Tuesday, February 26, 2013

මේ ඉන්න තරමක් සංසාර ගත සත්වයෝ, අපි / තොපි සේරම, ගෙවාගන ඇවිල්ල තියන සංසාර ගමනෙන් වැඩි හරියක්ම... වැඩි හරියක් කියන්නේ, එහෙම්පිටින්ම වගේ... ගතවෙලා තියෙන්නෙත් කරපු / කරලා තියන පව්කාර වැඩ / බලු වැඩ / තුප්පහි වැඩ / වනචර වැඩ / කුපාඩි වැඩ වලට විඳව විඳව හතර අපායෙයි!!! !!! !!! තොපිට ඒ කලින් කරලා තියන ඒවයින්, පෙර කරපු 'අපරාපරිය වේදනීය' කර්ම වලින්, තොපි තවම විඳවලා නැති / විඳවලා ඉවර නැති / තව විඳවන්න ඉතුරු වෙලා තියන කරුම තොගය, තොපි මේ වෙනකම් විඳවලා තියන කරුම තොගේටත් වඩා වැඩියි!!! !!! !!! 'කරන කලට නම් මිහිරිය මී සේ... විඳින කලට නම් රෙවෙනව අයිසේ...' කියල තොපි අහල ඇති නේ??? ??? ??? ඉතීන්, තොපි ගොං සංඝයෝ, ''ආ... මම/අපි ඉතිං ගිහි ගෙවල් අතහැරල පන්සල් ගතෝවා වෙලත් හිටිය නෙව... මම/අපි ගොං බෞද්ධයො අන්දගෙන, ගෙවල් වල හිටියනම් විඳින්න තියා හිතන්නවත් බැරි ආතල් එකකුත් ගත්ත නෙව... මම/අපි බුද්ධඝෝෂව / රේරුකානෙව / බලංගොඩව සරණ ගොහිල්ල හිටිය නෙව... මම/අපි විසුද්ධි මාර්ගය / අභිධර්මය සරණ ගොහිල්ල හිටිය නෙව... මම/අපි එව්වා මුළු ලෝකෙම එවුන්ට දුන්නත් නෙව... මගේ බුදු පියාණන්වහන්සේ / මගේ බුදු මෑණියන්වහන්සේ 'සබ්බ දානං ධම්ම දානං ජිනාති!!' කියල, කියලම තියන එකේ, දැන් මට/අපට දීල දීලම ගොඩාරියක් පින් රැස්වෙලා ඇති... දැන් මගේ/අපේ සෑහෙන කොට වෙලා ඇති... (මං කිව්වෙ මේ සංසාරේ ගැන බොල) මම/අපි දැන් ණිවනට කිට්ටු කරලා ඇති..." කියල හිතන් හිටියට, තොපි කූරිය ගහපු සැණින් 'ජබෝස් ගාල' හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ ගොං බෞද්ධ සැදැහැවත් පින්වත්තු, ගොං බණ අහ අහ ඉඳල... ගොං සංඝයන්ට දාන මාන / සිවුරු පිරිකර / සැප සම්පත් පුද පුද, වැඳ වැඳ ඉඳල (නැවිල ඉඳල)... ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of Paris වලට / ගස් වලට, මල් / පහන් / හඳුන්කූරු / දැහැත් / ගිලන්පස තිය තිය, ජන ගී කිය කියා, නැවිල ඉඳල... "අපිට මහා කාලයක් සංසාරෙ දුක් විඳ විඳ ඉන්න වෙන එකක් නෑ. තව කල්ප 25 - 30 කින් විතර වත් අපිට මේ සංසාර දුකෙන් නිදහස්වෙලා ණිවන් සැප ලබාගන්න පුළුවන් වෙයි..." කියල හිතන් හිටියට, උනුත් කූරිය ගහපු සැණින් 'ජබෝස් ගාල' හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට තව මේ මොට්ට මෝල්ලු, 'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ' වගේ ගොං කතා අහලා, "ආ... එහෙනං උපන්දා ඉඳල මේ වෙනකම් කරපු එව්වට එක සැරයයි, මෙතන ඉඳල මැරෙණ කම් කරන එව්වට තව සැරයයි, දෙපාරක් වැන්ද නම් වැඩේ හරි!!" කියල කැලණිය දෙවරක් වැඳලා, 'හරි ඇති!!' කියල හිතන් හිටියට... ඊළඟට, ඔය අන්‍යාගම් කාරයෝ, "ස්වර්ගෙට යන එක නේ... දෙයිය බලාගන්නෙ නැතැයි..." කියල හිතාගෙන හිටියට... නැත්නම්, "මළායින් පස්සෙ මොකුත් වෙන්නෙ නෑ බං!! ඉන්නකම් කාල බීල ජොලියෙ ඉන්නෙ නැතුව... ජීවිතේ විඳින්නෙ / enjoy කරන්නෙ නැතුව... මුං මේ විහින් කාලකණ්නි වෙන්න යනව!!" කිය කියා හිටියට... උන් ඔක්කොමලත් කූරිය ගහපු සැණින් 'ජබෝස් ගාල' හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඔය