Tuesday, March 6, 2012

'මම මේ ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනා ඇඟ බදාගන්න... ඒකට සැප දෙන්න... ඒක පිනවන්න... ඒක ලස්සන කරන්න... පුම්බල පුප්පල කැපිලා පේන්න තියාගන්න... දඟලන්නේ නෑ!!! එයාට ඒ පිස්සු මරගාත වලින් කිසි වැඩක් නෑ!!! !!! ඒවායේ මෙලෝ රහක් නෑ!!! !!! බඩගින්නට මොනවහරි කනවා... ලෙඩ-රෝග හැදුනම අමාරුයිම නම්, බෙහෙතක් හේතක් කරනවා... ඉන්නකම් පිළිවෙලකට ඉන්න ඕනේ නිසා, නාල කරලා පිළිවෙලකට ඇඳලා පැළඳල ඉන්නවා... කාටවත් වැරද්දක් / නරකක් නොවෙන රස්සාවක් කරන් ජීවත්වෙන්න අවශ්‍ය මිල මුදල් සොයාගන්නවා... තමුන්ගෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් / වගකීම් කිසි එකක් අඩුවක් නැතුව කරනවා... ආයුෂ ගෙවිල ඉවරවෙනකම්, ඇඟ නඩත්තු කරගෙන shape එකේ ජීවත් වෙනවා විතරයි!!! !!! !!! 'ඇත්ත' නොදන්න මෝඩ, උද්ධච්ච, මොට්ට මෝල් මිනිස්සුන්ට තියන, නම්බු නාම ගන්න... අනික් එවුන්ව කපාගෙන / තලාගෙන / පෙලාගෙන මුදුන වෙන්න... කැපිලා පේන්න... තමන් ලොක්කෙක් / 'ලොකු පොරක්' කියල පෙන්නන්න... ලෝකේ තියන තරම් රස කෑම ජාති සේරම කන්න... ලෝකේ පුරාම තියන කෙහෙල්මල් බලන්න... පුළුවන් තරම් සැපගන්න වගේ 'පුකේ අමාරු' මොකුත්ම නෑ!!! !!! !!! මෝඩ බූරුවෝ බෙල්ල කඩාගෙන, ඔය හැම මගුලක්ම කරන්නේ, මේ කිලෝ 60-70ක 'හතරමහා ධාතු කුට්ටියකට' නේ??? ??? 'ඇත්ත' දැනගත්ත එවුන්, 'රහත්වෙච්ච එවුන්' එහෙම පිස්සු කෙලින්නේ නෑ!!! !!! !!! වැඩිය ඕනේ නෑ, උන්ට 'තෝ දැන් මැරෙයි...' කිව්වත්, 'ආ... ඇත්තද? ඉතින් මට මොකෝ!!' කියල නිකම් ඉන්න පුළුවන්!!! !!!

