Monday, October 31, 2011

ඇත්තටම ණිවන් අවබෝධ කරගන්න අමාරු නෑ!! ලේසියි!!! ඒත්, ධර්මය විතරක් පිළිසරණය කරගෙන යන කෙනෙකුට තමන්ගේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාව, අවබෝධ කිරීමේ හැකියාව (පින්වත් බව) ඉතාම තීරණාත්මක සාධකයක් වෙනවා!!! හුඟාක් වෙලාවට success වෙන්න ලැබෙන්නේ නෑ!! ඇත්තටම කිව්වොත් success වෙන්න ලැබෙන්නෙ නෑ නෙවෙයි, success වෙන්න දෙන්නේ නෑ!!! ගොඩක් වෙන්නේ බාධා තමයි... ගණන් ගන්න එපා!!! කල්‍යාණමිත්‍ර කෙනෙකුගේ උපකාරය ලබාගන්න පුළුවන් උනාම කතන්දරේ වෙනස්... කොච්චර බාධා ආවත් අවශ්‍ය වැඩේ කෙරෙනවා... වැඩෙත් සෑහෙන ලේසියි... ඒ කල්‍යාණමිත්‍රයා 'ගමන කෙලවර කරපු කෙනෙක්' නම්, ආයේ කතාකරන්න දෙයකුත් නෑ!!! අහල නැද්ද, සාරිපුත්ත හාමුදුරුවොයි මුගලන් හාමුදුරුවොයි දෙන්නත් එක්ක කොහේ හරි පළාතකට වැඩියොත්, "මට ආයේ ඒ දිහාව ගැන බලන්න දෙයක් නෑ!" කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා?? සාරිපුත්ත හාමුදුරුවෝ මිනිස්සුන්ව ධර්ම මාර්ගයට යොමු කරලා, සොතාපත්ති ඵලය දක්වා එක්කරන් යනවා... මුගලන් හාමුදුරුවෝ එතන ඉඳල අරහත්වය දක්වා එක්කරන් යනවා!! ඉතින්, උන්වහන්සේලා දෙණම වඩින්නේ කොහෙටද, වඩින වඩින පළාතේ රහතුන් වහන්සේලා බිහිවෙලා තියනවා!! බුරුතු පිටින් ආර්ය ශ්‍රාවකයෝ බිහිවෙලා තියනවා!!! අන්න එහෙමයි වෙලා තියෙන්නේ...

නිවණ තියෙන්නේ කොහේ හරි තැනක කියමු... එතනට යන්නයි අමාරු!! කටු අකුල් සුද්ද කරගෙන... කැලේ එලි කරගෙන... පාර කපාගෙන... ගල් දාල තලාගෙන... තාර දාගෙන... තමයි යන්න තියෙන්නේ කියමු!! හැබැයි, එහෙම මහා දුෂ්කර ගමනක් ගිහිල්ල ගිහිල්ල බලන්න තියෙන්නේ, 'බලන්න දෙයක් නෑ නේද?' කියල විතරයි!!! ඒ වගේම, නිවණ ගැන කියන්න, නිවණ මේකයි කියල තේරුම් කරන්නත් එච්චර කාලයක් යන්නෙත් නෑ!! හැබැයි මට පේනවා ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙන බව!! මේ ටික කාලෙට කතා කරන්න අවස්ථාව ලැබුණු ලැබුණු හුඟ දෙනෙකුට හරි පාර කියල / පෙන්වල දෙන්න පුළුවන් උනා!!! ඒ හැමෝම වගේ කිව්වේ, අපි ඕව අහල නෑ නේ... අපි ඕව දන්නේ නෑ නේ... අපිට උගන්නල තියෙන්නේ වෙන වෙන ඒවානේ... අහවල් අහවල් අය කියල තියෙන්නේ ඔහොම නෙවෙයි, මෙහෙමයි නේ... කියලයි!! කතන්දර තොගයයි!!! හැබැයි ඉතින් කවුරු කොහොම කොයි විදියට ආවත් බුදුහාමුදුරුවෝ කියපු දේ ඒ විදියටම සිද්ධවෙන තැනට වැඩ කටයුතු කරනවා මිසක්, මං මොකෙක් වත් එක්ක බයිලා ගහන්න, වාද කරන්න යන්නේ නෑ!!! මගේ පාඩුවේ ඉඳන් කල්පණා කර කර බලපු හැම වෙලේම පෙනුනේ / තේරුණේ 'මුං මේ සේරම අනාගෙන දඟලන්නේ එක එක කාලකණ්නි බයිලා ගහපුවට රැවටිලා, ඒවා අහල මුලා වෙලා හන්ද නේද?' කියන එක විතරයි!!! කොච්චර කිව්වත් පිලි නොගත්ත, කොනක් අල්ලගන්නම බලන් හිටිය, සමහර එවුන්ගෙන් අහන්න උනා, 'තෝ කියන්නේ බුද්ධං සරණං ගච්චාමි කියලද? නැත්නම්, බුද්ධඝෝස සරණං ගච්චාමි කියලද?' ආයේ... 'තෝ බුද්ධං සරණං ද? රේරුකානේ සරණං ද?' කියල එහෙමත්!!! මොකද හුඟාක් 'ලොකු ලොකු බුවාල'ට බුදුරජාණන්වහන්සේයි, වෙන වෙන උන්දලයි මාරුවෙලා!!! !!! !!! හොඳට දැනෙන්න, රිදෙන්නම දෙනකම් උන්ට පාර පෙනුනේ නෑ!!! ඉතින්, මේ හුඟාක් එවුන්ට හෙණේ වෙලා තියෙන්නේ සාසන භක්ෂක පණ්ඩිත / අතිපණ්ඩිත කට්ටිය 'ධර්ම මාර්ගයේ බොග දාපුවා' තමයි!!! එව්වා සුද්ද කරන්න ඕනේ... ඒ අමතර ඒවටයි ගොඩාක් කාලය යන්නේ!!

තව එකක්... නමට බෞද්ධ බූරු රැල ශ්‍රද්ධාව කියල හිතාගෙන ඉන්නේ, නැත්නම් උන්ට ශ්‍රද්ධාව කියන්නේ මේකයි කියල උගන්නල තියෙන්නේ, 'බුදුරජාණන්වහන්සේ...' කියල ඇහෙනකොට මහා සද්දෙන් සාදු සාදු කියන එකට, 'සෝතාපන්න උනා...' 'මාර්ගඵල ලැබුවා...' 'උතුම් අරහත්වයට පත් උනා...' කියන කොට සාදු සාදු කියන එකට, 'මේ සිදුකරගත්තාවූ සියලු පින්වල බලයෙන් සසර ගමන සැපවත් වේවා... දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිර්වාණ සම්පත්තිය සැලසේවා කියල සාදුකාරයක් දෙන්න...' කිව්වම සාදු සාදු කියන එකට වගෙයි!! හැබැයි ඒ ශ්‍රද්ධාව නෙවෙයි!!! උන් ඒක දන්නෙත් නෑ!!!

නියම ශ්‍රද්ධාව නම්, කරුණු දැනගෙන / විශ්වාසයෙන් / පැහැදීමෙන්, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි!!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක ඒ විදියටම පිළිගැනීම / පිළිපැදීම ටයි!!! මොකද බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහලවෙන්නෙම, සසර දුකින් එතෙර වීමට බැරුව දුකට පත්වෙලා සිටින සත්වයාට එයින් නිදහස් වෙන්න උපකාර කරන්න!!! උන්වහන්සේ කිව්වෙම, 'සංසාර ගමන මහා භයානකයි!', 'මම නම් මොහොතකට වත් ඒක වර්ණනා කරන්නේ නෑ...' 'ඔලුව ගිනිගත්තත් කමක් නෑ!! ඒක නිවන්න හදිස්සි වෙන්න ඕනේ නෑ... සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' 'ආයුධයකින් පහර කාල, ලේ ගලනවා උනාට කමක් නෑ, ඔහේ ලේ ගලපුවාවේ, සේරටම කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' කියලයි. මේ බූරුවෝ රැල ඒ නියම බුද්ධ වචනයට කියන්නේ, මොන පිස්සුද? ඔව්ව එහෙම හදිස්සියට කරන්න බෑ... හදිස්සි වෙලා බෑ... ඔව්වට පින් ගොඩාක් ඕනේ... පින් රැස්කරන්න පෙරුම් පුරන්න ඕනේ... අනම් මනම් 'වැල් බයිලා' තමයි!! ඉතින් මේ ශ්‍රද්ධා මාත්‍රයක් නැති නරපණුවෝ, කොහේ ණිවන් දකින්නද??

ආයේ හුඟක් එවුන් හිතන් ඉන්නේ පිළිමෙකට මල් / හඳුන්කූරු / පහන් තියල ගාථා ටික කිව්වම හරි... එතකොට ඇති පදං පින් හම්බවෙනවා!! කියල එහෙම නේ?? අනික පින් කියන්නේ 'ආ... ඔන්න ගන්න' කිව්වම ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන්, ඕනේ කෙනෙක් ගෙන් ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් කියල නේ?? බුදුදහම, බුද්ධාගම කියල කෙහෙල්මල් මළවිකාර තොග ගණනේ කර කර උන්නට, බුදුහාමුදුරුවෝ අච්චරට කට කැඩෙනකම් 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න'ය කියපු එකට කීයෙන් කී දෙනාද නිකමට වත් කන්දෙන්නේ??? මං උඹල හැමෝටමයි නායක / මහනායක හැමෝටමයි පෙන්නන්නම් ඕවයේ ඇත්ත නැත්ත මොකද්ද / වෙන්නේ මොකද්ද කියන සේරම!!! කට්ටියටම දවල් තරු විතරක් නෙවෙයි, කවදාවත් අහලවත් නැති තරුත් පේන්න ගනී!!! දන්නවද??? හැබැයි මම නොදන්න එවුන්ට බණින්නේ නෑ!!! උන්ට කියල දෙන්න තමයි ආවෙ!!! හැබැයි නොදන්න බව නොදන්න / දන්නවා වැඩි වෙච්ච එවුන්ට නම් ඉතින් නිකම් ඉන්නෙත් නෑ!!!

Saturday, October 29, 2011

ඇත්තටම, ණිවන් අවබෝධ කරගන්න කියල ගිහින් කැළෑවල් / බැදී අස්සේ ගිහින් හිරවෙලා දඟල දඟල ඉන්න මහප්පරාන උදවිය, වැඩේ එහෙම්පිටින්ම නාගෙන තියෙන්නේ, මේ 'ලෝකය' අවබෝධ කරගැනීමට තියන පංච උපාදානස්කන්ධ / විඥාණය / සංස්ඛාර / සංඥා / මනස / සිත කියල අඳුන්වල තියෙන්නේ මොනවද කියලවත් හරියට නොදන්න නිසයි!!! ඒත් මේ සේරම හරි ටොයිස් case... ගණන් ගන්න වත් දෙයක් නෑ!!! අර 'ගෙයි' පින්තූරේ නිවැරදිව හිතෙන් හදාගෙන, කරකව කව බල බලා, තමන්ගේ හිතෙන් 3D modelling කොටස කරගන්න බැරිවෙච්ච නිසයි ඔය ඔක්කොම!!! දැන් මම ඒ සේරම දිගහැරලා දිගහැරලා දෙන්නම් ඇල්වතුරත් නිවපු ගානට... හැබැයි, මේ නමින් කියල තියෙන්නේ මෙන්න මේක ගැනයි... මේ නමින් කියල තියෙන්නේ මෙන්න මේ දෙය ගැනයි... කිව්වම, upset වෙන්න එපා!!! මොන පිස්සුද? එහෙම වෙන්නේ කොහොමද? කියල එක එක පිස්සු විකාර හිතට එයි... ඒවා ගණන් ගන්නත් එපා!!! ඔයාල තාම රහත්වෙලා නෑ නේ!! එකපාරට හිතාගන්න වත් බැරි උනාට, කරුණු මොකුත් ගලපගන්න බැරි උනාට, ඉස්සරහට යන්න යන්න සේරම හොඳ ලස්සනට තේරේවි!!!

කෙනෙක් කන්දක් උඩට නැගල කන්ද උඩ තියන ඒවා ගැන කියනකොට, කවදාවත් ඒ කන්දට නැගලවත් නැති, කන්ද උඩ තියෙන්නේ මොනවද කියලවත් දන්නෙත් නැති එකෙකුට, බිම ඉඳන් කියන්න බෑ, මොන පිස්සුද? එහෙම නෑ... එහෙම වෙන්න බෑ... මුට පිස්සු... මුට මොංගල්... කියල. හැබැයි, එහෙම කියන එවුනුත් ඉන්නවා!!! උන්ට කියන්නේ බුරුවො කියල!!! ඉතින් ඔය බුරුවෙක් ගෙන් උපදෙස් ගත්තොත් තමුන්ටත් බුරුවෙක් වෙන්න පුළුවන්!!! හැබැයි මාර්ගඵල ලබන්න බෑ!!! දැන් මං මේ කතන්දරේ කරන්න ගත්තේ ඔය බැහැයි බැහැයි කියන මාර්ගඵල තමන්ටත් ලබාගන්න කියල දෙන්න නේ... ඒ හන්ද, බුරුවන්ගේ බුරු කතා වලට අහුවෙන්න එපා!!!

අනික් ප්‍රධාන කරුණ මේ ධර්මාවබෝධය ලබාගන්න තියන වැඩ පිලිවෙලේදී හරි සංකීර්ණ තැන් සෑහෙන හම්බවෙනවා... 'පුක ඉරෙන' තැන් කියමු!! මොකද බුදුරජාණන්වහන්සේලා මේ බොහොම අමාරුවෙන් non-technical විදියට ලෝකයාට තේරුම් කරලා දීල තියෙන්නේ සෑහෙන සංකීර්ණ technical කතන්දරයක්!!! හොඳ වෙලාවට ප්‍රයෝගිකව ජීවිතාවබෝධය ලබන්න කැපවෙන අයට technical කතන්දරේ නොතේරුණාට, පුහුණුවෙන් ප්‍රතිඵලය තමන්ට විඳින්න ලැබෙනවා!!! ඒත් උඹල එකෙක් වත් යනවද මේ තියන දේවල් දමල ගහල කැළෑ වැදිලා, බණ භාවනා කරලා, ජීවිතය අවබෝධ කරගන්න??? කවුරු එහෙම කලත් නැතත්, ස්වභාවධර්මය කොයි කාටත් බෙදන්නේ එකම හැන්දෙන්... ඉතින් වෙන්නේ මැරිලා බල්ලෝ / බළල්ලු, භූතයෝ / පෙරේතයෝ වෙන්න!!! ඔය දිව්‍යලෝක, බ්‍රහ්මලෝක නැත්නම් ස්වර්ගයට යනවයි කියන ඒවා බොරු... උඩට යන ඒවා හරීම rare!!! දැන් බලන්න මොකක් හරි දෙයක් අල්ලන් ඉඳල අතහැරියාම වැටෙන්නේ බිමට නේ... ගෑස් පුරවපු බැලුමක් වගේ එකක් උනොත් නම් උඩට යයි... ඒකත් උඩ ගිහින් පුපුරලා ගෑස් ටික ගියාම ආයේ බිමට!!! සත්වයොත් එහෙමම තමයි!!! මේ ලෝකේ ඇත්ත ස්වභාවය කට්ටිය දකින / හිතන තරම් ලස්සන නෑ!!! නැත්නම් බුදුහාමුදුරුවෝ, "මේ සංසාර ගමන හරි භයානකයි, ආයි නම් මේ පැත්ත පළාතේ එන්න එපා!" කියන්නේ නෑ නේ??

දැන් ඉතින් ඔය සිද්ධවෙන කතන්දරේ අපිටත් පේනවා... බුදුහාමුදුරුවෝ කිව්වා අරහත්වයට පත් උනාම ඒක එහෙම වෙන බව!!! අන්තිමේ එහෙම පේන එක මහා මල වදයක් උනා!!! ඒකෙ ප්‍රතිඵල තමයි මේ... දැන් නම් ඉතින් අතහැරලා දාල නිකම් ඉන්නේ නෑ!!! ඒ හන්ද risk එක ඔහේ තිබිච්චාවේ... කවුරුවත් බයවෙන්න ඕනේ නෑ. technical කෑලිත් කවලම් කරගෙන වැඩේට බැස්සේ ආයේ මේ මාතෘකාවේ කතාකරන්නවත් දෙයක් ඉතුරු නොවෙන්නම වැඩේ දෙන්නයි!!! සසර ගමන / භව ගමන කියන වචන පවා භාවිතයෙන් ඉවත් කරලම දාන්නයි!!!

Friday, October 28, 2011

බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, අපිට සංසන්දනය කරන්න තියා හිතාගන්නවත් බැරි හැකියාවල් මහා ගොඩාක් තියන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්!!! එවැනි කෙනෙකුගේ හැකියාවල් වලින් අහන / දකින දේවල් අහන්න / දකින්න සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ!!! නවීණ විද්‍යාව තව කොච්චර ඉස්සරහට දියුණු උනත්, 20110 දී වත්, බුදුකෙනෙක් සොයා දැනගත්ත දේවල් ඔක්කොම නම් හොයන්න / දැනගන්න හම්බවෙන්නේ නෑ!!! හැබැයි ඉතින් බුදුකෙනෙක් ලෝකයේ පහලවෙන්නෙම, සියලු ලෝක සත්වයන් කෙරේ අනුකම්පාවෙන් 'සත්‍යය' කියා දීමට නිසා, ඕනෙම සාමාන්‍ය මනුස්සයෙකුට උන්වහන්සේව විශ්වාසයෙන් පිලි අරන්, අවංක උවමනාවකින් කරුණු අහල දැනගත්තොත්, අමුතුවෙන් හොය හොයා ඉන්න දෙයක් නෑ... අවශ්‍ය සේරම ඉගෙනගන්න / දැනගන්න පුළුවන්!!! ඒත් ඉතින් බුදුහාමුදුරුවොන්ට අහන්න / දකින්න පුළුවන් දේවල් අපිටත් ඒ විදියටම අහන්න / දකින්න, අවශ්‍ය හැකියාවල් අපි ළඟ නෑ නේ?? ඒ නිසා, බුදුහාමුදුරුවොන්ටත් උන්වහන්සේ දැකපු / අවබෝධ කරපු දේවල් ඒ විදියටම අපිට කියන්න / පෙන්වන්න විදියක් තිබුනෙත් නෑ!!! ඔන්න ඔච්චරයි එකම අවුල!!

හැබැයි, බුදුහාමුදුරුවෝ දැක්ක උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින්, මේ සසර දුකට වැටිලා ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්න සත්වයින්ට සසර දුකින් නිදහස් වෙන්න නම් අවශ්‍ය වෙන්නේ කරුණු බොහොම චුට්ටයි කියල!!! උන්වහන්සේ දැකපු / අවබෝධ කරගත්තු විදියටම සේරම 'කුට්ටිය පිටින්', "ඔන්න බලාගන්න... මෙන්න මේකයි වැඩේ!" කියල තව කෙනෙකුට දෙන්න විදියක් නැති උනාට, අන්න ඒ චුට්ට... මේ අපිලගේ 'ලෝක' ගැන නම්, කියල / තෝරලා දෙන්න පුළුවන් කොයි විදියෙන්ද, උන්වහන්සේ අන්න ඒ හැම විදියෙන්ම අවශ්‍ය / අදාළ කරුණු කාරණා සේරම කියල දුන්න!!!

