Wednesday, November 9, 2011

බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිතය කියන්නේ, පඨවි / ආපෝ / තේජෝ / වායෝ / අවකාශ සහ විඥාණ කියල ධාතු 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඉතින්, පණ ඇති සත්වයෙක්ගේ ඇඟක තියෙන්නේ මෙන්න මෙව්වා මෙව්වාය කියල කිව්වයින් පස්සේ, ප්‍රාණය නිරුද්ධ වෙච්ච ඇඟක නම් තියෙන්නේ පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන ධාතු හතර විතරයි නේද? කියන එක ඔය කාට කාටත් තේරෙනවා නේ?? ප්‍රාණය නිරුද්ධයි කියන්නේ විඥාණ ධාතුව නෑ... අවකාශ කියන්නෙත් හිස් තැන්, ඒවයෙත් මොකුත් නෑ... ඉතුරු හතර නේ?? බුදුහාමුදුරුවෝ ඔන්න ඔය ටික එක නමකින් හඳුන්වල දුන්න හතරමහා ධාතු කියල!!! ඉතින් ඔය කවුරු කවුරුත් දන්නවනේ, මිනිහෙක් උනත් සතෙක් උනත් මැරිච්ච ගමන් ඒ 'ඇඟ' කුණුවෙලා ගඳගහන්න ගන්නවා, එහෙන් මෙහෙන් චුරු පැනල, දියවෙලා, විනාසවෙන්න පටන්ගන්නවා... නැසී වැනසී යනවා!! කියල. ඔන්න ඔය නැසී වැනසී යන ස්වභාවයට පාලි භාෂාවෙන් කියන්නේ රුප්පති කියලලු... ඉතින් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ නැසී වැනසී වැනසී යන ස්වභාවය නිසා, බුදුහාමුදුරුවෝ මේ ඇඟවලුත් හඳුන්වලා තියනවා රූප කියල!!! "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති" නැසී වැනසී යන ස්වභාවය නිසා 'රූප' යයි වදාරමි! කියල තමයි උන්වහන්සේ කිව්වේ.

ඊළඟට මේ 'ඇඟ'ය කිව්වේ කන කෑම වලින්, ආහාර වලින්, හැදිච්ච එකක්!! ඒ ආහාර සේරම එක්කෝ මේ මහපොළවෙන් සාරය උරාගෙන හැදෙන ගස්කොලන් හා ඒවායේ ගෙඩි!! එහෙම නැත්නම් ඒ ගස්කොලන් හා ගෙඩිම ආහාරයට අරන් හැදිච්ච සත්තුයි උන්ගේ කිරියි / බිත්තරයි!! ඒ කියන්නේ මේ අපිට දකින්න තියන තරමක් සත්තු / ගස්කොලන් ඔක්කොම එකයි... ඔය සේරගේම තියෙන්නේ සතරමහා ධාතු විතරයි!!! ඊළඟට, ඔය හැමදේම නැසී වැනසී යන දේවල්... ඉතින්, සරලවම කිව්වොත් මේ සේරම 'රූප' විතරයි!!! ඇත්තටම මේ අපි 'ඇහැට දකින' ලෝකය තුල සිදුවෙන්නේ, කාලෙන් කාලෙට මේ මහපොළවේ තියන සතරමහා ධාතු එක එක ප්‍රමාණ වලින්, එක එක ස්වරූප වලට සකස්වෙලා, කාලයක් වෙනස් වෙමින් පැවතිලා, අවසානයේ නැසී වැනසී ගොස් නැවත මහා පොළවටම එකතු වීම විතරයි!!! වෙන අමුතු, අද්භූත මොකවත්ම සිද්ධවෙන්නේ නෑ!!!

ඉතින්, මේ 'ධර්මය' කියන මතෘකාවේදී අපට වැදගත් වෙන්නේ ඔන්න ඔය 'රූප' කියල හඳුන්වල තියෙන්නේ මොනවද කියන එක, රූප වල definition එක මොකද්ද කියන එක, විතරයි!!! ඒ කියන්නේ, ධර්මයේදී 'රූප' නැත්නම් 'රූපයක්' කිව්වොත්, ඒ හතරමහා ධාතු වලට නැත්නම් හතරමහා ධාතු වලින් හැදුනු දෙයකට කියන එක විතරයි!!! ඊට වඩා ගැඹුරට හිතන්න කිසිම උවමනාවක් නෑ... ගැඹුරට හිතීමෙන් ලැබෙන ප්‍රයෝජනයකුත් නෑ!!! ඕනෙම කෙනෙක් ඉන්නවා නම් ගැඹුරටම හිතාගෙන හිතාගෙන යන්න... වැඩේ එහෙම්පිටින් අනාගන්න පුළුවන්!!!

