Monday, March 19, 2012

කස්ටියම හොඳට පින් රැස් කරගෙන... පාරමිතා සම්පූර්ණ කර කර... 'යන්න' හිතන් හිටිය සංසාර ගමනෙදී සිද්ධවෙන 'කතන්දරේ' පැහැදිලි කරලා දෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යොදාගත් හොඳම උදාහරණය, 'පහණත් අනිත්‍ය නම්, පහණේ තෙලුත් අනිත්‍ය නම්, දාල තියන වැටිත් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය දේවල් වලින් ඇතිවෙලා තියන පහන් දැල්ලත් අනිත්‍ය නම්, ඒ පහන් දැල්ල නිසා ඇතිවෙන ආලෝකය නිත්‍යයිද? අනිත්‍යයිද?' කියන එක තමයි!!! ඉතින්, ඔහොම ඇහුවම, කෙනෙක් කිව්වොත්, 'පහණ අනිත්‍යයි තමයි... තෙලුයි / වැටියිත් අනිත්‍යයි තමයි... දැල්ලත් අනිත්‍යයි තමයි... ඒත් එලිය නම් නිත්‍යයි!!' කියල, ඒක හරිද??? මොකද, ඔක්කොම අනිත්‍යයි බව හොඳටම පෙනි පෙනී, තමන්ට ඕනේ එක විතරක් 'නිත්‍යයි' කියල කියනවනම්, ඒක මහ බූරු කතාවක් නේ??? පහණ මොනවයින් හදල තිබුණත් කාලයක් යද්දී කැඩිලා බිඳිලා විනාසවෙලා යනවා... පහන් තිරෙයි / තෙලුයි දෙකම හරි ඉක්මනට පිච්චිලා ඉවරවෙනවා... දැල්ල තියෙන්නේ එතකම් විතරයි!!! එලිය තියෙන්නේ පහණ දැල්වෙනකම් විතරයි!!! !!! ඒ කියන්නෙ ඉතින්, පැහැදිලිවම, 'එලිය අනිත්‍යයි' !!! !!! !!! නේ??? එහෙව් එකේ, නිකමට හරි 'එලිය නිත්‍යයි' කියල කවුරුහරි කිව්වොත්, ඒක කොච්චර බූරු කතාවක්ද??? ??? ??? හැබැයි ඉතින්, ඒක කොච්චර බූරු කතාවක් උනත්, උඹල / තමුන්ලා සේරම කිය කියා ඉන්නේ ඒ බූරු කතාවම තමයි!!! !!! !!!

මේ හතරමහා ධාතුන්ගෙන් හැදුනු ආයතන 6ම අනිත්‍යයි!!! ඒ සේරම, වේලපහින්ම එක එක හරි, නැත්නම් කය බිඳිලා යනකොට, 'මැරෙණ කොට', set එකම එක සැරේ හරි, අනිත්‍ය වෙලා යනවා!!! !!! ඒ කියන්නේ කැඩිලා... බිඳිලා... විනාසවෙලා... යනවා!!! !!! ඒ ඒ ආයතන වල ක්‍රියාකාරීත්වය පවතින්නේ / සිද්ධවෙන්නේ ඒවා බිඳිලා යනකම්, කැඩෙනකම් විතරයි!!! !!! !!! 'දැල්ල තියෙන්නේ තෙලුයි / වැටියි තියනකම් විතරයි!!' වගේමයි!!! ඉතින්... එතකොට 'මම' ??? තමුන්ලා / උඹල හැමෝම 'මම' / 'මගේ ආත්මය' කියල හිතාගෙන / රැවටිලා ඉන්නේ ඔය ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච '6 ආකාරයක විඳීමට' නැත්නම් 'වේදනා mixture' එකට නේ... ඒක අර අනිත්‍ය පහන්දැල්ල නිසා ලැබෙන 'එලිය' නැත්නම් 'ආලෝකය' වගේමයි!!! !!! ඉතින්, ඒ වේදනාවල් සේරම අනිත්‍යයි නේ??? ඒක තමයි... 'මම' අනිත්‍යයි!!! !!! !!! 'ඌට' ඉන්න පුළුවන් ඇඟ සජීවීව තියනකම්, ඇඟේ පණතියනකම් විතරයි!!! !!! !!! 'ඌට' කොහෙවත් යන්න බෑ!!! !!! !!! දෙයිය ගාවට?? ම්හු! බෑ!!! ස්වර්ගෙට?? ම්හු! බෑ!!! බෑ!!! !!! සංසාරේ?? ම්හු! ම්හු!! බෑ!!! බෑ!!! !!! බෑ!!! !!! !!! තේරුණයි???

ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර කතාව පැහැදිලිකරන්න ගත්තු ඔය සරල උදාහරණය හරිම පුදුමයි!!! ඕකේ, මේ මුළු සංසාර කතාව එහෙම්පිටින්ම ගැබ්වෙලා තියනවා!!! !!! නැත්නම්, ඔය උදාහරණෙන් මේ මුළු සංසාර කතාවම දකින්න පුළුවන්!!! !!! !!! ** එකම වැඩේ තියෙන්නේ ප්‍රඥාවෙන් ඒ සේරම දකින්න තරම් ප්‍රඥාවන්ත / පින්වන්ත එවුන් හරිම අඩුයි!!! ඉන්න තරමක් ඉන්නේ, දන්නවයි කියල හිතාගෙන ඉන්න... බොරුවට පුම්බගත්තු / ඉදිමිච්ච / මහන්තත්ත ගොන්සන්ලයි, බකපණ්ඩිතයොයි තමයි!!! ඒකයි සංසාර දුකෙන් නිදහස්වෙන්න අමාරු!!! ** අවුලක් නෑ... මොකා උනත් මේ කතාව අල්ලගත්තේ නැත්නම් sorry වෙනවා!!! ඒ හන්ද, ප්‍රඥාවෙන් බලන්න පුළුවන් එවුන් එහෙම බලහල්ලා... එහෙම බැරි එවුන් තා එකෙක්ව උදව්කරගෙන, මෙන්න මේ විදියට 'real-life'ම වැඩේ කරලා බලාගනිල්ලා... මුලින්ම, පොඩි පොඩි ඉටිපන්දම් කොට කෑලි කිහිපයක්, ගිනිපෙට්ටියක් එහෙම අරන්, ගෝලයවත් කතාකරන්, කළුවර කාමරයක් / ශාලාවක් වගේ තැනකට යමල්ල. ඊළඟට, ගෝලයට කියහන් ඉටිපන්දම් කෑල්ලක් පත්තුකරලා, හොඳ කල්පණාවෙන් ඉඳල, ඒක නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් කිට්ටු කරලා, ඒක පත්තු කරන්න කියල. ඊළඟට, ඒක නිවීගන යනකොට ඒකෙන් තව එකක්... ඒක නිවීගන යනකොට තව එකක්... හරිය?? හැබැයි සද්ද බද්ද නැතුව, දැල්ල නිවිලා යන්නේ නැතිවෙන්න... ඉටිපන්දම් කෑලි දෙකක් එකසැරේ පත්තුවෙන්නෙත් නැතිවෙන්න... හරියට කල්යල් බලලා, proper timing වලට, වැඩේ කරන්න ඕනේ!!! මොකද අපි මේ simulate කරන්නේ, nature එකෙන්, නැත්නම් ස්වභාවධර්මයෙන් ඉබේම කෙරෙන වැඩක්!!! !!! දැන් එතකොට උඹට කරන්න තියෙන්නේ, ගෝලය ඉටිපන්දම් පත්තුකරන එකට පස්ස හරවගන / ඒ දිහාව බලන්නේ නැතුව, ඉටිපන්දම් එළියෙන් වටපිට බල බලා ඉන්නයි... කාමරේ වටේ බලන්න දේවල්, පින්තූර / බඩුමුට්ටු තිබ්බ නම් මරු!!

