Wednesday, February 1, 2012

බුදුහාමුදුරුවෝ කිව්වා "විඥාණය මායාකාරයෙක්! අහුවෙන්න එපා!!" කියල. ආයේ කිව්වා"තමන්ගෙයි කියල ගන්නම ඕනේ නම්, ඔය ඇඟ තමන්ගෙයි කියල ගන්න... හැබැයි ඔය හිතනම් කීයටවත් පිළිගන්න එපා!!" කියල. උන්වහන්සේ ඇයි එහෙම කිව්වේ? මොකද්ද එහෙම කියපු එකේ විද්‍යාත්මක පසුබිම? කියන සේරම මේ වෙනකොට posts වල ලියල, තිතටම කියල දීල තියෙන්නේ!!! කවුරුවත් ඒවා පිළිගන්නවද / නැද්ද, විශ්වාස කරනවද / නැද්ද කියන එකෙන් කිසිම වැඩක් නෑ!!! කවුරු පිළිගත්තත් නැතත්, විශ්වාස කලත් නැතත්, මේ සත්ව ජීවිතවල තියෙන්නෙ එච්චරයි!!! !!! !!! වෙන්නෙත් එච්චරම තමයි!!! !!! !!! මේ සත්වයින් කියන්නේ විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම (විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...) කියන ස්වභාවික සංසිද්ධිය නිසා ඇතිවෙච්ච 'කතන්දරයක්' විතරයි!!! මේවයි වෙන මොකවාත්ම නෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ අර 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාවේදී වේලිච්ච ගොම චුට්ටක් ඇඟිලි දෙකට අරන් පොඩිකරල පොඩිකරල, ඇඟිලි දෙක ගසල... කටිනුත් 'ෆු' ගාල පිඹල... ඇඟිලිවල අංශුමාත්‍ර වශයෙන් හරි රැඳිච්ච ගොම අංශු පෙන්වලා කිව්වේ, "ලොකුවට පේන්න තිබුණට මේවයේ (මේ සත්ව ශරීර වල, නැත්නම් අපි/උඹලගේ ජීවිතවල) මෙන්න මෙච්චර විතරවත් නිත්‍ය කිසිම දෙයක් නෑ!!" කියල!!! "එහෙම අංශුමාත්‍ර වශයෙන් හරි දෙයක් තිබුණා නම්, අපිට නිවණ කියල දෙයක් ගැන කතාකරන්න වත් වෙන්නේ නෑ..." කියල!!!

ඉතින් මේ මුළු ධර්ම මාතෘකාවම තියෙන්නේ 'දුවිලි අංශුවක' තරමේ වත් ස්ථිර මොකවත්ම (core එකක් / හරයක්) නැතුව හැදිච්ච (සකස්වෙච්ච / සංකත) සත්ව ජීවිත වල දිගින් දිගට හටගන්නා ස්වභාවය හා එම දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කර දැමීම පිළිබඳව සියලු ලෝක සත්වයින් හට කියාදීමටයි!!! මේ මාතෘකාවේ දෙවි / මිනිස් කිසිම සත්වයෙකුට තම තමන්ගේ පියවි ඇස්වලින් දැකිය හැකි, කන්වලින් ඇසිය හැකි, අල්ලලා / අතපතගාල දැනගත හැකි කිසිම දෙයක් ඇත්තේ නෑ!!! තමුන්ලා හොඳටම දන්නවා කවුරුහරි සීනි කියල ලුණු කවන්න හැදුවොත්, චුට්ටක් දිව ගාල බලල තමුන්ට ඒකෙ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්... කවුරුහරි තමුන්ට උතුර / දකුණ මාරුකරන්න හැදුවොත්, ඉර එළියේ හරි මාලිමාවක හරි උපකාරයෙන් ඒත් ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්... හැබැයි තමුන්ට මේ ධර්ම මාතෘකාවේදී එක එකා කියපු / ලියපු කතා සම්බන්ධයෙන් හරි එක මොකද්ද? වැරදි එක මොකද්ද? කියල දැනගන්න / තෝරගන්න කිසිම ක්‍රමයක් නෑ!!! !!! !!! තමුන්ට හිතෙන හිතෙන විදියට 'අහවලා හරි... අහවල් එක්කෙනා හොඳටම දන්නවා... එයාගේ ඒවා හොඳයි...' කියල හිතුවොත්, තෝරන්න ගියොත්, වැඩේ එහෙම්පිටින් 'ජෝන් බාස්ට යනවා'!!! සේරම 'කැලේ යනවා'!!! බුදුහාමුදුරුවෝ, "හිත / විඥාණය පිළිගන්න එපා!! රැවටෙන්න එපා!!" කියල වේලපහින්ම කියල තියෙන්නේ ඒකයි!!! මං පෙන්නුවා එහෙම හිතන්න තියාගත්තොත් වෙන දේ හිටන්... සාසන භක්ෂක 'ගොං සංඝයෝ' සේරම අනාගෙන තියෙන්නෙත් ඒ බූරු වැඩේ කරන්න ගිහින්ම තමයි!!! !!! !!!