හැබැයි, හොඳට මතක තියාගන්න... ඇහැට දකින රූප (පින්තූර) කියන එකයි මේකයි වෙනස්!!! ඇහෙන් දකින ඕනෙම දෙයක් රූප තමයි... සේරම හතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දේවල් නේ?? ඒවගේම, වෙන ඕනෙම සජීවී සත්වයෙක් උනත්, 'තමුන්ට' නිකම්ම නිකම් රූපයක් විතරයි!!! ඒ කියන්නේ අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / යාලුවෝ / නෑයෝ / සත්තු සර්පයි සේරම 'තමුන්ට' නිකම්ම නිකම් රූප විතරමයි!!! ඊට අමතරව, අහන / විඳින සේරම සද්ද / ගඳ-සුවඳ / රස / පහස කියන ඔක්කොමත් නිකම්ම නිකම් රූප විතරයි!!! 'කෑම සුවඳක්' කිව්වත් රූපයක්! 'ගූ ගඳක්' කිව්වත් රූපයක්! 'කට හඬක්' / 'සින්දුවක්' කිව්වත් රූපයක්! එක්කෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයකින් හටගත්ත එකක්... නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවෙච්ච එකක්!! හරි නේ?? කොටින්ම කියනවා නම් බාහිර පරිසරයෙන් 'තමුන්ට' දැනගන්න / විඳින්න පුළුවන් හැමදේම රූප විතරයි!!! බාහිර 'ඕනේ පුකක්' රූපයක්!!! පැහැදිලියි නේ??

දැන් අපි අර අවබෝධ කරන්න ඕනෙය කියපු 'ලෝකේ' පොඩ්ඩක් 'සුළු' කරමු!!! අපි ඔය 'තඩි' ගණන් / සමීකරණ එහෙම විසඳන්න ගියාම සුළු කරන්නේ... අන්න ඒ විදියට කරමු!! අපිට බුදුහාමුදුරුවෝ කිව්වේ 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' එහෙම්පිටින්ම අවබෝධ කරගනිල්ල කියල නේ?? ඕකේ ඔය බඹයක් පමණවූ ශරීරය කියන්නේ නිකම්ම නිකම් රූපයක්!!! ඇයි ඉතින් උසින් බඹයක් නෙවෙයි බරින් කිලෝ 400-500 උනත් හතරමහා ධාතු නේ?? නිකම්ම නිකම් රූප!!! ඔන්න අපි බඹයක් පමණවූ ශරීරය එහෙමපිටින් අවබෝධ කළා!!! just a 'රූප' හරිද? හරි නේ??

ඊළඟට මනස කිව්වෙත් ඇස / කණ / නාසය වගේම තවත් එක ආයතනයක්!! ඇයි, මේ ජීවිතය ආයතන හැටියට තෝරලා දෙද්දී බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක ආයතන 6ක එකතුවක් කියල?? ඉතින් මේ මනස කියන්නෙත් ඇස / කණ / නාසය වගේම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්!!! ඒ කියන්නේ ඒකත් නිකම්ම නිකම් රූපයක්!!! ඕං අපි මනසයි, බඹයක් පමණවූ ශරීරයයි, දෙකම අවබෝධ කරලා ඉවර කළා!!! just 'රූප'. එච්චරයි!!! ඊට වඩා මොකුත් ඕනේ නෑ... වැඩක් නෑ...

බුදුරජාණන්වහන්සේ මේ මනස කියල ඇඳින්වුයේ මොළයයි!!! උන්වහන්සේ ඒක හැදිලා තියන හැටි... වැඩකරන හැටි... වගේ සේරම අවබෝධ කරගෙන තියනවා!!! technical කතන්දරය තේරුම්ගන්න hints බර ගණනක් කියල දීලත් තියනවා!!! ඒත් සේරම කියල දීල තියෙන්නේ ඒ කාලේ තිබිච්ච උදාහරණ අරගෙන සාමාන්‍ය මනුස්සයන්ට තේරුම් කරන්න පුළුවන් විදියට විතරයි!!! මෙතැනදී මොලය ශරීරයේම කොටසක් උනාට බුදුහාමුදුරුවෝ ඒක වෙනමම පෙන්වලා, highlight කරලා, තියෙන්නේ ශරීර ස්වභාවය අනුව සත්වයාව හැඳින්නුවට, සත්වයාගේ කතාවට අදාළ මොලය කියන එක විතරක් නිසයි!!! දන්නවා නේ? මුළු ඇඟම මැරුණත් මොලයට හානියක් නැත්නම් සත්වයා 'වැඩ' බව?? අනික මොළෙත් හැඩය / ප්‍රමාණය වගේ දේවල් මේ ජීවිත වල කතාවට අදාළ නැති නිසා, මනස කියල ගත්තම හොඳටම ඇති!!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් නිකම්ම නිකම් ගුහාවක් කියලයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.