Wednesday, November 14, 2012

මේ... කස්ටිය දන්නවද, පොඩි පුංචි trick එකක් දැම්ම නම්, ධර්මය අවබෝධ කරන්නෙත් නැතුව... දාන / සීල / භාවනා මොකවත්ම නැතුව... ඔය භයානක සංසාර ගමන එහෙම්පිටින්ම නතර කරලා දාන්න තිබුණා?? නතර කරන්න විතරක් නෙවෙයි, එහෙම කළා නම් සංසාර කතන්දරේ සදහටම මුළු විශ්වයෙන්ම අතුගාලම දාන්නත් තිබුණා!!! මොකද්ද දන්නවද කරන්න ඕනේ?? සත්වයින්ට තමන් ගැන හිතන්න... තමන් ගැන කියන්න... තමන්ව හඳුන්වන්න... තමන්ට අදාළ දේවල් / තමන්ගෙ දේවල් දක්වන්න... වගේ කිසිම දේකට, 'මම' 'මගේ' 'මට' 'මං' කිය කියා කිසිම අනන්‍යතාවයක් නැති / indistinguishable වචන භාවිතාකරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා, ඒ වෙනුවට ඒ සත්වයාගේ නම / ගම / උපන්දිනය භාවිතා කරලා අනන්‍යතාවයක් තියන / distinguishable නමක් හදාගෙන පාවිච්චි කරන්න පුරුදු කරන්න ඕනේ!!! කලබල වෙන්න එපා, ඒක හරියට අර මුල් කාලේ computer වල අවුරුද්ද අංක 2 කින් (2 digits) දක්වපු නිසා 2000දී මහා ලෝක ලෙඩක් වැටෙන්න ගිය එක, පස්සේ අවුරුද්ද දක්වන්න අංක 4ක් (4 digits) යොදල shape කරගත්ත වගේම වැඩක්!!! මේක හරිනම් ක්‍රියාත්මක (implement) කරන්න තිබුණේ මීට සතවර්ෂ ගානකට කලිනුයි!!!

අපි හිතමුකො කලින් හිටිය '1835 මාතර අප්පුහාමි' කියල කෙනෙක් මිනියක් මරපු එකක්, දැන් ඉන්න බොහොම ප්‍රසිද්ධ... බුද්ධ දේශණා 84000ම කට පාඩම්... කන්කළු හඬින් බණ කියන... බොහොම සිල්වත් / ගුණවත් / නිවිච්ච / තැන්පත් / අහිංසක / නිහතමානී / හරීම හොඳ හැබැයි අඩුම ගණනේ සෝතාපන්න වෙලාවත් නැති හාමුදුරු කෙනෙකුට මතක්වුණා කියල!!! ඒ කියන්නේ, 1835 ඉපදිච්ච, මාතර හිටිය අප්පුහාමි කියල මනුස්සයෙක් මිනිහෙක්ව මරල තියනවා!!! දැන් ඒ අප්පුහාමි මැරිලත් ගොඩාක් කල්!!! ඒත් 'සංසාර කතන්දරේ' හන්ද, ඒකට තිබිච්ච මතකය 'පංච උපාදානස්කන්ධය' තව තව සත්තු හරහා පැවතගෙන ඇවිල්ල, මේ වෙනකොට අර හාමුදුරුවොන්ට ලැබිලා (copy වෙලා) තියනව!!! හරිය??? දැන් අර අප්පුහාමිය 'මම' කියන අංජබජල් වචනේ පාවිච්චි කරලා තිබ්බ නම්, මිනී මරපු එක මතක හිටින්නේ / record වෙන්නේ, 'මම මිනිහෙක්ව මැරුවා!!' කියලයි!!! ඒ නැතුව 'මම' වෙනුවට '1835 මාතර අප්පුහාමි' කියල පාවිච්චි කරලා තිබ්බ නම්, seen එක මතක හිටින්නේ / record වෙන්නේ, '1835 මාතර අප්පුහාමි මිනිහෙක්ව මැරුවා!!' කියලයි!!! හරිද?? පැහැදිලියි නේ??? ඕං දැන් අර හාමුදුරුවොන්ට හීනෙකින්වත් බලාපොරොත්තු නොවෙච්ච විදියට ඔය මතකය ඇවිස්සෙනව!!! !!! !!! බැරිවෙලා වත් අප්පුව 'මම ' කියන අංජබජල් වචනේ පාවිච්චි කරලා තිබ්බ නම් දැන් ඉන්න සංඝ, 'අයියෝ... මේ මොන අපරාදයක්ද මං කරලා තියෙන්නේ?? අනේ මගේ මහණකම මොකටද?? අනේ මගේ සීලේ මොකටද?? මං මහා පව්කාර මිනීමරුවෙක් නේ!! දැන් ඉතිං මට ආපගතවෙන්න සිද්ධවෙනවාම තමයි!!' කියල හොඳටෝම upset වෙලා... හැමෝගෙන්ම වහන්වෙලා අයිනක් අල්ලගෙන කල්පණා කර කර ඉඳලා... අන්තිමේ හොරෙන්ම සිවුරු ඇරලා හිස හැරුණු අතේ යනවා!!! පස්සේ ඉතිං පිස්සු හැදිලා... විකාරවෙලා... 'කරපු පාපකර්මෙට සෑහෙන්න විඳව විඳව ඉඳලා...' මැරිලා... (ඉතුරු ටික විඳින්න) අපාගත වෙනවා. ...මොකක්??? ඒකා අපාගත වෙනවා??? ??? නෑ යකුනේ!!! !!! !!! ඇයි දැන් තොපි seen එක එහෙම්පිටින්ම දන්නවා නේ!!! ඒකා මැරෙණවා!!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙනකොට ඒකගෙ හිතේ තිබිච්ච ක්‍රියාකාරීත්වය අනුව... චාටර් වෙලා තිබ්බ electromagnetic field එකට අනුව... ඊළඟට හැදෙන එකා තමයි අපායේ හැදෙන්නේ!!! අන්න ඌට තමයි ඊළඟට විඳවන්න තියෙන්නේ!!! !!! !!! හැබැයි ඒ හැදෙන එකත් ධර්මය / ඇත්ත දන්නේ නැති නිසා 'සංඝ'ගෙන් ලැබුණු මතකයට රැවටිලා ඌත් හිතනවා, 'මනුස්ස ජීවිතයක් නැති කල පවට මට මහණවෙලා ඉඳලත් අපාගත වෙන්න උනා... මහණවෙලා ඉඳලත් මට මිනීමරපු පව පලදුන්නා...' කිය කිය!!! හ්ම්ම්... ඉතින්, එතනදි අර ගොං සංඝ උන්නැහැ දේශණා කටපාඩම් කරන් අනුන්ට දෙස දෙසා හිටිය මිසක් තමන් ධර්මය / ඇත්ත අවබෝධ කරගෙන සෝතාපන්න වෙලාවත් නොහිටිය නිසයි වැඩේ upset උනේ!!! හැබැයි සංඝ සෝතාපන්න නැතත් අප්පුවා 'මම' වෙනුවට '1835 මාතර අප්පුහාමි' කියල පාවිච්චි කරලා තිබුණ නම්, සංඝට මොකුත් upset එකක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඇයි, මතක්වෙන්නේ '1835 මාතර අප්පුහාමි මිනියක් මැරුවා!!' කියල නේ??? එයා (සංඝ) මිනීමරල කියල නෙවෙයි නේ??? ඉතින් සංඝට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ!!! වැඩිම උනොත්, 'චී... අප්පුහාමි මහ ජරා මිනිහෙක් නේ!!' කියල හිතෙයි!!! එච්චරයි!!! !!! !!!

