Wednesday, October 19, 2011

අපේ මේ ඇඟවල් වල, එහෙමත් නැත්නම් මේ සත්වයින්ගේ අභ්‍යන්තරයේ සිද්ධවෙන කතාන්දරය මේකයි කියල හරියටම පෙන්වන්න නම් ගන්න තියන උදාහරණය electrical generator එක තමයි. ඒ ටික ලිව්වා කලින් කරපු thread එකේදී. හැබැයි ඉතින් ඒක හරියන්නේ electrical engineering කරපු, ඒවාට interest එකක් තියන උදවියට තමයි!! දැන් තියනවා ඊට වඩා පැහැදිලි උදාහරණයක්... ඒක ඇවිල්ල මෝටරයක්!! a motor!! හරියටම කිව්වොත්, bedini motor කියල තමයි කියන්නේ!! ඒක මේ මෑතකදී තමයි හදල තියෙන්නේ. හැබැයි මෑතකදී හැදුවට එතනත් ක්‍රියාත්මක වෙන්නේ, කල්ප ගණනක් තිස්සේ සැරින් සැරේට ලෝකයේ බුදුවරු පහලවෙලා හෙළිදරව් කරගත්තු, ආයේ කාලයක් යනකොට කාටවත් අහන්න / දකින්න නොලැබෙන විදියට ලෝකයෙන් අතුරුදහන් වෙලා ගිය, 'විඥාණය උපකාරයෙන් නාමරූප පවතිනවා... නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතිනවා...' කියන ස්වභාවික සංසිද්ධියම තමයි!!! ඉතින් දැන් 'නාමරූප' කියපු ගමන් හොල්මං වෙන්න ඕනේ නෑ!! 'විඥාණය' කිව්වට හොල්මං වෙන්න ඕනෙත් නෑ!! මම කතන්දරේ දන්න නිසයි කියන්නේ... ඔයාලට තියෙන්නේ මොකද්ද මේ කියන්නේ කියල බලාගන්නයි.

අද කාලේ 'මෝටර්' කියන එක ගැන නොදන්න කවුරුවත් නෑ නේ... අපිට ඒකෙ ඇතුලට බහින්න උවමනාවක් නෑ!! මෝටරයකට විදුලිය සැපයුවහම ඒක කැරකෙන්න ගන්නවා... සපයන විදුලි බලය අඩු වැඩි කරනකොට ඒකෙ වේගයත් අඩු වැඩි වෙනවා... අන්න ඒ වගේ බොහොම චුට්ටක් චුට්ටක් දේවල් විතරයි දැනගන්න ඕනේ!! අපි මේ මතෘකාවේදී පුළුවන් තරම් සරල වෙන්න ඕනේ!!! නැත්නම් පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැරි කතාව මෙතනදීත් බලපානවා!! මහා ලොකුවට හිතන්නේ නැතුව, ඔය වෙසක් කාලෙට බුදුරැස් මාලාවල් කරකවන්න ගන්න පොඩි motor එකක් හොයාගත්තා නම්, මේ කියන ටික කරලම බලාගන්නත් තිබුනා!! ඒ මෝටරයකට බැටරි කෑල්ලක් ඇල්ලුවොත් කැරකෙන්න ගන්නවා... බැටරි කෑලි දෙකක් ඇල්ලුවොත් ඊට වඩා වේගයෙන් කැරකෙනවා... බැටරි කෑලි තුනක් ඇල්ලුවොත් වේගේ ඊටත් වැඩියි... අන්න ඒ විදියට සපයන විදුලි බලයට අනුව කැරකෙන වේගය අඩු-වැඩි වන බව දැනගන්න පුළුවන්!! ඊළඟට සාමාන්‍යයෙන් මෝටරයක් නම් කරන්ට් එක දුන්නම කැරකෙනවා මිසක්, වෙන මොකවත් වෙනවා  කියල හිතෙන්නේ නෑ නේ?? ඒත්, ඔයාල මේ මෝටරයට පොඩි විදුලි බුබුලක් අල්ලලා (tourch bulb) මෝටරය අතින් කරකැව්වොත්, විදුලි බුබුල දැල්වෙන හැටි දකින්න පුළුවන් වෙයි!! ඒ විදුලි බුබුලේ ආලෝකය, මෝටරය අතින් කරකවන වේගය අනුව අඩු-වැඩි වන බවත් තේරේවි!!! ඉතින්, මොකද්ද මේ වෙන්නේ?? සාමාන්‍යයෙන් විදුලි බුබුලක්, මෙතැනදී නම් tourch bulb එක, දැල්වෙන්නේ ඒකට විදුලි බලයක් ලැබුණු හන්ද නේ... ඒ කියන්නේ, අපි මෝටරය අතින් කරකවන කොට, ඒකෙන් විදුලිබලයක් නිපදවලා තියනවා!! පැහැදිලියි නේ??

