Wednesday, January 11, 2012

අපි / සත්වයෝ හැදුනේ අලුතෙන්ම උනාට, අපි මනුස්සයෝ හැටියට මේ ලබල තියන ජීවිතවල නම් ආයුෂත් චුට්ටයි උනාට, මේ අපිව / සත්වයින්ව හැදෙන්න හේතු වෙච්ච 'පංච උපාදානස්කන්ධ' පැවතගන ඇවිල්ල තියෙන්නේ 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරමේ බොහෝම දුර ඈත අතීතෙක ඉඳලයි!!! !!! !!! 'ඕවට' දිගින් දිගට පවතින්න හැරියොත්, අනිවාර්යයෙන් තව කෙල කෝටි ගණන් සත්තු හැදි හැදී යනවාම තමයි!!! ඒ වැඩපිළිවෙල කීයටවත් ඉබේ නම් නවතින්නේ නෑ!!! !!! !!! ඕක නවත්තන්න නම්, 'යම් සත්වයෙකුගේ සංසාර දුක' ඉවර වෙන්න නම්, ඒ සත්වයා හටගත් පංච උපාදානස්කන්ධයේ දිගින් දිගට පැවැත්ම කවද හරි දවසක නතරකරන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, මේ දැනට තම තමන්ගේ ශරීර කූඩු අස්සේ ක්‍රියාත්මක වෙමින් තියන පංච උපාදානස්කන්ධ, මෙතනින් එහාට යන්න නොදී මෙතනදිම 'ෆ්ලැටේ ෆ්ලැට්' කරන්න ඕනේ!!! අර graph එකකින් ඇඳලා පෙන්නුවේ, රහතුන් වහන්සේ නමක් පිරිණිවන්පාද්දී වෙන විදිය... අන්න ඒ විදියට, කතන්දරේ එහෙම්පිටින්ම මෙතැනින්ම අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යන්න හරින්න ඕනේ!!! ඉවරයක්ම කරගන්න බැරි උනත්, අඩුම ගණනේ 'at least' නතර කරන්න අවශ්‍ය 'මූලික පියවර' වත් සම්පූර්ණ කරන්නම ඕනේ!!! !!! !!! මොකද ඒක කරගන්න පුළුවන් වෙන්නේ, මේ වගේ 'ක්ෂණ සම්පත්තියක්' ලබාපු වෙලාවක, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිච්ච වෙලාවක කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු වෙලාවක විතරයි!!! ඔය වැඩේ මේ සැරෙත් හරියට කරගන්න බැරි උනොත්, ආයේ අවස්ථාවක් උදාවෙන්නේ ඔය පංච උපාදානස්කන්ධය හන්දාම කවදා කොහේදී හරි 'තවත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්' හැදිච්ච වෙලාවක, එයාටත් ක්ෂණ සම්පත්තියක් ලැබුණොත් තමයි!!! ඒ කියන්නේ ආයෙමත් මේ වගේම අවස්ථාවක් එනකම් ඉන්න වෙනවා!!! අවස්ථාව ලැබුණා කියල වැඩක් වෙන්නෙත් නෑ... මේ වගේම තමයි!!! 'මූලික පියවර' වත් සම්පූර්ණ කරගැනීම එදාටත් කරගන්න බැරි උනොත්, ආයිමත් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නම වෙනවා!!! හැබැයි මෙහෙම ක්ෂණ සම්පත්තියක් ලැබීම මනුස්ස ජීවිතයක් ලැබීමටත් වඩා අතිශයින් දුර්ලභ දෙයක් කියල තමයි බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! අන්න ඒක නිසා, මේ අවස්ථාව miss කරගත්තොත් ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්න කල්ප කීයක් යයිද? දන්නේ නෑ!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' (සසර සැඩපහර භයානකයි)!!! !!! !!!