ඉතින්, අපිට වෙන රටක ඉන්න කෙනෙකුට අපේ ගෙදර පෙන්වන්න ඕනේ උනොත් කොහොමද කරන්නේ?? ගේ ගලවගන ගිහින් පෙන්වන්නත් බෑ... එයාට ඇවිල්ල බලන්නත් බෑ... මොකද්ද කරන්න පුළුවන්?? බුදුහාමුදුරුවොන්ට කරන්න උනෙත් ඔන්න ඔය වගේම වැඩක්!!! විද්‍යාව පහලකරගත්, විමුක්තිය උදාකරගත් උන්වහන්සේට, අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියන දෙවි / මිනිස් ලෝක වල ඉන්න සත්වයන්ට 'තම තමන්ට ලැබිල තියෙන්නේ මෙන්න මේ වගේ ගෙවල්' කියල පෙන්වන්න ඕනේ උනා!!! දැන් නම් හැබැයි photo ගහල, video කරලා, නැත්නම් 3D modelling එකක් හරි හදල සේරම විස්තර තව කෙනෙකුට දෙන්න පුළුවන්!! ඒත් බුදුහාමුදුරුවෝ වැඩසිටිය කාලේ ඒවා මොකවත් තිබුණේ නෑ... ඉතින්, උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් උදාහරණ අරගෙන, එක එක විදියට, එක එක පැත්තෙන් පේන / දකින්න පුළුවන් හැම විදියටම, මේ 'ගෙවල්', නැත්නම් අපේ 'ලෝක' ගැන ඔක්කොම කියල දුන්න!!! හැබැයි ඉතින්, කටින් කිව්වට 'ගේ' පේන්නේ නෑ නේ?? ඒත්, අවබෝධය සම්පූර්ණ වෙන්න නම්, බුදුහාමුදුරුවෝ දැකපු විදියටම මේ 'ගේ' නැත්නම් 'ලෝකය' ගැන දකින්න ඕනේ!!! අන්න එතැනදී සාර්ථක වෙන්න ලැබුණේ, 'ගෙයි' පින්තූරේ නිවැරදිව හිතෙන් හදාගෙන, කරකව කව බල බලා, තමන්ගේ හිතෙන් 3D modelling කොටස කරගන්න තරම් 'ප්‍රඥාවක්' තිබිච්ච උදවිය විතරයි!!! අනික් එවුන් වැඩේ එහෙම්පිටින්ම නා ගත්ත!!! ඔන්න ඔය හන්දයි මේ වැඩේ තනිකරම ප්‍රඥාවන්තයින්ට තියන මාතෘකාවක් උනේ!!!

ඔය ප්‍රඥාවන්ත කම කියන එක හරීම දුර්ලභයි!!! ඒ දුර්ලභ කම නිසාම බුදුරජාණන්වහන්සේ ප්‍රඥාව හැඳින්වුයේ මනුෂ්‍යයාට තියන උතුම්ම මැණික... 'ප්‍රඥා නරානං රතනං' කියලයි!!! ඒකෙන් කරන්න බැරි දෙයක් නැති ගානයි... බුදුරජාණන්වහන්සේ මේ පණ පිටින් ඇඟවල් පවා ප්‍රඥාවෙන් කෑලි කෑලි වලට වෙන්කර කර බලල තමයි මේ 'ලෝකය' අවබෝධ කලේ!!! මටත් ඒවා perfctly OK! මේ 'virtual lab' එකේ හුඟාක් දේවල් modelling කරලා බලාගන්න පුළුවන්!!! ඒ හැකියාව තමයි මේ හැම දේටම උපකාර උනේ!!! ඉතින් දැන් වැඩේ පටාන් ගන්නයි යන්නේ...

මහා හුඟාක් උදවියට 'ලෝකය දකින්න' ප්‍රඥාව නැතිකම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම!!! ඒත් දකිනකම් ඉවරයක් වෙන්නේ නැති මේ 'මල වදේ', නැවත නැවත ඉපදීම, ඉවරයක් කරගන්න තියෙන්නෙත් 'දැකලම' තමයි!!! අන්න ඒකට සීලයෙන් සංවර වෙලා, සමාධිය දියුණු කරගෙන, සද්ධර්මය ශ්‍රවණය කරලා... කරලා... ණුවනින් විමසලා... විමසලා... ප්‍රඥාව දියුණු කරගෙන, ඒ ප්‍රඥාවත් උපරිමයටම දියුණු කරලා... කරලා... දකින්න තියන මේ 'ලෝකේ අස්සේ වෙන කතන්දරේ' දැන් මම film එකක් පෙන්නනවා වගේ එලියට ඇදල පෙන්නන්නම්!! ඔය හුඟාක් ලොකු ලොකු කට්ටිය 'එළු part' දාන, බෑ... බෑ... බෑ... ගාන case ගොඩාක් ඒවා, මට 'ටොයිස්' වැඩ!! බැරි අය පැත්තකට වෙලා හිටපුවාවේ... මට පුළුවන්!!! මං කරලා පෙන්නන්නම්!!! එතකොට ඔය උදවිය දාන මාන දීලා, පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, සිල් රැකලා රැකලා, භාවනා කරලා කරලා තව කල්ප බර ගණනක් ගිහින් බලන්න හිටපු දේ හෙට අනිද්දා වෙනකොට පෙනෙයි...

Thursday, October 27, 2011

එහෙමනම් අපි දැන් 'අපේ ලෝක' අවබෝධ කරගන්න පටන් ගමු!! සේරම ප්‍රශ්ණ ටික තියෙන්නේ ඕක අස්සේ තමයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ලෝකය හටගන්න විදියයි, ලෝකයෙන් නිදහස් වෙන විදියයි, ලෝකයෙන් නිදහස් වන මාර්ගය දියුණුකරගන්න විදියයි, සේරම තියෙන්නේ ඔතනයි කියල නේ... ඒ කියන්නේ නිවණ තියෙන්නේ, තමන්ගේ අතේ!!! මහා විශාල පිරිසක් එකතුවෙලා, ටොන් ගණන් බොරු කියල, බේගල් ඇදබාල, ඔය උදවිය ගොනාට අන්දවල තිබුනා මිසක්, නැත්නම් සුමාන දෙක තුනක් හොඳටෝම ඇති ණිවන් දකින්න!!! සංසාර දුකෙන් සදහටම එතෙරවෙන්න!!! බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ, අවන්කවම කැපවෙන ඕනෙම කෙනෙකුට, දවස් 7 ඉඳල අවුරුදු 7 ඇතුලත අනිවාර්යයෙන් ණිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලයි!!! ගෞතම බුද්ධ සාසනයේ නිර්මාතෘ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වා නම්, අපි මොකටද වෙන එක එකාගේ කතා අහ අහ ඉන්නේ???

අනිත්‍යය කියන්නේ මොකද්ද කියල හොඳටම දන්න අපිට, බොරුවට 'පොර talks' දෙන්න බෑ අහවල් දවස වෙන්න කලින් වැඩේ කරලා පෙන්නනවා කියල... මම නම් හැමතිස්සෙම ඉන්නේ බයෙන්, මට මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ලැබෙයිද? නැද්ද? කියලත්!! හැබැයි මට තේරෙණ විදියට නම් මේ සිද්ධවෙන්නෙත් ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක්!!! ඒ හන්ද අනිවාර්යයෙන් මේ සේරම මං හිතන විදියටම සිද්ධ වෙයි කියල හිතනවා... එන විදියකට බලමු!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ සම්බුද්ධ සාසනය විනාස කරන්නේ බෞද්ධ වේශයෙන් සාසනයට රිංග ගන්න තිරස්චීන උදවිය විසින්මයි කියලයි!!! මට නම් ඒක හොඳටම පැහැදිලියි!!! මං අහපු, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්න පිරිසුදු (jenuine) බුද්ධ දේශණා 600-700 ගණනක වැඩිපුරම, 99.9% විතරම, තිබුණේ අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය!!! ඉතුරු 0.1% විතර තමයි වෙනත් අදාළ කරුණු තිබුණේ... දැන් බුද්ධ දේශණා කියල අහන්න ලැබෙන ඒවයි 99.9%ම තියෙන්නේ, මස් කන එක, අරක්කු බොන එක, පන්සිල් රකින එක, දෙමව්පියන්ට සලකන එක, වගේ අනං මනං!! අවබෝධ කලයුතු චතුරාර්ය සත්‍යය නෑ!!! ඒ 'ටික' missing!!! 'කතන්දරේ' තේරෙන්න එපාය ඉතින් මේවා පේන්න... අවුලක් නෑ, මට මේ ඉන්න තත්වෙන්ම තව ටික කලක් ඉන්න ලැබුණොත්, සේරම refresh කරලම තමයි ඉවරයක් කරන්නේ!!! මං දන්න / හිතන විදියට, ආයේ මාරතුමා ගෙනුත් මේවට එච්චර ප්‍රශ්ණයක් වෙන එකක් නෑ...

දැන් ඉතින් බිම ඇවිද ඇවිද හිටිය කාලේ ඉවර වෙන්නයි යන්නේ... ඊළඟට තියෙන්නේ - gravity ගමනක්!!! කවදත් කිව්වා වගේ, මේ වැඩේට ජාති / ආගම් / කුල-මල කතන්දර මොකවත්ම නෑ!!! මේක තනිකරම ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන, බුද්ධිමත් මනුෂ්‍යයින්ට තියන කතාවක්!!! අන්‍යාගමික නිසා මේක එහෙන් මෙහෙන් කියවල, 'ආ... මේ අහවල් ආගමේ කෙහෙල්මලක් නේ...' කියල මේක අල්ලලා දාන්න එපා!! කියන්නයි, අනික් ඔයාල දන්න දන්න උදවියටත් මේකට සහභාගී වෙන්න කියන්න!! කියල කියන්නයි, තමයි මේ ටික ලියන්න ගත්තේ.

හැම මනුස්සයෙක්ම පරම්පරාවෙන් ලැබුණු පලියට හරි, වෙන මොනම ක්‍රමේකට හරි ලැබුණු පලියට හරි, මොකක් හරි ආගමකට බැඳිලා උන්නට, මේ මුළු විශ්වයේම සත්වයන්ට බලපාන එකම එක සත්‍යය කතාන්දරය, ස්වභාවධර්මයෙන්ම හැදිලා තියන වැඩපිළිවෙල විතරයි!!! ඒ වැඩපිළිවෙල කාලයෙන් කාලයට ලෝකයේ පහළවන, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට කියලා දෙනවා මිසක්, උන්වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ කතන්දරයක් / දර්ශණයක් / නිර්මාණයක් / ප්‍රබන්ධයක් නෙවෙයි!!! කොටින්ම මේක තවත් එක ආගමික ඇදහිල්ලක්, නැත්නම් ආගමික විශ්වාසයක් එහෙම නෙවෙයි!!!

සාම්ප්‍රදායික නැත්නම් 'නමට බෞද්ධ' කට්ටිය කරගෙන යන මල් / හඳුන්කූරු / පහන් පූජා කරකර, පිළිම වලට වැඳ වැඳ, පෙරුම් පුර පුරා, ණිවන් පතන කතාව නෙවෙයි මේ!!! ඒකත් වෙනින් මොකද්ද එකක්!!!

මං කතාකරන්නේ, තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයාට කියල දෙන පරම සත්‍ය කතාන්දරය ගැනයි!!!

මේක අහන්න පිළිගන්න බැරි කෙනෙක් උනොත් ඔයා network locked කරපු mobile phone එකක් dongle එකක් වගේ වෙනවා!! lock කරපු ඒවායින් වැඩක් නෑ... unlock  වෙන්න!!! සාම්ප්‍රදායික බුද්ධාගමයි, ඔය අනික් ආගම් සේරමයි එක එක networks කියල හිතුවොත්, ඔය එකක වත් කියල තියනවා වගේ coverage එකක් නෑ!!! signal strength nil. මේ දැන් මැරිලා බැලුවොත්, 'ඇත්ත නේන්නම්' කියල පෙනෙයි!!! මැරිලා චාටර් වෙන්න ඕනේ නෑ... මොලේ කල්පණා කරලා, universal coverage එක තියන real network එකට මාරු වෙන්න!!!

Wednesday, October 26, 2011

බොහොම ටික දෙනෙක් විතරක් දන්න, රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ බැහැ දකින්න ඇවිල්ල කරපු කතා බහෙන් තමයි අපි කාට කාටත් හරි පාරට එන්න අවශ්‍ය තැන, point එක ගන්න තියෙන්නෙ!!! කතාව නොදන්න අයට පොඩ්ඩක් දැනගන්න, අපේ හාමුදුරුවෝ ලියපු කොටසක්ම ගමු...

** - ඉතින් පින්වත්නි, ඉබේ පහළ වෙන අවබෝධයක් අපි තුළ නැහැ! ඉබේ අවබෝධය පහළ වෙනවා නම්, මේසා දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් එය පහළ නොවූයේ මන්ද? ඉබේ අපට අවබෝධයක් ඇතිවෙනවා නම්, මිනිස් ලෝකයේ ජීවත් වූ පමණින් අපට අවබෝධය ඇතිවෙනවා නම්, වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරෙහි ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න හිතල රෝහිතස්ස කියන දිව්‍ය පුත‍්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක් දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරි ස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන් ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙන ගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා" බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා. බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ! හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකය මේ විඤ්ඤාණය සහිත, මනස සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි" බලන්න කොච්චර ලස්සනද කියල. මේ ලෝකය තමයි කෙළවරටම දකින්න ඕන ලෝකය. බුදුරජාණන්වහන්සේ වදාළ ඒ ලෝකය තමයි මනස සහිත, සංඥා සහිත, විඤ්ඤාණය සහිත මේ ශරීරය. මේ ශරීරය නම් වූ ලෝකෙ තුළ, මනස / සංඥා / විඤ්ඤාණ සහිත මේ ලෝකෙ තුළ, තියනව ලෝකෙ හටගන්න සෑම දෙයක්ම! හැබැයි මේ ලෝකෙ තුළමයි තියෙන්නෙ ලෝකෙන් නිදහස් වීමත්!! ලෝකෙන් නිදහස් වන මාර්ගය දියුණු කරන්න තියෙන්නෙත් ඔතනමයි!! - **

තේරුණාද?? ඕව තේරෙණ අය හරී අඩුයි... අනික තේරෙන්න තියා, ඔය හුඟ දෙනෙකුට වැදගත්ම කරුණු අහන්නවත් ලැබිල තියනවද කියලත් මට නම් සැකයි!! අවුලක් නෑ, මට පේනවා දැන් වැඩේ තියෙන්නෙ මගේ අතේ බව!!! යමුකෝ ඉස්සරහට...

ඇත්තටම නම්, හුඟ දෙනෙක් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද? කියලවත් දන්න එවුන් නෙවෙයි!!! ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඇත්තේ බුදුහාමුදුරුවෝ කියන්නෙත් ඔය ගමේ පන්සලේ ඉන්න උන්දලා වගේ තව හාමුදුරු කෙනෙක් වෙන්න ඇති කියල... සමහරු හිතන් ඇති බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ අපේ ගෙවල් පැත්තේ කවුරුහරි මනුස්සයෙකුට වෙන්න ඇති කියල... බෞද්ධයෝ කියාගන්න හුඟාක් එවුන් බුදුහාමුදුරුවෝ දැකල තියෙන්නෙත් මැටියෙන්, ගල්වලින්, ගඩොල්වලින්, සිමෙන්තියෙන් විතරයි!!! මං නම් එහෙමපිටින් වෙනස්. මගේ ලෝකේ ඉන්නේ බුදුරජාණන්වහන්සේ විතරයි!!! ඊට අමතරව සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදී මහරහතුන් වහන්සේලාත්, අපේ හාමුදුරුවොත්, මට ධර්මය ලබන්න උපකාර කරපු කල්‍යාණ මිත්‍ර පිරිසත් විතරයි!!! වෙන කාගෙන්වත් වැඩක් නෑ!!! හැබැයි, මම මගේ යුතුකම ඉටුකරනවා පුළුවන් පුළුවන් හැමෝටම.

හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහගන්න / දැනගන්න!!! මේ බිම ඉඳගෙන දවල් හීන දකින එවුන්ගෙන් හඳ ගැන අහගන්න / ඉගෙනගන්න හිතුවොත්, ඒක මහා පිස්සුවක්!!! ඉතින්, මේ කතාවේ නිර්මාතෘ බුදුරජාණන්වහන්සේ!!! මේ සියල්ල හෙළිදරව් කලේ බුදුරජාණන්වහන්සේ!!! ඒ හන්ද අපි මේ මාතෘකාවේ හැම අන්සුමාත්‍ර දෙයක්ම දැනගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ ගෙන්ම පමණයි!!! දැන් බුදුරජාණන්වහන්සේ නෑ තමයි... ඒත් උන්වහන්සේ නැති දාට උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි ගැන බලාගනීවි කියල උන්වහන්සේ කිව්වා!!! රහතුන්වහන්සේලා අපිට ඒ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම ආරක්ෂා කරගෙන ගෙනත් දුන්න!!! රහතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන්වහන්සේ කියපු විදියටම කටයුතු කරලා ජීවිතය අවබෝධකරපු, ලෝකය අවබෝධ කරපු උදවියට!!! එයාල ධර්මය 'වළඳන්නේ' නෑ!!! අන්න ඒ නිසා, අපිට විශ්වාසයෙන් යුතුව පිළිගන්න පුළුවන්, ඒ රහතුන්වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කල ශ්‍රී සද්ධර්මය විතරයි!!!

එතනින් මෙහාට, අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා නැවත ලෝකයාට විවෘත කරලා දෙනකම්, ශ්‍රී සද්ධර්මය කියල එකක් නෑ... තියෙන්නෙ මහා කුණු ගොඩක්!!! මම කියල දෙන්නම්, ධර්මයට වෙලා තියන සන්තෑසිය මොකද්ද? ධර්මය / අධර්මය අඳුනගන්නෙ කොහොමද? බොහොම වැදගත්, ගරු ගාම්භීර විදියට වැඩහුන් අය ධර්මය අවබෝධ කරපු අයද? නැත්නම් ධර්මය වළඳපු අයද? කියල තම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන් ක්‍රමයත් සේරම!!! ඔය ඔක්කොම බුදුරජාණන්වහන්සේම කියල දීල තියනවා!!!

හැබැයි මේ සේරටම කලින්, මුලින්ම තමන් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද කියල හරියටම දැනගෙන ඉන්න ඕනේ!!! නැත්නම් අපිට එක මිලිමිටරයක් වත් ඉස්සරහට යන්න අමාරුයි. බුදුරජාණන්වහන්සේ ගැන දැනගන්න තියෙන්නෙ උන්වහන්සේගේ ගුණ වලින්!!! ඒකත් මේ ගුණ ටික කටපාඩම් කරගෙන, තාලෙට ඇදල පැදලා ලස්සනට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!! තමන්ට සාපේක්ෂව බුදුරජාණන්වහන්සේ කවුද කියල හොඳටම තේරෙන්න ඕනේ!!! නැත්නම් කිසිම පලක් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ... 'තමුන් ළඟ, තමුන් එක්කම ඉන්න, තමුන්ගේම හිතවතා' තමුන්ව කනවා!!!

බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ විශ්වයේ ඉන්න කිසිම ශ්‍රමණයෙකුට, භ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට සමාන කරන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! ඒ තමයි උපරිමය!!! peak එක!!! උන්වහන්සේට බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ සංසාරේ ගෙවාගෙන ආව ගමනේදී සිදුවෙච්ච සිදුවීම්, මුහුණ දෙන්න උන දේවල් හැම එකක්ම මතකයි!!! උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරගත්තේ තමන්ටම වෙච්ච දේවල්, තමන් මුහුණ දුන්නු දේවල් වල උපකාරයෙන්!!! වෙන කාගෙන්වත් අහගත්ත / දැනගත්ත දේවල් ගාවගන්නේ නැතුව, තමන් හොඳටම දන්න, තමන්ගේම අත්දැකීම් උපයෝගී කරන්, වෙන කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව, තමන්ගේම හැකියාවෙන් අවබෝධ කරගත් යමක් බොරුකරන්න කාටවත් බෑ!!! අන්න ඒ හන්ද උන්වහන්සේ සම්මා සම්බුද්ධයි!!!

