Sunday, October 12, 2014

ම්ම්.. දැන් අපි පොඩ්ඩක් මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි ඔය ‘කෙළෙස්’.. ‘කුසල් - අකුසල්’.. කිය කියා ඇත්තටම හඳුන්වලා තියෙන්නෙ මොනවද?? එව්වත් එක්ක මේ සත්ව ජීවිත අස්සෙ සිද්ධවෙන ඇත්තම ඇත්ත කතන්දරය... විද්‍යාත්මක සංසිද්ධිය... මොකද්ද?? ඒකෙදි ‘අනුප්පන්නානං~ උප්පන්නානං~’ එකෙන් තියන පලේ මොකද්ද?? කියන එව්ව ගැනත් දැනගෙනම ඉමු.  

මෙහෙමයි, ඔතනදි ඔය ‘කෙළෙස්’ කියන්නෙ ‘රාග’ ‘ද්වේශ’ ‘මෝහ’ කියන තුනට!!! හැබැයි ඒ 3න් කියවෙන්නෙ වෙන වෙනම කතන්දර 2ක්!!! !!! !!!  මුලින්ම ‘රාග - ද්වේශ’ කියන්නෙ, ‘ඇලීම - ගැටීම’.. ‘ආකර්ෂණය - විකර්ෂණය’.. නැත්නම්, ‘attraction - repulsion’ කියන දෙකට!!! !!! !!! ඒ ලක්ෂණය හන්ද තමයි ‘හිත’ කියන විද්‍යුත් ශක්තිය ‘මතක්වෙන දේවල්’.. නැත්නම් ‘මතකය’.. කියන ‘ගබඩා වෙලා තියන විද්‍යුත් තරංග’ වල ශක්තියට අනුව නටන්න / ගැස්සෙන්න ගන්නෙ!!! ඒක තනිකරම ස්වභාවික සිදුවීමක්!!! !!! !!! නැත්නම්, විද්‍යුතය / විද්‍යුත් ශක්තිය හැදෙන්න හේතුවෙලා තියන Electron - Proton වල ස්වභාවයක්!!! !!! !!!  Electron - Proton වල හැටියක්!!! !!! !!!   ඔය කාන්දම් කෑලි අතරෙ සමාන පැති (ධ්‍රැව) විකර්ෂණය වෙන.. අසමාන පැති ආකර්ෂණය වෙන.. විදියම තමයි!!! !!! !!! ඉතිං, අපිට ඒ ‘ඇලෙන - ගැටෙන’ ස්වභාවය (attraction - repulsion) සම්බන්ධයෙන් මොකුත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  **- ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසාබාල තියන / දෙසාබාන විදියට, ‘තණ්හාව’ (රාගය) නැතිකොරාණ්ඩ බැරිත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උඹත් ගොනෙක් වගේ ඒ කුණුහරුප වැඩ කොරන්න ගියොත් වෙන්නෙ, බොට පුක ඉරිල අකාලයේ මැරෙන්න වෙන එක විතරයි!!! !!! !!!   -** ඊළඟට ‘මෝහ’ කියන්නෙ වෙන එකක්!!! !!! !!! ඒ තමයි, බැඳීම!!! Attach වීම.. නැත්නම්, සමීප බව.. කියන එක!!! !!! !!! සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි නම්, ඒ තමයි මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙයි කියල බදාගැනිල්ල!!! !!! !!! ‘මුළාව’ නැත්නම් ‘අවිද්‍යාව’ (නොදැනුවත්කම) කිව්වනම් හරියටම හරි!!! !!! !!!  ඒ attach වීම / ලංවීම / බැඳීම වැඩිවෙන්න වැඩිවෙන්න, මතකයෙන් / මතකයේ තියන දේවල් වලින් තමන්ට (හිතට) ඇතිකරන බලපෑම වැඩියි!!! !!! !!! එතකොට හිතේ ඇලෙන - ගැටෙන ප්‍රමාණය… attraction - repulsion strength එක… deflection එක… නැත්නම් ‘නැටිල්ල’ත් වැඩි වෙනවා!!! !!! !!!  මුළාව (අවිද්‍යාව / නොදැනුවත්කම) දුරුවෙන්න දුරුවෙන්න.. නැත්නම් මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙයි කියල බදාගන ඉන්න බදාගැනිල්ල අඩුවෙන්න අඩුවෙන්න.. ඒ මතකයෙන් / මතක තියන දේවල් වලින් තමන්ට (හිතට) ඇතිකරන බලපෑමත් අඩුවෙනවා!!! !!! !!! එතකොට, හිතේ ඇලෙන - ගැටෙන ප්‍රමාණය… attraction - repulsion strength එක… deflection එක… නැත්නම් ‘නැටිල්ල’ ඉබේම අඩුවෙනවා!!! !!! !!! 

