Tuesday, September 30, 2014

** ඒයි,  දැන් ඔහොම අතීත / අනාගත දෙකම අතහැරල වර්තමානයේ විතරක් ඉන්නකොට අලුතෙන් කුණුගොඩවල් එකතුවෙන එක නම් නතරවුණාට, කළින් එකතුවෙච්ච කුණුගොඩවල් අම්බානට තියනවා නේ???   බැරිවෙලාවත් එව්ව දිගට හරහට මතක් වෙන්න ගත්තොත්???  නැත්නම් ඔය ගලිගමුවෙ අඥාණදීපයා එහෙම කියනවා වගේ, ‘උඹම කරපු පුරාණ කරුම’ පූහ්.. පුඃ.. පුඃ..  විඵාඛ ධෙණ්ඩ ආවොත්??? ??? ???   යකෝ,  එව්වත් ඇවිල්ල, මතක්වෙන.. ‘මනසින්’ දැනගන්න.. කෙහෙල්මල් විතරයි!!! !!! !!! තොට එව්ව ගැනත් හිතන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ!!! මොකද, එව්වත් මතක්වෙච්ච සැණින්ම අතීතයට එකතුවෙනවා!!! !!! !!!  උඹ බුදුහාමුදුරුවෝ කියපු විදියට වැඩකරන එකෙක් නම්, උඹට ඒ අතීතයට එක්වෙච්ච දේවල් මොකක්වත් ගැන හිතන්න බෑ!!! !!! !!!  හිතන්න ඕනෙත් නෑ!!! !!! !!!  එතකොට උඹට ‘පුරාණ කරුම’ කතන්දරත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  
ඇත්තටම, ‘වර්තමාණයේ ඉන්න’ කෙනෙකුට තියෙන්නෙ එකම එක චූටි upset එකක් විතරයි. ඒ එකම විදියට ගොඩ වෙලාවක් තිස්සෙ ඇතිවන විඳීම් වලදි නම්, වාහනය නතරකරලා.. ‘කාලය නැවතිලා’.. වගේ අවස්ථාවක් / situation එකක් ඇතිවෙන නිසා, උඹ කොච්චර don’t care ඉන්න හැදුවත් / හිටියත්, අහන්න.. දකින්න.. විඳින්න.. සිද්ධවෙන දේවල් ටිකෙන් ටික හරි හිතට ‘රිංගලා’ මානසික වදයක් වෙන එක තමයි!!! !!! !!!  ඒත් ඒවගේ තැන්වලදි ආයතන වල සංවේදීතාවය අඩුවෙලා අඩුවෙලා ගිහිං ප්‍රශ්ණෙ ඉබේම විසඳෙන නිසා… ආයෙ, එකම දේ දිගින් දිගට සිද්ධවෙනකොට අර ‘කම්මලේ බල්ලට හෙණ ගැහුවට දැනෙන්නෙ නෑ’ වගේ, ගාණක් නැතුව යන නිසා… උඹ ඒ වගේ අවස්ථා ගැන කලබල වෙන්න ඕනෙත් නෑ!!! !!! !!!  හරිය??  උඹත් දැන් ඉඳලම උඹගෙ ‘ඇහැ - කණ - නහය - දිව - කය - මනස’ set එකෙන් දැනෙන දේවල් වලට කුලප්පු නොවී ඉවසගෙන.. කාගෙන.. හිටහන්!!! එතකොට මේ කරුමෙ මෙතැනින්ම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

