Monday, February 20, 2012

මේ ජීවිත වල නිසරු, නිෂ්ඵල බව දැකලා ධර්මය අවබෝධ කිරීමට / සංසාර ගමනින් නිදහස් වීමට කල්පණා කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!! හැබැයි එහෙම ධර්මයට යොමුවෙන හැම කෙනාම ධර්මය අවබෝධ කරන් සංසාර ගමනින් නිදහස් වෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! මොකද, මාරයාට නැත්නම් 'මාර තුමාට' සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න බැරිවුනේ බුදුරජාණන්වහන්සේ ගේත්, උන්වහන්සේ පසුපසින්ම ගමන් කරපු ආර්ය ශ්‍රාවක පිරිසගේත් විතරයි!!! !!! !!! වෙන කවුරුවත් සම්බන්ධයෙන් එයාට දෙපාරක් හිතන්නවත් දෙයක් නෑ... දෙයියෝ අදහන, දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න බලාගන ඉන්න අය සම්බන්ධයෙන් එයාට මොකුත් ප්‍රශ්ණයක් නෑ!!! මොකද එවුන් කොහොමටවත් මැරෙණ ඉපදෙන සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ නැති නිසා එවුන් ගැන හොයන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ!!! ඊළඟට එක එක ජාතිවල බුද්ධාගම් කාරයෝ සම්බන්ධයෙනුත් එච්චරම තමයි!!! උනුත් සදා සන්සාරේම නිසා මාරයට කලබලවෙන්න දෙයක් නෑ!!! හැබැයි 'පිරිසුදු බුද්ධ දේශණා' මුණගැසුණු සියලු ලෝක සත්වයෝ නම් මාරයාට අයිති හිර ගෙදරක හිර කරුවෝ හා සමානයි!!! !!! පිරිසුදු බුද්ධ දේශණාවටම අනුව කටයුතු කලොත් ඒ හැම එකාම සංසාරෙන් ගැලවෙන නිසා මාරයා උන් ගැන ඇහැ ගහගත්තු ගමන්මයි!!! !!! !!! ඉතින්, එවුන්ගෙන් බොහොම අහිංසක විදියට, හිමින් සීරුවේ 'පිරිසුදු බුද්ධ දේශණා' අනුවම කටයුතු කරලා... හොඳට ශ්‍රද්ධාවේ පිහිටලා... සතර සතිපට්ඨානයේම සිත පිහිටුවාගෙන වාසය කරලා... යාන්තම් හිරෙන් බේරිලා එලියට පැනගන්න ඉතාමත් සුළු පිරිසකට මිසක්, අනික් 'අලි වන්සෙන්' ධර්ම මාර්ගයේ යන්න හදන එවුන්ට නම් sorry ම තමයි!!! මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේව පැත්තකින් තියල තනියෙන් යන්න හදන... 'මමයි රජා' වෙන්න දඟලන... හැම එකාටම වෙන්නේ 'ඇප රාජසන්තක වෙන එක' නැත්නම් 'ඇපත් නැතිවෙන එක' විතරයි!!! !!! පිස්සු හදාගෙන නැවතුනොත් මිසක් ගොඩ යාමක් නම් නෑ!!! !!! !!!

මේ සත්වයෝ හැදිලා තියන විදිය ගැන බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා තියන දේවල් ගැන මං වේලපහින්ම හොඳට පැහැදිලිකරලා කිව්වා. උන්ව (උඹල / අපි හැමෝම) හැදිලා තියන ස්වභාවය අනුව, උන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයට අනුව, උන් උන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවෙන (ඇහැ/කණ/නහය/දිව/ඇඟ කියන ඒවාට අහුවෙන්නේ නැති, detect නොවෙන) කෙහෙල්මල් ගැන හිතන්න තියාගත්තොත් මොන මොනවා හිතෙයිද දන්නේ නෑ... ඒ හිතෙන කිසි එකක හරි වැරදි දැනගන්න, නිවැරදි කරගන්න විදියක් නෑ... ඉතින් 'ඇනිල'ම තමයි නවතින්නේ... බව මං කලින්ම කියල දුන්න!!! !!! ඉතින්, දෙවි / මිනිසුන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන මේ ධර්ම මාතෘකාවේදී උන්ට තියන එකම පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයත් හා ඒ ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කල (අරහත්වයට පත්වෙච්ච) ආර්ය ශ්‍රාවක පිරිසත් විතරයි බව මං හොඳටම තෝරලා දුන්න!!! !!! කවුරු හරි කෙනෙක් මේ මතෘකාවේදී ඒ තිසරණයේ පිහිට ප්‍රතික්ෂේප කරලා තමන්ට හිතෙන හිතෙන විදියට කරන්න ගියොත්, 'වැඩ පෙන්නන්න' ගියොත්... 'ලොකු වැඩ' කරන්න ගියොත්... මූද මැද්දේ anchor එකක් නැතුව නවත්තල තියන බෝට්ටු වැලක් වගේ වෙනවා... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ... කියන බවත් පෙන්නලා දුන්න!!! !!! එහෙම උනොත් ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි, හොඳටම 'නාගන්න' වෙනවා... 'ඉල්ලගෙනම කන්න' වෙනවා... කියල හොඳටම පැහැදිලි කරලා කිව්වා!!! !!!