** පොඩ්ඩක් හිතපන්. උඹට තමන්ටම මොකක් හරි දුකක් කරදරයක් සිද්ධවුනොත්, ඒක හිතට දැනෙනවා ගොඩාක් වැඩියි!!! එතකොට, ඒකම උඹට නැතුව උඹගෙ ලඟම කාටහරි උනොත්, ඒත් හිතට තරමක් සැරට දැනෙනවා!!! හැබැයි උඹටම වෙච්ච තරම් අමාරු නෑ!!! ඊළඟට, උඹ දන්න කියන ඒත් වැඩි connection එකක් / ඇඟැලුම් කමක් නැති නැති එකෙකුට ඒ දේම උනොත්, උඹට ඒකෙ එච්චර ගානක් නෑ!!! අන්තිමට, උඹට කිසිම සම්බන්ධයක් නැති.. උඹ දන්නෙවත් නැති.. කාටහරි ඒකම උනයි කියල නම් උඹට වගක්වත් නෑ!!!  හැබැයි, මේ කවුරු කවුරුත් ඇවිල්ලා, කාපු බීපු දේවල් හන්දා හැදිච්ච.. ‘හතරමහා ධාතු’ වලින් හැදිච්ච.. තාවකාලික සත්වයෝ!!! !!! !!!  එතකොට, ඒ හැම සත්වයෙක්ටම දුක් වේදනාවල් දැනෙන්නෙත් එකම විදියට!!! !!! !!!  ඒත් ඒ එක එක සත්වයාට විඳින්න වෙන වේදනාවල් තමන්ට / තමන්ගෙ හිතට බලපාන්නෙ වෙනස් වෙනස් විදියට!!! !!! !!!   ඇයි ඒ???  කොහොමද එහෙම ‘වෙනසක්’ ඇතිවෙන්නේ??? ???   ආන්න ඒ වෙනසට එකම හේතුව, උඹ උඹගෙ නොදැනුවත් කමට... නැත්නම්, උඹගෙ මෝඩ කමට... ඒත් නැත්නම්, උඹගෙ ගොං කමට... උඹ මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ජීවිත වලට, මේ ‘මම’ / මේ ‘මගේ’ එකා / මූ ‘මට’ වැඩක් නැති එකෙක් කිය කියා හිතාගෙන ඉන්න ඉඳිල්ල තමයි!!! !!! !!!  මොකද, ‘මම’.. ‘මගේ’ දේවල්.. ‘මට’ වෙච්ච දේවල්.. කියල බදාගත්ත දේවල් හිතට ඇතිකරන බලපෑම (වේදනාව) වැඩියි!!! !!! !!!  එහෙම බදාගත්තෙ නැති දේවල් වලින් කිසි බලපෑමක් නෑ!!! !!! !!!  හරිය?? 

