Monday, March 19, 2012

වේලපහින්ම කිව්වා නේ, සත්වයෝ සංසාරේ යන්නේ නෑ... උන් ඇඳගෙන ඉන්න 'ජංගිය / ජොකා' සංසාරේ යනවා වගේ වැඩක් තමයි වෙන්නේ!!! කොටින්ම කිව්වොත්, මේක මේ සත්වයෝ අනන්ත සංඛාවක් දායක වෙලා දුවපු relay එකක් වගෙයි... සංසාරේ ඇවිල්ල තියෙන්නේ 'relay පොල්ල' විතරයි!!! කියල. තව කිව්වා, අවිද්‍යාවෙන් වැහිච්ච, ජීවිතේ ගැන මොකුත් නොදන්න එකා, කෝච්චි පෙට්ටියක් ඇතුලේ ඉඳන් වටපිට බලබලා යන එකෙක් වගෙයි... උන්ට 'පීල්ල එක දිගටම තියනවා ඇති!' 'එකම පීල්ලක් වෙන්න ඇති!' කියල හිතුනට, කෝච්චි පෙට්ටියෙන් බැහැල බලන් හිටියොත් තමයි පේන්නේ කෝච්චිය යන්නේ පීල්ලෙන් පීල්ලට මාරුවෙවීය කියන බව!!! එහෙම කියල. ඉතින් උඹලව කෝච්චියෙන් බස්සල තියෙන්නේ... දැන් උඹලට පරණ කතන්දර අදාළ නෑ!!! !!! !!! අවිද්‍යාවෙන් වැහිලා, අන්ධවෙලා ඉන්න එවුන්ට... 'එළියෙන්' හතරවටේ බල බල උන්න මිසක්, 'තමන්ව' දැක්කේ නැති එවුන්ට... මේ ජීවිත නිත්‍යව / ස්ථිරව දිගින් දිගට පවතිනවා වගේ දැනුනට, විද්‍යාව පහලවුනාට පස්සේ, ජීවිතේ 'දැක්කට' පස්සේ හොඳටම තේරෙනවා, කොච්චර උවමනා උනත්, තමන් කොච්චර බලාපොරොත්තු උනත්, තමන්ට දිගින් දිගට පවතින්න බැරි බව!!! !!! !!! ඒ බව තේරුම්ගන්නවත් එක්කම 'එයාගේ සංසාර කතාව' හබක් වෙනවා ඉබේම!!! !!! !!! ඉතින්, හොඳට දැනගනිල්ලා, 'අතීතයේ මේ මේ විදියට ඉපදිලා තියනවා... මේ මේ විදියට ඉපදිලා හිටියා...' කියල කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එවුන්ට කතන්දරේ කියල / තෝරලා දෙන්න විතරයි!!! !!! !!! 'පින්කලොත් සුගතියේ උපදින්න පුළුවන්... පව්කලොත් දුගතියට යන්න වෙනවා...' කියන සේරම කතා තියෙන්නෙත් අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මෝඩ පොරවල් 'ගම කාගත්තොත්' අපරාදේ නිසා, උන්ව හොඳ අතට / නිවැරදි දිශාවට දක්කන්න (guide කරන්න) විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න උඹල / අපි කවුරුවත් කලින් ඉපදිලා ඉඳලා වත්, උඹල / අපි කාටවත් ආයේ තව chance එකක් හම්බවෙන්නේ වත් නෑ!!! !!! !!! කරන මගුලක් කරගන්න ඕනේ මේ ජීවිත කාලය තුලදී මයි!!! !!! !!!

බුදුරජාණන්වහන්සේ සංසාරය එක මොහොතකට වත් වර්ණනා කලේ නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වෙම, 'මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!!' 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට!!' කියලයි!!! හේතුව, බුදුහාමුදුරුවෝ සත්වයා සංකතයක් බව දන්නවා!!! 'ඌ' අනිත්‍යයි!!! ඌ කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ!!! ඌට තියෙන්නේ බොහොම සුළු ආයුෂක් විතරයි!!! ආයුෂ ඉවර වෙච්චගමන් ඌ මැරෙණවා!!! හුඟක් වෙලාවට ආයුෂ ඉවරවෙන්නත් කලින් ලෙඩවෙලා / accident වෙලා උන්ට මැරෙන්න වෙනවා!!! එතනින් ඌ ඉවරයි!!! !!! !!! ඊළඟට හැදෙන්නේ වෙන එකක්... 'අලුත් සත්වයෙක්' තමයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු...' (මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි!!) කියලයි!!! සංසාරේ නම් දිගායි... ඒත් සත්වයාගේ කොටායි... 'මහ බැංකුවේ / ලෝක බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත්, අපිට නැත්නම් වැඩක් නෑ...' වගෙයි!!! උඹලට තියෙන්නේ උපරිම, අවුරුදු 50යි... 