Monday, November 28, 2011

මේ... අර 'රහත් වෙච්ච කෙනෙකුට ගිහි ගෙයි ඉන්න බෑ!' කියපු 'ගොන්සන්' හොඳ ප්‍රසිද්ධ, රටේ ලෝකේ පිළිගත් කෙනෙක් වෙන්න ඇති නේද?? මම නම් දන්නේ නෑ ඒකව... මට ඔය කතාව සෑහෙන පිරිසකගෙන් අහන්න ලැබුණ... ඒකෙන් තමයි මම ඔය ගැන දැනගත්තේ. තව තියනවා, 'මුදල් පාවිච්චි කරනවා නම්, සල්ලි අතපත ගාන කෙනෙක් නම්, අනාගාමී වෙන්න බැහැ!' කියල එකකුත්!! ඒ කතාවේ නිර්මාතෘත් ඔය 'ගොන්සන්'මද දන්නේ නෑ!! කොහොම හරි, දැන් කෙනෙක් 'පස්වරක් පහ විසිපහයි' කිව්වත්, sure නැත්නම් ඔය ගල්කැට ටිකක්... වී / හාල් ඇට ටිකක්... වගේ අරගෙන, පහේ ගොඩවල් පහක් ගහල එකතුකරලා බලල, සැක හැර දැනගන්න තිබ්බ!! ඒත් මේවගේ කුණුහරුප කිව්වම ඉතින් මොනවයි කියල කරන්නද? නේද?? මේ මතෘකාවේදී සාමාන්‍යයෙන් කවුරුවත් ප්‍රශ්ණ කරන්න යන්නෙත් නෑ... ප්‍රශ්ණ කරන්න මේවා ගැන දන්න එවුන් ඇත්තෙත් නෑ... ඉතින්, 'එහෙයි හාමුදුරුවනේ!' කියල, කියන ඕනේ පුකක් ගෙඩි පිටින් ගිලින්න තමයි වෙන්නෙ.

මං කල්පණා කලේ, බැරිවෙලාවත්, ඕකා තව ටිකක් තත්වෙට / නම්බුවටත් එක්ක කිව්වා නම් මෙන්න මෙහෙම... 'මගෙන් බණ අහන්න, ඒ අයගේ ගැටළු නිරාකරණය කරගන්න, ඈත දිව්‍යලෝක වලින් දෙවිවරු පවා එනවා! එයාල හොඳ 'ලොකු පතෝල කරල්' වගෙයි!!' කියල... මොකක් වෙයිද?? එහෙම උනා නම් අද 'දෙයියෝ' කියන කොට බොලාට මතක්වෙන්නේ පතෝල කරල්!!! මිනිස්සු පතෝල කරල් වලට වඳින්න / පුදන්න තියා ගනී!! 'පතෝල වන්දනාව' කියල එකකුත් පටන් ගනී!! තේරෙනවද?? දෙයියෝ නිකම්ම නිකම් පතෝල කරල් වෙයි!! ඔන්න ඔහොමයි හිත පෙන්වන 'තොරන්' වලට අහු උනාම!!! මේ වෙනකොට තොරන් රාජයෝ කිහිප දෙනෙක්ම දැක්ක නේ?? අර පිරිත් පැන් case එකක් තිබ්බා... විශ්ව ශක්ති case එකක් තිබ්බා... ඒ තමයි ඉතින් මේ හිත්වල හැටි!!! ඇඳගන්නවා / රැවටෙනවා හුටුස් ගාල.

ඔය ගුරුකම් විශ්වාස කරන එකෙකුට, නැත්නම්, විශ්වාස කළා හෝ නැතා හෝ කමක් නෑ... 'වාත' වෙන එකෙකුට, 'හිටු, තොට හොඳ පාඩමක් උගන්නන්න... මම තොට හුනියමක් කරනවා!!' කියල, ඔය අළු ටිකක් / කෙස් ටිකක් දාල පොඩි කුප්පියක් / පැකට් එකක් හදල යවන්න බලන්න... නැත්නම් මතුරනවා කියල ඔය මොනවා මොනවා හරි කියවල, 'හා හා හරි හාවා කැලේ මැදින් ආව... නැත්නම් කොප්පර කොප්පර පිපිඥ්ඥ...' කියල හරි කමක් නෑ, සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න විනාඩි 10-15 විතර කියල, නිකම් tap වතුර ටිකක් ඉහල බලන්න... කස්ටිය වටේ යනවා!! හුඟ දෙනෙක් හොල්මන් කරත හැකි!!! ඒ ඇයි කියනවා නම්, ඒක තමයි මේ 'හිත' කියන එකේ හැටි!!!

බය / සැක ඇති කරලා, හිතාගන්න බැරි / හොයාගන්න බැරි, මොකක් හරි දෙයක් කරපු ගමන් හිත ඇතුලේ 'තොවිලයක්' පටන් ගන්නවා!! පත්තුවෙනවා!!! 'මු ඇත්තටම ගුරුකම් දන්නවද දන්නෑ... ඌ ගුරුකම් දන්නවා ඇති... මු මට මොකක් කරයිද දන්නෑ... මගේ අතක් පයක් කඩන්න මොනවා හරි කලාද දන්නෑ...' කියල හිත හිතා මහා අච්චාරුවක් හදාගන්නවා!! මොකද ඔය හිතන දේවල් වලට පදනමක් නෑ!! හරිද / වැරදිද දැනගන්න, confirm කරගන්න බෑ!! ඉතින් ලෙඩක් මයි... වටේ යන්න ගන්නවා!!!

ඔන්න ඔය විදියටමයි මේ සත්වයා කියන එකා සංසාරෙට බැස්සෙත්!!! ඇත්තටම මේ 'කය'වල් නැත්නම් මේ 'සත්ව ශරීර' ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණයක්!!! හරිම සංකීර්ණ machines වගයක්!!! ඒවයි රූප/ශබ්ද/ගන්ධ/රස/ස්පර්ශ/අරමුණු කියන ජාති දැනෙන ගතියක් තියනවා... ඒ දැනගන්න ඒවා මතක හිටින ගතියක් තියනවා... චේතනා පහලකරලා ක්‍රියාකරන්න හැකියාවක් තියනවා... එච්චරයි!!! වෙන මොකුත්ම නෑ!!! ඒත් හිතන්න පුළුවන් කමෙන් මුලින්ම හිතන්නේ, 'අඩේ අප්පා! මාරයි නේ... මේ 'මං' වෙන්න ඇති නේ? මේ 'මගේ ආත්මය' වෙන්න ඇති නේ?' කියලයි. ඉතින් හිතත් කියනවා 'ඔව් යකෝ... ඔය උඹම තමයි!' කියල!! ඉතින් හරි... නෑව!!! එදා ඉඳල විඳින විඳින ඒවාට ලකුණු දෙන්න යනවා... "මේවා ෂෝක්! මේවට මං ආසයි! මට මේවා තව ගොඩක් ඕනේ! මම මේ ටික පරිස්සන් කරගන්න ඕනේ! මම දිගටම ඉන්න ඕනේ! මුන් ගෙන් මට කරදරයි! මූ මගේ ඒවා ගනී! මුන් එලවල / මරල දාන්න ඕනේ!" කියල. ඉතින් ඔන්න ඔහොමයි දැන් මේකා සංසාරේ යන්නේ!!! මේ ගලවගන්න බැරුව දඟලන්නෙත් අන්න ඒ 'හුට්ටප්පරේට' (සංසාර ගමනට) හේතු වෙච්ච මොට්ට මෝල් කල්පණාවම තමයි!!!

Sunday, November 27, 2011

මනස කියන ආයතනයේ ක්‍රියාකාරිත්වය පවතින තාක්, අපිට සැරින් සැරේට, කලින් දැකපු, අහපු, ගඳ-සුවඳ/රස/පහස විඳපු දේවල්, 'අපිම හිතපු' නැත්නම් 'අපිට හිතිච්ච' දේවල්, හඳුනා ගත්තු / දැනගත්තු දේවල් සහ අපි ඒවාට ප්‍රතිචාර හැටියට හිතපු/කියපු/කරපු දේවල් හැම එකක්ම මතක් වෙනවා!!! ඇත්තටම, අපි මොකක් හරි දැක්ක / අහපු දෙයක් ගැන හිතුවොත්... නැත්නම් ඉබේම මතක් උනොත්... ඒත් නැත්නම් වෙන කෙනෙක් මතක් කලොත්... නැත්නම් වෙන අයගේ කතාවක් ඇහිලා, ඒ හන්ද මතක්වුන හරි කමක් නෑ... අපිට ඒ දැකපු / අහපු දෙයයි, ඊට අදාළ තව තව දේවලුයි චිත්‍රපටියක් බලනවා වගේ මතක් වෙන්න ගන්නවා!! කාපු-බීපු දෙයක් / සිදුවෙච්ච දෙයක් / කොහේ හරි ගියපු දෙයක් වගේ මොකක් සම්බන්ධයෙන් උනත් එච්චරයි... මේ දැන් වෙනවා වගේ පේන්න / දැනෙන්න ගන්නවා!!! ඊළඟට, ඒ සිහිවෙන සිහිවෙන දේවල් දිගේ අපි තව තවත් දේවල් හිතන්න / කියන්න / කරන්න පෙලඹෙනවා!!! අපි ඒ විදියට ක්‍රියාත්මක වෙද්දී, කටයුතු කරද්දී, තව තවත් නොයෙකුත් නොයෙකුත් විඳීම් ඇතිවෙනවා!!! තව තවත් මතකය ගොඩ ගැහෙනවා!!! ඒ පාර, පරණ මතකයි අලුත් මතකයි දෙකම මතක් වෙනවා... ඉතින්, ඒ සිහිවෙන සිහිවෙන දේවල් දිගේ... ... ... ඉවරයක් නැති කතන්දරයක්!!! ඕක තමයි මේ 'ජීවිතේ' කියන්නේ!!!

ඒ වගේම සත්වයෙකුට / මේ අපි ඕනෙම කෙනෙකුට, කලින් තියන මතකය පදනම් කරගෙන, කලින් 'දැකපු / අහපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු' දේවල් උපයෝගී කරගෙන, තව තවත් දේවල් ගැන, අලුතෙන් දකින / අහන / විඳින දේවල් සම්බන්ධයෙන්, 'වෙන්න පුළුවන්...' 'වෙයි...' 'වෙන්න ඇති...' වගේ අවිනිශ්චිත, uncertain තීරණ වලට එළඹෙන්නත් / එන්නත් පුළුවන්!! ඒකට තමයි ඔය මහා ලොකුවට 'හිතනවා' / 'කල්පණා කරනවා' කියන්නේ!!! ඒ කියන්නේ, 'අරක එහෙම නිසා මේකත් එහෙම ඇති...' කියල හිතන්න පුළුවන්!! 'වීදුරු බිඳෙන බව දන්නා නිසා, වීදුරුවලින් හදපු මේ වෙනකම් දැක්කේ නැති මොකක් දැක්කත්, ඒකත් බිඳෙන්න පුළුවන් නේද?' කියල හිතත හැකියි!! ආයේ, 'අහවල් දේ කරන්න ගිහිල්ල මෙහෙම උනා... මේක කරන්න ගියත් එහෙම වෙන්න පුළුවන්...' කියල හිතන්න පුළුවන්!! 'ගිනි පෙලෙල්ලකින් පිච්චුනා මතක නිසා, වෙන රස්නේ දෙයක් ඇල්ලුවත් පිච්චෙයි...' කියල හිතත හැකියි!! තේරෙනව නේද?? කරුණු වල විශේෂයක් නෑ... ඔය උදවියට හිතන්න පුළුවන් ඕනේ දෙයක් සම්බන්ධයෙන් මේක හරි!!!

වැඩේ තියෙන්නේ දැන් ඔහොම හිතන්න පටන් ගත්තම, ඕව chain එක වගේ යනවනේ?? එකින් එකට දිගට දිගට යනවනේ?? එතකොට අපි මුලින් පදනම් කරගත්ත කරුණ නිවැරදි නම්, ප්‍රත්‍යක්ෂ දෙයක් නම්, හුඟාක් වෙලාවට කොච්චර දුරට හිතාගෙන හිතාගෙන ගියත් අවුලක් වෙන්නේ නෑ!!! හරියට මහ මුද මැද්දේ anchor එකක් දාල නවත්තල තියන නැවකට තව බෝට්ටුවක් අමුණලා... ඒ බෝට්ටුවට තව බෝට්ටුවක් අමුණලා... ඒ බෝට්ටුවට තව... ... ... වගේ කලාම, බෝට්ටු ටික එකට එක වදියි... ඕනේ නම් පැටලෙයි... ඒත් කොහෙවත් කැලේ යැවෙන්නේ නෑ!! එක ස්ථාවර තැනක රැඳෙනවා!! වගෙයි!!! ඊළඟට පුළුවන් නිකම් guess කරලා, සැකේටත්, ඔහොම දිගින් දිගට හිතාගෙන යන්න!! හැබැයි එහෙම කරලා කරලා එන නිගමනයක් 'හරි'යි කියල අත්දකින්න පුළුවන් උනොත්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් උනොත්, ඒත් අවුලක් වෙන්නේ නෑ!!! බෝට්ටු ටිකක් අමුණගෙන අමුණගෙන ගිහිල්ල, අන්තිම එක anchor එකකට ගැට ගැහුවා වගේ වෙනවා!! ඒත් සේරම ටික කැලේ යැවෙන්නේ නැතුව ස්ථාවර තැනක රැඳෙනවා!!! නමුත්, ඔය වගේ පටන්ගත්ත තැනක් වත්, අවසාන වෙන තැනක් වත් ස්ථිර නැති කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් නම්, ඔන්න ඉතින් වැඩේ එහෙම්පිටින්ම 'ජෝං බාස්ට යනවා!!' ඇනෙනවා!!! කැලේ යැවෙනවා!!! පැහැදිලියි නේ??

ඔන්න ඔය විදිය දෙයක් තමයි මම මෙතන ඇවිල්ල 'මං රහත්' කිව්වම උඹලට උනේ!!! මොකද බොලා කවුරුවත් රහත්වෙලා නෑ!!! 'රහත්' 'රහතුන් වහන්සේ' කියල වචන වගයක් අහල තියනවා... ඒත් ඒවා සම්බන්ධයෙන් එක එකා කියපු කතන්දර ඇරෙන්න, රහත්වෙලා තමන්ම ඒ අත්දැකීම ලබාපු එකෙක්වත් විශේෂයෙන්ම, පැනල දෙන්න / ඉදිමෙන්න ආපු එවුන් අතරේ නෑ!!! !!! !!! මේ මුළු කතන්දරයම ලෝකයාට හෙළිදරව් කරලා දීපු බුදුරජාණන්වහන්සේම 'අරහත්වය' / 'අරහත්වයට පත්වෙච්ච කෙනා ඒ ගැන දැනගන්න හැටි' තෝරලා දුන්න හැටි උඹල අහල නෑ!!! අඩුම ගනනේ ථේර/ථේරී ගාථා වත් බොලා හුඟදෙනෙක් අහල/කියවලා නෑ!!! ඇත්තටම කලින් හිටිය සාසන භක්ෂක ගොං සංඝයෝ එකෙක්වත් රහත්වෙලත් නෑ!!! !!! !!! මහා ඉහලින් වැජඹිච්ච 'සංඝ හොරු' තත්වෙට / තානනත්ර වලට / නම්බුවට කෙළවෙන නිසා 'රහත්වෙච්ච අය කියන්නේ නෑ!' කියල shape උනා!!! 'මාර්ගඵල ලබපු කෙනෙක් කාටවත් කිව්වොත් ඒ මාර්ගඵලය නැතිවෙනවා!'කියල shape උනා!!! (සමහර විට උං හිතන්න ඇති, 'ඵලය' කුණුවෙලා හැලෙයි... නැත්නම් 'ඵලයේ' පණුවෝ වහයි එහෙම කියල) ඇත්තටම කියනවා නම්, වෙන කාටවත් කියන්න උං රහත්වෙලා නෑ!!! !!! !!! තව ටික දවසකින් පෙන්නන්නම්!!! !!! !!! උඹලත් ඔය ගොං කතාවලට රැවටුනා, 'ආ... එහෙනම් ඇත්ත වෙන්න ඇති! රහත්වෙච්ච උත්තමයෝ කියන්නේ නැතුව ඇති!' කියල. හිතත් ඕක repeat කලාම උඹල එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්ත 'රහත් උන අය කියන්නේ නෑ!! කිව්වම අරහත්වය නැතිවෙනවා!!' කියල.

ඊළඟට, ඔය ගොඩාක්ම හිටපු ගොං සංඝල උඹල වගේම බක පණ්ඩිත, මොට්ට මෝල්ලුම තමයි!!! උනුත් ඉදිමෙන්න ගියා!!! බුද්ධ දේශනා පැත්තකට දාල, වෙන වෙන කුණුහරුප කර කර, රහත් උනාම අරමයි... මෙහෙමයි... ගිහි ගෙයි ඉන්න බෑ...අරම වෙනවා... මෙහෙමෙ වෙන්නනේ නෑ... ආහාර ප්‍රත්‍ය වෙන්නේ නෑ... කිය කියා, හිත හිතා, ගොත ගොතා, 'තොරන් බලබලා' බයිලා ගැහුවා!!! උඹලත් රහත් උනාම සීතලද? දාඩිය දානවද? බඩගිනිද? පාවෙනවා වගේද? පුක කහනවද? මොකුත් දන්නේ නෑ... මොට්ට කමට අර ගොං බූරුවෝ කියපු කුණුහරුප කතා ගෙඩි පිටින් ගිල්ලා!!! ඒවා අහගෙන දන්නවා වගේ බෙරිහන්දෙන්න තියා ගත්ත!!! අන්න එහෙමයි උඹල බයිලා කාරයන්ගේ කතා අහල, නොදන්න බයිලා ගහන්න ගිහිලා, නිකම් 'කිච' උනේ!!! හැබැයි, ඒ කරපු නින්දා / අපහාස / මඩ ගැසීම් වලට ස්වභාවධර්මයෙන් 'තෑගී පිරිනැමීමක්' කරනවා!!! ඒ හන්ද ඉතින් වෙලාව ආවම බඩ-කට පුරා කන්න හම්බවෙයි... ඒක මේ ලෝකේ හැටි!!! මම වේලපහින්ම කියල ඇති, 'ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... පිටවෙනකොට බෙල්ල මිරිකනවා!' කියල. මම ඕව වෙන හැටියි, වෙන්නේ මොනවද? වෙන්නේ කොහොමද? කියන සේරමත් කියල දෙනවා!!! !!! !!! හොඳට බලාගන්නවල.

හරි... දැන් මේ අපිට, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණු හන්ද, විශේෂයෙන්, 'කතන්දරේ අල්ලගත්ත එකෙක්' වැඩේ ඇදගෙන යන නිසා, මේ 'අපේ ජීවිත' ගැන, ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද? වෙන්නේ මොනවද? කියන දේවල් ගැන මහ හුඟාක් කරුණු දැනගන්න / ඉගෙනගන්න පුළුවන් උනා!!! මේක තමයි බුදුරජාණන්වහන්සේ කාට කාටත් කරන්නය කියපු දෙය!!! තමන් ගැන ඉගෙන ගන්නය... මනස / සිත / විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය අවබෝධ කරගන්නය කියපු එක!!! හැබැයි ඒ ඉගෙන ගත්තු, මේ ජීවිතවල පැවැත්මට අදාළ කතන්දරේ / සංසාර කතන්දරේ, කාටවත් ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, වෙන මොනම ක්‍රමේකින් වත් විඳලා දැනගන්න විදියක් නැති කතාවක්!!! ඊටත් වඩා, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ඉන්න අවස්ථාවක, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබෙනවයි කියන එක, බොහෝම දුර්ලභ ලැබීමක් කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! කොච්චර දුර්ලභ ද? කියන්නේ, මනුස්ස ජීවිතයක් ලබනවටත් වඩා ගොඩාක් දුර්ලභයි කිව්වා!!!

අන්න ඒ නිසා ලෝකේ හුඟ දෙනෙකුට මේ 'තමන් ගැන ඉගෙනගන්න' අවස්ථාව ලැබෙන්නේ නෑ!!! නමට බෞද්ධ, 'අටු' හදන්න කියල දීපු අයගේ බණ ('අටු ආචාර්ය' ලගේ බණ) අල්ලගත්ත උන් මේ ජීවිතාවබෝධය ලබන අහලකට වත් එන්නේ නෑ!!! මොකද 'අටු ආචාර්ය'ල කියල දුන්නේ 'අටු' හදන්න!!! ඒ සියලු ආකාර 'අටු' වලකජ්ජ ගහනකොට 'හුටා' වෙනවා!!! ඉතින්, පට්ටම් සේරම විරෝපට්ටම් වෙලා ගිහින් අනාත වෙනවා!!! ආයේ, හතර පෝයටම සිල්ගන්න / තුන්වේල හොඳට අඹරන / ඕපාදුප කියව කියව ඉන්න මොකෙක්වත් මේ හතර මායිමේ එන්නෙත් නෑ!!! මල් පූජාකර කර, ගාථා කිය කිය වැඳ වැඳ ඉන්න එවුන්ටත් මේ අහලකටවත් එන්න වෙන්නේ නෑ!!! වෙන වෙන ආගම් බදාගෙන ඉන්න එවුන්ට මේ මොන මල ඉලව්වක් වත් දැනගන්න ලැබෙන්නෙත් නෑ!!! !!! ඉතින් මොකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ... මැරෙණ මැරෙණ එවුන්ට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදින්න සිදුවෙනවාම තමයි!!! බුදුහාමුදුරුවොත් කිව්වේ ඕකම තමයි,'මහපටඟිල්ලේ නියසිලට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ ඉතාමත් සුළු පිරිසක් ආයේ මනුස්ස ජීවිත හෝ සුගතියක උපතක් කරා යනවා... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ දුගතියටයි' කියල!!! !!! !!!

Friday, November 25, 2011

සත්වයින්ගේ ජීවිත කතාව ගැන, සංසාර ගමන ගැන, කාටවත් පියවි ඇහින් දකින්න / පියවි කණින් අහන්න / අල්ලලා අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත් නෑ!!! මේ කතව බලපු උං දැනගන්න ඕනේ, නිකම් බාගෙට පේන / බාගෙට ඇහෙන අංජබජල් 'ආයතන' ටිකක් තියාගෙන, හැම එහෙකටම 'එහෙයි එහෙයි' කියන 'මැන්ටල්' ඔලු ගෙඩියක් තියාගෙන, තමන්ට මහා ලොක්කෙක් වෙන්න බැරි බව!!! මම technical කතාව මැද්දෙදි ඕක කිව්වා, 'ඉදිමෙන්න පුළුවන් maximum limit එක පෙන්වන්න...' කියල. ඔය primitive / අංජබජල් ආයතන පාවිච්චි කරලා, ලොක්කෙක් වගේ වැඩ කරන්න හදන එක, හඳ තරු මොකවත් නැති තිත්ත කළුවරේ... light house මොකුත් පේන්නේ නැති මහ මුද මැද්දේ, මාලිමා / GPS මොකුත් නැතුව ඔරුවක් පදින එකෙක් ගානයි!!! මේ අවුරුදු 30-40 ක් විතර හයිය තියෙනකම් ඔහේ පැදගෙන පැදගෙන යත හැකියි... ඒත්, කොහෙට පැදෙයි ද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට, එහෙමෙහෙ පැද පැද ඉඳල මැරිලා යනවා විතරයි!!! ගොඩ බිමකට යන්න වෙන්නේ නෑ!!! ඉන්න තරමක් උගත් / උසස් / නම්බුකාර මෝඩයෝ සේරටම වෙන්නේ ඒකමයි!!! ඒවගේම තමයි ඔය 'මොට්ට මොළ' වලින් නොදන්න කෙහෙල්මල් හිතාගෙන හිතාගෙන යනකොටත්!!! මොනවා හිතෙයිද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට මඤ්ඤං වැඩ කර කර ඉඳල, ලැබිච්ච අවස්ථාව මගහැර ගන්නවා මයි!!!

