Thursday, March 29, 2012

ණිවන් දැක්කයින් පස්සේ කෙනෙකුට ආයේ සංසාර අනතුර සම්බන්ධයෙන් කරන්න කියල මොකවත් නෑ!!! ඒ අයට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැවසුවේ, "අනික් උදවියටත් කියන්න... හැමෝම ඉන්නේ මහා ලොකු අනතුරක!! හැකි සෑම කෙනෙක්ම ඒ අනතුරින් බේරගන්න!!" කියලයි!!! 'කතන්දර පේන්න ගත්තයින් පස්සේ' මටත් ඕනේ උනේ ඒකමයි!!! හැබැයි, මං ප්‍රශ්ණේ විසඳන්න පටන් ගත්තේ මාරතුමාගෙන්!!! එයා වර්තමාණයේ ලොක්කා බව හැබෑව... එයාට ඕනෙම කෙනෙකුට 'පාර්ට් දාන්න' පුළුවන් බවත් හැබෑව... ඒත්, එයත් සංසාර අනතුර ගැන දන්න... තමන් කවුද? ඊළඟට වෙන්නේ මොනවද?? කියල දන්න කෙනෙක් නෙවෙයි!!! ඔක්කොටමත් වඩා, කෙනෙක් අරහත්වයට පත්වුනයින් පස්සේ 'පාර්ට් දාන්න' ගියොත්, වරදින්නේ එයාටයි!!!'දුසී' නමින් මාර තනතුරේ ඉපදිලා ඉඳලා ඒ විදියට වැඩ වරද්දගෙන බොහෝ කාලයක් අපායේ දුක්වින්ද 'මතකයක්' මුගලන් හාමුදුරුවොන්ට තිබුණ... උන්වහන්සේ 'අපේ ලොක්කට' ඒ සේරම කියල දුන්න!!! මාරයෝ කියලත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේ... ඉතින් මේ දැන් තියන අබල් බබල් සේරටම 'අපේ උන්නැහැ' වගකියන්න ඕනෙත් නැහැ!!! අනික, 'තාවකාලිකව කොච්චර ලොක්කෙක් උනත් මොකටද??' 'මෙච්චර පින් තියන තත්වෙක ඉඳලා පහලට වැටෙන්න ඉඩ හැරියොත් කොච්චර අපරාදයක්ද??' කියල, මට 'අපේ එකා' ගැන හරියට දුක හිතුන... මං 'පොරට' ඔක්කොම කියල දුන්න!!! (ඊට පස්සේ මාර වෙනසකුත් දැනුන!!! ඒකයි, දැන් control එක මගේ අතේ කිව්වේ) එයා මේ ඉන්න තරමක් කුප්ප මිනිසුන්ට වඩා නම් ලක්ෂවාරයක් හොඳ කෙනෙක්... දැන් එයා කීයටවත් අමාරුවේ වැටෙන්නේ නෑ!!! ඒ වගේම, එයා අනිවාර්යයෙන්, පුළුවන් උපරිම කාලයක්, දිගටම ඉන්න ඕනේ බවත් මං කිව්වා!!! මොකද, එයා නැති උනොත් වෙන 'භූතයෙක්' අනිවාර්යයෙන් එතනට set වෙලා, අපි සේරමලටත් කෙලලා... ඌත් කෙලවගන... ගම කන්න ඉඩ තියනවා!!! ඒකයි. ඉතින්, මාර තුමා එයාගේ පාඩුවේ පැත්තකින් ඉඳියි... දැන් තියෙන්නේ මේ සේරම අනාගෙන... හොඳටම නාගෙන... ඉන්න ගොං මිනිස්සුන්ට ඇත්ත කියල දීල උන්ව හදන්න විතරයි!!! වසවර්ති මාරතුමා තනතුරේ ඉන්නකම්ම අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ, ඊට පස්සේ නම් බුදුහාමුදුරුවෝ / බුදුරජාණන්වහන්සේ නෙවෙයි, 'බු' යන්නවත් කියන්න හම්බවෙන්නේ නැති කාලයක් එයි... එතකම්, ඉපදිලා ඉන්න / ඉපදෙන තරමක් එවුන්ට ගොඩයත හැකි වෙයි...