60යි... එච්චරයි!!! !!! !!! ඒ ටික ඉවර වුනාම උඹ ඉවරයි!!! !!! !!! කරන දෙයක් කරගන්න බොලාට තියෙන්නේ බොහොම සුළු කාලයයි!!! !!! !!! අනික, සංසාර දුකෙන් නිදහස් වීමේදීත්, සංසාර ප්‍රශ්ණයට බලපෑ හේතුව හරියටම දැනගෙන, එයින් ගැලවීම සඳහා කලයුතු දේ හරියටම කරන උදවිය සසර දුකින් නිදහස්ව පිරිණිවන් පානවා මිසක්, මහණවෙලා ඉන්න... බණ අහන... පන්සිල් රකින... ධර්මය කියව කියව, නැත්නම් 'හප හපා ඉන්න' හැම එකාම සංසාරෙන් එතෙරවෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! ඕක කිව්වට නොතේරෙන මෝඩයෙක් නම් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ... ඒ සත්වයාට බුද්ධ සාසනයට ඇතුළත්වීමට වත් වරම් නෑ!!! !!! !!! උඹලට නොතේරුණාට, බුදුහාමුදුරුවෝ ඇත්තටම සිද්ධවෙන දේ පැහැදිලිවම කිව්වා!!! !!! !!! "මුළු මහපොලවේම තියන පස් තරමේ පිරිසක් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටයි!! ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි!!" කියල!!! !!! !!! යකෝ, තොපි හිතුවේ මේ ඉන්න තරමක් සංඝයෝ හැම එකාම... සිල් ගන්න / දානේ දෙන / මල්-පහන් පූජා කරන / ගාථා කියකියා වඳින / පෙරහැරේ යන / පන්සිල් රකින 'නමට බෞද්ධ' හැම එකාම... ගොඩ යනවා කියලද??? තොපිට වැරදිලා... බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියට විතරයි!!! !!! !!! ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල හැඳින්වුයේ / කතා කලේ, පංච උපාදානස්කන්ධ වල, නැත්නම් එක් එක් සත්වයාට අදාළ 'අනන්‍යතාවයන්' සහිත අප්‍රමාණ 'මතකයන්' ගේ දිගින් දිගට පැවැත්ම ගැනයි!!! !!! !!! ඒ ඇවිල්ල නිකම්ම නිකම් දිනපොතක ලියපු සටහන්... හඬ පටයක / තැටියක / CD එකක තියෙන 'සද්ද බද්ද' නැත්නම් දල සේයා පටයක / video cassette / video CD / DVD video එකක තියන රූප-සද්ද... ඒත් නැත්නම්, hard disk එකක තියන data (දත්ත) වගේ, 'සත්වයන්ගේ මතකයේ' ගබඩාවෙච්ච ඒ ඒ සත්වයන් 'දැක්ක / ඇහුව / වින්ද / හඳුනගත්ත / චේතනා පහලකොට ක්‍රියාකළ හා දැනගත්ත' දේවල් සම්බන්ධයෙන් තියන 'මතකයක්' විතරමයි!!! !!! !!! ඒ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' මුල්කරගෙන කාල කාල හැදෙන / තාවකාලික / අනිත්‍ය සත්වයන් ගැන කතාකරන එකත් පාඩුයි... මොකද, ඒ සියලු ලෝක සත්වයින් හැදෙන්නේ අවකාශයේ පැතිරෙන ස්වභාවයෙන් යුතු 'භවයක්' ලෙස සකස්වූ පංච උපාදානස්කන්ධයක් හේතුකරගෙනයි!!! ඊළඟට එහෙම හැදෙන සත්වයෙක් ජීවත්වන තුරාවට, ඒකගෙ 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6න් තවතවත් අලුතෙන් 'රූප / වේදනා / සංඥා / සංස්ඛාර / විඥාණ' නැත්නම්, 'දකින / අහන / විඳින / හඳුනගන්න / චේතනා පහල කරලා ක්‍රියාකරන හා දැනගන්න දේවල් එකතුවෙවී... නොයෙකුත් වෙනස් වීම් වලට බඳුන්වෙවී... 'විද්‍යුත් තරංග ආකාරයෙන්' තියන ඒ පංච උපාදානස්කන්ධය, සත්වයාට අවිද්‍යාවෙන් මුලාවී සිටියදීම මැරෙන්න සිද්ධ වුනොත්, ආයේ අවකාශයේ පැතිරෙන ස්වභාවයට පත්වෙනවා!!! එතකොට ඒක බුදුහාමුදුරුවෝ 'විඥාණය' කියල හඳුන්වපු 'විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක ස්වරූපයෙන්' ක්‍රියාත්මක වෙලා තවත් සත්වයෙකුගේ උපත සකස්කිරීමට හේතු වෙනවා!!! ඒපාර, ඒ පරණ මතකය 'අච්චුගහපු' තවත් අලුත් සත්වයෙක්ගේ උපත සිද්ධවෙනවා!!! !!! !!! කවදා හරි ඔයවිදියට හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෙකුට, කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන්, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙන, 'සත්‍ය' දැනගන්න ලැබුණාට පස්සේ, ඒ සත්වයාගේ (බුද්ධිමත් මනුෂ්‍යයා ගේ) අවිද්‍යාව දුරුවෙනවා!!! ඉන්පස්සේ ඒ 'මුලාවක් නැති' සත්වයා මැරෙනකොට, ඒ පංච උපාදාන්ස්කන්ධයත් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙලා / නිරුද්ධවෙලා යනවා මිසක්, තවත් සත්වයෙක් උපද්දවිය හැකි ආකාරයට අවකාශයේ පැතිරෙන්න ගන්නේ නෑ!!! !!! !!! 'භවයක්' සකස්වෙන්නේ නෑ!!! !!! !!! ඉතින්... එතනින්, ඒ තාක් කල් දිගින් දිගට පැවත ආ පංච උපාදානස්කන්ධයක පැවැත්ම හමාර වෙනවා!!! !!! !!! ඔන්න ඕකයි මේ ධර්ම මාතෘකාවෙන් කියවෙන ස්වභාවික / ස්වභාවධර්මයේ වැඩපිළිවෙල සහ එහි අවසානය!!! !!! !!!