පොඩ්ඩක් හිතල බලනවා, කොච්චර ලොක්කෙක් උනත්, මහා කැලයක් මැද්දට කුදලගෙන ගිහින් අතහැරියොත්, ස්වභාවධර්මයේ උපකාර / තාක්ෂණික උපකාර මොකවත් නැතුව තමන්ට පාර හොයාගෙන නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙයිද??? ගිලෙන්නේ නැතිවෙන්න tyre එකක් විතරක් දීල, මූද මැද්දට ගිහිල්ල අත හැරියොත් කොහොමට හිටීද??? මොකෙක්වත් එන්නේ නෑ බේරගන්න!!! උඹල දන්නවද? තොපි එකෙක් වත් අමුතුවෙන් ඔහොම කැලේ මැද්දේ ගිහින් අත හරින්න, මූද මැද්දේ ගිහින් අත හරින්න දෙයක් නෑ!!! දැන් එහෙම කරලා ගොඩාක් කල්!!! තොපිල හැමෝමත් එක්ක, මේ ඉන්නවයි කියන තරමක් 'සත්වයෝ' කියන එවුන්ව ඔන්න ඔය විදියටම 'සංසාර සාගරේ' කියන එක මැද්දට වැටිලා ගොඩාක් කල්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ උඹල / අපි එහෙම මූද මැද්දට වැටිච්ච දවසක් උන්වහන්සේට වත් පේන්නේ නෑ!! කියලයි!!! 'සන්සාරෝඝං මහබ්හයං' කියල කියපු එක තේරුණා නම්, කොයි ලොක්කගේත් හුළං බහින්නේ 'හුචුස්' ගාල!!! ඉන්න තරමක් මෝඩ මීහරක්ට ඔය අනතුර තේරෙන්නේ නෑ... උන් හිතන්නේ මේක, මේ ජීවිතේ, full ආතල් case එකක් කියල!!! කතන්දරේ දැක්ක / තේරිච්ච එකෙකුට මුලින්ම වෙන්නේ 'රෙවෙන' එක!!! වටේ පිටේ රොත්ත බුරුත්තක් හිටියට තොපි එකෙකුට වත් support එකට මොකෙක්වත් නෑ!!! බේරගන්න කියල විලාප ගැහුවට, අම්ම තාත්තට වත් ඒක කරන්න බෑ!!! අපේ හාමුදුරුවෝ ඔය බව තේරුම්ගත්ත වෙලේ, උන්වහන්සේ අසරණ වෙච්ච අසරණ විල්ලට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කැලේ මැද්දට ගිහින් හොඳටම අඬන එක විතරයි... උන්වහන්සේ, එක්කෝ 'ධර්මය හොයාගෙන ගොඩ යනවා!! නැත්නම් මෙහෙම්මම මැරිලා යනවා!!' කියල, කැලෑ වැදිලා, නොකා නොබී ගොඩාක් දුක් විඳලා, අන්තිමේ කල්‍යාණමිත්‍රයන්ගේ උපකාරයත් ඇතුව ආපු බොහොම දුෂ්කර ගමනක ප්‍රතිඵල හැටියටයි අද මේ ගොඩ යන්න පාර විවෘත වෙලා තියෙන්නේ!!!

අපිත් ඇත්ත පේන්න ගත්තම කන්න / බොන්න බැරුව, කවුරු ළඟ හිටියත් කියාගන්න බැරි පාළුවක්, තනිකමක්, අසරණ කමක් දැනිල හොඳටෝම වැටුනා!!! ඊට පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඇරෙන්න වෙන කවුරුවත්ම නෑ!!! !!! !!! තමුන්ට තමුන්ගේ අසරණ කම පේන්න ඕනේ!!! තමුන්ට තමුන්ගේ අසරණ කම තේරෙන්න ඕනේ!!! උඹලට එහෙම පේන්නේ / තේරෙන්නේ නෑ නේ?? ඒකයි සේරම ලොකු ලොකු සද්ද!!! මම 'පණ පිටින් ඉන්දැද්දී බොකු එලියට අදිනවා' වගේ මුළු කතන්දරේම දිගහැරලා පෙන්වන්නම්!!! මං කලින්ම කිව්වා 'මුණ බලාගෙන කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! එහෙම උනොත් තව ගොඩාක් දුක් විඳින්න වෙනවා...' කියල. ඇත්ත දකිනකොට උඹලට තේරෙයි උඹලට මොකද්ද වෙන්න ගියේ කියල!!! මොකද, 'ඉල්ලං කාපු' කිහිප දෙනෙක් ඉන්නවා... උන් ටික ඇරෙන්න, මං උඹල කාටවත් ඒ වලේ වැටෙන්න දෙන්නේ නෑ!!!

අපේ කාලේ වෙනකොට තිබිච්ච ධර්මය එහෙමපිටින් වහල තියෙන්නේ!!! ඒවා බොරු!!! මම අහගෙන අද උදේ පරණ සංඝ පොරකගේ පරණ බණක් radio එකේ යනවා. (මම ඔය එක එකාගේ කුණුහරුප අහන්නේ නෑ, ඇහෙන වෙලාවට උන් කියන්නේ මොනවද කියල බලන්න අහගෙන ඉන්නවා, තාත්ත / අම්ම අහං හිටියොත් එවෙලේම ඇත්ත බොරුව පෙන්නලා දෙනවා විතරයි!!) ඒ සංඝ පොර කිව්වා 'සීලය / සමාධිය / ප්‍රඥාව තුනම තියෙන්න ඕනේ...' මොනවද මොනවද කියල, 'සීලය උවමණා වෙන්නේ, නැත්නම් අනික් අයට අපි වචන පාවිච්චි කරනකොට, අත පය පාවිච්චි කරනකොට, අසංවර කම පේනවා...' මොකද්ද කියල. මට එවෙලේම තේරුණා seen එක!! ඒකා හිතන් ඇත්තේ, මේ jobs වලට / interviews වලට එහෙම යනකොට වගේ, ණිවන් යන්නත් රටේ / ලෝකේ එවුන්ගෙන් character certificate ගන්න වෙනවා කියල වෙන්න ඇති... p.uttek!!! EK එකේ පොන්ස්ල මගේ සීලය / සංවර කම හොයන්න ආවෙත් ඒ 'බූරු ධර්මය' අහලද මන්ද? කොහොම හරි, ඔය වගේ බයිලා අහපු අපේ ආච්චිලා / සීයල මොකෙක්වත් ණිවන් ගියේ නෑ... උන් සේරමලයි, ධර්මය කාපු සාසන භක්ෂකලයි සේරම වලේමයි... දැන් 'රසට කනවා' ඇති!!!බුදුහාමුදුරුවෝ කිව්වේ, මැරෙන මැරෙන එවුන් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට, නැවත මනුස්ස ජීවිතයක් / සුගතියේ උපතක් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් ටිකක් තරමේ පිරිසක් විතරයි!! කියලයි!!! උන්වහන්සේ කිව්වට උඹලට තේරුණේ නෑ නේ??? අනික ලොකු ලොකු පොරවල් ගණන්ගන්නෙත් නෑ නේ??? මං වැඩේ වෙන හැටියි, වෙන්නේ කොහොමද කියලයි, පෙන්නලාම දෙන්නම්... කට්ටියට රෙදි කරට අරගෙන, නිවණ හොයාගෙන, හුරේ run එකක් දාන්න වෙන ගානටම දෙන්නම්!!!

බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ, 'තමුන්ට කෙළවෙන' කතන්දරයක් ගැන!! 'තමුන්ට' තියන ආදරේට / කරුණාවට / අනුකම්පාවටයි ගැලවෙන්න උදව් කරන්න ආවේ!!! මාත් එහෙමයි!!! මට කොහොම හිතට ආව එකක්ද මන්ද, මං මුල ඉඳලම හැම එකාටම කිව්වේ, 'උඹට ඕනේ නම් බුදුරජාණන්වහන්සේ කියල දීපුවා විශ්වාස කරපන් / පිළිගනින් නැත්නම් නිකම් හිටපන්... උඹ විශ්වාස කලත් නැතත්, පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුවොන්ට ප්‍රශ්ණයක් නෑ... විශ්වාස නොකලොත් / පිලි නොගත්තොත් උඹට කෙලවෙනවා විතරයි!!!' කියලයි. ධර්මය ගැනත් ඒ ටිකමයි!!! හැබැයි 'සංඝ' නම් මට දිරෙව්වෙම නෑ!!! හාමුදුරුවරු filter වෙන ගතියක් මුල ඉඳල තිබුණා. අපේ හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ වගේ උදවිය බොහොම චුට්ටයි මම 'දැකල' තියෙන්නේ. කොහොම උනත් කමක් නෑ... දැන් කාගේ කාගේ අයටත් ඇත්ත දකින්න හදල දෙන්නම්!!! ඇත්ත ලස්සන නෑ... හැබැයි දකින්නම ඕනේ!!!

Thursday, November 24, 2011


බුදුහාමුදුරුවෝ, 'මොකක් පිළිගත්තත් කමක් නෑ, ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල කිව්වට, ආයේ, 'විඥාණය මායා කාරයෙක්, රැවටෙන්න නම් එපා!!' කියල කිව්වට, ඒ කාලේ උන්වහන්සේට ඔයිට වඩා දුරට සිද්ධවෙන්නේ මොකද්ද කියල පෙන්වල දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ!! මං ඒක හොඳටම දන්නේ, අහපු කිසිම බුද්ධ දේශනාවක, උන්වහන්සේ වැඩසිටිය කාලේ සමාජයේ light දාගෙන හිටිය seen, කාන්දම් වලින් / current එකෙන් වැඩගත්ත කතන්දර කියවුනේ නෑ!! එක තැනකදී, ඒ පැවති සමාජයේ තාක්ෂණය නම් යම් තරමකට තිබුන බව විතරක් දැනගන්න ලැබුණ!! ඒ ඇවිල්ල උපාලි ගෘහපතියා බුදුරජාණන්වහන්සේත් එක්ක සිදුවෙච්ච කතාවක කියවුන දෙයක්. 'උපාලි' කියපු ඒ මනුස්සය බුදුහාමුදුරුවොන් ගෙන් ඇහුව, "මේ විදියට ලෝකේ ගැන, සත්වය ගැන විස්තර කියන්නේ කාගෙන් වත් අහගෙනද? කොහෙන් හරි බලාගෙනද?" කියල. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උපාලිගෙන් ඇහුව, "දැන්, ඔයා වාහන හදන කෙනෙක්... කෑල්ලෙන් කෑල්ලට ඒවා ගලවල හදන්න දන්න ඔයාට, වාහන ගැන කියන්න කාගෙන්වත් අහගන්න නැත්නම් වෙන කොහෙන්වත් බලාගන්න ඕනෙද?" කියල. ඒ කියන්නේ ඒ පැවති සමාජයේ වාහන නම් තිබිල තියනවා!! ඒත් petral ඒවද? diesel ඒවද? hybrid ඒවද? වගේ කතා මොකුත් නෑ... ඒ කාලේ හැටියට ඔය නිකම් සරල තාක්ෂණයක් තිබිච්ච ඒවා වෙන්න ඇති. ඉතින් එහෙම කාලෙක 'මෙව්වා' කිව්වා නම්, මිනිස්සු මාර්ගඵල ලබනවා වෙනුවට පිස්සු හදාගන්න තිබුන!! ඒකයි බුදුහාමුදුරුවොන්ට මේ කතන්දරේ ඉවරයක්ම වෙලා යන්න කියල / තෝරලා දෙන්න බැරිවුනේ!!!

ඔය උපාලිත් එක්ක වෙච්ච කතාවේදී බුදුහාමුදුරුවෝ අදහස් කලේ, 'මට මේවා කාගෙන්වත් අහන්න / කොහෙන්වත් බලාගන්න දෙයක් නෑ!! මම සේරම හොඳටම දන්නවා!!!' කියලයි. ඉතින් ඇත්තටම දැන් නම් මාත් එසේමයි තමයි!!! මං බුදුවෙලා නෑ... මට බුදුවෙන්න ඕනෙත් නෑ... මට මගේ ලෝකෙයි, ඒ ලෝකේ හිරුයි සඳුයි සේරම බුදුරජාණන්වහන්සේ විතරයි!!! අපේ හාමුදුරුවොයි කල්‍යාණමිත්‍ර පිරිසයි එකතුවෙලා, මට බුදුරජාණන්වහන්සේව දකින්න හදල දුන්න!!! දැන් මට මේ බුදුරජාණන්වහන්සේ ගෙන් 'අහල දැනගත්ත ටික' හොඳටෝම ඇති, මුළු ලෝකෙටම ඇත්තම ඇත්ත කියල පෙන්වල දෙන්න!!! ලෝකෙම format කරලා re-install කරන්න!!! මේ මම යන විදියට කතන්දරේ තෝරලා දුන්නම ආයේ අහන්න / බලන්න මොකුත් නෑ... 'ණිවන්' විතරයි!!!

අනික, මේ ධර්ම කතාවට technical දේවල් සම්බන්ධ කලාම ඔයාලට upset upset වගේ දැනෙනවා නම් ඒ ඔයාල 'ඇත්තම ඇත්ත කතන්දරේ' නොදන්නා නිසයි!!! මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් මයි!!! !!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේත් ආයේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි 'technical expert' කෙනෙක් තමයි!!! ඒ ගැන හොඳටම පැහැදිලිවෙන්න කියවෙන්නේ ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවොන්ගෙන්, "සිකි බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක අභිභූ රහතන් වහන්සේ මේ සක්වලටම ඇහෙන්න කතාකලා... ඔබවහන්සේට කොපමණ දුරකට ඇහෙන්න කතාකරන්න පුලුවන්ද?" කියල පෙරැත්ත කර කර අහපු වෙලාවේ බුදුරජාණන්වහන්සේ දීපු පිළිතුරෙනුයි!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මම  ඉස්සෙල්ලාම මේ සිරුරෙන් පිටවෙන රශ්මිය දෘශ්‍ය ආලෝකයක් බවට පත් කරලා විශ්වයට මුදා හරිනවා... එතකොට සියලු ලෝක වාසී සත්වයින් ඒ ආලෝකය දැකල ඒ දෙස බලනවා... ඊළඟට මම කියන්න ඕනේ දේ ඒ ආලෝකයට මුසු කරලා පතුරුවා හරිනවා... ආලෝකයට අවධානය යොමුකරන් ඉන්න සත්වයින්ට ඒ පණිවිඩය වැටහෙනවා..." කියල. ඔය ඇවිල්ල මේ අද කාලේ ආලෝකයේ උපකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්න පාවිච්චිකරන තාක්ෂණය!! (Optical Communication System) හැබැයි බුදුහාමුදුරුවොන්ට අමතර උපකරණ මොකවත් ඕනේ උනෙත් නෑ... බුද්ධ ශරීරය ඇති සේරටම!! ඉතින් හිතාගන්න පුළුවන් නේ කොයි වගේ කෙනෙක් ද කියල!!! මට නම් 'අද උන්වහන්සේ වැඩසිටිය නම්' කියල හිතෙනකොට ඇඬෙනවා!!!

හරි, බුදුහාමුදුරුවොන්ට ඒ කාලේ පෙන්නලා දෙන්න විදියක් නැතිවෙච්ච 'හිත / විඥාණය' සම්බන්ධ කතන්දරේ මම ඔයාලට දිගහැරලා පෙන්නුවා!!! දැක්ක නේ එතන වෙන්නේ මොකද්ද කියල?? අපි මේ ආයතන 6 පාවිච්චි කරලා විඳින විඳින විඳීම් සේරම එතන ගබඩා වෙනවා!!! ඒක අපේ මතකය හැටියට ක්‍රියාත්මක වෙනවා!!! ඊළඟට අපි හිතනවා කියන ක්‍රියාවේ යෙදෙනකොට, 'හිතනකොට', ඒ හිතන දේම ආපහු පරාවර්තනය වෙලා අපිට 'හිතෙනවා' වගේ දැනෙනවා!!! හිතන දෙයම reflect වෙනවා / bounce-back වෙනවා, වගේ දෙයක් සිද්ධ වෙනවා!!!

ඕක හරිම ලෙඩක්... ඕකට අහුවෙන්න එපා!! එපා!!! කියල කිව්වා!!! තේරුණේ නෑ නේද??? ඔන්න බලන්න වෙච්චි වැඩේ...

ඉස්සෙල්ලාම, මං මේ වැඩේ පටන්ගත්තේ 'මම ණිවන් දැක්ක!! මම රහත් උනා!!' කියාගෙන. තව උදවිය කියල තියනවා 'රහත් උන අය කියන්නේ නෑ!! රහත්වෙලා ගෙදර ඉන්න බෑ!!' අනම් මනම් ගොඩක්!! මොකද්ද ඔය දෙකෙන් හරි??? කොහොමද මම කිව්වේ ඇත්තද? බොරුද? අනික් උදවිය කිව්වේ ඇත්තද? බොරුද? කියල තීරණය කරන්නේ??? කෙනෙක්, 'ඒයි! උතුර ඔහේ නෙවෙයි මිනිහෝ... උතුර මෙහේ...' කියල කිව්වොත්, තමුන්ට පුළුවන් 'මාලිමා' එකක් උපකාරයෙන්, නැත්නම් සුර්යයාගේ ගමන් දිශාව බලල, ඒත් නැත්නම් තරු රටා දන්නවා නම් ඒවායේ උපකාරයෙන්, ඇත්ත / නැත්ත දැනගන්න!!! කවුරුහරි නරක්වෙච්ච කෑමක් තමන්ට දීල, 'ආ... ඔන්න කාපං! හොඳ කෑම එකක්...' කිව්වොත්, ඒත් පුළුවන් ගඳ සුවඳ බලල, නැත්නම් චුට්ටක් රස බලල, නරක් වෙලාද නැද්ද කියල තමන්ටම තීරණය කරන්න!!! ඒත් මේ මාතෘකාවේදී තමන් මොනවා කියල කරන්නද??? කොහොමද මම රහත් නෑ!! මම බොරු කියන්නේ!! කියල කිව්වේ??? අන්න තමුං බුදුහාමුදුරුවෝ 'එපා!!' කියපු දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටිලා!!! තොරන් බලල රැවටිලා!!!

හලෝලා, මම කියපු කතාවත් තමුන්ට අහන්න ලැබුණු / දකින්න ලැබුණු දෙයක් විතරයි!! ඊට විරුද්දව වෙන එක්කෙනෙක් කිව්වත්, වෙන පිරිසක් කිව්වත්, මුළු ලෝකෙම අය එකතුවෙලා කිව්වත් ඒකත් තමුන්ට අහන්න / දකින්න ලැබුණු දෙයක්ම විතරයි!!! තමුන්ට ඕවයි හරි වැරදි තීරණය කරන්න බෑ!!! එහෙම තීරණය කරන්න තිබුන, තමුං රහත්වෙලා, තමුං ණිවන් දැකල, කතන්දරේ තිතටම දැනගෙන, අවබෝධ කරගෙන, උන්න නම්, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම ප්‍රත්‍යක්ෂ කරගෙන උන්නා නම් විතරක්!!! ඒත් තමුන්ලා කවුරුවත් රහත්වෙලා වත්, ණිවන් දැකලා වත් නෑ!!! තමුන්ට ප්‍රත්‍යක්ෂ නැති දෙයක් සම්බන්ධයෙන් හිතන්න ගිය ගමන්, තීන්දු / තීරණ ගන්න ගිය ගමන්, තමන් තමන්ගේ හිතට අහුවෙනවා!!! මුලා වෙනවා!!! 'මු රහත් වෙලා නෑ... මු බොරු කියන්නේ...' කියල හිතපු ගමන් හිත confirmation එක දෙනවා, 'ඔව්! ඌ රහත්වෙලා නෑ... ඌ බොරු කියන්නේ' කියල. ඉතින් උඹල ඇඳගත්ත!!! මේ මාතෘකාවේදී එක එකාගෙන් අහගෙන, එක එකා කියපු දේවල් අනුව, ඇත්ත නැත්ත මොකවත් තීරණය කරන්න කාටවත් බෑ!!! මුළු ලෝකෙම එවුන් මාර වසඟයට අහුවෙලා ඉන්නේ... මුළු ලෝකෙම එවුන් එක පැත්තකට යනවා නම්, තථාගතයානන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ දෙතුන් දෙනා යන්නේ අනික් අතටයි කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! හැම එකාම සංසාරේ යන්න කතා කරනවා... ඒත් ජීවිතය අවබෝධ කරපු කෙනෙක් මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!! 'නේතං ඨානං විජ්ජති' (කීයටවත් වෙන්න බෑ) කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! සංසාරේ යන්න බෑ... මං යන්න දෙන්නෙත් නෑ!!!

උන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අන්තිම වතාවට කිව්වෙත්, 'නායක/මහා නායක සංඝල කිව්වට පිළිගන්න එපා!! වැඩි දෙනෙක් කිව්වට පිළිගන්න එපා!! සමාජයේ සම්මත උනාට පිළිගන්න එපා!! ධර්මයටම දාල බලන්න... ධර්මානුකූලව කල්පණා කරලම බලන්න...' කියලයි!!! උන්වහන්සේ දැනගෙන හිටිය, මේ සේරම මේ විදියට වෙන බව!!! උන්වහන්සේ මිනිස්සුන්ට කිව්වේ, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් හොයන්න එපා!! ධර්මයෙන්ම පිළිසරණය ලබාගන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් බලාපොරොත්තුවෙන්න එපා!!' කියලයි. මොකද දන්නවා අනිවාර්යයෙන් රවට්ටලා අමාරුවේ දාන බව!!! අනික උන්වහන්සේ කිව්වෙත්, 'මේ සසර සැඩ පහරට අහුවෙලා, දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ, හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලල, ඒ දිහාවට හැරිලා පීනන්න පටන් ගන්න!!!' කියලයි. ඒ මිසක් කාගෙන්වත් ගොඩබිමක් තියන දිහාව 'අහගන්න' කිව්වේ නෑ... මොකද එහෙම උනා නම් ඒත් කෙනෙකුට රවට්ටන්න තිබුන!! දැන් වෙලා තියෙන්නේ ඒකමයි... ධර්මය නමින් තියන මහා හුඟාක්, අමූලික බොරු!!! හැබැයි මම ඇත්ත පෙන්වනවා ඒ සේරම සුන්නද්දුලි වෙලාම යන්න!!!

මම රහත් වෙච්ච කෙනෙක් නිසා තමයි මට මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් උනේ!!! නැත්නම් මෙලහටත් හොඳට කාල දොයි!!! මට පුළුවන් සේරම හදන්න!!! ඒත් උඹල පිළිගත්තොත් විතරයි!!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න... වෛරී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න එපා!!' කියල. දැන් මේ මම කියන්නෙත් ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා දීපු පරම සත්‍ය තමයි!!! ඒත් උඹල මම කියන ඒවා දිහා සැකයෙන් බැලුවොත්, 'මූ ඇත්තද කියන්නේ දන්නෑ...' 'මූ අපිව රවට්ටනවද දන්නෑ...' කියල ගත්තොත් හිත ඒක confirm කරනවා!!! ඊටපස්සේ ඉතින් මම මේ කියන කරුණු සේරම බොලාගේ ඔළුගෙඩි වලට යන්නේ කුරුවල් වෙලා තමයි!! ඒවායින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! ඒත්, 'දමිත් ඇත්තමයි කියන්නේ... මම කොහොම හරි මේක හරියටම තේරුම් ගන්න බලන්න ඕනේ...' කියල බැලුවොත්, අවුලක් මතුවෙච්ච ගමන් හිත කියනවා, 'දමිත් ගෙන් අහන්න... දමිත් ගෙන් අහගත්තා නම් හරි...' කියල. අන්න එතකොට දන්නෙවත් නැතුව උඹල උඩ යන්න ගන්නවා!!! (නැතත් අවුලක් නෑ... දුං විසිවෙන්නම දෙන්නයි ඉන්නේ. එතකොට නිකම්ම උඩ යයි!!) ඉස්සර ඉඳලම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස කටයුතු කලේ නම් අන්න එහෙමයි!!! එයාල ගත්තේ, 'භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!' කියලයි!!. ඉතින් කිසිම මුලාවක් නෑ... එයාලට මොකුත් වැරදුනේ නෑ!!! එයාල ජීවිතේ ජයගත්තා!!!

ඔන්න අර මම කියපු යතුර!!! දැන් දොරවල් වැහිලා තිබිච්ච අය ඒවා ඇරගෙන වැඩේ හරියට කරගන්න පටන් ගන්න!!!

බුදුහාමුදුරුවෝ මේ සසර ගමන ගැන, සත්වයා වැටිලා ඉන්න දුක ගැන, කියල දුන්නේ ලාබ ප්‍රයෝජන ගන්න උවමනාවෙන් නෙවෙයි!!! අඩු ගණනේ, 'මට වැඳපිය!' කියල වත් කිව්වේ නෑ. මාත් එහෙමම තමයි!!  මට බොලා කාගෙන් වත්, එක වචනෙක වත් දෙයක් ඕනේ නෑ!!! බුදුහාමුදුරුවෝ මේ සේරම කිව්වේ හොඳටම දැකල!!! මම මෙහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ කියල දීපු ටික දැකල, 'අනේ මුං පව්!' කියලයි!!!

Monday, November 21, 2011

දැන් ඉතින් මේ 'සත්වයා' ඉන්නවා නේ?? මේ සත්වයා, නැත්නම් උඹල අපි හැමෝම, හැමදේම කරන්නේ හිතල නේ... ඒ කියන්නේ චේතනා පහල කරලා නේ... එතකොට මොනවද මේ සත්තුන්ට හිතන්න පුළුවන්?? මොනවා ගැනද මුන්ට චේතනා පහල කරන්න පුළුවන්?? මොනවද බොලාට හිතන්න පුළුවන්??? එහෙම හිතනකොට මොකද්ද වෙන්නේ??? හිතෙන හිතෙන ඕනේ පුකක් ගැන චේතනා පහලකරන්න / හිතන්න තියාගත්තොත් මොකක් / මක්ක වෙයිද???