තමුන්ලට භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ කවුරුවත් පේන්නේ නෑ නේද?? අඩුම ගණනේ වයිරස් එකක්, ඇමීබාවෙක් වත් පියවි ඇහින් දකින්න බෑ නේ? නේද?? අර මං කියපු, 'තමන්ගේ හිතවතාට' අහුවෙච්ච, මුලාවෙච්ච ගොන්සන්ලා නම්, භූතයෝ / පෙරේතයෝ / දෙවියෝ කියල කවුරුවත් නෑ!! කියලත් කියනවා... ඒකට සහසුද්දෙන්ම කියන්නේ pure ගොංකම කියලයි!!! ඒකෙන් කමක් නෑ... කොහොම හරි, මේ අපේ පියවි ඇහැට පේන ප්‍රමාණය බොහොම චුට්ටයි!!! බුදුරජාණන්වහන්සේට නම් ඉන්න තැනක ඉඳගෙනම විශ්වයේ ඈත කෙළවරක ඉන්න ඇමීබාවෙක් උනත් දකින්න පුළුවන්!!! ඒකට කියනවා උන්වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණය කියල!!! අපේ කන්වලට ඇහෙන්නේ 20Hz-20KHz සද්ද විතරයි. ඒවත් හුඟාක් සියුම් උනොත් ඇහෙන්නේ නෑ... ඒ උනාට බුදුරජාණන්වහන්සේට විශ්වයේ ඈත කෙළවරක පියාඹන මදුරුවෙකුගේ සද්දයක් උනත් ඉන්න තැනක ඉඳන් අහන්න පුළුවන්!!! ඒ උන්වහන්සේ සතු දිබ්බ සෝත ඥාණයෙන්!!! ඉතින් මෙහෙම අහල / දැකල දෙයක් කිව්වම, අනික අපේම යහපතට කිව්වම, ඒ ගැන දෙපාරක් හිතන්න වත් දෙයක් නෑ... පිළිගන්න විතරයි තියෙන්නෙ!!! හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්!!! ඒකට කියනවා 'ශ්‍රද්ධා ලාභය' කියල. ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 99.999% කට ඒක නෑ!!! අපේ හමුදුරුවොන්ට නම් maxa!!! මටත් එහෙමම තමයි!!! ඒ ශ්‍රද්ධාව තමයි මේ හැම දේකම මුල!!! පුළුවන් නම් ඇතිකරගන්න බලන්න...

ඉතින්, තමන්වහන්සේ සතු ඔය හැකියාවල් උපයෝගී කරන් සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන්වහන්සේ ඒ සියල්ල සියලු දෙවි මිනිසුන් හට කියා දුන්නේ ඒ හැමදෙනා ගැනම අනුකම්පාවෙන් මිසක් කාගෙන්වත් නම්බුනාම, පුද සත්කාර, ගරු බුහුමන් ලබන්න නෙවෙයි!!! තනියම බොහොම දුක් විඳගෙන, ගැලවීමක් හොයාගෙන ආව ගමනේ ප්‍රතිඵල ලබල, තමන්ගේ විමුක්තිය උදාකරගත්තට පස්සේ ආයේ අනික් උන්දලා ගැන බල බල ඉන්න කිසිම අවශ්‍යතාවයක් නෑ!!! ඒත් බුදුරජාණන්වහන්සේ දැක්ක මේ වින්ද දුක් කන්දරාව විඳගෙන, මේතරම් ධයිර්යයකින්, මේතරම් වීර්යයකින් දුකෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න, උත්සාහ කරලා ජයගන්න, ලේසි පුතයෙකුට බැරි බව!!! ඉතින් මේ සතර අපායේ වැටෙමින්, අනන්ත දුක් විඳිමින්, සංසාර ගමනට වැටිලා ඉන්න සත්වයින්ට ගැලවීමක් නෑ නේද? කියල දැකලයි උන්වහන්සේ අපිට උපකාරයට ආවේ!!! තමන් හොඳටම දැනගන්න ඕනේ, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු දේ ඒ විදියටම අසා දැනගෙන, හරියටම අවබෝධකරගෙන, තමන්ගේ ගැලවීම හදාගත්තේ නැත්නම් පාඩුවෙන්නේ තමන්ටයි කියන බව!!! තමන්ව ගලවගන්න, තමන්ව බේරගන්න කවුරුවත් එන්නේ නෑ!!! තමුන් නිදහස් උනත් තමුන්ට!!! තමුන් නිදහස් උනේ නැතත් තමුන්ට!!! වෙන කාටවත් ඒකෙන් ප්‍රශ්නයක් නෑ... මේ තනි තනියෙන් කන්න වෙලා තියන පරිප්පුවක්!!!

Tuesday, October 25, 2011

පණ නැති, අජීවී දෙයක් එක්ක මොනවා කිව්වා කලත් කිසි ප්‍රතිචාරයක් හම්බවෙන්නේ නෑ. ඉතින් ඒ කතා 'නැගල යන්නේ' නෑ!! හැබැයි, පඹයෙක් හරි කමක් නෑ, මොකක් හරි 'එහෙම නේද?' නැත්නම් 'එහෙම නැද්ද?' වගේ දෙයක් ඇහුවම, ප්‍රතිචාරයක් දැක්වුවොත්?? හිතමු මොකක් හරි හේතුවකින් පඹයාගේ ඔලුවට දාල තියන මුට්ටිය නිකම් 'ඔව්... ඔව්...' නැත්නම් 'නෑ... නෑ...' කියන්න වගේ පොඩ්ඩක් හෙල්ලුණා කියල... කොහොමට හිටීද? රැවටෙන එකක් නැද්ද??

ආයේ ඔය මරණයක් වෙලා, body එක දවස්ගනනක් තිස්සේ ගෙදර තියන වෙලාවක, කාටවත් නොපෙනෙන්න / නොතේරෙන්න නූල් ටිකක් ඇදල, ඇස් පිල්ලම් / තොල් එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න හදල, කට්ටිය මිනිය බදාගෙන අඬන්න set වෙනකොට පොඩි 'කොමිටල් පාරක්' දැම්මොත් කොහොමට හිටීද?? කතන්දරේ නොදන්න හැමෝම upset වේවි නේද? මළ ගෙවල් වැඩි වෙන්නත් පුළුවන්!! ඉතින්, මේ සත්වයෝ කියන එවුන්, ඔයාල / අපි හැමෝම, පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ප්‍රතිචාරයන්ට රැවටෙනවා / මුලාවෙනවා කියල තේරෙණවද??

ඊළඟට අපි බල්ලෙක්, පූසෙක් එක්ක කතාකරන කොට උනත් උන්ට කතාකරන බැරි උනාට උන් උන්ගේ හැඟීම් පල කරනවා!! ප්‍රතිචාර දක්වනවා!! බල්ලෙක් නම් නැට්ට වනල, කන් පාත් කරලා, හිමීට බුරල , ඔලුව එහාට මෙහාට ඇල කරලා ඌ අපේ සමාගමය කැමති බව අඟවනවා. නැත්නම් දත් විලිස්සල, ගොරවල, කන්න පැනල අකමැත්ත ප්‍රකාශ කරනවා. පූසෙක් උනත් හිමිහිට ඥාව් ගාල, පුරු පුරු ගාල fit කියල පෙන්වනවා. නැත්නම් හුරලා, පහුරුගාල upset බව පෙන්වනවා. මේවගේ උනාම, ඒ කිව්වේ ඔය ප්‍රතිචාර වලට අපිත් ටිකක් 'ෆෝම් වෙනවා' නේද?? උන් අපිව ගණන් නොගෙන හිටියොත් එහෙම 'කිචියක්' හැදෙන්නේ නෑ නේ??

ආයේ එකවගේ 'ඩබලක්' set වුනා කියමු. 'බොමුද?' ඇහුවොත් 'හා... බොමු!' කියන, 'බණිමුද?' ඇහුවොත් 'හා... බණිමු! කුණුහරුපෙන්ම බණිමු!!' කියන, 'ගහමුද?' ඇහුවොත් 'හා... ගහමු! ගහල ගහල මරලම දාමු!!' කියන ජාතියේ තකට තක පොරක්, 'හොඳම හිතවතෙක්' set උනා කියමු. කොහොමට හිටීද?? වැඩේ නැගලම යාවි නේද???

ඉතින්, මෙන්න මේ විදියට සියලු වැඩකටයුතු අනල අනල දාල, අවුලෙන් අවුලට පත්කරන්න වෙනම කෙනෙක්, බාහිර පුද්ගලයෙක්, බාහිර දෙයක් මොකවත් ඕනේ වෙන්නේ නෑ!!! අපිව කාල දාන්නම පතාගෙන / ඔතාගෙන ආව 'හොඳම හිතවතා' ස්වභාවයෙන්ම / උප්පත්තියෙන්ම අපිත් එක්කම ඇවිත් ඉන්න බව දන්නවද??? අර ගුහාවේ කතාව මේ ජීවිත වලට සම්බන්ධ වෙන විදිය දන්නවද??? ඔය තම තමන්ට තියන තරමක් ප්‍රශ්ණ සේරම තියෙන්නේ තමන්ගේම ඔලුගෙඩිය අස්සේ කියන බව ඔයාල දන්නවද???

මුළු ලෝකයෙන්ම, එකම එක්කෙනෙක් හැරෙන්න, වෙන කවුරුවත්ම ඔය බව දන්නේ නෑ!!! මේ ගැන දැනගත්, අවබෝධ කරගත්, එකම එක්කෙනා බුදුරජාණන්වහන්සේ පමණයි!!! මේ සත්වයා කියන කෙනා උප්පත්තියෙන්ම මහා මෝඩයෙක්!! මහා පෙරේතයෙක්!! බුදුරජාණන්වහන්සේ මේ ඉන්න තරමක් සත්වයෝ හැඳින්වුයේ, "අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනානං සත්තානං" කියලයි... 'අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් වෙළුණු, සත්වයෝ' කියලයි... ඇයි ඒ? කියල දන්නවද???

මේකේ කිව්වේ මහා බරපතල කාරණාවක් ගැන!!! එක පාරටම නම් තේරුම්ගන්න අමාරු වෙයි... ඉස්සරහට යනකොට තේරෙයි!!! සත්වයා සංසාරයට වැටුනෙත් ඔය සිද්ධිය නිසයි... දැන් ඒ සංසාර කතන්දරෙන් ගැලවෙන්න බැරුව ඉන්නෙත් ඔය සිද්ධිය නිසාමයි!!! ප්‍රඥාව, යෝනිසෝමනසිකාරය කියන වැදගත්ම ගුණාංග තියෙන්නේ ඔතනමයි!!! සත්වයාගේ operating system එකේ kernel එක කියල තමයි මම නම් කියන්නේ. kernel එක upset නම් කතාකරල වැඩක් නෑ... ඒ 'සත්තු' හදන්න හරී අමාරුයි!!! දෙන දෙන instructions interpret වෙන්නේ රුවිතෙට නිසා, උන්ට මොනවා කිව්වත් වැඩක් නෑ... උන් තෙරුම්ගන්නෙම තමන්ට ඕනේ විදියට... යන්නෙම කැලේ... virtually impossible to rectify. ඇත්තටම නම් මේවගේ උදවියට ධර්මයෙන් පිළිසරණය ලබන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ කිව්වේ, ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කිරීම තමයි එකම විසඳුම කියලයි, බොහෝම කාලයක් යනකොට හරි ගොඩයන්න ලැබෙයි කියල. හැබැයි මේ 'පාර' හැදුවේ ඔය 'හුඟාක් චරිත' loss වෙන්නේ නැතිවෙන්න... බටයක් වගේ කරලා, non-return valves දාල, pump කරලා, ගොඩටම ඇදල දාන්න.

Monday, October 24, 2011

දැන් ඉතින් අපිට මෙච්චර දවසක් දඟලල දඟලල ඉගෙනගත්තු කරුණු ටික විතරක් තියාගෙන, 'මෝටරේ' විසිකරලා දාන්න කාලේ හරි!! මොකද, අපිට උවමනා වෙන්නේ, කාලයත් එක්ක විඥාණය සහ නාමරූප කියන දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මකව තිබෙන විදිය / ක්‍රියාත්මක වෙන විදිය ගැන දැනගන්න / තේරුම්ගන්න විතරයි!! අපි මෝටරයක කරකැවීම හැටියට දකින්නේ, කාලයත් එක්ක ඒකෙ පිහිටීම වෙනස් වීම, නැත්නම් හැරිලා තියන දිශාව වෙනස් වීම නේ?? නැවතිච්ච එකක් නම්, කාලය යනවා විතරයි... දිශා වෙනස් වීමක්, 'චලනයක්' නෑ!! පැහැදිලියි නේ?? ඉතින්, දැන් අපිට මෝටරේ ගැන වත්, ඒක කැරකෙන එක ගැන වත්, හිතන්න ඕනේ නෑ!! කාලය කොහොමත් ගතවෙනවා නේ... අන්න ඒ කාලය ගතවීම කියන්නේ, මේ විද්‍යුත් ධාරාව හා ඊට අනුරූප චුම්බක ක්ෂේත්‍රය නොකඩවා වෙනස් වෙමින් පවතින එකටයි! කියල හිතන්න!!! ක්‍රියාත්මකව තියනවා... වැඩ කර කර තියනවා... කියල ගත්තනම් හරියටම හරි!!!

ඊළඟට, මේ මෝටරයක තියන දඟර / චුම්බක, විදුලිය සැපයුවහම කරකැවෙන එක, කරකැව්වාම විදුලිය නිපදවෙන එක, කියන කිසිම කාරණාවකුත් වැඩක් නෑ!! අර... 'විශේෂයෙන් සකස්වූ පරිසරය' කියන එක විතරයි ඕනේ!!! ඒක නිකම්ම නිකම් 'ගුහාවක්' නැත්නම් 'හුඹහක්' කියල ගන්න / හිතන්න!! බුදුහාමුදුරුවොත් ඕකට කිව්වේ ගුහාවක් කියලම තමයි!!! ඔයාලට හොඳටම 'දිරවල' තියෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ මෙන්න මෙච්චරයි... ඔය ගුහාව ඇතුලේ සිද්ධ වෙන්නේ විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ කරගෙන යන වැඩසටහනක්!!! ඒකෙ එක ප්‍රධාන ලක්ෂණයක් තමයි, යම් දිනක විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ වැඩකරන්න පටන් ගත්තද, ආයේ කවදාවත් ඒක 'ඉබේම' නම් නතර වෙන්නේ නෑ!!! ඒ වැඩපිළිවෙල නිසාම, මේ ගුහාවට දාන / වැටෙන හැමදෙයක් මත් ගුහාවක් පවතින තාක් කල්, නොනැසී දිගින් දිගටම රඳා පවතිනවා!!! එක ගුහාවක් නැසී වැනසී යනකොට ඒකෙ තියන සේරම ටික තව එකකට බැහැගන්නවා!!! ඉවරයක් කලොත් මිසක්, නැත්නම් මේ සිදුවීම නතර වෙන්නේ නෑ!!! ඔන්න ඔහොමයි වෙන්නේ කිව්වලු... පස්සේ කියන්නම්කො, බුදුහාමුදුරුවෝ කියපු විදියටම!!!

ඊළඟට, මේ ගුහාවේ සිද්ධවෙන කතන්දරයේ අනික් වැදගත්ම කරුණ තමයි, පාලණය කල හැක්කේ එක අංශයක් (පැත්තක් / කොටසක්) විතරයි!!! ඒ කියන්නේ විද්‍යුතය පැත්ත විතරයි!!! අනික් පැත්ත ඊට අනුරූපව ඉබේ වෙනස් වෙනවා මිසක්, පාලනය කරන්න කිසිම ක්‍රමයක් නෑ!!! නොකඩවා විදුලිය ගලන්න ගලන්න, චුම්බක ක්ෂේත්‍රය බලවත් වෙනවා... විදුලිය ගැලීම සීමා කරන්න ලැබුණොත් විතරක්, ඒ ක්ෂේත්‍රය දුර්වල කරන්න පුළුවන් වෙනවා!!! ඉතින්, වැඩ වරද්ද ගත්තොත්, විනාසයි... හරියට ක්‍රමය දැනගත්ත නම්, එතැනින්ම අබල් බබල් සේරම ඉවරයි!!!

හ්ම්ම්... ඊළඟට අපි මේ කියල තියෙන්නේ මොකක් ගැනද? කියල බලමු!! ඊට කලින්, චුට්ටක් කල්පණා කරලා බලන්න, අපි 'පණ නැති' දෙයක් සමග, ඒ කිව්වේ පඹයෙක් / බෝනික්කෙක් වගේ දෙයක් එක්ක කතා කරනකොට අපිට දැනෙන විදියෙයි, 'පණ තියන'කෙනෙක්, බල්ලෙක් / පූසෙක් / වෙන මනුස්සයෙක් වගේ කෙනෙක් එක්ක කතා කරනකොට දැනෙන විදියෙයි වෙනස මොකද්ද?? කියල...
දැන් අපි මෝටරයක් අස්සෙ රිංගල, හොයල බලල දැනගෙන ආව 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇතිය කියල හිතනවා!! මේවා මගේ පොඩි ඩබලට (අවුරුදු 10-13) නම් හොඳට තේරෙණවා... ඒ හන්ද, ගොඩ දෙනෙකුට හරියන්න ඕනේ!! ඔය උදවියගේ තේරුම් ගැනීමේ හැකියාව / ප්‍රඥාව මට දැනගන්න බැරි එක විතරයි ප්‍රශ්ණේ... බුදුහාමුදුරුවෝ හිටියානම්, එක එක්කෙනාට හරියන්න වෙන වෙනමම කියල දේවි!!! ඒත්, අපි කවුරුවත් එහෙම අහන්න තරම් පින් කරලා නැහැ නේ... ඒ හන්ද try එකක් දාල අල්ලගන්න බලන්න. අනික, එකපාරටම නොතේරුණත්, කතාව ඉස්සරහට යනකොට හුඟක් දේවල් තේරෙන්න ගනීවි!!! මේ දාල තියන කරුණුත් ඕනේ වෙලාවක නැවත නැවත බලන්න පුළුවන් නිසා මොකුත් අඩුවක් වෙන එකක් නෑ.
 
ඉතින්, මේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාව සත්ව ජීවිත වලට සම්බන්ධ වෙන විදිය නම් හරිම සංකීර්ණ එකක්!!! ප්‍රධාන තැන් දෙකක, දෙවිදියකට, මේ කතන්දරේ අපි හැමෝගෙම ඇඟවල් වල ක්‍රියාත්මක වෙනවා!!! 'කොහොමද එහෙම වෙන්නේ??' කියල අහන්න එපා!! ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ!!! අපි හොඳටම දැනගන්න ඕනේ, එහෙම වෙච්ච එකෙන් වෙන්නේ මොනවද කියන එක ගැනයි!!! නිවණ අවබෝධ කරගැනීම දුෂ්කර ඒකයි... ප්‍රශ්ණයයි උත්තරෙයි සේරම තියෙන්නේ එක තැනක... ඒත් සියලු ලෝක සත්වයෝ උත්තර හොයන්නේ වෙන වෙන දිහාවල!! ඉතින් හරියන්නේ නෑ!!! ඒකයි මේ වැඩේට සිල් රැක රැක ඉඳලත් හරියන්නෙ නැත්තේ. මේක තනිකරම මොලේ කල්පණා කරලා, කරගන්න තියන දෙයක්!! නිවැරදිව, හරි ඉලක්කයටම කල්පණා කරන්න ඕනේ!! හැබැයි ඉතින් මේ යන්නේ 'කැලේ සුද්ද කරගෙන', සේරම ගස්/ගල්/කුණුගොඩවල් 'ඩෝසර් කරගෙන' යන ගමනක්... ටික කාලෙකින් ඔක්කොම හරියාවි!!!
 