කරලම බලහන්... ගෝලය තිතට වැඩේ කලොත්, උඹට 'ඉටිපන්දම් එකක් ඉවර වෙලා යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා... ඒක ඉවරවේගන යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා...' කියල තේරෙන්නේ නෑ!!! උඹ දකින්නේ ආලෝකය එක දිගටම පවතිනවා වගේ තමයි!!!උඹ හොඳ alert කෙනෙක් නම්, අවධානයෙන් ඉන්න කෙනෙක් නම් විතරක්, උඹට cross-fade එක check වෙයි!! අර කලින් graph එකක් ඇඳලා පෙන්නුවේ... අන්න ඒක!!! මුල එකේ එලිය අඩුවේගන යනකොට ඊළඟ එකේ වැඩිවේගන එනවා... අන්න එතැනදී චුට්ටක් එලිය අඩු වැඩි වෙනවා තේරෙයි!! alert / sensitive නැති කෙනෙකුට නම් මොකුත් වෙනසක් තේරෙන එකක් නෑ!!! ඕක තමයි මේ අවිද්‍යාවෙන් වැහිලා... අන්ධවෙලා... ඉන්න මෝඩ මිනිස්සු 'මම' නැත්නම් 'මගේ ආත්මය' කියල අහුවෙලා / රැවටිලා ඉන්න මායාව / බොරුව!!! !!! නිත්‍යයි වගේ... ස්ථිර දෙයක් වගේ... හිතෙනවා / දැනෙනවා!!! ඉතීන් මුලාවෙනවා!!! !!! !!! කොහොමත් මේ මොට්ට මිනිස්සු හැම එකාම වගේ බලන් ඉන්නේ වටපිටාව දිහාම නේ??? අනික් එවුන් කරන්නේ කියන්නේ මොනවද බලන්න... ලෝකේ පුරාම තියන කුණුහරුප බලන්න... වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්න බලන්න... වගේ ඒවාට මිසක්, එකෙකුට වත් තමන්ගේ ගැන බලන්න හීනෙකින් වත් හිතෙනේ නෑ නේ!!! උන් ඉපදිච්ච දවසේ ඉඳල ඉගෙනගන්න හදන්නෙම බාහිර දේවල් ගැන විතරයි... එකෙක් වත් දන්නේ නෑ 'තමුන්' කියන්නේ මොකද්ද?? මොනවද මේ ඇඟවල් අස්සේ වෙන්නේ?? මොනවද මීට කලින් වෙලා තියෙන්නේ?? මොනවද ඊළඟට වෙන්නේ?? කිසි දෙයක්!!! අන්න ඒකයි තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කිව්වේ, "වඩාත්ම වැදගත් ඉගනගැනීම තමන් ගැන ඉගෙන ගැනීමයි!!" කියල.

ඉතින්, නිකමට හරි තමන් ගැන බැලුවොත්, ඒ කියන්නේ ඔතනදි නම් ගෝලය ඉටිපන්දම් එක්ක 'සෙල්ලම් කරනවා' බැලුවොත් පෙනෙයි, 'එකක් නිවීගන යනවා...' 'තව එකක් පත්තුවෙන්න පටන්ගන්නවා...' 'ඒක නිවීගන යනවා...' 'තවත් එකක් පත්තුවෙන්න ගන්නවා...' බව!!! හරි නේ?? කතන්දරේ තේරෙනවා නේ??? අවිද්‍යාවෙන් ඉන්න, මේ ජීවිත ගැන කිසිම දෙයක් නොදන්න, මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නවා 'තමුන්' නිත්‍ය ඇති!! කියල. ඉතින් මේ ජීවිතේ ආයුෂ ඉවරවුනාට තමුන් ඉවර වෙන එකක් නෑ... එක්කෝ 'දෙයිය ගාවට ගිහිල්ල ඉන්න ලැබෙයි!!' නැත්නම් 'මැරිච්ච එවුන්ට ඉන්න වෙනම තැනක් ඇති... එහෙ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි!!' කියල. ඒ වගේම, 'නමට බෞද්ධ' ගොං බූරුවෝ හිතාගෙන ඉන්නවා, 'මෙතන නැතිඋනාට මොකෝ?? මට තව තැනක ඉපදෙන්න ඇහැකි නේ!!' කියල. හැබැයි ඒ සේරම, මේ මෝඩ, ගොං මිනිස්සු නොදන්න කමට හිතන මනස්ගාත විතරයි!!! !!! !!! ඇත්තට සිද්ධවෙන්නේ, මේ ඇඟේ ආයුෂ ඉවරවෙලා බිඳිලා යනකොට, ඒ 'සත්වයා' නැතුව යන එක තමයි!!! !!! !!!

