Thursday, November 24, 2011


බුදුහාමුදුරුවෝ, 'මොකක් පිළිගත්තත් කමක් නෑ, ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල කිව්වට, ආයේ, 'විඥාණය මායා කාරයෙක්, රැවටෙන්න නම් එපා!!' කියල කිව්වට, ඒ කාලේ උන්වහන්සේට ඔයිට වඩා දුරට සිද්ධවෙන්නේ මොකද්ද කියල පෙන්වල දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ!! මං ඒක හොඳටම දන්නේ, අහපු කිසිම බුද්ධ දේශනාවක, උන්වහන්සේ වැඩසිටිය කාලේ සමාජයේ light දාගෙන හිටිය seen, කාන්දම් වලින් / current එකෙන් වැඩගත්ත කතන්දර කියවුනේ නෑ!! එක තැනකදී, ඒ පැවති සමාජයේ තාක්ෂණය නම් යම් තරමකට තිබුන බව විතරක් දැනගන්න ලැබුණ!! ඒ ඇවිල්ල උපාලි ගෘහපතියා බුදුරජාණන්වහන්සේත් එක්ක සිදුවෙච්ච කතාවක කියවුන දෙයක්. 'උපාලි' කියපු ඒ මනුස්සය බුදුහාමුදුරුවොන් ගෙන් ඇහුව, "මේ විදියට ලෝකේ ගැන, සත්වය ගැන විස්තර කියන්නේ කාගෙන් වත් අහගෙනද? කොහෙන් හරි බලාගෙනද?" කියල. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උපාලිගෙන් ඇහුව, "දැන්, ඔයා වාහන හදන කෙනෙක්... කෑල්ලෙන් කෑල්ලට ඒවා ගලවල හදන්න දන්න ඔයාට, වාහන ගැන කියන්න කාගෙන්වත් අහගන්න නැත්නම් වෙන කොහෙන්වත් බලාගන්න ඕනෙද?" කියල. ඒ කියන්නේ ඒ පැවති සමාජයේ වාහන නම් තිබිල තියනවා!! ඒත් petral ඒවද? diesel ඒවද? hybrid ඒවද? වගේ කතා මොකුත් නෑ... ඒ කාලේ හැටියට ඔය නිකම් සරල තාක්ෂණයක් තිබිච්ච ඒවා වෙන්න ඇති. ඉතින් එහෙම කාලෙක 'මෙව්වා' කිව්වා නම්, මිනිස්සු මාර්ගඵල ලබනවා වෙනුවට පිස්සු හදාගන්න තිබුන!! ඒකයි බුදුහාමුදුරුවොන්ට මේ කතන්දරේ ඉවරයක්ම වෙලා යන්න කියල / තෝරලා දෙන්න බැරිවුනේ!!!

ඔය උපාලිත් එක්ක වෙච්ච කතාවේදී බුදුහාමුදුරුවෝ අදහස් කලේ, 'මට මේවා කාගෙන්වත් අහන්න / කොහෙන්වත් බලාගන්න දෙයක් නෑ!! මම සේරම හොඳටම දන්නවා!!!' කියලයි. ඉතින් ඇත්තටම දැන් නම් මාත් එසේමයි තමයි!!! මං බුදුවෙලා නෑ... මට බුදුවෙන්න ඕනෙත් නෑ... මට මගේ ලෝකෙයි, ඒ ලෝකේ හිරුයි සඳුයි සේරම බුදුරජාණන්වහන්සේ විතරයි!!! අපේ හාමුදුරුවොයි කල්‍යාණමිත්‍ර පිරිසයි එකතුවෙලා, මට බුදුරජාණන්වහන්සේව දකින්න හදල දුන්න!!! දැන් මට මේ බුදුරජාණන්වහන්සේ ගෙන් 'අහල දැනගත්ත ටික' හොඳටෝම ඇති, මුළු ලෝකෙටම ඇත්තම ඇත්ත කියල පෙන්වල දෙන්න!!! ලෝකෙම format කරලා re-install කරන්න!!! මේ මම යන විදියට කතන්දරේ තෝරලා දුන්නම ආයේ අහන්න / බලන්න මොකුත් නෑ... 'ණිවන්' විතරයි!!!

