Tuesday, March 6, 2012

අන්න ඒ වගේම, මේ ඇඟවල් අස්සේ devices 6ක් set වෙලා මවල තියන 'තෝව', 'දෙයිය ගාවට යයි...' කියල හිතන් හිටියට යන්නෙත් නෑ!!!'ස්වර්ගෙට යයි...' කියල හිතුවට ඒ යන්නෙත් නෑ!!! 'සංසාරේ යයි...' කියල හිතුවට ඒ යන්නෙත් නෑ!!! හැබැයි, 'මෙතැනින්ම අහවර ඇති...' කියල හිතුවට එහෙම අහවර වෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, මේ එක කාමරේක TV එක කැඩුනට, තව ඔය විදියටම TV එකක් දාපු කාමරයක මේ වැඩසටහනම සිද්ධ උනොත්, ඒ පාර ඒ කාමරේ එකෙක් ඇවිද ඇවිද ඉන්නවා පේන්න ගන්නවා නේ?? අන්න ඒකයි!!! හැබැයි, එහෙම උනොත් ඒවෙන කාමරයක්... වෙන TV එකක්... කියන්නේ, ඒ වෙනින් සත්වයෙක්!!! වෙන එකෙක්!!! !!! වැඩසටහනෙන් හැදෙන එකා, පේන 'ත්‍රිමාණ රූපේ' විතරයි කලින් වගේම පේන්නේ!!! හරිද?? හරිනේ?? පැහැදිලියි නේ??? ඇත්තටම වෙන එකම දේ, මේ ඇඟ කැඩෙනකොට ඒ ඇඟ නිසා ඇතිවන විඳීම්, නොදන්න කමට 'මං' කියල රැවටිලා ඉන්න 'මායාව' definitely නැතුව යන එක විතරයි!!! ආයේ වෙන ඇඟක් (තව TV room එකක්) නැති උනොත් 'පොර' ආයි නෑ!!! ඉවරයි!!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! තව ඇඟක් හැදෙන්න, නැත්නම් පුනරුප්පත්තියක් සිදුවෙන්න ඉඩ හැරියොත් (වෙන TV කාමරයක පරණ වැඩසටහනම දුවන්න ඉඩ දුන්නොත්) අන්න එතකොට, 'අහවර නෑ නේද??' කියල තේරෙයි!!! හරිය???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ගැන බොහොම සරලව කිව්වේ, 'යමෙක් මේ 6 ආකාර විඳීම අවබෝධ කලොත්, ඔහු රහතහන්වහන්සේ නමක්!!' කියලයි!!! මේ මුළු ධර්ම කතන්දරයේම එකම අරමුණත් ඔය මුලාව, 'අවිද්‍යාව' දුරුකිරිමම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූදා සිට කලේ, සියලු දෙවි / මිනිසුන් ඔය 'චුට්ට' අවබෝධ කරගැනීම සඳහා හැඩගස්වපු එකත්, උන්ට ඒ 'චුට්ට' අවබෝධ කරගැනීමට උපකාර කල එකත් තමයි!!! !!! !!! හැබැයි,ඉන්න තැනක ඉඳගෙන කල්පණා කරලා... කරලා... 'සත්‍යය' අවබෝධ කරගෙන ඔය මුලාවෙන් මිදියන් කිව්වම, ඒක නොකර, මල් / පහන් පූජකර කර... ගාථා කියකිය වැඳවැඳ... පන්සල් පන්සල් ගානේ යන්නේ ගොං හරක්ම තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, මේ ලෝකේ නැති 'හුට්ටප්පර' / 'අලකලංචි' සේරම මේ ඉන්න තරමක් උගත් / ධනවත් / බලවත් මෝඩයන්ට ඔය 'චුට්ට' අවබෝධවෙනකම් තමයි!!! !!! !!!