මේ සිදුවීම බොහොම ස්වභාවික එකක්!! ඒ ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් වෙන්නේ මෙහෙමයි... අර කලින් උදාහරණ කිහිපයකින් කිව්ව වගේ, විදුලිය / විද්‍යුතය කියන්නේ ස්වභාවධර්මයට අයිති, ස්වභාවික දෙයක්!! ඒ වගේම, චුම්බක බලය / චුම්බකත්වය (කාන්දම්) කියල තව සංසිද්ධියක් මේ ලෝකේ තියනවා... ඒකත් ස්වභාවික දෙයක්!! ඊටත් අමතරව, ඔය ස්වභාවික සංසිද්ධි වලටම අදාළ තව සම්බන්ධතා දෙකකුත් තියනවා මෙන්න මේ විදියට. එයින් පලවෙනි එක තමයි, යම් සන්නායකයක් දිගේ විද්‍යුතයත් ධාරාවක් ගමන් කරන කොට, ඒ සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගීම!! දෙවැනි එක තමයි, චුම්බක ක්ෂේත්‍රයක් හරහා යම් සන්නායකයක් ගමන්කරන විට, එම සන්නායකයේ ධාරාවක් ගැලීමට පටන් ගැනීම!! මෝටරයට අපි විදුලිය සපයනකොට, ඒ ධාරාව මෝටරය ඇතුලේ සන්නායක දඟර තුලින් යද්දී ගොඩනැගෙන චුම්බක ක්ෂේත්‍රයේ ආකර්ෂණ / විකර්ශන ක්‍රියාවලියෙන් මෝටරය කරකැවෙනවා... අපි මෝටරය අතින් කරකැව්වාම, මෝටරය ඇතුලේ පවතින චුම්බක ක්ෂේත්‍රය හරහා ගමන්කරන සන්නායක දඟර වල උපදින (ප්‍රේරණය වන) ධාරාව මෝටරයෙන් එලියට එනවා... ඔන්න ඔච්චරයි වෙන්නේ!!

දැන්, චුම්බකත්වය සම්බන්ධ කොටස ටිකකට අමතක කරන්න... ඒ ටික තියෙන්නේ මෝටරය ඇතුලේ නේ!! අපි එළියෙන් දකින්න තියන කාරණා ගැන බලමු!! මේ මෝටරය කරකැවෙන්න නම් ඒකට අපි විදුලිය සපයන්න ඕනේ... හරි නේ?? ඒත්, අපි විදුලිය සපයන්නේ මොකටද?? මෝටරය පොඩ්ඩක් අතින් කරකැව්වා නම්, ඒකෙන්ම අවශ්‍ය විදුලිය හැදෙනවා නේ? එහෙම නේද?? ඊළඟට ඒ විදුලියෙන්ම මෝටරය කරකැවෙන හන්ද, අපි ආයි කුරුගාන්න ඕනේ වෙන එකක් නෑ... ඒක ඔහේ දිගටම කරකැවී කැවී තියේවි නේ? මොකද හිතන්නේ?? හුඟාක් උදවිය කියන්නේ, 'ඒක වෙන්නේ නෑ... එහෙම වෙන්න බෑ...' කියලයි!!! ඒත්, ඒක එහෙමමයි වෙන්නේ!!! (Internet එකේ ඕනේ තරම් උදාහරණ තියනවා... ඕනේ කෙනෙකුට බලල, සැක හැරගන්න පුළුවන්!!) හැබයි, අපි සාමාන්‍ය මෝටරයක් අරගෙන ඒක අතින් කරකැව්වා කියල ඒක ඔය විදියට දිගටම වැඩකරන්න ගන්නේ නෑ!!! ඒකට 'විශේෂිත ආකාරයකට' මොටරයේ අභ්‍යන්තර පරිසරය සකස්වෙන්න ඕනේ!!! මම අර ශීතකරණ A/C ගැන කියපු වෙලෙත් කිව්වේ, 'විශේෂිත ආකාරයකට සකස්වෙච්ච පරිසරයක් තියෙන්න ඕනේ!' කියල... මෙතනදීත් අන්න ඒ වගේමයි!! ඒ කියන්නේ, එකක් අනිකට උපකාර වෙමින් දිගින් දිගට පවතින (feedback loop) විදියට සකස්වෙච්ච සංවෘත පරිසරයක් තියෙන්න ඕනේ!!! එහෙම තත්වයක් තියන තැනක මොනවා හරි ක්‍රමයකින් 'ආරම්භය' සිදුකලොත්, ආයේ කතාකරන්න දෙයක් නෑ... නතර කරන්න 'සෑහෙන නෑමක්' නාන්න වෙනවා!!! මේ අපි හැමෝටමත් වෙලා තියෙන්නේ ඒකමයි!!! මේ ඇඟවල් හැදිලම තියෙන්නේ වැඩේ 'ඇනෙන' විදියටයි... ඒකයි අපි මෙහෙම ඉපදිලා ඉන්නේ!!!

මෙතැනදී මම bedini motor එක උදාහරණෙට ගත්තේ, කරකැවෙන්නේ නැතුව නතරවී තියන එකක් අතින් පොඩි තල්ලුවක් දාපු ගමන් කරකැවෙන්න පටන් අරන්, එන්න එන්න වේගය වැඩිවෙලා, පරිසර සාධක අනුව යම් නියත වේගයකින් නොකඩවා දුවන්න ගන්න හැටි ඕනෙම කෙනෙකුට දකින්න පුළුවන් නිසයි... එහෙම කරකැවෙන්න පටන් ගත්ත එකක් මොකක් හරි ක්‍රමේකින් නැවත්තුවොත් මිසක්, නැත්නම් ඒක ගෙවිලා කැඩිලා යනකම්ම නතරවීමක් නෑ!! මේ 'අපි'ලගෙත් එහෙම්මමයි!!! ඉතින්, දැනට නම් අපිට අවශ්‍ය වෙන technical කෑලි මෙච්චරයි... ඊළඟට අපි ඔය දැනගත්ත දේවල් ටික, අපේ ජීවිත වලට බලපාල තියන හැටි බලමු!! මේ සේරම කියල දීල තියෙන්නේ බුදුරජාණන්වහන්සේ මයි!!! වෙච්ච එකම අවුල ඔය කාටවත් මේවා නොපෙනිච්ච / නොතේරිච්ච එක විතරයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.