අපිට තව එක කරුණක් මෝටරේ කතාවෙන් බලාගන්න තියනවා... දැන්, එහෙම මෝටරයක් මුලින්ම අතින් කරකවල අතහැරියාම, ටිකෙන් ටික ඒකෙ වේගය වැඩි වෙලා, යම්කිසි නියත මට්ටමකට ඇවිත්, ඒක එකම ගණනකට, නියත වේගයකින් දුවන්න ගන්නවා!! එහෙම වෙන්නේ කැරකෙන කොටස් වල බර, කරකැවීමට බාහිර පරිසරයෙන් ඇතිවෙන බාධා, ප්‍රතිරෝධය වගේ දේවල් නිසයි!! ඒත් එහෙම බාධා කිසිවක් නැති, අන්‍යෝන්‍ය උපකාරය (feed back loop) පාලනය කිරීමකුත් නැති මෝටරයක් උනොත්, මේකෙ ක්‍රියාකාරිත්වය මහා අවිනිශ්චිත තත්වයකට පත්වෙනවා!!! ඒ කියන්නේ, විදුලිය නිපදවෙන ප්‍රමාණය සීමාන්තිකව වැඩිවෙන්න ගත්තොත්, ඒ නිපදවෙන විදුලියට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් එන්න එන්නම වැඩි උනොත්, කැඩිලා විසිවෙන ගණනටම මේක කැරකෙන්න ගන්නවා!! මොකක් හරි ප්‍රශ්ණයක් / අබාධයක් වෙලාම තමයි නවතින්නේ!!
 
චුම්බකත්වය නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගීම පාලනය කරන්න ක්‍රමයක් නෑ කියමු... ඒත් විදුලිය නිපදවෙන එක පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණා නම්, කිසිම අවුලක් වෙන්නෙත් නෑ!!! අපිට ඕනේ ඕනේ ගණනට මෝටරේ කරකැවීම පාලණය කරන්න තිබුණ!!! ඕනේ නම් නතරකරලම දාන්නත් තිබුණ!!! ආයි කොච්චර කරකවන්න හැදුවත් වැඩක් වෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගෙන්නේ නැති තත්වෙටම පත්කරන්න තිබුණ!!! පැහැදිලි ඇති නේ??

Saturday, October 22, 2011

අපිට කරකැවෙන මෝටරයක, එහෙම නැත්නම් මෝටරයකින් කරකැවෙන වෙන ඕනෙම දෙයක, දකින්න ලැබෙන්නේ ඒක කැරකෙන වේගය අඩුවැඩි වීම විතරක් උනාට, මෝටරයක් ඇතුලේ සිද්ධවෙන දේ ගැන නිවැරදි දැනීමක් තිබුනොත්, 'ආ... මෙහෙම නේ වෙන්නේ... ' නැත්නම්, 'මේකනේ මේ වෙන්නේ...' කියල ණුවනින් විමසල, ඒ කියන්නේ කල්පණා කරලා බලල තේරුම්ගන්න පුළුවන් වෙනවා!! තමන් පැහැදිලිවම, නිවැරදිවම දන්න කරුණු ආශ්‍රයෙන්, තවත් දෙයක් ගැන ණුවනින් කල්පණා කරලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා!! මේ කරන්න යන්නෙත් ඒකම තමයි... අන්න ඒකයි මේකට ප්‍රඥාව අත්‍යවශ්‍ය වෙන්නේ!!!

ඉතින්, මං බොහොම සරලව කිව්වා මෝටරයක් ඇතුලේ සිද්ධ වෙන කතාන්දරය. අපි ඒකට විදුලිය සැපයුවාම, ඒ විදුලි ධාරාව සන්නායක දඟර (coils) හරහා යනකොට චුම්බක ක්ෂේත්‍රයක් (magnetic field) ගොඩ නැගෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ ගතිලක්ෂණයක් වන ආකර්ෂණ/විකර්ෂණ (attract/repel) ක්‍රියාවලිය නිසා මෝටරය කැරකෙනවා. ඊළඟට ඒක කැරකෙනකොට, සන්නායක දඟර (coils) චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන් කිරීම නිසා විදුලි ධාරාවක් ඉපදිලා (ප්‍රේරණය වෙලා) එලියට එනවා. හරි නේ?? ඇත්තටම, මේවා කියවන ඔයාල අතරේ මෝටර් ගැන මීට වඩා ගොඩාක් දේවල් දන්න අය ඇති... ඒත් ඒවා මෙතනට අදාළ නෑ!!! මොකද අපි මේ යන්නේ motor හදන්න නෙවෙයි!!! අපි හදන්නේ මේ මෙච්චර කාලෙකට නොතේරිච්ච 'මහා පටලැවිල්ලක්' ලිහාගන්න!! අපේ එකම අවශ්‍යතාවය එච්චරයි!!! ඒකට අපි බොහොම සරලව මයි හිතන්න ඕනේ... ඕනෙවට වඩා හිතන්න ගියොත් නැති අවුල් ගොඩාක් හැදෙනවා මයි!!! 'පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ...' කියන්නේ ඒකයි!!

මුලින් අපි බැලුවේ, අපේ අවධානය යොමු කලේ, කරකැවෙන මෝටරයක පිටින් බැලුවම දකින්න පුළුවන් දේවල් ගැන. එතකොට ඉතින් දකින්න තියෙන්නේ කරකැවෙන වේගයේ අඩු වැඩි වීම විතරයි. හැබැයි අපි දැන් දන්නවා, මෝටරයේ කරකැවීම සිදු උනේ අභ්‍යන්තරයේ ගොඩනැගුන චුම්බක බලය නිසා!! විදුලිය ප්‍රේරණය උනෙත් චුම්බක බලය නිසා!! පැහැදිලියි නේ? ඒ කියන්නේ, මෙතැනදී 'මොටරයේ' වේගය වැඩි වෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය වැඩි වෙච්ච නිසා!! වේගය අඩුවෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය අඩු වෙච්ච නිසා!! පැහැදිලියි නේ?? තව විදියකින් කිව්වොත්, මේ කැරකෙන වේගයෙන් පෙන්නුම් කෙරිලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ බලය!!! හරි නේ?

ඊළඟට, මුලින්ම මේ මෝටරය හදපු ගමන් කැරකෙන්න ගත්තේ නෑ!! නිකම් තිබ්බනම් ඔහේ තියෙයි... කවදාවත් කැරකෙන්න ගන්නේ නෑ!!! හැබැයි මේකේ විශේෂ ලක්ෂණ දෙකක් තිබුන. එකක්, A කියමු!, කරකැව්වොත් විදුලිය හැදෙනවා... අනික් එක, B කියමු, විදුලිය ලැබුනොත් කැරකෙනවා... ඒ කියන්නේ මේ ක්‍රියාකාරිත්වයන් දෙකට එකතුවෙන්න ඉඩක් ලැබුනොත්, එකිනෙකාගේ උපකාරයෙන් ඔය ක්‍රියාකාරිත්වයන් දෙකට දිගින් දිගට පවතින්න පුළුවන්!!! A උපකාරයෙන් B තියනවා... B උපකාරයෙන් A තියනවා... පැහැදිලියි නේ?? ඔන්න ඕක තමයි බුදුරජාණන්වහන්සේලා ණුවනින් විමසලා විමසලා අවබෝධකරගන්නා ස්වභාවධර්මයේ 'රහස'. චුම්බක ක්ෂේත්‍රයේ උපකාරයෙන් විද්‍යුතය පවතිනවා... විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රය පවතිනවා... බුද්ධ වචනයෙන්, විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...

මේ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්නේ කොහොමද කියලත් පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්නවානේ පාපැදියක් පදින්න කකුල් දෙකම පාවිච්චි කරන්න වෙනවා නේ? එක කකුලකින් වට භාගයයි, අනික් කකුලෙන් තමයි ඉතුරු භාගය. මාරුවෙන් මාරුවට ඔය විදියට කරනකොට රවුමටම කැරකෙනවා!! මේ අපි ගත්ත උදාහරණයේදීත් එහෙමමයි!! ක්‍රියාවලි දෙක, මාරුවෙන් මාරුවට නොකඩවා සිද්ධවෙනවා... අන්න ඒකයි ඔය මොටරේ අතින් කරකවල පටන් ගත්තම නොනැවතී දිගින් දිගටම කැරකෙන්නේ.  මං මුලින් ඉඳලම 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච පරිසරයක්' කියල කිව්වේ ඔන්න ඔය ගැන තමයි!! පටන් ගත්තද, ඉවරයක් වෙන්නේ නෑ!!! ඕක තමයි අපිටත් වෙලා තියන case (feedback loop) එක!!! ඉවරයක් දකින්න නම් කවදා හරි මේ විඥාණයේත්, නාමරූපවලත්, අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම කඩල බිඳලා දන්න ඕනේ!!! loop එක break කරන්න ඕනේ!!!

ආයි ඉතින් අපිට කරකැවෙන කතාවල් ඕනේ වෙන එකක් නෑ!!! මේ කියපු විඥාණ / නාමරූප කතාන්දරය තව ටිකක් විස්තර කරලා, අපේ ජීවිත වලට සම්බන්ධ වෙන විදිය පෙන්වලා, මේ එක එක නම්වලින් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මොනවා ගැනද, ඒවා අතරේ තියන සම්බන්ධකම් මොනවද කියල පෙන්නුවාම, සංසාරේ 'අතුරුදහන්' වෙනවා!!! ආයි ඉතින් 'සංසාරේ යන්න' ඉස්සෙල්ලම, යකඩෙන් / සිමෙන්තියෙන් මොනවහරි වලින් 'සංසාරයක් හදාගෙන ඉන්න' වෙනවා!!! අර... 'අහවල් දිහාවේ' යන්න, 'අහවල් එක්කෙනා' ගාවට යන්න, ඔය හැමදේටමත් අලුතෙන් 'ක්‍රම' හොයාගන්න වෙනවා!!! කතා ඕනේ නෑ... කාලයක් යනකොට තේරෙයි!!!

Friday, October 21, 2011

කැරකෙන මෝටරයක් වගේ සත්වයාගේ ස්වභාවය, උන් සැපයට කැමතියි! දුකට අකමැතියි!! ඉතින් උන් හැම වෙලේම සැපම හොය හොයා, ආතල් එක / ජෝලියම හොය හොයා, enjoy කරන්නම සැදී පැහැදී ඉන්නකොට, මොටරේ කැරකෙන speed එක තව තවත් වැඩිවෙනවා!!! වැඩේ තවත් අවුල් වෙනවා!!! මේක කරකැවෙන එක නවත්තගන්න බැරුව දඟලන්න වෙලා තියන එකේ, තවත් speed කරගත්තොත් ලෝක ලෙඩක්! speed kills!! කියල දන්න හන්ද, බුදුහාමුදුරුවෝ සත්වයින්ට හැමවෙලේම කිව්වේ, 'සිතින් / කයින් / වචනයෙන් සංවර වෙන්න... ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ඉඳුරන් දමනය කරගන්න... අසුබ භාවනාව / පිළිකුල් භාවනාව / මරණානුස්සතිය වඩන්න...' එහෙම කියලයි!! ඒවායින් 'කැරකෙන ප්‍රශ්ණේ' විසඳගන්න බැරි උනත්, speed එක හරි අඩුකරගන්න පුළුවන් වෙනවා!!!
 
බුදුහාමුදුරුවෝ හරිම අගය කළා තනියම ඉන්න එක!!! මොකද පිස්සෝ දෙන්නෙක් එකතු උනාම පිස්සු double වෙනවා!! පිස්සෝ තුන්දෙනෙක් එකතු උනොත් 'වණයක්' වෙනවා!! තනියෙන් හිටියාම ඒ මොකුත් නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ කියල දුන්නු විදියටම කටයුතු කරගෙන යන ඕනෙම ප්‍රඥාව අඩු පුද්ගලයෙකුට උනත් සෑහෙන කාලෙකදී 'මෝටරේ' නවත්තගන්න පුළුවන් වෙනවා!! අවශ්‍ය ප්‍රඥාව ධර්මයෙන් වර්ධනය කෙරෙනවා!! ඉතින් එයා අරහත්වයට පත්වෙනවා!! මේ විදියට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න උදවියට කියන්නේ 'උභතෝ භාග විමුක්ත රහතුන්වහන්සේලා' කියල. එයාලට භාවනාවෙන් ප්‍රයෝගිකව ලැබෙන පුහුණුව හන්ද, ඉර්දී බල ලබන්න වගේ දේවලුත් කරගන්න පුළුවන් වෙනවා... හැබැයි බුදුහාමුදුරුවෝ නම් ඒවා කොහෙත්ම අගය කලේ නෑ!!! අනික, මේ විදියට ණිවන් අවබෝධකරගන්න උදවියට අනික් අයට කියල දෙන්නත් හැකියාව අඩුයි, 'ඔන්න ඔහොම ඔහොම කරන් යන්න... සිල් රැකගෙන, භාවනා කරගෙන යන්න... එතකොට හරියයි!' කියල කිවොත් මිසක්. මොකද, 'ආ... දැන් නැවතිලා නේද?' කියල තමන්ම අවබෝධ කරගන්නවා මිසක්, තව කෙනෙකුට කියන්න තරම් වැඩි විස්තර දන්නේ නැති නිසා.
 
අපි යන්නේ ඒ ක්‍රමේට නෙවෙයි... මේ ඇවිල්ල ප්‍රඥාවෙන් අවබෝධය කරා යන පැත්ත... කෙලින්ම මෝටරය මස්කරනවා! (disassemble කරනවා) කරලා බලනවා, මේකේ මොනවද තියෙන්නේ?? ඇයි මේක මෙහෙම කැරකෙන්නේ?? මේක නවත්තන්න මොනවද කරන්න ඕනෙ?? කියන සේරම. පස්සේ ඉතින් තියන upset ටික හදල දානවා!! එතකොට මොටරේ නතරවෙනවා!!! ඒ නිසා, මේ දෙවිදියෙන්ම අවශ්‍ය කාරණාව ඉටුවෙනවා!!! මේ ක්‍රමයේදී වැඩි කාලයක් යන්නෙත් නෑ... සිල් රැක රැක ඉන්න කතාවකුත් නෑ... හැබැයි 'අම්බානට කැරකෙන' මෝටර් උනොත්, ඒ කියන්නේ පිස්සු dial උනොත්, මේවා 'මීටර්' වෙන්නේ නෑ... තේරෙන්නේ නෑ... අන්න ඒකටයි, මොලේ කඳුලක් හරි තියන එවුන් වෙන්න ඕනෙ... කිව්වේ!! හැබැයි, මේ ක්‍රමයට අවබෝධය ලැබුවත්, සමාධිය දියුණු කරගන්නා තෙක්, පරිපූර්ණත්වයට පත්වෙන්න ලැබෙන්නෙත් නෑ!!! හොඳ වෙලාවට, හාස්කම් පෙන්නන්න, ඉර්දී ප්‍රාතිහාර්ය වගේ දේවල් වලට හැකියාවක් ලැබෙන්නෙත් නෑ!! ඒ කෙහෙල්මල් මොකක්වත් සසර දුකින් එතෙර වීමට අදාලත් නෑ!!! මේ ප්‍රඥාව මූලික කරගෙන ණිවන් අවබෝධයට යන පැත්තෙන් අරහත්වයට පත්වෙන උදවියට කියන්නේ ප්‍රඥා විමුක්ත රහතුන්වහන්සේලා කියලයි. මේ විදියට මුළු කතන්දරේම දැකල, අවබෝධ කරගන්න කෙනෙකුට තව සැහෙන පිරිසකට ජීවිතේ දකින්න උපකාර කරන්නත් පුළුවන් වෙනවා!!!
 
අනික් එක, මේ වැඩෙන් වෙන්නේ අර තැන් තැන්වල දාල තියන, පෑගුනොත් බෙල්ලකඩලයන, කෙහෙල් ලෙලි ටික, නැත්නම් සංසාර ගමනට හේතුවන සංස්ඛාර ටික නැතිවීම විතරයි... එතකොට වෙන්නේ සංසාර ගමන නවතින එක, සංසාර දුක ඉවරවෙන එක, සංසාරෙන් එතෙරවන එක විතරයි. වෙන මොන කෙහෙල්මලක් වත් වෙන්නේ නෑ!!! පිටින් බැලුවට පේන්න මොකුත් වෙනසක් වෙන්නෙත් නෑ!!! හොඳට කාල ඇඳලා ඉන්නත් පුළුවන්!!! ඇස් වලින් දකින්න වෙන දේවල් වලින්, කන් වලින් අහන්න වෙන දේවල් වලින්, ගඳ / සුවඳ / රස / පහස මොකකින්වත් කුලප්පු වෙන්නේ නැති, පව් වැඩ මොකකටවත් සම්බන්ධ වෙන්නේ නැති, කාටවත් ඇණයක් නොවී තමන්ගේ පාඩුවේ බොහොම නිස්සද්දෙන් ඉන්න, කාටත් හිතවත්, හොඳ quality සත්තු ටිකක් හැදෙයි... එච්චරයි!!! ඉතින්, fit  නැද්ද?? ණිවන් දකින්න බයවෙන්න ඕනෙද?? 

Thursday, October 20, 2011

මනුස්සය කියන සත්වයා ගොඩාක් දේවල් කරනවා නේ... හිනා වෙනවා, කතාකරනවා, ඇවිදිනවා, ඉගෙනගන්නවා, රස්සාවල් කරනවා, සෙල්ලම් කරනවා, වගේ නානාප්‍රකාර දේවල් කරනවනේ... ඒත් මනුස්සයෙක්ව සිහිය නැතිකරලා දැම්මොත්, ඔය කිසි එකක් කරයිද? නෑ නේ?? නිකම්, මල මිනියක් වගේ වෙනවනේ!! ඇයි ඒ?? සත්වයාට 'සිහිය' තියෙන්න ඕනේ වැඩ කරන්න!!! හිතල, එහෙම නැත්නම් 'චේතනා පහල කරලා' තමයි ඒකා තව තව දේවල් හිතන්නේ, නොයෙකුත් දේවල් කියන්නේ, ඕනෙම වැඩක් කරන්නේ. හරි නේ?? දැන් මේ 'චේතනා පහල කරලා කරන' ඕනෙම දෙයක් 'ධර්මය' කියන මතෘකාවේදී අඳුන්වන්නේ 'සංස්ඛාර' කියල!!! ඉතින්, මෝටරයක් නම් ඒක කරන එකම දේ කැරකෙන එක විතරයි වගේ, සත්වයාටත් පුළුවන් 'සංස්ඛාර කරන්න' විතරයි!!! හරිද? ලස්සනට ගැලපෙනවා නේ??

'සංස්ඛාර' කිව්වමත් ටිකක් දන්න අය, ගොඩාක් පටලවා ගන්න එකක්!! ඒත්, එහෙම පටලව ගන්න අවශ්‍ය නෑ... සංස්ඛාර කියන්නේ නිකම් 'කෙහෙල් ලෙලි' වගේ දෙයක්!!! දැන්, කෙහෙල් ගෙඩියට නම් කෙහෙල් ලෙල්ල ඕනෙමයි නේ? නැත්නම් ගෙඩිය නරක් වෙනවා, කුණු වෙනවා, නේ?? අන්න ඒ වගේ, මේ ඇඟවල් වල පැවැත්මට ස්වභාවයෙන්ම ඇතිවෙච්ච සංස්ඛාර ජාති තුනක් බුදුහාමුදුරුවෝ කියා දීලා තියනවා, කාය සංස්ඛාර / වචී සංස්ඛාර / චිත්ත සංස්ඛාර කියල. ඒවා මේ ඇඟේ පැවැත්මට ස්වභාවධර්මයෙන්ම හැදිච්ච දේවල් මිසක්, මේ ණිවන් අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම කියන එකට ඒවා අදාළ නෑ!!! ඒවා ඔහේ තියන විදියට තිබිච්චාවේ. ඊළඟට තියන තරමක් කෙහෙල් ලෙලි තියෙන්නේ කුණුගොඩවල් වලට දාපුවා නේ? අන්න ඒ කිසි එකකුත් අපිට වැඩක් නෑ!!! ඒ කියන්නේ මේ අපි, අපේ එදිනෙදා ජීවිතවලදී හිතන / කියන / කරන මහා හුඟාක් දේවලුත් මේ ණිවන් අවබෝධකිරීම / ජීවිතය අවබෝධකිරීම කියන දේට අදාළ නෑ!!! හැබැයි, කෙහෙල් ලෙලි තියනවා තැන තැන දාපු, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන... අන්න ඒ සංස්ඛාර, නැත්නම් 'නැවත නැවතත් සන්කතයක්ම හදාදෙන්න හේතුවෙන සංස්ඛාර' කියන ටික තමයි අපිට දුකින් නිදහස් වීමට බලපාල තියන එකම ප්‍රශ්ණය!!!