අනික, මේ ධර්ම කතාවට technical දේවල් සම්බන්ධ කලාම ඔයාලට upset upset වගේ දැනෙනවා නම් ඒ ඔයාල 'ඇත්තම ඇත්ත කතන්දරේ' නොදන්නා නිසයි!!! මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් මයි!!! !!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේත් ආයේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි 'technical expert' කෙනෙක් තමයි!!! ඒ ගැන හොඳටම පැහැදිලිවෙන්න කියවෙන්නේ ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවොන්ගෙන්, "සිකි බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක අභිභූ රහතන් වහන්සේ මේ සක්වලටම ඇහෙන්න කතාකලා... ඔබවහන්සේට කොපමණ දුරකට ඇහෙන්න කතාකරන්න පුලුවන්ද?" කියල පෙරැත්ත කර කර අහපු වෙලාවේ බුදුරජාණන්වහන්සේ දීපු පිළිතුරෙනුයි!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මම  ඉස්සෙල්ලාම මේ සිරුරෙන් පිටවෙන රශ්මිය දෘශ්‍ය ආලෝකයක් බවට පත් කරලා විශ්වයට මුදා හරිනවා... එතකොට සියලු ලෝක වාසී සත්වයින් ඒ ආලෝකය දැකල ඒ දෙස බලනවා... ඊළඟට මම කියන්න ඕනේ දේ ඒ ආලෝකයට මුසු කරලා පතුරුවා හරිනවා... ආලෝකයට අවධානය යොමුකරන් ඉන්න සත්වයින්ට ඒ පණිවිඩය වැටහෙනවා..." කියල. ඔය ඇවිල්ල මේ අද කාලේ ආලෝකයේ උපකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්න පාවිච්චිකරන තාක්ෂණය!! (Optical Communication System) හැබැයි බුදුහාමුදුරුවොන්ට අමතර උපකරණ මොකවත් ඕනේ උනෙත් නෑ... බුද්ධ ශරීරය ඇති සේරටම!! ඉතින් හිතාගන්න පුළුවන් නේ කොයි වගේ කෙනෙක් ද කියල!!! මට නම් 'අද උන්වහන්සේ වැඩසිටිය නම්' කියල හිතෙනකොට ඇඬෙනවා!!!

හරි, බුදුහාමුදුරුවොන්ට ඒ කාලේ පෙන්නලා දෙන්න විදියක් නැතිවෙච්ච 'හිත / විඥාණය' සම්බන්ධ කතන්දරේ මම ඔයාලට දිගහැරලා පෙන්නුවා!!! දැක්ක නේ එතන වෙන්නේ මොකද්ද කියල?? අපි මේ ආයතන 6 පාවිච්චි කරලා විඳින විඳින විඳීම් සේරම එතන ගබඩා වෙනවා!!! ඒක අපේ මතකය හැටියට ක්‍රියාත්මක වෙනවා!!! ඊළඟට අපි හිතනවා කියන ක්‍රියාවේ යෙදෙනකොට, 'හිතනකොට', ඒ හිතන දේම ආපහු පරාවර්තනය වෙලා අපිට 'හිතෙනවා' වගේ දැනෙනවා!!! හිතන දෙයම reflect වෙනවා / bounce-back වෙනවා, වගේ දෙයක් සිද්ධ වෙනවා!!!

ඕක හරිම ලෙඩක්... ඕකට අහුවෙන්න එපා!! එපා!!! කියල කිව්වා!!! තේරුණේ නෑ නේද??? ඔන්න බලන්න වෙච්චි වැඩේ...

