Monday, February 27, 2012

හරි! දැන් මෙහෙමයි ඇත්ත කතාන්දරය... අපි කාටවත්, අපිව වත් අනික් සත්තු වත් හැදෙන විදිය පේන්නෙ නෑ නේ?? ඉතින් සාමාන්‍ය මිනිස්සු 'උන්ව' හැදිච්ච හැටි ගැන හොයන්න / කල්පණා කරන්න ගියොත් කරන්න පුළුවන්, උපකල්පණය කිරීම් විතරයි!!! එහෙම කරන්න ගියපු ගමන් කවුරු කවුරුත් නතරවෙන්නේ, 'මහා බලගතු දෙවි කෙනෙක් හදන්න (මවන්න) ඇති...' 'ඉබේ, ඔය මොන මොනවයින් හරි හැදෙන්න ඇති...' වගේ සුරංගනා කතාවල තමයි!!! ඊළඟට ඒ හැදිච්ච සත්තුන්ට ඉවරයක් නැතුව ලෙඩ දුක් / කරදර වලට මුහුණ දෙන්න උනාම උන් උපකල්පණය කරන්නේ, 'දෙයියට තද වෙලා අපිට ලෙඩ දානවා ඇති... වැඳලා / පුදලා එයාව shape එකේ තියාගත්තා නම් අවුලක් වෙන එකක් නෑ...' 'ග්‍රහයින්ට මල පැනල අපිව කන්න හදනවා ඇති... පුජාවක් කලොත් හරියයි...' වගේ පිස්සු මරගාත තමයි!!! හැබැයි බුදුරජාණන්වහන්සේ නමක් කියල හඳුන්වන, මනුස්සයෙකුට ලබන්න පුළුවන් දේවල් උපරිමයෙන්ම ලබාගෙන උපදින, උසස්ම (Maximum) මනුෂ්‍යයාට, ඔය දේවල් සම්බන්ධයෙන් ඔහොම 'පිස්සු කෙලින්න' කිසිම උවමනාවක් නෑ!!! බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙන්නේ විශ්වයම කූරු ගාල, හැම අස්සක් මුල්ලක් නෑර පීරලා බලන්න අවශ්‍යවෙන 'සබ්බ සකලමනාවම' අරගෙනයි!!! !!! !!! බුදුහාමුදුරුවොන්ට උපකල්පණය කර කර ඉන්න දෙයක් නෑ... එයාට, 'උස කන්දක් උඩට නැගල, පහළ මහා පලාතක සිද්ධවෙන දේවල් බලාගෙන ඉන්න කෙනෙක්' වගේ ලෝකේ සිද්ධවෙන සේරම දේවල් අහන්න / බලන්න පුළුවන්!!! !!! !!! ඉතින්, තමන් වහන්සේ සතු සුවිශේෂ හැකියාවල් වලින් එහෙම හොයාගෙන හොයාගෙන ගිහිල්ල තමයි උන්වහන්සේ කිව්වේ, "මිනිස්සු ගෙවල් ඇතුලේ ඒ කාමරෙන් මේ කාමරේට යනවා... මේ කාමරෙන් තව කාමරේකට යනවා... වගේ, ආයේ ගෙදරකින් තව ගෙදරකට යනවා... ඒ ගෙදරින් වෙන ගෙදරකට යනවා... වගේ, මැරෙණ මැරෙණ සත්වයෝ කර්මානුරූපව තැන් තැන්වල උපදින හැටි මං දැක්කා" කියල!!!