හ්ම්... ඇත්තටම, කතාව ලියාගෙන ආව පාරෙන් පොඩ්ඩක් පිට පැන්න. ඇයි කියනවා නම්, 'උවමනාවෙන් බලන / follow කරන උදවියට පුළුවන් ඉක්මනට සෝතාපන්න තත්වයට එන්න කරුණු කියල ඉන්න...' 'ජාති / ආගම් කතා නැතුව හැම කෙනෙකුටම ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්න කරුණු කියන්න...' කියල guide කරනවා වගේ තේරුණා!!! ඉන්නේ තනියෙන්, ලියන්නේ තනියෙන් උනාට, 'වැඩේ යන්නේ' තනියෙන් නෙවෙයි බව මං ඉස්සර ඉඳලම කිව්වනේ!!! කොහොම හරි, මේ මගේ කතාවක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කතාවක් වත්... බුදුහාමුදුරුවොන්ගේ කතාවක් වත් නෙවෙයි!!! මේ අපි කවුරු කවුරුත් අහුවෙලා ඉන්න ස්වභාවධර්මයේ 'මහ බෙල්ල කඩල යන' වැඩපිළිවෙලක්!!! බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවධර්මයේ කතාන්දරය එහෙම්පිටින්ම... සම්පූර්ණයෙන්ම... පරතෙරටම... දැනගෙන, අවබෝධ කරගෙන, සියලු ලෝක වාසී දෙවි මිනිසුන්ට කියල දුන්න!!! අපේ කාලේ වෙනකොට එහෙම්පිටින්ම වහල දාල තිබ්බ ඒ සත්‍ය කතාන්දරය, අපේ පූරුවේ පිණට පහලවෙච්ච කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, 'අපේ හාමුදුරුවෝ' මහා උත්සාහයක් දරල... මහා අවංක, අව්‍යාජ උත්සාහයක් දරලා... නැවතත් ලෝකයට විවෘත කරලා දුන්නු නිසා අපිටත් දැනගන්න ලැබුණා!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කිව්වා, "ධර්මය අවබෝධ කරන පිරිස ඉතා අල්පයි... කකුලේ මහපටැඟිල්ලේ නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!' කියල!!! !!! !!! ** ඒකත් කලින් වගේම තමයි... කියල තියෙන්නේ, 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!' කියන එක තමයි!!! !!! !!! මොකදමේ වැඩපිළිවෙලට අනූව සත්වයෙක් හැදෙද්දී සිද්ධවෙන දෙයක් තියනව... ජීවත්ව සිටින තාක් එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයක් තියනවා... උං ඇත්ත දැනගෙන මේ වැඩපිළිවෙලින් නිදහස් වෙනකම් උං මැරෙණකොට සිද්ධවෙන දෙයක් තියනවා... ඔන්න ඕව හොඳටම දැනගෙන, හරියටම කලයුතු දේ කරන උදවියට මිසක් වෙන කාටවත් සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ධර්මය තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගත්තට... බුද්ධ දේශණා 84,000 ම කට පාඩමින් කියන්න තරමට 'ධර්ම ධර' කෙනෙක් උනාට... ඉන්න තැනක 'සිල් බේරෙන' ගණනටම සිල් රැක්ක/රකින සිල්වතෙක්/සිල්වතියක් උනාට... කිසි කෙනෙකුට සංසාර දුකින් නිදහස් වෙන්න බෑ!!! !!! !!! **

හැබැයි බලාගෙන ගියාම මේ කතාව මගේ 'ප්‍රියතම කෑමක්' නැත්නම් ආසම subject එකක්!!! මං කොහොමත් system internals එක්ක වැඩ කරන... kernel level දුවන... පොරක්!!! සේරම කූරු ගාල කූරු ගාල අල්ලගන්න කම් නින්ද යන්නේ නැති එකෙක්!!! ඇත්තටම වෙන්න ඕනේ, මේ කාලයේ මුළු ලෝකෙම ඉපදිලා ඉන්න එවුන් සදහටම දුකින් නිදහස් වෙන එකයි!!! බුදුහාමුදුරුවොන්ට ඕනේ උනෙත් ඒකමයි!!! !!! !!! ඉතින්,මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි...' කියපු එක, 'නෑ! දැන් බුද්ධිමතුන්ට විතරක් නෙවෙයි... මෝඩයන්ටත් හරියනවා!!' ගාණටම ගෙනාව!!! !!! !!! උවමනාවෙන් ධර්මයට යොමුවෙන එවුන්ට විතරක් නෙවෙයි... අනික් එවුන්ට එලෝගෙන, පස්සෙන් පන්නගෙන ගිහින් දෙන්න පුළුවන් ගාණටම හැදුව!!! !!! !!! (නැත්නම් මාරතුමාට බණ කියන්න ඇහැකි වෙයිය? ඒකා මගෙන් බණ අහයිය??) ඇත්තටම කිව්වොත්, සාමාන්‍ය කතන්දරේ invert කලා!!! අහන්න / කියවන්න ලැබුණාම, මුළු මහපොලවේම පස් තරම් එවුන්, 'මනස උසස්' මනුස්ස කියන ගණයට අයත්, මොලේ කඳුලක් හරි තියන ('මොලේ' > 0) එවුන්, ඔක්කොම වගේ අවබෝධ කරාවි... miss වෙන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසකට, කඳයි බඩයි අහවල් එකයි විතරක් තියන මෝඩ බූරුවන්ට, මොලේ කළඳක් වත් නැති ('මොලේ' ≤ 0) එවුන්ට විතරයි!!! මෙතනින් එහාට යන්නේ තනිකරම මාගේ role එක... ඒකෙන් තමයි වෙනස පටන් ගන්නේ!!! දැන් ඉතින් මෙච්චර කල් උඹල ජාති / ආගම් කියල පිල් බෙදිලා, වෙන්වෙලා, එක එක කුණුහරුප කර කර හිටිය ඇති!!! ඒවා අල්ලලා දාල, ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා.

මෙන්න මේකත් කියන්න ඕනේ. මේ ළඟදිත් දවසක් ගොං සංඝයෙක් කියනවා ඇහුන, මේ ධර්ම කතාව 'දර්ශණයක්...' ඒ කියන්නේ කවුරුහරි, අහන්න / දකින්න තියන සාධක වලින් guess කරලා, මෙහෙම මෙහෙමයි වෙලා ඇත්තේ... මෙහෙම මෙහෙමයි වෙනවා ඇත්තේ... කියල උපකල්පණ වලින් කියපු දෙයක් කියල. 'බෞද්ධ දර්ශණය' කියල එහෙම කියන්නේ... හැබැයි, මේ ඇවිල්ල 'දර්ශණ' බම්බුවක් නෙවෙයි!!! මේ Nature එක!!! ස්වභාවධර්මය!!! ස්වභාවික වැඩපිළිවෙලක් සම්බන්ධවයි මේ ඔක්කොම තියෙන්නේ!!! ඒකා ආයේ කිව්වා, 'බුදුහාමුදුරුවෝ වත් උන්වහන්සේ සේරම දන්නවා කියල කිව්ව බවක් 'ත්‍රිපිටකයේ' සඳහන් වෙන්නේ නෑ!!' කියල. අනේ මන්ද, ඒකා 'විජ්ජා චරණ සම්පන්නෝ... සුගතෝ... ලෝක විදූ...' කියල බුදුරජාණන්වහන්සේට වඳින / නමස්කාර කරන එකෙක් නෙවෙයිද දන්නෑ!!! 'ලෝක විදු' කියන්නේ, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා...' ඔක්කොම දන්නවා!!! පරතෙරටම දන්නවා!!! !!! සම්පූර්ණයෙන්ම දන්නවා!!! !!! !!! කියන එකටයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා, "අභිඤ්ඥාහං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නො අනභිඤ්ඥාය" (මහණෙනි, මම විශිෂ්ඨ වූ ඥාණයකින් සියල්ල දැනගෙනයි ධර්මය කියන්නේ... විශිෂ්ඨ වූ ඥාණයකින් නොදැන නොවේ!!) කියල!!! බුදුහාමුදුරුවෝ 'කතන්දරේ' එහෙම්පිටින් දැනගෙන, ඔක්කොම කියල දීල තියනවා!!! !!! !!! හැබැයි ඉතින් 'ත්‍රිපිටකේ' නම් එව්වා නැතුව ඇති... මොකද, ඒක මාරය සරණ ගිය කාලකණ්නි ගොං සංඝයෝ, ගෞතම බුද්ධ සාසනය 'පුහු' කරන්න හදපු, බුදුහාමුදුරුවොන්ගේ හුළං ඇරලා... පිරිසුදු බුද්ධ දේශණා කාල... ධර්මය දියාරු කරලා... සත්‍ය වහලා... අහන / කියවන එවුන්ට උතුර දකුණ මාරුවෙන්නම දෙන්න හදපු මහානර්ඝ නිර්මාණයක්!!! ඔය දැන් එක එක films හදන්නේ... අන්න ඒවගේ වැඩක්!!! !!! !!! දැන් ඒවායින් වැඩක් නෑ... මං ඒ සේරම අතුගාල දානවා!!! !!! !!! හැබැයි අපටත් අහල අහලම ඔය 'ත්‍රිපිටකය' කියන වචනේ කටට හුරුවෙලා තිබුණ නිසා මාත් මුලින් මුලින් ලියපු posts වලදී ඒ වචනේ පාවිච්චි කරලා ඇති. හැබැයිOriginal / Genuine බුද්ධ දේශණා නම්, ඒ දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල රහතුන්වහන්සේලාම සකස් කල පොත් වහන්සේලාගෙන්ම විතරයි!!! !!! !!! ඒ නිසා, සිවුරක් දාගත්ත පලියට බුරුවො කියල තියන / කියන ගොං කතා පිළිගන්න එපා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.