Monday, December 19, 2011


ඊළඟට අපිට තියනවා බොහොම වැදගත් තවත් ස්වභාවික සංසිද්ධියක්!!! ඒ තමයි, 'අනු නාදය' නැත්නම් resonance කියල හඳුන්වන, මොකක් හරි 'කම්පණයක්' සිදුවෙන තැනක, ඊට සමාන කම්පණ සංඛ්‍යාත තියන, පරිසරයේ තියන අනෙකුත් දේවලුත් ඒ කම්පණය අනුව ඉබේම කම්පණය වීමට පටන් ගැනීම!!! ගොරවනකොට ගෙවල් ඇතුලේ ජනෙල් වීදුරු / බඩු මුට්ටු දෙදරන්න ගන්නේ... බෙර / drums සද්ද අනුව නැත්නම් ඔය බර වාහන / කෝච්චි වගේ ඒවා ලඟින් යනකොට ඇඟ ඇතුලෙත් දෙදරනවා දැනෙන්නේ... උච්ච සංඛ්‍යාත (high pitch) සංගීත භාණ්ඩ වාදනය කිරීමේදී සියුම් වීදුරු භාණ්ඩ බිඳෙන්නේ... අන්න ඒ සේරම ඔය අනුනාද නැත්නම් resonance සංසිද්ධිය නිසයි!!!

ඉතින්, දැන් මේ සත්වයිනුත් පොඩි පොඩි 'ගුවන්විදුලි සේවා' පවත්වගෙන යනවනේ... උන් දන්නේ නෑ, එහෙම කෙහෙල්මලක් සිද්ධවෙමින් පවතින බව!! හැබැයි වැඩේ වෙනවා!!! !!! !!! ඒවයෙදීත් වෙන්නේ ඔය කලින් කියපු කතන්දරම තමයි!!! අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ විකාශන කටයුතු කරගෙන යනවා... ඒත් ඒවා පවතින්නේ තනි තනිවම!! කවලම් වෙන්නේ නෑ!!! ඒවගේම, ඒවා කොච්චර දුරකට විකාශණය වෙනවද කියන එකත් මහා 'පුක මුට්ටුවෙන' seen එකක් තමයි!!!හිතාගන්නවත් බැරි තරම් දුර යනවා!!! බුදුහාමුදුරුවෝ, "දූරන් ගමං... ඒක චරං..." (බොහෝ දුර ගමං යනවා... තනිවම තමයි යන්නේ...) කියල කියපු ගාථාවක් එහෙම අහල ඇති නේ?? ඒ කියල තියෙන්නේ මේ seen එක ගැන තමයි!!! ඒක පස්සෙ බලමු. හැබැයි මේවා, radio වලින් / TV වලින්, නැත්නම් දැනට හදල තියන මොනම අධිතාක්ෂණික උපකරණයකින්වත් අහන්න 'අල්ලන්න' බෑ!!! මේ 'විකාශණ' නැත්නම් 'transmissions' හරියන්නේ, ස්වභාවධර්මයෙන්ම හදන 'සත්ව ශරීර' කියන 'උපකරණ' නැත්නම් 'මැෂින්' වලටම විතරයි!!!

