Tuesday, July 1, 2014

හොඳයි! දැන් ඉතිං වැඩේ තියෙන්නෙ, ඔය 'භව' කියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වලට ඔය විදියට ඇතුලෙන් / අභ්‍යන්තරයෙන්, සත්වයෙක් තමන්ම හිතන - කියන - කරන දේවල් හන්දයි… එළියෙන් / බාහිරින්, මුළු ලෝකෙම ඉන්න තරමක් සත්තුයි.. උන් හිතන - කියන - කරන දේවලුයි.. තියන තරමක් ග්‍රහ වස්තු වල බලපෑමයි.. ඔක්කොම හන්දයි… දෙපැත්තෙන්ම දිගින් දිගට බලපෑම් එල්ලවෙන්න ගත්තාම, සංසාරගත සත්වයන්ට උපතින්ම ලැබිච්ච ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා මට්ටම් සේරම වෙනස්වෙන… අඩුවැඩි වෙන්න… පටන් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ වගේම, ඒ වෙනස්වීම් / අඩුවැඩිවීම් ඔක්කොම ඇවිල්ලා, තනිකරම ස්වභාවික සිදුවීමක්… නැත්නම් මේ ස්වභාවධර්මයේ හැටියක්… නිසා, කවුරු ඒවා පිළිගන්නවද නැද්ද?? කවුරු විශ්වාස කරනවද නැද්ද?? කවුරු ඒ දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද?? කියලා කිසීම වෙනසක් නෑ, ඉපදිච්ච සත්වයන් හැමෝටම ඒ වෙනස්වීම් හන්දා සිද්ධවෙන දේවල් වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නත් වෙනවා!!! !!! !!!  

ආං එතැනදී, එළියෙන් / බාහිර බලපෑම් නිසා සත්වයන්ගේ 'භව' වෙනස්වෙන්න ගත්තාම, මේ හැදිච්ච / ඉපදිච්ච සත්වයෝ (උඹල අපි හැමෝම), ලෙඩ වෙනවා.. සනීප වෙනවා!!! සමහරුන්ට ආයෙ හොඳවෙන කතා නෑ, කෙළවිලාම යනවා!!!  මැරෙනවා!!! !!! !!!   ආයේ, තව එවුන් accidents / හදිසි අනතුරු වලට මුහුණ පානවා!!! සමහරු කිසි අවුලක් නැතුව 'මොකුත් උනේ නෑ!!' ගාණට shape එකේ නැගිටලා යනවා!!! තවත් සමහරු on the spot එකටත් චුට්ටක් මෙහායින් වලපල්ලට යනවා!!! නැත්නම්, අඬු පඬු කැඩිලා අබ්බගාතයො හරි වෙනවා!!! !!! !!!   ආයේ ඔය 'කබ්බො' වගේ උන්න එවුන් අළු ගසා දාල නැගිටිනවා!!!  ඒ කිව්වේ, කිසිකෙනෙක් ඇහැක් වත් ඇරල බැලුවෙ නැති කැතම කැත එවුන්, ලස්සන වෙලා… පොත්ත රතුවෙලා… ඇහැට කණට පේන එවුන් වෙනවා!!! !!! !!!   ඒ වගේම මේ හොඳ ලස්සනට හිටපු එවුන්, දැක්කම පැනල දුවන්න හිතෙන ගාණටම කැතවෙලා.. වැහැරිලා.. චාටර් වෙලා.. යනවා!!! !!! !!!   එතකොට ඔය සල්ලි බාගේ යහමින් තිබිච්ච.. හොඳට කාල ඇඳල හිටපු.. උන්දලට අතේ සතේ නැතුව ගිහින් full 'හන්ටර්' වෙනවා!!! කන්න බොන්න පවා නැතුව යනවා!!!   ඒ වගේම, 'හතේ හත වැදිල' හිටපු එවුන්ට ස්වීප් ඇදිලා.. සල්ලි හම්බවෙලා.. කෑම බීම වැහිවැහැලා.. දිවියලෝකෙ ගියා වගේ වෙනවා!!! !!! !!!   ආයෙ තව, තමන්ටය කියල බල්ලෙක් වත් නොහිටිය උන්දලට යාලු මිත්‍රයො පිරිවර ඇතිවෙනවා!!! සහචරයො පිරිවරාගෙන හිටපු එවුන්ට කාත් කවුරුවත් නැතුව යනවා!!! නිකම්ම නිකම් 'පෙන්දො' වගේ හිටපු එවුන් මස් දාල.. cuts දාල.. fit පොරවල් වෙනවා!!!  Full fit එකේ හිටපු එවුන් පාන් කියාගන්න බැරි ගාණටම වැටෙනවා!!!  හොඳට මොළේ කල්පණා කරලා වැඩකරන්න පුළුවන් එවූන් අමුම අමු ගොං වැඩ කරලා සේරම නැති නාස්ති කරගන්නවා!!! එක විකාරයයි!!! !!! !!!  ඔක්කොම 'අන්ජානං' වෙනවා!!! !!! !!!  හිතාගන්න වත් බැරි විදියට, සේරම වෙනස් වෙනවා!!! !!! !!!  හැබැයි ඒ කාගෙවත් ප්‍රශ්ණයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඇවිල්ලා, මේ කර්මාණුරූපව හදිච්ච සත්ව ජීවිත වල හැටියක්… තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්… විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම නම් ගණන්ගන්න වත් දෙයක් නෑ!!! !!! !!!  කන් පාත් කරන්.. මුණු එල්ලන්.. හොටු පෙරාගෙන.. අඬ අඬා ඉන්නවත්… සන්තෝසෙන්.. මහා සද්දෙන්.. උඩ පනින්නවත්… කිසීම වැඩක් නෑ!!! !!! !!! කරන්න තියෙන්නෙ, "තාවකාලිකයි නෙව?? හැමදාටම මෙහෙම තියෙන්නෙ නැහැ නෙව?? මේ සේරටම මුහුණ දෙන්න වෙන්නෙ ජීවිතේ තියනකම් විතරයි නෙව?? ඔන්න ඔහේ ඉවරවෙන වෙලාවක ඉවරවෙනකම් කාගෙන ඉන්නවා!!" කියල, හිත හදාගෙන ඉවසං ඉන්න විතරයි!!! !!! !!!  ඒත් මේ ඉපදිච්ච ඔටුවො මොකෙක්වත්.. 'තොපි'  නැත්නම්, 'සංසාරගත සත්වයෝ'  මොකෙක්වත්.. තම තමන් ගැන… තම තමන්ගෙ ජීවිත ගැන… ඔය 'ඇත්ත කතාව' / 'හරි කතාව' දන්න එවුන් නෙවෙයි නෙව??? ඉතිං එහෙම උඹ වගේ මේ හැදිච්ච ජීවිත ගැන මෙලෝ මළදානයක් නොදන්න ගොං සත්වයන්ට   අර වගේ දේවල් වලට මුණ දෙන්න උනාම, උන් කතන්දරේ එහෙම්පිටින්ම අනාගන්නවා!!! !!! !!!   එහෙම්පිටින්ම අල කරගන්නවා!!! !!! !!!  

