Sunday, October 9, 2011

තමන් ගැන ඉගන ගැනීම, ජීවිතය අවබෝධකරගැනීම, කියන්නේ තනිකරම ස්වභාවධර්මයේ නිර්මාණ කිහිපයක් ගැන, ස්වභාවික සංසිද්ධි කිහිපයක් ගැන හොඳටම දැනගැනීමට නැත්නම් අවබෝධ කරගැනීමට කියන එක ඔයගොල්ල කවුරුවත්ම දන්නේ නෑ නේද?? ඔය දේවල් හොඳටම තේරුණාම අත්වන අවසන් ප්‍රතිඵලය තමයි අරහත්වය!!! ණිවන් අවබෝධවීම, ණිවන් දැකීම, පිරිණිවන් පෑම කියන ඒවා ගැන අපි හිතන්න, කලබල වෙන්න, දඟලන්න ඕනේ නෑ කොහොමට වත්!!! මේ ස්වභාවික සංසිද්ධි ගැන තමන්ගේ අවබෝධය උපරිම වෙච්චහම, ඒ සේරම ඉබේටම සිද්ධ වෙනවා!!!
 
ඉපදෙනකොටම හැමදේම දැනගෙන ඉපදෙන මනුස්සයෝ කවුරුවත් නෑ!!! ඒත් බොහොම කලාතුරකින් විශේෂ හැකියාවන් තියන ළමයිනුත් උපදිනවා... ඒත්, එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද එයාලගේ විශේෂත්වය කියන එක මිනිස්සු දන්නේ නෑ!!! ඒ හන්ද 'ශා...' කියල කට අරගෙන බලන් ඉන්නවා!! ඇත්තටම කියනවා නම් ඒ පෙන්වන්නේ / කරන්නේ ඒ ඒ උදවිය තමන්ගේ පෙර ජීවිත වල ප්‍රගුණ කරපු දේවල්!!! අපි මේ කතාකරන, බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ, පුනරුප්පත්තිය / සංසාර ගමන ගැන හොඳ සජීවී, කාලීන උදාහරණ!!! හැබැයි මනුස්සය කියන සතා ස්වභාවයෙන්ම ඇත්ත පිළිගන්නේ නෑ... පිළිගන්න අකමැතියි!! උන් පිළිගන්නේ උන්ට ඕනේ විදියට!!! තමුන්ලත් එහෙම නේ? නේද?? ඉතින්, එහෙම අයට ඇත්ත පෙන්වල දෙන්න නම්, තෝරලා දෙන්න නම්, හොඳට දැනෙන්නම, 'රිදෙන්නම දෙන්න' වෙනවා! තමුන්ම ඇත්ත දැනගන්න, පිළිගන්න නම්, හොඳටම දැනෙන්න 'කන්න' (දෙයකට මුහුණ දෙන්න / අත්දැකීමක් ලබන්න) වෙනවා! මේ මාතෘකාව කතා කරන්න / කියල දෙන්න / තේරුම් කරන්න / තේරුම් ගන්න අමාරු ඒකයි.
 
දැන් බලන්න පොඩි ළමයි හඳ ඉල්ලලත් අඬනවා... එයාල හඳ ගැන මොකුත් දන්නේ නෑ නේ. ලස්සනට, කහපාටට, පපඩමක් වගේ තියෙනවා දැක්කම අල්ලන්න, කන්න, සෙල්ලම් කරන්න හිතෙනවා ඇති... ඉතින් ඉල්ලනවා. ඉල්ලලා ඇණේ වෙනවා! ඒත් ඒ ළමයි ලොකු මහත් උනාම, ලෝකේ ගැන ඉගෙන ගෙන දැනුවත් උනාම, ආයේ කවදාවත් හඳ ඉල්ලලා අඬනවද?? නෑ නේ... කරුණු කාරණා ඉගෙන ගත්තම / දැනගත්තම, එයාල තේරුම් ගන්නවා මේක අතට ගන්න පුළුවන් , අල්ලන්න පුළුවන්, කන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල!! ඊටපස්සේ රැවටෙන්නේ නෑ!! හඳ ඉල්ලලා අඬන්නේ නෑ!!!
 
