Thursday, October 20, 2011

මනුස්සය කියන සත්වයා ගොඩාක් දේවල් කරනවා නේ... හිනා වෙනවා, කතාකරනවා, ඇවිදිනවා, ඉගෙනගන්නවා, රස්සාවල් කරනවා, සෙල්ලම් කරනවා, වගේ නානාප්‍රකාර දේවල් කරනවනේ... ඒත් මනුස්සයෙක්ව සිහිය නැතිකරලා දැම්මොත්, ඔය කිසි එකක් කරයිද? නෑ නේ?? නිකම්, මල මිනියක් වගේ වෙනවනේ!! ඇයි ඒ?? සත්වයාට 'සිහිය' තියෙන්න ඕනේ වැඩ කරන්න!!! හිතල, එහෙම නැත්නම් 'චේතනා පහල කරලා' තමයි ඒකා තව තව දේවල් හිතන්නේ, නොයෙකුත් දේවල් කියන්නේ, ඕනෙම වැඩක් කරන්නේ. හරි නේ?? දැන් මේ 'චේතනා පහල කරලා කරන' ඕනෙම දෙයක් 'ධර්මය' කියන මතෘකාවේදී අඳුන්වන්නේ 'සංස්ඛාර' කියල!!! ඉතින්, මෝටරයක් නම් ඒක කරන එකම දේ කැරකෙන එක විතරයි වගේ, සත්වයාටත් පුළුවන් 'සංස්ඛාර කරන්න' විතරයි!!! හරිද? ලස්සනට ගැලපෙනවා නේ??

'සංස්ඛාර' කිව්වමත් ටිකක් දන්න අය, ගොඩාක් පටලවා ගන්න එකක්!! ඒත්, එහෙම පටලව ගන්න අවශ්‍ය නෑ... සංස්ඛාර කියන්නේ නිකම් 'කෙහෙල් ලෙලි' වගේ දෙයක්!!! දැන්, කෙහෙල් ගෙඩියට නම් කෙහෙල් ලෙල්ල ඕනෙමයි නේ? නැත්නම් ගෙඩිය නරක් වෙනවා, කුණු වෙනවා, නේ?? අන්න ඒ වගේ, මේ ඇඟවල් වල පැවැත්මට ස්වභාවයෙන්ම ඇතිවෙච්ච සංස්ඛාර ජාති තුනක් බුදුහාමුදුරුවෝ කියා දීලා තියනවා, කාය සංස්ඛාර / වචී සංස්ඛාර / චිත්ත සංස්ඛාර කියල. ඒවා මේ ඇඟේ පැවැත්මට ස්වභාවධර්මයෙන්ම හැදිච්ච දේවල් මිසක්, මේ ණිවන් අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම කියන එකට ඒවා අදාළ නෑ!!! ඒවා ඔහේ තියන විදියට තිබිච්චාවේ. ඊළඟට තියන තරමක් කෙහෙල් ලෙලි තියෙන්නේ කුණුගොඩවල් වලට දාපුවා නේ? අන්න ඒ කිසි එකකුත් අපිට වැඩක් නෑ!!! ඒ කියන්නේ මේ අපි, අපේ එදිනෙදා ජීවිතවලදී හිතන / කියන / කරන මහා හුඟාක් දේවලුත් මේ ණිවන් අවබෝධකිරීම / ජීවිතය අවබෝධකිරීම කියන දේට අදාළ නෑ!!! හැබැයි, කෙහෙල් ලෙලි තියනවා තැන තැන දාපු, පෑගුනොත් බෙල්ල කඩාගන්න වෙන... අන්න ඒ සංස්ඛාර, නැත්නම් 'නැවත නැවතත් සන්කතයක්ම හදාදෙන්න හේතුවෙන සංස්ඛාර' කියන ටික තමයි අපිට දුකින් නිදහස් වීමට බලපාල තියන එකම ප්‍රශ්ණය!!!

ඔය 'සන්කතයක්' කියන්නේ මොකද්ද කියල බැලුවොත්, අර bedini මහත්තය හොයාගත්ත විදියට මෝටරයක් හදල, ඒක පැත්තකින් තියල තිබ්බ කියල මොකුත් වෙන්නේ නෑ. පොඩි තල්ලු start එකක් දුන්නම තමයි වැඩ පටන් ගන්නේ. ඒක ආරම්භය කියල ගත්තොත්, එවෙලේ ඉඳල මෝටරේ කරකැවි කැවී තියනවා එක්කෝ, මොනවා හරි ආබාධයක් හැදිලා නවතිනකම්!! එහෙමත් නැත්නම්, ගෙවිලා ගෙවිලම ගිහින් කැඩිලා නවතිනකම්!! එතනින් ඒ මෝටරේ කතාව ඉවරයි!!! පටන්ගත්ත... කාලයක් පැවතුන... නතර උන... මෙන්න මේ වගේ තමයි අපෙත්!! හැබැයි, අපිව හදල ඉවරවෙලා 'කරකවන' කතාවක් නෑ... අපි වැඩකරන්න, නැත්නම් 'කැරකෙන්න' ගන්නේ හැදෙන්න පටන්ගන්නකොට මයි!! ඔය 'කරකැවෙන්න' පටන්ගන්නේ කොහොමද කියලනේ කවුරුවත් හරියට නොදන්නේ... කොහොම හරි, උදේට උදේට අම්ම, 'ඕක්...' 'ඕක්...' ගාන්න ගත්තම තමයි 'පටන්ගත්ත' බව දැනගන්න ලැබෙන්නේ!! එතන ඉඳලා ටිකෙන් ටික හැදිලා, මෙලොවට බිහිවෙලා, ලොකුමහත් වෙලා, ටිකෙන් ටික වයසට ගිහිල්ල, අන්තිමේ මැරෙනවා!! වැඩසටහන ඉවරවෙනවා!! එච්චරයි!! වෙන අමුතු දේවල් මොකුත් වෙන්නේ නෑ, මෝටරේ වගේමයි... 'මොකුත්' යන්නෙත් නෑ!!! 'යන්න' මොකුත් ඇත්තෙත් නෑ!!! sure නෑ නේ??

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.