Tuesday, November 27, 2012

සංසාර දුකින් නිදහස් වෙන්න අමුතුවෙන් පින් කොරන්න ඕනෙය කියල බම්බු කතාවක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කොහේදිවත් කියල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙනුවට උන්වහන්සේ කිව්වේ, උවමණාවක් තියනවා නම්, කන්න බොන්න නැති... ඉන්න හිටින්න / අඳින්න / නාන්න නැති... අත පය නැති... එකෙකුට උනත් ධර්මය අවබෝධ කරගන මේ ජීවිතයෙන්ම නිර්වාණය සාක්ෂාත් කල හැකියි කියල විතරයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේ චතුරංග සමන්නාගත වීර්යයෙන් ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙනවා නම්, ඕනෙම ගොනෙකුට (ලාවට හරි මොලේ තියන එකෙකුට) අවුරුදු 7ක් ඇතුලත චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න... අරහත්වයට පත්වෙන්න... පුළුවන් කියල විතරයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ අවධානය යොමු කලේ... සැලකිලිමත් වුණේ... ඒ Montessori කතන්දර ගැන නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ අවධානය යොමු කලේම, සියලු ලෝක සත්වයින් වැටිලා ඉන්න 'භයානක සංසාර අනතුර' ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඉස්මතු කර කර / highlight කර කර දැක්වුයේම, මේ සත්ව ජීවිත වල අනිත්‍ය / unsure ස්වභාවයයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේම, "සංසාර අනතුර භයානකයි!! මේ ජීවිත හැම එකක්ම අනිත්‍යයි!! මේ ලැබිල තියන අවස්ථාව කොයි වෙලේ ගිලිහිලා යයිද කියන්න බෑ!! හැකි ඉක්මනින් මේ අනතුරින් ගැලවෙන්න වත් බලන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පටිච්චසමුප්පාදය' එහෙම නැත්නම්, මේ සත්වයන් හැදෙන වැඩපිළිවෙල තනිකරම ස්වභාවධර්මයේ එකක් කියන්නේ, ඒකෙ කාටවත් ඕනේ ඕනේ විදියට කරන්න පුළුවන් දේවල් මොකොවත්ම නෑ!!! !!! !!! කිසීම දේකට ආසාවක්... තණ්හාවක්... මොකුත්ම නැති කිරි දරුවෙක් මළයි කියලත් සංසාර කතන්දරේ ඉවර වෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නේ, උඹල අහල තියන තණ්හා කතන්දර සංසාර ගමනට අදාළ නෑ!!! !!! !!! කාගේවත් එක්ක කිසීම තරහක්... වෛරයක්... ඉරිසියාවක්... කොරෝදයක්... මොන පුකක්වත් නැති අත දරුවෙක් මළයි කියලත් සංසාර කතන්දරේ ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නේ, උඹල අහල තියන තරහ / වෛර කතන්දරත් සංසාර ගමනට අදාළ නෑ!!! !!! !!! කුණුහරුප තියා 'අ'යනු 'ආ'යනු වත් කියල නැති පොඩි එකෙක් මළයි කියලත් සංසාර කතන්දරේ ඉවර වෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නේ, කුණුහරුපත් සංසාර ගමනට අදාළ නෑ!!! !!! !!! මේ සංසාර පැවැත්ම සත්වයෝ හැදෙන හැදිල්ලේම තියන ලෙඩක්!!! නැත්නම්, සත්වයන්ගේ System Fault එකක්!!! !!! !!! මේක සත්වයන් හිතන රටාවේ වැරද්දක්!!! ඒ කියන්නේ, සත්වයන්ගේ Kernel Fault එකක්!!! !!! !!! කොටින්ම 'සංසාර ගමන' සත්වයන්ගේ නොදැනුවත් කම, අවිද්‍යාව නිසා 'මහ තැනින්ම කෙලවිච්ච' කතන්දරයක්!!! !!! !!! **- අර... 'අලුතෙන්ම හැදෙන සත්තු සංසාරෙට වැටෙන්නේ මෙන්න මේ හන්දයි!!' කියල පෙන්නුවේ ඒ වෙච්ච වැරැද්ද තමයි!!! -** ඉතින්, ඒ 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං...' හැටියට තියන වැඩපිළිවල නතර කරගන්න කම්, ඒක දිගින් දිගට යන ස්වභාවය (chain වෙන එක) නවත්තගන්න කම්, සත්වයෝ කාටවත් ගැලවීමක් නෑ!!! !!! !!! **- රහතුන්වහන්සේ නමක් / අරහත්වයට පත්වෙච්ච කෙනෙක් කියන්නේ, අන්න ඒ වැඩපිළිවෙල නතර කරගැනීමට කලයුතු දේ කල, 'කතන් කරනීයන්' කෙනාට තමයි!!! !!! !!! -** ඒ අවශ්‍ය දේ නොකර වෙන මොන මොන විකාර කර කර හිටියත්, මුළු ජීවිත කාලෙම එක දිගටම දානේ දිදී... මුළු ජීවිත කාලෙම එක දිගටම සිල් රැක රැක... මුළු ජීවිත කාලෙම එක දිගටම භාවනා කර කර... හිටියයි කියලවත්, 'චතුරාර්ය සත්‍යය' 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම්, 'ධර්මය' සහසුද්දෙන්ම අවබෝධ වෙනකම් කිසිම කෙනෙක් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නේ නෑ!!! !!! !!!