ඇත්තටම මොකද්ද වෙන්නෙ??  

මොකෙකුට හරි ඌට උපතින්ම ලැබිච්ච 'ආයු ප්‍රමාණය' නිකමට හරි අඩු වුණොත්…   ඒ කියන්නෙ, මේ ගහක් ගලක් වගේ හිටිය එකෙක් එකපාරටම ඤංපචං වෙලා.. මැරෙන්න වැටිලා.. ඌ 'ෆිනිතො' වෙන්න යන බව ඌට දැනුණොත්…  **- ඔතනදි ඇත්තටම වෙන්නෙ, ජීවිතය ආරක්ෂාකාරීව පවතින්න නම් අවශ්‍ය වෙන ශක්ති මට්ටම.. භවයේ 'ආයු'.. නියමිත කාලය ගෙවෙන්නත් කලින් අනපේක්ෂිත විදියට 'හුචුස් ගාල' අඩුවෙන / බහින එකයි!!! එතකොට, සත්වයාගේ ජීවිතය අනතුරුදායක තත්වයට පත්වෙනවා!!! Its life is at risk then !!! එහෙම උනාම, පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ජීවිතේ ගහල යනවා!!! !!! !!! ඉපදිච්ච ගමන් කේන්දරේ බලල අවුරුදු 350ක් ඉන්නව කියල forecast කරල තිබුණත් වැඩක් වෙන්නෙ නෑ, වේලපහින්ම සෙත්තපෝච්චි වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! අර.. අර.. පොරොන්දම් බලලා, "හපෝ!! ඕකව / ඕකිව නම් බඳින්න එපා!! තෝ ඉක්මණට මැරෙයි!!" කියන seen එකේ background story එකත් ඕකම තමයි!!!  -** එහෙම නැත්නම්, උපතින් ලැබිච්ච 'ලස්සන රූපෙ'  චාටර් උනොත්…   ඒ කිව්වෙ, හිටියට වඩා කැත වුණොත්…  තව, සල්ලි බාගෙ නැතිවෙලා ණය වෙන්න උනොත්… හොඳට කාල ඇඳල full ආතල් එකේ ඉන්න තිබිච්ච එක නැතිවුණොත්… හොඳට fit එකේ හිටපු එකා නිකම්ම නිකම් පරඬැලක් වගේ වෙලා පාන් කියාගන්න වත් බැරි තත්වෙට පත්වුණොත්…  **- ඔය හැම දේකටම බලපාන්නෙ සත්වයාගෙ භවයේ සිදුවන වෙනස්කම් තමයි!!! ඒත් ගොං සත්වයන්ට ඒවා පේන්නෙ නෑ!!! මොකෙක්වත් ඒ ගැන දන්නෙත් නෑ!!! -** ඉතීන්, ඔහොම දේවල් වලට මුහුණදෙන්න උනාම, ආයෙ නෑ..ගොං බෞද්ධයෙක් නම්, "අනේ මටමයි වෙන්නේ!! මම නම් මහා කරුමක්කාරයෙක්!! මං නම් පූරුවේ මහා කරුමයක් කරලා තියනවා!! මේ නම් මට පටිසන් දීල තියෙන්නේ, මං පූරුවේ කරපු කරුමයක්ම තමයි!!" කිය කියා…  'දෙයිය ඇරපු එකෙක්' නම්,  "අනේ මටමයි වෙන්නේ!! අනේ ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ?? අනේ ඇයි දෙයියනේ දෙයියන්ට වත් මෙව්ව් පේන්නෙ නැත්තේ??" කිය කියා…  'ආගමක් දහමක් නැති එකෙක්' නම්,   "අනේ!! අයියෝ!! අපෝ!! මම හරිම අවාසනාවන්ත කෙනෙක්!! අනික් එවුන් ඔක්කොම හොඳට ඉන්නවා!! උන්ට කිසි upset එකක් නෑ!! මටම මයි වෙන්නේ!!" මොන මොනවා හරි කිය කියා…  එහෙම්පිටින්ම upset වෙලා.. හිතින් වැටිලා.. හොටු පෙරාගෙන අඬ අඬා.. හූල්ල හූල්ලා.. හොඳටම දුක්වෙනවා!!! !!! !!!  තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' නොදන්න හැම ගොං සත්වයෙක්ම, හොඳටම අසරණ වෙලා… එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා… බොහෝ සෙයින් දුකට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

එතකොට, බැරිවෙලාවත් කතන්දරේ අනික් පැත්තට සිද්ධවුණොත්??  ඒ කිව්වෙ, මොකෙක් හරි සත්වයෙකුට ඌට උපතින්ම ලැබිච්ච 'ආයු' ප්‍රමාණය නිකමට හරි වැඩිවුණොත්…   ලෙඩ / accident මොකක්හරි වෙලා, ඔන්න මැරෙයි.. මෙන්න මැරෙයි.. කියල අතහැරල දාල හිටිය එකෙක්, 'magic වගේ' සනීපවෙලා නැගිට්ටොත්…  **- එතනදි ඇත්තටම වෙන්නේ, dangerous level එකටම බැහැල / අඩුවෙලා තිබුණු 'ආයු' මට්ටමක්, ආයෙම safe level එකට එනකම් වැඩිවෙන එක තමයි!!! එතකොට සත්වයාට තිබුණු risk එක නැතුව යනවා!!! ඌට හොඳ වෙනවා!!!   -** ඒ වගේම, මොකෙක් හරි හිටියට වඩා ලස්සන උනොත්… සල්ලි බාගෙ ලැබිලා.. නෑදෑයො / හිතමිත්‍රයෝ පිරිවර ඇතිවෙලා.. සැපවත් උනොත්… 'හයියෙන් හුළඟක් හැමුවොත් ගහගෙන යන ගාණට' හිටිය එකෙක්,  හොඳට මස් දාල.. cuts දාල.. පෘෂ්‍ඨිමත් වෙලා.. ආවොත්…  ආන්න ඒවගේ දේවල් වලට මුහුණදෙන්න වෙච්චහම, ගොං බෞද්ධයෙක් නම්,  "මං නම් හරිම පින්වන්ත කෙනෙක් තමයි!! මං පූරුවේ ගොඩාක් පිං කං කොරල ඇති!!"  "මට මෙහෙම උනේ, මං ඒ පූරුවේ කොරපු පිං කං වල විපාක හැටියටම තමයි!!"  ගගා… දෙයියගෙ එකෙක් නම්,   "දෙවියන්ට ඉස්තූති වේවා!!" හුපුඃ.. පුඃ.. පුඃ..  "Oh god! I love you!! උම්මාහ්.."  පුඃ.. පුපුඃ.. පූ..  ගගා… ආගමක් දහමක් නැති එකෙක් නම්, "මං නම් පුදුම වාසනාවන්තයෙක් තමයි!! මේ ලෝකේ මං තරම් lucky පොරවල් තවත් නැතුව ඇති!!"  ගගා… අමන්දානන්දයට පත්වෙලා.. උඩ පැන පැන.. සන්තෝස වෙන්න පටන්ගන්නවා!!! !!! !!!  මේ හතරමහා ධාතු වලින් හැදිලා (සකස්වෙලා) තියන ජීවිත වල ඇත්ත කතන්දරේ ගැන මෙලෝ මළදානයක් නොදන්න ගොං සත්වයෝ හැම එකෙක්ම, සතුටින්.. සොම්නසින්.. ඉපිළෙන්න ගන්නවා!!! !!! !!!  