ඊළඟට තියන ප්‍රශ්ණය තමයි, මෙහෙම සිදුවෙන 'විකාශණයක්' receive කරන්න, 'ග්‍රහණය කරගන්න' ඇඟවල් සුසර / tune කරන්නේ කොහොමද?? කියන එක!!! ඒකට උත්තරය තමයි, මේ සත්ව ශරීර නැත්නම් ඇඟවල් සම්බන්ධයෙන් සුසර / tune කරන කතාවක් නෑ!!! සුසර වෙච්ච / tune වෙච්ච, 'වඩාත්ම ගැලපෙන' ඇඟක්, මේ පැතිරෙන චුම්බක ක්ෂේත්‍රයට අනුව කම්පණය වීමට පටන් ගන්නවා විතරයි!!! ඒක තමයි බුදුරජාණන්වහන්සේ, මේ සත්වයින් 'කර්මානුරූපව උපදිනවා' කියල පෙන්වල දෙන්න හේතුව!!! !!! !!! පවතින සිතේ ස්වභාවයට අනුරූප කයක් තමයි මේ විඥාණයට අනුව resonate වීමට, අනුනාද වීමට පටන් ගන්නේ!!! හැබැයි සත්වයෙකුගේ 'හිතක' තියෙන්නේ එක දෙයක් නෙවෙයි!!! මේ ඇවිල්ල හිතාගන්නවත් බැරිතරම්, අනන්ත ප්‍රමාණයක් විද්‍යුත් තරංග වල සම්මිශ්‍රණයක්!!! තරංග කදම්බයක්!!! හැම සත්වයෙකුටම ආවේනික ගුණාංග හැම එකක්ම, එක එක ආකාරවලින් මේ මිශ්‍රණයේ අඩංගු වෙලා තියනවා!!! ඒ අතරේ මූලික වශයෙන්ම කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැසෙමින් පැවත එන මතකය, ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා තීරණය වීමට බලපාන පින් / පව් සම්බන්ධ දේවල්, මනුස්සයෙක් නම්, දාන / සීල / භාවනා වල යෙදිලා දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, සීල / සමාධි / ප්‍රඥා හැටියට දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, හෑම එකක්ම තියනවා!!! බුදුරජාණන්වහන්සේ මෙන්න මේ තරංග කදම්බය තමයි, 'භවය' කියල හඳුන්වලා දුන්නේ!!! !!! !!! උන්වහන්සේ කිව්වා, 'භව පච්චයා ජාති' කියල!!! මොකද උන්වහන්සේ පැහැදිලිවම අවබෝධ කරගෙන හිටියා, මේ විදිය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක පැතිරීමක් සිදු උනොත්, කොහේ කොයි දීපංකරේක හරි ඒකට අනුරූප කයක් resonate වෙලා, කම්පණය වෙලා, තවත් සත්වයෙකුගේ උපතක් සිද්ධවෙන බව!!! !!! !!!

ඔන්න දැන් තියනවා ටිකක් එකපාරට හිතාගන්න අමාරු දෙයක්!! රූප සටහනකුත් හැදුව ඒක තේරුම් ගන්න පහසු වෙන්න... දැන් මේ සත්වයා කියන 'එකා' හැදිලා තියෙන්නේ 'පංච උපාදානස්කන්ධ' විසුරුවාහරින්න, transmit කරන්න නෙවෙයි නේ?? ඒක ඉබේ සිද්ධවෙන දෙයක් මිසක්, කිසිම සත්වයෙකුට එහෙම දෙයක් වෙනවා කියල හැඟීමක් වත් නෑ!!! කිසිම සත්වයෙකුට එහෙම කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ!!! සත්වයාට ඕනේ වෙන මොකක් නැති උනත්, ඒකගෙ පැවැත්ම තියාගන්න විතරයි!! ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලානේ තියෙන්නේ... ඉතින් අවුලක් නෑ!! ආයුෂ තියන තාක්, 'කය' පවතින තාක්, ඒ 'කය' පදනම් කරගෙන විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං... කතන්දරයත් අඩුපාඩු නැතුව ක්‍රියාත්මක වෙමින් තියනව!! දුර්වල විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තමයි අවකාශයේ පැතිර පවතින්නේ!! ඉර්ධිමත් රහතුන්වහන්සේලාට නම් මේ ක්ෂේත්‍රය බලවත් කරගෙන නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. එක්කෙනා දහස් ගණනින් පෙනී සිටින්න... පොළවෙන් කිමිදිලා මතුවෙන්න... වතුරේ ඇවිදින්න... ඈත දිව්‍ය / බ්‍රහ්ම ලෝක වලට ගමන් කරන්න... ඕනේ සෙල්ලමක් දාත හැකියි!!! සාමාන්‍ය අයට ඒ මොකවත් බෑ!! ඉර්ධිමත් අයට වගේම හැකියාව දියුණුකරගත් අයටත් වෙන අයගේ fields පාවිච්චිකරලා, එවුන්ව එහෙමපිටින් read කරන්න / message දෙන්න පුළුවන්... telepathy විදියට විස්තර දැනගන්න / පණිවුඩ දෙන්න පුළුවන්!! ඊළඟට බලවත් field එකකින් දුර්වල එකක් යටපත් කරන් ඉන්න (override කරන්න) පුළුවන්!! යක්කු / භූතයෝ / පෙරේතයෝ වැහෙන්නේ අන්න ඒ විදියට තමයි. හැබැයි ඒවා මේ කතාවට වැඩක් නෑ.

