Monday, April 30, 2012

අවිද්‍යාවෙන් වැහිලා ඉන්නකම් මිනිස්සු හිතන්නේ 'තමං' නිත්‍ය/ස්ථිර කෙනෙක්/පුද්ගලයෙක් වෙන්න ඇති!! ය... ලස්සන ලස්සන රූප, මිහිරි සද්ද, සිත පිනවන සුවඳ, ඉමිහිරි රස, සනීපයක් දැනෙන ස්පර්ශ විඳ විඳ ඉඳීම පුදුමාකාර සැපයක්!! ය... පිං ටිකක් කරගත්ත නම් මැරිලා ගිහින් මීටත් හොඳ තැනක ඉපදිලා තව තවත් සැප විඳින්න පුළුවන්!! ය... එහෙම කියලයි. ඉතින් උන් ආයෙ ආයෙමත් මනුස්ස ජීවිත ලබන්න... මීටත් වඩා සැප විඳින්න පුළුවන්, අඩුපාඩු නැති ජීවිත ලබන්න... ඇති පදම් තියන සැප සේරමත් විඳලා, අන්තිමේ තියන ලොකුම සැපය 'ණිවන් සැපයත්' විඳින්න, පුකවල් ඉරාගෙන පිං කරනවා!!!අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව පහල උනායින් පස්සේ තමයි ඒ මෝඩ පොරවල් දැනගන්නේ, 'තමං' කියන්නේ මේ කාල කාල හැදිච්ච ඇඟක් උපකාරයෙන් තියන තාවකාලික / 'අනිත්‍ය' කතන්දරයක්!! ය... ඇඟට පවතින්න බැරුව කඩාගෙන වැටෙනකොට 'තමං' වත් සුනේ සුං වෙනවා!! ය... කියන බව!!! එතකොට තමයි උන්ට "අයියෝ... මං ඉවරයි!!" කියල තරු විසිවෙන්නේ. අන්න ඊටපස්සේ තමයි උන්ට 'දුක' කියන එක මතක්වෙන්නේ. එතකොට, සැප නිකම්ම අතුරුදහන් වෙලා දුක මතුවෙනවා!!! කරකියාගන්න දෙයක් නැති උනාම, කොච්චර දැඟලුවත් වැඩක් නෑ... මෙතන තමන්ට ඕනේ විදියට මොකවත්ම කරන්න පුළුවන් කමක් නෑ!! මේ ජීවිතය තමන්ට උවමනා විදියට පවත්වන්න බැරි 'අනාත්ම' දෙයක් බව උන් තේරුම්ගන්නවා!!! ඒ වගේම ජීවිතේ කියල රැවටිලා හිටියේ මොකකටද කියල දැනගත්තම... 'මතකයක්' මිසක් මං කියල එකෙක් මේක අස්සේ නෑ නේද? කියල දැනගත්තම... සංසාරේ ඇවිල්ල තියෙන්නෙත්, යනවා නම් යන්නෙත්, ඒ 'මතකය' විතරයි නේද කියල දැනගත්තම... උන්ට පිං කරන්න පුකවල් ඉරාගත්ත හැටි මතක් වෙලා හිනහත් යනවා!!! 'ඇත්ත' තේරුණාට පස්සෙ, පිං කරකර තවත් ඉපදෙන්න බලන් ඉන්න එක උන්ටම එපා වෙනවා!!! ඒ පිං කර කර ආයෙ ආයෙ ඉපදෙන්න, තමන්ට දිගින් දිගටම ඉන්න තිබ්බ උවමනාව ඉබේම නැතුව යනවා!!! උන් ඔහේ තියන දෙයක් කාල බීල... තමන්ගේ පාඩුවේ ජීවත් වෙමින් සැහැල්ලුවෙන් ඉඳන්... මේ ජීවිතේදිම 'නිවණ' අත්විඳිනවා!!! !!! !!! උන්ට සැප විඳින්න... නම්බුනාම ගන්න... තමන්ගේ ලොකුකම ප්‍රදර්ශණය කරන්න... වගේ මොන පිස්සුවක් වත් හැදෙන්නේ නෑ!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච කාලෙක ඒ ජීවිත කතාව 'තෙල් ඉවරවෙච්ච පහණක් නිවිලා යනවා වගේ' අවසන් වෙනවා!!! !!! !!!