හැබැයි, මැරෙණ මැරෙණ සත්වයින් මෙහෙම කර්මානුරූපව වෙනත් වෙනත් තැන්වල ඉපදීම සිදු වුනාට, මේ ඉන්න සත්වයාම ඊළඟ තැනට ගිහිල්ල උපදිනවා කියල එකක් බුදුරජාණන්වහන්සේ නම් කිව්වේ නෑ!!! !!! !!! උන්වහන්සේ මේ පුනරුප්පත්තිය, නැත්නම් නැවත නැවත ඉපදීම දැක්වුයේ බීජයකින් පැළයක් හැදෙනවා වගේ දෙයක් කියලයි!!! 'විඥාණං බීජං... කම්මං කෙත්තං... තණ්හා සිණේහෝ...' {විඥාණය බීජයයි... කර්මය කෙත (කුඹුර) යි... තණ්හාව ජලයයි...} "කර්මය නමැති කුඹුරේ, තණ්හාව නමැති ජලයෙන් තෙත් වෙවී, විඥාණය නමැති බීජය වැඩෙනවා!!" යි කියලයි!!! 'මේ ඉන්න සත්වයා ගිහින්... වෙන කුඹුරකට බැහැල... එතන තෙමි තෙමි පැළවෙනව...' එහෙම එකක් නෑ!!! හරිද??? තා එකක්... දැන් ඔතනදි විඥාණය කිව්වම ඒ 'සත්වයා' නෙවෙයි නේ?? ඒ ඇවිල්ල 'සත්වයාගේ මොකක් හරි' විතර නේ??? දැන් මෙහෙම 'බීජයකින් පැළයක් හැදෙනවා වගේ දෙයක්...' කිව්වම, 'බීජ හැදෙන්නේ ගස් වලින්... එක ගහකින් බීජ ගොඩක් හැදෙනවා... එහෙනම් එක සත්වයෙක් ගෙන් තව සත්තු තොගයක්ම හැදෙනවා ඇති...' වගේ ගොං විදියට හිතන්නත් එපා!!! හරිද??? ඊ ලඟට දැන් අඹ ගහකින් ගන්න බීජයක් (අඹ ඇටයක්) අරගෙන පැළකලාම හැදෙන්නේ අඹ ගහක් මයි!!! බීජය ගත්තු ගහ 'මී අඹ' නම්, හැදෙන්නෙත් මී අඹ ගහක්!!! බීජය ගත්තු ගහ 'කොහු අඹ' නම්, හැදෙන්නෙත් කොහු අඹ ගහක්!!! බීජය ගත්තේ කර්තකොළොම්බන් ගහකින් නම්, හැදෙනෙත් කර්තකොළොම්බන් ගහක් මයි!!! දැන් ඔහොම පැළකලාම බීජය ගත්තු / දීපු ගහයි, ඒ බීජයෙන් හැදිච්ච ගහයි දෙකම එකට පේන්න තිබුණොත්, එක සැරේම පේනවා ඒ 'ගස් දෙකක්' කියල!!! !!! !!! හැබැයි ගස් දෙකම එක වගෙයි... එකම විදියයි... ඒත් ඒ එකක් නෙවෙයි, දෙකක්!!! හරිය??? ඊළඟට බීජය ගත්තු ගහ මැරිලා!!! ඒක වේලිලා... දිරලා... පොලවට පස්වෙලාම ගිහිල්ල... උනොත්, ඒ 'මහ ගහ' නෑ!!! !!! !!! පැළවෙච්ච ගහ විතරක් ඒ විදියටම තියනවා!!! !!! !!! එතකොට, පැළවෙච්ච ගහ එහෙම්මම තිබුණා කියල, ඒ 'මහ ගහ' නෙවෙයි නේ??? 'මහ ගහ' මලා... ඒක දැන් නෑ!!! දැන් තියෙන්නේ පැළේ... ඒ වෙන ගහක්!!! හැබැයි ඒකත් 'මහ ගහ' වගේමයි... එකම විදියයි!!! හරි නේ???

දැන් ඔය බීජය ගත්තු ගහ මැරිලා... දිරලා... පොලවට පස්වෙලා... මොකුත්ම නැතුව යන එකයි, බීජයෙන් (අඹ ඇටයෙන්) අලුත් ගහක් හැදිලා... කලින් ගහ තරමටම ලොකුමහත් වෙලා... හොඳට ඇහැට කනට පේන්න ගන්න එකයි, high speed සිද්ධ වුනා!! කියමු!!! නිකම්, magic වගේ... 'සුටුස් ගාල' නැත්නම් 'පටස් ගාල' සිද්ධ වුනා කියමු!!! බලනකොට, මහ ගහ අතුරුදහන් වෙලා... පැළ ගහ ලොකුවට පේන්න තියනවා!!! දැන් එතකොට ඒ පේන්න තියෙන්නේ කලින් තිබ්බ ගහ, නැත්නම් 'මහ ගහ'ද?? නැත්නම්, එක ගහමද?? ඒ ගහමද?? එකම ගහක්ද?? 'අතන' තිබුණු ගහ 'මෙතනට' ඇවිල්ලද?? මොකද්ද??? මොකුත් upset එකක් නෑ නේ??? කලින් ගහ, 'මහ ගහ' මලා... ඒක ඉවරයි!!! මේ අලුත් ගහ... පැළ ගහ... මේක වෙන ගහක්!!! හැබැයි එකම විදියයි!!! කලින් එක වගේමයි!!! හරි නේ???

ආයේ, උඹ ඔය මහ අඹගහ දැක්කේ සෑහෙන කාලෙකට කලින්... ඒත් ඒක තිබුණ තැන හොඳටම sure!!! ළඟ තිබුණ ගෙවල් / පාරවල් දැක්ක ගමන් 'මෙතන තමයි ඒ මහ අඹගහ තිබුණේ...' කියල දන්නවා!!! හැබැයි කාලෙකින් ඒ පැත්තේ යැවුනේ නෑ. අවුරුදු ගාණකට පස්සේ එහෙ ගියාම දකිනවා අර මහ අඹගහ තිබ්බ තැන ඒක නෑ!!! හැබැයි, වෙන තැනක පැළ අඹගහක් ඒ තිබුණු විදියටම ලොකුවට හැදිලා, අර වගේම ගෙඩිත් හැදිලා එහෙම තියනවා!!! දැන් මොකද්ද case එක?? දැන් තියෙන්නේ කලින් තිබ්බ ගහ, 'මහ ගහ' මද?? එක ගහමද?? නැත්නම් ඒ ගහමද?? එකම ගහක්ද?? 'අතන' තිබුණු ගහ 'මෙතනට' ඇවිල්ලද?? මොකද්ද??? මොකුත් upset එකක් නෑ නේ?? කලින් කිව්වා වගේමයි.කලින් ගහ මැරිලා... ඒක ඉවරයි... ඒක නෑ!!! මේ අලුත් ගහක්!! මේක වෙන ගහක්!! හැබැයි එකම විදියයි!! කලින් එක වගේමයි!!! හරි නේ???

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.