එතකොට, මෙන්න මේක තමයි ඔතනදි ඇත්තටම සිද්ධවෙන විද්‍යාත්මක සිදුවීම.  ලොකු ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවක් (heavy AC current) ගෙනියන පරිවරණය කරපු (insulated) වයර් එකක් ලඟට… ඔය welding transformer එකෙන් welding rod එකට යන වයර් එක වගේ එකකට… කාන්දම් කෑල්ලක් අතින් අල්ලං කිට්ටු කරලා බැලුවොත්, උඹට මේ ඇත්තටම සිද්ධවෙන දේ හොඳ ලස්සනට පැහැදිළි වෙයි!!! !!! !!!   එතෙන්දි, වයර් එකේ ගලන ධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න.. කාන්දම powerful වෙන්න වෙන්න.. කාන්දම වයර් එකට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න.. අතට දැනෙන වෙව්ලිල්ල නැත්නම්, vibration එකත් වැඩියි!!! !!! !!! ඒ වෙව්ලිල්ල / vibration එක නැති වෙන්න නම්, එක්කෝ වයර් එකේ ගමන් කරන current එක නැතිවෙන්න ඕනෙ!!! එක්කෝ කාන්දමේ කාන්දම් ගතිය නැතිවෙන්න ඕනෙ!!! එහෙමත් නැත්නම් කාන්දම වයර් එකෙන් ඈත් වෙන්න / දුරස්වෙන්න ඕනෙ!!! !!! !!!  හරිය??  අන්න ඒ විදියටම, සත්වයන්ගෙ කතන්දරේදිත්, උන්ගෙ මතකය බලවත් වෙන්න වෙන්න… උන්ගෙ ‘රාග - ද්වේශ’ නැත්නම් ‘කෙළෙස්’ වැඩිවෙන්න වැඩිවෙන්න… උන් මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙමය.. තමන්ම කරපු කියපු දේවල්ය.. තමන්ටම වෙච්ච දේවල්ය.. කියල බදාගන්න බදාගන්න… උන්ගෙ හිත් වල වෙව්ලිල්ල නැත්නම්, deflection එකත් වැඩියි!!! !!! !!!   ඒ හිත්වල වෙව්ලිල්ල / deflection එක නැතිවෙන්න නම්, එක්කො උන්ගෙ මතකය නැතිවෙන්න ඕනෙ!!! නැත්නම් උන්ගෙ ‘රාග - ද්වේශ’ නැතිවෙන්න ඕනෙ!!! එහෙමත් නැත්නම් උන් උන්ගෙ මතකයෙන් නිදහස් වෙන්න (දුරස්වෙන්න / ඈත්වෙන්න) ඕනෙ!!! !!! !!!  හරි නේ??  ඒත් මේ සත්ව ජීවිත වලදී, ඇඟවල් වැඩ කර කර තියනකම් current එක (මතකය) නැතිවෙන්නෙ නෑ!!! !!! !!! ඊළඟට ‘ඇලෙන - ගැටෙන’ ගතිය.. ‘රාග - ද්වේශ’ (attraction - repulsion) දෙක.. නැති කරන්නත් බෑ!!! !!! !!! ඒක ස්වභාවික දෙයක් නේ??  ඉතින්, කරන්න පුළුවන් එකම දේ, මතකයෙන් දුරස් වීම… නැත්නම්, “මතකය තමන්ගෙ කෙහෙල්මලක් නෙවෙයි!! වැඩක් නෑ!!” කියල තේරුම් අරගෙන, ඒක අමතක කරල දැමීම… අල්ලල දැමීම… අතහැරල දැමීම… විතරයි!!! !!! !!!   භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් තොපිට මේ භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්න දීපු එකම විසඳුම, ‘සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීම’... නියම ‘සෝවාන් වීම’... ඒක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