වැඩේ පටන් ගන්න තැනක් තියෙන්නත් එපාය... බලමු ඉපදිච්ච ගමන් පොඩි එකෙක් ගෙන්!!! මොකද මේ ලෝකේ ඉන්න තරමක් මිනිස්සු, අතීතයේ හිටිය තරමක් මිනිස්සු, අනාගතයේදී ඉපදෙන තරමක් මිනිස්සු, සේරම මෙලොව එලිය දැක්කේ / දකින්නේ මොකුත්ම නොදන්න, කිසිම දෙයක් කරගන්න බැරි, අන්ත අසරණ තත්වයෙන්!!! බල්ලෙකුට පුළුවන් ඇදගෙන ගිහිල්ල කාල දාන්න!!! දැන් කොච්චර ලෝකේ පෙරලන්න දඟලන කොච්චර ලොකු... කොච්චර සද්දන්ත... කොච්චර වැදගත්... කොච්චර බලවත්... කොච්චර උගත්... කොච්චර ප්‍රසිද්ධ මොකෙක් උනත්, 'අයිය' කෙනෙක් උනත්, 'මහා මැටි මෝලෙක්' උනත්, ජීවිතේ පටන් ගත්තේ / ගන්නේ එහෙමයි!!! පස්සේ ඉතින් කාට කාටත් ඕව අමතක වෙනවා... ලොකු වෙනකොට අං එනවා නේ!! ඉතින් මහා 'කෙරුමෝ' වෙන්න හදනවා!!! හැබැයි ඉතින් ඔය ලොකු ලොකු උදවිය හැමෝටම, 'යම රජ්ජුරුවෝ' අපායේදී මේ කතන්දරේ මේ විදියටම ආපහු මතක් කරලා දෙනවා බුදුහාමුදුරුවෝ දැකල තියනවා!!! හ්ම්ම්... ඒකෙන් කමක් නෑ!!!

ඉතින් කොහොමද අලුත ඉපදුන පොඩි එකෙක්?? මං නම් දන්නවා!! දෙකක්ම ඉන්නවා නේ... තව සැහෙන දැකලත් තියනවා!! උන් හැදිච්ච ගමන් පරිසරයට අලුත්!! කිසිම දෙයක් දන්නේ නෑ... මොකෙක්වත් අඳුනන්නේ නෑ... අතපය වාරු නෑ... කතා කරන්න / අදහස් ප්‍රකාශ කරන්න මොකුත් දන්නේ නෑ... උන්ට පුළුවන් බෙරිහන් දීල අඬන්න විතරයි!!! උඹල හැමෝම, බොලයි අම්මල / තාත්තල, සීයල / ආච්චිලා , නත්ත-පනත්තල, කිත්ත-කිරිකිත්තල, කැරපොත්තල සේරම පටන්ගත්තේ අන්න එහෙමයි!!! මේ ලෝකේ අතීතයේ ඉඳල හිටිය ලොක්කො බොක්කො ඔක්කොම ඔහොමයි!!! බින්දුවෙන්ම පටන් අරගෙන, '0' ඉඳලම තමයි හැම දෙයක්ම කරන්න ගත්තේ!!! හැබැයි කලාතුරකින් සමහරුන්ගේ විශේෂයක් දකින්න ලැබෙනවා... තමන්ගේ 'පෙර ජීවිත' ගැන මතකය අවදි වෙනවා!!! ඒ වගේම අතීතයක් මතක නැතත්, පෙර ජීවිත වල ප්‍රගුණ කරපු / පුහුණු වෙච්ච දේවල් අනුව විශේෂ හැකියාවල් ප්‍රකට කරන්න / ප්‍රදර්ශණය කරන්න ගන්නවා!!! හරි, ඒ බොහොම ටික දෙනෙක් නේ... අපි මේ සාමාන්‍ය, අපි වගේ අය ගැන බලමු.

කොහොමද වෙන්නේ?? මොකුත් නොදන්න පොඩි එකා ලඟට ගියත් අඬනවා... අල්ලන්න හැදුවත් අඬනවා... අතට ගන්න හැදුවත් අඬනවා... වැඩිය ඕනේ නෑ. හිනා උනත්, ඒත් අඬනවා!!! මොකද ඌ ඉපදෙනකොට දන්නේ අඬන්න විතරයි!!! පස්සේ අම්මව අඳුනගන්නවා!!! මොකද කුක්කන් දෙනවා... ජරාව අස්කරනවා... තුරුල් කරන් ඉන්නවා... අත පත ගානවා... තේරුණේ නැතුවට, කතාකරනවා... නැළවිලි කිය කියා දොයි කරනවා!! අන්න පොඩි එකාගේ 'ආයතන' වැඩ පටන් ගන්නවා!!! ඌ ටික ටික ඉගෙන ගන්නවා!!! දත්ත / data එකතුකරගන්නවා!!! මතකයක් පිහිටනවා!!! හරිය?? පස්සේ ඉතින් අම්මව දකින කොට, කටහඬ ඇහෙනකොට, පහස දැනෙනකොට, ඒකා දැනගන්නවා 'මේ මට කුක්කන් දෙන එක්කෙනා... මෙයා ළඟ ජොලියේ ඉන්න පුළුවන්... මෙයා ගාව මට ආරක්ෂාව තියනවා...' එහෙම කියල!! ඇයි ඒ?? කලින් රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස හැටියට 'අම්ම' කියන කෙනාව විඳලා, ඒ මතකය තියනවා!!! ඉතින්... පොඩි එකාගේ හැටියට, ඒ තියන මතකයට අනුව, 'අම්ම' ගැන හිතල තීරණය කරගන්න පුළුවන්!!! හරි නේ??

ඉතින් ටික ටික කල් ගතවෙද්දී මේකා තාත්තාව, තමුන්ව බලාගන්න / හුරතල් කරන අනික් අයවත් අඳුන ගන්නවා!! නුහුරු / නුපුරුදු කෙනෙක් ඇල්ලුවොත් / අල්ලන්න හැදුවොත් අඬල තමන්ට පුරුදු 'fit' කෙනාගේ අතට යනවා!! මොකද විඳීම් හැටියට ලබපු 'දත්ත' වලට අනුව, මතකයට අනුව, සැහෙන දෙයක් 'හිතන්න' ඒකට පුළුවන්!!! දැන් ඔහොම යනකොට මුලින් අතටවත් ගන්න බැරි කෙනෙක්, ටික ටික මේ පොඩි එකාට ටොපි / චොකලට් / සෙල්ලම් බඩු ගෙනල්ල දීල fit උනොත්?? වඩාගෙන රට වටේ ඇවිද ඇවිද ඉඳල, මේකා කියන කියන ඒවා කරලා හුරු උනොත්?? එතකොට පොඩි තැනට අම්ම / තාත්ත ඕනේ නැති වෙනවා... ඒකා 'වැඩි ආතල් එකක්' තියන ආශ්‍රයට ප්‍රිය කරනවා!! අම්ම ඕනේ වෙන්නේ කුක්කන් ඕනේ උනාම... තාත්ත ඕනේ වෙන්නේ ලෙඩ උනාම / අසනීප උනාම වගේ වෙනවා!! මොකද සත්වයා ස්වභාවයෙන්ම 'සැප විඳීම්' වලට ආසයි!!!

මෙහෙම ටික ටික ලොකු වෙන එකා, ඊළඟට බාහිර පරිසරයේ තියන තව තවත් දේවල් කූරු ගගා බලන්න පටන් ගන්නවා. කුඹි / පොඩි පොඩි සත්තු පේන්න බෑ!! අල්ලන්න ඕනේ!! එපා කිව්වට හරියන්නේ නෑ... හොරෙන් හරි අල්ලනවා. කඩියෙක් එහෙම කන්න අරින්න ඕනේ!! අන්න එතකොට මර විලාප තියල අඬල, හොඳටම බයවෙලා, එදා ඉඳල සත්තු දැක්කම අල්ලන අසනීපෙ හරි යනවා!!! මොකද 'පරිප්පුවක් කාල විඳීමක් ලබන්න' ඕනේ!! ඊට පස්සේ කඩි / කුඹි දකින කොට කලින් ලබපු විඳීම මතක් වෙනවා!!! ආයේ අල්ලන්නේ නෑ... ලඟට ආවත් කෑගහගෙන දුවනවා!! ආයේ ඔය පහනක් / ඉටිපන්දමක් පත්තුවෙන කොටත් මුන්ට ඉන්න බෑ... කහනවා. අල්ලන්නමයි ඕනේ!! චුට්ටක් ලාවට හරි පුච්චගන්න අරින්නම ඕනේ!! එහෙම පුච්චගෙන බුකෝගෙන ඉඳල, නැත්නම් විලාප ගහල අඬල, පස්සේ ඉතින් ඒ ලෙඩෙත් සුව වෙනවා... ආයේ පහන් දැල්ලක් දැක්කට අල්ලන්න යන්නේ නෑ... ගිනි රස්නේ දැනෙන කොටම මතක් වෙනවා කලින් ලබපු අත්දැකීම!! තේරුණාද?? ඔන්න ඔහොමයි සත්වයා දැන ඉගෙන ගන්නේ!!! තම තමන්ට ලැබිල තියන පංචෙන්ද්‍රිය පාවිච්චිකරලා, ඒවායින් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ-සුවඳ/රස/පහස විඳින්න පුළුවන් දේවල් හොඳට, තමන්ටම දැනෙන්න විඳීමෙන්!!! හරිද??

හොඳයි, දැන් බැරි වෙලාවත් මේ සත්වයා තමන්ට හිමි පංචේන්ද්‍රියයන්ට ගම්‍ය නොවෙන, නොදැනෙන / sense නොවෙන දෙයක් ගැන දැනගන්න / හොයන්න ගියොත් මොකද්ද වෙන්නේ?? කොහොමද වෙන්නේ??? වෙන අනං මනං ඕනේ නෑ... මේ සත්වයා 'ඌ' ගැනම, ඒ කියන්නේ 'තමන්' ගැනම හිතන්න ගියොත් මොකක් වෙයිද???

කාටවත් එහෙම හිතන්න බෑ!!! මේ සත්වයෝ කාටවත් 'ලොකු මිනිස්සු' වෙන්න බෑ!!! මොකද 'සත්වයා' කියන එකාගේ ඇතුලේ වැඩකරන්නේ තනිකරම පිස්සුවක්!!! තමන්ට හිතෙන හිතෙන විදියට මොකුත්ම කරන්න බෑ!!! !!! එහෙම කරන්න ගියපු ගමන් තමන්ගේ හිත තමන්ට තොරණ් පෙන්වන්න ගන්නවා!!! !!! මේක handle එකක් නැති බයිසිකලයක් වගේ... steering එකක් නැති වාහනයක් වගේ... හැරිච්ච අතට ඔහේ යනවා!!! කිසිම පාලනයක් නැති, brake නැති, මේ 'වාහන' අනික් ඒවයි හැප්පි හැප්පි, 'පාරට ඕනේ විදියට' යන්නං වාලේ යන ගමනක් මේක!!! 'ලොකු මිනිස්සු' කියල කවුරුවත් නෑ!!! සේරම ඉන්නේ තමන්ට ලැබිල තියන වෙලාව ඉවරවෙනකම් යකා නට නට ඉඳල, අන්තිමේ ඉල්ලගෙනම කන මෝඩයෝ ටිකක් විතරයි!!!

මතකයිද මං අර සත්වයා කියන එකා ප්‍රතිචාරයට කොච්චර සංවේදීද?? sensitive ද?? උං ඒ ලැබෙන ප්‍රතිචාර වලට කොච්චර රැවටෙනවද?? කියල පෙන්වන්න දාපු කතන්දරේ???

Saturday, November 19, 2011

බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීරය එහෙම්පිටින්ම අවබෝධ කලයුතුයි' කියල නේ... ඉතින්, අපි දැන් ඒක කළා!!! පොඩි summery එකක් / සාරාංශයක් බැලුවොත්, බඹයක් පමණවූ ශරීරය 'කුට්ටිය පිටින්' ගත්තම ඒක ඇවිල්ල, ඇහැ/කණ/නහය/දිව කියල එක එක මාධ්‍යයන් ගැන දැනගන්න විශේෂයෙන් සකස්වෙච්ච 'කැලි බෑලි' ටිකකුත් තියන පොඩි 'මැෂිමක්'!!! ඒ මැෂිම එහෙම්පිටින්ම ලේ-මස්, නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච එකක් නිසා ඒකට රූපයක්! කියල කිව්වා. ඒ 'රූප'යේ වේදනා/සංඥා/චේතනා/ඵස්ස/මනසිකාර කියන ක්‍රියාකාරිත්වයක් තියන නිසා, ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ජීවිතයේදී කියන විදියට නම්, 'පණ' තියන නිසා, ඕකට 'නාමරූප' කියල කිව්වා!!! ඊළඟට, ස්වාභාවධර්මයේම තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කියල නොකඩවා සිදුවෙමින් පවතින මොකද්ද වැඩසටහනකුත් ඒ ඇඟ ඇතුලේ සිදුවෙමින් තිබුන!!! බලාගෙන ගියාම ඒක තමයි 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්... නොනැසී දිගින් දිගටම පැවතීම' කියන ස්වභාවික ක්‍රියාවලිය!!! මේ දැනුත් ඔය උදවියගේ ඇඟවල් අස්සේ සිද්ධවෙමින් තියෙන්නේ ඒක තමයි!!!

ඉතින්, මේ හැදිච්ච / 'සකස්වෙච්ච' සත්වයාගේ පැවැත්මට අවශ්‍ය දේවල්, අහාර / ජලය / වාතය ලැබෙනවා නම්, ජීවය පවත්වාගෙන යන්න බැරිවෙන තරමේ අසනීපයක්, හදිසි අනතුරක් වගේ දෙයක් නොවෙනවා නම්, කවදා හරි මේ ඇඟ හොඳටෝම දුර්වල වෙලා තවදුරටත් වැඩකරන්න / ක්‍රියාකාරී වෙන්න බැරි දවසක් එනකම්, තව දුරටත් 'පණ' රඳවා ගන්න බැරි දවසක් එනකම්, ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරෙත් නොකඩවා සිදුවෙමින් පවතිනවා!!! ඇඟ හොඳටම ජරාවට ගියාම / 'පණ' තවදුරටත් තියාගන්න බැරි උනාම, සත්වයා මැරෙනවා!!! ඒ සත්වයාගේ ශරීරයේ සිදුවෙමින් පැවතුන ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරයත් ඒ කියන්නේ, ඒ 'සත්ව ශරීරය' උපකාරයෙන් පැවතුන 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්...' නොනැසී දිගින් දිගටම පැවතීමේ ක්‍රියාවලිය නැතුව යනවා!!! එච්චරයි!!!

දැන් අපිට රහස් / නොදන්නා දේවල් මොකුත්ම නෑ!!! සේරම බලාගෙනයි ආවේ!!! ඇඟ අස්සේ තියන ලේ-මස් වලින් හැදුනු ආයතන රූප / සද්ද / ගඳ-සුවඳ / රස / පහස දැනගෙන, ඒවාට අනුරූප විද්‍යුත් සංඥා හැදුව... අවධානය යොමුකරපු, නැත්නම් 'මනසිකාර කරපු' ඒ හැම සංඥාවක්ම මනසට වැටුන!!! ඊළඟට, මනස අස්සේ විද්‍යුත් තරංගයි, විද්‍යුත් චුම්බක තරංගයි අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය හැටියට, ජීවිත කාලය පුරාවට 'දැකපු / අහපු / ගඳ-සුවඳ, රස, පහස විඳපු / හඳුනගත්තු / දැනගත්තු' හැම දෙයක්ම අපිට මතක හිටියා!!! ඔය... ඔය උදවිය හැමෝටම, 'අහපු/දැකපු/කාපු/බීපු' හැම කෙහෙල්මලම මතක හිටලා තියෙන්නේ... අන්න එහෙම උනා!!! ඉතින් ඔච්චරයි!!!

ලෝකේ කොහේ අස්සක මුල්ලක ඉන්න මනුස්සයෙක් උනත්, මොන ජාතියකට / මොන ආගමකට / මොන ගෝත්‍රයකට / මොන කුලයකට අයිති වෙනවද කියන එකේ කිසිම සම්බන්ධයක් / අදාලත්වයක් / relevance එකක් නෑ... ඒකගෙ ඇඟ ඇතුලේ වෙන්නේ ඔච්චරම තමයි!!! ඉතින්, අපි දැන් අවබෝධ කරගන්නය කියපු 'ලෝකේ' ඇතුලට / පතුලටම බැහැල විස්තර සේරම හාරවුස්සල බලල, ඕං දැන් එලියට ඇවිල්ල, මේ 'ඇහැට කණට පේන ලෝකෙට' ඇවිල්ල ඉන්නේ!!! තවත් අපිට ඔය 'ලෝකේ' නම් අමුතුවෙන් හොයන්න / බලන්න මොකුත්ම නෑ!!! දැන් තියෙන්නේ, ඒක පටන්ගත්ත තැන ඉඳල ඉවරයක් වෙනකම් අපිට වෙන්නේ මොනවද කියන එක... මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක... මේක පටන්ගත්තේ කොහොමද කියන එක... වගේ කතන්දර ටික ගැන බලන්න විතරයි!!!

මේ... නමට බෞද්ධ, නැත්නම් සම්ප්‍රදායික බෞද්ධ බහුතරයක් උදවිය 'වැඩර්'ල වගේ මහා සද්දෙන් කියව කියව ඉන්න, 'මම කියල කෙනෙක් නෑ!!! තියෙන්නේ විඥාණයක් විතරයි... ඒක තමයි භවයෙන් භවයට යන්නේ...' 'අත මිට මෙලෙව්වම තියෙන්නේ 'මිට' විතරයි ඇඟිලි නෑ... දිගහැරියම 'මිට' නෑ, ඇඟිලි විතරයි...' වගේ අමු කුණුහරුප කතා වලට මින් පස්සේ අහුවෙන්න එපා!!! !!! !!! ඒවා මහා බූරු කතාවල්!!! බුදුරජාණන්වහන්සේ, 'මේ ජීවිත වල මොකුත් නැහැ!!!' කිව්වේ සේරම පරතෙරටම දැකල, එහෙමපිටින් අවබෝධ කරගෙන ඉවර වෙලයි!!! ඔය මොන කෙහෙල්මලක් වත් දන්නේ නැති, නිකම්ම නිකම් මනුස්සයෙක් (පිස්සු _ත්තෙක්) 'මම කියල කෙනෙක් නෑ! කියල පටන්ගත්තු තැනම හිතුවාම වෙන්නේ මේවගේ දෙයක්...

** මේ 'මම' නෙවෙයි නම්, මං මොකටද මේ කෙහෙල්මල් ගැන හොයන්නේ?? මොකක් උනත් මට ප්‍රශ්ණයක් නෑ නේ... මට තියෙන්නේ ඔන්න ඔහේ කාල ඇඳලා full ආතල් එකේ ඉන්න තමයි... මැරෙණ වෙලාවක මැරෙයි... ඕව ගැන කණගාටු වෙවී / දුක් වෙවී ඉන්නේ මොකටද?? හැම දේම අසුභ වාදී විදියට හිතන්නේ පිස්සෝ... සුභවාදී විදියට ජීවිතේ දකින්න බැරි මෝඩයෝ... මේ ජීවිතේ ඉවරවෙන්න කලින් ගන්න පුළුවන් සැප ඔක්කොම අරන්, ඉන්න ටිකේ full ආතල් එකේ ජීවත් වෙන්න ඕනේ!!! ඒකයි කරන්න තියෙන්නේ... කියල ගොං බූරු විදියට කල්පණා කරන එකා එහෙමපිටින් කැලේ යනවා!!!

** ඇත්තටම සත්වයාට වෙලා තියෙන්නේ, මේ ලැබිල තියන ශරීර කූඩු අස්සේ වෙන කතන්දරේ නොදන්න එකේ ප්‍රශ්ණයක්!!! බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වලට කිව්වේ, 'සත්වයාට ටික කාලෙකට ඉන්න ලැබිච්ච ගෙයක්' කියලයි!!! ඇත්තටම ඒ ගේ ඇතුලේ හෙණ කුණුගොඩක්!! සත්වයාට කරන්න තියෙන්නේ ඒ කුණුගොඩ අස්පස් කරලා සුද්ද කරලා දාගන්න!!! එතකොට ප්‍රශ්ණ ඔක්කොම එතැනින්ම ඉවරයි!!! ඒත් මේ පටන්ගත්තු ගමන් 'මං කියල කෙනෙක් නෑ!' කියල ගන්න මෝඩ මීහරක කරන්නේ, කුණුගොඩ අස්කරන්නේ නැතුව, ඒක එහෙම්මම තියෙද්දී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලේ කන එක!!! ඌ දන්නෙත් නෑ... ඌට ලැබිල තියන වෙලාව ඉවරවෙනකොට, ඒ කුණුගොඩ ඌව වහගන්නවා!!! අපරාදේ, ඌට ලැබිච්ච අවස්ථාව මගහැරිලා යනවා!!!

ඉතින්, ඔය ගොං බූරු කතා අහපුව ඔළුගෙඩි වලින් අයින් කරගන්න!!! අයින් කරගන්නම බැරි නම් ඔහේ තියාගන්න... අවුලක් නෑ!!! මම නෙලන්නේ ඔය සේරම සුන්නද්දූලී වෙලාම යන්න!!! !!! !!!

ඇත්තටම තේරුම්ගන්න ඕනේ මෙච්චරයි. මේ අපි හැදිලා තියන 'මැෂින්' ටිකක්!!! ඒක 'කුට්ටිය පිටින්' තියෙනකම් තමයි 'සත්වයා' වෙන්නේ!!! ඒකෙ කෑලි ගලවන්න බෑ... බුදුරජාණන්වහන්සේ කෑලි වෙන්කර කර බලන්නය කිව්වේ මේ මොකද්ද කියල තේරුම්ගන්න මිසක් වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!! වැඩි වැඩ කරන්න යන්නේ නැතුව, ඔය තමන්ගේ මුළු ඇඟයි, ඒ ඇඟ නිසා ඔය තමන්ට දැනෙන වේදනා සේරමයි, තමන්ට හිතෙන දේවල් සේරමයි ඔය තත්වෙන්ම තියන තාක්, ඒ තමයි මේ අපි කතාකරන 'මම' බව හොඳට දැනගන්න!!! !!! !!! computer එකක් වැඩකරන්නේ ඒකෙ කෑලි බෑලි ටික සේරම එකට අමුණලා, power දීල තියනකම් විතර නේ??? මේකත් එහෙම්මමයි... කැලි ගලවන්න, ඇඟෙන් 'මම' වෙන්කරලා ගන්න මොකුත් බෑ!!!

මේ වැඩකර කර තියන 'මැෂිම' සන්කතයක්!!! ඒ කියන්නේ මීට කලින් තිබිච්ච එකක් නෙවෙයි!!! අම්මගේ බඩේදි අලුතෙන්ම හැදිලයි තමුන් මේ ලෝකෙට බිහි උනේ!!! ආයුෂ තියනකම් ඒක ඔහේ තියේවි... අපි කතාකරන්නේ අන්න ඒ මුළු එක, 'මුළු කුට්ටියම' ගැනයි!!! ඒක පටන්ගත්ත හැටි... දැන් වෙන දේ... (දැන් මේ කතාවෙන දේවල්) හා මෙතනින් පස්සේ වෙන්නේ මොනවද කියන ඒවා ගැනයි!!! හරිය??

Friday, November 18, 2011

දැන් ඉතින් එහෙම නම් මේ භයානක කතන්දරේ මොකද්ද කියල බලමු ... මේකත් තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ අපට අවබෝධ කලයුතුයි කියපු අපේ 'ලෝක' ඇතුලෙම තමයි!!! මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීර කූඩු අස්සෙම තමයි!!! හැබැයි මේ කතාව තේරෙන්න, ඔය 'ලෝකේ' ආයෙම තව චුට්ටක් වෙනස් විදියකට 'කරකවල' හදාගන්න ඕනේ!!! කොහොමද කරන්නේ?? මෙන්න මෙහෙමයි... මේ සැරේ අපි බඹයක් පමණවූ ශරීරයෙන් ගන්නේ මනස කියන එක විතරයි!! ඒක හැදිලා තියන හැටි වැඩක් නෑ... just 'ගුහාව' විතරයි!! ඊළඟට 'විඥාණය' එහෙම්මම ගත්ත. ඊටත් පස්සේ, අර... නාම ක්‍රියාකාරිත්වය තියෙන්නේ... අන්න ඒ ක්‍රියාකාරිත්වය නැතුව, ඒ ක්‍රියාව කරන 'කෙනෙක්' එහෙම නැත්නම් 'දෙයක්' හැටියට සලකන්න පුළුවන් 'එක' නැත්නම් 'දෙය' (උක්තය) ගන්නවා!! ආන්න එතකොට අපිට එනවා 'සිත' කියල!!!

හ්ම්ම්... ඕං ඇවිල්ල තියනවා point එකට!!! ඔය 'හිත' තමයි ඉතින් හිත... මොකද්ද ඕක???

බුදුහාමුදුරුවෝ නම් ඕක දැක්ක ගමන් දැනගත්ත, 'හපෝ... මුන්ට නම් බණ කියල වැඩක් වෙන්නේ නෑ!!!' කියල... උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම්පුරාගෙන ආවෙත්, තව පුලුවාන් තරමක් පිරිසත් නිදහස් කරගෙනම තමනුත් සංසාරෙන් එතෙර වෙනවා කියල හිතාගෙන!!! එහෙම මහා කැප කිරීමක් කරලා, මහා දුක් කන්දරාවක් විඳගෙන ඇවිල්ල, බුද්ධත්වයට පත්වෙලා, සංසාර දුකෙනුත් නිදහස් වෙලා, අනික් එවුන්ටත් නිදහස් වෙන්න කියල දෙන්න ඕනේ කියල බලපුවාම, බුදුරජාණන්වහන්සේ මුලින්ම දැක්කේ මේකයි!!! උන්වහන්සේ එක පාරටම 'මේ ධර්මය කියාදෙන්න ගියාට වැඩක් වෙන එකක් නෑ!!' කියල, ධර්මය කියන්නත් අදි මදි කළා... ඇයි ඒ???

