයෙක්ව උපද්දවන්න 'භවයක්', electromagnetic field එකක් හැදෙන්නේ නෑ!!! භවයක් තිබ්බොත්, ඒ කියන්නේ පැතිරෙන්න electromagnetic field එකක් තිබුනොත් විතරයි තවත් සත්වයෙක් උපදින්න පුළුවන්!!! නැත්නම් මොකුත් නෑ... මේ ජීවිතයෙන්ම ඉවරයි!!! පිරිණිවන් පානවා!!! අනික් එක, පංච උපාදානස්කන්ධය මගේය, මට වෙච්ච දේවල්ය, මං කියපු / කරපු දේවල්ය, කියල නොගත්ත නම් කොහොමත් ඕක ගැන එච්චර හිතෙන්නේ නෑ!!! අපි වෙන එකෙකුට වෙච්ච දෙයක් ගැන, වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන, පැල් බැඳගෙන හිත හිතා ඉන්නේ නෑ නේ කොහොමත්?? අන්න ඒ වගේ, පංච උපාදානස්කන්ධය මගේය කියල රැවටුනේ නැත්නම්, කොහොමත් හිත හිතා ඉන්න දෙයක් හිටින්නෙත් නෑ!!!

ඕකම තමයි බුදුරජාණන්වහන්සේ බාහිය දාරුචීරිය උත්තමයට කිව්වෙත්. "දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!!" දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... කිය කියා පිස්සු කෙලින්න නෙවෙයි!!! රූපය, ඇහැ සීමාවේ තියනකම් පෙනිච්චාවේ... ඈත්වෙච්ච ගමන් ඒගැන අමතක කරලා දාන්න!!! "ඇහුනොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!!" ඇහුන... ඇහුන... පිස්සුව කෙලින්න නෙවෙයි... සද්දේ ඇහෙනකම් අහං හිටපිය!! හැබැයි, අහං ඉන්නවා විතරයි... මොකුත්ම හිතන්න වැඩක් නෑ!! සද්දේ නැවතුනාම අමතක කරලා දාන්න!!! "රසක් / ගඳක් සුවඳක් / පහසක් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න!!" කනකම්, බොනකම්, විඳිනකම් ඒ ගැන සිහියෙන් ඉන්න... ඉවර උනාම අමතක කරලා දාන්න!!! "යමක් හිතුවොත්, පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න!!" එක එක ඒවා හිතෙයි. ගනන්ගන්න එපා!!! හිතට ආපු සැනින් අමතක කරලා දාන්න!!! "ඔබ හික්මෙන්නේ එහෙම නම්, එතන 'සකස්වෙන' දෙයක් නෑ!! 'සකස්වෙච්ච' දෙයක් නැත්නම්, 'ඔබ' එතන නෑ!! 'ඔබ' එතන නැත්නම් වෙන තැනකත් නෑ!! ඒ අතරවාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!!" මේ කියන්නේ, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කන්නෙ / බොන්නෙ / නිදාගන්නේ නැතුව, පුක විකාගෙන හිටපිය කියල නෙවෙයි!!! නිකම් setup එකක් වගේ උඹට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච පලියට, 'මම දිගටම ඉන්නවා ඇති... මෙතන ඉන්න බැරි වෙනකොට වෙන එකකට යනවා ඇති... පින් කරලා මීට වඩා හොඳ එකකට යන්න ඕනේ... දෙයියෙක් ඇති...' වගේ ලෝකේ නැති කුණුහරුප හිතන්නේ නැතුව, උඹල / අපි සේරමලා මේ පොඩි කාලයක් ඉඳල විනාසවෙලා යන්න හැදිච්ච සත්තු ටිකක් විතරයි බව තේරුම් අරගෙන, ඉන්න ටිකේ කාටවත් 'ඇණයක්' නොවී පාඩුවේ හිටපන් කියන එකයි!!! එතකොට කර්ම රැස්වීමක් නෑ... ඒ කියන්නෙත් භවයක් (electromagnetic field එකක්) නෑ කියන එකමයි!!! මොකද බුදුරජාණන්වහන්සේ භවය තෝරලා දුන්නේ, 'විපාක දීම පිණිස කර්ම රැස්වීමක්' හැටියට!!! ඒකට අනුව නේ, ඇඟක් set වෙන්නෙ. අන්න ඒකයි!!!