නේද??? ???  

තේරුණා නේ seen එක?? මොකද්ද ඇත්තටම වෙන්නෙ??? ස්වභාවධර්මයෙන්.. ස්වභාවධර්මයට අනුව.. හැදිච්ච / ඉපදිච්ච මේ ගොං සත්තු   (උඹලා  ), උන් උන්ගෙ ජීවිත ගැනම නොදන්න කම නිසා… උන් උන්ගැනම නොදන්න කම නිසා…  ස්වභාවධර්මයේම තියන කතන්දර වලට අනුව තම තමන්ට ඇතිවන / ලැබෙන / දැනෙන 'හොඳ - නරක' දෙක වෙනස්වෙනකොට, උන්ට (ගොං සත්වයන්ට  නැත්නම්, උඹලට ) 'දුකයි - සැපයි' කියලා… නැත්නම්, 'සතුටයි - කණගාටුවයි' කියලා… තව 'අලුත් කතන්දරයක්' ඇති වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතකොට, උඹල දැන් දන්නවා නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සුඛස්සේතන් භික්ඛවේ අධිවවචනං!! ඉට්ඨස්ස.. කන්තස්ස.. පියස්ස.. මනාපස්ස.. යදිදං පුඤානි!!" (මහණෙනි මේ පින කියන්නේ සැපයට කියන නමක්!! යහපත් දේට.. ප්‍රියමනාප දේට.. සුන්දර දේට.. කියන නමක්!!) ආයෙ, ඒකෙම අනික් පැත්ත / inverse of that definition, 'දුක්ඛස්සේතං භික්ඛවේ අධිවචනං… … යදිදං අපුඤානි!!' (මහණෙනි පව කියන්නේ දුකට කියන නමක්!! අයහපත් දේට.. අප්‍රිය අමනාප දේට.. කැත දේට.. upset දේට.. කියන නමක්!!) කියලා, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට බොහෝම වැදගත් වෙන ජාති දෙකක් අඳුන්වලා දීලා තියනවා??? ??? ???  **- මතක නැත්නම් ආපහු කියවලා බලපිය!!! මේං තියනව. 'හ්ම්ම්... උඹල ඔය ඕනේ පුකකට කර්ම / කරුම කිය කියා හිටියා~'  ඕව ලියල දැන් සෑහෙන කල්!!!  -** ඉතීන්..  දැන්වත් බොලාට click වෙනවද, මෙතන මොකද්ද මේ වෙන්නේ?? කියලා??? ??? ???  තනිකරම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් හන්දා හැදිච්ච / ඉපදිච්ච මේ සංසාර ගත සත්වයන්ට (තොපිට ස්වාභාවධර්මයටම මුහුණ දෙන්න උනාම, උන් උන්ගෙ ගැනම නොදන්නා කම නිසා… උන් උන්ගෙම ජීවිත ගැන නොදන්නා කම නිසා… ඒ කියන්නෙ, 'අවිද්‍යාව' නැත්නම් 'ගොංකම' නිසා… ඒ පාර උන් 'පව් - පින්' කියල දෙයකුත්.. 'කර්ම' කතන්දරයකුත්.. හදාගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තේරුණයි??  ආං ඒ විදියට තමයි මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට ඒ පාර, පව් - පින් / කර්ම - කර්ම විපාක කතන්දරේකුත් එකතු වෙන්නෙ!!! !!! !!! 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.