හැබැයි පොඩි case එකක් තියනවා... ඔතන ඔය 'ගෝලය' කරපු වැඩේ, එක ඉටිපන්දමක් ඉවරවේගන යනකොට තව ඉටිපන්දමක් ලං කරපු වැඩේ, මේ සත්වයන් සම්බන්ධයෙන් කරන්න 'ගෝලයෝ' කවුරුවත් ඕනේ නෑ!!! ස්වභාවධර්මයෙන්, 'ධෙන්න බලාගත්තු ගමන්මයි' ඉන්නේ!!! !!! !!!මේක හරියට 'කෝච්චි පාරේ හිටියොත් කෝච්චියට අහුවෙනවා මයි... බේරෙන්න නම්, කෝච්චි පාරෙන් අයින්වෙන්නම ඕනේ!!!' වගේ වැඩක්. මේ ඇඟ බිඳිලා යනකොට තව එකක් set කරන්න ස්වභාවධර්මයට ඉඩහැරියොත්, අනිවාර්යයෙන් තව සත්වයෙක් හැදෙනවාමයි!!! !!! !!!එහෙම, 'මේ කරුමෙට' කරගහන්න තව එකෙක් හැදුනා කියන්නේ, 'විඳවිල්ල' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! අනික ස්වභාවධර්මයෙන් ඇඟවල් හදල දෙන්නෙත් කර්මානුරූපව, එක එක ජාති වලින්!!! එතකොට ඉතින්, 'කාපං පුතා!!!' තමයි. බුදුහාමුදුරුවෝ කිව්වා, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං...' (මහණෙනි, මේක පෙර කරපු කරුමයක්!) 'වේදනීයං දට්ඨබ්බං' (විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!) කියල!!! ඔක්කොටමත් වඩා, දැන් ඔය ඉටිපන්දමකින් තව එකක් දල්වන්න අවශ්‍ය වෙන්නේ තාපය විතරයි. හුඟක් එවුන් විද්‍යාව නම් දන්නවා නේ?? දැල්වෙන දෙයක් වෙන්න ඕනේ... ජ්වලන උෂ්ණත්වයට රත්වෙන්න ඕනේ... දහන පෝෂක වායුවක් තියෙන්න ඕනේ... ඉතින්, නිවීගන යන දැල්ලෙන් අලුත් එකේ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙච්ච ගමන් ඒක දැල්වෙනවා. ඒ ඇරෙන්න 'අරකෙ' දැල්ල 'මේකට' එනවා... එහෙම නෙවෙයි නේ???අන්න ඒ විදියටම මේ සත්වයින්ගේත්, එකෙක්ගෙන් තව එකෙක් හැදෙන්න හේතුවෙන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය' විතරයි!!! (ඒ සේරම කලින් ලියල පෙන්නලා ඇත්තේ... දැක්කේ නැත්නම්, එක්කෝ උඹල බලලා තියෙන්නේ උඩින් පල්ලෙන්!!! එහෙම නැත්නම් උඹල 'බකයෝ' හන්ද කියවලාම නෑ!!!) මෙතන වෙන්නේ, මේ සත්ව ශරීර වල පංච උපාදානස්කන්ධය ස්වරූප දෙකකින් ක්‍රියාත්මක වීම නිසා, 'එකෙක් කියන ඒවා අහගෙන ඉඳල තව එකෙක් හැදෙනවා' වගේ වැඩක්!!! අන්තිමේ ඒ හැදෙන එකා පරණ කතන්දරයකට රැවටෙනවා!!! !!! !!! සමහරවිට උගේ වටේ ඉන්න එවුනුත් රැවටෙනවා!!! එච්චරයි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.