හරි! දැන් මේ බුද්ධ සාසනය තනිකරම රඳා පවතින්නෙත් කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!! ඉතින්, ශ්‍රී සද්ධර්මය මුණගැසුණු ඕනෙම අවංක / ගුණයහපත් කෙනෙක්, 'සත්පුරුෂයෙක්', අවංක චේතනාවෙන් / අවංක උවමනාවකින් ධර්මය ප්‍රචාරය කිරීමට පෙළඹීම බොහොම ස්වාභාවික, උතුම් මනුෂ්‍ය ගුණාංගයක්!!! ඒ වුනාට, තමුන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්න කලින් ඒ උදවිය ධර්මප්‍රචාරයට යාම 'මාරාන්තික' වැඩක්!!! නොකර ඉන්න තරමට හොඳ වැඩක්!!! !!! මොකද, සත්වයින්ගේ යහපත / සාසන උන්නතිය සඳහා උපකාර වෙන්නේ ශ්‍රී මුඛ බුද්ධවචනයෙන්ම තියන පිරිසුදු බුද්ධ දේශණා පමණක්, ඒ අකාරයෙන්ම තව තවත් අය අතට පත්කිරීම පමණයි!!! !!! !!! බුද්ධ දේශණා නමින් තියන එක එකාගේ කුණුහරුප කතන්දර සමාජයේ පැතිරීමෙන් වෙන්නේ විනාසයක්ම / අයහපතක්ම විතරයි!!! !!! !!! ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් කෙනෙකුට මිසක්,සාමාන්‍ය මිනිස්සු කාටවත් ධර්මය නමින් කියල / ලියල තියන ඒවා අහල / කියවල බලල ඒ සත්‍යය ශ්‍රී සද්ධර්මයද? අධර්මයක්ද? කියල දැනගන්න / හඳුනගන්නත් බෑ!!! !!! !!! බැලූ බැල්මටම 'කුණුහරුපයක් නේ...' කියල තේරෙණ ඒවටත් වඩා, සාසන භක්ෂක ගොං සංඝයෝ, පිරිසුදු බුද්ධ දේශණාම අරගෙන, ඒවා වැරදියට, උන්ට හිතෙන හිතෙන විදියට තෝරලා / කූරුගාලා, කියල / ලියල තියන එව්වා... ඊළඟට, පිරිසුදු බුද්ධ දේශණා වලින් වැදගත්ම කරුණු අයින් කරලා, ඒ වෙනුවට කෙලෙස් 1500 කතන්දර... පෙරුම් පුරන කතන්දර... වගේ කුණුහරුප දාල, අහන / කියවන එකෙකුටවත් මේ කපේදී සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්න හොඳ ලස්සනට 'හදල තියන' එව්වා... මාරාන්තිකයි!!! !!! !!! ඒවා Originals වගේමයි... හැබැයි සයනයිඩ් (cyanide) පරාදයි!!! !!! !!! ඇහුවොත් / කියෙව්වොත් විනාසයි!!! !!! !!! අද කාලේ ධර්මය කියල අධර්මයට රැවටිච්ච මෝඩ මිනිස්සු බුරුතු පිටින් සත්‍ය ශ්‍රී සද්ධර්මයට බණින්නේ... නිග්‍රහ කරන්නේ... ඒ හේතුවෙන් 'තමන්ගේ වල තමන් විසින්ම කපා ගන්නේ...' ඔන්න ඔය සාසන භක්ෂක ගොං සංඝයින්ට 'පින් සිද්ධවෙන්න' තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිනකොට, අපාය