Monday, November 28, 2011

මේ... අර 'රහත් වෙච්ච කෙනෙකුට ගිහි ගෙයි ඉන්න බෑ!' කියපු 'ගොන්සන්' හොඳ ප්‍රසිද්ධ, රටේ ලෝකේ පිළිගත් කෙනෙක් වෙන්න ඇති නේද?? මම නම් දන්නේ නෑ ඒකව... මට ඔය කතාව සෑහෙන පිරිසකගෙන් අහන්න ලැබුණ... ඒකෙන් තමයි මම ඔය ගැන දැනගත්තේ. තව තියනවා, 'මුදල් පාවිච්චි කරනවා නම්, සල්ලි අතපත ගාන කෙනෙක් නම්, අනාගාමී වෙන්න බැහැ!' කියල එකකුත්!! ඒ කතාවේ නිර්මාතෘත් ඔය 'ගොන්සන්'මද දන්නේ නෑ!! කොහොම හරි, දැන් කෙනෙක් 'පස්වරක් පහ විසිපහයි' කිව්වත්, sure නැත්නම් ඔය ගල්කැට ටිකක්... වී / හාල් ඇට ටිකක්... වගේ අරගෙන, පහේ ගොඩවල් පහක් ගහල එකතුකරලා බලල, සැක හැර දැනගන්න තිබ්බ!! ඒත් මේවගේ කුණුහරුප කිව්වම ඉතින් මොනවයි කියල කරන්නද? නේද?? මේ මතෘකාවේදී සාමාන්‍යයෙන් කවුරුවත් ප්‍රශ්ණ කරන්න යන්නෙත් නෑ... ප්‍රශ්ණ කරන්න මේවා ගැන දන්න එවුන් ඇත්තෙත් නෑ... ඉතින්, 'එහෙයි හාමුදුරුවනේ!' කියල, කියන ඕනේ පුකක් ගෙඩි පිටින් ගිලින්න තමයි වෙන්නෙ.

මං කල්පණා කලේ, බැරිවෙලාවත්, ඕකා තව ටිකක් තත්වෙට / නම්බුවටත් එක්ක කිව්වා නම් මෙන්න මෙහෙම... 'මගෙන් බණ අහන්න, ඒ අයගේ ගැටළු නිරාකරණය කරගන්න, ඈත දිව්‍යලෝක වලින් දෙවිවරු පවා එනවා! එයාල හොඳ 'ලොකු පතෝල කරල්' වගෙයි!!' කියල... මොකක් වෙයිද?? එහෙම උනා නම් අද 'දෙයියෝ' කියන කොට බොලාට මතක්වෙන්නේ පතෝල කරල්!!! මිනිස්සු පතෝල කරල් වලට වඳින්න / පුදන්න තියා ගනී!! 'පතෝල වන්දනාව' කියල එකකුත් පටන් ගනී!! තේරෙනවද?? දෙයියෝ නිකම්ම නිකම් පතෝල කරල් වෙයි!! ඔන්න ඔහොමයි හිත පෙන්වන 'තොරන්' වලට අහු උනාම!!! මේ වෙනකොට තොරන් රාජයෝ කිහිප දෙනෙක්ම දැක්ක නේ?? අර පිරිත් පැන් case එකක් තිබ්බා... විශ්ව ශක්ති case එකක් තිබ්බා... ඒ තමයි ඉතින් මේ හිත්වල හැටි!!! ඇඳගන්නවා / රැවටෙනවා හුටුස් ගාල.

ඔය ගුරුකම් විශ්වාස කරන එකෙකුට, නැත්නම්, විශ්වාස කළා හෝ නැතා හෝ කමක් නෑ... 'වාත' වෙන එකෙකුට, 'හිටු, තොට හොඳ පාඩමක් උගන්නන්න... මම තොට හුනියමක් කරනවා!!' කියල, ඔය අළු ටිකක් / කෙස් ටිකක් දාල පොඩි කුප්පියක් / පැකට් එකක් හදල යවන්න බලන්න... නැත්නම් මතුරනවා කියල ඔය මොනවා මොනවා හරි කියවල, 'හා හා හරි හාවා කැලේ මැදින් ආව... නැත්නම් කොප්පර කොප්පර පිපිඥ්ඥ...' කියල හරි කමක් නෑ, සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න විනාඩි 10-15 විතර කියල, නිකම් tap වතුර ටිකක් ඉහල බලන්න... කස්ටිය වටේ යනවා!! හුඟ දෙනෙක් හොල්මන් කරත හැකි!!! ඒ ඇයි කියනවා නම්, ඒක තමයි මේ 'හිත' කියන එකේ හැටි!!!

බය / සැක ඇති කරලා, හිතාගන්න බැරි / හොයාගන්න බැරි, මොකක් හරි දෙයක් කරපු ගමන් හිත ඇතුලේ 'තොවිලයක්' පටන් ගන්නවා!! පත්තුවෙනවා!!! 'මු ඇත්තටම ගුරුකම් දන්නවද දන්නෑ... ඌ ගුරුකම් දන්නවා ඇති... මු මට මොකක් කරයිද දන්නෑ... මගේ අතක් පයක් කඩන්න මොනවා හරි කලාද දන්නෑ...' කියල හිත හිතා මහා අච්චාරුවක් හදාගන්නවා!! මොකද ඔය හිතන දේවල් වලට පදනමක් නෑ!! හරිද / වැරදිද දැනගන්න, confirm කරගන්න බෑ!! ඉතින් ලෙඩක් මයි... වටේ යන්න ගන්නවා!!!

ඔන්න ඔය විදියටමයි මේ සත්වයා කියන එකා සංසාරෙට බැස්සෙත්!!! ඇත්තටම මේ 'කය'වල් නැත්නම් මේ 'සත්ව ශරීර' ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණයක්!!! හරිම සංකීර්ණ machines වගයක්!!! ඒවයි රූප/ශබ්ද/ගන්ධ/රස/ස්පර්ශ/අරමුණු කියන ජාති දැනෙන ගතියක් තියනවා... ඒ දැනගන්න ඒවා මතක හිටින ගතියක් තියනවා... චේතනා පහලකරලා ක්‍රියාකරන්න හැකියාවක් තියනවා... එච්චරයි!!! වෙන මොකුත්ම නෑ!!! ඒත් හිතන්න පුළුවන් කමෙන් මුලින්ම හිතන්නේ, 'අඩේ අප්පා! මාරයි නේ... මේ 'මං' වෙන්න ඇති නේ? මේ 'මගේ ආත්මය' වෙන්න ඇති නේ?' කියලයි. ඉතින් හිතත් කියනවා 'ඔව් යකෝ... ඔය උඹම තමයි!' කියල!! ඉතින් හරි... නෑව!!! එදා ඉඳල විඳින විඳින ඒවාට ලකුණු දෙන්න යනවා... "මේවා ෂෝක්! මේවට මං ආසයි! මට මේවා තව ගොඩක් ඕනේ! මම මේ ටික පරිස්සන් කරගන්න ඕනේ! මම දිගටම ඉන්න ඕනේ! මුන් ගෙන් මට කරදරයි! මූ මගේ ඒවා ගනී! මුන් එලවල / මරල දාන්න ඕනේ!" කියල. ඉතින් ඔන්න ඔහොමයි දැන් මේකා සංසාරේ යන්නේ!!! මේ ගලවගන්න බැරුව දඟලන්නෙත් අන්න ඒ 'හුට්ටප්පරේට' (සංසාර ගමනට) හේතු වෙච්ච මොට්ට මෝල් කල්පණාවම තමයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.