මේ, ඒක නෙවෙයි... දැන් උඹලට සංසාරේ යන්න පුලුවන්ද??? ??? ??? බුදුහාමුදුරුවෝ, පංච උපාදානස්කන්ධය මගෙයි කියල ගත්ත ඒක නේ upset එක කිව්වේ... දැන් උඹලට කොහොමත් එහෙම ගන්න බෑ නේ?? උඹ දැක්ක නේ, ඒකෙ වැඩිහරියක්, වැඩිහරියක් කියන්නේ එහෙම්පිටින්ම වගේ, තියෙන්නේ කලින් හිටපු හිටපු එවුන්ගේ කුණුකන්දල් මිසක්, උඹගේම එව්වා නෙවෙයි බව?? හරි! කමක් නෑ. උඹ මට තර්ජනයක් එහෙම දාල, 'පංච උපාදානස්කන්ධය මගේ තමයි යකෝ!' කියල බලෙන්ම ගන්නවා කියමු!! ඒත් උඹ දැක්ක නේ, උඹට මෙතනින් එහාට යන්න බැරි බව?? 'මං' යනවයි කියල හිතන් හිටියට, ගියොත් යන්නේ 'වෙන එකෙක්' බව?? තෝ මැරුණම එතනින් තෝව ඉවරනේ?? උඹට කොහෙවත් යන්න වෙන්නේ නෑ නේ?? අන්න ඒක තමයි වැඩේ... සත්වයාට සංසාරේ යන්නවත්, දෙයියෙක් ගාවට යන්නවත්, ස්වර්ගෙට යන්නවත්, වෙන දිහාවකට යන්නවත් බෑ!! බොල!!! එකෙක් මැරුණම ඌ ඉවරයි!!! උඹල සේරමලට එච්චරයි!!! උඹල ඔක්කොම කොච්චර පින් කර කර, කොච්චර දාන මාන දීගෙන හිටියත්, කොච්චර පෙරුම් පුර පුර, ලොකු ලොකු හොඳ HiFi ජීවිත ලබන්න බලාගෙන හිටියත්, තොපිට ඒ මොකවත්ම ලැබෙන්නේ නෑ!!! තොපි සේරමලා මැරිලා කතන්දරේ ඉවර වෙනවා!!!

ඒයි, උඹල වැඩි වැඩියෙන් ලබන්න හිතාගෙන, පුක ඉරාගෙන පින් කරපුව, මහා දාන දීගෙන ලොකු ලොකු ඒවායින් ලබන්න පෙරුම් පුරපුව, සේරම අපරාදේ නේද බං?? සමහරු ලොකු ලොකු ඒවායින් ලබන්න හිතාගෙන, හොඳ හොඳ උසස් ඒවායින් ලබන්න හිතාගෙන, කෝටි ගණන් වියදම් කරගෙන මහා විසාල පිළිම හදනවා... චයිත්‍ය හදනවා... හොඳ ලොකුවට නම ගහනවා... අයියෝ සල්ලි!!! බුදුහාමුදුරුවෝ පින් කරන්නයි කිව්වේ ලොකු ලොකු ඒවායින් ලබන්න නෙවෙයි බොල!!! මේ මහා චාටර් වැඩ පිලිවෙලින් ගැලවෙන්නයි!!! !!! !!! දැන් ඉතින් දැක්ක නේ, තොපිලගේ බලාපොරොත්තු, ප්‍රර්ථනා, පින් කර කර ඉල්ලපුවා ඔක්කොම හබක්!!! ඒවායින් ප්‍රයෝජනය ගන්න හිටියේ වෙන එකෙක්!!! තොපි නිකම් petrol පුච්චගත්තට තොපිට මොකුත් නෑ... තේරුණාද??? ඉතින් ආයේ තා ඇඟක් ඉල්ලලා, තව ජීවිතයක් ඉල්ලලා වැඩක් ඇත්තෙම නෑ.. හම්බවෙන්නේ නෑ!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.