ඔය 'සන්කතයක්' කියන්නේ මොකද්ද කියල බැලුවොත්, අර bedini මහත්තය හොයාගත්ත විදියට මෝටරයක් හදල, ඒක පැත්තකින් තියල තිබ්බ කියල මොකුත් වෙන්නේ නෑ. පොඩි තල්ලු start එකක් දුන්නම තමයි වැඩ පටන් ගන්නේ. ඒක ආරම්භය කියල ගත්තොත්, එවෙලේ ඉඳල මෝටරේ කරකැවි කැවී තියනවා එක්කෝ, මොනවා හරි ආබාධයක් හැදිලා නවතිනකම්!! එහෙමත් නැත්නම්, ගෙවිලා ගෙවිලම ගිහින් කැඩිලා නවතිනකම්!! එතනින් ඒ මෝටරේ කතාව ඉවරයි!!! පටන්ගත්ත... කාලයක් පැවතුන... නතර උන... මෙන්න මේ වගේ තමයි අපෙත්!! හැබැයි, අපිව හදල ඉවරවෙලා 'කරකවන' කතාවක් නෑ... අපි වැඩකරන්න, නැත්නම් 'කැරකෙන්න' ගන්නේ හැදෙන්න පටන්ගන්නකොට මයි!! ඔය 'කරකැවෙන්න' පටන්ගන්නේ කොහොමද කියලනේ කවුරුවත් හරියට නොදන්නේ... කොහොම හරි, උදේට උදේට අම්ම, 'ඕක්...' 'ඕක්...' ගාන්න ගත්තම තමයි 'පටන්ගත්ත' බව දැනගන්න ලැබෙන්නේ!! එතන ඉඳලා ටිකෙන් ටික හැදිලා, මෙලොවට බිහිවෙලා, ලොකුමහත් වෙලා, ටිකෙන් ටික වයසට ගිහිල්ල, අන්තිමේ මැරෙනවා!! වැඩසටහන ඉවරවෙනවා!! එච්චරයි!! වෙන අමුතු දේවල් මොකුත් වෙන්නේ නෑ, මෝටරේ වගේමයි... 'මොකුත්' යන්නෙත් නෑ!!! 'යන්න' මොකුත් ඇත්තෙත් නෑ!!! sure නෑ නේ??

Wednesday, October 19, 2011

අපේ මේ ඇඟවල් වල, එහෙමත් නැත්නම් මේ සත්වයින්ගේ අභ්‍යන්තරයේ සිද්ධවෙන කතාන්දරය මේකයි කියල හරියටම පෙන්වන්න නම් ගන්න තියන උදාහරණය electrical generator එක තමයි. ඒ ටික ලිව්වා කලින් කරපු thread එකේදී. හැබැයි ඉතින් ඒක හරියන්නේ electrical engineering කරපු, ඒවාට interest එකක් තියන උදවියට තමයි!! දැන් තියනවා ඊට වඩා පැහැදිලි උදාහරණයක්... ඒක ඇවිල්ල මෝටරයක්!! a motor!! හරියටම කිව්වොත්, bedini motor කියල තමයි කියන්නේ!! ඒක මේ මෑතකදී තමයි හදල තියෙන්නේ. හැබැයි මෑතකදී හැදුවට එතනත් ක්‍රියාත්මක වෙන්නේ, කල්ප ගණනක් තිස්සේ සැරින් සැරේට ලෝකයේ බුදුවරු පහලවෙලා හෙළිදරව් කරගත්තු, ආයේ කාලයක් යනකොට කාටවත් අහන්න / දකින්න නොලැබෙන විදියට ලෝකයෙන් අතුරුදහන් වෙලා ගිය, 'විඥාණය උපකාරයෙන් නාමරූප පවතිනවා... නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතිනවා...' කියන ස්වභාවික සංසිද්ධියම තමයි!!! ඉතින් දැන් 'නාමරූප' කියපු ගමන් හොල්මං වෙන්න ඕනේ නෑ!! 'විඥාණය' කිව්වට හොල්මං වෙන්න ඕනෙත් නෑ!! මම කතන්දරේ දන්න නිසයි කියන්නේ... ඔයාලට තියෙන්නේ මොකද්ද මේ කියන්නේ කියල බලාගන්නයි.

අද කාලේ 'මෝටර්' කියන එක ගැන නොදන්න කවුරුවත් නෑ නේ... අපිට ඒකෙ ඇතුලට බහින්න උවමනාවක් නෑ!! මෝටරයකට විදුලිය සැපයුවහම ඒක කැරකෙන්න ගන්නවා... සපයන විදුලි බලය අඩු වැඩි කරනකොට ඒකෙ වේගයත් අඩු වැඩි වෙනවා... අන්න ඒ වගේ බොහොම චුට්ටක් චුට්ටක් දේවල් විතරයි දැනගන්න ඕනේ!! අපි මේ මතෘකාවේදී පුළුවන් තරම් සරල වෙන්න ඕනේ!!! නැත්නම් පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැරි කතාව මෙතනදීත් බලපානවා!! මහා ලොකුවට හිතන්නේ නැතුව, ඔය වෙසක් කාලෙට බුදුරැස් මාලාවල් කරකවන්න ගන්න පොඩි motor එකක් හොයාගත්තා නම්, මේ කියන ටික කරලම බලාගන්නත් තිබුනා!! ඒ මෝටරයකට බැටරි කෑල්ලක් ඇල්ලුවොත් කැරකෙන්න ගන්නවා... බැටරි කෑලි දෙකක් ඇල්ලුවොත් ඊට වඩා වේගයෙන් කැරකෙනවා... බැටරි කෑලි තුනක් ඇල්ලුවොත් වේගේ ඊටත් වැඩියි... අන්න ඒ විදියට සපයන විදුලි බලයට අනුව කැරකෙන වේගය අඩු-වැඩි වන බව දැනගන්න පුළුවන්!! ඊළඟට සාමාන්‍යයෙන් මෝටරයක් නම් කරන්ට් එක දුන්නම කැරකෙනවා මිසක්, වෙන මොකවත් වෙනවා  කියල හිතෙන්නේ නෑ නේ?? ඒත්, ඔයාල මේ මෝටරයට පොඩි විදුලි බුබුලක් අල්ලලා (tourch bulb) මෝටරය අතින් කරකැව්වොත්, විදුලි බුබුල දැල්වෙන හැටි දකින්න පුළුවන් වෙයි!! ඒ විදුලි බුබුලේ ආලෝකය, මෝටරය අතින් කරකවන වේගය අනුව අඩු-වැඩි වන බවත් තේරේවි!!! ඉතින්, මොකද්ද මේ වෙන්නේ?? සාමාන්‍යයෙන් විදුලි බුබුලක්, මෙතැනදී නම් tourch bulb එක, දැල්වෙන්නේ ඒකට විදුලි බලයක් ලැබුණු හන්ද නේ... ඒ කියන්නේ, අපි මෝටරය අතින් කරකවන කොට, ඒකෙන් විදුලිබලයක් නිපදවලා තියනවා!! පැහැදිලියි නේ??

මේ සිදුවීම බොහොම ස්වභාවික එකක්!! ඒ ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් වෙන්නේ මෙහෙමයි... අර කලින් උදාහරණ කිහිපයකින් කිව්ව වගේ, විදුලිය / විද්‍යුතය කියන්නේ ස්වභාවධර්මයට අයිති, ස්වභාවික දෙයක්!! ඒ වගේම, චුම්බක බලය / චුම්බකත්වය (කාන්දම්) කියල තව සංසිද්ධියක් මේ ලෝකේ තියනවා... ඒකත් ස්වභාවික දෙයක්!! ඊටත් අමතරව, ඔය ස්වභාවික සංසිද්ධි වලටම අදාළ තව සම්බන්ධතා දෙකකුත් තියනවා මෙන්න මේ විදියට. එයින් පලවෙනි එක තමයි, යම් සන්නායකයක් දිගේ විද්‍යුතයත් ධාරාවක් ගමන් කරන කොට, ඒ සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගීම!! දෙවැනි එක තමයි, චුම්බක ක්ෂේත්‍රයක් හරහා යම් සන්නායකයක් ගමන්කරන විට, එම සන්නායකයේ ධාරාවක් ගැලීමට පටන් ගැනීම!! මෝටරයට අපි විදුලිය සපයනකොට, ඒ ධාරාව මෝටරය ඇතුලේ සන්නායක දඟර තුලින් යද්දී ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රයේ ආකර්ෂණ / විකර්ශන ක්‍රියාවලියෙන් මෝටරය කරකැවෙනවා... අපි මෝටරය අතින් කරකැව්වාම, මෝටරය ඇතුලේ පවතින චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන්කරන සන්නායක දඟර වල උපදින (ප්‍රේරණය වන) ධාරාව මෝටරයෙන් එලියට එනවා... ඔන්න ඔච්චරයි වෙන්නේ!!

දැන්, චුම්බකත්වය සම්බන්ධ කොටස ටිකකට අමතක කරන්න... ඒ ටික තියෙන්නේ මෝටරය ඇතුලේ නේ!! අපි එළියෙන් දකින්න තියන කාරණා ගැන බලමු!! මේ මෝටරය කරකැවෙන්න නම් ඒකට අපි විදුලිය සපයන්න ඕනේ... හරි නේ?? ඒත්, අපි විදුලිය සපයන්නේ මොකටද?? මෝටරය පොඩ්ඩක් අතින් කරකැව්වා නම්, ඒකෙන්ම අවශ්‍ය විදුලිය හැදෙනවා නේ? එහෙම නේද?? ඊළඟට ඒ විදුලියෙන්ම මෝටරය කරකැවෙන හන්ද, අපි ආයි කුරුගාන්න ඕනේ වෙන එකක් නෑ... ඒක ඔහේ දිගටම කරකැවී කැවී තියේවි නේ? මොකද හිතන්නේ?? හුඟාක් උදවිය කියන්නේ, 'ඒක වෙන්නේ නෑ... එහෙම වෙන්න බෑ...' කියලයි!!! ඒත්, ඒක එහෙමමයි වෙන්නේ!!! (Internet එකේ ඕනේ තරම් උදාහරණ තියනවා... ඕනේ කෙනෙකුට බලල, සැක හැරගන්න පුළුවන්!!) හැබයි, අපි සාමාන්‍ය මෝටරයක් අරගෙන ඒක අතින් කරකැව්වා කියල ඒක ඔය විදියට දිගටම වැඩකරන්න ගන්නේ නෑ!!! ඒකට 'විශේෂිත ආකාරයකට' මොටරයේ අභ්‍යන්තර පරිසරය සකස්වෙන්න ඕනේ!!! මම අර ශීතකරණ A/C ගැන කියපු වෙලෙත් කිව්වේ, 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච පරිසරයක් තියෙන්න ඕනේ!' කියල... මෙතනදීත් අන්න ඒ වගේමයි!! ඒ කියන්නේ, එකක් අනිකට උපකාර වෙමින් දිගින් දිගට පවතින (feedback loop) විදියට සකස්වෙච්ච සංවෘත පරිසරයක් තියෙන්න ඕනේ!!! එහෙම තත්වයක් තියන තැනක මොනවා හරි ක්‍රමයකින් 'ආරම්භය' සිදුකලොත්, ආයේ කතාකරන්න දෙයක් නෑ... නතර කරන්න 'සෑහෙන නෑමක්' නාන්න වෙනවා!!! මේ අපි හැමෝටමත් වෙලා තියෙන්නේ ඒකමයි!!! මේ ඇඟවල් හැදිලම තියෙන්නේ වැඩේ 'ඇනෙන' විදියටයි... ඒකයි අපි මෙහෙම ඉපදිලා ඉන්නේ!!!

මෙතැනදී මම bedini motor එක උදාහරණෙට ගත්තේ, කරකැවෙන්නේ නැතුව නතරවී තියන එකක් අතින් පොඩි තල්ලුවක් දාපු ගමන් කරකැවෙන්න පටන් අරන්, එන්න එන්න වේගය වැඩිවෙලා, පරිසර සාධක අනුව යම් නියත වේගයකින් නොකඩවා දුවන්න ගන්න හැටි ඕනෙම කෙනෙකුට දකින්න පුළුවන් නිසයි... එහෙම කරකැවෙන්න පටන් ගත්ත එකක් මොකක් හරි ක්‍රමේකින් නැවත්තුවොත් මිසක්, නැත්නම් ඒක ගෙවිලා කැඩිලා යනකම්ම නතරවීමක් නෑ!! මේ 'අපි'ලගෙත් එහෙම්මමයි!!! ඉතින්, දැනට නම් අපිට අවශ්‍ය වෙන technical කෑලි මෙච්චරයි... ඊළඟට අපි ඔය දැනගත්ත දේවල් ටික, අපේ ජීවිත වලට බලපාල තියන හැටි බලමු!! මේ සේරම කියල දීල තියෙන්නේ බුදුරජාණන්වහන්සේ මයි!!! වෙච්ච එකම අවුල ඔය කාටවත් මේවා නොපෙනිච්ච / නොතේරිච්ච එක විතරයි!!!

Saturday, October 15, 2011

අපේ ජීවිතවල technical පැත්ත ගැන මට මුලින්ම ඉඟියක් ආවේ, 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාව අහපු වෙලාවෙයි. ඒ දේශණාවේදී බුදුහාමුදුරුවෝ අපේ ඇඟවල් ගැන කියනවා, "ලොකුවට පේන්න තිබුණට, මේවයේ මොකුත්ම නෑ!!" කියල. මට එවෙලේම මතක් උනේ ඔය ශබ්ද විකාශණ යන්ත්‍ර පාවිච්චි කරලා වැඩ කරන තැන්වලදී හිටපු ගමන් 'හූ...' ගාගෙන ඇහෙන්න ගන්න සද්දේ (feedback එක) ගැන. ඔයාලටත් ඕනේ තරම් ඇහිලා ඇති... ඒත් ඉතින් කාටවත් ලේසියෙන් ඕව click වෙන්නේ නෑ!! දැන් ඔය feedback එකක් වෙන්න ගත්තම කන් කඩාගෙන යන්න තරම් සද්දෙයි... සමහර වෙලාවට උපකරණ වලටත් හානි වෙන්න තරම්!! හැබැයි සද්දය ඇති කරන කෙනෙක්, සද්දය ඇතිකරන දෙයක් නෑ!!! mic / speakers ලං උනොත් 'නාදේ' පටන් ගන්නවා... ඈත් කරපු ගමන් නැතුව යනවා!!! බුදුහාමුදුරුවොත් කිව්වා විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ... වෙන් උන ගමන් පැවැත්මක් නැතුව යනවා කියල!!! හැබැයි උන්වහන්සේ කිව්වේ, මේ ඇඟවල් වල mic හා speakers තියනවා කියල නෙවෙයි... මේ සත්වයන්ගේ කතාව එදා ඉඳලම එහෙමපිටින් technical. ඒත් සාමාන්‍ය මනුස්සයන් ඔය technical කෑලි මොකවත්ම දන්නේ නැති, ලෝකේ කොහෙවත් කියන්න / පෙන්නන්න උදාහරණයක් වත් හොයාගන්න නැති කාලයකයි උන්වහන්සේ වැඩසිටියේ!! ඉතින් උන්වහන්සේ ඒ කාලයට ගැලපෙන්න මේ technical දේවල් වල දකින්න තියන ලක්ෂණ අනුව ඒ ඒ දේවල් අඳුන්වල දෙන්න නම් යොදාගත්තා!!!

ඉතින් මේ ඇඟවල් වල සිද්ධවෙන දේ උන්වහන්සේ ඒ කාලේ කියන්න පුළුවන් විදියට තෝරලා දුන්නම, කට්ටියටම හිතුනේ විඥාණය කියන්නේ 'මං' වෙන්න ඇති... නැත්නම් 'මගේ ආත්මය' වෙන්න ඇති... එහෙම කියල!!! ඕක නේ කට්ටියම වැඩේ එහෙම්පිටින්ම අනාගත්තේ... බුදුහාමුදුරුවෝ කිව්ව දේ හරියට නොතේරුණා මිසක්, නැත්නම් කාටවත් ආයේ කතාකරන්නවත් මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! ඇත්තටම, මනස / සිත / විඥාණය / පංචුපාදානස්කන්ධය කියන ටිකේ සම්බන්ධය පෙන්වපු ගමන් ඔය මුළු කතාවම 'පට් පට් ගාල' තේරෙන්න ගනීවි!!! මං කලින් කාට හරි උත්තර දීපු එකක කිව්ව, 'මේ කියන්න / ලියන්න යන විදියට විඥාණය හම යනවා!' කියල. මොකද, ඔය කවුරු කවුරුත් බය වෙලා / තුෂ්නිභූත වෙලා ඉන්න, මේ ජීවිත වල ඇතුල්පැත්ත 'රෙද්ද ගලවල පෙන්නුවා වගේ' කලාම, හැමෝම ඇත්ත දකිනවා!!! එතකොට ඉතින් ආයේ කාටවත් යන්න තැනක් නැතිවෙනවා!!! වෙන්නේ නිවිලා යන එක, 'ණිවන් යන්න' විතරයි!!!

දැන් ඉතින් මෙන්න මෙහෙම case එකක් තියනවා... බුදුහාමුදුරුවෝ පෙන්වල දීපු මේ ජීවිතවල සිද්ධවෙන ඇත්තම ඇත්ත කතන්දරේ තනිකරම technical. අනික මේ ඇවිල්ල වැඩ කිහිපයක් එක සැරේ සිද්ධවෙන, සෑහෙන බරපතල එකක්!! ඒක පැහැදිලි කරන්න ගන්න තියන උදාහරණත් technical ඒවම තමයි... (මුළු කතන්දරේම අර කලින් කරපු technical explanation එකේ ඇති) හැබැයි මේ සිදුවීම් මාලාවේ වැදගත්ම හරිය සාමාන්‍ය උදවියටත් තේරෙණ උදාහරණ වලින් පැහැදිලි කලාම, තේරුම්ගන්න නම් අමාරු වෙන එකක් නෑ!! ඒ හන්ද මේක technical උදවියට කියල කිසිම විශේෂයක් නෑ!!! ඕනෙම පොඩි ළමයෙකුටත් තේරෙණ විදියටයි වැදගත්ම දේවල් ඔක්කොම ලියන්නේ!!! නැත්නම්, 'හැම එකාම ණිවන් දක්කනවා!!!' කියලම පටන්ගන්නේ නෑ නේ. අන්න ඒක හන්ද දැම්මම, 'අනේ අපි ඕව දන්නේ නෑ නේ...' ' අපිට ඕව තේරෙන්නේ නෑ නේ...' කියල එහෙම නම් කීයටවත් හිතන්න එපා!!! මේක මොලේ පොඩ්ඩක් හරි තියන, ඒ කියන්නේ ඇත්තටම නම් 'හැමෝටම' තේරේවි!!! මේක බුදුරජාණන්වහන්සේගේ කතාවක්!!! උන්වහන්සේගේ 'අනුත්තරෝ පුරිසධම්ම සාරථී' ගුණය උන්වහන්සේ වදාළ 'ධර්මයේත්' එහෙම්පිටින්ම තියනවා!!! බලන්නකෝ ඉස්සරහට යනකොට...