අනික් බහුතරයක් උන්දලා, ඉහලට ඉහලට ඉගෙන ගෙන... උපාධි / degree ඔක්කොම සම්පූර්ණ කරගෙන... ලොකු ලොකු business කරලා හොඳට හම්බකරගෙන... ලෝකප්‍රසිද්ධ තද පොරවල් වෙලා... "අපි මස් මාළු කන්නෙ නැති, අරක්කු සිගරට් බොන්නෙ නැති, කාටවත් වරදක් නැති, අපේ පාඩුවෙ ජීවත්වෙන මිනිස්සු!! අපිට දැම්ම ණිවන් දකින්න උවමණාවක් නෑ!! අපිට ඔය ඉඳල හිටලා මලක් / පහණක් පූජකරගත්තාම හොඳටම ඇති!!" කිය කියා හිටියට, උන් ඔක්කොමත් කූරිය ගහපු සැණින් 'ජබෝස් ගාල' හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ඒ '0'ක් විතරයි!! (මුළු මහපොලවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් => නියපොත්තකට ගන්න පුළුවන් පස් ප්‍රමාණයක් වගේ අනන්ත ප්‍රමාණයකින් එකක් => අනන්තයකින් එකක් => 1 / ∞ => 0) මොකෙක්වත් ගොඩ යන්නේ නෑ!!" කියල කිව්වේ, උන්වහන්සේ ඔය කතන්දරය සහසුද්දෙන්ම දන්නා නිසයි!!! !!! !!! **- අන්න ඒ 'තොපි ඊළඟට සෙට්වෙන තැන' ගැන විස්තර දැනගන්න ඕනේ නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'දේවදුත්ත සුත්‍රයේදී' ඒ ගැන ලස්සනට කියල තියනවා. කියවල බලහල්ල. -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බොරු කියපු... විහිලු කරපු... අහිංසක දෙවි / මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු... 'පීචං පොරක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහලවෙලා මේ සත්ව ජීවිත වල සත්‍ය කතන්දරය හොයල දැනගෙන ලෝකයාට හෙළිදරව් කලත් නැතත්, ඒ කතන්දරය හැමදාටම සිද්ධවෙන්නෙ ඔය විදියටම තමයි!!! !!! !!! සංසාර ගත සත්වයන්ගේ නවාතැන් පොළ... parking place නැත්නම්, parking position එක... හතර අපායයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙ ඒකයි!!! !!! !!! ඊළඟට ඉතින් සත්වයෙක් එහෙම හතර අපායට වැටුණාම, ඌට ආයි ඒකෙන් ගැලවෙනවා / නිදහස්වෙනවා කියන එක නම් අන්තීම අමාරුයි!!! !!! !!!

අමාරුයි කියන්නේ, 'බෑ'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සත්වයෙක් එක් වරක් සතර අපායට වැටුණොත්, නැවත මනුස්ස ජීවිතයක් ලැබීමේ හැකියාව 'කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දකිනවා'ටත් වඩා හරීම දුර්ලභයි!!" කියල පැහැදිලිවම කිව්වේ ඒකයි!!! !!! !!! ඒ කියන්නේ, සත්වයෙක් හතර අපායට සෙට්වුනාට පස්සේ, ඒකා ආයේ එතනින් ගැලවීමේ / නිදහස්වීමේ සම්භාවිතාවය (possibility / probability) => 0 => 'ගැලවෙන්න බෑ!!' 'නිදහස්වෙන්න ලැබෙන්නෙ නෑ!!' කියන එක තමයි!!! !!! !!! අන්න එහෙම සතර අපායට වැටිලා ඒක අස්සෙම හිරවෙන කාලකණ්නි සත්වයන්ට ආයි එතනින් ගැලවෙන්න / නිදහස් වෙන්න ලැබෙන්නේ, ආයෙ කවද හරි තවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙන කාලෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉතාමත් කලාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවන්නේ, සතර අපාය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න ලෝක සත්වයන්ව එයින් මුදවා ගන්නයි!!" කියල, දේශණා කලේ අන්න ඒ නිසයි!!! !!! !!!