හැබැයි තමන්ගේ ඇහැට පේන විදියට, හඳ, පිඟානක් තරමේ එකක් වෙන්න ඇති කියල හිතුවා නම් එහෙම කොහොමට හිටීද?? නැත්නම් 'ඔය එක එක්කෙනා කියන ඒවා sure නෑ... මංම ගිහිල්ල අල්ලලා, අතගාල බලල දැනගන්න ඕනේ!' කියල පිස්සුවක් හදාගත්තොත් එහෙම කොහොමට හිටීද?? කවදාවත් හඳ ගැන ඇත්ත දැනගන්න වෙන්නේ නෑ නේ?? ඔන්න ඔය අතිපණ්ඩිත කම තමුන්ට ලොකු අවාසියක්!! ලොකු විනාසයක්!! ඉතින් එහෙම ගතියක් තමුන්ටත් තියනවා නම්, වහාම හදාගන්න!!! 'ඉදිමෙන්න' හදන්න එපා!!! මං මේ ව්දියට කියල දෙන්න, තෝරලා දෙන්න ආවේ තමුන්ලට හිතාගන්න වත් බැරි තරම් ලොකු දුරක් ගිහිල්ල!!! ගොඩාක් දේවල් කරලා!!!
 
මේ ජීවිත ඇතුලේ වැඩකරන්නේ තනිකරම විද්‍යුතයයි, චුම්බකත්වයයි ආශ්‍රිත ක්‍රියාකාරීත්වයක්!!! ඒ ඇරෙන්න, ගන්න කියල වෙන මොකවත්ම දෙයක් නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මේ දුක්, දොම්නස්, නම් ගොත් කියා කියා වැළපීම් සේරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය හන්දා සිදුවෙනවා මිසක්, මේ ජීවිත වල අංශුමාත්‍රයක තරමේ වත් මොකක්වත් නෑ!!" කියල. ඉතින්, ගන්න කියල මොකක්වත්ම නැති එකේ, මේ මාතෘකාව ගැන මෙච්චරට කතාකරන එකත් පාඩුයි වගේ... ඒත් මේ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හරි භයානකයි!!! ඔය උදවිය හැමෝම ඒ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හැටියට ඉපදිච්ච අය!!! ඒත් ඔයාල ඔය මොකවත්ම දන්නේ නෑ නේද??? අන්න ඒකයි මේ ප්‍රශ්ණ සේරම!! ඉන්න... මං කියල දෙන්නම් සේරම.
 
බුදුරජාණන්වහන්සේ මේ කතන්දර සේරම අවබෝධ කරගත්තා!!! ඒත් උන්වහන්සේට මේ කරුණු අනික් උදවියට වටහල දෙන්න අවශ්‍ය පසුබිම ඒ කාලේ තිබුනේ නෑ!! කොච්චර දන්නවා උනත්, තමන් දන්නා දේ වෙන කෙනෙකුට කියන්න ගියාම 'මෙහෙම එකක් තියනවා... ඒක මේ වගෙයි... අරම එකකුත් තියනවා... ඒකයි මේකයි එක්කහු උනාම මෙහෙම මෙහෙම වෙනවා...' කියල, හතර බීරි කතා කිව්වට වැඩක් නෑ!! අන්ධයාට කිරි ගැන කියන්න ගිහින් සිද්ධවෙච්ච දේ වගේ ඒවා නොවෙන්න, හරියටම ගැලපෙන, කාටත් දකින්න පුළුවන්, කාටත් තේරුම්ගන්න පුළුවන්, උදාහරණ අරගෙන ඕනේ සේරම කියල, තේරුම් කරලා දෙන්න!! ඒත් එහෙම හරියටම ගන්න පුළුවන් උදාහරණ ඒ කාලේ තිබුනේ නෑ!!! දැන් උදාහරණ නම් වැහි වැහැල... ඒත් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්ත, 'සෙල්ලම් දාන්න' පුළුවන් තත්වෙට ආව, නැත්නම් රහත්වෙච්ච, අනික් අවශ්‍ය / අදාළ අංශ (technical related area) ගැනත් හොඳ දැනුමක්, අවබෝධයක් තියන අය මීට කලින් හිටියේ නෑ!!!
 