සත්වයා කියන්නේ එහෙම්පිටින්ම ගොං!!! ගොං කියන්නේ ගොගොං ගොං... ගොං හොඳ එක!!! ඒ උනාට උං ඒක දන්නෙවත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මුන්ව හැඳින්වුයේ 'අවිජ්ජා නීවරනානන්...' සත්තානං කියලයි... අවිද්‍යාවෙන් වැහුණු සත්වයෝ කියලයි...

හලෝ ල, දැක්කේ නැද්ද 'මනස' කියන උලව්ව අස්සේ වෙන කතන්දරේ??? ඒක තනිකරම ඩබලක් 'set' වෙලා කරගෙන යන 'සංදර්ශණයක් / තොරණක්' නේ!!! උඹල ඔය අහුවෙලා ඉන්නේ ඒ 'සංදර්ශණේට / තොරණට' නේ!!! උඹල ඔය ගොනාට ඇඳගෙන, රැවටිලා ඉන්නේ ඒකට නේ!!!

හැබැයි ඉතින් මෙතනින් පනින්න හරි අමාරුයි!!! හුඟක් එවුන්ගේ 'දොර' උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ... කලාතුරකින්, ගොඩාක් පින් තියන එකෙකුගේ විතරයි උප්පත්තියෙන්ම ඔය 'දොර' ඇරිලා පිහිටන්නේ!!! ඒකට කියනවා 'යෝනිසෝමනසිකාරය' කියල!!! බුදුහාමුදුරුවෝ, එහෙම උප්පත්තියෙන්ම දොරවල් 'ඇරිලා' පිහිටපු උදවිය ඇඳින්වුයේ 'දකින අය / ඇහෙන අය' කියලයි!!! අනික් මුළු ලෝකෙම එවුන් 'පොට්ටයෝ / බීරෝ' ගානයි!!!

බුදුරජාණන්වහන්සේට මේ කතන්දරේ උපරිමයෙන්ම තේරුණා!!! !!! !!! ඒත්, උන්වහන්සේට මේක වෙන හැටි පෙන්වල දෙන්න ක්‍රමයක් ඒකාලේ තිබුනේ නෑ!!! උන්වහන්සේට පුළුවන් උනේ, 'විඥාණය මායා කාරයෙක්! ඒකට අහුවෙන්න එපා!!' කියන්න... 'තමන්ගෙයි කියල මොකක් පිළිගත්තත්, ඔය 'හිත' නම් කීයටවත් තමන්ගේ කියල පිළිගන්න එපා!!' කියන්න... 'ගොඩබිම දිහාවට හැරිලා පීනන්න පටන්ගන්න!!' කියන්න... වගේ උපදෙස් දෙන්න විතරයි!!!

මම මේ point එක කුඩේ කුඩුවෙලා යන්න ගහන්නේ කොහොමද කියල මොලේ උලුක් වෙනකම් කල්පනා කළා... ඒවායින් තමයි මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් කම ලැබුණේ!!! මේ joke වැඩක් නෙවෙයි!!! මම seen එක එහෙමපිටින් කියල දෙනවා!!! කලින් වෙලා තියන වැරදිත් හදනවා!!!

මට ප්‍රතිචාර දක්වපු එවුන්ගෙන් බොහොම සුළුදෙනෙක් හැරෙන්න, හුඟාක් එවුන් 'දොරවල් වැහිච්ච' එවුන් තමයි!!! ඒකෙ අවුලක් නෑ... ඒ තමයි මේ ලෝකේ හැටි!!! මාත් එක්ක ඇරගන්න, මරාගන්න හරි කමක් නෑ, උං මෙතනට එනකම් බලාගෙන ආවනම්, මං දැන් යතුර 'key එක' දෙන්නම්!!! හැබයි මුලින්ම හැලුණු අය ගැන කරන්න දෙයක් නෑ!!! මං මුලදීම කිව්වා කෙරෙන්න ඕනේ විදිය... ඒකත් කියල දුන්නේ බුදුහාමුදුරුවෝ මයි!!! (අර, සුතා / ධතා / වචසා පරිචිතා කතන්දරේ...)

මං කිව්වේ, පටන්ගනිද්දීම තියෙන්නේ වැහිච්ච දොරක්... ඒ කියන්නේ, මුලදී මුලදී හෙණ වැල් බයිලා ගොඩක් වගේ මිසක්, මොන මගුලක්වත් තේරෙන එකක් නෑ!!! ඒත් දොරේ යතුර තියෙන්නේ ඇතුලේ... ඒ කිව්වේ, නොතේරුණත් කමක් නෑ!! බලාගෙන ආවනම්, මොකද්ද නොතේරෙන්න හේතුව, කොහොමද ඒක නිවැරදි කරගන්නේ, කියල දැන් කියනවා!!! ඉතින්, කරුණු හොඳට බලාගෙන, 7-8 පාරක් හරි කියවල, තිතටම වැඩේ කරගන්න.

අපි මෙච්චර දවසක් තිස්සේ තැන් තැන්වලදී කතාවෙච්ච 'විඥාණ පච්චයා නාම රූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේම චුට්ටක් බලන්න. බුදුවරු අවබෝධකරගන කියල දුන්න නේ, මේ සත්වයින් ගේ සංසාර ගමනට එකම හේතුව ඕකයි කියල!!! මේ හතරමහා ධාතු වලින් හැදෙන සත්වයා කාලයක් තිස්සේ දඟල දඟල ඉඳල අන්තිමේ මැරෙනවා!!! ඊළඟට ආයේ හතරමහා ධාතු ටික පොළවටම එකතුවෙනවා!!! ඉතින් සත්වයා හැටියට හැදිලා තිබුනත්, ආයේ පොලවට එකතු උනාමත්, හතරමහා ධාතු හතරමහා ධාතු මයි නේ... ඒ කියන්නේ, 'විඥාණ පච්චයා නාම රූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේදී, නාම කියන කොටස ක්‍රියාත්මක වෙන්න, ඒ කියන්නේ සරලවම කියනවා නම් විද්‍යුතය හැදෙන්න / ගමන්කරන්න මාධ්‍යය හැටියට හතරමහා ධාතු උවමනා උනා මිසක්, කතාව තියෙන්නේ 'නාම' කියල හඳුන්වපු විද්‍යුත් ශක්තියෙත්, ඊට අනුරූප 'විඥාණ' කියල හඳුන්වපු විද්‍යුත්චුම්බක ශක්තියෙත් විතර නේ?? තේරුණාද??

අර motor / generator කතන්දරේදී, පොළවෙන් ගන්න යකඩ / තඹ වගේ ඒවායින් (හතරමහා ධාතු වලින්) ඒ motor / generator හදල තිබුනට, දිගින් දිගටම කරකැවෙන්න හේතු උනේ, ඒක මුලින් අතින් කරකවල ආරම්භය හදල දුන්නම ඇතිවෙන විද්‍යුත් ශක්තියයි, විද්‍යුත්චුම්බක ශක්තියයි නේ?? ඉතින් සත්වයින් සම්බන්ධයෙන් හරි, motor / generator සම්බන්ධයෙන් හරි, ඒවා හැදෙන්න මූලික වෙන පොළවෙන් ගන්න දේවල් අමතක කරලා ඉතුරු කරුණු දෙක බැලුවම, තියෙන්නේ විද්‍යුත් ශක්තියයි, විද්‍යුත්චුම්බක ශක්තියයි විතරයි!!! ඔන්න ඔය කෙහෙල්මල් දෙක තමයි මේ අපේ ඇඟවල් ඇතුලේ හිත / විඥාණය හැටියට අපිට 'තොරණ් පෙන්නන්න' set වෙලා ඉන්නේ!!!

එතකොට මේ ඩබල set වෙන්නෙත් එකෙක්ගේ උපකාරයෙන් අනික් එකා පවතින විදියට නේ?? ඒ කියන්නේ මුං දෙන්න 'පොරවල්' දෙන්නෙක් කියල හිතුවොත්, එකෙක් 'එකායි...' කිව්වම් අනිකත් 'එකායි...' කියනව වගේ!! එකෙක් 'දෙකායි...' කිව්වම අනිකත් 'දෙකායි...' කියනවා වගේ!! එකෙක් 'දුවමු...' කිව්වොත් අනිකත් 'දුවමු...' කියනවා වගේ!! එකෙක් 'ගහමු...' කිව්වොත් අනිකත් 'ගහමු...' කියනවා වගේ!! වෙනවා. මම අර 'සංසාරේ පතාගෙන තමුන්ව කන්න ආපු තමන්ගේ හොඳම හිතවතා ඇතුලේ ඉන්නවා!' කියල කතාවක් කිව්වා මතකද??? අන්න ඒක කිව්වෙත් මේ ගැන තමයි. මොකද ස්වරූප දෙකකින් තිබුනට, මේ දෙකේම තියෙන්නේ එකම දෙයක් මයි!!! විද්‍යුත් තරංග වේවා... විද්‍යුත්චුම්බක තරංග වේවා... දෙකම 'තරංග' නේ?? ඕකට හොඳම උදාහරණෙ ඔය සද්දේ ඇහෙන speaker වල වෙන වැඩේ තමයි!!! අපි speaker එකට දෙන්නේ විද්‍යුත් ශක්තියක්. පොඩි bulb එකක් ඇල්ලුවම පත්තු වෙනවත් එක්ක... speaker එකේදී, ඒ විද්‍යුත් ශක්තියෙන් ඊට අනුරූප චුම්බක ශක්තියක් හදනවා. (voice coil එකෙන්) ඉතින් ඒ චුම්බක ශක්තියට අනුව speaker එකේ cone එක / diaphragm එක කම්පනය වෙනකොට තමයි ඔය ශබ්ද තරංග හැටියට අපිට සද්දේ ඇහෙන්නේ.

අන්න ඒ විදියටම, එකම දෙයක් ස්වරූප මාරු වෙවී තමයි අපිට මෙච්චර දීර්ඝ කාලීන ලෙඩක් දාල තියෙන්නේ!!! හැබැයි ඒ සංදර්ශණෙන් මොකෙකුටවත් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ!!! හැම එකාම අනිවාර්යයෙන්ම රැවටෙනවා!!! ඉතින් මහා විනාසයක්ම තමයි!!! මේ සත්වයා සංසාරෙට වැටෙන්නෙත් ඒ බම්බු කතන්දරෙන්ම තමයි!!! හැබැයි ඒකෙ ගන්න සංසාරයක් නෑ ඕයි ල!!! මහා joke එකක්!!! මට දැන් පුකෙනුත් හිනහයි මේ ලොකු ලොකු පණ්ඩිත හාමුදුරුවරු, නායක / මහා නායක කට්ටිය / අග්‍රමහා කට්ටිය, ධර්ම ධර, විනය ධර, ධර ධර, බහුශ්‍රුත කට්ටිය, professional පොරවල්ගේ 'කතන්දර' අහගෙන ඉන්න කොට!!! තා ටික දවසක් හිටහල්ලකෝ... සන්සාරෙටයි, වාත වෙවී ඉන්න ලොකු ලොකු පොරවල් වලටයි බඩ සුද්දවෙන්නම දෙන්න!!! යකෝ මං වත් දැනගෙන උන්නේ නෑ නේ, මං අතින් සංසාරේ 'අනිච්චාවත සංඛාරා' වෙයි කියල!!! මොනවා කරන්නද??? ගෞතම බුදුරජාණන්වහන්සේට යස්ස දරුවෙක් ඉපදිලා... නෙලාගෙන නෙලාගෙන යනවා හතර වටේටම!!! අපි අහල තියන බුදුවරුන්ගෙන් අඩුම කාලයක් උන්නේ අපේ බුදුහාමුදුරුවෝ නේ?? ඒත් උන්වහන්සේගේ බුද්ධ සාසනයේ තමයි වැඩිම පිරිසක් සංසාරෙන් එතෙර වෙන්නේ... දැන් ඒක තීන්දු කරලා ඉවරයි!!! !!! !!! වැඩේ කරන්නේ මං තනියම උනාට, උඩ ඉන්නවා හෙණ නඩයක්ම!!! සංසාරේ 'හැඳි ගාලම දාන්න' hint එක ලැබුණෙත් එයාලගෙන්ම තමයි!!! වැඩේ කරන්නෙත් බුද්ධ දේශණා දෙකක්ම කවලම් කරල මිසක්, මේ technical කෑලි වලින් නෙවෙයි!!! හැබැයි බුදුහාමුදුරුවෝ ඒ කියල තියෙන්නේ මං මේ දැන් කියන කතාවම බව මුළු ලෝකෙටම පෙනෙයි!!! !!! !!! අර hydrochloric acid දැම්මත් දිය නොවෙන, sulfuric acid දැම්මත් දිය නොවෙන රත්‍රන්, ඒ acid ජාති දෙක කවලම් කරලා දාපුවාම දිය වෙන්නේ... අන්න ඒ වගේ!!! අයියෝ... 'සංසාරේ' පව්!!! !!! !!!

Thursday, November 17, 2011

දැන් එළිකරන කතන්දරෙන් මුළු ලෝකෙම එවුන් උස්සල, කරකවල, පොලවේ ගැහුවා වගේ වෙයි!!! 'හෙල්ලිලා යන්නේ' නැති එකෙක් හරි හිටියොත්, ආයි හොයන්න / බලන්න මොකුත් ඕනේ නෑ... ඌ මොලේ කඳුලක්වත් නැති / 'මොලය ≤ 0' / එහෙම නැත්නම් dead zero 'පොරක්' නැත්නම් 'පොරියෙක්' මයි!!! !!! !!! ඒ කියන්නේ මනුස්සයෙක් කියල කියන්න, ඔලු ගෙඩියයි / කඳයි, බඩයි, ඊට පහලින් තියන එකයි / අත් දෙකයි / කකුල් දෙකයි විතරක් තියන, ඒ උනාට 'මනස + උසස් = මනුස්ස' කියන ජාතියේ එකෙක් නොවන, නිකම්ම නිකම් බත්කන හරකෙක් නැත්නම් එල දෙණක්ම විතරයි!!! !!! !!! තමුන් ආශ්‍රය කරන එවුන් අතරේ එහෙම එකෙක් හරි හිටියොත්, එක්කෝ කොහොම හරි ඒකට / ඒකිට කරුණු පහදලා දීල හදල ගන්න බලන්න!!! (ඒක තමයි හරි/හොඳ ක්‍රමය) නැත්නම් වහාම ඒකගෙන් / ඒකිගෙන් ඈත් වෙන්න!!! !!! !!! ආයේ ජීවිතේට ආශ්‍රයට ගන්න එපා!!! !!! තමුන්ගේ ජම්මාන්තර වෛරක්කාරයෙක් තමුන්ගෙන් පලිගන්න ලංවෙලා ඉන්නවා වෙන්න පුළුවන්!!! උන් කියන කිසිම දෙයක් අහන්නේ / බලන්නේ / පිළිගන්නේ නැතුව, වහාම උන්ගෙන් ඈත්වෙලා, තමුන්ගේ ආරක්ෂාව හදාගන්න!!! උංගැන හොයන්නවත්, බලන්නවත් යන්න එපා!!! මේ ලෝකේ තමුන්ව බේරගන්න කවුරුවත් නෑ!!! තමුන්මයි ආරක්ෂාවෙන්න... බේරෙන්න... ඕනේ!!! වර්තමානයේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකේ නෑ!!! !!! !!! ඉතින්, මේ උපදේශය දෙනවට වඩා වෙන නම් කියන්න කිසිම දෙයක් නෑ!!! ඔය උදවිය වෙනුවෙන් මීට වඩා උපකාරයක් කරන්න මට බෑ!!! මට බෑ කියන්නේ, මේ කරුණේදී නම්, ආයේ වෙන කිසිම කෙනෙකුටවත් බෑ!!! !!! !!!

මම කිව්වා මේ කතන්දරේ පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්' කියල!!! දැන් තමයි ඒ දොරේ යතුර හම්බවෙන්න යන්නේ... ඒ යතුර / key එක හරියට පාවිච්චි කරලා, දොර ඇරගෙන තමුන්ගේ විමුක්තිය කරා යන එක තම තමන්ගේ වැඩක්!!! තමන්ටම වැඩේ fit වෙනකම්, මේ වැඩේ හොඳටම 'දිරවනකම්', මේ posts ටික නැවත නැවතත් බලන්න!!! මේකෙ මුල, Post-01 ඉඳල, ඊළඟට දාන post 1-2 වෙනකම් repeatedly බලන්න!!! තමුන්ට පිරිවර සේනාව බුරුතු පිටින් ඉන්න 'ලොක්කෙක්/ලොක්කියෙක්' වෙන්න පුළුවන්... ඒත් කෙළවෙන වෙලාවට ඔය මොකෙක්වත් නෑ... තමුන් විතරයි!!! තමුන් තනිවෙනවා!!! තමුන්ට ඉස්සරහ පෙන්නේ නෑ කියල, දැන් ඉදිමෙන්න හදන්න එපා!!! මේ කියන විදියටම වැඩ කරනවා... මේ ලෝකේ තමුන් හිතනවට වඩා ගොඩාක් wild !!!

තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ලෝකය දිහා බලපු ගමන් දැක්කේ, මේ case එක / මේ critical point එක / මේ බාධකය තමයි!!! උන්වහන්සේට තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශණා කරන්නත් එපා උනා!!! සහම්පතී මහා බ්‍රහ්මයා ඇවිදිල්ලා, 'භාග්‍යවතුන් වහන්ස, ලෝකයාට ධර්මය දේශණා කොට වදාල මැනව! අවබෝධ කරන උදවිය පහලවනු ඇත!' නැත්නම් උන්ට ගොඩ ඒමක් නෑ... කියල ආරාධනා කළායින් පස්සේ තමයි බුදුරජාණන්වහන්සේත් 'වැඩේට' අතගැහුවේ!!!

උන්වහන්සේ ලෝකයාට මුලින්ම කිව්වේ, 'මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න... වෛරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!!' කියලයි. ඒ කියන්නේ තමුන්ට සමීපතම, විශ්වාසවන්තම, හොඳම යාලුවා වගේ ආශ්‍රය කරන්න... තමන්ට උපකාරයට ඉන්න එකම කෙනා හැටියට ආශ්‍රය කරන්න... මේ කියන කරුණු විශ්වාසයෙන් පිළිගන්න... කියන එකයි!!! පිළිනොගෙන ඉන්න, සැක කරන්න, එපා!! කියන එකයි!!! ඒකම තමයි 'ශ්‍රද්ධාව' කියල කියන්නෙත්!!!

ඊළඟට උන්වහන්සේ කිව්වා, 'තමන්ගෙයි කියල ගන්නම ඕනේ නම්, ඔය 'ඇඟ විතරක්' තමන්ගෙයි කියල ගන්න... හැබැයි ඔය 'හිත' නම් කීයටවත් තමන්ගෙයි කියල පිළිගන්න එපා!!' කියල!!!

ඊළඟට උන්වහන්සේ කිව්වා, 'විඥාණය මායාකාරයෙක්. අහුවෙන්න නම් එපා!!' කියල!!!

ඊළඟට උන්වහන්සේ කිව්වා, 'මේ බොහෝ දුක් සාගරයක ගිලිලා ඉන්න අතරවාරේ, යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න, බොහෝම සුළු කාලෙකට උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්... ඉක්මනට ගොඩබිම තියන දිහාවක් බලල, ඒ දිහාවට හැරිලා, පීනන්න පටන්ගන්න!!' කියල!!!

ආයේ උන්වහන්සේ ඇහුවා, 'කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති - අන්ධකාරේන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ' කියල!!!
(මේ ජීවිතය ආශාවෙන්, තරහින්, මෝඩකමින්, වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?)
* තථාගතයාණන් වහන්සේ ජේතවන අසපුවේදී විශාඛාවගේ මිතුරියන් අරභයා වදාළ ගාථාවක් - පූජ්‍ය. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ.

මං මේ thread එකේදී කිව්වා, තථාගතයාණන් වහන්සේ නමකගේ 'ධර්මය' නැත්නම්, තථාගතයාණන් වහන්සේ නමක් දෙවි / මිනිසුන් හට කියල දෙන දේ, අහන්න... අහල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න... ලැබෙන තාක් කල්, ඕනෙම සත්වයෙක් මහා මෝඩයෙක්! ගොනෙක්! කියල... මතක ඇති නේ?? අන්න එහෙම කිව්වෙත් මේ කියන්න යන 'case එක' හන්දම තමයි!!! සත්වයා සංසාර ගමනකට set උනෙත්, කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ඒ සසර ගමනෙන් නිදහස් වෙනවා නම්, එහෙම වෙන්නෙත්, තව කෙනෙක් ධර්මයේ හැසිරෙන්න කියල පටන් අරන්, කැලේ කඩාගෙන ගිහිල්ල අන්තිමේ සේරම අනාගන්නවා නම්, එහෙම වෙන්නෙත් ඔන්න ඔය කතන්දරේ හන්දම තමයි!!!

ඒත් කාටවත් තේරුණේ නැහැ නේ? බුදුහාමුදුරුවෝ ඇයි හිත පිළිගන්න එපා! කිව්වේ?? ඇයි විඥාණය මායකාරයෙක්! අහුවෙන්න එපා! කිව්වේ?? මොකද්ද මේ ගොඩ බිම දිහාවට හැරිලා ඒ අතට පීනන්න කියල අදහස් කළේ?? ඇයි හොඳම යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න කිව්වේ?? කියන කිසිම දෙයක්??? මං අන්න ඒවාට තමයි අර motor / generator කතන්දර ඇදගෙන ටිකක් විතර යකා නැටුවේ... මම කිව්වා මතකයිද, මේ කරන්නේ ඕනෙම ජගතෙකුට 'ඉදිමෙන්න' පුළුවන් උපරිම සීමාව පෙන්වන එක!! clipping limit එක define කරන එක!! කියල??? අන්න ඒ සේරම කළේ මේ barrier එක කුඩේ කුඩුවෙන්නම දෙන්න තමයි!!! !!! ඇත්තටම මේ සංසාර ගමනෙන් නිදහස් වෙන එක හරිම අමාරුයි!!! ඒත්, දහස් ගණනකින් දෙතුන් දෙනෙකුට විතරක් ප්‍රතිඵල ලබන්න පුළුවන් තත්වෙන් තිබිච්ච... රහතුන්වහන්සේලාගේ යුගයෙන් පස්සේ, අපේ හාමුදුරුවෝ වඩිනකම් මෙලෝ යකෙකුට ගොඩයන්න බැරිවෙන්න වහල දාල තිබිච්ච... ඒ කතන්දරේ මං එහෙමපිටින් කණපිට ගැහුවා!!! දැන් නම් ඉතින්, ඇත්තටම, උපරිම වර්චස් පොරක් උනත් පාරක් දෙකක් අපායේ ගිහින් අම්බානටම කාල ආවත්, මේ විස්තරය එහෙමපිටින් කියවන / බලන / අහන කාටවත් 7කට වඩා යන්න බෑ!!! !!! !!! යන්න විදියක් නෑ!!! !!! !!! මං, කරන්න තියන සේරම කරලා ඉවරයි... ලියන්න විතරයි තියෙන්නේ!!!

Wednesday, November 16, 2011

හරි! ආයිම අපේ 'ලෝකය' අවබෝධ කරගැනීමේ වැඩේට බහිමු... ඉස්සෙල්ලම පොඩ්ඩක් දුරට ඔය ගුහාවට වැටුණු දේවල් ගැන කතා කරමු!!! මොකද්ද ඕක?? කොහොමද ඕක තමුන්ට බලපාන්නේ?? දැනෙන්නේ?? තේරෙන්නේ??? කියන කරුණු කිහිපයක් ගැන!!!

කෙටියෙන්ම කියනවා නම්, ඔය තමයි 'තමුන්ගේ මතකය'!!! ඔය අහන / දකින හැම කුනුහරුපයක්ම මතක හිටින්නේ... කාපු කෑම ජාති සේරම, ගඳ-සුවඳ සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... ආයේ බැණපුව / බැණුම් අහපුව / ගුටි කාපුවා / කැපිච්ච, තුවාල වෙච්ච, පිච්චිච්ච ඒවා / ආතල් ගත්තුවා සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... අන්න ඒ සේරම ඇවිල්ල ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාන්දරයේ ප්‍රතිඵල තමයි!!! මතකය ගබඩා කරලා තියාගන්න කියල blue-ray disk, hard disk, magnetic tapes වගේ ඒවා නැහැ නේ සත්වයින්ට?? මේ තමයි ඒ වැඩේට සත්වයාට ස්වභාවධර්මයෙන්ම ලැබිල තියන මතක ගබඩාව!!! හැබැයි මේක ධාරිතාවය (capacity) අසීමිතයි!!! unlimited!!! විද්‍යාව කොච්චර දියුණු උනත්, මේ වෙනකම්, සුළු වශයෙන් හරි, ගඳ-සුවඳ / රස / පහස වගේ ඒවා record කරන්න, එහෙම record කරලා ඕනේ වෙලාවක නැවත ඇතිකරන්න මොකවත් ක්‍රමයක් හදන්න පුළුවන් වෙලා නෑ නේ?? හැබැයි සත්වයාට ඒ හැකියාව ලැබිල තියෙන්නේ සංසාරෙට වැටිච්ච දවසේ ඉඳලමයි!!!