ඉස්සෙල්ලාම, මං මේ වැඩේ පටන්ගත්තේ 'මම ණිවන් දැක්ක!! මම රහත් උනා!!' කියාගෙන. තව උදවිය කියල තියනවා 'රහත් උන අය කියන්නේ නෑ!! රහත්වෙලා ගෙදර ඉන්න බෑ!!' අනම් මනම් ගොඩක්!! මොකද්ද ඔය දෙකෙන් හරි??? කොහොමද මම කිව්වේ ඇත්තද? බොරුද? අනික් උදවිය කිව්වේ ඇත්තද? බොරුද? කියල තීරණය කරන්නේ??? කෙනෙක්, 'ඒයි! උතුර ඔහේ නෙවෙයි මිනිහෝ... උතුර මෙහේ...' කියල කිව්වොත්, තමුන්ට පුළුවන් 'මාලිමා' එකක් උපකාරයෙන්, නැත්නම් සුර්යයාගේ ගමන් දිශාව බලල, ඒත් නැත්නම් තරු රටා දන්නවා නම් ඒවායේ උපකාරයෙන්, ඇත්ත / නැත්ත දැනගන්න!!! කවුරුහරි නරක්වෙච්ච කෑමක් තමන්ට දීල, 'ආ... ඔන්න කාපං! හොඳ කෑම එකක්...' කිව්වොත්, ඒත් පුළුවන් ගඳ සුවඳ බලල, නැත්නම් චුට්ටක් රස බලල, නරක් වෙලාද නැද්ද කියල තමන්ටම තීරණය කරන්න!!! ඒත් මේ මාතෘකාවේදී තමන් මොනවා කියල කරන්නද??? කොහොමද මම රහත් නෑ!! මම බොරු කියන්නේ!! කියල කිව්වේ??? අන්න තමුං බුදුහාමුදුරුවෝ 'එපා!!' කියපු දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටිලා!!! තොරන් බලල රැවටිලා!!!

හලෝලා, මම කියපු කතාවත් තමුන්ට අහන්න ලැබුණු / දකින්න ලැබුණු දෙයක් විතරයි!! ඊට විරුද්දව වෙන එක්කෙනෙක් කිව්වත්, වෙන පිරිසක් කිව්වත්, මුළු ලෝකෙම අය එකතුවෙලා කිව්වත් ඒකත් තමුන්ට අහන්න / දකින්න ලැබුණු දෙයක්ම විතරයි!!! තමුන්ට ඕවයි හරි වැරදි තීරණය කරන්න බෑ!!! එහෙම තීරණය කරන්න තිබුන, තමුං රහත්වෙලා, තමුං ණිවන් දැකල, කතන්දරේ තිතටම දැනගෙන, අවබෝධ කරගෙන, උන්න නම්, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම ප්‍රත්‍යක්ෂ කරගෙන උන්නා නම් විතරක්!!! ඒත් තමුන්ලා කවුරුවත් රහත්වෙලා වත්, ණිවන් දැකලා වත් නෑ!!! තමුන්ට ප්‍රත්‍යක්ෂ නැති දෙයක් සම්බන්ධයෙන් හිතන්න ගිය ගමන්, තීන්දු / තීරණ ගන්න ගිය ගමන්, තමන් තමන්ගේ හිතට අහුවෙනවා!!! මුලා වෙනවා!!! 'මු රහත් වෙලා නෑ... මු බොරු කියන්නේ...' කියල හිතපු ගමන් හිත confirmation එක දෙනවා, 'ඔව්! ඌ රහත්වෙලා නෑ... ඌ බොරු කියන්නේ' කියල. ඉතින් උඹල ඇඳගත්ත!!! මේ මාතෘකාවේදී එක එකාගෙන් අහගෙන, එක එකා කියපු දේවල් අනුව, ඇත්ත නැත්ත මොකවත් තීරණය කරන්න කාටවත් බෑ!!! මුළු ලෝකෙම එවුන් මාර වසඟයට අහුවෙලා ඉන්නේ... මුළු ලෝකෙම එවුන් එක පැත්තකට යනවා නම්, තථාගතයානන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ දෙතුන් දෙනා යන්නේ අනික් අතටයි කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! හැම එකාම සංසාරේ යන්න කතා කරනවා... ඒත් ජීවිතය අවබෝධ කරපු කෙනෙක් මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!! 'නේතං ඨානං විජ්ජති' (කීයටවත් වෙන්න බෑ) කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! සංසාරේ යන්න බෑ... මං යන්න දෙන්නෙත් නෑ!!!

