Friday, October 28, 2011

බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, අපිට සංසන්දනය කරන්න තියා හිතාගන්නවත් බැරි හැකියාවල් මහා ගොඩාක් තියන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්!!! එවැනි කෙනෙකුගේ හැකියාවල් වලින් අහන / දකින දේවල් අහන්න / දකින්න සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ!!! නවීණ විද්‍යාව තව කොච්චර ඉස්සරහට දියුණු උනත්, 20110 දී වත්, බුදුකෙනෙක් සොයා දැනගත්ත දේවල් ඔක්කොම නම් හොයන්න / දැනගන්න හම්බවෙන්නේ නෑ!!! හැබැයි ඉතින් බුදුකෙනෙක් ලෝකයේ පහලවෙන්නෙම, සියලු ලෝක සත්වයන් කෙරේ අනුකම්පාවෙන් 'සත්‍යය' කියා දීමට නිසා, ඕනෙම සාමාන්‍ය මනුස්සයෙකුට උන්වහන්සේව විශ්වාසයෙන් පිලි අරන්, අවංක උවමනාවකින් කරුණු අහල දැනගත්තොත්, අමුතුවෙන් හොය හොයා ඉන්න දෙයක් නෑ... අවශ්‍ය සේරම ඉගෙනගන්න / දැනගන්න පුළුවන්!!! ඒත් ඉතින් බුදුහාමුදුරුවොන්ට අහන්න / දකින්න පුළුවන් දේවල් අපිටත් ඒ විදියටම අහන්න / දකින්න, අවශ්‍ය හැකියාවල් අපි ළඟ නෑ නේ?? ඒ නිසා, බුදුහාමුදුරුවොන්ටත් උන්වහන්සේ දැකපු / අවබෝධ කරපු දේවල් ඒ විදියටම අපිට කියන්න / පෙන්වන්න විදියක් තිබුනෙත් නෑ!!! ඔන්න ඔච්චරයි එකම අවුල!!

හැබැයි, බුදුහාමුදුරුවෝ දැක්ක උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින්, මේ සසර දුකට වැටිලා ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්න සත්වයින්ට සසර දුකින් නිදහස් වෙන්න නම් අවශ්‍ය වෙන්නේ කරුණු බොහොම චුට්ටයි කියල!!! උන්වහන්සේ දැකපු / අවබෝධ කරගත්තු විදියටම සේරම 'කුට්ටිය පිටින්', "ඔන්න බලාගන්න... මෙන්න මේකයි වැඩේ!" කියල තව කෙනෙකුට දෙන්න විදියක් නැති උනාට, අන්න ඒ චුට්ට... මේ අපිලගේ 'ලෝක' ගැන නම්, කියල / තෝරලා දෙන්න පුළුවන් කොයි විදියෙන්ද, උන්වහන්සේ අන්න ඒ හැම විදියෙන්ම අවශ්‍ය / අදාළ කරුණු කාරණා සේරම කියල දුන්න!!!