හැබැයි, දැන් තත්වේ එහෙම්පිටින්ම වෙනස්!!! හපොයි... මං බුදුවෙලා නම් නෑ!!! සාමාන්‍ය මනුස්සයෙකුට එහෙම හිටිවන බුදුවෙන්නත් බෑ!!! ඒත් මට ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි!!! මම වෙන වෙන එවුන්ගේ කතා මොකවත් අහන්නේ, පිළිගන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් වලට නොගැලපෙන, අදාළ නැති කිසිම දෙයක් පිළිගන්නෙත් නෑ!!! බුදුහාමුදුරුවෝ ජීවිතය අවබෝධකරගන්න අවශ්‍ය සේරම, එහෙම්පිටින්ම කියල දුන්නා!!! මම කල්පණා කරලා කරලා ඒවා හරියටම, පරතෙරටම තේරුම්ගත්තා!!! අන්න ඒ නිසා, දැන් අවශ්‍ය සේරම සම්පූර්ණයි... ඉතින්, දැන් ඔය කට්ටිය ලෑස්තිවෙන්න ණිවන් දකින්න!!!
 
බැරි වෙලාවත් බුදුරජාණන්වහන්සේ අද ජීවමානව වැඩසිටියා නම්, ආයේ කතාකරන්න කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! උන්වහන්සේ මේ කාලයේ අවබෝධ කළහැකි තත්වයෙන් ඉපදිලා ඉන්න හැම දෙනාටම ජීවිතය අවබෝධ කරවනවාම තමයි!!! උන්වහන්සේ මේ තාක්ෂණය, පහසුකම් කිසිම දෙයක් නැතුවයි එදා සාමාන්‍ය මනුස්සයන්ට, දෙවි දේවතාවුන්ට ජීවිතය දකින්න, අවබෝධ කරගන්න උපකාර කලේ!!! මට එච්චර දුරට බැරිවෙයි... ඒත් මේ මහපොළවේ ඉන්න මනුස්සයෝ කියන එවුන්ට වගකියන්න මට පුළුවන්!!! හැබැයි, ඇත්තටම මනුස්සයෝ කියල කියන්න පුළුවන් තත්වයේ (උසස් මනසක් තියන) ඒ කියන්නේ බකපණ්ඩිත නැති, චුට්ටක් හරි මොලේ කල්පණා කරන්න පුළුවන් උදවියට තමයි!!   
 
මේ මාතෘකාව අමාරු නෑ!!! බයවෙන්න, කලබල වෙන්න, මොකවත්ම ඇත්තෙත් නෑ!!! මෝඩ මිනිස්සුමයි සේරම අවුල් කරලා දැම්මේ!!! අවුල් කරගත්තේ!!! බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දැනගෙන උන්න!!! උන්වහන්සේ කිව්වා මුන් මේක නූල්බෝලයක් වගේ පටලවාගෙන, පැටලිච්ච තණකොළ ගොඩක් වගේ කරගෙන, එහෙම්පිටින්ම අනාගන්නව කියල!!! ඒත් මේකේ පටලගන්න, අවුල්කරගන්න මොකුත්ම නෑ!!! මේ, තනිකරම technical කතන්දරයක්!!! බුදුහාමුදුරුවෝ ඒ කාලේ කියන්න පුළුවන් උපරිමයෙන්ම හැමදේම කියල දීලත් තියනවා!!!
 
'වේපචිත්ති බන්ධනය' කියල එකක් ගැන කිව්වා... ඒක තනිකරම චුම්බක ක්ෂේත්‍රය නිසා ඇතිවන දෙයක්!!! බුදුහාමුදුරුවෝ ඈත විශ්වයට කතා කරනවා කිව්වෙත් modulated visible light beam (light modulation) එකකින් කියල කිව්වා!!! දන්නවද මේවා?? අහල තියනවද මේවා??? මේ සේරම මට නම් 'ටොයිස්' කතන්දර!!! ආයි කිව්වා, "මහා ලොකුවට පේන්න තිබුනට, මේකේ මොකවත්ම නෑ! විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය විතරයි මෙතන තියෙන්නේ!!" කියල. ඒ තනිකරම ඔය අපිට විදුලිය සපයන generator ඇතුලේ වෙන කතාන්දරය!!
 
ඉතින්, ඇට්ටි හැලෙන්නම දෙන්නම් නේද?? එතකොට බොරුකාරයෝයි, බොරුවයි එහෙම්පිටින්ම නැතිභංග වෙලා යනවා!!! අතුගෑවිලාම යනවා!!! ආයි අහන්න දෙයක් නෑ, අහිංසක / නිහතමානී මනුස්සයෝ නම්,  උඹල සේරම සදහටම දුකෙන් නිදහස් වෙනවා!!! මේ 'මං' කියන එකාගේ ආයුෂ ස්වාභාවිකවම ඉවර උනොත් මිසක්, නැත්නම් මේ වැඩේ නවත්වන්න පුළුවන් අය නම් කොහෙවත් නෑ!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.