අනේ ඒ වුණාට ඉතිං වැඩේ තියෙන්නෙ,  බුදුහාමුදුරුවො කිව්වයි කියල ඔහොම ‘වර්ථමාණයේ ඉන්න’ හරී අමාරුයි!!!  ඇයි ඉතින්, ඇහෙනකොට.. පේනකොට.. දැනෙනකොට.. කාගෙන ඉන්නෙ කොහොමද අප්පා?? ‘කහනවා’ නේ??? ??? ???    ඉතීන් මේ ‘මනුස්ස’ කියන ජාතියේ ගොං සත්තු, ඇහැ / කණ / නහය / දිව / කය පාව්ච්චි කොරන්න ගිහින්… ‘ඉඳුරන් පිනවන්න’ නැත්නම්, ‘එන්න පස්’ සැප විඳින්න ගිහින්…   **- ‘එන්න පස්’=> ‘come පස්’ => ‘පස් come’   -** කොහොමත් වැඩේ අනාගන්නවාම තමයි!!! !!! !!! මොකද, එව්ව කොරන්න තියාගත්ත ගමන්, ඇහැ / කණ / නහය / දිව / කය ඔක්කොගෙන්ම එන කුණුගොඩවල් සේරම ඇතුලට වැටිලා, හොඳට පැළපදියම් වෙනවා!!! !!! !!! නැත්නම්, මතක හිටිනවා!!! !!! !!! ඊටපස්සෙ ඉතින් හරී අමාරුයි!!! !!! !!!  එව්ව දිගට හරහට මතක්වෙන්න ගන්නවා!!! !!! !!!  ‘ආතල් එව්ව’ මතක් වෙනකොට ‘ඇලෙනවා’!!! තව තව විඳින්න ඕනෙ වෙනවා!!! ‘Upset එව්ව’ මතක් වෙනකොට ‘ගැටෙනවා’!!! මල පනිනවා!!! බයවෙනවා!!! ‘හිතේ’ නැටිල්ල (deflection එක) අම්බානට වැඩිවෙලා, ‘භවය’ (field එක) එකසිය ගාණටම වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එහෙම උනායින් පස්සෙ ඉතින් මේ ගොං සත්වයන්ගෙ ආයුෂ ඉවර වෙච්ච ගමන් වැඩේ කෙළවිලා... පෙරේතයෙක් - තියෙක් / තිරිසනෙක් / නිරිසතෙක් මොකෙක්හරි ඉපදිලා... සංසාර කතන්දරේ එහෙම්පිටින්ම කුරුවල් වෙනවා!!! !!! !!!  එච්චරයි!!! !!! !!! 

එතකොට, කස්ටිය හොඳට දන්නවා නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හැමවෙලේම “පින්වත ඇස සංවර කරගන්න!! පින්වත කණ සංවර කරගන්න!! පින්වත නාසය සංවර කරගන්න!! පින්වත දිව සංවර කරගන!! පින්වත කය සංවර කරගන්න!! සිල්වත් වෙන්න!! සීලයෙන් සංවර වෙන්න!! කායේන සංවරෝ සාධූ!!” කිය කියා, ශ්‍රාවක පිරිසට උපදෙස් දීල තියන බව??  නේද???  උන්වහන්සේ බොලාට ආං එහෙම උපදේසයක් දීල තියෙන්නේ, උඹල ඔය උඹලට හම්බවෙලා තියන ‘ඇහැ / කණ / නහය / දිව / කය’ කියන ආයතන set එක, කිසි චාරයක් නැතුව… කිසි සංයමයක් / පාලනයක් නැතුව… පාවිච්චි කරන්න තියාගත්තොත්, ඒකත් මේ සංසාර කතන්දරේ තව තවත් කුරුවල් වෙන්න හේතුවෙන නිසා, ‘තොපිට අහල / දැකල / විඳල කුලප්පු නොවී ඉන්න බැරිනම්, තොපි අහන්න / දකින්න / විඳින්න යන්නෙ නැතුව, පරිස්සම්වෙලාම හිටපිය!! ඉඳුරන් දමනය කරගෙන හිටපිය!!’ කියල කියන්න තමයි!!! !!! !!!  

