මෙන්න මේකයි ඒ Seen එක.
1) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, ‘ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවේ’ දීයි.. ‘නළ කළාපී සුත්‍ර දේශණාවේ’ දීයි.. “මේ සත්ව ජීවිත සේරම සකස්වෙලා තියෙන්නෙ, ‘විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා විඥාණං..’ කියන ස්වභාවික සංසිද්ධිය නිසයි!! මේ දුක් වේදනා ඔක්කොම… මේ නම්ගොත් කිය කියා වැළපීම් සේරම… තියෙන්නේ, ඒ විඥාණය උපකාරයෙන් නාමරූපත්.. නාමරූප වල උපකාරයෙන් විඥාණයත්.. පවතින තාක් කල් විතරයි!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර මොකක්වත් නෑ!! එහෙම අංශු මාත්‍රයක තරම් වත් නිත්‍ය / ස්ථිර දෙයක් මේ ඇඟවල් අස්සෙ තිබ්බ නම්, අපිට මේ දුකින් නිදහස්වීමක් ගැන.. නිවණක් ගැන.. කතාකරන්න වෙන්නෙත් නෑ!!” කියල, මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතාව පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
2) එතකොට, මං උඹලට ඒ ‘විඥාණ’ ‘නාම’ හා ‘රූප’ හැටියට හඳුන්වලා තියෙන්නෙ, අපේ මේ බඹයක් විතර වෙන ‘ශරීර කූඩු’ (ඇඟවල්) අස්සෙ, ‘විඥාණය’ ‘සිත’ හා ‘මනස’ හැටියට ක්‍රියාත්මක වෙවී තියන දේවල් ගැන තමයි!! හරියටම කිව්වොත්, ඒ ‘විද්‍යුත්චුම්බක ශක්තිය’ ‘විද්‍යුත් ශක්තිය’ සහ මේ ඇඟවල් හැදිල තියන ‘හතරමහා ධාතු ගොඩ’ කියන ජාති 3 තමයි!! කියන බව, වෙන වෙනමම අඳුන්වලා දුන්න!!!
3) ඊළඟට, මේක මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සංවෘත්ත පරිපථයක් (ring circuit නැත්නම් වළල්ලක් / මුද්දක් වගේ එකක්) අස්සෙ සිද්ධවෙන ‘විද්‍යුතයයි - විද්‍යුත්චුම්බකත්වයයි’ දෙකේ කතාවක්!! හැබැයි, මුළින් මෙව්වයි ගලන්න විද්‍යුතයක් නෑ!! තියෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි!! බාහිරින් ඇතිවන විද්‍යුත්චුම්බක ශක්තියක උපකාරයෙන් මේවයි විද්‍යුතය ප්‍රේරණය වෙලා තමයි ඒ ‘විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය.. විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතය..’ ක්‍රියාකාරීත්වය පටන් අරං නොකඩවා දිගින් දිගට සිද්ධවෙන්න ගන්නෙ!! අන්තිමේදි මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟවල් කැඩිල බිඳිල ඒ විද්‍යුතය ගැලීමට බාධා වෙච්චචහම, ඒ ‘විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය’ දෙකම එහෙම්පිටින් නැතුව යනවා!! එතකොට ආයිම ඉතුරුවෙන්නෙ හතරමහා ධාතු ටික විතරයි!! ආන්න ඒකයි බුදුහාමුදුරුවෝ “ලොකුවට පේන්න තිබුණට මෙව්වයි මොකක්වත් නැහැ!!” කියල කිව්වෙ!! කියන බවත් පැහැදිළි කරලා දුන්න!!!
4) ඊට පස්සේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘ධාතු විභංග සුත්‍ර දේශණාවේදී’ සඳහන් කරලා තියන විදියට, මේ සත්වයෝ කියන එවුන් උන්ට ලැබිල තියන ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන 6 පාවිච්චි කරද්දි උන්ගෙ හිත් ‘සැප’ ‘දුක්’ ‘සැප - දුක් නැති’ විදියට 18 ආකාරයකට හැසිරෙන එකෙන් සිද්ධවෙන්නේ, එක එක ජාතියේ විද්‍යුත් තරංග තොගයක් හැදෙන එකය කියන බව මං උඹලට පැහැදිළි කරලා දුන්නා!!!
5) ඊටත් පස්සේ, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග ඔක්කොම සත්වයන්ගෙ මනසේ ගබඩාවෙන අතරේ ඒ හැම විද්‍යුත් තරංගයකටම අනුරූපව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකතුවෙලා, මේ හැම සත්වයෙක්ගේම මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ඒ ඒ සත්වයාට ආවේනික (unique) ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක්’ ගොඩනැගිල තියන බවත් කියලා දුන්න!!!