රහතුන්වහන්සේලා පිරිසක් ඔය අම්බලමක් වගේ තැනක නතරවෙලා ඉන්දැද්දී, වහලෙන් වැටුන විසකුරු සර්පයෙක් එයින් එක රහතුන්වහන්සේ නමකට දෂ්ඨ කලාලු!! ඒ රහතන්වහන්සේ, 'බෙරිහන් දීල මර හඬ තලාගෙන දුවන්න ගත්තා... හොටු පෙරාගෙන විලාප තිය තියා අඬන්න ගත්තා... සර්පයව අල්ලං කෑවා...' ඒ මොකුත් නෑ... "අනේ මෙන්න මේක ගිහින් අර එළියෙන් දාන්න..." කිව්වලු!!! මොකද, ඒ ඇඟෙන් ඒ රහතුන්වහන්සේටවත් වෙන කෙනෙකුටවත් ඇති වඩක් නෑ!!! !!! !!! රහතුන්වහන්සේලා / අරහත්වයට පත්වෙච්ච අය, ජීවත්වෙන්න / පවතින්න ලැබෙනකම් ජීවත්වෙනවා / ඉන්නවා මිසක්, 'වෙන එකෙක් බිල්ලට දීල හරි පණ රැකගන්න ඕනේ' කියල බෙල්ල කඩාගෙන දඟලන්නේ නෑ!!! !!! !!! ඉන්නකම් පුදුම සැහැල්ලුවකින්, සැනසිල්ලේ (ඕනෙනම් මේ 'අපිල' වගේ ඉඳල හිටලා කාලක් බාගයක් එහෙමත් ගහල...) cool එකේ ඉන්නවා විතරයි!!! !!! !!!මැරෙණ එක ගැන නම් අපේ හාමුදුරුවෝ කිව්ව එක හරියටම හරි!!! නිකම් බටර් පාන් කාල සනීපෙට නිදාගත්තා වගේ තමයි!!! මොකද, රහත්වෙච්ච අය හැබැවටම මැරෙන්නෙ දෙවැනි පාරටයි!!! පලවෙනි සැරේ පණ පිටින් ඉඳන් මැරිලා, කතන්දරේ දැනගන්නවා!!! (කෙලෙස් පරිනිර්වාණය කියන්නේ... අන්න ඒක!!) ඒ හන්ද මැරෙණ එකේ කිසි අමුත්තක් නෑ!!! !!! !!!

ඇත්තටම, අරහත්වයට පත්වුනාම තියන සතුට / සැනසීම කියල වැඩක් නෑ!!! පුදුම නිදහසක් තියනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වා 'අතහැරියාම නිදහස්!!' කියලා!!! (මොකද, මාරයට ඉතුරුවෙන්නේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන ටික විතරයි!!! 'සත්වයා' ඒවා අතහැරලා දාල නිසා, මාරයට, ඒ සත්වයාට අයිතිවාසිකම් කියන්න බෑ!!!) හැබැයි, කවදාවත් සල්ලි වලින්, දේපල වලින්, නැත්නම් වෙන මොනම ක්‍රමේකින්වත් ඒ සැනසීම කෙනෙකුට ලබන්න බෑ!!! !!! !!! එහෙම හිත නිදහස් වෙච්චයින් පස්සේ, ඒ සත්වයා සම්බන්ධයෙන් අර ස්වභාවධර්මයෙන් 'කොපි ගහන' / duplicates හදන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ!!! !!! !!! ඒ 'නිවිච්ච' සත්වයාගේ ආයුෂ ගෙවිල ජීවිතය අවසාන වෙනකොටම, එයාගේ සංසාර ප්‍රශ්ණ සේරමත් එතැනින්ම අවසාන වෙනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න එවුන්ට case මොකුත් නෑ... මං උඹලට ඔය වැඩේ miss වෙන්නේ නැතිවෙන්න ලස්සනට route එක හදනවා!!! step-by-step ඔය සේරම කරගන්න කියලත් දෙනවා!!! !!! !!! එකම වැඩේ තියෙන්නේ, මේ 'සත්‍යය' අවබෝධය සම්පූර්ණ වෙලා... අතහැරෙන්න ඕනේ දේවල් අතහැරිලා... කලයුතු දේ කරලා ඉවරවෙන එක, මේ ජීවිත කාලය තුලදීම සිදුවිය යුතුයි!!! !!! !!! අපේ ඇඟවල් සජීවීව පවතින්නේ සුළු කාලයක් විතරයි... අපේ ආයුෂ හරි පොඩ්ඩයි... 'අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!' කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වේ ඒකයි!!! !!! !!! 'අප්පමාදෝ අමත පදං... පමාදෝ මච්චුනෝ පදං...' 'අප්පමත්තා නමීයන්ති... යේ පමත්තා යතාමතා...' සේරම කියල තියෙන්නෙත් ඒ ගැනමයි!!! !!! !!! උන්වහන්සේ අවසන් වතාවට පිරිණිවන් මන්චකයෙදිත්, 'හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත' කියල... 'යකුනේ, කෙළවෙන්න කලින් කරන්න ඕනේ දේ කර ගනිල්ලා!!!' කියල... කිව්වේ ඒකයි!!! !!! !!!