අපේ මාතෘකාවට වැදගත් වෙන්නේ, මෙන්න මේ කතාන්දරයයි!! බුදුරජාණන්වහන්සේ කිව්වා, "උපාදාන පච්චයා භවෝ" කියල!! ඒ කියන්නේ මෙන්න මේකයි... දැන්, කෙනෙක් මරණයට පත්වෙන්න ගතවෙන කාලය තත්පර 5-10ක් කියමු. නමුත් 'හිත' කියන එකට ඕක සුමාන එකහමාරක විතර කාලයක්!!! මරණයට පත්වෙනවා කියල වෙන්නේ, ටිකෙන් ටික ඇඟ දුර්වල වෙලා, අන්තිමේ කැඩිලා / බිඳිලා යන එක!!! එහෙම වෙනකොට රහතුන්වහන්සේ කෙනෙකුගේ උනා නම්, කය දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරිත්වයත් දුර්වල වෙලා වෙලා අන්තිමේ එහෙම්පිටින් නතර වෙනවා!!! නිරුද්ධවෙනවා... ඉවර වෙනවා... "නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ" වෙනවා!!! පහණ 'නිවුනා' වගේ නිවිලා යනවා!!! රහතුන්වහන්සේ පිරිණිවන් පනවා!!! ඒත්, අනික් උදවියගේ වෙන්නේ, ඇඟ දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරීත්වයත් අනුරූපව අඩුවෙලා යන්න වෙන්නේ නෑ... අනිත්‍ය තාවය අවබෝධකරගෙන, සේරම අතහැරලා හිටිය කෙනෙක්ගේ උනත්, 'ආශ්‍රව' ක්‍රියාත්මක වෙලා, හිතේ ක්‍රියාකාරිත්වය දිගටම තියාගන්නටම, පවත්වන්නටම උත්සාහ කරනවා!!! මොකද පැවැත්ම නැතිවෙනවට බයයි!!! !!! !!! 'තවත්නම් බැරියෝ...' වෙනකම්ම අල්ලාගෙන ඉන්න, 'උපාදානය කරගෙන' ඉන්න, try කරනවා!!! 'හිත බැහැගන්නවා' කිව්වේ... අන්න ඒක!!! ඒත් ඇඟ කොහොමත් දුර්වලවේගන වේගන යනවා!!! අන්න එතකොට, ඇඟට ඔරොත්තු නොදෙන චුම්බක ක්ෂේත්‍රය (core එක saturate උනාම වැඩිපුර තියන field එක වගේ කොටස) 'භවය' අනිවාර්යයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්නවා!!!



ඉතින්, අනිවාර්යයෙන් තව කොහේ කොයි දීපන්කරේක හරි, ඒ field එකට කිට්ටුවෙන්ම match වෙච්ච කයක් resonate වෙන්න ගන්නවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "විඥාණයක් බැසගන්නවා!!" කියල... අන්න ඒක වෙනවා!!! ඒ ගමන, ඒ අලුත් කයේ මේ field එක හන්ද current flow එකක් ඇතිවෙනවා... ඒත් එක්කම ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා... විඥාණය හටගන්නවා!!! අන්න, විඥාණය පැලවෙලා!!! !!! !!! කලින් තිබුණේ නෑ!!! අලුතෙන් තමයි ඇතිවුනේ!!!ඉතින් එහෙම වෙච්ච ගමන්, ඒ අලුත් කයේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ පටන්ගන්නවා!!! 'උපතක්' සිද්ධවෙනවා!!! ආයි ඒගැන කතාකරන්න දෙයක් නෑ. පරණ 'කය' කොහොමත් දුර්වලවෙලා වෙලා අන්තිමේ බිඳිලා යනවා!!! ඒ කියන්නේ, මුලින් හිටිය සත්වයා මැරෙනවා!!! අලුත් 'කයේ' පටන්ගත්තු 'වැඩේ' ඒකෙ ආයුෂ තියනකම් දිගටම යනවා... ඒ කියන්නේ අලුත් සත්වයා හැදෙන්න ගන්නවා!!! ඕපපාතික මොකෙක්හරි නම්, එවෙලේ ඉඳල ඒ ඉපදුනු සත්වයා ජීවිතයට මුහුණදෙනවා!!!