දැන් ඔය ජීවිතය අවබෝධ කරගන්න වැඩේ මෙහෙදී කරගන්න බැරි උනත්, 'පින් කරගත්තනම් දිව්‍ය ලෝකෙකදී වැඩේ කරගන්න බැරුවයි??' කියල හිතෙන්න පුළුවන්... බුදුහාමුදුරුවෝ, දිව්‍යලෝකේ දිව්‍ය ජීවිත ලබපු අය ධර්මයට යොමුවෙන හැටි ගැනත් දේශණා කරලා තියනවා!!! පිරිසක්, කැලේක අතරමං වෙච්ච කෙනෙක් බෙර හඬක් ඇහිලා ඒ හඬ ඔස්සේ ගම්මානයට යනවා වගේ ධර්මයට යොමුවෙනවා කිව්වා... තව පිරිසක්, 'දිව්‍යලෝකේ එන්න ලැබුණේ ධර්මය නිසා නේද?' කියල මතක්වෙලා ධර්මයට යොමුවෙනවා කිව්වා... තවත් පිරිසක්, අනික් උදවිය දිව්‍ය ජීවිත ලබල තියෙන්නේ ධර්මයේ හැසිරිච්ච නිසා බව අහල දැනගෙන ධර්මයට යොමුවෙනවා කිව්වා... ඔය වගේ කරුණු කිහිපයක්ම තියනවා. හැබැයි ඇත්තටම නම් ඒවා වැඩිහරියක් වලංගු වෙන්නේ සෝතාපන්න තත්වයට පත්වෙලා මනුස්ස ජීවිතෙන් සමුගත්ත අයටයි!!! **- මොකද සෝතාපන්න නැත්නම් දිව්‍යලෝකේ පැත්තට යැවෙයි කියන එක අන්තිම unsure!!! සෝතාපන්න නැති කෙනාට වෙන දේ බුදුහාමුදුරුවොන්ට වත් කියන්න බෑ!!! එච්චරට uncertain!!! පව් කර කර ඉඳල දිව්‍යලෝකේ යනවා... පින් කර කර ඉඳල අපායේ යනවා... case ගොඩායි!!! !!! (මං ඔය සේරම වෙන විදිය පෙන්වල දෙනවා!!! චුට්ටක් හිටහල්ල...) කොහොමහරි, දැන් කාලේ නම් මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලම තමයි!!! (ඒකත් seen එක වෙන හැටි පෙන්නන්නම් කෝ... රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙනවා කිව්වේ ඒකයි!!!) දිව්‍යලෝකේ පැත්තට යැවුනොත් යැවෙන්නේ බොහොම කලාතුරකින් වැඩිපුර පින් ටිකක් කෙරුණු කිහිප දෙනෙක් විතරයි!!! -** බහුතරයක් දෙවි පිරිස ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ, "ශරීරයේ පැහැය දුර්වර්ණ වෙලා... දාඩිය දාලා... චුතවෙන්න හදන දෙවියාට අනික් දෙවිවරු, 'පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපිද උතුම්ම ලාභය ලබාගන්න' යයි පවසනවා" කියලයි!!! ඒකෙ තේරුම තමයි, දෙවියන් අතර උපදින වැඩිදෙනෙක් ධර්මයට යොමුවෙන්න තියා ශ්‍රද්ධාවට වත් ආව (භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ අවබෝධය අදහාගත්) උදවිය නෙවෙයි කියන එක!!! ඒ අයත් හතර අපායෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට ඇතුල්වෙන්න එන්නේ මෙහෙට... මේ මනුස්ස ලෝකෙට!!! ඉතින්, මෙතන තමයි වැඩේ පටන්ගන්න තියන තැන!!! තමුන්ලා දැන් ඉන්න තැන!!! miss කරගත්තොත් මේ පාරත් sorry ම තමයි!!! !!! !!!