දැන් ඔය දෙවියෝ තමුන්ව මැව්වයි කියල 'හිතාගෙන ඉන්න', නැත්නම් මේ පලවෙනි පාරටමයි ඉපදුනේ කියල 'හිතාගෙන ඉන්න' අය ඉන්නවා නේද?? නිකමට හරි පොඩ්ඩක් මෝහනය කරලා (hypnotize කරලා) අතීත ජීවිත ගැන හාරවුස්සල බැලුව නම්, තේරේවි මොකද්ද වෙලා තියෙන්නේ? කියල!!! සමහරුන්ට මෝහනය කරන්න වගේ මොකවත් ඕනෙත් නෑ... ඉබේටම තමන් ගතකරපු අතීත ජීවිත සිහිවෙනවා!!! මේ අපි ජීවත් වෙන සමාජයේම ළමයි කීදෙනෙක් නම් මේ වෙනකොට තමන්ගේ අතීත ජීවිත ගැන විස්තර කියල, පස්සේ ඒ ගෙවල් වලට හොයාගෙන ගිහිල්ල විස්තර හොයල බැලුවම, සේරම ඇත්තයි! කියල දැනගන්න ලැබුණු අවස්ථා කොච්චර තියනවද?? බුද්ධ දේශණා වලත් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා... ඒ නැතත්, ඕනෙම මනුස්සයෙකුට භාවනාවෙන් තමන්ගේ හිත දියුණු කරගන, හතරවෙනි ධ්‍යාන මට්ටමෙන් එහාට තියන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' නැත්නම් 'පෙර විසු කඳ පිළිවෙල දකින ඥාණය' උපද්දව ගත්තොත්, කල්ප ගණන් ඈතට ඈතට තමුන් කලින් ගත කරලා තියන ජීවිත ගැන බලාගෙන බලාගෙන යන්න මේ දැන් උනත් හැකියාව තියනවා!!!

වැඩේ තියෙන්නේ එහෙම බලන එකේ නෙවෙයි... බුදුහාමුදුරුවෝ කිව්වා, "දවසකට අවුරුදු කල්ප සියයක් ආපස්සට මෙනෙහි කර කර බලන්න පුළුවන් භාවනානුයෝගී කෙනෙක්, අවුරුදු සියයක් තිස්සේ එහෙම ආපස්සට ආපස්සට බල බලා හිටියත්, දවසක එයා මැරිලා යාවි! ඒත් ඒ වෙනකොටත් එයා සිහිකරලා තියෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි" කියලා!!! ඒ කියන්නේ 'කල්ප' 100 x 365 x 100 තරමේ ප්‍රමාණයක් නේ? අන්න එච්චර කාලයක් කියන්නෙත් මේ ගෙවාගෙන ඇවිල්ල තියන මුළු කාලයෙන් බොහොම චුට්ටක්ලු!!! ඕකම බුදුහාමුදුරුවෝ තව විදියකට කිව්වා, "මේ සත්වයා සංසාරයට වැටුණු දවස බුදු ණෙතට වත් පේන්නේ නෑ!!!" "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඥ්ඥායති" කියල. ඉතින්, කොහොමද වැඩේ?? මේක මේ අද ඊයේ කතාවක්, පලවෙනි පාරට සිද්ධවෙච්ච කතාවක්, නෙවෙයි... මේ අපි හැම කෙනෙක්ම මහා පණයන වාර ගණනක් මැරිලා තියනවා!!! හරක් හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! එළුවෝ හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! ඌරෝ, කුකුල්ලු, මාළු හැටියටත් ඒ සේතේම ලු!!! මනුස්සයෝ හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! මතක් කරගන්න බැරි කම විතරයි අවුලකට තියෙන්නේ... ඉතින්, තව මොනවද කතාකරන්න තියෙන්නේ?? කතාකරන්න නම් මොකුත් නෑ... ඕක ඉවරයක් කරලා දාන්න විතරයි තියෙන්නේ!!! ඒකට තමයි මේ ලැස්ති වෙන්නෙ...

කට්ටිය දන්නවද?? තමුන්ව හැදුනේ ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරෙන් තමයි!!! සත්වයින් හදන්නේ... උන්ව රජවරු / සිටුවරු කරන්නේ... දෙවිවරු / බ්‍රහ්ම වරු කරන්නේ... හතර අපායට ඇදල දාන්නේ... සේරම ඕකෙන්ම තමයි!!! බුදුරජාණන්වහන්සේ ඕක හැඳින්වුයේ 'පංච උපාදාන ස්කන්ධය' කියලයි!!! ඕක මහා කුණු ගොඩක්!!! ඔය කුණුගොඩ ලොකු වැඩි නිසාම, බුදුහාමුදුරුවෝ ඕක ගොඩවල් පහකට වෙන්කරලා පෙන්නුවා... ඔය දැන් කුණු එකතු කරද්දී කඩදහි / වීදුරු / ප්ලාස්ටික් / ආහාර අපද්‍රව්‍ය අනම් මනම් කිය කියා වෙන්කරන්නේ?? අන්න ඒ විදියටම කුණු ගොඩවල් ජාති පහක් කියල හිතුවා නම් හොඳටෝම ඇති!!! කුණුගොඩක් ගැන ඊටවඩා හොයල වැඩක් නෑ!!!

හැබැයි ඔය කුණු ගොඩ කවුරුවත් අල්ලාගෙන, ග්‍රහණය කරගෙන ඉන්න දෙයක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ 'උපාදානය වෙනවා' කියල තියෙන්නේ මේ අපි record වෙනවා කියල කියන එකට!!! ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි... මේ ස්වාභාවිකවම හැදෙන සත්ව ශරීර වල, ස්වභාවයෙන්ම හැදෙන ගතියක් විතරයි!!! ඔය කුණු ගොඩ 'ඔබල' තියන්න පුළුවන් වෙන විදියට, සතරමහා ධාතුන්ගෙන් හැදෙන 'දෙය' තමයි සත්වයා කියන්නේ!!! බුදුහාමුදුරුවෝ සත්වයින් කිව්වේ, මේ නැවත නැවත උපදින ස්වභාවය ඉක්මවාගන්න බැරුව ඉන්න එවුන්ට මිසක්, බාහිර ශරීර ස්වරූප අනුව වර්ග කරලා නෙවෙයි!!! මොකද ඒ බාහිර ස්වරූපය භවයකින් භවයකට මාරුවෙද්දී තීරණය වෙන තාවකාලික එකක් විතරයි!!! දිගින් දිගට යාම වෙන කතන්දරයක්!!! තව ටික දවසක් ඉන්න කෝ... මෙච්චර කල්ප ගානක් චාටර් වෙච්ච එකේ, තව දවස් කිහිපයක් ඉන්න බැරි මොකෝ? නැද්ද??

Tuesday, November 15, 2011

දැන් ඉතින් ඔය කියපු කතන්දරේ තියනවා නේද?? ඕක තමයි කතන්දරේ!!! ඇත්තටම 'මෙතන' දිග විස්තරයක් තියනවා... බුදුහාමුදුරුවෝ ඔක්කොම දැකලා!!! උන්වහන්සේ ඒ ගැන
කියපු හැටි හරිම පුදුමයි!!! අපි ටික ටික බලමු... අපේ හාමුදුරුවොන්ට (කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට / පින්වත් ලොකු ස්වාමින්වහන්සේට) ආදරේ කරන / ගෞරව කරන, මාව හොඳ කෙනෙක් / හොඳ යාලුවෙක් හැටියට දැක්ක හැමෝම දැනටම ගොඩ ගිහින් ඉවරයි කියල හිතාගන්නකෝ...

ඇත්තටම දැන්, පරණ, මහා ඉහලින් වැජඹුණු 'සංඝ'ල ගොඩ දෙනෙකුට සිවුරු ගැලවෙන්නම වදීවි!!! මට කරන්න දෙයක් නෑ... බුදුරජාණන්වහන්සේ කිව්වේ ධර්මය අධර්මය කරන,
අධර්මය ධර්මය කරන, සංඝයෙක් නම් සිවුර ගලවල ගෙදර යවන්න කියලයි!!! මොකද, උන් අනුන්ට කරන්නේ මහා අවැඩක්!!! උන් උන්ටම කරගන්නේ උන්ට බර කාලෙකට ගෙවල ඉවර කරගන්න බැරි පාප කර්මයක්!!! අපි එක්කෙනෙක් වත් ඉපදුනේ සංසාර ගමනක් ගැන දැනගෙන නෙවෙයි!! අපි කාට කාටත් තියෙන්නේ දුකෙන් බේරෙන්න බැරි කමේ ප්‍රශ්ණයක් විතරයි!!! මොකද, ඉපදුන සත්වයන්ට ලෙඩවෙන එක දුකක්... වයසට යන එක දුකක්... මැරෙණ එක දුකක්... කැමති අයගෙන් වෙන්වෙන්න වීම දුකක්... අකමැති අය එක්ක එකතුවෙන්න වීම දුකක්... 'අනේ මට ඕව වෙන්න එපා!' කියල හිතුවට / පැතුවට, දෙයියන්ට යාඥා කලාට, බෝධිපූජා තිබ්බට, කොඩි එල්ලුවට, තමන් කැමති විදියට ඒ කිසිදෙයක් සිදුවෙන්නේ නෑ!!! අන්න ඒකත් දුකක්... ඉතින් දැන් මේ ඉපදිලා, මේවයින් දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්නයි බුදුහාමුදුරුවෝ වැඩියේ!!! උන්වහන්සේ ඇවිත් හොයාගෙන හොයාගෙන යනකොට දැක්කේ, 'මේක මේ අද ඊයේ වෙන්න පටන්ගත්ත දෙයක් නෙවෙයි... බර කාලෙක ඉඳල මේ විදියටම සිද්ධවේගන එන දෙයක්!! මෙහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව හන්දයි!!' කියලයි. ඉතින් උන්වහන්සේ කිව්වා, 'මේ සේරම දුක් වලට හේතුව මේකයි... මෙහෙම උනේ මෙහෙම මෙහෙම වෙච්ච නිසයි... මෙහෙම මෙහෙම කරලා මෙතැනින්ම ඉවරයක් දකින්න!!! මේ දිගින් දිගට යාම කිසි තේරුමක් නෑ... මේ නැවත නැවත ඉපදීම මහා දුකක්ම විතරයි!!!' කියල. උන්වහන්සේ එහෙම කිව්වේ මේ අපි හැමෝටම ආදරෙන්, කරුණාවෙන්, අපේම හොඳට!!!

බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වම, හිටපු පරණ කාලකන්ණි කිව්වා, 'ණිවන් දකින්න චතුරාර්ය සත්‍ය එහෙම්පිටින්ම අවබෝධ වෙන්න ඕනේ තමයි... ඒත් චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ වෙන්න නම් බුදුවෙන්න ඕනේ... ඒක නිසා බුදුවෙන්න පෙරුම්පුරන්න' කියල. තව තව එවුන් ගොඩාක් 'වැල් බයිලා' ගහල තියනවා!! හැම එකාම කිව්වේ, 'ඕව හදිස්සියට කරන්න බෑ! මහා කාලයක් තිස්සේ පින්කර කර, පෙරුම් පුර පූරා භවයෙන් භවයට යන්නම ඕනේ'යි කියල. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ මෙතැනින්ම ඉවරයක් කරගන්න!! මෙන්න මේ කඩ ඉම, barrier එක, වත් පැනගන්න උපරිම උත්සාහය දරන්න!!! වෙන කිසිම දෙයකට කාලේ නාස්ති කරන්න එපා!!! කියලයි. මොකද බුදුරජාණන්වහන්සේ හොඳටම දැක්ක කතන්දරේ!!! ඒත් මේ හිටපු කාලකන්ණි කලේම මිනිස්සුන්ව මුලා කරලා, අමාරුවේ දාපු එක!!!

දැන් ඉතින් ඔය හිටපු කාලකන්ණි ගොඩාක් අපායේ ඇති!!! මොකද උන් විහින් වලට බැස්ස මදිවට, උන් කෝටි සංඛ්‍යාත මිනිස්සු පිරිසක් බොරු කියල රවට්ටලා, දුකෙන් නිදහස් වෙන්න ලැබුණු අවස්ථාව මගහරවල, ආයේ දුකටම ඇදල දැම්මා!!! සුන්දර වදන් වලින්, හිත සනසන / නලවන / කණ පිනවන වදන් වලින්, 'පින්වත, සංසාරෙම යන්න... සංසාරේ තමයි එකම සොමිය... ඔයාල කවදාවත් දුකෙන් නිදහස් වෙන්න එපා!!' කියල. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!!' මේ මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුර්ලභයි... මැරෙණ මැරෙණ මිනිස්සු යන්නේ පෙරේත, තිරිසන් ලෝක වලටයි!!' කියලයි. ඉතින් මෙතනින් එහාට එකක් හරි යන්න හිතුවොත් වෙන දේ පේනවා නේ??? ඒත් මේ කාලකන්ණි බොරු තොගයක් කියල සේරමලා අමාරුවේ දැම්මා!!! ඔය විදියට එක මනුස්සයෙකුට ගොඩ යන්න තියන අවස්ථාව අහිමි කළා කියන්නේ මිනී මැරුම් කෝටි ප්‍රකෝටි ගණනක්, සත්ව ඝාතන අනන්ත ගණනක් සිදුකලා හා සමාන, ගෙවල ඉවර කරන්න බැරි මහා පවක්!!! මොකද මේ හැම සත්වයෙකුටම තියෙන්නේ පටන්ගත්ත තැනක් පේන්නේ නැති තරම් දුර සංසාර කතාවක්!!! ලැබුණු අවස්ථාවක් ගිලිහුනොත්, ආයේ කවදා තව අවස්ථාවක් ලැබෙයිද කියන්න බෑ!!! මොකද එහෙම ගොඩයන්න අවස්ථාවක්, 'ක්ෂණ සම්පත්තියක්' ලැබෙන්නේ මනුස්ස ජීවිත ලබනවටත් වඩා හුඟාක් අඩුවෙන්!!! එහෙම දුර්ලභව ලැබිච්ච අවස්ථාවක් miss උනා කියන්නේ, ඊළඟට යන්න වෙන්නෙත් ආවා වගේම කෙළවරක් හිතන්න බැරි දිග ගමනක්!!! අන්න ඒ නිසා, අසරණ / අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාපු එවුන් එකෙක් වත් කල්ප කල්ප ගානකට ආයේ මනුස්ස ලෝකෙට නම් එන්නේ නෑ!!!

ධර්මය විහිලුවට ගත්ත, මේ වැඩේ සෙල්ලමකට ගත්ත හැම එකාටමත් ඒක එහෙම්මමයි!!! අපේ හාමුදුරුවොන්ට නින්දා / අපහාස කරපු / කරන ගොඩ දෙනෙක් ඉන්නවා!!! මටත් මේ වැඩේ කරන්න ගත්තයින් පස්සේ දිගින් දිගටම මහා තුවාලයක් වෙච්ච එවුන් කීප දෙනෙක්ම ඉන්නවා!!! එකෙක් දෙන්නෙක් කියන කියන කරුණු වහන්න නොසෑහෙන්න උත්සහ කලා!!! මං ඉන්න කම් ධර්මය වහන්න මොකෙකුටවත් ඉඩ තියන්නේ නෑ... කවුරු කවුරුත් කරපු කියපුවට නම් විඳවන්න වෙයි අනිවාර්යයෙන්ම!!! ඒක අපි කවුරුවත් කරන දෙයක් නෙවෙයි... ඒ තමයි ලෝක ධර්මතාවය!!! මම පෙන්වල දෙන්නම් වෙන්නේ මොනවද? වෙන්නේ කොහොමද? කියන සේරම!!! බුදුහාමුදුරුවෝ කිව්වා ධර්මය අවබෝධකරගන්න බැරි නම් නිදාගන්න!!! කියල. මොකද නිදාගත්තා කියල අපායේ යැවෙන්නේ නෑ!!! ඒත් මෝඩයෙක් ධර්මයත් එක්ක සෙල්ලම් කරලා, අහිංසක / නිහතමානී එක්කෙනෙකුට / එක පුද්ගලයෙකුට හරි ලැබෙන්න තිබුණු අවස්ථාවක් ගිලිහුනොත්, මගහැරිලා ගියොත් ඒක ආයේ ගෙවල ඉවරකරන්න බැරි පවක්!!! හැබැයි බොහොම උවමනාවෙන් ඉල්ලගෙනම කාපු / ඉල්ලගෙනම කන අය සැහෙන ඉන්නවා!!! මම ඒ මෝඩයෝ ගැන කණගාටු වෙන්නේ නෑ!!! 'ඇත්ත' ලෝකෙට හෙලිකලාම ඒකෙන් සෙතක් වෙන පිරිස ඊට වඩා ගොඩාක් වැඩියි!!! මම කරුණු වලින් නම් අපේ හාමුදුරුවෝ වත් ඉක්මවා යාවි... ඒත් ඒ සේරම, 'ඇත්තම ඇත්ත' ලෝකෙටම හෙළිකරන්න උවමනාවට විතරයි!!! මේ ජීවිතය තියන තුරාවට මං අපේ හාමුදුරුවොන්ගේ පස්සෙන් ඉන්න, උන්වහන්සේගේ පිහිටෙන්, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන් බුදුහාමුදුරුවෝ දැක්ක තවත් එක අහිංසකයෙක් විතරයි!!!

අරහත්වයට පත්වෙච්ච කෙනා, සත්‍ය වාදියි!!! අවිහිංසා වාදියි!!! කාටවත් නරකක් වෙනවට කැමති නෑ!!! හැබැයි ඒ ගුණ මනින්නේ 'වචන වලින්' නෙවෙයි!!! 'මු කියන්නේ කුණුහරුප නේ...' කියල හිතාගෙන බලන එකාට, කියන කියන එක පේන්නේ කුණුහරුප වගේ තමයි!!! 'මූ බොරු කියන්නේ...' කියල හිතාගෙන බලන එකාට සේරම පේන්නේ බොරු වගේ තමයි!!! 'මූ මොකෙද්ද? මම ඕව ඔයිට වඩා හොඳට දන්නවා...' කියල හිතාගෙන බලන එකාට පේන්නේ සේරම වැරදියටම තමයි!!! අපේ හාමුදුරුවොන්ට බණින එකෙකුට පෙන්නේ, 'ආ... මේ අර කිරිබත්ගොඩයගේ එකෙක්... මුං සාසනය කනවා!!' කියල තමයි!!! ඉතින් උන් සේරමලා පටන්ගත්ත තැනම නානවා!!! ඒ සේරම 'ඩස්පින්' කාරයෝ පැත්තකට දාමු... 'අනේ මෙයා කොච්චර හොඳ කෙනෙක්ද? මෙච්චර දේවල් කියද්දී කියද්දීත් අපිට ඇත්ත කියල දෙන්න කොච්චර උත්සහයක් ගන්නවද?' කියල හිතාගෙන බලන අයට, මගේ වචන වල කිසි අවුලක් නෑ!!! කියන කියන දේ හරියට / හොඳට තේරෙනවා... මහා ධන නිධානයක් පහල උනා වගේ තමයි!!! ඔය කාට, කොයි විදියට පෙනුනත් මේ මම, මම මයි!!! කවුරු upset ජොකියෙක් හැටියට දැක්කත්, වැරැද්ද මගේ නෙවෙයි!!! මේ කොහෙවත් ඉන්න මෝඩයෝ ටිකක් සේරම අනාගෙන අපාගත වෙන්න යනවා... ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!!

අනික් එක, ඇත්ත කතාකරන / ඇත්ත කියන එකා බුරුවෙක් වගේ පේන්නේ බුරුවෙකුට!! මොංගල් කාරයෙක් වගේ පේන්නේ මොංගල් කාරයෙකුට!! පිස්සෙක් කියල හිතෙන්නේ පිස්සෙකුට!! ඔන්න ඕකයි යථාර්තය!!! මොකද ඇත්ත දැක්ක කෙනා නිකම් reflector එකක් වගේ තමයි!!! කාගේත් යහපතට / කාගේත් හොඳට, ඇත්ත කියල දෙන්න / ඇත්ත පෙන්වන්න උත්සහ කරනවා මිසක්, එයාට රකින්න තත්වයක් / නම්බුවක් කියල දෙයක් නෑ!!! ලොක්කෙක් කියල පෙන්වන්න, නම්බු නාම ගන්න බලාපොරොත්තු මොකුත් නෑ!!! සත්වයෙකුට යන්න පුළුවන් ඉහලම තත්වයට ගිහින් ලෝකෙම දිනපු කෙනෙකුට ආයේ වෙන ලබන්න මොකවත්ම නෑ!!! එහෙම ආර්ය ශ්‍රාවකයෝ කාටහරි යහපතක් කරන්න පුළුවන් නම් කරනවා මිසක් වෙන දේවල් වලට දායක වෙන්නේ නෑ!!! ඒ අයට ආරක්ෂාව ලැබෙන්නේ ස්වභාවධර්මයෙන්... එහෙම අයට විණ කරන එවුන්ට return එක දෙන්නෙත් ඒ ස්වභාවධර්මය මයි!!! තමුනුත් ගැලවිලා, අනික් එවුන්ටත් ඇත්ත කියල දීල, ගැලවෙන්න හදල දෙන්න ඉදිරිපත් වෙච්ච කෙනෙකුට එක වචනයක් කිව්වා කියන්නේ, ආත්ම බර ගානකට ඇතිවෙන්න ඉල්ලගෙනම කෑවා වගේ තමයි!!! පිළිනොගත්ත කියල අවුලකුත් නෑ... කාලෙ ආවම, results ලැබෙන්න පටන් ගත්තම තේරෙයි!!! ස්වභාවධර්මයට කිසි හදිස්සියක් නෑ!!! මොකද කාලය මනින්නේ කල්ප වලින්... ඕනේ තරම් time තියනවා.
අපි ආයතන වල සිද්ධවෙන වැඩපිළිවෙල ගැන කතා කළා නේ?? දැන් එතකොට පැහැදිලියි නේද, මේ ආයතන හැම එකක්ම කරන්නේ, ඒකට අදාළ මාධ්‍යයේ වෙනස්කම් අනුව විද්‍යුත් තරංග හදන එක, නිකුත් කරන එක බව!! කය සජීවීව පවතින තාක් කල් ඔය ක්‍රියාවලිය දිගටම සිද්ධවෙනවා!!! හැබැයි මේ ආයතන වල සිද්ධවෙන දේ නොකඩවා සිද්ධ උනාට, මේ හැදෙන ස්පර්ශයන් මනසිකාර නොඋනොත් / නොකලොත් ඉන් එහාට කිසිම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!! අපිට හොඳටම නින්ද ගියපු වෙලාවට සද්දබද්ද මොකුත් ඇහෙන්නේ නැත්තෙත්, මදුරුවෝ කෑවට දැනෙන්නේ නැත්තෙත් නින්දේදී ඔය මනසිකාර කිරීමේ ක්‍රියාවලිය සිදු නොවන, නැත්නම් ගොඩාක් දුරට අඩුවෙන නිසයි!! ඒවගේම, සද්දයක් තියනවා නම්, කණත් මැරිලා නැත්නම්, කණෙන් සද්දේ දැනගන්නවම තමයි... ඒ සද්දේ කියන්නේ කවුරුහරි අපිටම බණිනවා වෙන්න පුළුවන්, ගුණ ගායනා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් කවුරුහරි අඬනවා / විලාප ගහනවා වෙන්න පුළුවන්, ඕනේ එකක්... අපිට ඒ සද්දේ ඇහෙන එක ගැන මොකුත් කරන්න බෑ!!! හැබැයි අපිට ඒ සද්දේ ගණන් නොගෙන ඉන්න පුළුවන්!! බස් එකක වගේ පොදු වාහනවල ගමන් කරනකොට ලස්සන කෙල්ලෝ / කොල්ලෝ ඇඟේ ගෑවෙනව තමයි... හොඳට දැනෙනවා!! ඒත් ගණන් නොගෙන ඉන්න පුළුවන්!! ඔය සේරම අල්ලලා දාල , වෙන දෙයකට හිත යොමුකරන්න පුළුවන්!!! හැබැයි ඉතින් practice කරන්න ඕනේ... නිකම් බෑ!!! (මම නම් එහෙමයි... මට ඕනේ නම්, අවශ්‍ය දේට විතරයි ඇහැ/කණ සේරම පාවිච්චි කරන්නේ!! නැත්නම් 'ඇතුලෙන්' වහල දාල තියෙන්නේ!!) 