සාමාන්‍යයෙන් සත්වයෝ කියන එවුන් (බොලා සේරමලා) කරන්නෙම ‘මතකය බදාගෙන නැහෙන්න යන එක’ නෙව?? ඒ කියන්නෙ, හිත හිතා.. පත පතා.. බලාපොරොත්තු ගොඩ ගගහ.. ලත වෙවී.. හූල්ල හූල්ල.. සාප කර කර.. තරහෙන් පුපුර පුපුර.. පළි ගගහ.. දෙස් දෙවොල් තිය තිය.. ඉන්න එක නෙව?? එතකොට වැඩේ තියෙන්නෙ, කොහොමත් මතක්වෙන මතක්වෙන දේට අනුව හිත චුට්ට චුට්ට හරි ගැස්සි ගැස්සී තියන එක, අර හිත හිතා.. පත පතා.. ලත වෙවී.. හූල්ල හූල්ල.. කරන ‘ගොං වැඩ’ හන්දා… නැත්නම්, නැවත නැවතත් මෙනෙහි කිරීම / හිතෙන් repeat කිරීම හන්දා… මතකය බලවත් වෙනකොට, තව තවත් වැඩි වැඩියෙන් ගැස්සෙන්න ගන්නවා!!! !!! !!! මතකය බලවත් වෙනවා කියන්නෙ wire එකේ ගමන්කරන current එක වැඩිවෙනවා වගේම නේ?? ඉතිං, deflection එක එන්න එන්නම වැඩිවෙනවා!!! !!! !!!  එතකොට හිත් පීඩාවට පත්වෙනවා!!! !!! !!! ඊළඟට එහෙම තියාගෙනත් තව තවත් ගොං වැඩම කරනකොට… තව තවත්, හිත හිත.. පත පත.. ලත වෙවී.. හූල්ල හූල්ල.. / හිතින් repeat කර කර.. ඉන්නකොට… වැඩේ එහෙම්පිටින්ම චොර වෙනවා!!! !!! !!! අසීමාන්තිකව වැඩිවෙන හිතේ ගැස්සිල්ල / deflection එක ඔරොත්තු දෙන්නේ නැතුව, මිනිසු ‘නිවෙන්න’ නෙවෙයි ‘පත්තුවෙන්න’ ගන්නවා!!! !!! !!!   ඔය ‘කර්ම’ රැස්වෙනවා.. භවය ලොකුවෙනවා.. විඥාණය පැළවෙනවා.. ‘යම’ හැදෙනවා.. කිය කියා කියන්නේ ඒ මංගල්ලෙට තමයි!!! !!! !!! සංසාර කතාව එහෙම්පිටින්ම ඇනෙන්නෙත් අන්න ඒකෙනුයි!!! !!! !!! එතකොට, සංසාරගත සත්වයන් හතර අපායටම ඇදිල යන මහා භයානක සංසාර අනතුරත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒත් උඹල මේ ජීවිත වල ඇත්ත කතන්දරේ දැනගෙන… සත්‍ය අවබෝධ කරගෙන… සෝවාන් උනාම, මුලින්ම උඹට තියන ‘මහා භයානක සංසාර අනතුර’ නැතුව යනවා!!! !!! !!!  ඇයි, ඇත්ත තේරුණාම ගොං විදියට හිතන්න… ගොං විදියට කල්පණා කරන්න… බැහැ නේ???  ඉතිං ඒ ගොං වැඩ කරන එක… හිත හිතා.. පත පතා.. හිතෙන් repeat කර කර.. ඉන්න එක… ඉබේම නවතිනවා!!! !!! !!!  ඊළඟට, ඒ හිතෙන් repeat වීම නතර වෙච්චහම, මතකයේ බලවත්කම ඒ තියන මට්ටමට වඩා වර්ධනය වීම / boost වීම නවතිනවා!!! !!! !!!   ඒ කියන්නෙ, ඒ වෙනකොටත් හැදිල තියන ‘භවය’ එහෙම්මම තියනවා!!! ඒත් ඒක හතර අපායේ සත්තු හැදෙන ගාණටම තවදුරටත් වර්ධනය වෙන එක… ඇනෙන එක / වණවෙන එක… නවතිනවා!!! !!! !!!  හරියට ‘ලිපෙන් බාපු වළඳක්’ වගෙයි!!!  ලිපෙන් බාද්දි තිබිච්ච රස්නෙ තියනවා!!! ඒත් නිවෙනවා මිසක් තවත් රත්වෙන්නෙ නෑ!!! !!! !!!  ඉතිං, මේ ජීවිතයෙන්ම සංසාර පැවැත්ම නතර නොවුණත්, ඊළඟට හැදෙන එවුන් හතර අපාය මට්ටමට යනකම් පහළට වැටෙන්නෙ නෑ!!! !!! !!!  

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.