සත්වයෙක් අරහත්වයට පත්වෙනකන්ම සිද්ධවෙන ඇත්ත කතන්දරය මේකයි...

මේ සත්ව ඇඟවල් වල කිසි විශේෂයක් නෑ... මේ සේරම පොළවෙන් ගත් සාරයෙන් හැදිච්ච, 'හතරමහා ධාතුන්ගෙන්' හැදිච්ච, එක එක හැඩවල මැෂින් (machine) ටිකක් විතරයි!!! සත්වයෝ වෙනස්වෙන්නේ උන්ගේ ඇඟවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධයන්, නැත්නම් 'මතකයන්' ගෙනුයි!!! මොන මොනවා හරි ඇඟවල් ටිකක්, බල්ලෝ / පූසෝ / හුනෝ / කැරපොත්තෝ / පෙරේතයෝ / ගැරඬියෝ ඕනේ ජාතියකින් තව 'ඇඟවල්' හැට හුටහමාරක් හදල, ඔය උඹට තියන මතකයෙන් copy ගහල ඒවාට දැම්මොත්, ඒ 'සත්වයෝ' හැම එකාටම දැනෙන විඳීම සමාන වෙනවා!!! කොටින්ම කිව්වොත්, ඒ සත්වයෝ හැම එකාම 'උඹ' වෙනවා!!! !!! !!! ඇයි, උඹ 'මම'ය කියල රැවටිලා ඉන්නේ ඒ විඳීමට නේ?? හරියට set එකකින් ඇහෙන සිංදුවකට 'මං' කියල රැවටිලා ඉන්නවා වගෙයි... එතකොට එකම සින්දුවක් record කරලා දාල set 1000-2000ක් හැදුවත් ඇහෙන්නේ ඒ සින්දුවම නේ?? තේරෙනවා නේ??? මේ 'ඇත්ත' එහෙම්පිටින් අවබෝධ කරගෙන, උඹත් ඔය වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් අන්න ඒ copy ගගහ duplicates හදන එක ස්වභාවධර්මයෙන් කොහොමත් කෙරෙන නිසා, 'උඹ' නැත්නම් 'විඳීම' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ස්වභාවධර්මය 'උඹට' ඇඟවල් කොහේ කොහේ හදල දෙයිද දන්නේ නෑ... ඒක තනිකරම තෝ කරන / කියන / හිතන දේවල් අනුව, ස්වභාවධර්මයෙන් තීරණය කරනවා මිසක්, තොට ඕනේ විදියට, තෝ හිතන විදියට හම්බවෙන්නේ නෑ!!! !!! !!! හම්බ වෙන එක නම් තෝ හතරගාතේ දාල වැඳ වැටුණා කියල, දෙයියෙක් බයියෙක්ටවත් / ග්‍රහයෙකුටවත් / කිසිම මැති ඇමති කෙනෙකුටවත් වෙනස් කරන්නත් බෑ!!! !!! !!! කුකුල් ඇඟකට බැස්ස කාලෙට 'උඹ' roast chicken වෙනවා... හරක් / ඌරු ඇඟවල් ලැබුණාම 'උඹව' pork devil / deviled bief වෙනවා... මාළු ඇඟවල් ලැබුණු කාලෙට fish barbeque වෙනවා... අපායේ හැදුනොත් වෙන කියන්න දෙයක් නෑ!! 'උඹව' සම්බෝල කරනවා... 'fruit salad' හදනවා... ආයි මනුස්ස ඇඟක් ලැබුණත්, ගොං සංඝයින්ට අහුවෙලා ඒ පාරත් අනාථ නොවී බේරුනොත් මිසක්, ශ්‍රී සද්ධර්මය අහල ඒ පාර හරි රහත්වෙන්න ලැබුණොත් මිසක්, 'විඳවිල්ල' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒ නිසා basically, මේ සැරේ රහත් වුනේ නැත්නම් තොට රෙවෙනවා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.