ඉතින්, අපිට වෙන රටක ඉන්න කෙනෙකුට අපේ ගෙදර පෙන්වන්න ඕනේ උනොත් කොහොමද කරන්නේ?? ගේ ගලවගන ගිහින් පෙන්වන්නත් බෑ... එයාට ඇවිල්ල බලන්නත් බෑ... මොකද්ද කරන්න පුළුවන්?? බුදුහාමුදුරුවොන්ට කරන්න උනෙත් ඔන්න ඔය වගේම වැඩක්!!! විද්‍යාව පහලකරගත්, විමුක්තිය උදාකරගත් උන්වහන්සේට, අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියන දෙවි / මිනිස් ලෝක වල ඉන්න සත්වයන්ට 'තම තමන්ට ලැබිල තියෙන්නේ මෙන්න මේ වගේ ගෙවල්' කියල පෙන්වන්න ඕනේ උනා!!! දැන් නම් හැබැයි photo ගහල, video කරලා, නැත්නම් 3D modelling එකක් හරි හදල සේරම විස්තර තව කෙනෙකුට දෙන්න පුළුවන්!! ඒත් බුදුහාමුදුරුවෝ වැඩසිටිය කාලේ ඒවා මොකවත් තිබුණේ නෑ... ඉතින්, උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් උදාහරණ අරගෙන, එක එක විදියට, එක එක පැත්තෙන් පේන / දකින්න පුළුවන් හැම විදියටම, මේ 'ගෙවල්', නැත්නම් අපේ 'ලෝක' ගැන ඔක්කොම කියල දුන්න!!! හැබැයි ඉතින්, කටින් කිව්වට 'ගේ' පේන්නේ නෑ නේ?? ඒත්, අවබෝධය සම්පූර්ණ වෙන්න නම්, බුදුහාමුදුරුවෝ දැකපු විදියටම මේ 'ගේ' නැත්නම් 'ලෝකය' ගැන දකින්න ඕනේ!!! අන්න එතැනදී සාර්ථක වෙන්න ලැබුණේ, 'ගෙයි' පින්තූරේ නිවැරදිව හිතෙන් හදාගෙන, කරකව කව බල බලා, තමන්ගේ හිතෙන් 3D modelling කොටස කරගන්න තරම් 'ප්‍රඥාවක්' තිබිච්ච උදවිය විතරයි!!! අනික් එවුන් වැඩේ එහෙම්පිටින්ම නා ගත්ත!!! ඔන්න ඔය හන්දයි මේ වැඩේ තනිකරම ප්‍රඥාවන්තයින්ට තියන මාතෘකාවක් උනේ!!!

ඔය ප්‍රඥාවන්ත කම කියන එක හරීම දුර්ලභයි!!! ඒ දුර්ලභ කම නිසාම බුදුරජාණන්වහන්සේ ප්‍රඥාව හැඳින්වුයේ මනුෂ්‍යයාට තියන උතුම්ම මැණික... 'ප්‍රඥා නරානං රතනං' කියලයි!!! ඒකෙන් කරන්න බැරි දෙයක් නැති ගානයි... බුදුරජාණන්වහන්සේ මේ පණ පිටින් ඇඟවල් පවා ප්‍රඥාවෙන් කෑලි කෑලි වලට වෙන්කර කර බලල තමයි මේ 'ලෝකය' අවබෝධ කලේ!!! මටත් ඒවා perfctly OK! මේ 'virtual lab' එකේ හුඟාක් දේවල් modelling කරලා බලාගන්න පුළුවන්!!! ඒ හැකියාව තමයි මේ හැම දේටම උපකාර උනේ!!! ඉතින් දැන් වැඩේ පටාන් ගන්නයි යන්නේ...

මහා හුඟාක් උදවියට 'ලෝකය දකින්න' ප්‍රඥාව නැතිකම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම!!! ඒත් දකිනකම් ඉවරයක් වෙන්නේ නැති මේ 'මල වදේ', නැවත නැවත ඉපදීම, ඉවරයක් කරගන්න තියෙන්නෙත් 'දැකලම' තමයි!!! අන්න ඒකට සීලයෙන් සංවර වෙලා, සමාධිය දියුණු කරගෙන, සද්ධර්මය ශ්‍රවණය කරලා... කරලා... ණුවනින් විමසලා... විමසලා... ප්‍රඥාව දියුණු කරගෙන, ඒ ප්‍රඥාවත් උපරිමයටම දියුණු කරලා... කරලා... දකින්න තියන මේ 'ලෝකේ අස්සේ වෙන කතන්දරේ' දැන් මම film එකක් පෙන්නනවා වගේ එලියට ඇදල පෙන්නන්නම්!! ඔය හුඟාක් ලොකු ලොකු කට්ටිය 'එළු part' දාන, බෑ... බෑ... බෑ... ගාන case ගොඩාක් ඒවා, මට 'ටොයිස්' වැඩ!! බැරි අය පැත්තකට වෙලා හිටපුවාවේ... මට පුළුවන්!!! මං කරලා පෙන්නන්නම්!!! එතකොට ඔය උදවිය දාන මාන දීලා, පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, සිල් රැකලා රැකලා, භාවනා කරලා කරලා තව කල්ප බර ගණනක් ගිහින් බලන්න හිටපු දේ හෙට අනිද්දා වෙනකොට පෙනෙයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.