** භාවනාවට පුහුණු වෙනවා කියන්නේ ඔන්න ඔය විදියට ආයතන 5ක් 'වහල දාල' ඉන්න පුරුදුවෙන එකට!!! සමත භාවනාව කියන්නේ, ඔය 5 වහල ඉන්න හොඳට පුරුදු වෙලා, 'මනස' කියන ආයතනයෙන් පෙන්නන 'තොරන්' වලට අහුවෙන්නේ නැතුව ඉන්න පුහුණු වෙන එකට!!! විදර්ශනා භාවනාව කියන්නේ මනස කියන ආයතනය තමන්ගේ පාලනයට නතු කරගෙන, ඒකෙන් තමන්ට අවශ්‍ය විදියට වැඩ ගන්න එකට!!! (ඕක තමයි මගේ නම් hobby එක!!) ඊළඟට නිරෝධ සමාපත්තිය කියන්නේ ආයතන 6ම වහල දාල (shutdown කරලා), ඒ කියන්නේ මනසිකාර නොකර අතහැරලා දාල (device scanning disabled), නිකම් ඉන්න එකට!!! 

ඊළඟ මේ ආයතනවල සිද්ධවෙන කතන්දරේ ප්‍රධාන, වැදගත්ම කරුණ තමයි ඕනෙම මොහොතක මනසිකාර කරන්න / වෙන්න පුළුවන් එකම එක ආයතනයයි!!! හැබැයි ඉතින් හිතාගන්න වත් බැරි වේගයකින් ඔය ආයතන මාරුවෙන් මාරුවට මනසිකාර වීම සිදුවෙන නිසා (device switching), අපිට පේන්නේ / තේරෙන්නේ සේරම එකසැරේ වැඩකර කර තියනවා වගෙයි!!! සැහෙන ප්‍රමාණයකට හිත දියුණුකරගන්න කම් ඇත්තටම වැඩේ වෙන හැටි අල්ලගන්න / තේරුම්ගන්න ලැබෙන්නේ නෑ!! හැබැයි පොඩ්ඩක් try කරලා බලන්න, TV එකේ / radio එකේ යන මොකක් හරි සාකච්චාවක් වගේ දෙයක් අතරේ පොතක් කියවන්න... පටස් ගාල තේරෙයි ඇහුම්කන් දුන්නොත් කියවන දේ හිතට එන්නේ නෑ!!! කියවන්න ගියොත් ඇහෙන එකේ කෑලි කෑලි miss වෙනවා!!! අන්න එහෙම වෙන්නේ මේ ආයතන හැම එකම වැඩ කරන්නේ වරකට එක බැගින් නිසයි!!! තව ෂෝක් seen එකක් තියනවා... දෙයියෝ අදහන අය 'හිතන් ඉන්නවා' මොනවා හරි බරපතල වේදනාවක් ඇතිවෙලා තියන වෙලාවට දෙයියන්නාන්සේ ගැන හිතුවාම වේදනාව දැනෙන එක නැතිවෙන්නේ දෙයියන්නාන්සේගේ අනුහසින් කියල!! ඒ, එයාල මේ ආයතන වල කතන්දරේ දන්නේ නැති නිසා!!! එහෙම වෙන්නේ දෙයියෙක්ගේ කෙහෙල්මලක් හන්ද නෙවෙයි, 'මනස' කියන ආයතනය පාවිච්චිකරලා යම් දෙයක් කරන වෙලාවේ 'කය' කියන ආයතනය මනසිකාර වෙන්නේ නෑ!!! ඉතින් වේදනාව දැනෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේ හෙළිකරලා දීපු විසඳුම ලබාගත් කෙනෙකුට, නිරෝධ සමාපත්තියට යොමු උනානම් සද්දබද්ද වදවේදනා මොකුත් නෑ... අඩුම ගණනේ, උන්නද මලාද කියලත් නෑ... 'කට කපල දොයි' වගේ වෙනවා!!! අන්න සැප... උඹල දන්නෙවත් නෑ නේද?? අපිට නම් ඕවයේ 'ගේමක්' නෑ!! ආ... හැබැයි තව එකක්!! නිරෝධ සමාපත්තිය ප්‍රගුණ කරන්න ණිවන් දකින්නම ඕනේ නෑ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ කරගන්නේ නැතුව, නිරෝධ සමාපත්තියෙන් 'ආතල් එක' ගන්න පුරුදු උනොත්, වලකජ්ජ ගහපු ගමන් වෙන කතන්දරයක් සිද්ධ වෙනවා!! ඒ කියන්නේ, 'අසඥ්ඥතලයේ' උපතක් සිද්ධවෙනවා!! ඒත් සන්සාරේම තමයි!!! 

මේ තව අමතර කරුණක්... ඒත් මෙතනට තමයි අදාළ!! මම කලින් කරපු technical explanation එකේදිත් මේක highlight කළා... ඉතින්, කස්ටියට පැහැදිලි ඇති නේද? 'අපි දකින / අහන / ගඳ-සුවඳ, රස, පහස විඳින හැම එකක්ම අපිට ලැබිල තියෙන්නේ විද්‍යුත් සංඥා ටිකක් හැටියට විතරයි' කියන එක?? ඒ කියන්නේ, තේරෙන්නේ නැද්ද, අපි බොහොම ආසාවෙන් තණ්හාවෙන් බදාගෙන ඉඳල තියෙන්නේ / බදාගෙන ඉන්නේ, විද්‍යුත් තරංග ටිකක් කියන බව?? අපිට විඳින්න / හඳුනාගන්න ලැබිල තියෙන්නේ ඒ electrical signals ටික විතරනේ?? අපි කිසිම ලස්සන රූපයක් දැකල නෑ... සේරම දැකල තියෙන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදුන ඇහැ!! අපි කිසිම මිහිරි හඬක් අහල නෑ... ඒ සේරම අහල තියෙන්නේ මේ සතරමහා ධාතුවලින් හැදුන කණ!! අපිට දීල තියෙන්නේ signals විතරයි!!! අපි කිසිම රසවත් කෑමක් කාල නෑ... ඒවා සේරම කාල තියෙන්නේ දිව!!! අපිට කන්න හම්බවෙලා තියෙන්නේ 'signal' ටිකක්!!! සුවඳවල් බලන්න... පහසවල් විඳින්න... කොච්චරක් නම් try කරලා ඇත්ද?? දැනටත් කරන්නේ ඒකම නේ?? ඉතින්, බෙල්ල කඩාගෙන දැඟලුවත් අපිට ලැබෙන්නේ 'signal' ම විතරයි නේ?? මොන මගුලක්ද මේ ජීවිතේ කියල හිතෙන්නේ නැද්ද??? අනික, කට්ටියම කියන්නේ / හිතාගෙන ඉන්නේ 'අපි' ඇඟේ නෑ... මැරුණම 'අපි' මේකෙන් යනවා... එහෙම කියල නේ? එහෙනම් මොන කෙහෙල්මලකටද මේ 'ඇඟට' ආතල් දෙන්න, ඒක පිනවන්න, සමාජයේ අනික් අය අතරේ ඉහලින් තියාගන්න, කැපිල පේන්නේ තියාගන්න දඟලන්නේ?? ම්ම්... ඒ කතාවලින් වැඩක් නෑ!!! ඒ පරණ style එක ඕනේ නෑ... දැන් දෙන්නේ 'දුං විසිවෙන්න'ම!!! කොටින්ම, කස්ටියට නිවණ කරා දුවන්න වෙනවා!!! 

හරි! දැන් ඉතින් මේ හැම ආයතනයක්ම ඒවාට අදාළ මාධ්‍ය වල වෙනස්කම් අනුව විද්‍යුත් සංඥා හද හදා නේ ඉන්නේ... ඕව සේරම මනසිකාර කලොත්?? එතකොට ඉතින් මේ හැම ආයතනයෙන්ම හැදෙන හැදෙන විද්‍යුත් තරංග, අර 'ඔක්කොම කුණු බෙංගාල බොක්කටයි' කිව්වා වගේ, මනස කියන එකට එනවා / වැටෙනවා!!! දැන් අපිට 'මනස' කියන එක හැදිලා තියන විදිය, ඒක වැඩකරන විදිය මොකුත්ම ඕනේ නෑ!!! ඒකෙ සිද්ධවෙන්නේ, අර මුලින් කියාපු motor / generator වල සිද්ධවෙන technical කතන්දරේම බව විතරයි දැනගන්න ඕනේ!!! වෙන එකම දේ, එකක් උපකාරයෙන් අනික් එකට පවතින්න පුළුවන් වෙන විදියට හැදිච්ච තැනකදී පටන්ගැන්ම සිද්ධ උනාට පස්සේ, විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රයත්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ උපකාරයෙන් විද්‍යුතයත් නොනැසී දිගින් දිගටම පවතිනවා!!! දැන් මේ මනස නිකම් ගුහවක්ය කියල නේ කිව්වේ... ඉතින්,ආයතන වල හැදිච්ච විද්‍යුත් තරංග මනසිකාරයේ යෙදිච්ච ගමන්, ඒ සේරම මේ ගුහාව අස්සට වැටෙනවා... ඒ වැටිච්ච ගමන්, වැටෙන වැටෙන විද්‍යුත් තරංග වලට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයනුත්, හරියටම කිව්වොත්, 'විද්‍යුත්චුම්බක තරංගත්' හැදෙනවා... ඊළඟට ඉතින් 'සදාකල් රැඳේවා' තමයි!!! මෙතැනදී වැඩේ තියෙන්නේ විද්‍යුත් තරංග, විද්‍යුත්චුම්බක තරංග කියන ඒවා ඉඩක් ගන්න දේවල්, ඒවාට ඉඩක් ගන්නවා, ඉඩක් අවශ්‍ය වෙනවා, කියල එකක් නෑ!!! ඉතින් කොච්චර වැටුනත් එච්චරම තමයි!!! වැටෙන වැටෙන සේරම මනසේ රැඳිලා හිටිනවා!!! ඇත්තටම නම්, නොකඩවා දෝංකාර දෙන ස්වභාවයකට (ring / ringing) පත්වෙලා දිගින් දිගටම පවතිනවා!!! ඕං ඉතින් එතනදිත් 'නාමරූප පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' කතන්දරේ පටාන් ගත්ත!!! 

මේ... ඔය හැමෝම කතාවෙන 'විඥාණය' මොකද්ද කියල දැන් පේන්නම තියනවා!!! ඔය කට්ටිය 'යනවයි' කියල හිතාගෙන ඉන්න එක!!! ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන කෙනෙක් හිටියෝතින් 'පට් පට් ගාල' කතන්දරේ අල්ලගනීවී කියලත් හිතනවා!!! නැතත් අවුලක් නෑ... තව සැහෙන දේවල් තියනවා...

Friday, November 11, 2011

ස්වභාවධර්මයේ තියන 'විඥාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ මොකද්ද කියල අපි මුලින්ම හොඳට කූරුගාල බැලුව නේ... එකක් උපකාරයෙන් අනික පවතින්න පුළුවන් ආකාරයට සකස්වෙච්ච පරිසරයක, 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච' පරිසරයක, ඇතිවන විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි ඒ දෙකේම අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම නොනැසී පවතිනවා!!! දැන්, මේ අපිට අවබෝධ කරගන්න තියන 'ලෝකයට' ඒ කතන්දරය සම්බන්ධ වෙන්නේ කොහොමද කියල බලමු... මෙතැනදී, බඹයක් පමණවූ ශරීරයෙන් මේ කාර්යයට වැදගත් වෙන්නේ 'මනස' කියන විශේෂයෙන්ම සකස්වූ පරිසරය විතරයි!! ඒක බුදුහාමුදුරුවොම පැහැදිලිව වෙන්කරලා දක්වල තියනවා නේ!!! ඊළඟට මේකට විද්‍යුතය සම්බන්ධවෙන්න ඕනේ!! කොහෙන්ද විද්‍යුතය??

නවීන තාක්ෂණයේ දියුණුවෙන් හොයාගෙන තියෙන විදියට මේ ඇඟ ඇතුලේ සිද්ධවෙන හැම දෙයක්ම විද්‍යුතය සම්බන්ධ ක්‍රියා තමයි!!! ඔය ECG / EEG කියල ගන්නේ ඒවායේ රටාවල් තමයි!! කොටින්ම 'නාම' කියල අඳුන්වපු මුළු ක්‍රියාවලියම විද්‍යුත් සංඥා විදියටයි ඇඟේ සිද්ධවෙන්නේ!!! දැන්නම් විද්‍යාඥයෝ ඒ ක්‍රියාවලිය 'අස්සට බැහැල' හොඳ හොඳ සෙල්ලම් දානවත් එක්ක!! ඔය ගොඩාක් තියෙන්නේ... ඇහෙන්නේ නැති අයට ඇහෙන්න හදන එක, පේන්නේ නැති අයට පේන්න හදන එක, අතපය නැති අයට රොබෝ අතපය හදන එක වගේ දේවල්!! හැබැයි ඉතින් විද්‍යාවෙන් මේ ජීවිත කතාව අල්ලන්න බෑ!!! කිට්ටුවට වත් එන්න බෑ!!! ඒක බුදුවරුන්ට විතරක් අයිති වැඩක්!!! මොකද මේක ප්‍රඥාවෙන් බලනවා ඇරෙන්න instruments ඔබල බලන්න පුළුවන් දෙයක් නෙවෙයි... එහෙම කූරුගාන්න ගියොත් සත්වයා 'halt' වෙනවා!!! වැඩ සටහන හිටිනවා!!!

මේ මාතෘකාව කීයටවත් විද්‍යාව / විද්‍යාඥයෝ ඉස්සර කරගෙන කරන්න බෑ!!! මේක තනිකරම බුදුරජාණන්වහන්සේ නමක් ඉස්සර කරගෙන විතරක් කල හැකි දෙයක්!!! ඉතින් අපි බුදුහාමුදුරුවෝ මේ ආයතන ක්‍රියාවලියට විද්‍යුතය සම්බන්ධ හැටි කියල තියන විදිය බලමු!!! බුදුරජාණන්වහන්සේ මේ ඇඟ ආයතන 6ක ක්‍රියාකාරිත්වයක් හැටියට තෝරලා දීපු විදිය මතක් කරගන්න. නැත්නම් බලන්න. උන්වහන්සේ දක්වල තියෙන්නේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා / හටගන්නවා කියල නේ?? මේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා කියල උන්වහන්සේ කිව්වේ, ඒ ඒ මාධ්‍යයට සංවේදී අවයවය, උපකරණයක් කියමු, අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා කියන එකයි!! නැත්නම් detect කරනවා කියන එකයි!! ආලෝකයට සංවේදී උපකරණය, 'ඇස', ආලෝකය පිළිබඳව දැනගන්නවා... (detecting light). ශබ්දයට සංවේදී උපකරණය, 'කණ', ශබ්දය දැනගන්නවා... (detecting sound). ඔන්න ඔය විදියට අනික් හැම ආයතනයක්මත් ඊට අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා!!

ඉතින්, ඔහොම වෙනස් වෙනස් දේවල් දැනගත්තට මේ හැම ආයතනයක්ම අන්තිමේ එකම ජාතියක 'ඵලයක්' හදනවා කියල නේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ?? අන්න ඒක තමයි point එක!!! උන්වහන්සේ මුළු කතන්දරේම ප්‍රඥාවෙන් දැකල තියනවා!!! බලන්න බුදුකෙනෙකුගේ හැකියාව කොහොමද කියල??? Hi-Tech instruments මොකුත් ඕනේ නෑ!!! සේරම පරතෙරටම දැකල!!! මේ හැම ආයතනයකම වෙන්නේ ඊට අදාළ මාධ්‍යයෙන් දැනගන්න දේවල් වලට අනුරූප විද්‍යුත් සංඥා නිකුත් කිරීම තමයි!!! විද්‍යුත් සංඥා කිව්වම ඔක්කොම එකයි... ඒ හන්ද 'ඉස්පර්ෂ' කියල කිව්වා සේරටම!!! හැබැයි ඉතින් electrical signals කිව්වම මහා බර කතන්දරයක්!!! ඒවායේ රටාවල් (signal patterns) වෙනස්...ඒවායේ අඩංගු දත්ත (data / information composition) වෙනස්... හැබැයි අපිට එච්චර දුරට වැඩක් නෑ!!! හැදෙන්නේ විද්‍යුත් තරංග කියන එක විතරයි ඕනේ.

** පොඩි point එකක්!! කට්ටිය හුඟ දෙනෙක් 'දන්නවා වගේ' කිව්වා / කියනවා / කියල තියනවා, මම / ආත්මය කියල එකක් නෑ. විඥාණය තමයි තියෙන්නේ... ඒක තමයි එක ජීවිතයකින් තව ජීවිතයකට යන්නේ... භවයකින් භවයකට යන්නේ... එහෙම කියල!! හලෝල / බොලල්ල, මෙතැනදී විඥාණය කිව්වේ 'දැනගන්නවා' කියල නේ?? ඉතින්, කොහොමද මේ 'විඥාණය' කියන එක කොහෙවත් යන්නේ?? කිසි දෙයක් හරියට දන්නේ නැතුව, එහෙන් මෙහෙන් අහුලා ගත්තු 'බණ කෑලි' දන්නවා වගේ කියවන්න යන්න එපා!!! එහෙම කියවන්න ගියාම, තමනුයි සාසනෙයි දෙකම 'බලුවෙනවා' විතරයි

Thursday, November 10, 2011

ලෝකය අවබෝධ කරගන්න අපිට තව කරුණු දෙකයි අඩු!! ඒ දෙකෙන් විඥාණය කියන එක අපි වෙනමම ගමු... මොකද ඒක තව දුරටත් සුළු කරන්න පුළුවන් කමක් නෑ!! ඒක මේ ලෝකයේ පවතින ස්වභාවික දෙයක්!!! හැබැයි ඉතින් ඔය විඥාණය තමයි දැන් කට්ටිය හප හප ඉන්න රසවත්ම කෑම... ඒ උනාට ජීවිතය අවබෝධ කරන්න නම් ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුමයි!!! මම නම් වඩාත්ම කැමති කස්ටියට විඥාණය අවබෝධකරවන්න දඟලන්නේ නැතුව, ඔය විඥාණය 'හමඅරින්නයි'!!! නැත්නම් 'පතුරු ගහන්නයි'!!! මොකද මට ඕනේ කරන්නේ සංසාරය නසා වනසා දාන්න!!! මට බුදුහාමුදුරුවෝ වෙනමම/විශේෂයෙන්ම කිව්වා, 'මොකෙකුටවත් සංසාරේ යන්න දෙන්න එපා!!!' කියල... ඒකයි.

ඉතින් එතකොට අපිට හොයන්න ඉතුරු 'සංඥා' කියන එක විතරයි!! ඔය සංඥා කියන එක නම්, මේ සත්ව ජීවිත ඇතුලේ සිද්ධවෙන කතන්දරේදී තනිවම පවතින දෙයක් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ සංඥා කියන එක හඳුන්වල දුන්නේ 'වේදනා... සංඥා... චේතනා... ඵස්ස... මනසිකාර...' කියල සිදුවෙන සිදුවීම් මාලාවක් හැටියටයි!!! ඒක තමයි පණ ඇති සත්වයෙකුගේ සිතේ ක්‍රියාකාරිත්වය!! සත්වයාගේ 'මනෝමය' කොටස, නැත්නම් 'නාම කොටස' කියලත් කියනවා!!! මේ සිදුවීම් මාලාව සිද්ධවෙන නිසා තමයි සත්වයා සක්‍රිය / සජීවී තත්වයෙන් ඉන්නේ.

බුදුහාමුදුරුවෝ මේ සත්ව ජීවිත කියන්නේ ආයතන 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඒ වගේම, උන්වහන්සේ ඒ ඒ ආයතන වල සිද්ධවෙන දේත් හොඳටම පැහැදිලි කරලා දීල තියනවා!!

* 'චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, ඇසට රූපයක් වැටුනාම ඇසේ විඥාණය හටගන්නවා... 'ඇසෙන් එය දැනගන්නවා!!' ඇසත් / රූපයත් / ඇසේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව ඇසේ ස්පර්ශයයි!! කියල.
* 'සෝතන්ච පටිච්ච සද්දෙච උප්පජ්ජති සෝත විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, කණට ශබ්දයක් වැටුනාම කණේ විඥාණය හටගන්නවා... 'කණෙන් එය දැනගන්නවා!!' කණත් / ශබ්දයත් / කණේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව කණේ ස්පර්ශයයි!! කියල.
* මේ විදියට 'ජිව්හාච + රසේච + ජිව්හා විඥාණං => ඵස්සෝ', 'ඝානංච + ඝන්දේච + ඝාණ විඥාණං => ඵස්සෝ', 'කායන්ච + පොට්ඨබ්බේච + කාය විඥාණං => ඵස්සෝ', 'මනංච + ධම්මේච + මනෝ විඥාණං => ඵස්සෝ' කියල උන්වහන්සේ මේ ආයතන හයේම ක්‍රියාකාරිත්වය තෝරලා දුන්න!!!

ඉතින් එතකොට ආයතන හයෙන්ම ස්පර්ශ 6ක් හැදෙනවා නේ... ඔන්න ඔය ස්පර්ශ මනසිකාර වීම/කිරීම > විඳීම ඇතිවීම > විඳින දේ හඳුනා ගැනීම > හඳුනාගැනීමට අනුව චේතනා පහළකොට ප්‍රතිචාර/ප්‍රතික්‍රියා දැක්වීම කියන ක්‍රියාවලිය තමයි සත්වයාගේ 'වැඩ කෑල්ල'!!! පණ තියනකම් ඕනේ එකෙක් කරන්නේ ඔය ටික නේ?? ඔච්චරයි... වෙන මොකුත්ම නෑ!!! ඉතින් මෙන්න මේ මුළු ක්‍රියාවලිය ගැන තමයි බුදුරජාණන්වහන්සේ මෙතැනදී 'සංඥා' කියල අදහස් කරලා තියෙන්නේ!!! ඒ කියන්නේ, සත්වයාගේ මානසික කොටස, නැත්නම් 'නාම' ගැන!!!

ඕං දැන් අපි 'මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' නැත්නම් 'අපිලගේ ලෝක' ගැන සැහෙන කරුණු ටිකක් එකතුකරගත්තා!! බලන්න, මොකද්ද මේ කියල තියෙන්නේ කියල... මනස කියන ආයතනයයි, බඹයක් පමණ වූ ශරීරයයි කිව්වේ නිකම්ම නිකම් හතරමහා ධාතු වලින් හැදිච්ච ඒවා!!! අන්න 'රූප'. ඊළඟට සංඥා කියන එක මූලික කරගෙන ඒ හැදිච්ච ඇඟේ 'වැඩ කෑල්ල' ගැන, නැත්නම් ක්‍රියාකාරීත්වය ගැන කිව්වා!!! අන්න 'නාම'. ඉතින් 'සත්වයෙක්' නැත්නම්, 'සජීවී කයක්' කිව්වම ඔන්න තියනවා, නාමරූප!!! හරිද?? දැන් ඊළඟට මේකටම විඥාණයත් සම්බන්ධ උනාම, බොලේ... මේ කියල තියෙන්නේ අර බුදුවරු අවබෝධකරගන්නා කතන්දරේ නොවැ??? අර, නාමරූප පච්චයා විඥාණං > විඥාණ පච්චයා නාමරූපං > ආයෙත් නාමරූප... 'loop' කතන්දරේ නොවැ???

ඔව් ඉතින්!! ඕකම තමයි case එක!!! ඇත්තටම බුදුරජාණන්වහන්සේ අපිට කියල තියෙන්නේ, උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අපිට එක එක පැත්තෙන්, එක එක විදියට තෝර තෝර කියල දීල, "ඔන්න ඕක උඹලත් හරියට අවබෝධ කරගනිල්ල!!" කියල තමයි!!! මේ මහපොළවෙන් ගත්තු හතරමහධතු වලින් හැදිච්ච ඇඟක් වැඩකරන්න ගත්තම, සත්වයෙක් උනාම, ඒ ඇඟේ උපකාරයෙන් විඥාණය කියල මොකද්ද එකක් තියනවා... ඒ විඥාණය කියන මොකද්ද එකේ උපකාරයෙන් සතරමහධාතු සජීවීව, සක්‍රියව පවතිනවා!!! ඔය දෙක වෙන්වුණේ කොයි වෙලේද, ක්‍රියාකාරීත්වය ඇණහිටියේ කොයි වෙලේද,  සත්වයා මරණයට පත්වෙනවා!!! සතරමහා ධාතු නැවත පොලවට එකතු වෙනවා!!! එච්චරයි.