හරි! දැන් මතකද, බුදුහාමුදුරුවෝ කිව්වා, 'ලොකුවට පේන්න තිබුණට මේවයේ මොකවත් නෑ!' කියල?? අන්න ඒ 'මොකවත් නෑ' කිව්වේ, මේ ඇඟකට 'පිටින් අරගෙන එන දෙයක්' වත්, මේවයින් 'එලියට අරගෙන යන දෙයක්වත්' නෑ!! කියන එකයි!!! ඒත් ජීවත්වෙන කාලය තුල බැලුවොත්, ක්‍රියාත්මකව තියෙද්දී බැලුවොත්, මේ හැම ඇඟක් ඇතුලෙම, ඒකෙන්ම හැදිච්ච විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් අන්‍යෝන්‍ය උපකාරයෙන් ලොකු වැඩක් සිද්ධවෙනවා!!! අර motor ගැන මතකයි නේ?? නැත්නම්, පොඩ්ඩක් මතක් කරගන්න... ඒවා හදල ඉවරකරලා, පැත්තකින් තියල තිබ්බ කියල, කැරකෙන්න ගන්නේ නෑ නේ?? මොකද, මෝටරය කරකැවීමට විදුලිය ඕනේ!! ඒත්, අපි විදුලිය පිටින් දෙන්නේ නෑ!! අපි ඒ විදුලි අවශ්‍යතාවය සපුරාගන්නේ, මෝටරේ ඇතුළෙන්ම හැදෙන විදුලියෙනුයි!! හැබැයි, ඒ මෝටරෙන් විදුලිය හැදෙන්න නම්, මුලින් පොඩි 'තල්ලු ස්ටාර්ට්' එකක් දෙන්න, පොඩ්ඩක් අතින් කරකවන්න ඕනේ!!! අන්න ඒ ටික කරලා දුන්නොත්, මෝටරය ඇතුලෙම විදුලිය නිපදවෙනවා... ඊට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා!!! ඉතින්, එතන ඉඳලා, ස්වාභාවිකවම නැත්නම් මොකක් හරි ආබාධයකින් කැඩිලා බිඳිලා යනකම්ම, දිගින් දිගට කරකැවි කැවී තියනවා!!! කැඩිලා බිඳිලා ගියපු ගමන්, විද්‍යුතයත් නෑ... චුම්බකත්වයත් නෑ... මොකුත් නෑ!!! !!! !!! ඔක්කොම vanish වෙනවා!!! මොකක්වත් නැතුව යනවා!!! මේ ඇඟවල් වලත් එහෙම්මමයි!!! මේ සේරම හැඟීම් / දැනීම් / විඳීම් මේ ජීවිතය පවතින තාක් විතරයි!!! මැරෙනකොට මේ සේරම නැතුව යනවා!!! තව එකකට අරන් යන්න මොකවත්ම ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!!

