Monday, October 10, 2011

ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ස්වාභාවිකවම සිද්ධවෙන දෙයක් ගැන දැනගන්න / ඉගෙනගන්න සිද්ධවෙලා තියෙන නිසා, අපිට ස්වභාවධර්මයට අයිති අරුම පුදුම නිර්මාණ හා අරුම පුදුම ක්‍රියාකාරිත්වයන් කිහිපයක් ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන ඉන්න වෙනවා!! මේවා අරුම පුදුම දේවල් කියල කිව්වෙ, නොදන්න කෙනෙකුට එකපාරට මේවා ගැන හිතාගන්න වත් බැරි වෙනවා!! මේ දේවල් ගැන පොඩ්ඩක් හරි ඉගෙනගෙන / දැනගෙන නොහිටියොත්, තියන අවුලක් ලිහාගන්න / නිරාකරණය කරගන්නවා වෙනුවට, නැති අවුල් හැදෙනවා... මනුස්සය කියන සත්වයාට, එහෙම නැත්නම් ඔබ තුමාට/තුමීට, එහෙමත් නැත්නම් උඹලට/තොපිට, ස්වභාවයෙන්ම උරුම වෙන මෝඩ කමයි පණ්ඩිත කමයි දෙකත් එකතු උනාම, 'නෑ! එහෙම වෙන්නේ කොහොමද?' 'එහෙම වෙන්න විදියක් නෑ!' 'උඹට පිස්සු!' වගේ බකපණ්ඩිත කතා කියන්න තියාගන්නවා... පඬියෝ වෙන්න හදනවා... තේරුණාද??
 
ධර්මය කියන මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ 'ලෝක විදු'!!! 'ලෝක විදු' කියන්නේ, මුළු ලෝකයම අවබෝධ කරපු නිසා... ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෝ කාටවත් කීයටවත් ළඟාවෙන්න තියා හිතාගන්න වත් බැරි උසස් මට්ටමක්!!! එහෙම කෙනෙකුගෙන් යමක් අසා දැනගන්න / ඉගෙනගන්න නම්, මුලින්ම තේරුම්ගන්න ඕනේ 'භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි.' කියන බව!! අතීතයේ ඉඳල ධර්මය දැනගෙන / ඉගෙනගෙන, ජීවිතය අවබෝධකරගත්තු, ලෝකය දිනපු ඕනෙම කෙනෙක් අන්න ඒ විදියට කටයුතු කරපු උදවිය!!! මම උනත් දැන් මෙහෙම මොකෙකුට වත් බය නැතුව 'සද්දේ දාන්න' තරම් ලොක්කෙක් උනේ, 'මං මැට්ට... මං මොකුත් දන්නේ නෑ... බුදුහාමුදුරුවොන්ගෙන් අහල දැනගන්න ඕනේ...' කියල බොක්කෙන්ම ආපු උවමනාවෙන් කටයුතු කරපු නිසයි!!! තමුන්ලා හුඟ දෙනෙක් අදටත් කිසිම අවබෝධයක් ලබල නැතුව, ධර්මය අනාගෙන, ජීවිතය අනාගෙන ඉන්නවා නම් ඒ, උඹල සාසන භක්ෂකලා කූරුගාපු ධර්මයක් අහපු හන්ද සහ ඊළඟට, ස්වභාවයෙන්ම තම තමන්ට උරුම වෙච්ච මෝඩ කමයි, පණ්ඩිත කමයි දෙක හන්දයි!!!
 
මම සේරම කියල දෙන්නම්!!! කිව්වනේ, උඹල සේරමලා ණිවන් දක්කනවා... සංසාර දුකෙන් නිදහස් කරනවා... කියල. ඒ කට කහනවට වත් වෙන එකක් කහනවට වත් නෙවෙයි... කියපු දේ කියපු විදියටම කරන හන්දයි!!! පඬියෝ වෙන්න හදන්නේ නැතුව, ඉදිමෙන්නේ නැතුව, හොඳට කියවල බලල තේරුම් ගන්නවල.
 
බුදුහාමුදුරුවොන්ට මේ කරුණු ටික මේ දැන් කියන්න යන විදියට විස්තර කරලා දෙන්න, අවශ්‍ය උදාහරණ ඒකාලේ තිබුණේ නෑ!! හැබැයි උන්වහන්සේ කරුණු දෙක තුනක් කිව්වා... තේරුම්ගන්න පුළුවන් ශක්තියක් තිබුණු / තියන අයට ඒ 'ටික' හොඳටම ප්‍රමාණවත්!!! උන්වහන්සේ කිව්වා, "තමන්ගෙයි කියල ගන්නම (හිතන්න) ඕනේ නම්, ඔය ඇඟ විතරක් තමන්ගෙයි කියල ගන්න... ඔය හිත නම් කීයටවත් තමන්ගෙයි කියල ගන්න එපා!!! විශ්වාස කරන්න, පිළිගන්න එපා!!!" කියල. ආයේ කිව්වා, "විඥාණය මායකාරයෙක් වගෙයි... අහුවෙන්න නම් එපා!!!" කියල. තව කිව්වා, "මේ... මහා සැඩ පහරකට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලිලා... හොඳටම හෙම්බත් වෙලා... ඉන්න වෙලාවේ, සුළු මොහොතකට දියෙන් උඩට මතුවෙන්න, හුස්මක් කටක් ගන්න ඉඩක් ලැබුණු වෙලාවක්!! ඉක්මනට ගොඩබිමක් තියෙන දිශාව බලල, ඒ දිහාවට හැරිලා, ගොඩබිම දිහාවට පීනන්න පටන්ගන්න" කියල. තේරෙනවද??
 
මට මං ගැන හරි සන්තෝසයි... මං උඹල ඔක්කොටමත් එක්ක පින් කරලා ආපු එකෙක්!!! මට අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙන ඒවා ඇහෙනකොටම මේවා 'පට් පට් ගාල click උනා...' ඒ කියන්නේ අහන පරක්කුවෙන් තිතටම තේරුණා!!! ඔයාලට නොපෙනුනාට අපි ඉන්නේ මාර අනතුරක... දැන් නම් ඒ අනතුර කොච්චර 'මාර' උනත් වැඩක් නෑ... දැන් සේරම හමාරයි!!! මේක හැමෝම බලනවා නම්, හැම භාෂාවකින්ම ලෝකේ හැම තැනම ප්‍රචාරය වෙනවා නම්, ඕනේ කරන්නේ එච්චරයි!!!
 
මේ ගෞතම බුද්ධ රාජ්‍යයි !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.