Tuesday, February 7, 2012

බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! උන්වහන්සේ, "සෝතාපන්න වුන කෙනා 8 වන භවයක් කරා යන්නේ නෑ... ආත්ම 7 ක් ඇතුලත සසර ගමනින් නිදහස් වෙනවා... පිරිණිවන් පානවා!!" කියල කිව්වට, 'සෝතාපන්න නැති එකා, ආත්ම කෝටි 8 කට වැඩිය යන එකක් නෑ... ආත්ම කෝටි 7 කින් විතර පිරිණිවන් පායි...' කියල වත් නොකිව්වේ, සෝතාපන්න නොවී 'ලොකු talks' දී දී ඉන්න ගිහි / පැවිදි සියලු හාල්පාරුවන්ට වෙන සන්තෑසිය උන්වහන්සේ හොඳින්ම දන්නා නිසයි!!! !!! !!! ඒ වගේම, "මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලැබුවොත්, මුළු මහපොලවේම පස් වලින් පයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ (∞ : 1ක් වගේ) සුළු ප්‍රමාණයක් විතරයි!!" කිව්වේ, කතන්දරේ 'බුදුණෙතින්' දැකලමයි!!! !!! !!! ඒ වගේම, උන්වහන්සේට 'තථාගත' කියන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන් පටන් පිරිණිවන්පෑ අවස්ථාව දක්වාම යමක් කිව්වනම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසායි!!! !!! !!!

ඉතීන්... සෝතාපන්න නොවී, ඒ කියන්නේ, entry level 'මාර්ගඵලය' වත් නොලබා, මැරෙණ මැරෙණ මේ සර්වාගමික සියලූම පොදු මහා ජනතාවත්, මල් පූජා කරකර... ගාථා කියකියා වැඳවැඳ... 'මේ සිදුකරගත්තා වූ සියලු පුන්‍යකර්මයන්ගේ අනුහසින් සසර සැරිසරනා තුරු කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා!!, මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා!! අවසානයේ ප්‍රර්ථනා කරන බෝධියකින් අමාමහ ණිවන් සැප සලසා ගැනීමටත් ලැබේවා!!' කියකියා ණිවන් ප්‍රාර්ථනා කර කර ඉන්න සම්ප්‍රදායික (නමට බෞද්ධ) මහ ජනතාවත්, පින්වත් මළපෙරේතයන් වී... පින්වත් මළපෙරේතියන් / මළයකුන් / මළයක්ෂණියන් වී... ජීවත්ව සිටින එවුන් විසින් අල්ලා, බෝතල් වලට දමා, concrete කරන කොට... ගඟේ / මූදෙ දාන කොට... කොච්චර වාසනාවන්ත පරලොව ජීවිතයක්ද? නේද?? නැත්නම් පින්වත් broiler කුකුලන් / කිකිළියන් වී... පණ පිටින් උණුවතුරේ ඔබන විට කොච්චර සංසාරික සැපයක් දැනේවිද? නේද?? ඒ වෙන කම්, 'ලොකු පොරවල්' බොහෝමයි... කාටද ආඩම්බර!!!

දිව්‍යලෝකේ යන්න... 'set එකම' ආයි ආයි මේ විදියටම උපදින්න... නේ හිතන් ඉන්නේ?? නේද??? පෙන්නඤ්ඤං යන දිහාව!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.