හිස්වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් නැතිවෙච්ච ගමන්, අපාය පිරෙනවා... දිව්‍යලෝක හිස්වෙනවා..." යයි වදාළෙත් ඕකමයි!!! මොකද, ධර්මය අධර්මය කරපු ඔය සාසන භක්ෂක කාලකණ්නි රැලට වෙච්ච විදියටම, උන්ගේ අනුගාමිකයන් ටත් සිදුවෙන්නේ මේ ජීවිතයෙන් පසු නැවතත් සතර අපායේ උපත් කරා යාමට නිසයි!!! !!! !!!

ඒ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය, 'එකෙක්වම අරභයා දෙසාගෙන දෙසාගෙන ගිය' එකකුත් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ හුඟාක් වෙලාවට කෙනෙකුට ධර්මය කිව්වේ 'ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන්' එයාගේ අවබෝධ කිරීමේ හැකියාව ගැන හොයල බලල, ඊට ගැලපෙන විදියටයි!!! අනික ඒ කාලේ මේ කාලේ කියල ලොකු වෙනසකුත් නෑ... හුඟාක් වෙලාවට බණ අහන්න set වෙලා තියෙන වැඩි හරියක් උන්දලත් මේ දැන් ඉන්නවා වගේම 'මෝඩ පොරවල්' තමයි!!! මෝඩ පොරකට පටිච්චසමුප්පාදය කියල ඇති වැඩක් නෑ... උන්ට හරියන්නේ බොන්න එපා! කුණුහරුප කියන්න එපා! සීලය ආරක්ෂා කරන්න! වගේ 'හෝඩියේ පන්තියේ බණ' තමයි!!! හැබැයි ඒ මෝඩ පොරවල් වලට කියපු හෝඩියේ පන්තියේ බණ අහල කාටවත් මේ කපේදී ණිවන් දකින්න බෑ!!! !!! !!! ඇයි කියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඥ්ඥායතී" කියල දක්වපු ආකාරයට, මෙච්චර කල්ප කාලාන්තරයක් තිස්සේ සංසාරේ කරක් ගහමින් මේ උන්දලා පන්සිල් රැකපු රැකිල්ලේ හැටියට, මේ වෙනකොට විශ්වයේ සත්තු මොකෙක්වත් ඉන්න විදියක් නෑ!!! උන් ඔක්කොම ණිවන් දැකලා... විශ්වයම හිස්වෙලා... තියෙන්න ඕනේ!!! ඇයි යකෝ බුද්ධ සාසන කීයක නම් මහණවෙලත් ඉඳගෙන... පටි රෝල් වෙනකම් පටිච්චසමුප්පාදය කටපාඩම් කරපු... කුර ගෙවෙනකම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පැදපු එවුන්ද, තොපිලා??? හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන, නිර්වාණය සාක්ශාත්කල කෙනෙකුට මිසක් වෙන කිසිම ගොනෙකුට - ගොං වැස්සියෙකුට / ගොං නාම්බෙකුට - නෑම්බියෙකුට ඔය බව තේරෙන්නේවත් නෑ!!! !!! !!! උන් හදන්නෙම බිත්තර රකිනවා වගේ පන්සිල්ම රැක රැක සදාකල් සංසාරේ යන්නයි!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.