හැබැයි, මෝඩ 'පොරවල්'ට මේවා කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උන් හිතන් ඉන්නෙම 'උන් වෙනස් ඇති...' 'උන්ට මේවා අදාළ නැතුව ඇති...' 'උන්ට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!! ඉතින් උන් 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උන් මහ 'ලොකු පොරවල්' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක්!!! අනික, මේ ලියන දේවල් වල හරි වැරදි හොයන්න / කියන්න කලින් කල්පණා වෙන්න ඕනේ, 'එච්චර එව්වා කොරන්න තමුන් රහත්වෙච්ච එකෙක් නෙවෙයි නේද?' කියන බව!!! රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවෝ හදනවා මේ කියන ඒවයෙත් හරි වැරදි හොයන්න!!! !!! !!! තව එවුන් එනවා, 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියන්නේ...' 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියල තියෙන්නේ...' කියාගෙන. තොපි කල්පණා කරලා බැලුවද එහෙම කියන්න, ඒ 'අහවල් හාමුදුරුවෝ' නැත්නම් 'අහවල් කෙනා' රහත්වෙච්ච කෙනෙක්ද? කියල?? හරි! ඒකා රහත්වෙච්ච එකෙක් කියමු... කොහොමද දැනගත්තේ?? ඒ අහවල් එක්කෙනා කිව්වද, එයා රහත් කියල?? (බොලා දන්න දහමේ හැටියට, රහත්වෙච්ච අය කියන්නේ නෑ නෙව??) එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම ඒකා රහත්වෙච්ච කෙනෙක් කියල දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තොපි ඔහොම දිගට දිගට හිතුවද??? ??? කල්පණා කරන්න වත් නොදන්න බූරුවෝ!!! මෝඩ මීහරක්!!! !!! තොපි දන්නෙවත් නෑ තොපි කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට අනික් එවුන්ටත් උපදෙස් දෙන්න හදනවා... මහන්තත්ත කම 'කට කපල' !!! මෝඩ මීහරක්!!! !!! !!! තොපි වගේ කාලකණ්නි හන්ද තමයි අහිංසක නිහතමානී අවංක එවුන්ටත් සංසාර දුකෙන් ගැලවෙන්න අමාරු වෙලා තියෙන්නේ!!!

බුදුහාමුදුරුවෝ මේ ජීවිත සම්බන්ධ කතාව කියල දීපු එක කෙනෙක් හීනෙකින් වත් නොහිතන විදිය දෙයක්!!! (පස්සේ හිතුනොත් 'පුනරුප්පත්තිය' model එකකින් කරලම පෙන්නන්නම්!!!) ඇහැට/කණට පේන්නේ නැති කතන්දරයක් නිසා, බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙන යනවා වගේ, ශ්‍රද්ධාවෙන්ම තමයි ධර්මය අවබෝධ කරගන්න නම් කටයුතු කරන්න ඕනේ!!! !!! !!! අවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ, 'ගමනේ කෙළවරටම ගියායින් පස්සේ' නැත්නම් රහත් උනායින් පස්සේ තමයි කතන්දරේ හොඳටම තේරෙන්න ගන්නේ!!! ඒ නැතුව තැන් තැන්වලින් අල්ලගෙන තේරුම හොයන්න ගියාම අහුවෙන්නේ වෙන වෙන ඒවා තමයි!!! එකෙකුට එක විදියකට හිතෙනවා... තව එකෙකුට තව විදියකට හිතෙනවා... ඊළඟට උං, 'මේ තමයි ධර්මය' කියල, ඒ කුණුකන්දල් බුද්ධ දේශණා වලට අමුණන්න ගියාම, කවලම් කලාම, 'කිරි වලට වස දාල දුන්න' වගේ වෙනවා!!! ඊළඟට පස්සෙන් එන එවුනුත් 'අටු - ආචාර්යල කියල තියෙන්නේ මෙහෙමයි... මෙහෙමයි...' කියල කලින් හිටිය එවුන් අනල අනල තියන ධර්මය තෝරන්න ගිහින් වැඩේ තවත් කනවා... බුද්ධ දේශණා පැත්තකට දාල, 'අටුවාවේ' තියෙන්නේ මෙව්වා මෙව්වයි කියල තෝරන්න යනවා... අන්තිමේ මහා ජංජාලයයි!!! දැන් ඉන්න montessori එවුනුත් 'ධර්මය' කිය කියා ඒ කුණුගොඩවල්ම අල්ලගෙන copy paste කරන එකෙන්, ඒ කුණු හැමතැනම පැතිරිලා හතර වටේම 'ගඳගහන්න ගන්නවා' මිසක් ඒවා අහන / කියවන එකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ!!! අන්න ඒ නිසා, මුලින් තමුන් රහත්වෙලා ඉන්නවා!!! එතකම් ධර්ම ප්‍රචාරයට බහින්න එපා!!! !!! copy paste කරන්න යන්න එපා!!! !!! !!!