අපේ ඇඟවල් ඇතුලේ වෙන දේ පැහැදිලිකරන්න තියන හරියටම හරියන උදාහරණේ කිට්ටුවට යන්න පුළුවන්, ගොඩ දෙනෙක් දැකල හරි තියන පොඩි උදාහරණ දෙකක් තමයි අර කලින් ගත්තේ. ඒකෙ, ස්ඵටික (crystals) ගැන මෙතැනදී සඳහන් කලේ, විදුලිය කියන දේ මේ ගල් කැළි වගේ ඒවයෙත් තියන ස්වභාවික දෙයක් බව පෙන්වන්න!! මොකද නැත්නම් මේ අපේ ඇඟවල් වලටත් විදුලිය සම්බන්ධයි කිව්වම, නොදන්නා අයට ඒක විහිළුවක් වගේ වෙන්න ඉඩ තියනවා. ඊළඟට, එයින් කෑල්ලක හැඩය වෙනස් කලොත් (තැලුවොත්) current එක හැදෙනවා... ඒකට current එක දුන්නොත් හැඩය වෙනස් වෙනවා... 'ඒක කලොත් මේක වෙනවා... මේක කලොත් ඒක වෙනවා...'  කියන එකට, 'විඥාණ - නාමරූප' කෑල්ලක් දැම්මේ, ඔතනදි නම් හරියටම ගැලපෙන්නේ නැතත්, බුදුහාමුදුරුවෝ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියල කිව්වේ, 'මේ දෙය' (නැත්නම් A කියමු) හන්ද 'මේ දෙය' (නැත්නම් B කියමු) පවතිනවා... 'මේ දෙය' (B) හන්ද 'මේ දෙය' (A) පවතිනවා... කියන එකට නිසයි!!! සියලු ලෝක සත්වයින් හට 'ණිවන් අවබෝධ කිරීම' මහා 'ඇණයක්' උනේ, මේ 'A' මොකද්ද 'B' මොකද්ද කියල දන්නේ නැති නිසයි...
   
fridge, A/C ගැන උදාහරණයේදී, අර 'විශේෂයෙන්ම සකස් වෙච්ච පරිසරයක්' කියපු එකයි, ඒ පරිසරය ඇතුලේ එකම දෙයක් දිගින් දිගට කරනකොට හැදෙන ඵල (fridge, A/C වලදී නම් සීතලයි රස්නෙයි) දිගින් දිගටම වැඩිවේගන වැඩිවේගන යනවයි කියන එකයි තමයි මේ සත්වයන්ගේ කතාවට අදාළ අනික් කරුණු දෙක. බුදුහාමුදුරුවෝ කිව්වා, ණිවන් අවබෝධ කරනවා... ජීවිතය අවබෝධ කරනවා... කියන්නේ, මේ මනස / සිත / විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය, ඒ කියන්නේ බුදුරජානන්වහන්සේ 'ලෝකය' කියල හඳුන්වල දුන්න මේ ඇඟ සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්න එකටයි!!! කියල. ඔතනදි මනස / සිත / විඥාණය කියන ටික මහා බරපතල කතන්දරයක් කියල හිතුනට, 'තමන්' ඇත්තෙත් ඒ ටිකේ වෙන්න ඇති කියල හිතුවට, ඇත්තම කතාව, මනස (මොලය) කියන ආයතනය ඇතුලේ සිත (විද්‍යුතය) හා විඥාණය (චුම්බකත්වය) අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මකව පැවතීම විතරයි!!! ඒ ස්වභාවික ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි, බුදුහාමුදුරුවෝ 'උපාදානය' කියල හඳුන්වපු, record වෙන ගතිය සහ 'සංස්ඛාර' කියල හඳුන්වපු, ඒ ක්‍රියාකරිත්වයටම ඉදිරි ක්‍රියාකාරිත්වය පාලනය කිරීමේ හැකියාව!!! ඔන්න ඔච්චරයි මේවයේ තියෙන්නේ... වෙන මොකවත්ම නෑ!!!

ඔයාල හැමෝටම කාපුවා / බීපුව, අනික් එවුන්ට බැනපුව / බැනුම් අහපුව, පින්තුර බලපුවා, ඉගෙන ගත්තු දේවල් වගේ හැම එකක්ම 'මතක හිටින්නේ' ඔන්න ඔය record වෙන ගතිය (උපාදානය) නිසා තමයි!! ඊළඟට, මේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමේ හැකියාව (සංස්ඛාර) නිසා තමයි ඔය චේතනා පහල කරලා ඒ කියන්නේ හිතල, නොයෙකුත් දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන් වෙලා තියෙන්නේ!! ඔය විදියට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච එකෙන් ප්‍රපංච ඇතිවන විදියට, නැත්නම් කෙලෙස් ඇවිස්සෙන විදියට දිගින් දිගට කල්පණා කරපු වැරැද්දෙන්, කොටින්ම කිව්වොත් 'පිස්සු කෙලිල්ලෙන්' තමයි  'භවය'ක් සකස් වුනේ... ඉස්සරහට 'භවය'ක් සකස් වෙනවා නම් සකස් වෙන්නෙත් 'පිස්සු කෙලියොත්' විතරයි!!! උඹල දැන් 'පිස්සු කෙළියට' තව ටික කලක් යනකොට 'පිස්සු කෙලින' එක එහෙම්පිටින්ම නවතීවි!!! එතකොට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේ... හැබැයි, මේ කරුණු මොකවත්ම තේරෙන්නේ නැති තරමේ මෝඩයෝ හිටියොත් විතරක්, දිගටම පිස්සු කෙලීවී!! මට ඒ වගේ උදවිය ගැන කණගාටුවෙනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නෑ!!! මට නෙවෙයි... මයිත්‍රී බුදුහාමුදුරුවෝ වැඩියත්, උන්වහන්සේටත් කණගාටුවෙනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැතිවෙයි!!!

තා එකක්, බුද්ධදේශණා වලදී කියවෙනවා, සරලවම කිව්වොත්, හිත බැහැගත්තොත් (අජ්ජෝසාය චිත්තං උනොත්) විඥාණය පැලවෙනවා! කියල එකක්. දැන් අපි වැඩකට බහිනවා, බැහැල වැඩ, කියල එහෙම කියන්නේ එකම දෙයකට යොමුවෙලා, ඒකම කරනවට නේ? ඊළඟට පැලවෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මුලින් මොකුත් නෑ... පස්සේ පොඩියට මුල් / කොළ හැදෙනවා... ඊළඟට මහා රූස්ස ගස් වගේ හැදෙනවා කියන එකට නේ? පේන්න මොකුත්ම නැතුව තිබිල ටිකෙන් ටික වර්ධනය වෙලා, මහා විසාල එකක් වෙනවා කියන එකට නේ? ඉතින් එතැනදී බුදුහාමුදුරුවෝ අදහස් කලේ, fridge A/C වල, එකම ගෑස් ප්‍රමාණයක් දිගින් දිගට පීඩන වෙනසට ලක් කලාම, cool එක එන්න එන්න වැඩිවෙනවා වගේ, එකම දේ හිත හිතා ඉන්න එකෙන් (විද්‍යුතය වැඩි කිරීමෙන්) විඥාණයත් (චුම්බක ක්ෂේත්‍රය) වැඩි වෙනවා කියලයි!! ඒක ඉතින් හුඟ දෙනෙක් දන්නවා නේ... (නැත්නම් විද්‍යාඥයෝ කියපුවයින්ම හොයා ගන්නකො) current flow එක වැඩි වෙන්න වෙන්න, field එක build-up වෙනවා තමයි!! බුදුහාමුදුරුවෝ ඒක දැනගත්තේ මීට අවුරුදු 2600 ගණනකට කලින්!!! ඉතින් උන්වහන්සේ electro-magnetic field එකක් ගැන කියපු එකට අපේ ගෝතයෝ හිතල තියෙන්නේ, ඒ 'මං' වෙන්න ඇති... කියල!! උන්ට, බාගෙට එහෙම නෙවෙයි, එහෙමපිටින් පිස්සු!!! උන්ට විතරක් නෙවෙයි... උඹලටත් පිස්සු!!! තියනවා වගේ පෙනුනට, මේ ඇඟවල් අස්සේ මොකුත් නෑ!!!

බර වැඩියි බර වැඩියි වගේද?? ගණන් ගන්න එපා! මෙයාල... තව ඉස්සරහට යනකොට ඇල්වතුරත් නිවල තියෙන්නේ!!!

මේ ස්වභාවිකව හැදිච්ච ස්ඵටික (crystals), සත්වයෝ, ඔක්කොම ලෝකයේ පවතින්නේ මහා හුඟාක් කල් ඉඳල!!! මේ ජීවිතවල සත්‍ය කතාව අපිට මහා අරුම පුදුම, හිතාගන්න බැරි දෙයක් උනාට, බුදුහාමුදුරුවෝ සේරම අවබෝධ කරගත්තේ මේ තාක්ෂණික යුගයේ මිනිස්සු ඒවා ගැන හොයල දැනගන්න ගොඩාක් කලින්!!! තව ටික දවසකින් මං ඔයාලත් ඔය ඔක්කොම කියල දෙනවා!!! එතකොට ඔයාලත් සේරම දැනගනීවි!!! එතකොට 'මෝඩයෝ' කියල ජාතියක් නැතුව යනවා!!! උං ලෝකය දැනගත්ත, තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත, හොඳ 'superb පොරවල්' බවට පත්වෙනවා!!! උං ආයේ කොහෙවත් යන්නේ නෑ... පිරිණිවන් පානවා!!!

Friday, October 14, 2011

මේ... ඉතින් ඔය crystals කියන්නේ අද ඊයේ හැදිච්ච මොකවත් නෙවෙයි!! ලෝකේ හැදිච්ච කාලේ ඉඳලයි එව්වා තියෙන්නේ!!! එයින් කෑල්ලක් තැලුවහම current එකක් හැදෙන එක... ආයි, එයින් කෑල්ලකටම current එක ඇල්ලුවොත් ඒකෙ හැඩය වෙනස් වෙන එක... මෙන්න මේවත් එදා ඉඳලම වෙන දේවල්. මේවා කවුරුවත් කරන දේවල් නෙවෙයි!!! ස්වභාවධර්මයට අයිති ස්වභාවික සංසිද්දී!!! එකපාරට හිතාගන්න බැරි සිදුවීම් උනාට, ඒවගේ දේවල් ගැන පුදුම වෙන්නවත් කලබල වෙන්නවත් එපා!!! මේ ස්වභාවධර්මයේ අපි දන්නා දේවල් හරි චුට්ටයි... අන්න ඒකයි අපිට ඕවා මහා ලොකු දේවල් වගේ පේන්නේ!!! මේ මනුස්ස අපෙත්, 'සත්වයෝ' කියල හඳුන්වන, විශ්වයේ කොහේ කොයි දීපන්කරේක ඉන්න එකෙක්ගේ උනත් 'කය' සම්බන්ධයෙන් තියෙන්නෙත් තනිකරම විදුලිය / විද්‍යුතය නැත්නම් current එක සම්බන්ධ කතාවක්!!! current එක කිව්වමත් කෘතීම දෙයක් කියල හිතුනට, බල්බ් / ස්විච් / වයර් වගේ ඒවා කල්පණා උනාට, විදුලිය / විද්‍යුතය නැත්නම් current එක ස්වාභාවික දෙයක්!!! විදුලි කොටනවා, විදුලි ආඳ වගේ දේවල් කොච්චර තියනවද??? දන්නේ නැති හන්දයි සේරම අවුල්!!! නමුත් බුදුරජාණන්වහන්සේ ඔය සේරම අවබෝධ කළා!!!

බුදුරජාණන්වහන්සේ දන්නවා මේ සත්ව ජීවිත හටගත්තට පස්සේ, ඒ සත්වයන්ට විඳවන්න වෙන විඳවිල්ල!!! හටගත්තොත් ඒ දුකෙන් කිසිම ගැලවීමක් නැතිවෙන බව හොඳටම තේරුම්ගත්ත හන්දයි උන්වහන්සේ මේ හටගැනීමට හේතුව හෙව්වේ!!! ඉතින් උන්වහන්සේ හොයල හොයල මුළු කතන්දරේම දැනගත්ත!!! හැබැයි ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! ඉතින්, 'මෙලෝ යකෙකුට මේක කිව්වට තේරෙණ එකක් නෑ නේද?' කියල, බුදුරජාණන්වහන්සේ හොඳින්ම තේරුම්ගත්ත!!! මොකද මේ සත්වය කියන එකා ස්වභාවයෙන්ම මෝඩයි!!! හරිම පෙරේතයි!!! ඒත් මේ දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කරගන්න තෙක් උන් විඳින දුක දැක්ක බුදුරජාණන්වහන්සේ, උන්ට ක්‍රම ක්‍රමයෙන් හරි අවබෝධය කරා යන්න වැඩපිලිවෙලකුත් හදල දුන්න!!! ඒකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වේ. හැබැයි මේ මාර්ගයේ යන්න හරි අමාරුයි... බොහොම සුළු පිරිසයි ඒකෙ ගිහින් ගොඩ යන්නේ!!! ගඟක් දිගේ මුහුදට ගහගෙන යන 'කොට' වලින් කොටසක් මිනිස්සු ගොඩට ඇදල ගන්නවා... තව කොටසක් දෙපැත්තේ ගං ඉවුරු වල හිර වෙනවා... තව කොටසක් මගදී දිරල, කුණුවෙලා යනවා... ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මුදට වැටෙන්නේ බොහොම චූට්ටයි කියල බුදුහාමුදුරුවෝ මේ බව පෙන්නලා දුන්න!!!

දැන් නම් මේ 'කොටන්' සේරම වගේ ගඟේ දෙපැත්තේ ඉවුරුවල හොඳටම හිර වෙලා තියෙන්නේ... කට්ටියම සීලය බදාගෙන මැරෙන්න යනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ සිත / කය / වචනය සංවර කරගන්න කියල...  තම තමන්ගේ ඒවා!!! ඒත්, මුං යන්නේ අනුන්ගේ ඒවා සංවර කරන්න... ලෝකේ හදන්න!!! කියපු දේ ඒ විදියට කෙරෙන්නේ නෑ... ඉතින් මේ ඉන්න එවුන්ගෙන් 99% ගොඩ යන්නේ නෑ!!! ඉතුරු එවුන් ටිකත් සිල් රැකගෙන රැකගෙන රැකගෙන රැකගෙන යනවා... එකෙක් වත් එතනින් එහාට යන්නේ නෑ!!! ඉතින් උන් ටික ගොඩ යන්නෙත් නෑ!!! බැලුවම මොකෙක් වත් ගොඩ ගිහින් නෑ... ලොකු සද්දයක් දාල විතරයි!!!

සීලය ආරක්ෂා කරගන්න උවමනා වෙන්නේ, සීලය තටු ගැසීම සහ මේ සත්වයෝ අහසේ පියාඹ පියාඹ ඉන්න කුරුල්ලෝ කියල හිතුවොත්, තටු ගහන්නේ නැතුව උඩ ඉන්න බැරි හන්දයි!!! හරියට helicopter එකක් උඩට උස්සල propeller එක (fan එක කියමු) නවත්තන්න බෑ වගේ, සත්වයා හතර අපායට නොවැටී ඉන්න නම් පින් කර කරම ඉන්න ඕනේ!!! ඒ උනාට ණිවන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් සදහටම මිදෙන්නට නම්, සීලයෙන් සමාධියට යන්න ඕනේ... ඒ සමාධියෙන් ප්‍රඥාවට යන්න ඕනේ...  ප්‍රඥාවෙන් සිත දියුණු කරලා... කරලා... කරලා... තමයි 'නිවණ' අවබෝධ කරගන්න තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත් ඵලයි මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත් ඵලයි මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි. දන්නේ වත් නෑ නේද ඔය මොකවත්??? බයවෙන්න එපා... දැන් ඉතින් වැඩේ තියෙන්නේ මගේ අතේ වගෙයි!!! අමාරුයි අමාරුයි කිව්වට, ණිවන් දකින්න අමාරු නෑ!!! කොච්චර භයානකයි කිව්වත්, ඔය උදවියට මේ සංසාර දුක කියන භයානක ප්‍රශ්ණේ තියෙන්නේ තව බොහොම සුළු කාලෙකට විතරයි!!!
ඔන්න දැන් පොඩි කතන්දර දෙකක් කිව්වා... එකක් ස්ඵටික එහෙම නැත්නම් crystals ගැන! අනික fridge, A/C වල සිද්ධවෙන දේ ගැන! ඉතින්, 'මොන මගුලකට මේ කෙහෙල්මල් ගැන කියනවද?' කියල කාටවත් හිතුනේ නැද්ද??

බුදුරජාණන්වහන්සේ ලෝක විදූ!!! උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත හන්දයි එහෙම කියන්නේ!!! දවසක් උන්වහන්සේ ශ්‍රාවක සංඝ පිරිස සමග ඇට්ටේරියා වණයකට වැඩිය වෙලාවේ, බිමට වැටිල තිබිච්ච ඇට්ටේරියා කොළ අහුරක් අතට අරන්, ශ්‍රාවක සඟ පිරිසගෙන් ඇහුව, "මගේ මේ අතේ තියන කොළ ප්‍රමාණයද? කැලේ තියන කොළ ප්‍රමාණයද වැඩි?" කියල. එතකොට ශ්‍රාවක සඟ පිරිස උත්තර දුන්න, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, කැලේ තිබෙන කොළ ප්‍රමාණය ගැන හිතුවම, අතේ තියෙන්නේ බොහොම ස්වල්පයක් නෙව" කියල. අන්න ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ උත්තර දුන්න, "ඔව් මහණෙනි, මා විසින් අවබෝධ කරගත් දේ අර කැලේ තියන කොළ ප්‍රමාණය හා සමානයි... එයින් මා ඔබලාට කියා දුන්නේ මෙන්න මේ අතේ තියන කොළ ප්‍රමාණය තරමේ ඉතාමත් ස්වල්පයයි!! හැබැයි ඒ ස්වල්පයේ, ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය සියල්ල තියනවා!!" කියල.

ඉතින්, ඇයි මේ වෙනකම්, අන්න ඒ චුට්ටවත් තේරුම්ගන්න බැරි උනේ???

ඇත්තටම ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු බොහොම ටිකයි... සිත / මනස / විඥාණය / පංචුපාදානස්කන්ධය / භවය / කර්ම / පුනර්භවය / සංස්ඛාර වගේ වචන බොහොම ටිකයි අපිට උවමනා වෙන්නේ!!! සුවාසූදහසක් ධර්මය අහන්න එක එක හාමුදුරුවරු පස්සේ ලෝකේ වටේ දිව්වට, 'හොඳ වෙලාවට' ඔය වචන මොකක්වත් කාටවත් තේරිලා නෑ!!! ඉතින් කොහේ ණිවන් දකින්නද???

එක අතකට, මේ දැන් කාලේ එවුන් ගැන මොනවා කතාකරන්නද? බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉන්දැද්දීත්, එක පණ්ඩිත සංඝයෙක් මහා ලොකුවට කියාගෙන කියාගෙන ගියා 'මට තේරුණා... මට තේරුණා... මේ එකම විඥාණයක් මයි භවයෙන් භවයට ගමන් කරන්නේ...' කියල. එදා ඉඳල වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු දේ තම තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගැනීම!!! සමහරු හිතනවා 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නෙත් තමන්ට තේරෙණ තේරෙණ විදියට තේරුම් ගනිල්ලට කියල... ඉතින් ඔහොම කරගෙන කරගෙන ගියාම, ගොඩාක් දේවල් අවබෝධ වෙනවා, නිවණ හැරෙන්න!!! !!! !!! ඔන්න ඕකයි අද හුඟාක් එවුන්ට වෙලා තියෙන්නේ.

මේ කාරණාවේදී, එහෙම තම තමන්ට ඕනේ විදියට කරුණු තේරුම් අරන් බෑ!!! බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ, උන්වහන්සේ කියා දීපු විදියටම තේරුම් ගන්න ඕනේ!!! අන්න ඒකට, මොනවා ගැනද මේ බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ!!! මේක hi-tech මාතෘකාවක්!!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ මේ කියල තියෙන්නේ, අද තියන තාක්ෂණය නෙවෙයි, තව අවුරුදු 2500කට වත්  විද්‍යාඥයොන්ට හොයන්න හම්බවෙන්නේ නැති තරම් අධි තාක්ෂණික කතාවක්!!! ඒක, මස් කෑල්ලක් / අරක්කු පොදක් කටේ නොතිය, සිල් රැක රැක, පින් කර කර හිටියට අවබෝධ වෙන කෙහෙල්මලක් නෙවෙයි!!! තනිකරම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තියන දෙයක්!!! ඒකයි සිල් රැක රැක ඉන්න උදවිය තාම දණගගා බඩගගා ඉන්දැද්දී අපි සේරම වැඩ ඉවර කරගන්නනත් හේතුව!!