උන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අන්තිම වතාවට කිව්වෙත්, 'නායක/මහා නායක සංඝල කිව්වට පිළිගන්න එපා!! වැඩි දෙනෙක් කිව්වට පිළිගන්න එපා!! සමාජයේ සම්මත උනාට පිළිගන්න එපා!! ධර්මයටම දාල බලන්න... ධර්මානුකූලව කල්පණා කරලම බලන්න...' කියලයි!!! උන්වහන්සේ දැනගෙන හිටිය, මේ සේරම මේ විදියට වෙන බව!!! උන්වහන්සේ මිනිස්සුන්ට කිව්වේ, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් හොයන්න එපා!! ධර්මයෙන්ම පිළිසරණය ලබාගන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් බලාපොරොත්තුවෙන්න එපා!!' කියලයි. මොකද දන්නවා අනිවාර්යයෙන් රවට්ටලා අමාරුවේ දාන බව!!! අනික උන්වහන්සේ කිව්වෙත්, 'මේ සසර සැඩ පහරට අහුවෙලා, දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ, හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලල, ඒ දිහාවට හැරිලා පීනන්න පටන් ගන්න!!!' කියලයි. ඒ මිසක් කාගෙන්වත් ගොඩබිමක් තියන දිහාව 'අහගන්න' කිව්වේ නෑ... මොකද එහෙම උනා නම් ඒත් කෙනෙකුට රවට්ටන්න තිබුන!! දැන් වෙලා තියෙන්නේ ඒකමයි... ධර්මය නමින් තියන මහා හුඟාක්, අමූලික බොරු!!! හැබැයි මම ඇත්ත පෙන්වනවා ඒ සේරම සුන්නද්දුලි වෙලාම යන්න!!!

මම රහත් වෙච්ච කෙනෙක් නිසා තමයි මට මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් උනේ!!! නැත්නම් මෙලහටත් හොඳට කාල දොයි!!! මට පුළුවන් සේරම හදන්න!!! ඒත් උඹල පිළිගත්තොත් විතරයි!!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න... වෛරී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න එපා!!' කියල. දැන් මේ මම කියන්නෙත් ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා දීපු පරම සත්‍ය තමයි!!! ඒත් උඹල මම කියන ඒවා දිහා සැකයෙන් බැලුවොත්, 'මූ ඇත්තද කියන්නේ දන්නෑ...' 'මූ අපිව රවට්ටනවද දන්නෑ...' කියල ගත්තොත් හිත ඒක confirm කරනවා!!! ඊටපස්සේ ඉතින් මම මේ කියන කරුණු සේරම බොලාගේ ඔළුගෙඩි වලට යන්නේ කුරුවල් වෙලා තමයි!! ඒවායින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! ඒත්, 'දමිත් ඇත්තමයි කියන්නේ... මම කොහොම හරි මේක හරියටම තේරුම් ගන්න බලන්න ඕනේ...' කියල බැලුවොත්, අවුලක් මතුවෙච්ච ගමන් හිත කියනවා, 'දමිත් ගෙන් අහන්න... දමිත් ගෙන් අහගත්තා නම් හරි...' කියල. අන්න එතකොට දන්නෙවත් නැතුව උඹල උඩ යන්න ගන්නවා!!! (නැතත් අවුලක් නෑ... දුං විසිවෙන්නම දෙන්නයි ඉන්නේ. එතකොට නිකම්ම උඩ යයි!!) ඉස්සර ඉඳලම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස කටයුතු කලේ නම් අන්න එහෙමයි!!! එයාල ගත්තේ, 'භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!' කියලයි!!. ඉතින් කිසිම මුලාවක් නෑ... එයාලට මොකුත් වැරදුනේ නෑ!!! එයාල ජීවිතේ ජයගත්තා!!!

ඔන්න අර මම කියපු යතුර!!! දැන් දොරවල් වැහිලා තිබිච්ච අය ඒවා ඇරගෙන වැඩේ හරියට කරගන්න පටන් ගන්න!!!

බුදුහාමුදුරුවෝ මේ සසර ගමන ගැන, සත්වයා වැටිලා ඉන්න දුක ගැන, කියල දුන්නේ ලාබ ප්‍රයෝජන ගන්න උවමනාවෙන් නෙවෙයි!!! අඩු ගණනේ, 'මට වැඳපිය!' කියල වත් කිව්වේ නෑ. මාත් එහෙමම තමයි!!  මට බොලා කාගෙන් වත්, එක වචනෙක වත් දෙයක් ඕනේ නෑ!!! බුදුහාමුදුරුවෝ මේ සේරම කිව්වේ හොඳටම දැකල!!! මම මෙහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ කියල දීපු ටික දැකල, 'අනේ මුං පව්!' කියලයි!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.