Saturday, October 22, 2011

අපිට කරකැවෙන මෝටරයක, එහෙම නැත්නම් මෝටරයකින් කරකැවෙන වෙන ඕනෙම දෙයක, දකින්න ලැබෙන්නේ ඒක කැරකෙන වේගය අඩුවැඩි වීම විතරක් උනාට, මෝටරයක් ඇතුලේ සිද්ධවෙන දේ ගැන නිවැරදි දැනීමක් තිබුනොත්, 'ආ... මෙහෙම නේ වෙන්නේ... ' නැත්නම්, 'මේකනේ මේ වෙන්නේ...' කියල ණුවනින් විමසල, ඒ කියන්නේ කල්පණා කරලා බලල තේරුම්ගන්න පුළුවන් වෙනවා!! තමන් පැහැදිලිවම, නිවැරදිවම දන්න කරුණු ආශ්‍රයෙන්, තවත් දෙයක් ගැන ණුවනින් කල්පණා කරලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා!! මේ කරන්න යන්නෙත් ඒකම තමයි... අන්න ඒකයි මේකට ප්‍රඥාව අත්‍යවශ්‍ය වෙන්නේ!!!

ඉතින්, මං බොහොම සරලව කිව්වා මෝටරයක් ඇතුලේ සිද්ධ වෙන කතාන්දරය. අපි ඒකට විදුලිය සැපයුවාම, ඒ විදුලි ධාරාව සන්නායක දඟර (coils) හරහා යනකොට චුම්බක ක්ෂේත්‍රයක් (magnetic field) ගොඩ නැගෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ ගතිලක්ෂණයක් වන ආකර්ෂණ/විකර්ෂණ (attract/repel) ක්‍රියාවලිය නිසා මෝටරය කැරකෙනවා. ඊළඟට ඒක කැරකෙනකොට, සන්නායක දඟර (coils) චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන් කිරීම නිසා විදුලි ධාරාවක් ඉපදිලා (ප්‍රේරණය වෙලා) එලියට එනවා. හරි නේ?? ඇත්තටම, මේවා කියවන ඔයාල අතරේ මෝටර් ගැන මීට වඩා ගොඩාක් දේවල් දන්න අය ඇති... ඒත් ඒවා මෙතනට අදාළ නෑ!!! මොකද අපි මේ යන්නේ motor හදන්න නෙවෙයි!!! අපි හදන්නේ මේ මෙච්චර කාලෙකට නොතේරිච්ච 'මහා පටලැවිල්ලක්' ලිහාගන්න!! අපේ එකම අවශ්‍යතාවය එච්චරයි!!! ඒකට අපි බොහොම සරලව මයි හිතන්න ඕනේ... ඕනෙවට වඩා හිතන්න ගියොත් නැති අවුල් ගොඩාක් හැදෙනවා මයි!!! 'පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ...' කියන්නේ ඒකයි!!

මුලින් අපි බැලුවේ, අපේ අවධානය යොමු කලේ, කරකැවෙන මෝටරයක පිටින් බැලුවම දකින්න පුළුවන් දේවල් ගැන. එතකොට ඉතින් දකින්න තියෙන්නේ කරකැවෙන වේගයේ අඩු වැඩි වීම විතරයි. හැබැයි අපි දැන් දන්නවා, මෝටරයේ කරකැවීම සිදු උනේ අභ්‍යන්තරයේ ගොඩනැගුන චුම්බක බලය නිසා!! විදුලිය ප්‍රේරණය උනෙත් චුම්බක බලය නිසා!! පැහැදිලියි නේ? ඒ කියන්නේ, මෙතැනදී 'මොටරයේ' වේගය වැඩි වෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය වැඩි වෙච්ච නිසා!! වේගය අඩුවෙනවා නම්, ඒ චුම්බක ක්ෂේත්‍රයේ බලය අඩු වෙච්ච නිසා!! පැහැදිලියි නේ?? තව විදියකින් කිව්වොත්, මේ කැරකෙන වේගයෙන් පෙන්නුම් කෙරිලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ බලය!!! හරි නේ?