මේ යන්නේ ප්‍රඥාවෙන් අවබෝධය කරා යන ගමනක්. මේකේ success rate එක 99.99 කියල කිව්වෙත් sure results හන්දයි!!! හැබැයි technical කරුණු පොඩ්ඩක් පොඩ්ඩක් දැනගන්නම වෙනවා... dictionary එකකින් අමාරු වචන බලාගන්නවා වගේ, 'බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න මේවා ගැනයි!!' කියල පෙන්වල දෙන්නයි ඔය crystals, fridge & A/C වල සිද්ධාන්ත ගැන කිව්වේ!! තව දුරට යනකොට හොඳට පැහැදිලි වෙයි!!!

Wednesday, October 12, 2011

ස්ඵටිකයක් (crystal) තැලුවම විදුලියක් නිපදවෙනවා වගේම, තව ටිකක් අමුතු වැඩක් වෙනවා සමහර වායු වර්ග අධි පීඩනයකට ලක් කලාම, compress කලාම! එතකොට වායු අවස්ථාවේ තියන එක ද්‍රව බවට පත්වෙනවා... ඒ වගේම රත්වෙනවා, නැත්නම් තාපය පිට වෙනවා!! ඊට පස්සේ ඒ අධි පීඩනය යටතේ තියෙන ද්‍රවය නැවත සාමාන්‍ය පීඩනය ඇති පරිසරයට මුදා හැරියොත්, නැවත වායු බවට පත්වෙනවා!! ඒ වගේම තාපය උරා ගන්නවා... නැත්නම්, සීතල වෙනවා!! මෙන්න මේ ස්වභාවික සංසිද්ධිය තමයි ඔය ශීතකරණ වලට, වායු සමීකරණ යන්ත්‍ර වලට, යොදාගෙන තියෙන්නේ. අධි පීඩනයකට ලක් කිරීම හා නැවත සාමාන්‍ය පීඩනය මුදාහැරීම කියන කොටස මනුස්සයෝ හොයාගෙන, දියුණු කරලා හදාගත්තු දෙයක් උනාට, පීඩනය වෙනස් වෙද්දී රත්වීම / සිසිල්වීම තනිකරම ස්වභාවධර්මයේම සිදුවීමක්!!!

දැන් මෙතැනදී මම ශීතකරණ / වායු සමීකරණ (fridge, A/C) ගැන කියන්න යන්නේ නෑ!! කොටින්ම මේක තවත් technical කතාවක් නෙවෙයි!!! හැබැයි ස්වභාවධර්මයට අයිති, ස්වභාවිකව හැදිලා තියෙන දේවල් technical ද non-technical ද කියල කතාවක් නෑ... තමුනුත් ජීවත්වන ස්වභාවික පරිසරයේ තියෙන දේවල් ගැන තමුන්ට පොඩි හරි දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕනේ!! එහෙම කිසිම දෙයක් නොදැන උන්නොත් තමයි හිතෙන හිතෙන දේවල් කියන්න ගිහින් මෝඩයෝ වෙන්නේ!!! දැන්, මේ උදාහරණ ගැන කියන්නේ, බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු මේ සත්ව ජීවිතවල අභ්‍යන්තරයේ සිද්ධවෙන කතන්දරේ ගැන දැනගන්න / තේරුම්ගන්න, මේ කරුණු හුඟාක් වැදගත් හන්දයි!!! නොදන්න කම හන්ද සිදුවෙන වැරද්දක් හදන්න තියන එකම ක්‍රමය ඉගනගැනීම විතරයි!!! !!! !!! හොඳට බලාගන්න...

ඉතින්... මේ ශීතකරණ, වායු සමීකරණ වගේ ඒවා දැන් නම් හැමෝම වගේ දන්න උපකරණ නිසා, හුඟ දෙනෙක් ඒවා ගැන යන්තම් යන්තම් හරි දන්නවා ඇති කියල හිතනවා. නොදන්නා අයට පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියනවා නම්, මේවයේ තියෙන්නේ විශේෂ වායුවක් පුරවපු දිග බටයක්! හරියටම කියනවා නම්, ගෑස් leak වෙන්නෙ නැතිවෙන්න, පීඩනය අඩු වැඩි කරන්න පුළුවන් විදියට, කොටින්ම 'අවශ්‍යතාවයට ගැලපෙන විදියට සකස්කර ගත්තු සංවෘත (වැහිච්ච) පරිසරයක්!!' අධි පීඩනයට ලක් කරපු, රත්වෙච්ච ද්‍රවය තියෙන්නේ ශීතකරණයෙන් එළියේ කොටසේ. වායු සමීකරණයේ නම් කාමරයෙන් එළියේ තියන කොටසේ. ඒ රස්නය අඩුකරලා නිවාගන්නත් එක්ක තමයි ඒ පැත්ත හදල තියෙන්නේ. ඊ ලඟට ඔය අධි පීඩනයෙන් තියන රස්නය අඩුකරගත්ත ද්‍රවය, ශීතකරණයේ ඇතුල් පැත්තේදී හරි, වායු සමීකරණයේ කාමරය ඇතුලේ තියන කොටසේදී හරි, සියුම් සිදුරකින් මුදා හරිනවා පීඩනය අඩු කලාපයට. එතැනදී පීඩනය එක පාරටම අඩුවෙන කොට තාපය උරාගන්නා නිසා ඇතුල් පැත්ත සීතල වෙනවා! හරි නේ?? ඒ උනාට ඔය ටික මේ අපේ කතාවට එච්චර වැදගත් නෑ!!

දැන් ඔතන තියෙන, 'ඒ වැඩපිළිවෙල සිද්ධවෙන්න උවමනා විදියට හැදිච්ච / හදාගත්ත පරිසරයක්' කියන එක ඉතාම වැදගත්!!! ඊළඟට, ඔය පද්ධතිය ඇතුලේ තියෙන්නේ එකම ගෑස් ප්‍රමාණයක්... ශීතකරණය හරි වායු සමීකරණය හරි වැඩකරන තාක් වෙන්නෙ එකම දෙයක්!!! ඒ තියන ගෑස් ටිකම පීඩනය කරනවා... නිදහස් කරනවා... පීඩනය කරනවා... නිදහස් කරනවා... (compress & pressure release) හරි නේ?? ඒත් වැඩකරන්න වැඩකරන්න සීතලට මොකද වෙන්නෙ?? වැඩි වෙනවා! කියල දන්නවා නේද?? හ්ම්ම්... සීතල වෙන පැත්ත සීතල වේගන සීතල වේගන යනවා! රත්වෙන පැත්ත රත්වේගන රත්වේගන යනවා! සීමාවක් කියන්න බෑ!!! උපකරණය විනාශ වෙලා යනකම්ම ඔහොම වැඩිවෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ 'විඥාණය පැලවෙනවා!' කියල තෝරලා දුන්නේ, මෙන්න මේවගේම දෙයක්!!! (හැබැයි මේක නෙවෙයි!! ... ඉස්සරහට හරිම එක ගැන කියනවා)

ඇත්තටම මේ part එක ඕනේ කරන්නේ, 'බක පණ්ඩිත' කියන ගණයට අයත්වෙන උදවියට තමන්ට ඉදිමෙන්න පුළුවන් maximum limit එක මේකයි කියල පෙන්වන්න!! clipping limit එක define කරන්න!!! අමුම අමු මැට්ටෙකුට, අර 'මොලේ ≤ 0' උදවිය කියල කිව්වේ... අන්න ඒවගේ අයට හැරෙන්න, ඒ limit එකෙන් උඩට යන්න පුළුවන් උදවිය කවුරුවත් මේ විශ්වයේ නැති බව / ඉන්න විදියක් නැති බව, මොලේ යන්තම් හරි තියන හැමෝටම තේරේවි!!

Tuesday, October 11, 2011

ස්වභාවධර්මයෙන් හැදිච්ච 'ගල් ජාතියක්' තියනවා... මේවයින් චූටි කැට හැටියට පොඩියට කපල හදාගන්න කෑල්ලක් තැලුවොත්, ඒකෙන් සැහෙන ලොකු විදුලි බලයක් හැදෙනවා!! දන්නවද?? 'ගල් කෑලි තැලුවහම current එක හැදෙන්නේ කොහොමද?' 'පිස්සුද?' එහෙම නේද හිතෙන්නේ?? ඒ ඔයා දන්නේ නැති නිසා!! මේවට ඇත්තටම කියන්නේ 'ස්ඵටික' නැත්නම් crystals කියල. ස්වභාවිකව හැදෙන මේවයේ ලක්ෂණය තමයි, පීඩනයකට ලක් කලොත් විදුලි බලයක් නිකුත් වීම (piezoelectric behavior) සහ, ඒ හරහා විදුලි බලයක් යැව්වොත්, ඊට අනුරූපව හැඩය වෙනස් වීම!! හිතාගන්න බැරි උනාට, මේ ඔයාල හොඳට දන්න කියන උපකරණ වල භාවිතයට ගැනෙන දෙයක්.

ඔය ගෑස් ලිප් වල, grill වල, කරකවනකොට 'කටස් ගාල' සද්දයකුත් එක්ක ලිප / grill එක පත්තුවෙන්නේ... lighter එහෙමත් තියෙන්නේ... ඔබනකොට 'ටිකිස් ගාල' සද්දයක් එක්ක පත්තුවෙන. අන්න ඒවයේදී වෙන්නේ, ස්ප්‍රින් එකක් හයි කරපු මිටියක් වගේ එකකින් (spring-loaded hammer) crystal කෑල්ලක් තලන එක තමයි. එතකොට ඒකෙන් හැදෙන විදුලියෙන් පුළුවන් ගෑස් දල්වන්න සෑහෙන විදුලි පුළිඟුවක් (electric spark) හදාගන්න. අන්න ඒ පුළිඟුවෙන් තමයි ලිප හරි, grill එක හරි, lighter එක හරි, දැල්වෙන්නේ!! තව ඔය crystal කෑල්ලක්ම පාවිච්චි කරලා පුළුවන් අපේ කටහඬට හරි, වෙන වෙන සද්ද වලට හරි, අනුව විද්‍යුත් සංඥා හදල දෙන උපකරණ හදන්න. ඒවාට කියනවා crystal mic / crystal microphone කියල. ඔය පොඩි පොඩි පටිගත කරන යන්ත්‍ර වල, දුරකථන වල පාවිච්චි වෙන්නේ ඒවා තමයි.

ඊළඟට ඔය crystals වලම අනික් ලක්ෂණය වන විදුලිය සැපයුවාම හැඩය වෙනස් වීම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්, විද්‍යුත් සංඥා අපිට ඇහෙන ශබ්ද සංඥා බවට පත්කරන උපකරණ. මේවට කියනවා piezoelectric speaker / piezo tweeter එහෙම කියල. ඔය ඔරලෝසු වල බීප් සද්දේ එන්නේ... සමහර දුරකථන වල තියෙන්නේ... සංගීත උපකරණවල සියුම් සද්ද නිකුත් කිරීමට යොදාගන්නේ... අන්න ඒවා තමයි. මේ සේරම ඇවිල්ල ස්වභාවධර්මයේ නිර්මාණයක ගතිලක්ෂණ පාවිච්චිකරලා මනුස්සය හදපු දේවල්.

ඉතින් මෙන්න මේ ස්ඵටික වල සිද්ධවෙන ස්වභාවික සිදුවීම 'පූර්ණ ප්‍රත්‍යාවර්ථ' ක්‍රියාවක්!! හැඩය වෙනස් කලොත් (තැලුවොත්) විදුලි බලයක් නිපදවෙනවා!! විදුලි බලයක් සැපයුවොත් හැඩය වෙනස් වෙනවා!! තේරුණාද?? නිකම්, 'ඒක උනොත් මේක වෙනවා... මේක උනොත් ඒක වෙනවා...' ගතියක් තේරෙණවා නේද?? නිකම් හරියට 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' වගේ මොකක් හරි ගතියකුත් දැනෙනවද?? ඈ???       

Monday, October 10, 2011

ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ස්වාභාවිකවම සිද්ධවෙන දෙයක් ගැන දැනගන්න / ඉගෙනගන්න සිද්ධවෙලා තියෙන නිසා, අපිට ස්වභාවධර්මයට අයිති අරුම පුදුම නිර්මාණ හා අරුම පුදුම ක්‍රියාකාරිත්වයන් කිහිපයක් ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන ඉන්න වෙනවා!! මේවා අරුම පුදුම දේවල් කියල කිව්වෙ, නොදන්න කෙනෙකුට එකපාරට මේවා ගැන හිතාගන්න වත් බැරි වෙනවා!! මේ දේවල් ගැන පොඩ්ඩක් හරි ඉගෙනගෙන / දැනගෙන නොහිටියොත්, තියන අවුලක් ලිහාගන්න / නිරාකරණය කරගන්නවා වෙනුවට, නැති අවුල් හැදෙනවා... මනුස්සය කියන සත්වයාට, එහෙම නැත්නම් ඔබ තුමාට/තුමීට, එහෙමත් නැත්නම් උඹලට/තොපිට, ස්වභාවයෙන්ම උරුම වෙන මෝඩ කමයි පණ්ඩිත කමයි දෙකත් එකතු උනාම, 'නෑ! එහෙම වෙන්නේ කොහොමද?' 'එහෙම වෙන්න විදියක් නෑ!' 'උඹට පිස්සු!' වගේ බකපණ්ඩිත කතා කියන්න තියාගන්නවා... පඬියෝ වෙන්න හදනවා... තේරුණාද??
 
ධර්මය කියන මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ 'ලෝක විදු'!!! 'ලෝක විදු' කියන්නේ, මුළු ලෝකයම අවබෝධ කරපු නිසා... ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෝ කාටවත් කීයටවත් ළඟාවෙන්න තියා හිතාගන්න වත් බැරි උසස් මට්ටමක්!!! එහෙම කෙනෙකුගෙන් යමක් අසා දැනගන්න / ඉගෙනගන්න නම්, මුලින්ම තේරුම්ගන්න ඕනේ 'භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි.' කියන බව!! අතීතයේ ඉඳල ධර්මය දැනගෙන / ඉගෙනගෙන, ජීවිතය අවබෝධකරගත්තු, ලෝකය දිනපු ඕනෙම කෙනෙක් අන්න ඒ විදියට කටයුතු කරපු උදවිය!!! මම උනත් දැන් මෙහෙම මොකෙකුට වත් බය නැතුව 'සද්දේ දාන්න' තරම් ලොක්කෙක් උනේ, 'මං මැට්ට... මං මොකුත් දන්නේ නෑ... බුදුහාමුදුරුවොන්ගෙන් අහල දැනගන්න ඕනේ...' කියල බොක්කෙන්ම ආපු උවමනාවෙන් කටයුතු කරපු නිසයි!!! තමුන්ලා හුඟ දෙනෙක් අදටත් කිසිම අවබෝධයක් ලබල නැතුව, ධර්මය අනාගෙන, ජීවිතය අනාගෙන ඉන්නවා නම් ඒ, උඹල සාසන භක්ෂකලා කූරුගාපු ධර්මයක් අහපු හන්ද සහ ඊළඟට, ස්වභාවයෙන්ම තම තමන්ට උරුම වෙච්ච මෝඩ කමයි, පණ්ඩිත කමයි දෙක හන්දයි!!!
 
මම සේරම කියල දෙන්නම්!!! කිව්වනේ, උඹල සේරමලා ණිවන් දක්කනවා... සංසාර දුකෙන් නිදහස් කරනවා... කියල. ඒ කට කහනවට වත් වෙන එකක් කහනවට වත් නෙවෙයි... කියපු දේ කියපු විදියටම කරන හන්දයි!!! පඬියෝ වෙන්න හදන්නේ නැතුව, ඉදිමෙන්නේ නැතුව, හොඳට කියවල බලල තේරුම් ගන්නවල.
 
බුදුහාමුදුරුවොන්ට මේ කරුණු ටික මේ දැන් කියන්න යන විදියට විස්තර කරලා දෙන්න, අවශ්‍ය උදාහරණ ඒකාලේ තිබුණේ නෑ!! හැබැයි උන්වහන්සේ කරුණු දෙක තුනක් කිව්වා... තේරුම්ගන්න පුළුවන් ශක්තියක් තිබුණු / තියන අයට ඒ 'ටික' හොඳටම ප්‍රමාණවත්!!! උන්වහන්සේ කිව්වා, "තමන්ගෙයි කියල ගන්නම (හිතන්න) ඕනේ නම්, ඔය ඇඟ විතරක් තමන්ගෙයි කියල ගන්න... ඔය හිත නම් කීයටවත් තමන්ගෙයි කියල ගන්න එපා!!! විශ්වාස කරන්න, පිළිගන්න එපා!!!" කියල. ආයේ කිව්වා, "විඥාණය මායකාරයෙක් වගෙයි... අහුවෙන්න නම් එපා!!!" කියල. තව කිව්වා, "මේ... මහා සැඩ පහරකට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලිලා... හොඳටම හෙම්බත් වෙලා... ඉන්න වෙලාවේ, සුළු මොහොතකට දියෙන් උඩට මතුවෙන්න, හුස්මක් කටක් ගන්න ඉඩක් ලැබුණු වෙලාවක්!! ඉක්මනට ගොඩබිමක් තියෙන දිශාව බලල, ඒ දිහාවට හැරිලා, ගොඩබිම දිහාවට පීනන්න පටන්ගන්න" කියල. තේරෙනවද??
 
මට මං ගැන හරි සන්තෝසයි... මං උඹල ඔක්කොටමත් එක්ක පින් කරලා ආපු එකෙක්!!! මට අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙන ඒවා ඇහෙනකොටම මේවා 'පට් පට් ගාල click උනා...' ඒ කියන්නේ අහන පරක්කුවෙන් තිතටම තේරුණා!!! ඔයාලට නොපෙනුනාට අපි ඉන්නේ මාර අනතුරක... දැන් නම් ඒ අනතුර කොච්චර 'මාර' උනත් වැඩක් නෑ... දැන් සේරම හමාරයි!!! මේක හැමෝම බලනවා නම්, හැම භාෂාවකින්ම ලෝකේ හැම තැනම ප්‍රචාරය වෙනවා නම්, ඕනේ කරන්නේ එච්චරයි!!!
 
මේ ගෞතම බුද්ධ රාජ්‍යයි !!!
කිසිම අවුලක් නැති රහත්වෙනවා... නිකෙලෙස් වෙනවා... මාර්ගඵල ලබනවා... කියන වැඩ පිළිවෙල මහා අවුල් ජාලාවක් කලේ සාසනයට රිංග ගත්ත මෝඩ මිනිස්සු!!! දැන් බලන්න මෝඩයෙක් ඇඳන් ඉන්න ඇඳුම වෙනස් කළා කියල, සරමක් ඇඳන් ඉන්න එකා කලිසමක් ඇන්ද කියල, එහෙම නැත්නම් කලිසමක් ඇඳන් ඉන්න එකා ටයිකෝට් (tie/court) ඇන්ද කියල, මෝඩ කම නැතිවෙනවද?? නෑ නේ... ඉතින් සිවුරක් පෙරවගත්ත කියලත් ඒක එහෙම්මම තමයි!!! හැබැයි සිවුරක් ඇඳගෙන හරි අමුඩයක් ගහගෙන හරි කමක් නෑ, මෝඩයෙක් උනත් චුට්ට චුට්ට හරි මොකක් හරි දෙයක් ගැන හරියට කල්පණා කරන්න හැකියාවක් තියන මනුස්සයෙකුට පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් නම්, නියම බුද්ධ දේශණා ඒ විදියටම අහන්න ලැබුණොත් නම්, අන්න එයාගේ ප්‍රඥාව ටිකෙන් ටික දියුණු වෙලා, අන්තිමේ මුළු ලෝකයම දිනපු තියුණු ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්!!! "ඥායස්ස අධිගමාය" වෙනවා කියලයි තියෙන්නේ!!