මේ... දැන් ඔය 'වැඩිපුර පින් ටිකක් කෙරුණොත් දිව්‍යලෝකෙට යැවෙයි...' කිව්වම, "පින් කරගත්ත නම් 'මට' දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයි!" කියල හිතන්න එපා!!! එතැනදී වෙන්නේ, තමුන්ට මේ සැරේම පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි උනාට, මනුස්ස මට්ටම ඉක්මවල දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස්කරන්න තරම් පින් එක්රැස්වෙලා තිබුණොත්, මේ පංච උපාදානස්කන්ධය නිසා හැදෙන ඊළඟ සත්වයා දිව්‍යලෝකෙක හැදෙන එක විතරයි!! හැබැයි ඒ තමුන් නෙවෙයි!!! !!! !!! ඊළඟට, දෙවිවරු 'සුගතියට ගිහින් උතුම්ම ලාභය ලබන්න...' කියල කිව්වට, එතන වෙන්නෙත් ඒක නෙවෙයි!!! එයාලත් කතන්දරේ දන්න අය නෙවෙයි නේ... එතැනදී වෙන්නේ දිව්‍ය ජීවිතයක් හම්බවෙලා හිටිය සත්වයාටත් පංච උපාදානස්කන්ධය තවදුරටත් පවතින එක නතරකරගන්න බැරි වෙනවා!!! ඒ වගේම, දිව්‍ය මට්ටමේ ජීවිතයක් සකස් කරන්න හේතුවෙච්ච පින් විපාක දීල අවසන් උනාම, තවදුරටත් ඒ මට්ටමේ රැඳී ඉන්නත් බැරිවෙනවා!!! ඉතින් අනිවාර්යයෙන් ඒ මට්ටමෙන් පහලට වැටෙනවා... ඊළඟ සත්වයා හැදෙන්නේ මෙහෙ, නැත්නම් මීටත් පහල තැනක තමයි!!! දෙවිවරු 'සුගතිය' කියල අදහස් කරන්නේ මනුස්ස ලෝකය. මෙහෙ ඉපදිලා ශ්‍රද්ධාව ඇතිකරන්, ධර්මය ඉගෙන ගන්න කියල නේ කියන්නේ... හැබැයි චුතවෙන දෙවියා සෝතාපන්න කෙනෙක් නෙවෙයි!!! ඒ කියන්නේ ඊළඟට මොකක්වෙයිද කියන එක unsure!!! සෝතාපන්න නැත්නම් හතර අපායේ වැටෙන ස්වභාවයෙන් මයි ඉන්නේ... ඉතින්, බොහොමයක් වෙලාවට ඒ ඊළඟ සත්වයා හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වල තමයි!!! 'සක්විති රජ උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ ඉපදුනාට, ඊළඟ වතාවේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කිව්වේ ඒකනේ!!! අනික දෙවියා චුත වෙලා ඊළඟට හැදෙන සත්වයා මනුස්ස ලෝකෙම ඉපදුනත්, ඒ වෙනකොට බුද්ධ සාසනයක් නැතිවුනොත්?? ඒ වෙනකොට 'ධර්මය' කියල තියෙන්නේ, සාසන භක්ෂකලා වලඳපු 'කුණුහරුප බණ' විතරක් උනොත්?? කරන්න කිසිම දෙයක් නෑ... ඊළඟට හැදෙන සත්වයා අනිවාර්යයෙන් හතර අපායේ තමයි!!! තේරෙණවද case එක??? පින් කර කර හිටියට වැඩක් නෑ... නිකම් 'වටේ යාමක්' විතරයි!!! කොච්චර වටේ ගියත් වැඩේ ගැස්සිච්ච ගමන් හතර අපායේ තමයි!!! !!! !!!

