Monday, October 24, 2011

දැන් ඉතින් අපිට මෙච්චර දවසක් දඟලල දඟලල ඉගෙනගත්තු කරුණු ටික විතරක් තියාගෙන, 'මෝටරේ' විසිකරලා දාන්න කාලේ හරි!! මොකද, අපිට උවමනා වෙන්නේ, කාලයත් එක්ක විඥාණය සහ නාමරූප කියන දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මකව තිබෙන විදිය / ක්‍රියාත්මක වෙන විදිය ගැන දැනගන්න / තේරුම්ගන්න විතරයි!! අපි මෝටරයක කරකැවීම හැටියට දකින්නේ, කාලයත් එක්ක ඒකෙ පිහිටීම වෙනස් වීම, නැත්නම් හැරිලා තියන දිශාව වෙනස් වීම නේ?? නැවතිච්ච එකක් නම්, කාලය යනවා විතරයි... දිශා වෙනස් වීමක්, 'චලනයක්' නෑ!! පැහැදිලියි නේ?? ඉතින්, දැන් අපිට මෝටරේ ගැන වත්, ඒක කැරකෙන එක ගැන වත්, හිතන්න ඕනේ නෑ!! කාලය කොහොමත් ගතවෙනවා නේ... අන්න ඒ කාලය ගතවීම කියන්නේ, මේ විද්‍යුත් ධාරාව හා ඊට අනුරූප චුම්බක ක්ෂේත්‍රය නොකඩවා වෙනස් වෙමින් පවතින එකටයි! කියල හිතන්න!!! ක්‍රියාත්මකව තියනවා... වැඩ කර කර තියනවා... කියල ගත්තනම් හරියටම හරි!!!

ඊළඟට, මේ මෝටරයක තියන දඟර / චුම්බක, විදුලිය සැපයුවහම කරකැවෙන එක, කරකැව්වාම විදුලිය නිපදවෙන එක, කියන කිසිම කාරණාවකුත් වැඩක් නෑ!! අර... 'විශේෂයෙන් සකස්වූ පරිසරය' කියන එක විතරයි ඕනේ!!! ඒක නිකම්ම නිකම් 'ගුහාවක්' නැත්නම් 'හුඹහක්' කියල ගන්න / හිතන්න!! බුදුහාමුදුරුවොත් ඕකට කිව්වේ ගුහාවක් කියලම තමයි!!! ඔයාලට හොඳටම 'දිරවල' තියෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ මෙන්න මෙච්චරයි... ඔය ගුහාව ඇතුලේ සිද්ධ වෙන්නේ විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ කරගෙන යන වැඩසටහනක්!!! ඒකෙ එක ප්‍රධාන ලක්ෂණයක් තමයි, යම් දිනක විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ වැඩකරන්න පටන් ගත්තද, ආයේ කවදාවත් ඒක 'ඉබේම' නම් නතර වෙන්නේ නෑ!!! ඒ වැඩපිළිවෙල නිසාම, මේ ගුහාවට දාන / වැටෙන හැමදෙයක් මත් ගුහාවක් පවතින තාක් කල්, නොනැසී දිගින් දිගටම රඳා පවතිනවා!!! එක ගුහාවක් නැසී වැනසී යනකොට ඒකෙ තියන සේරම ටික තව එකකට බැහැගන්නවා!!! ඉවරයක් කලොත් මිසක්, නැත්නම් මේ සිදුවීම නතර වෙන්නේ නෑ!!! ඔන්න ඔහොමයි වෙන්නේ කිව්වලු... පස්සේ කියන්නම්කො, බුදුහාමුදුරුවෝ කියපු විදියටම!!!

ඊළඟට, මේ ගුහාවේ සිද්ධවෙන කතන්දරයේ අනික් වැදගත්ම කරුණ තමයි, පාලණය කල හැක්කේ එක අංශයක් (පැත්තක් / කොටසක්) විතරයි!!! ඒ කියන්නේ විද්‍යුතය පැත්ත විතරයි!!! අනික් පැත්ත ඊට අනුරූපව ඉබේ වෙනස් වෙනවා මිසක්, පාලනය කරන්න කිසිම ක්‍රමයක් නෑ!!! නොකඩවා විදුලිය ගලන්න ගලන්න, චුම්බක ක්ෂේත්‍රය බලවත් වෙනවා... විදුලිය ගැලීම සීමා කරන්න ලැබුණොත් විතරක්, ඒ ක්ෂේත්‍රය දුර්වල කරන්න පුළුවන් වෙනවා!!! ඉතින්, වැඩ වරද්ද ගත්තොත්, විනාසයි... හරියට ක්‍රමය දැනගත්ත නම්, එතැනින්ම අබල් බබල් සේරම ඉවරයි!!!

හ්ම්ම්... ඊළඟට අපි මේ කියල තියෙන්නේ මොකක් ගැනද? කියල බලමු!! ඊට කලින්, චුට්ටක් කල්පණා කරලා බලන්න, අපි 'පණ නැති' දෙයක් සමග, ඒ කිව්වේ පඹයෙක් / බෝනික්කෙක් වගේ දෙයක් එක්ක කතා කරනකොට අපිට දැනෙන විදියෙයි, 'පණ තියන'කෙනෙක්, බල්ලෙක් / පූසෙක් / වෙන මනුස්සයෙක් වගේ කෙනෙක් එක්ක කතා කරනකොට දැනෙන විදියෙයි වෙනස මොකද්ද?? කියල...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.