මේ කතන්දරයෙදි, කෙනෙක් chemistry / physics / maths වලට තදයෙක් උනා කියල... campus ගිය කෙනෙක්... නැත්නම් campus එකක උගන්නන කෙනෙක් කියල... ආයේ, ධර්මාචාර්ය උපාධි පට්ටම් ගහපු කෙනෙක්ය... ආචාර්ය මහාචාර්ය කෙනෙක්ය... මොන මගුලක් උනත් ඒවයි කිසිම වැදගත් කමක් නෑ!!! එහෙම 'තදයෙක්'ය කියල කිසි කෙනෙකුට මේ මතෘකාවේදී success වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! මේක, 'යෝනිසෝමනසිකාරය' කියන අතිශයින්ම දුර්ලභ ප්‍රඥාව ඇතුව ඉපදිච්ච උදවියට තියන දෙයක්!!! ධර්මානුකූලව, නිවැරදිව ණුවනින් විමසලා... විමසලා... අවබෝධ කරගැනීමේ හැකියාව තියන අයට පමණක් තියන දෙයක්!!! මේකේ ලියපු තරමක් ධර්ම කරුණු, අතීතයේ අන්න ඒ දුර්ලභ ප්‍රඥාව තිබුන පින්වත් උදවිය අහල අවබෝධ කරගෙන උතුම් මාර්ගඵල ලබපු, 100% ම පිරිසුදු බුද්ධ දේශණා වලින්ම ගත්තු ධර්ම කරුණු!!! !!! !!! සමහර කාලකණ්නි ඒ පිරිසුදු බුද්ධ දේශණා වලට, 'ධර්මය විකුර්ති කරනවා...' 'සාසනය විනාස කරනවා...' කිය කියා ඉල්ලගෙනම කාල, උන්ට අපාගතවෙන්න පාර හදාගත්ත!!! !!! !!! බූරුවන්ට නොතේරුණාට, දැනුත් ධර්ම මාර්ගයට 'අවශ්‍ය වෙන ප්‍රඥාවන්ත භාවය තියන අය' මේ කරුණු අහන පරක්කුවෙන් තේරුම් ගන්නවා!!! !!! !!! අවබෝධ කරනවා!!! !!! !!! උඹලා, උඹල ගැන 'හිතාගෙන ඉන්න' විදියට, උඹලත් බුද්ධිමත් / ප්‍රඥාවන්ත එවුන් උනා නම්, තොපිටත් ඒ විදියටම 'ධර්මය' සත්‍යය තේරිලා, අවබෝධ වෙලා තියෙන්න ඕනේ!!! !!! !!! මාර්ගඵල ලබල තියෙන්න ඕනේ!!! !!! !!! ඒත් එහෙම උනේ නෑ නේ??? ඒ තොපි මහප්‍රාණ 'භූරුවෝ' හන්ද මිසක්, කීයටවත්, ධර්මයේ වැරද්දක් නිසා වත්, මේ ලියපු ඒවයි වැරද්දක් හන්ද වත් නෙවෙයි!!! !!! !!! අන්න ඒකයි මං බූරුවන්ට, බූරුවෝ කියලම කියන්නේ / කතාකරන්නේ!!! !!! !!! මේ මාතෘකාව ගැන 'කට හෙල්ලුවොත්', ඌ මොලේ තියන එකෙක්ද? පල් මෝඩයෙක්ද? බූරුවෙක්ද? කියල මට 'පටාස් ගාල' තේරෙණවා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.