ඊළඟට, මුලින්ම මේ මෝටරය හදපු ගමන් කැරකෙන්න ගත්තේ නෑ!! නිකම් තිබ්බනම් ඔහේ තියෙයි... කවදාවත් කැරකෙන්න ගන්නේ නෑ!!! හැබැයි මේකේ විශේෂ ලක්ෂණ දෙකක් තිබුන. එකක්, A කියමු!, කරකැව්වොත් විදුලිය හැදෙනවා... අනික් එක, B කියමු, විදුලිය ලැබුනොත් කැරකෙනවා... ඒ කියන්නේ මේ ක්‍රියාකාරිත්වයන් දෙකට එකතුවෙන්න ඉඩක් ලැබුනොත්, එකිනෙකාගේ උපකාරයෙන් ඔය ක්‍රියාකාරිත්වයන් දෙකට දිගින් දිගට පවතින්න පුළුවන්!!! A උපකාරයෙන් B තියනවා... B උපකාරයෙන් A තියනවා... පැහැදිලියි නේ?? ඔන්න ඕක තමයි බුදුරජාණන්වහන්සේලා ණුවනින් විමසලා විමසලා අවබෝධකරගන්නා ස්වභාවධර්මයේ 'රහස'. චුම්බක ක්ෂේත්‍රයේ උපකාරයෙන් විද්‍යුතය පවතිනවා... විද්‍යුතයේ උපකාරයෙන් චුම්බක ක්ෂේත්‍රය පවතිනවා... බුද්ධ වචනයෙන්, විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...

මේ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්නේ කොහොමද කියලත් පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්නවානේ පාපැදියක් පදින්න කකුල් දෙකම පාවිච්චි කරන්න වෙනවා නේ? එක කකුලකින් වට භාගයයි, අනික් කකුලෙන් තමයි ඉතුරු භාගය. මාරුවෙන් මාරුවට ඔය විදියට කරනකොට රවුමටම කැරකෙනවා!! මේ අපි ගත්ත උදාහරණයේදීත් එහෙමමයි!! ක්‍රියාවලි දෙක, මාරුවෙන් මාරුවට නොකඩවා සිද්ධවෙනවා... අන්න ඒකයි ඔය මොටරේ අතින් කරකවල පටන් ගත්තම නොනැවතී දිගින් දිගටම කැරකෙන්නේ.  මං මුලින් ඉඳලම 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච පරිසරයක්' කියල කිව්වේ ඔන්න ඔය ගැන තමයි!! පටන් ගත්තද, ඉවරයක් වෙන්නේ නෑ!!! ඕක තමයි අපිටත් වෙලා තියන case (feedback loop) එක!!! ඉවරයක් දකින්න නම් කවදා හරි මේ විඥාණයේත්, නාමරූපවලත්, අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම කඩල බිඳලා දන්න ඕනේ!!! loop එක break කරන්න ඕනේ!!!

ආයි ඉතින් අපිට කරකැවෙන කතාවල් ඕනේ වෙන එකක් නෑ!!! මේ කියපු විඥාණ / නාමරූප කතාන්දරය තව ටිකක් විස්තර කරලා, අපේ ජීවිත වලට සම්බන්ධ වෙන විදිය පෙන්වලා, මේ එක එක නම්වලින් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මොනවා ගැනද, ඒවා අතරේ තියන සම්බන්ධකම් මොනවද කියල පෙන්නුවාම, සංසාරේ 'අතුරුදහන්' වෙනවා!!! ආයි ඉතින් 'සංසාරේ යන්න' ඉස්සෙල්ලම, යකඩෙන් / සිමෙන්තියෙන් මොනවහරි වලින් 'සංසාරයක් හදාගෙන ඉන්න' වෙනවා!!! අර... 'අහවල් දිහාවේ' යන්න, 'අහවල් එක්කෙනා' ගාවට යන්න, ඔය හැමදේටමත් අලුතෙන් 'ක්‍රම' හොයාගන්න වෙනවා!!! කතා ඕනේ නෑ... කාලයක් යනකොට තේරෙයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.