සංසාරේ දිගටම යන්න උනොත් නම්, ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය දිගින් දිගට පවතින්න හැරියොත් නම්, බුදුරජාණන්වහන්සේ දේශණා කලේ 'ණියසිලට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ ප්‍රමාණයක් නැවත සුගතියේ (දිව්‍ය/මනුස්ස) උපතක් ලැබුවට, මැරෙන මැරෙන මනුස්සය යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපත් කරායි!!' කියලයි!!! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'බල්ලෙක් / පූසෙක් උනොත් තව එයින්ම එකෙක් වෙන්න, නැත්නම් ඊටත් පහලට යන්න ලේසියි!! හැබැයි උඩ අතට නම් එන්න අමාරුයි!!!' 'පෙරේතයෙක් උනොත් තව තවත් පෙරේත ආත්මම ලබන්න හරි ඊටත් පහලට යන්න හරි පුළුවන්!! ඒත් උඩට එන්න අමාරුයි!!!' කියල. ඒ කියන්නේ, නැවත නැවත උපදින්න උපදින්න සකස්වෙන්නේ සිටින තත්වයටත් වඩා පහල මට්ටමේ ජීවිතයක් කියන එකයි!!! ඉතින් එහෙම පහලට පහලට රූටගෙන රූටගෙන යන සත්වයා නිරයටම වැටෙනවමයි!! ඊලගට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'නිරයට වැටුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීමට ඇති අවස්ථාව, කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දැකීමටත් වඩා අතිශයින් දුර්ලභයි' කියල!!! ඒ කියන්නේ අනන්ත අප්‍රමාණ කාලයක් නිරයේ ගතකරන්න සිදුවෙනවා කියන එකයි!!! ඉතින් එහෙම බැලුවම, මේ සත්වයෙක්ගේ සංසාර ගමන කියන්නේ එක මනුස්ස / දිව්‍ය ආත්මයකට වරක්, නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ආත්මභාව 10,000 - 15,000 විතර ලබමින් යන අන්තිම දුක්ඛිත ගමනක්!!! !!! !!! 'සංසාරෝඝං මහබ්භයං' සසර සැඩපහර භයානකයි!!! !!! !!!

හරි! එහෙමනම් ක්ෂණ සම්පත්තියක් ලබපු මේ ජීවිතය තමයි අපිට මේ ජීවිතය අවබෝධ කරන් සංසාර දුකෙන් නිදහස්වෙන්න පුළුවන් තැන කියල දැක්ක නේ?? එතකොට මේ 'කස්ටිය' ඔය වැඩේ කරන්න පටන්ගන්නෙත් පළවෙනි පාරටද???

සම්ප්‍රදායික විදියට කියනවා නම්, මේ මනුස්සයෝ කවුරුවත් පලවෙනි පාරට මනුස්සයෝ වෙලා ඉපදුන උදවිය නෙවෙයි!!! සත්‍ය සිද්ධිය, මේ ඕනෙම කෙනෙකුට පෙර විසු කඳ පිළිවෙල දකින ණුවන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගෙන තම තමන්ට ලැබිල තියන අතීත මතකයන් ආවර්ජනය කර කර බලන්න පුළුවන් නම්, ඒකෙ අනන්ත සංඛ්‍යාවක් මනුස්ස ජීවිත ගතකල සත්වයින්ගේ මතකයන් තිබෙන බව දැනගන්න පුළුවන්!!! ඒ මතකයන් සිහිකරන්න පුළුවන්!!! අර... කවුරුවත් නොකරපු විදිය අමුතු වැඩක් කරන්න ගියපු සීයා කෙනෙක්ගේ කතාවක් තියෙන්නේ... අහල / කියවල තියනවද?? සීය කෙනෙකුට හිතුනලු, තමන් මැරුණාම කවුරුවත් වළදාපු නැති තැනක තමන්ගේ සිරුර වළලන්න තිබුණානම් හොඳයි කියල... ඉතින් සීය ඒකට සුදුසු තැනක් හොය හොයා ගිහින් තෝරාගත්තේ තඩි නුග ගහක් තිබ්බ තැනක්ලු. නුග ගහක්ද කියල නම් හරියට මතක නෑ... කොහොම හරි, සීය හිතල තියෙන්නේ එච්චර විශාල ගහක් තියන තැනක කවුරුවත් මිනී වළලලා නැතුව ඇති කියලයි!! අන්න ඒ වෙලාවේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සීයාගේ හිතේ ඇතිවෙච්ච අදහස 'දැකල' එතනට ඇවිල්ල කිව්වලු, 'සීයේ, සීයා මීට කලින් 16,000 වතාවක් ඔය නමින්ම, ඔතනම වලදාළ තියනව!!'යි කියල!!! !!! ඒක ටිකක් special case එකක් නේ... හැබැයි බුදුහාමුදුරුවෝ ඒ සීයටයි, සත්වයෝ / අපි හැම එකෙක්ටමයි පොදුවේ කියල තියෙන්නේ ඊට වඩා ෂෝක් කතාවක්!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.