Monday, February 27, 2012

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, ධර්මය කියන්න කලින් කලේ, දේවානම්පියතිස්ස රජතුමාගෙන් ප්‍රශ්ණ කිහිපයක් අහල, ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍යවෙන ප්‍රඥාවන්ත භාවය තියනවද කියන එක ගැන පරීක්ෂා කරලා බලපු එක නේ. ඒකෙදි, "මේ ගහ මොකද්ද? මේ ගහ ඇරෙන්න තව ගස් තියනවද? මේවත් ඒවත් ඇරෙන්න තවත් ඒවා තියනවද??" එහෙම කියල අහ අහ කලේ, එක විදියට පේන්න තිබ්බට ඒ හැම එකම වෙන වෙන ඒවා මිසක් එකක් නෙවෙයි බව තේරුම් ගන්න පුලුවන්ද?? ආයේ ඒ ගහකට තියන අනන්‍යතාවය, (එතැනදී නම්, ඒ ස්ථානයේ තිබුණු අඹ ගස! සත්වයෙක් සම්බන්ධයෙන් නම්, අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ගෙදර... අහවල් පවුලේ... අහවලා කියන එක) අඳුනගන්න පුලුවන්ද?? තේරෙණවද?? කියල හොයල බලපු එක තමයි!!! (උඹලට ඒ හැකියාව තියනවද??? නැත්නම්, හොඳට අත මිට මොලවලා... තඩි ටොක්කක් ඇනගෙන හිටහල්ලා)

බුදුහාමුදුරුවෝ, 'සත්වයාත් බීජයකින් පැළවෙන ගහක් වගෙයි...' කියල අදහස් කලේ ඔන්න ඕකයි!!! සත්වයාගේ පැත්තෙන් බැලුවම, 'තමුන් මයි' 'මම මයි' 'තමන්ම තමයි' 'මමම තමයි' කියල එක්කෙනෙක්ම වගේ පෙනුනට, මේ එකම විදිය 'සත්වයෝ තොගයක්' හැදි හැදී යාමක් මිසක්, එකම සත්වයෙක් දිගින් දිගට යන එකක් නෙවෙයි!!! !!! !!!

සත්වයා කියන්නේ සංකතයක්!!! උගේ හටගැනීම දක්නට තිබෙනවා!!! උප්පාදෝ පඤ්ඥායති!!! දැන් ඔය පැටියෙක් හදාගන්න ඕනෙයි කියල... නැත්නම් සෙල්ලම් කරන්න ගිහින් upset වෙලා... බබා 1 බබා 2 නැත්නම් බබා 30 බබා 45 set වෙන්නේ... අන්න ඒ තමයි සත්වයෙක්ගේ හට ගැනීම!!! ඊට කලින් තිබ්බේ නෑ!!! හිටියේ නෑ!!! අලුතෙන්මයි හැදෙන්න පටන්ගන්නේ!!! අන්න ඒ විදියට උඹව අම්මගේ බඩට ආව දවස තමයි උඹගේ පටන්ගත්ත තැන!!! ඊට කලින් උඹ හිටියේ නෑ!!! !!! !!! ඉඳලත් නෑ!!! !!! !!!තේරුණාද??? උඹ 'බුද්ධං සරණං ගච්චාමි' කියල කිව්වේ 'ගෞතම බුදුරජාණන්වහන්සේට' නම්, උඹ 'ඇත්තටම' ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ගිය, ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔන්න ඔහොමයි උන්වහන්සේ 'සත්වයාගේ හටගැනීම' ගැන කියල දුන්නේ / කියල තියෙන්නේ!!! !!! !!! හරිය??? දැන් ඉතින් ඔහොම හැදිච්ච සත්වයා, ටිකෙන් ටික ලොකු මහත් වෙලා... එක එක කුණුහරුප ඉගෙන ගෙන... සේරම අනාගෙන... ඕං දැන් නලිය නලිය ඉන්නවා. ඌ ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකොට සැහෙන වෙනස් වෙලා!!! !!! කවද හරි 'කූරිය ගහන්න' වෙනකම්ම ඌට ඔහොම වෙනස් වීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා!!! !!! අන්න... පවතින කාලය තුල වෙනස්වීම් දක්නට තිබෙනවා!!!ටිතස්ස අඤ්ඤතත්තං පඤ්ඥායති!!! අන්තිමේ ඔහොම වෙනස් වීම් වලට බඳුන්වෙවී ඉන්න සත්වයා මැරෙණවා!!! නැසී වැනසී යාම දක්නට ලැබෙනවා!!! වයෝ පඤ්ඥායති!!! එතනින් ඌ ඉවරයි!!! !!! !!! උඹ 'බුද්ධං සරණං ගච්චාමි' කියල කිව්වේ 'ගෞතම බුදුරජාණන්වහන්සේට' නම්, උඹ 'ඇත්තටම' ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ගිය, ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම්, ඔන්න ඔහොමයි උන්වහන්සේ 'සත්වයාගේ නැසී වැනසී යාම / අවසානය' ගැන කියල දුන්නේ / කියල තියෙන්නේ!!! !!! !!! හරිය??? 'උඹ' ආයි නෑ!!! !!! !!! එතනින් උඹ ඉවරයි!!! !!! !!! පැහැදිලියි නේ??? එක සත්වයෙක්ගේ ආයුෂ ඉවර උනාම ඒ සත්වයා මැරෙණවා!!! එතනින් ඒ සත්වයා ඉවරයි!!!

හැබැයි මේ දැන් ඉන්න සත්වයාව, ඒ කියන්නේ 'උඹව' හදන්නත් හෙතුවෙච්ච 'හේතුව' 'පැළවෙන ස්වභාවය' නැත්නම්, නැවත 'පුනරුප්පත්තියක් ඇතිකිරීමට හේතුවන ස්වභාවය' ඉතුරුවෙලා තිබුණොත්, මේ සත්වයා (උඹ) මැරෙණකොටම, දැන් ඉන්න එකා (උඹ) වගේම අලුත් සත්වයෙක්... 'වෙන එකෙක්' අමුතුවෙන්ම හැදෙනවා!!! !!! !!! උපදිනවා!!! !!! !!! හැබැයි ඒ උඹ නෙවෙයි!!! !!! !!! හරිද?? හරි නේ???

'හරි!' නම්, මොකටද මෝඩයෝ / මොඩියේ, පින් කර කර ඊළඟ ආත්මෙට යන්න හැදුවේ??? 'තව එකකට යන්න' හිතුවේ??? පෙරුම් පුරපුරා, ඊළඟ ආත්මය ගැන බලාපොරොත්තු තියාගත්තේ??? තෝ කොහේ යන්නද??? තෝ මළාම තෝ ඉවර නේ??? ආයි හැදුනොත් හැදෙන්නේ 'වෙන එකෙක්' නේ??? ඒ 'තෝ' නෙවෙයි නේ??? යකෝ, ඔච්චර පොඩි දෙයක් නොතේරිච්ච උඹ මහ මැටි මෝලෙක් නේ!!! මහ මැටි මෝලියෙක් නේ!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.