හැබැයි ඔය චතුරාර්ය සත්‍ය / පටිච්චසමුප්පාදය එහෙමත් නැත්නම්, ධර්මය එහෙම්පිටින්ම අවබෝධ කරගන්න එක තමන්ට උවමණා විදියට කරගන්න බෑ!!! !!! !!! ඒක තමන් කරන්න / කරගන්න නෙවෙයි, මේ ජීවිත වල කතාව ගැන තමන්ගේ දැණුම සම්පූර්ණ වෙලා, තමන්ටම "අඩේ... මේක නේ seen එක!!" කියල ඉබේටම අවබෝධය ඇතිවෙන්න... අවබෝධය සම්පූර්ණ වෙන්න... ඉඩ හැරිය යුතු දෙයක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'පුළුවන් කාලෙ ලියදි බැඳලා... හාලා... වතුර සපයලා... වපුරලා... ගොයම බලාගන්න!! අස්වැන්න ලැබෙන කාලෙට ලැබෙයි!!' කියලයි!!! නැත්නම්, 'පැටියා මෝරලා කටුව කඩාගෙන එලියට එනකම් බිත්තරේ රකින්න!! පැටියා එන කාලෙක එයි!!' කියලයි!!! ඒත් නැත්නම්, 'ගිනි ගන්නකම්ම ගල් කෑලි දෙක / දර කෑලි දෙක දිගටම අතුල්ලන්න!! ගිනි ගන්න වෙලාවට ගිනි ගනී!!' කියලයි!!! කොටින්ම, 'අනික් වැඩ සේරම පැත්තකින් තියලා ධර්මය අවබෝධ කරගන්න try කරහන්!! නැත්නම් තොට කෙලවෙයි!!' කියලයි!!! !!! !!! හැබැයි කොච්චර කිව්වත් වැඩේ අමාරු බව බුදුරජාණන්වහන්සේ දන්නවා!!! !!! !!! සේරටමත් වඩා, 'මේ කාලකණ්නි සත්තුන්ට වෙලාව තියෙන්නේ... උන්ට යන්තම් හරි සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ... තමන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා තාක් විතරයි!!' කියල උන්වහන්සේ පැහැදිලිවම දන්නවා!!! !!! !!! තමන්වහන්සේ පිරිණිවන් පෑව සැනින් වැඩේ සවුත්තුවෙන්න ගන්නවා... රහතුන්වහන්සේලා නැතිවෙලා ගිය ගමන් වැඩේ කොහොමත් 'ජෝන් බාස්ට යනවා'... කියල උන්වහන්සේ පැහැදිලිවම දන්නවා!!! !!! !!! උන්වහන්සේ, 'ජීවමාන බුදුකෙනෙක් ඉන්න කොට අපාය හිස් වෙනවා දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස් වෙවී අපාය පිරෙන්න ගන්නවා...' කියල පැහැදිලිවම කිව්වේ ඒකයි!!! !!! !!! ඒත්, 'කොච්චර අමාරු උනත් වැඩේ හරියට කරගත්තේ නැත්නම් මේ කාලකණ්නි සත්තු රැල පව්!! නේද??' කියල තමයි, උන්වහන්සේ 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියල හැම පැත්තම cover වෙන්න සර්ව සම්පූර්ණ වැඩපිළිවෙලක්, 'package එකක්' තොපිට හදල දුන්නේ!!! හැබැයි බුදුහාමුදුරුවෝ ඒක දුන්නේ complete කරන්න dead line දීලයි!!! ඒ කියන්නේ, 