ඒත් ඉතින් අදටත් වැඩිහරියක් උදවිය අහන්නේ, කියවන්නේ 'සාසන භක්ෂක'ලා වලඳපු, 'කූරුගාපු' බුද්ධ දේශණා නේ... ඉතින් කොහේ ඥායස්ස අධිගමාය වෙන්නද?? 'කිරි' හොඳයි තමයි... රසයි, ගුණයි, පෝෂ්‍ය දායකයි. හැබැයි කිරි වලට වස දාල දුන්නොත්?? ඔන්න ඕකයි අදකාලේ හුඟ දෙනෙකුට වෙලා තියන අවුල!!! නැත්නම් මේ මාතෘකාව හරි ලේසියි... වයස අවුරුදු 7 පුංචි පුංචි ඇත්තොත් ගොඩ දෙනෙක් සත්‍ය අවබෝධ කරගත්ත!!! බුදුරජාණන්වහන්සේම කිව්වා, මේ දැන් උනත් හරියට වැඩේට බැස්සොත්, තව අවුරුදු 7ක් යන්න කලින් අරහත්වයට පත්වෙන්න පුළුවන්!!! කියල. සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරගන්නවා!!! කියලත් කිව්වා. මොනවද ඔය ගොල්ලෝ දන්නේ??? මොනවද මෙච්චර කල් කලේ???

හැබැයි ඉතින් අපේ හාමුදුරුවෝ ඇවිල්ල, පුස්කකා තිබිච්ච පරණ පුස්කොල පොත් වලින් පිරිසුදු බුද්ධ දේශණා මතුකරලා නොගත්තා නම්, ඒවා සරල සිංහලෙන් අපිට හොඳට තේරෙන්න කියල නොදුන්නා නම්, මේ ඔක්කොම ඉවරයි!!! හොඳ වෙලාවට, අපේ වාසනාවට, රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් (කට පාඩමින්) පිරිසුදු බුද්ධ දේශණා රැකගෙන ආව!!! අන්තිමේ උන්වහන්සේලා ඒවා දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය හැටියට තෝර තෝරා පොත්වල ලිව්වා!!! ඒ තමයි පිරිසුදු කිරි!!! අභිධර්මය නමැති 'වස' දාල නැති genuine / original බුද්ධ දේශණා!!! හොඳ වෙලාවට ඒ පොත් වහන්සේලා දුකසේ නමුත් අපේ හාමුදුරුවෝ එනකම් සුරක්ෂිතව වැඩ සිටියා!!! නැත්නම් අපි තව කල්ප බර ගණනකට 'වලේම' තමයි!!!

දැන් ඉතින් ධර්මය අවබෝධකරලා, ප්‍රතිඵලත් ලබල සෑහෙන කාලෙකුත් ගතවෙද්දී, ධර්මය කියන මාතෘකාවට 'ඔස්තාර්' කෙනෙක් වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවෝ මේ හෙළිදරව් කෙරුවේ ස්වභාවධර්මයේ සිදුවීම් මාලාවක් ගැන!!! 'දුක' නැත්නම් මේ සත්වයින්ගේ ඉපදීම සිදුවන ආකාරය ගැන!!! ඒක ස්වභාවික සිදුවීම් පෙළක්... ඒ වගේම හරිම interesting මාතෘකාවක්!!! කල්පණා කරලා කරලා, හැම අස්සක් මුල්ලක් නෑරම අල්ලාගෙන තියෙන්නේ!! fit කියන්නේ, කියල වැඩක් නෑ!!! ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදයට කියල සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා... ඒක ඇත්ත!!! පටිච්චසමුප්පාදය හරිම ලේසියි කියල ආනන්ද හාමුදුරුවෝ කිව්වා... ඒකත් ඇත්ත!!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා, "හා.. හා.. ආනන්ද, එහෙම කියන්න එපා! පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!! මේ සත්වයෝ ඒක තෝරාගන්න බැරුව නූල්බෝලයක් වගේ පටලව ගන්නවා... තණකොළ ගොඩක් වගේ පටලව ගන්නවා..." කියල. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ මේ සාසන භක්ෂක උදවිය ධර්මය කූරුගාල, ධර්ම මාර්ගය එහෙමපිටින් අනල අනල දාන බව කල්තියාම දැකල වෙන්න ඇති!! ඒ නැතුව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න අමාරුයි කියල නම් වෙන්න බෑ.

හැබැයි ධර්මය කූරුගෑවට ස්වභාවධර්මය කූරුගාන්න කාටවත් බෑ. ස්වභාවික දේවල් ඕනෙම කෙනෙකුට අහන්න, දකින්න, බලන්න, තේරුම්ගන්න පුළුවන් නිසා කාටවත්, කවුරුවත් රවට්ටන්න හම්බවෙන්නෙත් නෑ!!! අනික නිදිමත කම්මැලි කම වගේ බාධා ඇතිවෙනවත් අඩුයි... ඊළඟට වැදගත්ම කරුණ තමයි, ස්වභාවික දේවල් ආශ්‍රයෙන් කරුණු පැහැදිලි කලාම ඕනේ කෙනෙකුට තේරෙනවා මේක මේ එක ජන කොටසකට, එක මනුස්ස වර්ගයකට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි, හැමෝටම පොදු කතාවක් බව. එහෙම පිළිවෙලකට වැදගත් කරුණු සේරම දැනගත්තාම ඔය උදවියත් කිසිම පටලැවිල්ලක් නැතුව පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත, ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් බවට පත්වෙනවා!!! එතකොට අනික් ප්‍රශ්ණ සේරම ඉබේටම නිරාකරණය වේවි!!!

Sunday, October 9, 2011

තමන් ගැන ඉගන ගැනීම, ජීවිතය අවබෝධකරගැනීම, කියන්නේ තනිකරම ස්වභාවධර්මයේ නිර්මාණ කිහිපයක් ගැන, ස්වභාවික සංසිද්ධි කිහිපයක් ගැන හොඳටම දැනගැනීමට නැත්නම් අවබෝධ කරගැනීමට කියන එක ඔයගොල්ල කවුරුවත්ම දන්නේ නෑ නේද?? ඔය දේවල් හොඳටම තේරුණාම අත්වන අවසන් ප්‍රතිඵලය තමයි අරහත්වය!!! ණිවන් අවබෝධවීම, ණිවන් දැකීම, පිරිණිවන් පෑම කියන ඒවා ගැන අපි හිතන්න, කලබල වෙන්න, දඟලන්න ඕනේ නෑ කොහොමට වත්!!! මේ ස්වභාවික සංසිද්ධි ගැන තමන්ගේ අවබෝධය උපරිම වෙච්චහම, ඒ සේරම ඉබේටම සිද්ධ වෙනවා!!!
 
ඉපදෙනකොටම හැමදේම දැනගෙන ඉපදෙන මනුස්සයෝ කවුරුවත් නෑ!!! ඒත් බොහොම කලාතුරකින් විශේෂ හැකියාවන් තියන ළමයිනුත් උපදිනවා... ඒත්, එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද එයාලගේ විශේෂත්වය කියන එක මිනිස්සු දන්නේ නෑ!!! ඒ හන්ද 'ශා...' කියල කට අරගෙන බලන් ඉන්නවා!! ඇත්තටම කියනවා නම් ඒ පෙන්වන්නේ / කරන්නේ ඒ ඒ උදවිය තමන්ගේ පෙර ජීවිත වල ප්‍රගුණ කරපු දේවල්!!! අපි මේ කතාකරන, බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ, පුනරුප්පත්තිය / සංසාර ගමන ගැන හොඳ සජීවී, කාලීන උදාහරණ!!! හැබැයි මනුස්සය කියන සතා ස්වභාවයෙන්ම ඇත්ත පිළිගන්නේ නෑ... පිළිගන්න අකමැතියි!! උන් පිළිගන්නේ උන්ට ඕනේ විදියට!!! තමුන්ලත් එහෙම නේ? නේද?? ඉතින්, එහෙම අයට ඇත්ත පෙන්වල දෙන්න නම්, තෝරලා දෙන්න නම්, හොඳට දැනෙන්නම, 'රිදෙන්නම දෙන්න' වෙනවා! තමුන්ම ඇත්ත දැනගන්න, පිළිගන්න නම්, හොඳටම දැනෙන්න 'කන්න' (දෙයකට මුහුණ දෙන්න / අත්දැකීමක් ලබන්න) වෙනවා! මේ මාතෘකාව කතා කරන්න / කියල දෙන්න / තේරුම් කරන්න / තේරුම් ගන්න අමාරු ඒකයි.
 
දැන් බලන්න පොඩි ළමයි හඳ ඉල්ලලත් අඬනවා... එයාල හඳ ගැන මොකුත් දන්නේ නෑ නේ. ලස්සනට, කහපාටට, පපඩමක් වගේ තියෙනවා දැක්කම අල්ලන්න, කන්න, සෙල්ලම් කරන්න හිතෙනවා ඇති... ඉතින් ඉල්ලනවා. ඉල්ලලා ඇණේ වෙනවා! ඒත් ඒ ළමයි ලොකු මහත් උනාම, ලෝකේ ගැන ඉගෙන ගෙන දැනුවත් උනාම, ආයේ කවදාවත් හඳ ඉල්ලලා අඬනවද?? නෑ නේ... කරුණු කාරණා ඉගෙන ගත්තම / දැනගත්තම, එයාල තේරුම් ගන්නවා මේක අතට ගන්න පුළුවන් , අල්ලන්න පුළුවන්, කන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල!! ඊටපස්සේ රැවටෙන්නේ නෑ!! හඳ ඉල්ලලා අඬන්නේ නෑ!!!
 
හැබැයි තමන්ගේ ඇහැට පේන විදියට, හඳ, පිඟානක් තරමේ එකක් වෙන්න ඇති කියල හිතුවා නම් එහෙම කොහොමට හිටීද?? නැත්නම් 'ඔය එක එක්කෙනා කියන ඒවා sure නෑ... මංම ගිහිල්ල අල්ලලා, අතගාල බලල දැනගන්න ඕනේ!' කියල පිස්සුවක් හදාගත්තොත් එහෙම කොහොමට හිටීද?? කවදාවත් හඳ ගැන ඇත්ත දැනගන්න වෙන්නේ නෑ නේ?? ඔන්න ඔය අතිපණ්ඩිත කම තමුන්ට ලොකු අවාසියක්!! ලොකු විනාසයක්!! ඉතින් එහෙම ගතියක් තමුන්ටත් තියනවා නම්, වහාම හදාගන්න!!! 'ඉදිමෙන්න' හදන්න එපා!!! මං මේ ව්දියට කියල දෙන්න, තෝරලා දෙන්න ආවේ තමුන්ලට හිතාගන්න වත් බැරි තරම් ලොකු දුරක් ගිහිල්ල!!! ගොඩාක් දේවල් කරලා!!!
 
මේ ජීවිත ඇතුලේ වැඩකරන්නේ තනිකරම විද්‍යුතයයි, චුම්බකත්වයයි ආශ්‍රිත ක්‍රියාකාරීත්වයක්!!! ඒ ඇරෙන්න, ගන්න කියල වෙන මොකවත්ම දෙයක් නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මේ දුක්, දොම්නස්, නම් ගොත් කියා කියා වැළපීම් සේරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය හන්දා සිදුවෙනවා මිසක්, මේ ජීවිත වල අංශුමාත්‍රයක තරමේ වත් මොකක්වත් නෑ!!" කියල. ඉතින්, ගන්න කියල මොකක්වත්ම නැති එකේ, මේ මාතෘකාව ගැන මෙච්චරට කතාකරන එකත් පාඩුයි වගේ... ඒත් මේ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හරි භයානකයි!!! ඔය උදවිය හැමෝම ඒ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හැටියට ඉපදිච්ච අය!!! ඒත් ඔයාල ඔය මොකවත්ම දන්නේ නෑ නේද??? අන්න ඒකයි මේ ප්‍රශ්ණ සේරම!! ඉන්න... මං කියල දෙන්නම් සේරම.
 
බුදුරජාණන්වහන්සේ මේ කතන්දර සේරම අවබෝධ කරගත්තා!!! ඒත් උන්වහන්සේට මේ කරුණු අනික් උදවියට වටහල දෙන්න අවශ්‍ය පසුබිම ඒ කාලේ තිබුනේ නෑ!! කොච්චර දන්නවා උනත්, තමන් දන්නා දේ වෙන කෙනෙකුට කියන්න ගියාම 'මෙහෙම එකක් තියනවා... ඒක මේ වගෙයි... අරම එකකුත් තියනවා... ඒකයි මේකයි එක්කහු උනාම මෙහෙම මෙහෙම වෙනවා...' කියල, හතර බීරි කතා කිව්වට වැඩක් නෑ!! අන්ධයාට කිරි ගැන කියන්න ගිහින් සිද්ධවෙච්ච දේ වගේ ඒවා නොවෙන්න, හරියටම ගැලපෙන, කාටත් දකින්න පුළුවන්, කාටත් තේරුම්ගන්න පුළුවන්, උදාහරණ අරගෙන ඕනේ සේරම කියල, තේරුම් කරලා දෙන්න!! ඒත් එහෙම හරියටම ගන්න පුළුවන් උදාහරණ ඒ කාලේ තිබුනේ නෑ!!! දැන් උදාහරණ නම් වැහි වැහැල... ඒත් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්ත, 'සෙල්ලම් දාන්න' පුළුවන් තත්වෙට ආව, නැත්නම් රහත්වෙච්ච, අනික් අවශ්‍ය / අදාළ අංශ (technical related area) ගැනත් හොඳ දැනුමක්, අවබෝධයක් තියන අය මීට කලින් හිටියේ නෑ!!!
 
හැබැයි, දැන් තත්වේ එහෙම්පිටින්ම වෙනස්!!! හපොයි... මං බුදුවෙලා නම් නෑ!!! සාමාන්‍ය මනුස්සයෙකුට එහෙම හිටිවන බුදුවෙන්නත් බෑ!!! ඒත් මට ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි!!! මම වෙන වෙන එවුන්ගේ කතා මොකවත් අහන්නේ, පිළිගන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් වලට නොගැලපෙන, අදාළ නැති කිසිම දෙයක් පිළිගන්නෙත් නෑ!!! බුදුහාමුදුරුවෝ ජීවිතය අවබෝධකරගන්න අවශ්‍ය සේරම, එහෙම්පිටින්ම කියල දුන්නා!!! මම කල්පණා කරලා කරලා ඒවා හරියටම, පරතෙරටම තේරුම්ගත්තා!!! අන්න ඒ නිසා, දැන් අවශ්‍ය සේරම සම්පූර්ණයි... ඉතින්, දැන් ඔය කට්ටිය ලෑස්තිවෙන්න ණිවන් දකින්න!!!
 
බැරි වෙලාවත් බුදුරජාණන්වහන්සේ අද ජීවමානව වැඩසිටියා නම්, ආයේ කතාකරන්න කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! උන්වහන්සේ මේ කාලයේ අවබෝධ කළහැකි තත්වයෙන් ඉපදිලා ඉන්න හැම දෙනාටම ජීවිතය අවබෝධ කරවනවාම තමයි!!! උන්වහන්සේ මේ තාක්ෂණය, පහසුකම් කිසිම දෙයක් නැතුවයි එදා සාමාන්‍ය මනුස්සයන්ට, දෙවි දේවතාවුන්ට ජීවිතය දකින්න, අවබෝධ කරගන්න උපකාර කලේ!!! මට එච්චර දුරට බැරිවෙයි... ඒත් මේ මහපොළවේ ඉන්න මනුස්සයෝ කියන එවුන්ට වගකියන්න මට පුළුවන්!!! හැබැයි, ඇත්තටම මනුස්සයෝ කියල කියන්න පුළුවන් තත්වයේ (උසස් මනසක් තියන) ඒ කියන්නේ බකපණ්ඩිත නැති, චුට්ටක් හරි මොලේ කල්පණා කරන්න පුළුවන් උදවියට තමයි!!   
 
මේ මාතෘකාව අමාරු නෑ!!! බයවෙන්න, කලබල වෙන්න, මොකවත්ම ඇත්තෙත් නෑ!!! මෝඩ මිනිස්සුමයි සේරම අවුල් කරලා දැම්මේ!!! අවුල් කරගත්තේ!!! බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දැනගෙන උන්න!!! උන්වහන්සේ කිව්වා මුන් මේක නූල්බෝලයක් වගේ පටලවාගෙන, පැටලිච්ච තණකොළ ගොඩක් වගේ කරගෙන, එහෙම්පිටින්ම අනාගන්නව කියල!!! ඒත් මේකේ පටලගන්න, අවුල්කරගන්න මොකුත්ම නෑ!!! මේ, තනිකරම technical කතන්දරයක්!!! බුදුහාමුදුරුවෝ ඒ කාලේ කියන්න පුළුවන් උපරිමයෙන්ම හැමදේම කියල දීලත් තියනවා!!!
 
'වේපචිත්ති බන්ධනය' කියල එකක් ගැන කිව්වා... ඒක තනිකරම චුම්බක ක්ෂේත්‍රය නිසා ඇතිවන දෙයක්!!! බුදුහාමුදුරුවෝ ඈත විශ්වයට කතා කරනවා කිව්වෙත් modulated visible light beam (light modulation) එකකින් කියල කිව්වා!!! දන්නවද මේවා?? අහල තියනවද මේවා??? මේ සේරම මට නම් 'ටොයිස්' කතන්දර!!! ආයි කිව්වා, "මහා ලොකුවට පේන්න තිබුනට, මේකේ මොකවත්ම නෑ! විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය විතරයි මෙතන තියෙන්නේ!!" කියල. ඒ තනිකරම ඔය අපිට විදුලිය සපයන generator ඇතුලේ වෙන කතාන්දරය!!
 
ඉතින්, ඇට්ටි හැලෙන්නම දෙන්නම් නේද?? එතකොට බොරුකාරයෝයි, බොරුවයි එහෙම්පිටින්ම නැතිභංග වෙලා යනවා!!! අතුගෑවිලාම යනවා!!! ආයි අහන්න දෙයක් නෑ, අහිංසක / නිහතමානී මනුස්සයෝ නම්,  උඹල සේරම සදහටම දුකෙන් නිදහස් වෙනවා!!! මේ 'මං' කියන එකාගේ ආයුෂ ස්වාභාවිකවම ඉවර උනොත් මිසක්, නැත්නම් මේ වැඩේ නවත්වන්න පුළුවන් අය නම් කොහෙවත් නෑ!!!

Monday, October 3, 2011

ලොකු සද්දයක් දැම්මට 'කෝ වැඩ?' කියල හිතෙනවා ඇති නේද?? මේ... මේ ටිකේ, 'කන්දක් නගිනවා' වගේ වැඩකට ටිකක් හිරවෙලා ඉන්නේ. මේක නම් 'පල්ලමක් බහිනවා' වගෙයි... ඉතින් මේක අල්ලගත්තම ඒ වැඩේ මග හිටින නිසා, මේ ටිකේ ධර්ම මාතෘකාව චුට්ටක් පැත්තකින් තිබ්බ. threads වල නම් ඔය බව සඳහන් කළා... මේක delay වෙන එක මට නම් හරි upset!!!  කොහොම උනත් මේක ටික දවසකට අතහැරියට, ලියන්න ඕනේ දේවල් හිතේ දිගටම වැඩ!! ලියන්න කාලය යොදවන්න බැරුව මිසක්... ඉතින් කාටවත් මහා අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ. තව ටික දවසකින් ඒ වැඩේ ඉවර වේවි. ඊළඟට මේ වැඩේ ඉවරයක් කරලා මිසක් ආයේ වෙන කිසිම දේකට අතගහන්නේ නෑ!!
 
හැමෝටම තෙරුවන් සරණයි!!! සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ පිහිටයි!!!