ඉපදෙන කිසිම සත්වයෙක් මේ සිදුවීම දැනගෙන උපදින්නේ නෑ!!! ඒත් උන් හැම එකාම උපදින්නේ තම තමන්ට මතකයට නගාගන්න බැරි උනත්, හැකියාව හදාගෙන සිහිකරන්න පටන්ගත්තත්, සිහිකරලා ඉවරයක් කරන්න තියා හිතන්නවත් බැරි අප්‍රමාණ මතකයක් එක්කයි!!! !!! !!! ඒ මතකයේ නැති දෙයක් නෑ!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගණනින් මිනී මරාපුව... අනන්ත අප්‍රමාණ සත්තු තොග පිටින් මරාපුව... මරාගෙන කාපුවා / යුද්ධ කරපුව / මංකොල්ල කාපුවා / හොරකම් කරපුව / බොරු වංචාවල් කරපුව / ගෑනු දූෂණය කරපුව... රජවෙලා හිටපුව / මහණ වෙලා හිටපුව / දෙයියෝ අදහ අදහ හිටපුව... හරක් / ඌරො / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපුවා... කියල ඉවරයක් කරන්න බෑ!!! !!! !!! ඕනෙම සිල්වත් / ගුණවත් උපාසක උපාසිකාවකගේ... පණ්ඩිත / අතිපණ්ඩිත / බකපණ්ඩිත හාමුදුරු නමකගේ... දෙයිය මැව්වා නැත්නම් පළවෙනි පාරට හැදුනා කියල හිතාගෙන ඉන්න අන්‍යාගමිකයෝ ඕනෙම කෙනෙක්ගේ... ජනාධිපති / මැති-ඇමති / ලොකු ලොක්කෝ ඕනෙම කෙනෙකුගේ... එහෙමයි!!! !!! !!! සත්වයෙක්ගේ 'කය' බිඳීගන යනකොට, ඌ මැරෙන්න ලංවෙනකොට, ඔය මතකය එහෙම්පිටින් ඇවිස්සෙනවා!!! !!! !!! ඉතින්, මෙලෝ මලදානයක් නොදන්න සත්වයෙකුට, 'හෙණගැහුවා වගේ' ඔහොම කුණු කන්දල් මතක්වෙන්න ගත්තම, එතනින් එහාට මොනවයින් මොනවා වෙයිද කියල කාටවත් අනාවැකි කියන්න බෑ!!! !!! !!! (උඹලට අතීතය / අනාගතය පේන්නේ නැති එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... මට නම් දැන් මේ මතෘකාවේදී -∞ ඉඳල +∞ වෙනකම්ම යත හැකියි!!) specific conditions වලදී හැරෙන්න බුදුරජාණන්වහන්සේට නම් ඕනෙම සත්වයෙක් සම්බන්ධයෙන් ඉස්සරහට සිද්ධවෙන දේ කියත හැකියි!!! !!! !!! (මටත් දැන් ටිකක් ලාවට ලාවට වගේ පුළුවන්!!) හැබැයි පොදුවේ ගත්තම, 'මොහොතක්' / 'moment' එකක් කියන්නෙත් සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙන වේගයට අනුව (electrical speed) සුමානයක හමාරක තරම් දිග... කාලයක් නිසා, මොන මගුලක් වෙයිද කියල හිතාගන්නවත් බෑ!!! !!! !!! ** චුල්ල කම්ම විභංගය / මහා කම්ම විභංගය / ලෝණඵල සුත්‍රය / වෙලාම සුත්‍රය වගේ ඒවායේදී, බුදුරජාණන්වහන්සේ කර්ම / කර්ම විපාක ගැන කියපුව තෝරලා දීල, ලෝක සත්වයින්ගේ structure එක නැත්නම් උන්ව හැදෙන රටාව ගැන කියල දුන්නම, හැම කෙනෙකුටම වගේ ඔය සේරම ලස්සනට තේරෙන්න ගනී!!! මං වේලපහින්ම කිව්වා නේ, 'සංසර ගමන' 'භවගමන' වගේ වචන, භාවිතයෙනුත් අයින් කරලා දානවා කියල... ඒ කියපුව වෙන්නේ ඒ විදියටම තමයි!!! !!! !!! **

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.