'සම්පූර්ණ කරගැනීමට කාල සීමාව' නැත්නම්, time limit එක්කයි!!! ගිහි නම් අනාගාමී වෙන්න ඕනේ!!! !!! !!! පැවිදි නම් රහත් වෙන්න ඕනේ!!! !!! !!! තොපි හිතන් හිටියේ / ඉන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ ආත්ම 60-70 ක් තිස්සේ කොට කොටා යන්න තියන පාරක් කියලද??? නෑ!!! ඒක ලොට ලොටා ඉන්න නෙවෙයි, පුකට පැට්‍රල් ගහල වගේ කඩාගෙන බිඳගෙන දුවන්න තියන එකක්!!! මැරෙන්න අවුරුදු ගානක් තියා සම්මා සති... සම්මා සමාධි... සේරම ඇතිකරන්, 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අල්ලගන්න try නොකලොත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! මැරෙන්න කලින් පටිච්චසමුප්පාදයේ තුන්කල් දැකල... කැඩෙන / වෙන්වන තැන් දැනගෙන... කැඩෙද්දී / වෙන්වෙද්දී සිද්ධවෙන දේ දැනගෙන... ඒක දිගින් දිගට සිදුනොවෙන්න නම් කලයුතු දේ කරන්නම ඕනේ!!! !!! !!! එහෙම කලොත්, 'කල යුතු දේ කරපු එක්කෙනා' / 'කතන් කරණීයන්' / 'රහතන්වහන්සේ' වෙනවා!!! !!! !!! නැත්නම් අඩුම ගනනේ පටිච්චසමුප්පාදයේ කැඩෙන / වෙන්වෙන තැන් දැනගෙන... කැඩෙද්දී / වෙන්වෙද්දී සිද්ධවෙලා තියන හරුපේ දැනගෙන... තමුන්ට ඒකෙන් වැටෙන බාල්දිය / කචල් එක තේරුම් අරන්... ඒකෙන් ගැලවුනොත් මිසක්, 'සෝතාපන්න වුනොත්' මිසක්, නැත්නම් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- දැන් ඉතින් සංසාරේ ගූ කරගත්ත මොට්ට බූරුවන්ට හැරෙන්න, ප්‍රයෝජනයක් ගත්ත උඹලට නම් කොහොමත් upset එකක් නෑ!!! !!! !!! අපි ඉස්සෙල්ලාම කලේ ඒ අත්‍යවශ්‍යම දේ කරපු එක තමයි!!! !!! !!! -**

3 comments:

  1. ඔබගේ සියලු කතා වලට මා එකගයි හරියටම හරි
    නමුත් මාහට ඒ සදහා තවත් උදව් කරන්න පුලුවන්ද

    ReplyDelete
  2. මාවත් ඔය තත්වෙට එන්න උත්සහ කරන කෙනෙක් අත දෙන්න බැරිය

    ReplyDelete
  3. මේක 2012දි දාපු post එකක් නෙව. දැන් මේ 2017. සෑහෙන පරක්කුයි. express එකේ බලාගෙන යන්න. මේක අතරමැද්දෙන් නවත්තලා කරන්න ගත්තු / තාමත් කරගෙන යන blog එකේදි බලන අයව automatically සෝවාන් / සෝතාපන්න වෙන්නම පාර හදල ඇති. :) ඔයිටත් වඩා අත දෙන්න නම් ඉතිං අත ගලවල තමයි දෙන්න වෙන්නෙ. :p

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.