Wednesday, November 9, 2011

බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිතය කියන්නේ, පඨවි / ආපෝ / තේජෝ / වායෝ / අවකාශ සහ විඥාණ කියල ධාතු 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඉතින්, පණ ඇති සත්වයෙක්ගේ ඇඟක තියෙන්නේ මෙන්න මෙව්වා මෙව්වාය කියල කිව්වයින් පස්සේ, ප්‍රාණය නිරුද්ධ වෙච්ච ඇඟක නම් තියෙන්නේ පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන ධාතු හතර විතරයි නේද? කියන එක ඔය කාට කාටත් තේරෙනවා නේ?? ප්‍රාණය නිරුද්ධයි කියන්නේ විඥාණ ධාතුව නෑ... අවකාශ කියන්නෙත් හිස් තැන්, ඒවයෙත් මොකුත් නෑ... ඉතුරු හතර නේ?? බුදුහාමුදුරුවෝ ඔන්න ඔය ටික එක නමකින් හඳුන්වල දුන්න හතරමහා ධාතු කියල!!! ඉතින් ඔය කවුරු කවුරුත් දන්නවනේ, මිනිහෙක් උනත් සතෙක් උනත් මැරිච්ච ගමන් ඒ 'ඇඟ' කුණුවෙලා ගඳගහන්න ගන්නවා, එහෙන් මෙහෙන් චුරු පැනල, දියවෙලා, විනාසවෙන්න පටන්ගන්නවා... නැසී වැනසී යනවා!! කියල. ඔන්න ඔය නැසී වැනසී යන ස්වභාවයට පාලි භාෂාවෙන් කියන්නේ රුප්පති කියලලු... ඉතින් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ නැසී වැනසී වැනසී යන ස්වභාවය නිසා, බුදුහාමුදුරුවෝ මේ ඇඟවලුත් හඳුන්වලා තියනවා රූප කියල!!! "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති" නැසී වැනසී යන ස්වභාවය නිසා 'රූප' යයි වදාරමි! කියල තමයි උන්වහන්සේ කිව්වේ.

ඊළඟට මේ 'ඇඟ'ය කිව්වේ කන කෑම වලින්, ආහාර වලින්, හැදිච්ච එකක්!! ඒ ආහාර සේරම එක්කෝ මේ මහපොළවෙන් සාරය උරාගෙන හැදෙන ගස්කොලන් හා ඒවායේ ගෙඩි!! එහෙම නැත්නම් ඒ ගස්කොලන් හා ගෙඩිම ආහාරයට අරන් හැදිච්ච සත්තුයි උන්ගේ කිරියි / බිත්තරයි!! ඒ කියන්නේ මේ අපිට දකින්න තියන තරමක් සත්තු / ගස්කොලන් ඔක්කොම එකයි... ඔය සේරගේම තියෙන්නේ සතරමහා ධාතු විතරයි!!! ඊළඟට, ඔය හැමදේම නැසී වැනසී යන දේවල්... ඉතින්, සරලවම කිව්වොත් මේ සේරම 'රූප' විතරයි!!! ඇත්තටම මේ අපි 'ඇහැට දකින' ලෝකය තුල සිදුවෙන්නේ, කාලෙන් කාලෙට මේ මහපොළවේ තියන සතරමහා ධාතු එක එක ප්‍රමාණ වලින්, එක එක ස්වරූප වලට සකස්වෙලා, කාලයක් වෙනස් වෙමින් පැවතිලා, අවසානයේ නැසී වැනසී ගොස් නැවත මහා පොළවටම එකතු වීම විතරයි!!! වෙන අමුතු, අද්භූත මොකවත්ම සිද්ධවෙන්නේ නෑ!!!

ඉතින්, මේ 'ධර්මය' කියන මතෘකාවේදී අපට වැදගත් වෙන්නේ ඔන්න ඔය 'රූප' කියල හඳුන්වල තියෙන්නේ මොනවද කියන එක, රූප වල definition එක මොකද්ද කියන එක, විතරයි!!! ඒ කියන්නේ, ධර්මයේදී 'රූප' නැත්නම් 'රූපයක්' කිව්වොත්, ඒ හතරමහා ධාතු වලට නැත්නම් හතරමහා ධාතු වලින් හැදුනු දෙයකට කියන එක විතරයි!!! ඊට වඩා ගැඹුරට හිතන්න කිසිම උවමනාවක් නෑ... ගැඹුරට හිතීමෙන් ලැබෙන ප්‍රයෝජනයකුත් නෑ!!! ඕනෙම කෙනෙක් ඉන්නවා නම් ගැඹුරටම හිතාගෙන හිතාගෙන යන්න... වැඩේ එහෙම්පිටින් අනාගන්න පුළුවන්!!!

හැබැයි, හොඳට මතක තියාගන්න... ඇහැට දකින රූප (පින්තූර) කියන එකයි මේකයි වෙනස්!!! ඇහෙන් දකින ඕනෙම දෙයක් රූප තමයි... සේරම හතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දේවල් නේ?? ඒවගේම, වෙන ඕනෙම සජීවී සත්වයෙක් උනත්, 'තමුන්ට' නිකම්ම නිකම් රූපයක් විතරයි!!! ඒ කියන්නේ අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / යාලුවෝ / නෑයෝ / සත්තු සර්පයි සේරම 'තමුන්ට' නිකම්ම නිකම් රූප විතරමයි!!! ඊට අමතරව, අහන / විඳින සේරම සද්ද / ගඳ-සුවඳ / රස / පහස කියන ඔක්කොමත් නිකම්ම නිකම් රූප විතරයි!!! 'කෑම සුවඳක්' කිව්වත් රූපයක්! 'ගූ ගඳක්' කිව්වත් රූපයක්! 'කට හඬක්' / 'සින්දුවක්' කිව්වත් රූපයක්! එක්කෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයකින් හටගත්ත එකක්... නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවෙච්ච එකක්!! හරි නේ?? කොටින්ම කියනවා නම් බාහිර පරිසරයෙන් 'තමුන්ට' දැනගන්න / විඳින්න පුළුවන් හැමදේම රූප විතරයි!!! බාහිර 'ඕනේ පුකක්' රූපයක්!!! පැහැදිලියි නේ??

දැන් අපි අර අවබෝධ කරන්න ඕනෙය කියපු 'ලෝකේ' පොඩ්ඩක් 'සුළු' කරමු!!! අපි ඔය 'තඩි' ගණන් / සමීකරණ එහෙම විසඳන්න ගියාම සුළු කරන්නේ... අන්න ඒ විදියට කරමු!! අපිට බුදුහාමුදුරුවෝ කිව්වේ 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' එහෙම්පිටින්ම අවබෝධ කරගනිල්ල කියල නේ?? ඕකේ ඔය බඹයක් පමණවූ ශරීරය කියන්නේ නිකම්ම නිකම් රූපයක්!!! ඇයි ඉතින් උසින් බඹයක් නෙවෙයි බරින් කිලෝ 400-500 උනත් හතරමහා ධාතු නේ?? නිකම්ම නිකම් රූප!!! ඔන්න අපි බඹයක් පමණවූ ශරීරය එහෙමපිටින් අවබෝධ කළා!!! just a 'රූප' හරිද? හරි නේ??

ඊළඟට මනස කිව්වෙත් ඇස / කණ / නාසය වගේම තවත් එක ආයතනයක්!! ඇයි, මේ ජීවිතය ආයතන හැටියට තෝරලා දෙද්දී බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක ආයතන 6ක එකතුවක් කියල?? ඉතින් මේ මනස කියන්නෙත් ඇස / කණ / නාසය වගේම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්!!! ඒ කියන්නේ ඒකත් නිකම්ම නිකම් රූපයක්!!! ඕං අපි මනසයි, බඹයක් පමණවූ ශරීරයයි, දෙකම අවබෝධ කරලා ඉවර කළා!!! just 'රූප'. එච්චරයි!!! ඊට වඩා මොකුත් ඕනේ නෑ... වැඩක් නෑ...

බුදුරජාණන්වහන්සේ මේ මනස කියල ඇඳින්වුයේ මොළයයි!!! උන්වහන්සේ ඒක හැදිලා තියන හැටි... වැඩකරන හැටි... වගේ සේරම අවබෝධ කරගෙන තියනවා!!! technical කතන්දරය තේරුම්ගන්න hints බර ගණනක් කියල දීලත් තියනවා!!! ඒත් සේරම කියල දීල තියෙන්නේ ඒ කාලේ තිබිච්ච උදාහරණ අරගෙන සාමාන්‍ය මනුස්සයන්ට තේරුම් කරන්න පුළුවන් විදියට විතරයි!!! මෙතැනදී මොලය ශරීරයේම කොටසක් උනාට බුදුහාමුදුරුවෝ ඒක වෙනමම පෙන්වලා, highlight කරලා, තියෙන්නේ ශරීර ස්වභාවය අනුව සත්වයාව හැඳින්නුවට, සත්වයාගේ කතාවට අදාළ මොලය කියන එක විතරක් නිසයි!!! දන්නවා නේ? මුළු ඇඟම මැරුණත් මොලයට හානියක් නැත්නම් සත්වයා 'වැඩ' බව?? අනික මොළෙත් හැඩය / ප්‍රමාණය වගේ දේවල් මේ ජීවිත වල කතාවට අදාළ නැති නිසා, මනස කියල ගත්තම හොඳටම ඇති!!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් නිකම්ම නිකම් ගුහාවක් කියලයි...

Tuesday, November 8, 2011

අර... රෝහිතස්ස දිව්‍යපුත්‍රයා බුදුහාමුදුරුවෝ මුණගැහිලා, පෙර ජීවිතයකදී ලෝකේ කෙලවර හොයන්න ගිහින් මග මැරිච්ච බව කිව්වම බුදුහාමුදුරුවෝ කියපු ටික මතකයි නේද?? බුදුහාමුදුරුවෝ කිව්වා නේ, "ලෝකේ කෙළවරක් දකින්න ඕනේ! හැබැයි ඇවිදගෙන ගිහින් ඒක කරන්න බෑ!! ඒකට මේ මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුයි" කියල. දැන් ඉතින් අපිටත් ඕකම තමයි කරන්න තියෙන්නේ!!! ඉතින්, මොනවද මේකේ අවබෝධ කරන්න තියෙන්නේ? කොහොමද මේක අවබෝධ කරන්නේ?? සෑහෙන බොන්ඩ ඕනේ ප්‍රශ්ණයක්... බොමු! මං කිව්වේ අර කතන්දරේ හොඳටම තේරෙන්න නම් ඉස්සරහට යන්න ඕනේ!! ඒත් ඉස්සරහට යන්නත් මුලින් කියන ඒවා තේරෙන්න ඕනේ!! වගේ 'ටැපලෙන' case එකක් තියනවා පටන්ගන්න කොටම කියල... අර, දොර වහල යතුර පෙට්ටියකට දාල, ඒ පෙට්ටියට යතුරු දාල, ඒ යතුර වෙන පෙට්ටියක දාල, ඒකටත් යතුරු දාල, ඒ යතුරත් තව එකක දාල... වගේ අබල් බබල් case එකක් මේ ජීවිතේ අවබෝධ කරන්න පටන් ගත්තු ගමන් තියනවා කියල... ඒ මේක තමයි!!!

මෙතන, මනස...  සංඥා... විඥාණය... බඹයක් විතර ශරීරය... කරුණු හැටියට ගත්තම 'මේකේ මොනවා බලන්නද?' කියල හිතුනට, මේක මහා මර උගුලක්!!! සත්වයා සංසාරයට වැටුනෙත් 'මේක' හන්දමයි!!! අරක්කු පොදක් / මස් කෑල්ලක් කටේවත් නොතියන සිල්වත් මහා ජනතාව ධර්මය අවබෝධ කරන්න කියල ගිහින් හොඳටෝම නාගෙන... ඇදගෙනම නාගෙන... හොඳටෝම අසනීප වෙලා ඉන්නෙත් 'මේක' හන්දමයි!!! සියලු සම්ප්‍රදායික බෞද්ධ ජනතාව ලෞකික එකෙන් ලෝකෝත්තර එකට... ලෝකෝත්තර එකෙන් ලෞකික එකට මාරු වෙවී සදා වටේ යන්නෙත් 'මේක' නිසාමයි!!! තව කට්ටියක් දෙයියෝ බදාගෙන විහින් නැහෙන්න යන්නෙත් 'මේක' නිසාමයි!!! අපේ හාමුදුරුවොන්ට / මට බැණපු / බණින කාලකණ්නි එහෙම කලෙත් / කරන්නෙත් 'මේක' හන්දමයි!!! සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්නෙත් 'මේක' නිසාමයි!!! හැබැයි.... දැන් නම් මං 'මේක' කුඩු කරලා ඉවරයි!!! !!! !!!

බුදුහාමුදුරුවෝ සංඥාව තෝරලා දුන්නේ 'හඳුනාගන්නවා' කියන අර්ථයෙන් කියලයි!!. විඥාණය තෝරලා දුන්නේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් කියලයි!! හැබැයි උන්වහන්සේ මේ එකම වචන ටික, එක එක තැන්වලදී, ඒ ඒ තැනේ හැටියට, වෙනස් වෙනස් අර්ථ දක්වන්න යොදාගෙන තියනව!!! ඒකට ප්‍රධානම හේතුව ඒ කාලයේ හැටියට මේ 'ඇත්ත සිදුවීම් මාලාව' පැහැදිලි කරන්න යොදාගන්න පුළුවන් උදාහරණ නැතිවෙච්ච එකම තමයි!!! ඉතින් ඒ ඒ අවස්ථාව අනුව උන්වහන්සේ අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඇත්තටම නම් පිරිසුදු බුද්ධ දේශණා 500 - 1000 විතරම අහන්න / කියවන්න වෙනවා!!! ඒ ඇහුවත් ඇත්තටම නම් වැඩේ හරියන්නේ නෑ!!! මොකද තමන් ණුවනින් විමසල විමසල 'මොකද්ද මේ කියල තියෙන්නෙ?' කියල 'ටක්කෙටම අල්ලගන්නකම්' වචන වල හිරවෙන එක, වචන එක්ක පැටලෙන එක නතරකරන්න බෑ!!! ඒත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සු හරි අඩුයි!!! ණුවනින් කල්පණා කරන්න පුළුවන් උදවිය අහම්බෙන් හරි හොයාගන්න ලැබුණත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පණා කරන්න පුළුවන්, 'යෝනිසෝමනසිකාරය' තියන උදවිය ඇත්තෙම නැති ගානයි!!!

කොච්චර try එකක් දීලද අපි කතන්දරේ අල්ලගත්තේ... අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙනගමන්, 'මෙහෙමයි කරන්න ඕනේ! මෙහෙමයි වෙන්න ඕනේ! මෙහෙම හිතන්න!' කිය කියා දුන්නු support එක නිසාමයි අපි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුවේ!!! දැන් නම් මතක් කරනකොට පුදුමත් හිතෙනවා. පස්සේ නේ දැනගත්තේ මේ මුළු කතාවම technical කෙහෙල්මලක් බව. technical කතන්දර කියන්නේ මගේ ප්‍රියතම කෑම!!! ඉතින් මෙහෙම නොවී තියේවිද කීයටවත්?? දැන් නම් ඉතින් සංසාරෙට sorry ම තමයි!!!

සත්වයා සංසාරෙට වැටෙන්න හේතු වුන, ධර්මය අවබෝධ කරගත්ත උදවිය විතරක් යාන්තම් ගැලවුණු, අනික් සියලු ලෝක සත්වයෝ පටලැවිච්ච නූල් බෝලයක් වගේ කරගත්තු / පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගත්තු 'මේක' මම ලිහල ලිහල පෙන්නන්නම් 'සුටුස් ගාල'!! අවශ්‍ය වෙන කරුණු සේරම කලින් කියලයි තියෙන්නේ. එකම case එක තියෙන්නේ, මේ කරුණු දැනගන්න එන්න තියෙන්නෙත් යතුරු දාපු දොරක් හරහා!!! ඒ දොරවල් තියෙන්නෙත් උඹල ගාව!! තම තමන් ගාව!! ඒ ඇවිල්ල සත්වයාගේ main entrance එක කිව්වා නම් හරි!! ඔය main entrance උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ!! ඒකයි බුදුහාමුදුරුවෝ, 'අවිජ්ජා නීවරනානං...' කියල එකක් කිව්වේ!!! මේ කරුණු හරියටම click උනොත්, තේරුණොත් තමයි ඔය දොර ඇරගන්න වෙන්නෙත්!! ඉතින්, හරිම අමාරු වැඩක්!!! ඔය වැඩේ ලේසිකරන්න, බුදුහාමුදුරුවෝ කිව්වා, "මාව මයිත්‍රී  ප්‍රතිපදාවෙන් ඇසුරුකරන්න!! වයිරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!" කියල... ඉතින්, අන්න එහෙම වත් කරගෙන 7-8 පාරක් වත් කියවන්න.

Monday, November 7, 2011

'බුද්ධං සරණං ගච්චාමි' කියන්නේ මම බුදුරජාණන්වහන්සේ සරණ යමි කියන එකට!! ඒ සරණ යනවා කියන්නේ ඔය මල් / හඳුන්කූරු / පහන් වගේ දේවල් පූජා කර කර ඔය වාක්‍ය කියන කියන වාරයක් වාරයක් ගානේ, බැලුමකට හුලන් ගහනවා වගේ පින් වලින් පිරිලා පිරිලා අන්තිමේ තමන්ව නිවණට යැවෙනවා කියල එහෙම නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ කලේ මර්ගෝපදේෂණයක්!!! පාර කියා දීමක්!!! ඇත්තට බුද්ධං සරණං ගච්චාමි කියන්නේ, මම බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ හිස් මුදුනින්ම පිලි අරගෙන, ඒ කියපු විදියටම කටයුතු කරමි!!! කියල තමන් තමන්ටම ප්‍රතිඥා දීගැනීමක් වගේ දෙයක්!!!

දැන් එතකොට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම යන්නේ, යැවෙන්නේ නෑ!!! කියල. තමුන් බුද්ධං සරණං කියනවනම් ඒ කියපු එක ඒ විදියටම පිළිගන්න ඕනේ!!! මේක 'වෙන මොකෙක් හරි සරණං ගච්චාමි' කියන එවුන්ට අදාළ නෑ... උන් යන්නේ වෙන දිහාවක!!! ඒ ගැන මම පස්සේ කියන්නම්...

නමුත්, තමුන් බුද්ධං සරණං කියල කියන කෙනෙක් නම්, තමන්ට මේ ජීවිතයෙන් එක මයිල් ගහක වත් දෙයක් අරගෙන යන්න බෑ!!! ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ!!! ඒ උනාට තමුන් බලාපොරොත්තු වෙනවා පින් කර කර සංසාරේ යන්න... එහෙම ගිහිල්ල ගිහිල්ල දෙව් මිනිස් සැප කෙලවර අමාමහ ණිවන් සුව ලබන්න... හුඟාක් සංඝල 'බණට' කියල දෙන්නේ ඔහොම නේ!!!

මං අහන්නේ, බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???
මේ ඇඟවල් වල තියෙන්නේ මොනවද කියල ධාතු හැටියට හොයල බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට මේ ඇඟවල් සංඥා ආයතන හැටියටත් වෙන්කර කර බැලුවා!! මොනවද මේ සංඥා ආයතන?? සංඥා ආයතන කිව්වෙත් ඔය ඇඟවල් වලම තියන, ඔය කියපු ධාතුන්ගෙන්ම හැදිච්ච, මේ බාහිර ලෝකේ තියන නොයෙකුත් නොයෙකුත් දේවල් දැනගෙන සත්වයාට විඳින්න අවස්ථාව හදල දෙන අවයවයන් / ඉන්ද්‍රියයන් කිව්වනම් හරි!! 'ඇස' කියල එකක් තියනවා... ඒකෙන් තමයි සත්වයා දකින තරමක් දේවල් දකින්නේ. 'කණ' කියල එකක් තියනවා, ඒකෙන් තමයි ඇහෙන තරමක් දේවල් ඇහෙන්නේ. 'නාසය' කියන එකෙන් තමයි ඕනෙම ගඳ සුවඳක් දැනෙන්නේ. 'දිව' කියන එකෙන් තමයි හැම රසයක්ම දැනගන්නේ. 'කය' කියන එකට තමයි හැම පහසක්ම දැනෙන්නේ ඊළඟට 'මනස' කියන එකට තමයි හැම අරමුණක්ම දැනෙන්නේ. ඔච්චරයි තියෙන්නේ!! මේ සත්වයා කියන්නේ තනිකරම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6ක එකතුවක්... වෙන මොකුත්ම නෑ!! කොච්චර හෙව්වත් ආත්මයක් කියල එකක් නෑ!!!

ඉතින්, ආයතන හැටියටත් මේ ඇඟේ තියෙන දේවල් සේරම වෙන්කර කර බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට හෙව්වා, මොකද්ද මෙතන සිද්ධවෙන්නේ?? කියල. හැබැයි උන්වහන්සේ මේ ටික නම් කලේ උන්වහන්සේ සතු විශිෂ්ඨ ඥාණ වල උපකාරයෙන්මයි!!! ඒ කියන්නේ මෙහෙමයි... දැන් සාමාන්‍ය මනුස්සයෙකුට වතුර හැදිලා තියෙන සියුම්ම කොටස මොකද්ද කියල හොයාගෙන හොයාගෙන ගියොත් දැනගන්න පුළුවන් සියුම්ම අවස්ථාව 'ජල අණුව' කියන එක නේ?? එතනින් එහාට හොයන්න පියවි ඇහැට පේන, අල්ලලා බලල දැනගන්න පුළුවන්, මොකුත් නෑ නේ?? නමුත් අවශ්‍ය උපකරණ තියන විද්‍යාඥයෙකුට පුළුවන් ඊට එහාට හොයාගෙන හොයාගෙන යන්න!! එක්කෝ හයිඩ්‍රජන් / ඔක්සිජන් එකතුවක් (2H+O) කියල හොයාගෙන නවතින්න පුළුවන්... එහෙමත් නැත්නම් පරමාණු මට්ටමටම හොයාගෙන හොයාගෙන යන්න පුළුවන්!! බුදුරජාණන්වහන්සේට මේවගේ දේවල් වලට අමුතුවෙන් උපකරණ මොකවත් උවමනාවක් නෑ!!! උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පිරුවේ ඒවා හදාගෙන එන්න තමයි... පස්සේ උන්වහන්සේට තිබුණේ ඕනේ ඕනේ දේවල් හොයල දැනගන්න විතරයි!!

ඉතින් බුදුරජාණන්වහන්සේ හොයාගෙන හොයාගෙන ගියා මේ සාමාන්‍ය මනුස්සයෝ 'මම'ය, 'මගේ ආත්මය'ය, කියල හිරවෙලා දඟලන කෙහෙල්මල මොකද්ද කියල!! බැලුවම ඒක තනිකරම මායාවක් විතරයි!!! මේ 'මම' කියල අපි කාට කාටත් දැනෙන්නේ, මනස / සිත / විඥාණය කියන තුන එකතුවෙලා පෙන්නන විජ්ජාවක්... ලොකුවයින් තොරණක්... එච්චරයි!!! ඒ ඇරෙන්න මේකේ මොකුත්ම නෑ!!!

දැන් ඔය TV එකේ ප්‍රවෘත්ති කියන, එක එක සාකච්ඡාවල් පවත්වන උදවිය වාහන වලින් ඔයාලගේ ගෙවල් වලට ඇවිල්ල... ගෙට ඇවිල්ල... TV එක ඇතුලට ගිහිල්ල වාඩිවෙලා කාරිය... ඒ වැඩසටහන් කරනවා නෙවෙයි නේ?? ඒත් ඔය හොඳ ලස්සනට 'ගෙඩි පිටින්' ඉන්නවා පේන්නේ?? ඇත්තටම වගේ කතාකර කර ඉන්නේ??? ඒ සේරම තනිකරම හදල පෙන්වන දෙයක්, illusion එකක්, විතරනේ... මෙතනත් වෙන්නේ ඒකමයි!!! හිතාගන්න බැහැ තමයි... TV එකක් උනත් මුලින්ම දැකපු කෙනෙක්ව 'ගොනාට අන්දවන්න' පුළුවන් ලේසියෙන්ම!! ඒත් TV මස්කරන්න දන්න, කෑල්ලෙන් කෑල්ලට ඒවා වැඩකරන විදිය දන්න එකෙක්ව 'අන්දවන්න' බෑ නේ කීයටවත්?? මේ සත්වයෝ සේරමලා හා හාපුරා කියල TV එකක් දැකපු එවුන් ගානයි!!! නොදන්න නිසයි ගොනාට ඇඳගෙන ඉන්නේ!!! නොදන්න නිසයි මැව්වා කියල හිතාගෙන ඉන්නේ!!! නොදන්න නිසයි පිං කොරල තව එව්වට යන්න හදන්නේ!!! නොදන්න නිසයි 'අනේ වඩිනු මැනවි... මාගේ එක ගලවා ගනු මැනවි...' කිය කියා ගොං වැඩ කර කර ඉන්නේ!!!

බුදුරජාණන්වහන්සේ ඒ මායාවට රැවටුනේ නෑ!!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම අවබෝධ කලා!!! උන්වහන්සේ දැක්ක  ජීවිතය කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක් විතරයි නේද?? කියල. ඇහින් දකින රූප ඔස්සේ හිත දුක් / සැප හෝ දුක්කක්වත් සැපක්වත් නැති මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කණින් අහන සද්ද ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... දිවට දැනෙන රස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කයට දැනෙන පහස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... අවසාන වශයෙන් මනසට දැනෙන අරමුණු ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... එච්චරයි!!! ඕක තමයි මේ මහලොකු ජීවිතය!!! ආත්මයක් කියල බම්බුවක් මේකේ නෑ!!!