ඉතින්, උඹල සේරමලත් ඇතුළුව, ලෝකේ ඉන්න තරමක් සත්වයෝ 'මං'ය, 'මම'ය, කියල හිතන් ඉන්න / හිටිය 'එක' නිකම්ම නිකම් විඳීමක්... දැනෙන දෙයක්... දැනීමක්... 'හොඳ ලස්සන තොරණක්...' මිසක්, මේ එකෙක්ගේ වත් ඇඟවල් අස්සේ 'දෙයියෙක් බයියෙක් ගාවට යන්න පුළුවන් මොකෙක්වත්...' 'ස්වර්ගෙට යන්න පුළුවන් මොකෙක්වත්...' නැත්නම් 'සංසාරේ යන්න පුළුවන් මොකෙක්වත්...' ඇත්තේ නෑ!!! !!! !!! මේක ඔය TV එකක් / computer එකක් වැඩකරන කම් රූප පෙන්නේ? සද්ද ඇහෙන්නේ? අන්න ඒ වගේ දෙයක්!!! TV එක / computer එක කැඩුනම රූප / සද්ද නැතුව යනවා මිසක්, ඒවා කොහෙවත් යන්නේ නෑ නේ?? අන්න ඒ විදියටම, මේ හතරමහා ධාතුවලින් හැදිච්ච ඇස / කණ / නාසය / දිව / කය සහ මනස කියන ආයතන 6 එකතුවෙලා පෙන්නන මේ 'ලස්සන තොරණ', කය බිඳිලා යනවත් එක්කම නැතුව යනවා!!! එච්චරයි!!! !!! !!! බය වෙන්න එපා!!! නෑ... එක්කෝ බයවෙයං. මොකද, උඹ බය උනත් නැතත් කතන්දරේ ඕක තමයි!!! !!! !!!

මේ 'කතන්දරය' තේරෙණකම් ඉපදිච්ච ඕනෙම සත්වයෙක් හිතෙන්නෙ, මේ ඇඟ අස්සේ sure එකටම මොකෙක්හරි ඉන්නවා කියල තමයි!!! !!! !!! ඉතින්, ඒ ඉන්නේ 'මං' තමයි... 'මගේ ආත්මය' තමයි... කියල රැවටිලා, 'මාව' පිනවන්න... 'මට' සැප දෙන්න... 'මාව' පුම්බල පුප්පල සමාජයේ අනික් එවුන්ට ඉහලින් කැපිල පේන්න තියාගන්න... තියන උවමනාවට, 'සියලු සත්වයෝ' ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! 'මට' මොනවා හරි වෙයිද?? 'මං' මැරෙයිද?? කියල බයේ, 'තමන්ව' රැකගන්න පරිස්සම් කරගන්න ඕනේ කියල හිතාගෙන, ඇඟ අල්ලගත්තු / බදාගත්තු ගමන්මයි!!! හැමතිස්සෙම එහෙම full alert එකෙන්, සෝදිසියෙන් ඉන්න ඒ ඉඳිල්ල මහා මළ වදයක්!!! !!! !!! ඇඟ කොහොමටවත් තමුන්ට ඕනේ විදියට තියෙන්නේ නෑ!!! ලෙඩ හැදෙනවා... කෑලි කැඩෙනවා... කෑලි නරක් වෙනවා... පණතියනකම් කචල් බචල් තොගයකට මුණදෙන්න වෙනවා!!! 'මං' කියල මුලාවෙලා ඇඟ බදාගෙන ඉන්න කෙනාට ඔය නිසා හැමතිස්සෙම ඉන්න වෙන්නේ ගූ බයෙන්!!! !!! !!! ඒ ගූ බය නිසා සත්වයෝ නොකරන දෙයක් නෑ... හතර අතේ වැඳ වැටෙනවා!!! පිළිම වලට වඳිනවා... දෙයියන්ට වඳිනවා... දෙයියන්ට කන්නලව් කරනවා... 'අනේ, මගේ එක ගලවාගනු මැනවි!' කියනවා... බෝ ගස් වලට වඳිනවා... පුදපූජා තියනවා... කොඩි එල්ලනවා... ග්‍රහයොන්ටත් වඳිනවා... සමහරු 'අහවල් එකට'ත් වඳිනවා... එක විකාරයි!!! ඒත් මේ හතරමහා ධාතුන් ගෙන් හැදිච්ච ඕනෙම ඇඟක් කැඩෙනවා මයි!!! එතකොට සත්වයාට 'මැරෙන්න' වෙනවාමයි!!! !!! අල්ලාගෙන බදාගෙන ඉන්න කෙනාට 'මැරෙණ එක' තරම් දුකක් තවත් නෑ!!! ඒත් මරණයට මුහුණ දෙන්න වෙනවාමයි!!! !!! බුදුහාමුදුරුවෝ ඔන්න ඔය බව කිව්වා, 'බැඳිලා ගියොත් මාරයට!'කියල. (හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම ඇසක්/කණක්/නාසයක්/දිවක්/කයක්/මනසක් මාර තුමාට අයිතිවෙන්නේ උරුමයෙන් මයි!!! ඊට අමතරව ඒ ආයතන 'තමන්ගෙයි කියල හිතන / බදාගන්න' සත්වයෝ හැම එකාමත් එයාට අයිතියි!!!)