දැන් බලහන්... උඹලා අසාවෙන් බදාගෙන ගොඩගහගෙන හිටීය දේවල් ඔක්කොම උඹලට නැතිවෙනවා!!! උඹට ඕනේ උනාට ඒවා සදහටම තියාගන්න පුලුවන්ද??? බෑ!!! බැරිනම් ඉතින් කරන්න වෙන්නේ අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! උඹල වයසට යනකොට ඇස් පෙන්නේ / කන් ඇහෙන්නේ / අතපය හරියට වැඩකරන්නේ නැතුව යනවා!!! උඹලට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවද??? නෑ!!! මොකුත් නෑ!!! !!! !!! එතැනදී වෙන්නෙත් අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! හැබැයි උඹලා මේ ඇඟ අබලන් වෙනකොට... මේ ඇඟ නැතිවෙනකොට... තව ඇඟකට යන්න බලාගෙන හිටියා!!! ඒක 'හොඳ ඇඟක්' කරගන්න... හොඳ 'ලොකු එකෙක්' හැටියට... හොඳට සැප විඳින්න පුළුවන් එකෙක් හැටියට... ඉපදෙන්න මල් පහන් පූජ කර කර... බුද්ධ පූජාවල් / බෝධි පූජාවල් තිය තිය... ලස්සන ලස්සන තාල දාල ගාථා හද හදා කිය කිය... පෙරහැරවල් කර කර... මහා ජරමරයක් කළා!!! බැලුවහම තොපිට මෙතනින් එහාට කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! එහෙනම්, දැන් තොපි මල් පහන් පූජ කර කර, ගාථා කිය කිය වැඳ වැඳ ඉඳලත් වැඩක් තියනවද??? නෑ!!! එව්වා කලයි කියලත් උඹට තව එහෙකටවත් යන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! උඹලට එතැනදී වෙන්නෙත් ඔක්කොම අල්ලලා දාල, 'මට මේ ඇති!!' 'මේ හොඳටෝම ඇති!!' 'මට ඕනේ මේ දුකෙන් නිදහස්වෙන්න විතරයි!!' කියල, හිත හදාගන්න විතරයි!!! !!! !!! උඹ කොහොමත් මැරෙන්න ඉපදිච්ච එකෙක්!!! !!! !!! අනික උඹ අවිද්‍යාවෙන් මැරුණොත් උඹගේ මතකය CD එකකට ගහල කාට හරි දීල මලා වගෙයි... උඹ පිරිණිවන් පෑවොත් එහෙම CD එකක් ගහල නොදී මලා වගෙයි... උඹට ඒ දෙකේදීම වැඩක් නෑ!!! උඹ කොහොමත් මැරෙනවා!!! !!! !!! ඔන්න ඔය ඇත්ත තේරුම් අරගෙන, ආයේ ආයේ උපදින්න... දිගින් දිගට පවතින්න... බැරි බව දැනගෙන, ඊළඟට ඔය ඔලුගෙඩිය අස්සේ තියන 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' උඹ මේ ජීවිතයෙන්ම පිරිණිවන් පානවා!!! !!! !!!

බුදුරජාණන්වහන්සේටත් සෙසු සියලු රහතුන්වහන්සේලාටත් උනේ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලවයි, අනික් මුළු ලෝකෙම හිටිය තරමක් ධර්මයට යොමුවෙච්ච අහිංසක මනුස්සයෝ සේරමලයි, එහෙම්පිටින්ම කෑවේ, සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ධර්මය කියන්න ගිහින් දීපු definitions සේරම වැරදියි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ උන් කියපු තණ්හාවල්, 'මගේ ළමයි... මගේ ගෑනි... මගේ මිනිහ... මගේ ගෙදර...' වගේ කෙහෙල්මල් ගැන නෙවෙයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ, memory එකට attach වීම (මෝහ), ඒකත් එක්ක ගැටීම (repel නැත්නම් ද්වේශ) හා ඒකට attract වීම (රාග) ගැනයි!!! !!! !!! මේවා තාම කවුරුවත් දන්නේ නැතුව ඇති... බුදුහාමුදුරුවොන්ට උන්වහන්සේ වැඩසිටිය කාලේ මේවා මේ විදියට කියන්න පුළුවන් උනේ නෑ!!! !!! !!! අවුලක් නෑ... මාව උන්වහන්සේගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති!!! මං උඹලව ඇඟ ඇතුලටම ගෙනිහිල්ල වෙන දේ පෙන්වනවා වගේ සේරම කියල දෙන්නම්... graphs / drawings ඇඳලාම කියල දෙන්නම්... ගූ කරගත්ත එවුන්ට හැරෙන්න, උඹලා කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න නම් දෙන්නේ නෑ!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.