හැබැයි හොඳට දැනගනිල්ලා, උන්වහන්සේ තොපිට එහෙම ‘පංච කාමයෙන් ඈත් වෙන්න… පසිඳුරන් දමනය කරගන්න… සීලයෙන් සංවර වෙන්න...’ කිය කියා උපදෙස් දුන්නේ, ඒකත් මේ සංසාර කතන්දරේ කුරුවල් වෙන්න හේතුවෙන තවත් එක හේතුවක් නිසා විතරයි!!! !!! !!! ඒ නැතුව, පංච කාමයෙන් ඈත් උනාම.. පසිඳුරන් දමනය කරගත්තාම.. සිල් රැක්කාම.. තොපි නිවන් යයි… සංසාර අනතුරින් බේරෙයි… සංසාර දුකින් නිදහස්වෙයි… කියල එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    මොකද, පසිඳුරන් දමනය කොරගෙන.. පංච කාමයෙන් ඈත්වෙලා.. සීලයෙන් සංවර වෙලා.. නෙවෙයි, ඇස් පොට්ට කරල.. කන් බීරි කරල.. දිව කපල.. නහයෙ පොල්මුඩු දෙකක් ගහල.. ගෝනියක ඔබල.. ගැටගහල පැත්තකින් තියල තිබ්බත්, සංසාර පැවැත්ම නිසා හැදිච්ච මොකෙකුටවත් උන්ට උපතින්ම ලැබිල / උරුමවෙලා තියන ‘සංසාර මතකයන්’ ඔළුගෙඩි වලින් අයින්කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පුක විකාගෙන ඉඳුරන් දමනය කරගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න ඕනෙම පින්වත් සිල්වත් ගොං සංඝ කෙනෙක්.. ගොං මෙහෙණි කෙනෙක්.. ගොං උපාසකයෙක්.. ගොං උපාසිකාවක්.. මොකෙක් උනත්, එක මොහොතින් හොම්බෙන් යවන්න… හතර අපායෙ පදිංචියටම යවන්න… ඒ ‘මතකයන්’.. තොපේ ‘පූරුවෙ කරුම’..පූහ් පුඃ පුඃ පුඃ  හොඳටෝම ප්‍රමාණවත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සිල් රැකල.. පසිඳුරන් දමනය කරගෙන ඉදල.. ඒ අනතුරින් ගැලවෙන්න මොකෙකුටවත් බෑ!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!  

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “හිස ගිනිගත්ත එකෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් (ඉක්මණින්) සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙයන්!! ආයුධයකින් පහරකාපු එකෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙයන්!!” ඒ කියන්නෙ, සෝතාපන්න වෙයන්!!! නැත්නම්, “තෝ, කාපු බීපු දේවල් වලින් හැදිච්ච තාවකාලික සතෙක් මිසක්ක තෝ සංසාරෙ ආව එකෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!! සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නෙ හද්ද පරණ මතකයක්.. ‘පංච උපාදානස්කන්ධයක්’.. දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!! තොටත් ඒ විදියට ලැබිල / උරුමවෙලා තියන ‘සංසාර මතකය’ තොගේ උළව්වක් වත්.. තෝම කරපු කියපු දේවල් වත්.. තොටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!! තෝ ඒ බව කිසිම සැකයක් සාංකාවක් නැතුව සහසුද්දෙන්ම දැනගනින්!! ඒ සංසාර මතකය තොගේය.. තෝම කරපු කියපු දේවල්ය.. තොටම වෙලා තියන දේවල්ය.. කියල තෝ රැවටිලා ඉන්න රැවටිල්ලෙන් ඉක්මණට මිදියන්!! වහාම ‘මුළාවෙන්’ මිදියන්!!” කිය කියා කිව්වේ, අන්න ඒ භයානක සංසාර අනතුරෙන් බේරෙන්න තොපි හැමෝම මුලින්ම කලයුතු දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මතක නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට දවසක් මහා කඳු පර්වතයක් ලඟදි කියාපු කතාව??  අර.. අර.. චූටි ගල්කැට 7ක් පේලියට තියලා, “අර මහා කඳු පර්වතයද මේ ගල්කැට 7ද වඩා ලොකු??” කියල ඇහුව seen එක??  අන්න එතෙන්දි, “යමෙක් සෝතාපන්න උනා කියන්නෙ, එයා අන්න අර මහා පරුවතේ තරම් දුක් (= ‘පව්’ නැත්නම් ‘පූරුවෙ කරුම’ කන්දරාවක් ඉවර කල කෙනෙක්!! එයාට තව ඉතුරු ඔන්න ඔය චූටි ගල්කැට 7 තරම් දුක් ප්‍රමාණයක් විතරයි!!” කියලා, උන්වහන්සේ පැහැදිළිවම ප්‍රකාශ කළේ, ඔය ‘සංසාර මතකයෙන්’.. ‘අතීතයේ ඉඳල පැවතගෙන ඇවිල්ල තියන පංච උපාදානස්කන්ධයෙන්’.. නිදහස්වෙන එක... ඒ පංච උපාදානස්කන්ධය තමන්ගෙ දෙයක් නෙවෙයි කියල දැනගන්න එක... ගැන තමයි!!! !!! !!!