හැබැයි වැඩේ තියෙන්නේ, ඔය විඳීම් සේරම තියෙන්නේ... නැත්නම්, ඔය 'තොරණ' පේන්නේ... ඒත් නැත්නම්, ඔය 'මම' ඉන්නේ... මේ ඇඟ 'සජීවීව තියනකම්', ඇඟේ 'පණ තියනකම්' විතරයි!!! කය (ඇඟ) බිඳිලා යනකොට ඒ සේරමත් නැතුව යනවා!!! !!! !!! කෙනෙක් ඔන්න ඔය 'ඇත්ත' දැනගන්න දැනගන්න, 'මම' ඇඟෙන් වෙන්වෙන (ඈත්වෙන) බවක් ටිකෙන් ටික එයාට තේරෙන්න ගන්නවා. 'ඇත්ත කතන්දරය මේකයි නේ!!' කියල එයාම හොඳට 'බඩකට පුරා' දැනගත්ත දවසට, ඒ කියන්නේ අරහත්වයට පත්වුනාම, 'මම' මේ ඇඟේ නෑ කියල එයා හොඳාකාරවම දැනගන්නවා!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ඔන්න ඔය ලක්ෂණයට කිව්වා, 'විඥාණය අනිදස්සන වීම' කියල!!! මොකද, කලින් 'ඇත්ත' නොදන්නා කාලේ 'මම' කිය කියා මේ 'හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ' පෙන්නුවට, දැන් දන්නවා 'මං ඒකෙ නෑ!!' කියල!!! !!! !!! ** ඔතනදි බුදුරජාණන්වහන්සේ ඔය 'විඥාණය' කියල දක්වල තියෙන්නේ, සත්වයා 'තමන්' කියල රැවටෙන දේ, 6 ආකාරයක විඳීම ගැනයි!!! ** ඉතින්, 'විඳීමක්' කොහොමද පෙන්නන්නේ?? පෙන්නන්න විදියක් නෑ නේ??? 'දර්ශණය වෙන්නේ' නෑ නේ??? අන්න... අනිදර්ශණයි!!! අනිදස්සනයි!!! හරිය??? ඒවගේම ඉතින්, 'මම ඇඟේ නෑ!!' කියල දැනගත්ත කෙනාට ඇඟෙන් ඇති වැඩේ මොකද්ද??? එයාට ඒක වැඩක් නැතුව යනවා!!! 'ඇඟට හෙණ ගැහුවත් මට ප්‍රශ්ණයක් නෑ නේ...' 'මට ඒකෙන් ඇති වැඩක් නෑ නේ...' කියල දන්නවා!!! !!! !!! ඉතින්, සත්වයාගේ බය සැක ඔක්කොම නැතුව යනවා!!! !!! !!! අල්ලගෙන / බදාගෙන ඉන්න / හිටිය ඒවා සේරම අතහරින්න දෙයක් නෑ... ඉබේම අතහැරෙනවා!!! !!! !!! එතකොට හරි සැහැල්ලුයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.