Sunday, November 6, 2011

ලෝකේ ඉන්න තරමක් මිනිස්සු බලන්නෙම අනුන්ගේ ගැන!!! අනික් එවුන් කරන්නේ මොනවද? කන්නේ බොන්නේ මොනවද? වගේ කිසි වැඩකට නැති කෙහෙල්මල්!! දැන් බලන්න, මෙහෙම ඇත්ත කියල පෙන්වල දෙන්න ආවම හුඟක් පොරවල් හැදුවෙත් / හදන්නෙත් මම රහත්වෙලද නැද්ද බලන්න... මේ කියන ඒවයි හරි වැරදි බලන්න... උන් දන්නේ නෑ උන්ට පිස්සු කියල!!!

බුදුහාමුදුරුවෝ නම් අනුන්ගේ ගැන හොය හොයා කාලේ නාස්ති කලේ නෑ!!! උන්වහන්සේ බැලුවේ තමන්ගේ දිහා!!! අපිටත් උපදෙස් දුන්නෙම තමන්ගැන බලාගන්න කියල!!! කිව්වෙම තමන්ගැන ඉගෙනගන්න කියල!!!

ඉතින්, බුදුහාමුදුරුවෝ තමන්ගැන බලන්න කියල පටන්ගත්තු ගමන් දැක්කේ 'මේක, මේ ඇඟ, මහා ගූ ගොඩක් නේ!!' කියලයි!!! හැබැයි, ඔය මං කියපු විදියට කිව්වේ නෑ... උන්වහන්සේ ඒක ඊටවඩා කර්ණ රසායන / කණ පිනවන විදියට, හැබැයි ඊටත් වඩා 'තදට/සැරට' කිව්වා මේ කය කියන්නේ 'වැස්ස කාලෙට උතුරන අසුචි වළක්' කියල!!! ගූ ගොඩකට අන්තයි... බැලුවම, මේ අපි, 'සත්වයෝ' හැමෝටම ලැබිල තියෙන්නේ ගූ ගොඩවල්!!!

හැබැයි ඉතින් ඒ උනාට, මේ ඉන්න තරමක් ලොකු ලොකු නෝනා මහත්තුරු / අයියල / පොරවල් හැමෝම හිතන් ඉන්නේ එයාලට තියෙන්නේ ගූ ගොඩවල්, 'අසුචි වලවල්' නෙවෙයි කියල... සුමානයක් දත් මදින්නේ නැතුව, මූන / ඇඟ මොකවත් හෝදන්නේ නැතුව, නාන්නේ නැතුව ඉඳල තමුන් කොච්චර ගඳද?? 'මම කොච්චර ගඳ ගහන පොරක්ද??' 'හප්පේ මගේ ගඳ' කියල දැනගත්ත නම්, තේරුම් ගත්ත නම්, කිසි  කෙනෙක් යන්නේ නෑ තව එකෙකුට part දාන්න. තමන්ගැන තමුන්ටම අප්පිරිය වෙනවා!!! තමුන් තමුන් ගැනම ලැජ්ජවෙනවා!!! කාටවත් මුණ දෙන්න වත් අමාරු වෙනවා!!! ජීවිතේ 'දැක්ක' කෙනා, 'කොයි වෙලේද මේ කරුමෙන් නිදහස් වෙන්නේ...' කියලයි ඉන්නේ!!! ඉස්සර හිටපු රහතුන්වහන්සේලා කියල
තියනවා, 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා වගෙයි මං ඉන්නේ...' කියල.

ඔය උදවිය අහලවත් තියනවද ඕව??? ඔයාලට නිකමට හරි හිතිලා තියනවද 'මොන කරුමයක්ද මේ??' කියල... ඔයාල දන්නවද දැන් අපි ඔය දේවල් ඔය විදියටම අත්දකිනවා කියන එක???

බුදුහාමුදුරුවෝ දැක්ක ඉතින්, ගූ ගොඩක් උනාට කරන්න දෙයක් නෑ... දැන් ලැබිල නේ තියෙන්නේ!! කවද හරි ඉවරයක් වෙනකම්, අවසානයක් දකින කම්, මේ ගූ ගොඩත් එක්කම තමයි ඉන්න වෙන්නේ... කියල. පස්සේ ඉතින් උන්වහන්සේ, 'ඇත්තටම මොකද්ද මේ??' 'මොනවද මේකේ තියෙන්නේ??' 'මොකද්ද මෙතන වෙන්නේ??' කියල හොයාගෙන හොයාගෙන ගියා. සම, මස්, ඇට, නහර, කෙස්, නිය, දත්... කියල තියන ජාති සේරම කෑල්ලෙන් කෑල්ලට වෙන්කරගෙන වෙන්කරගෙන ගියා!! මේ... YouTube එකේ හොඳ collection එකක්ම තියනවා... චුට්ටක් search එකක් දාල බලන්නකෝ. බලන්න ලස්සනයි මෙයාලා!! ඔය උදවිය තාම දැකල නැතුව ඇති නේ?? ඔය හැමෝගෙම 'පොත්තට' යටින් තියෙන්නේ මොනවද කියල හොඳට දැනගන ඉන්න එක හරි වටිනවා... තාම දැකල නැති හන්ද තමයි ඔච්චර 'සද්ද'!!!

ඊළඟට බුදුරජාණන්වහන්සේ මේ ඇඟ ඇතුලේ තියන සේරම දේවල් ගොඩවල් වලට වෙන්කර කර බැලුව!! හැබැයි මේ ගූ ගොඩක් අංශුවෙන් අංශුවට හොයන්න ඕනේ, මූලද්‍රව්‍ය / පරමාණු හැටියට හොයන්න ඕනේ, කියල පිස්සුවක් උන්වහන්සේට තිබුනේ නෑ... කොච්චර කලත් 'ගූ', ගූ මයි නේ!!! උන්වහන්සේ ඒක හන්ද මේ ඇඟවල් ගැන බැලුවේ නිකම්ම නිකම් ඇහැට පෙනෙන විදියට, අල්ලලා බලල දැනගන්න පුළුවන් තරම් දුරකට විතරයි!!!

එතකොට මේ සත්ව ශරීර වල, ඔය තම තමන්ගේ ඇඟවල් වල, තියනවා, ඇටකටු/දත්/නියපොතු වගේ තද/හයිය ජාති. උන්වහන්සේ ඒ සේරම 'පඨවි ධාතු' කියල එක ගොඩකට වෙන්කළා!! ඊළඟට තියනවා ලේ/මුත්‍ර/කෙල වගේ ගලාගෙන ගලාගෙන යන දේවල්... උන්වහන්සේ ඒවා 'ආපෝ ධාතු' කියල ගොඩකට වෙන්කළා!! ආයේ තියනවා මේ ඇඟේ රස්නේ ගතිය / කාපුවහම දිරවන ගතිය වගේ ස්වභාවයන්. උන්වහන්සේ ඒ සේරම 'ශක්ති විශේෂ' එක ගොඩකට වෙන්කළා 'තේජෝ ධාතුව' කියල!! ඊළඟට ඔය උඩිනුයි යටිනුයි යන / තැන් තැන්වල තියන 'වාත' සේරම එක ගොඩකට වෙන්කළා 'වායෝ ධාතුව' කියල!! ඊළඟට ඇඟේ තියන හිස් අවකාශ, නාස් සිදුරු / කන් සිදුරු සේරම ගොඩකට වෙන්කළා 'අවකාශ ධාතුව' කියල!! අන්තිමට ඉතුරු වුනේ මේ ඇඟේ තියන දැනගන්න / දැනෙන ස්වභාවය, 'පණ තියන' බව එහෙමත් නැත්නම් සජීවී බව විතරයි... උන්වහන්සේ ඒ ක්‍රියාත්මක ස්වභාවයට කිව්වා 'විඥාණ ධාතුව' කියල!! බැලුවම ඔච්චරයි!!! වෙන මොකුත්ම නෑ!!! 'ආත්මය'ක් කියල එකක් නෑ!!!

හැබැයි ඉතින්, කැමති කෙනෙකුට ආත්මයක් තියනවා කියල හිතාගෙන ඉන්න පුළුවන්!! ඒක ඉතින් තම තමන්ගේ ප්‍රශ්ණයක්... 'මං හරි උගතෙක්!' 'මං ලොක්කෙක්!' 'මම තමයි පොර' කියල හිතන් ඉන්නවා වගේම තවත් එක මනස්ගාතයක්... එච්චරයි!!!

Wednesday, November 2, 2011

මේ ලෝකේ ආලෝකයටයි අන්ධකාරයටයි එකට පවතින්න බෑ!!! එලිය නැත්නම් තමයි අඳුරට පවතින්න පුළුවන්... එලිය වැටුණු ගමන් අඳුර කොහෙන් යනවද දන්නේ නෑ!!! බොරුවයි, ඇත්තයි අතරේ සම්බන්ධයත් එහෙමයි. බුදුරජාණන්වහන්සේ පරම සත්‍ය හෙළිකරලා සෑහෙන කල්... ඒ සත්‍ය ලෝකෙට විවෘත වෙලා තිබුණු කාලේ බොරුවට රජකරන්න ලැබුණේ නෑ!!! ඉතින් බොරුකාරයෝ එකා දෙන්න එකතුවෙලා, නුල් සුත්තර දාල පරම සත්‍ය වහල දැම්ම... දාල බොරුව ආයේ රජ කෙරෙව්වා. දැන් කවුරු කවුරුත් දකින 'පින්තුරේ' උඩු යටිකුරු කරපු එකක්!!!

හොඳ වෙලාවට අපේ හාමුදුරුවෝ ඇවිත් යන්තම් පරම සත්‍ය ආයෙත් හෙලිකරගත්තා!!! උන්වහන්සේ දරපු අවංක අහිංසක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අපිත් සත්‍ය දැක්කා!!! භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා, "තථාගතප්පවේදිතෝ ධම්ම විණයෝ විවටෝ විරෝචති නො පටිච්චන්නෝ" කියල!!! තථාගතයානන් වහන්සේ වදාළ ධර්මයත් විණයත් බබළන්නේ විවෘත වුනු විටයි... වැසුණු විට නොවේ!! කියල. ඉතින්, 'වහල' නේ තිබ්බේ... අපේ හාමුදුරුවෝ අපිට යන්තමට හරි 'ඇරලා' පෙන්නුවා!!! පින් තිබිච්ච හන්ද මං ඒ යන්තමට දැක්ක ටිකෙන් ඔක්කොම දැක්කා!!! දැන් ඉතින් උඩු යටිකුරු කරලා තියන පින්තුරේ මම ආයේ උඩුකුරු කරනවා...

හැබැයි ඒක එච්චර ලස්සන නම් නෑ!!! ඇත්ත කොහොමත් තිත්තයි!!! මුණ බලන් කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් කරන්න දෙයක් නෑ!!! ගැලවෙන්න ලැබිච්ච වෙලාවේ ගැලවෙන්න ඕනේ... නැත්නම් තව ගොඩාක් කල් දුක් විඳින්න වෙනවා!!! ඒකයි...

දැන් නම් එක දිගට මේ ජීවිතේ කතාව දිගහැරගෙන දිගහැරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් කතාව පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්!!' යතුරත් ඇතුලේ... ඒ තමයි මේ සත්වයා හැදිලා තියන ස්වභාවය!! ඉතින් මේ ඇත්තම ඇත්ත ජීවිත කතාවේ 'දොර ඇරගන්න' නම් කියන තරම් ලේසි නෑ!!! ඒකට බුද්ධ දේශණා අහල / කියවල විතරක් කීයටවත් හරියන්නේ නෑ... මොකද, කලින් කිව්වා වගේ ගෙට ඇතුල්වෙලා බැලුවත් යතුර පේන්න නෑ!!! ඒක තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියක දාල යතුරු දාල... වගේ කතාවක්!!! පෙට්ටි සේරමයි, යතුරු සේරමයි, ඔක්කොම හැන්ගිලයි තියෙන්නෙත්!! බුද්ධ දේශණා අහලා / කියවලා කොණක් / පොටක් පාද ගන්න පුළුවන්... ඒ කියන්නේ අන්තිමටම තියෙන පෙට්ටියේ යතුර හොයාගන්න පුළුවන්... කියමු!! එතනින් එහාට වැඩේ කරන් යන්න සෑහෙන අමාරුයි!! පෙට්ටි සේරම හොයාගෙන, එකින් එකට යතුරු දදා බලල හරි ඒවා හොයාගෙන, එකින් එකට ඇරගෙන යනවා වගේ වැඩක් නේ... හොඳ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක්, මහා ලොකු උත්සහයක්, වීර්යයක් ඕනේ වෙනවා සාර්ථක වෙන්න!!! වනගත වෙලා, භාවනානුයෝගීව ඉඳලා, ප්‍රඥාව දියුණු කරගත්, නැත්නම් උපතින්ම bullet වගේ උදවිය විතරයි ඔය වැඩේ හරියට කරගත්තේ!!! බුදුහාමුදුරුවොම කිව්වා අවබෝධ කරන පිරිස චුට්ටයි කියල!!! 1000ක් ගත්තොත් 5ක් විතර කියල තමයි අපේ හාමුදුරුවොත් කිව්වේ!! ඉතින් ඔය විදියට කල්පණා කිරීමේ ශක්තිය හොඳටම තියන, වචන වල පැටලෙන්නේ නැති, වචන වල පැටලිලා වටේ යන්නේ නැති, බොහොම සුළු පිරිසකට තමයි ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන්!!!

ධර්මයට උනන්දු වෙන අය ධර්මයට විතරනේ උනන්දු වෙන්නේ?? එයාල වෙන වෙන කෙහෙල්මල් කරන්නේ නෑ නේ!! හැබැයි මං ධර්මය අහන්න බලං, ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!!  ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!! තේරුම් ගන්න අමාරු, මහා බරපතල කොටස් බොහොම සරලව දැනගන්න පුළුවන් වෙන්න හදල තියනවා. ඉතින් කලින්ට වඩා වැඩි පිරිසකට, 'ලොකූ පිරිසකට' ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන් වෙනවා!!!

මම අර කලින් වතාවක් කිව්වා වගේ, හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහන්න / දැනගන්න!!! බිම ඉඳගෙන බයිලා ගහන එවුන්ගෙන් අහන්න ගියොත්, ඉල්ලගෙනම තමයි කන්න වෙන්නෙ!!! හැබැයි, 'මුගෙන් වැඩක් නෑ! මං තනියම හඳට ගිහිල්ලම බලාගන්නවා!' කියල හිතනවා නම්, ඒත් කමක් නෑ!! එහෙම උනොත්, දිනන්න වෙන්නෙ අර බුදුහාමුදුරුවෝ කියපු තරමේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි!!! ඒකත් හැබැයි ගැලපුණේ බුද්ධ කාලෙට... දැන් වෙනස්!!! අපේ හාමුදුරුවොත් 1000 කට 5ක් කියල කිව්වේ මීට අවුරුදු 4-5 කට කලින්. දැන් මට පේන විදියටනම් success උනොත් success වෙන්නෙ 25,000ක් විතර ගත්තොත් යන්තම් එකෙක් දෙන්නෙක් තමයි!! ඔන්න ඕකයි මට වෙච්ච upset එක... මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ.

ඉතින්, කතාව පටන් ගන්නකොටම තියෙන්නේ වහපු දොරක් කිව්වනේ... මගේ කතාව බලන්න ආවත් ඒ දොර වැහිච්ච ගමන් මයි!! මොකද, ඒ දොර තියෙන්නේ තම තමන් ගාව!!! ඒ තමයි ස්වභාවයෙන්ම සත්වයා හැදිලා තියන විදිය... 'සත්වයා' කියන එකා උප්පත්තියෙන්ම මෝඩයෙක්!! ගොනෙක්!! කවුරු කොහොම හිතුවත් හැමෝම එහෙමයි... ධර්මාවබෝධය ලබනකම්, සේරමලා මෝඩයෝ!! ගොන්නු!! ඒකමයි මේ සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ!!!

දැන් ඉතින් තේරුම් ගන්න තියන කතාවේ අහුවෙන 'වැහිච්ච දොරවල්' ඇරෙන විදියට මං කතාව හදල තිබුනට, ඔය එක එක්කෙනා ගාව තියන 'වැහිච්ච දොරවල්' ඇරගන්න තියෙන්නේ තමන්ටමයි!!! නැත්නම් ස්වභාවධර්මයෙන් තමන්ට 'අරින' හන්ද, කීයට වත් ඕක නොකර නම් බෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ, මේ සංසාර ගමන හරිම භයානකයි කිව්වේ!!! වැඩේ කරගන්න තියෙන්නේ නම්, අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම තමයි. මොකවත්ම නොතේරුණත් කමක් නෑ... දිගටම කියවන්න!!! 7-8 පාර කියවන්න... ඒත් තේරුණේ නැත්නම් 10-12 පාර කියවන්න... ඒත් නැත්නම් තේරෙණකම්ම කියවන්න...

මොකද, සත්වයා උපතින්ම ගොනෙක්, මෝඩයෙක් වෙන්නේ ඇයි කියන එක කියවෙන්නේ පස්සේ!! හොඳට තේරෙන්නේ ටිකක් පහුවෙනකොට!! ඊළඟට දැන් මම මේ මාතෘකාව පරතෙරටම දන්න හන්ද, මට පුළුවන් 'මේ නමින් අඳුන්වල තියෙන්නේ මේක!' 'මේ කියල තියෙන්නේ මේක ගැන!' කියල කෙලින්ම කියන්න!! map කරලා පෙනන්න!! හැබැයි, කොහොමද එහෙම කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? කියන ටිකට උත්තර තියෙන්නෙත් පස්සේ. ඒවා හොඳටම තේරෙන්නත් ටිකක් කල් යාවි!! ඔන්න ඔය හන්ද, පටන්ගත්ත ගමන් හරියන්නේ නෑ... බෑ... කියල නිකම් උන්නොත් මොකුත්ම කරගන්න වෙන එකක් නෑ!!! එතකොට පාඩුව තමන්ටයි!!! ඒක හන්ද හරියට ක්‍රමේට කරගෙන යන්න...
මේ ධර්මාවබෝධය කරා යන ගමනෙදි තේරුම් ගන්න හරි අමාරු තැන්, '_ක ඉරෙන' තැන්! සෑහෙන තියනවා... ඒ මෙහෙමයි. කරුණු දෙකක් තියනව කියමු! තව කෙනෙකුට ඔය ගැන කියන්න නම්, ඔය දෙකෙන් එකක් ගැන කියල මිසක් දෙවැනි එක ගැන කියල දෙන්න බෑ!! හැබැයි, දෙවැනි කරුණ දන්නේ නැති කෙනෙකුට පළවෙනි එක තේරුම් ගන්නත් බෑ!! හරියට, දොර අරගෙන ගේ ඇතුලට ගියොත් සේරම බලාගන්න පුළුවන්... හැබැයි, දොරේ යතුර තියෙන්නෙත් ගේ ඇතුලෙයි... වගේ!! ඉතින් මොකද වෙන්නේ?? කරන්න බෑ නේ වැඩේ?? අනිවාර්යයෙන් 'ඉරෙනවා' නේ?? ඕනෙම ජගතෙක් මේවගේ තැන් අහුවෙච්ච ගමන් හිරවෙනවා!! මේවා තමයි ඔය කිකිලිද? බිත්තරේද? නැත්නම් බිත්තරේද? කිකිලිද? කියල හුඟදෙනෙක් 'වටේ යන්න' පටන් ගන්න තැන්!! ඉතින් වැඩේ එපා වෙනවා!! කොහොමද ඇත්තටම මේ වගේ ලොකු අමාරුවක වැටෙන තැන්වලදී ගැලවෙන්නේ?? බුදුරජාණන්වහන්සේ ඕකට විසඳුම කියා දුන්නේ ගොඩ කාලෙකට කලින්!! උන්වහන්සේ කිව්වේ මේ හැමදේකටම එකම විසඳුම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමමයි කියලයි!!!

අපි කිසිම දෙයක් නොදන්න, ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, අල්ලලා බලන්න කාල බලන්න මොකවත්ම කරන්නත් බැරි, එකකට එකක් සම්බන්ධ කරුණු තොගයක් තියන 'කතාවක්' එහෙම්පිටින්, සහසුද්දෙන්ම තේරුම් ගන්නවයි කියන එක කොහොමටවත් ලේසි වැඩක් නෙවෙයි!!! ඒත් මේ 'කතාව', අපේ ජීවිත වල කතාව, තේරුම් නොගෙනත් බෑ!!! මොකද, මේ ජීවිතේ තේරුම්ගන්න කම් දුක් විඳින්න වෙන එක, කාලෙන් කාලෙට 'තරු පේන එක' නතරකරගන්න විදියක් නෑ... ඒකයි!! ඉතින්, බුදුරජාණන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙම කලේ, මේ ජීවිත වල කතන්දරේ, චතුරාර්ය සත්‍යය, එක එක තැන්වලින් එක එක කොටස් අරන්, නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නු එක තමයි!!! ඊළඟට උන්වහන්සේ අපට කිව්වා, 'සුතා' අහන්න... නැත්නම් අහපල්ලා!! 'ධතා' ධාරණය කරගන්න... ඒ කියන්නේ හොඳට මතක තියාගනිල්ලා!! 'වචසා පරිචිතා' වචනයෙන් පුහුණු කරන්න... නැත්නම් කටපාඩම් කරගනිල්ල!! 'මනසානුපෙක්ඛිතා' ණුවනින් මෙනෙහි කරන්න... නැත්නම් කල්පණා කර කර බලපල්ලා!! 'දිට්ඨියා සුප්පටිවිද්ධා' පිරිසිඳ අවබෝධ කරගන්න... නැත්නම් හොඳට අවබෝධ කරගනිල්ල!! කියල.

ඉතින්, කවුරුහරි කෙනෙක් ඔය බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම කරගෙන ගියොත් මොකද වෙන්නේ?? තේරුම් ගන්නම ඕනේ! අවබෝධ කරන්නම ඕනේ! කියල එකක් නෑ, මුලින් අහගෙන අහගෙන යන්න නේ තියෙන්නේ... දැන් අපිට ඔය සින්දු, පිරිත් ආයේ ඔය TV / radio වල යන adds එහෙම මතක හිටලා තියෙන්නේ අපි කටපාඩම් කරපු නිසා නෙවෙයි නේ... ඇහිල ඇහිලම නේ?? අපි අන්න ඒ විදියටම නියම පිරිසුදු බුද්ධ දේශණාම දිගින් දිගට ඇහුවොත්, අපිට ඒවත් ඉබේටම මතක හිටින තත්වයක් ඇති වෙනවා!! බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියාදුන්නේ මේ ජීවිත වල කතාන්දරය ගැනම නිසා, දන්නෙම නැතුව මේ ජීවිත සම්බන්ධ ගොඩාක් කරුණු කාරණා මතක හිටිනවා!! ඒ මතකයත් සමග තව තවත් පිරිසුදු බුද්ධ දේශණාම අහගෙන අහගෙන යනකොට, තේරුම් ගන්න අමාරු තැන් මොනවද එන්නේ, ඒවා ඇහෙනකොටම තමන්ට මතක් වෙනවා, 'ආ... මේ කියන්නේ අහවල් දේ ගැන නේ...' 'මේ කියන්නේ මේක ගැන නේ...' කියල!!! දොර ගාවට යනකොට, මතකය 'යතුර' ගෙනල්ල දෙනවා... දොර ඇරගෙන යන්න විතරයි තියෙන්නේ!! පැටලවිලි මොකුත් නෑ!! ඔන්න කතන්දරේ ටිකෙන් ටික තේරෙන්න ගන්නවා!!! එතකොට දන්නෙම නැතුව තව තව කල්පණා කර කර බලන්නත් යොමු වෙනවා!! අර... හරිම බරපතල වචනයක් තියෙන්නේ, විදසුන් වඩනවා! විදර්ශණා භාවනාවේ යෙදෙනවා! කියල... දන්නෙම නැතුව, අන්න ඒකත් කෙරෙන්න ගන්නවා!! ඒ කියන්නේ මනසානුපෙක්ඛිතා ටිකත් සිද්ධ වෙනවා.

ඉතින්, ඊළඟට මොකද වෙන්නේ?? සාමාන්‍යයෙන් කෙනෙක් මේ ගානට එනකොට, තමන් දන්නෙත් නැතුව, තමුන් සම්මා සති සම්මා සමාධි කියන ගුණාංග හොඳට දියුණු වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් වෙන මොකක් වෙන්නද?? දිට්ඨියා සුප්පටිවිද්ධා වෙනවා!!! ඒ කියන්නේ තමුන්ට කතන්දරේ හොඳටම, පැහැදිලිවම, අවබෝධ වෙනවා... රහත් වෙනවා... එච්චරයි!!! වෙන මොකුත් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ.

හැබැයි නියම පිරිසුදු බුද්ධ දේශණා වෙනුවට එක එක්කෙනා, තම තමන්ට හිතෙන විදියට කියපු 'බණ' කවලම් කරගෙන අහන්න ගියාම නම් හැදෙන්නේ සලාදයක්!!! එතකොට ණිවන් අවබෝධ වෙන්නේ නෑ... පිස්සු හැදෙනවා!!! ඊට පස්සේ කියවන්න ගන්නවා, රහතුන් වහන්සේ අරම නෑ... මෙහෙම නෑ... රහත්වෙලා ගෙදර ඉන්න බෑ... කන්න බෑ... බොන්න බෑ... නෑ... බෑ... කියල!! බයිලා ගොඩායි!! හැබැයි මම ඒවා සේරම අතු ගාගෙන, ඩෝසර් කරගෙන තමයි යන්නේ...