Thursday, September 8, 2011

මම blogs වලට නම් අළුත්! තාම මේ ගැන වැඩි දෙයක් දන්නේ නෑ. හැබැයි 'net' එකට ඇවිල්ල නම් දැන් සෑහෙන කල්. ඒ ආවෙත් ලොකු දේකට!! මං http://www.sl-unlimited.com/ කියන site එකෙන් තමයි මුලින්ම එලි බැස්සේ. ඊළඟට, www.elakiri.com site එකෙන් හුඟ දෙනෙක් අතරට ගියා. SLU එකේ forums වල dpk19700416 ID එකෙන් සහ Elakiri එකේ forums වල Damith Kariyawasam කියන ID එකෙන් කරලා තියන threads search කරලා බැලුවොත් දැනට මං කියල/කරලා තියන සේරම දැනගන්න පුළුවන්!!

SLU එකේ 'onna ehenam hamotama Ayubowanda kiwwa' { http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=14590 } කියන thread එකෙන් තමයි මං මුලින්ම කතාව පටන් ගත්තේ. ඊළඟට, 'Budun Wadala de 'technical' widiyata dakimu!' { http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=15105 } කියන thread එකෙන්, මේ අපේ ජීවිත වල කතාවේ technical පැත්ත එහෙම්පිටින්ම කිව්වා. ඒ thread එකම 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technicall​y දකිමු' { http://www.elakiri.com/forum/showthread.php?t=762781 } කියල Elakiri එකෙත් කළා. සහභාගී වෙච්ච උදවියගේ ප්‍රතිචාර අනුව වෙනස් වෙච්ච කොටස් හැරෙන්න ඔය threads දෙකම එකයි. ඒවායේ 0 ඉඳල නිවණටම අදාළ කරුණු සේරම කියල තියනවා!! හැබැයි, කතන්දරේ එහෙමපිටින් කිව්වත් තේරුම්ගන්න පුළුවන් පිරිස නම් හරිම අඩුයි කියල මාත් දැනගන උන්නේ... මොකද ඒක හොඳටම හරියන්නේ technical උදවියටම නිසා. ඊළඟට ''MAMA' inne koheda??' { http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=18995 } කියන thread එකයි, ''මම' ඉන්නේ කොහෙද?' { http://www.elakiri.com/forum/showthread.php?t=1107254 } කියන threads දෙක කරන්න ගත්ත non-technical බහුතරයක් පිරිසට හරියන්න. ඒක දැනටත් කෙරීගන යනවා...

එළකිරි එකේ නම්, නමට search කරලා බැලුවොත්, වටිනා අදහස්/කරුණු තියන පොඩි පොඩි threads තව කිහිපයක්මත් ඇති!! මොකද එතන තමයි හොඳටම අල්ලලා ගියපු තැන.  කැමති උදවිය බලන්න... ඊළඟට http://dpk19700416.wordpress.com/ එකෙනුත් මිනිස්සු අතරට යන්න හදාපු පාරක් තියනවා... අද මේකත් { http://dpk19700416.blogspot.com/} පටන් ගත්ත... 

මෙච්චර දඟලන්නේ ඇයි දන්නවද??

ජීවිතේ අවබෝධකරගෙන සේරම හොඳටම තේරුනයින් පස්සේ තමයි සංසාර ගමනේ භයානක කම ඇස් පනාපිටම පේන්න පේන්න පටන්ගත්තේ. ඒක කීයටවත් අමතක කරලා අහක බලාගන්න පුළුවන් කමක් නෑ!! ඒ වගේමයි මට පොඩියට හිතන්නත් බෑ දැන්... දැන් හිතෙන්නෙම, ලෝකෙන් භාගයක්වත් ණිවන් දක්කන්න ඕනේ!!! ටික කාලෙකට හරි හතර අපාය වහල දාන්න ඕනේ!!! වගේ බරපතල ඒවමයි. ඒවා නිකම් දවල් හීන වෙන්න ඇරලා නිකම් ඉන්නත් අදහසක් නෑ. කල්පනා කරකර බලනකොට තේරෙනවා දැන් ඉන්න බහුතරයක් 'මහාසංඝරත්නය' පිරිවරා ගත්ත සේනාවයි, අනික් තැන් තැන්වල පහලවෙච්ච 'බුද්ධර්ල' පිරිවරාගත්ත සේනාවයි ලෑස්ති වෙන්නේ තව කල්ප බර ගණනක් සංසාරේ යන්න නේද? කියන බව. ඒත්, බුදුරජාණන්වහන්සේ සංසාර ගමන මොහොතකට වත් අනුමත කලේ නෑ!!! ඒ කොච්චර කිව්වත් 'සංසාරයක් තිබ්බොත් මුං දිගටම යාවි...' කියල පේන හන්ද මට උවමනාව ආවේ අමුතු වැඩක් කරන්න... දැන් ඒකත් හරි!!! සංසාරයක් තිබ්බොත් එපාය කට්ටිය යන්න... හොඳට බලාගන්නකෝ 'සංසාරෙට' වෙන්නේ මොකද්ද කියල!!


ඉදිරියේදී SLU, EK, wordpress හා blogspot තැන් සේරගෙන්ම ඔය කතාව බලාගන්න ලැබෙයි.

1 comment:

Note: Only a member of this blog may post a comment.