Friday, November 11, 2011

ස්වභාවධර්මයේ තියන 'විඥාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ මොකද්ද කියල අපි මුලින්ම හොඳට කූරුගාල බැලුව නේ... එකක් උපකාරයෙන් අනික පවතින්න පුළුවන් ආකාරයට සකස්වෙච්ච පරිසරයක, 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච' පරිසරයක, ඇතිවන විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි ඒ දෙකේම අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම නොනැසී පවතිනවා!!! දැන්, මේ අපිට අවබෝධ කරගන්න තියන 'ලෝකයට' ඒ කතන්දරය සම්බන්ධ වෙන්නේ කොහොමද කියල බලමු... මෙතැනදී, බඹයක් පමණවූ ශරීරයෙන් මේ කාර්යයට වැදගත් වෙන්නේ 'මනස' කියන විශේෂයෙන්ම සකස්වූ පරිසරය විතරයි!! ඒක බුදුහාමුදුරුවොම පැහැදිලිව වෙන්කරලා දක්වල තියනවා නේ!!! ඊළඟට මේකට විද්‍යුතය සම්බන්ධවෙන්න ඕනේ!! කොහෙන්ද විද්‍යුතය??

නවීන තාක්ෂණයේ දියුණුවෙන් හොයාගෙන තියෙන විදියට මේ ඇඟ ඇතුලේ සිද්ධවෙන හැම දෙයක්ම විද්‍යුතය සම්බන්ධ ක්‍රියා තමයි!!! ඔය ECG / EEG කියල ගන්නේ ඒවායේ රටාවල් තමයි!! කොටින්ම 'නාම' කියල අඳුන්වපු මුළු ක්‍රියාවලියම විද්‍යුත් සංඥා විදියටයි ඇඟේ සිද්ධවෙන්නේ!!! දැන්නම් විද්‍යාඥයෝ ඒ ක්‍රියාවලිය 'අස්සට බැහැල' හොඳ හොඳ සෙල්ලම් දානවත් එක්ක!! ඔය ගොඩාක් තියෙන්නේ... ඇහෙන්නේ නැති අයට ඇහෙන්න හදන එක, පේන්නේ නැති අයට පේන්න හදන එක, අතපය නැති අයට රොබෝ අතපය හදන එක වගේ දේවල්!! හැබැයි ඉතින් විද්‍යාවෙන් මේ ජීවිත කතාව අල්ලන්න බෑ!!! කිට්ටුවට වත් එන්න බෑ!!! ඒක බුදුවරුන්ට විතරක් අයිති වැඩක්!!! මොකද මේක ප්‍රඥාවෙන් බලනවා ඇරෙන්න instruments ඔබල බලන්න පුළුවන් දෙයක් නෙවෙයි... එහෙම කූරුගාන්න ගියොත් සත්වයා 'halt' වෙනවා!!! වැඩ සටහන හිටිනවා!!!

මේ මාතෘකාව කීයටවත් විද්‍යාව / විද්‍යාඥයෝ ඉස්සර කරගෙන කරන්න බෑ!!! මේක තනිකරම බුදුරජාණන්වහන්සේ නමක් ඉස්සර කරගෙන විතරක් කල හැකි දෙයක්!!! ඉතින් අපි බුදුහාමුදුරුවෝ මේ ආයතන ක්‍රියාවලියට විද්‍යුතය සම්බන්ධ හැටි කියල තියන විදිය බලමු!!! බුදුරජාණන්වහන්සේ මේ ඇඟ ආයතන 6ක ක්‍රියාකාරිත්වයක් හැටියට තෝරලා දීපු විදිය මතක් කරගන්න. නැත්නම් බලන්න. උන්වහන්සේ දක්වල තියෙන්නේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා / හටගන්නවා කියල නේ?? මේ හැම ආයතනයකම 'ඒකෙ විඥාණය' උපදිනවා කියල උන්වහන්සේ කිව්වේ, ඒ ඒ මාධ්‍යයට සංවේදී අවයවය, උපකරණයක් කියමු, අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා කියන එකයි!! නැත්නම් detect කරනවා කියන එකයි!! ආලෝකයට සංවේදී උපකරණය, 'ඇස', ආලෝකය පිළිබඳව දැනගන්නවා... (detecting light). ශබ්දයට සංවේදී උපකරණය, 'කණ', ශබ්දය දැනගන්නවා... (detecting sound). ඔන්න ඔය විදියට අනික් හැම ආයතනයක්මත් ඊට අදාළ මාධ්‍යය පිළිබඳව දැනගන්නවා!!

ඉතින්, ඔහොම වෙනස් වෙනස් දේවල් දැනගත්තට මේ හැම ආයතනයක්ම අන්තිමේ එකම ජාතියක 'ඵලයක්' හදනවා කියල නේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ?? අන්න ඒක තමයි point එක!!! උන්වහන්සේ මුළු කතන්දරේම ප්‍රඥාවෙන් දැකල තියනවා!!! බලන්න බුදුකෙනෙකුගේ හැකියාව කොහොමද කියල??? Hi-Tech instruments මොකුත් ඕනේ නෑ!!! සේරම පරතෙරටම දැකල!!! මේ හැම ආයතනයකම වෙන්නේ ඊට අදාළ මාධ්‍යයෙන් දැනගන්න දේවල් වලට අනුරූප විද්‍යුත් සංඥා නිකුත් කිරීම තමයි!!! විද්‍යුත් සංඥා කිව්වම ඔක්කොම එකයි... ඒ හන්ද 'ඉස්පර්ෂ' කියල කිව්වා සේරටම!!! හැබැයි ඉතින් electrical signals කිව්වම මහා බර කතන්දරයක්!!! ඒවායේ රටාවල් (signal patterns) වෙනස්...ඒවායේ අඩංගු දත්ත (data / information composition) වෙනස්... හැබැයි අපිට එච්චර දුරට වැඩක් නෑ!!! හැදෙන්නේ විද්‍යුත් තරංග කියන එක විතරයි ඕනේ.

** පොඩි point එකක්!! කට්ටිය හුඟ දෙනෙක් 'දන්නවා වගේ' කිව්වා / කියනවා / කියල තියනවා, මම / ආත්මය කියල එකක් නෑ. විඥාණය තමයි තියෙන්නේ... ඒක තමයි එක ජීවිතයකින් තව ජීවිතයකට යන්නේ... භවයකින් භවයකට යන්නේ... එහෙම කියල!! හලෝල / බොලල්ල, මෙතැනදී විඥාණය කිව්වේ 'දැනගන්නවා' කියල නේ?? ඉතින්, කොහොමද මේ 'විඥාණය' කියන එක කොහෙවත් යන්නේ?? කිසි දෙයක් හරියට දන්නේ නැතුව, එහෙන් මෙහෙන් අහුලා ගත්තු 'බණ කෑලි' දන්නවා වගේ කියවන්න යන්න එපා!!! එහෙම කියවන්න ගියාම, තමනුයි සාසනෙයි දෙකම 'බලුවෙනවා' විතරයි

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.