6) ඊළඟට මං උඹලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘පුඥ්ඥ කෙරේ වත්ථු’ සූත්‍ර දේශණාවෙදි කියල දීල තියන විදියට, මේ සංසාර කතන්දරේදි ‘පින් - පව්’ කියල හඳුන්වන්නෙත් ‘සැප - දුක්’ කියන දෙකම තමයි!! කියන බව කියල / පෙන්නලා දීලා, එතනදි ඇත්තටම වෙන්නේ, පින් රැස්වෙනකොට.. නැත්නම්, සැප / සතුට ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම අඩුවෙලා.. ඒ හිත් වලට සැනසීමක් ඇතිවෙලා.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය අඩුවෙන එකයි… පව් රැස්වෙනකොට.. නැත්නම්, දුක / කණගාටුව / බය වගේ දේවල් ඇතිවෙනකොට.. සත්වයන්ගෙ හිත්වල විසිරීම වැඩිවෙලා.. ඒ හිත් සැලෙන්න පටන් අරං.. ඒකෙන් භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එකයි… තමයි!! බව තෝරලා දුන්නා!!!
7) ඒවගේම මං, මේ සත්වයෝ කියන එවුන් චේතනා පහළ කර කර කටයුතු කරන එකේදි.. නැත්නම් උන් ‘සංස්ඛාර’ කරද්දි.. සිද්ධවෙන්නෙත් උන්ගෙ භව වල ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙන එක තමයි!! බව උඹලට කියල / පෙන්නලා දීලා, අන්න ඒ නිසා, උඹල ‘පිං’ කියල හිතාගත්ත දේවල් (පුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පව්’ කියල හිතාගත්ත දේවල් (අපුඤ්ඤාභි සංස්ඛාර) කලත්.. ‘පිං -පව් කතාවක් නැති’ දේවල් (ආනෙන්ජාභි සංස්ඛාර) කලත්.. මොක කලත් වෙන්නේ, උඹලගෙ භව උඹල ඉපදෙනකොට තිබිච්ච මට්ටමටත් වඩා වැඩිවෙන / ලොකුවෙන එක තමයි!! හරිනම් උඹල කරන්න ඕනෙ සංස්ඛාර වලින් වැළකිලා භව නිරුද්ධ කරගන්න එක තමයි!! බව බොහෝම පැහැදිළිව කියල දුන්න!!!
8) ඊටත් පස්සෙ මං, ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය විද්‍යුත් ශක්තිය පැත්තෙන් වගේම විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුත් අඩුවැඩි වෙනවා!! අන්න ඒ හන්දා, සත්වයෙක් ඉපදිච්ච තැන ඉඳලාම ඒකගෙ ‘භවය’ නැත්නම් ‘කර්ම ශක්තිය’ ඒ සත්වයාම චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් නිසා තමන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) වගේම, අනික් මුළු ලෝකෙම ඉන්න තරමක් සත්තුන්ගෙ බලපෑම හන්දා බාහිරිනුත් (විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙනුන්), වෙනස්වෙන්න / අඩු - වැඩි වෙන්න පටන් ගන්නවා!! කියන බව කියලා, සත්වයන් (උඹල) පිං කියල හිතාගෙන කරන කටයුතු වලදී.. ‘පුඤ්ඤාභි සංස්ඛාර’ වලදී.. සත්වයන්ට (උඹලට) ඇත්තටම පිණක් රැස්වෙනවා නම් රැස්වෙන්නේ… උන්ගෙ (උඹලගෙ) ‘භව’ වල ප්‍රමාණය / විශාලත්වය අඩුවීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ… අන්න ඒ විදියට (වෙන කෙනෙකුගේ විද්‍යුත්චුම්බක ශක්තිය මගින්) බාහිරින් උපකාරයක් ලැබුණොත් විතරයි!! බවත් සඳහන් කළා!!!
9) අන්තිමට, සත්වයෙක් ජීවත්ව සිටිනතාක් වෙනස්වෙවී තියන භවය, කොයිවෙලේ හරි ඒ සත්වයා මරණයට පත්වෙද්දි පවතින මට්ටමේ ඊළඟ ‘සත්ව ජීවිතය’ සකස් වෙනවා!! ඊළඟ ‘සත්වයා’ ඉපදෙනවා!! අන්න ඒ විදියට තමයි මේ සංසාරගත සත්වයන්ගෙ ඊළඟ ‘උප්පත්ති ස්ථානය’ තීරණය වෙන්නෙ!! නැත්නම්, ඊළඟට හැදෙන එකා මොකෙක්ද?? කියන එක තීරණය වෙන්නෙ!! කියන බවත් මං උඹලට තෝරලා දුන්නා!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.