දැන් එතකොට අලුත් සත්වයාගේ උපත සිදුවීමට හේතු වුනේ, ඒ මෝටරේට 'තල්ලු ස්ටාර්ට්' එක දෙන්න කියලා ආවේ, 'පරණ පොරගේ', ඒ කියන්නේ කලින් සත්වයාගේ 'හිතේ' තිබිච්ච කුණුකන්දල් ටික නේ?? මතකයි නේ, 'පංච උපාදානස්කන්ධය / විඥාණය' දෙක, ස්වරූප දෙකකින් පැවතුනාට එකම දෙයක් බව??? සත්ව ශරීර ඇතුලේ, 'පංච උපාදානස්කන්ධය' හා ආශ්‍රිත ක්‍රියාවලිය 'සිත' හැටියට, විද්‍යුතය ක්‍රියාත්මක වෙනවා!!! විඥාණය හැටියට, ඊට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා!!! මතකයි නේ??? ඉතින් මේ අලුත් 'පැටියා' නැත්නම් සත්වයා හැදෙනකොටම, ඒ ඇඟේ තියන record වෙන ගතිය නිසා, ඒකාව හදන්න හේතු වුන 'පංච උපාදානස්කන්ධය', මරණයට පත්වේගන යන සත්වයාගේ සම්පූර්ණ මතකය, අච්චු ගැහුවා වගේ, එහෙම්පිටින්ම copy වෙනවා!!! record වෙනවා!!! 'අලුත් සත්වයෙක්' උනාට, ඒකාට හද්ද පරණ 'මතකයක්' උරුම වෙනවා!!! බලන්න දැන් ජෝතිපාල උන්නැහැ මැරිලා. ඒත් එයා කියපු සින්දුවක් setup එකකට දැම්මම එයා කියනවා වගේම ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ නෙවෙයි නේ?? ආයි, ඒ දාල තිබිච්ච set එකත් කැඩුනා කියමු... Tape එක නැත්නම් CD එක අරන් වෙන එකකට දැම්මම, ඒ ගමන ඒ set එකෙනුත් කලින් වගේම ජෝතිපාල උන්නැහැ කියනවා වගේ ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ වත් කලින් තිබිච්ච set එකවත් නෙවෙයි නේ?? එක set එකක් කැඩිච්ච ගමන් ඒක ඉවරයි!!! සත්වයොත් ඒ වගෙයි... එක සත්වයෙක් මළාම ඌ ඉවරයි!!! හැබැයි ඕක දන්නේ නැති කෙනා එහෙම්පිටින් රැවටෙනවා!!! ඉතින් අර 'පොඩි එකා'ගෙත් හිත ක්‍රියාකාරී වෙන්න ගත්තම, එයා දකින්නේ ඔය record වෙච්ච කුණුගොඩ තමන් කරපු ඒවා / තමන්ට වෙච්ච ඒවා / තමන්ගේ ඒවා හැටියට!!! !!! !!! ඉතින් පොඩි කාලෙම වැඩේ අනාගන්නවා!!! !!! !!! කොයි සත්වයාටත් මෙච්චරම තමයි... ඒ හැම සත්වයෙක්ම ඉපදිච්ච ගමන්ම සක්ඛාය දිට්ඨියට අහුවෙනවා!!! !!! !!! තමන්ට අදාළ නැති පංච උපාදන්ස්කන්ධයකට, 'මගේ වෙන්න ඇති!!' 'මං වෙන්න ඇති!!' කියල රැවටෙනවා!!!

ඉපදිලා සෑහෙන කලක් යනකම්, දරුවෝ නින්දෙන් බය වෙනවා... ගැස්සෙනවා... මරවිලාප දීල අඬනවා... හිනාවෙනවා... ඇයි ඒ??? අර ලැබිච්ච 'මතකය' පොඩි එකාගේ හිත ඇතුලේ එකසිය ගාණට වැඩ!!! කවුරුහරි පොල්ලක් අරන් ගහන්න පන්නන් එන එකක් මතක් උනොත් බයවෙනවා... (පොඩි බලු පැටව් එහෙමනම් නින්දෙන් එකසිය ගාණට දුවනවා!! දැකල නැද්ද?? කතන්දරේ දැනගෙන ඕව බලන් ඉන්නකොට full ආතල්) හොඳට යාලුවෝ එක්ක එකතුවෙලා ජොලියක් දාපු එකක් මතක් උනොත් හිනා යනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඒත් අලුත ඉපදුන දරුවෙක් ඒ ලැබිච්ච 'කයට / ඇඟට' හුරු නෑ... අලුත් පරිසරයට හුරු නෑ... අලුත් සාමාජිකයෝ එක්ක interact කරන්න දන්නේ නෑ... ඉතින් 'බබා' තමයි!!! ඒත් 'ඇතුලෙන්' එහෙමපිටින් ඇනිලා ඉන්නේ... ඒ කියන්නේ, 'කලින් හිටියෙත් මං වෙන්න ඇති!!' කියල ඇඳගෙන ඉවරයි. ඒ වගේම මේ අලුත් උපත සඳහා කයක් / ඇඟක් තීරණය උනෙත්, තනිකරම, 'තල්ලු ස්ටාර්ට්' එක දීපු විඥාණයේ ස්වභාවය 'කර්ම ශක්තිය' අනුවයි!!! අලුත් සත්වයාට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ!!! ඉපදිලා බලන කොට අතපය කොර වෙච්ච, ඇස් පොට්ට, කන් ඇහෙන්නේ නැති, ඇඟක් ලැබිල තිබුනා නම් sorry.com තමයි... විඳවන්න විතරයි තියෙන්නේ!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.