උඹල අහල ඇති නේ, සිද්ධාර්ථ ගෞතම බෝසතාණන්වහන්සේ (සිදුහත් කුමරු) මේ ලෝකයට පහලවීමත් සමගම, ලෝකය වෙනස් වුණා... බුද්ධිමත් / ප්‍රඥාවන්ත මිනිසුන් බිහිවුනා... මිනිස්සු සාමකාමී උනා... සත්තුන්ගේ පවා රෞද්‍ර කම් අඩුවුනා... කියල?? අන්න ඒ කියල තියෙන්නේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවීමත් සමග ලෝකයේ සිදුවන 'ඇහැට පේන' වෙනස්කම් ගැන තමයි!!! !!! !!! **- මං අහගන හිටිය, දවසක් සංඝ කෙනෙක් "සත්තුන්ගෙ නපුරුකම් නැතුව ගියා... සිංහයෝ / කොටි පවා ගෝන්නු / මුවෝ එක්ක සමාදානයෙන් හිටියා..." කිය කියා මොන මොනවද කිව්ව!!! පව් හැබැයි... මොකුත් කියන්න හොඳ නෑ. ඒක එයාගෙ (අමූලික)ශ්‍රද්ධාව නිසා කිව්ව දෙයක්. හැබැයි එහෙම දේවල් ඇත්තටම නම් සිද්ධවෙන්නෙ නෑ!!! බැරිවෙලාවත් එහෙම උනා නම්, කොටි / සිංහයෝ වගේ මාංශ භක්ෂක සත්තු වඳවෙයි නෙව?? ඇයි අප්පච්චියේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පුරා අවුරුදු 80ක් වැඩ සිටිය. එච්චර කාලයක් අර අහිංසක සත්තු කොහොම බඩගින්නෙ ඉන්නද??? ඉතින්, ඒවගේ (ගොං)කතා ගණන් ගන්න එපා!!! -** හැබැයි, ඇත්තටම නම් මේ සංසාර ගත සත්වයන්ගේ ජීවිත වල කතන්දරය ටික කාලෙකට හරි එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවීමත් සමගම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒක කාටවත් 'ඇහැට පේන' දෙයක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ජීවමාන බුදු කෙනෙක් වැඩසිටින කාලෙට අපාය හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!! ජීවමාන බුදුකෙනෙක් ලෝකෙ නැති උනාම දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නවා!!" කියල දේශණා කලේ, අන්න ඒ සිද්ධවෙන 'ප්‍රධාන වෙනස' ගැන තමයි!!! !!! !!! ඒ කියපු දේ කාටත් තේරෙන්න පොඩි උදාහරණයකින් කියනවා නම්, 'ඉර පෑව්වාම වතුර රත්වෙලා ජලවාෂ්ප හැදි හැදි ඉහලට යනවා!! ඉර නැතිවුනාම ඒ ජලවාෂ්ප සීතල වෙවී වතුර හැදිලා ආයේ පොළවටම වැටෙනවා!!" වගෙයි!!! !!! !!!

** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට මේ එක සක්වලක අපාය 4ක්... මනුස්ස ලෝක 1ක්... දිව්‍යලෝක 6ක්... බ්‍රහ්මලෝක 20ක්... ගානෙ තියන බව කියල දීල තියනවා!!! ඒ එක එක ලෝක කොයි කොයි තූත්තුකුඩි වල තියනවද කියල අපිට වැඩක් නෑ!!! !!! !!! නමුත් ඒ ලෝක සකස්වෙලා තියෙන්නේ නම් කර්මානුරූපව හැදෙන සත්වයන් ඒ ඒ ලෝකවලට බෙදිල / වෙන්වෙලා ඒකරාශී වන විදියට, විවිධ ශක්ති මට්ටම් වල 'ස්ථර' නැත්නම්, layers of different energy levels හැටියටයි!!! අපි ඒ ලෝක සේරම තට්ටු ගොඩනැගිල්ලක වගේ / multistory building එකක වගේ එකක් උඩ එකක් තියනව කියල හිතුවොත්, පහලින්ම අපාය set එක... ඊට උඩින් මනුස්ස එක... ඊටත් උඩින් දිව්‍ය set එක... උඩින්ම බ්‍රහ්ම set එක... හැටියට තමයි ඔය ටික ස්වභාවධර්මයෙන් සකස්වෙලා / පෙළගැහිලා තියෙන්නෙ!!! !!! !!! පස්සෙ ඔය ලෝකවල සැකැස්ම / structure එක හරියටම විස්තර කරලා කියල දෙන්නම්. එතකොට, ජීවමාන බුදු කෙනෙක් නැති කාලෙට සිද්ධවෙන්නේ, සංසාර ගත සත්තු මැරෙණ මැරෙණ සැරේට කළින් හිටියට වඩා පහල තත්වයක ඉපදෙන එක... පල්ලම් බහින එක... තමයි!!! **කොහොමත් තමන් කරන පව් පින් වලින්ම සත්වයන්ගෙ ඊළඟ ජීවිතය තීරණය වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පව් කරපු / කර කර ඉන්න එවුන්... පින් කරපු / කර කර ඉන්න එවුන්... නිකම්ම හිටපු / ඉන්න එවුන්... ඕනෙ එකෙක් අපායට සෙට්වෙන්න පුළුවන්!!! පින් කරපු / කර කර ඉන්න... පව් කරපු / කර කර ඉන්න... නිකම්ම හිටපු / ඉන්න... ඕනෙ එකෙක් දිව්‍යලෝක වලට සෙට්වෙන්නත් පුළුවන්!!! ඒක හරිම unpredictable / random / 'full වර්චස්' කතන්දරයක්!!! !!! !!! ඒ සේරම කියල දෙනවා බොල. ඉවසලා හිටපිය!!! -** ඒ වගේම සත්වයෙක් එහෙම පල්ලම් බැහැල බැහැල බැහැල අපාය මට්ටමටම බැස්සට / වැටුණට පස්සේ උන්ව අපාය වලම හිරවෙන නිසා උන්ට ගැලවීමකුත් නෑ!!! !!! !!! එතැනදී වෙන්නේ අම්බානට කාල කාලම උන්ව එහෙම්පිටින්ම අසරණ වෙලා... උන්ගේ කුසල් / කුසලතාවයන් එහෙම්පිටින් පිරිහිලා... උන්ව 'හතර හන්දි කඩලා... හක්ක පන්නලා... පැත්තකින් තියපු එවුන් වගේ' වෙන එකයි!!! ඊට පස්සෙ උන්ට ලොකු කම් / powers මොකුත් නෑ!!! !!! !!! අඩුම ගණනේ 'පාන්' කියාගන්න වත් බෑ!!! !!! !!! උන්ට කරන්න පුළුවන්, යමපල්ලන්ට ඕනේ දෙයක් කරන්න ඉඩදීලා... වෙන දෙයක් වෙන්න ඇරලා... බලන් ඉන්න විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තත්වෙටම වැටිච්ච කාලකණ්නි සත්තුන්ට 'තනියෙන් නැගිටින්න' ඒ කියන්නේ, 'තමන්ගෙ කර්ම ශක්තියෙන්' අපායෙන් නිදහස්වෙන්න / ගැලවෙන්න හැකියාවක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ආයි උන්ට අපාය මට්ටමින් මිදිලා ඉහල ස්ථර වල ඉපදෙන්න ලැබෙන්නේ, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන කාලෙට, උන්වහන්සේගේ අප්‍රමාණ 'මහා පින් බලය' / 'supreme powers' නිසා උන්ව 'gas පුරවපු බැලුම් වගේ' වෙන එකෙන් තමයි!!! !!! !!! හරිය??? ඊළඟට, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාලෙට සංසාර පැවැත්මට අහුවෙලා අපාය මට්ටමෙන් ඉහලට තියන ස්ථර වල හැදිල / ඉපදිල ඉන්න කාලකණ්නි සත්තුන්ට ජීවමාන බුදුරජාණන්වහන්සේගේ මහා පින් බලය උන්ට 'සංසාර අනතුරින්' බේරෙන්න shield එකක්... නැත්නම්, ආවරණයක්... වගේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! අන්න ඒ 'රැකවරණය' තියනකම් විතරක්, ඒ 'රැකවරණයේ' උපකාරයෙන් උන්ට මොකුත් නොකර පවින් වැළකිලා හිටියත් ඉන්න මට්ටමේම රැඳෙන්න හරි... ඉහල ස්ථර වල ඉපදෙන්න හරි... පින් රැස්කරගෙන කෙලින්ම දිව්‍යලෝක වලට සෙට්වෙන්න හරි... පුළුවන් කමක් ලැබෙනවා!!! !!! !!! අන්න ඒක තමයි ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙටයි... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙටයි... ලෝකෙ තියන, කාගෙවත් 'ඇස්වලට පේන්නෙ නැති' ප්‍රධාන වෙනස!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** හැබැයි ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටියයි කියලත් නෑ. උන්වහන්සේගෙන් ලැබෙන රැකවරණය යටපත්කරගෙන / override කරගෙන මොකක් හරි අකුසල කර්ම ශක්තියක් සත්වයෙක් තුල ක්‍රියාත්මක උනොත්, උන් ඕනෙම එකෙක් ඒත් 'ජබෝස්'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේව බදාගෙන... උන්වහන්සේගෙ සිවුරෙ එල්ලිලා... හිටියත් වැඩක් වෙන්නෙ නෑ, කූරිය ගහපු සැණින් උන්ව 'ජබුක් ගාල' ගිලෙනවාමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින තාක් උන්වහන්සේ ළඟ නැවිල හිටියත් ... වැඳගෙන යකෝ වැඳගෙන!!! මොකෙකුටවත් වන්දනා කරකර ඉඳල ණිවන් යන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: ඉස්සරහට 'තොපිව පණපිටින් අපායට ඇදගෙන යනව දැනෙන ගාණටම' මං මේ කතාව deep ගෙනියනවා!!! !!! !!! ඇත්ත සංසාර අනතුර තොපිට දැනෙන්න, 'රිදෙන්නම' දෙනවා!!! !!! !!! Real danger එක ලෝකෙටම එළිකරනවා / expose කරනවා!!! !!! !!! ඒත් මං අපේ හාමුදුරුවොන්ට / මට ඇරියෙ නැති... අරින්න හැදුවෙ නැති... අපේ හාමුදුරුවොන්ට / මට ආදරය කරන... මාත් එක්ක ඉන්න... උඹල කාටවත් අවුලක් වෙන්න දෙන්නේ නෑ!!! !!! !!! දැන් මම උඹල ඕනෙම එකෙක්ගෙ ඕනෙම කර්මයක් override කරන්න පුළුවන් තරමටම 'වැඩකරු' වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කාලෙකට ඉස්සර උඹලව යම් තත්වයකට ගෙනල්ල... උඹලව යම් තත්වයකට උස්සලා තියල... "මීට පස්සේ නම් උඹලා දස අකුසල් හැටියට සඳහන් වෙන කිසිම දේකට දායක වෙන්න එපා!! මීට පස්සෙ නම් 'දහජරා' වැඩ කරන්න එපා!!" කියල ලොකු අනතුරු ඇඟවීමක් කළා!!! Warning එකක් දුන්නා!!! (ඒකත් බුදුහාමුදුරුවොම කියපු එකක්!!! රතන සුත්‍රයෙත් සඳහන් වෙනව!!!) ඒ කිව්වයින් පස්සෙ හරි උඹල කාටවත් වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් නොවී shape එකේ හිටිය නම්, දැන් උඹලව හතර අපායට drive කරන්න පුළුවන් forces / 'කරුම ජාති' මොකවත් මේ විශ්වයේ නෑ!!! !!! !!! Override කරන්න / defeat කරන්න දන්න නිසා, මොනවා ක්‍රියාත්මක උනත් අවුලකුත් නෑ!!! !!! !!! ඉතින්, හුජ්ජ පෙරෙන්නම... රෙවෙන්නම... දුන්නයි කියල, 'අපේ හාමුදුරුවොන්ට ආදරය කරන / මාත් එක්ක ඉන්න' උඹලා බය වෙන්න... ගූ ගහගෙන දඟලන්න හදන්න... එපා!!! මං උඹලව අනාගාමී එවුන් / 'non returners'ල කරල තමයි මේක ඉවර කරන්නෙ!!! !!! !!! හුඟාක් වෙලාවට... 99.99% ම... උඹලට මේ ජීවිතෙන්ම සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න / පිරිණිවන් පාන්න ලැබෙයි!!! !!! !!! ඉතින් උඹලා ජීවිතේ තියනකම්ම කාටවත් වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් නොවී... දහජාරා වැඩවලින් වැළකිලා... shape එකේ තමන්ගෙ පාඩුවෙ හිටහල්ල!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.