ඇයි මතක නැද්ද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර අනතුර කියන මහා විනාසෙට හේතුව පැහැදිලි කළා, 'පංච උපාදානස්කන්ධය (මතකය) තමන්ගෙයි කියල ගත්තු නිසයි මේසා විශාල දුක් කන්දරාවක් විඳින්න උනේ!!' කියල??**- අර... චුතුපපාත ඥාණය උපද්දවාගෙන හිටපු හාමුදුරුවරු 30 නමගේ කතාවේ ඉතුරු හරිය. මතක නැති එවුන් ආයි පාරක් කියවල බලහල්ල!!! -** ඉතින් මේ මතක්වෙච්ච 'අප්පුහාමි මිනී මරපු එකේ මතකය' තමන්ගෙයි කියල ගන්න කොහොමට වත් බෑ නේ?? ඇයි, ඒකෙ පැහැදිලිවම තියනවා නේ ඒක 'වෙන එකෙක්ගේ' එකක්, '1835 මාතර අප්පුහාමිගේ' එකක්ය කියන බව!!! !!! !!! තේරුණාද?? ඊළඟට, ඔය විදියට මතක්වෙන මතක්වෙන තරමක් එව්වා වෙන වෙන එවුන්ගේ එව්වා බව පැහැදිලිවම පේනකොට, 'මම අතීතයේ ඉඳල ඇවිල්ල!!' කියල කාටවත් ගොනාට ඇඳගන්නත් බෑ නේ??? එහෙම ගොනාට ඇඳගත්තේ නැත්නම් කවුරුවත් මෙතනින් එහාට යන්න පතන්නෙත් නෑ!!! !!! !!! එතකොට සංසාර ගමන නිකම්ම නවතිනවා!!! සංසාර කතන්දරේට ඇපත් නැතිවෙනවා!!! **- හැබැයි පුතෝ, මෙතනදිත් අර සංඝ තෙමේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙච්ච... නැත්නම්, අර අටු හදන්න කියල දීපු එවුන්, 'අටු ආචාර්යල' පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච... එකෙක් උනා නම් එහෙම sorryම තමයි!!! !!! !!! මොකද, එතකොට ඒකා මතක්වෙච්ච එක ඌට ගැලපෙන්න සංශෝධනය කරලා... edit කරලා... හදල ගනීවි, 'මම 1835දී මාතර අප්පුහාමි හැටියට ඉපදිලා හිටිය භවයෙදි... මිනිහෙක්ව මරපු එකේ විපාකෙ හැටියට... bla... blaa... blaaa...' කිය කිය!!! !!! !!! එහෙම හිතපු ගමන් අම්බානටම කන්න වෙනවා!!! !!! !!! කර්ම / භව කතන්දර කියල දෙනකම් හිටහල්ලකෝ... එතකොට තමයි මෙව්වා හොඳ ලස්සනට තේරෙන්න පටන්ගන්නේ!!! !!! !!! එතකොට තොපිට පුකෙනුත් හිනා යයි!!! !!! !!! මේ... හැබැයි කර්ම / භව කතන්දර හිනාවෙන්න පුළුවන් දේවල් නෙවෙයි!!! සත්ව ජීවිත ඔක්කොම හැදිලා තියෙන්නේ ඒවා අනුව... ඒවා උඩ... තමයි!!! !!! !!! ඒත් උඹල, අපේ හාමුදුරුවෝ / මං එක්ක ඉන්න... මාව follow කරන... විශේෂයෙන් අර මං 'මීට පස්සේ නම් දස අකුසල් වලට අහුවෙන්න එපා!! දහජරා වැඩ කරන්න එපා!!' කිව්වයින් පස්සේ හරි ඒවයින් වැලකිච්ච එවුන් නම්... උඹ කර්මයට වහලෙක් නොවී කර්මය උඹගේ වහලෙක් කරගන්න පුළුවන් තත්වෙන් ඉන්න එකෙක් නම්... මං උඹලට 'කර්මය' joke එකක්ම කරනවා!!! !!! !!! අනික් සංසාරය අනාගත්ත / ගූ කරගත්ත එවුන්ට sorry වෙයි!!! !!! !!! කරන්න දෙයක් නෑ!!! -**

හරි! හැබැයි මේ... 'trick දාල මේ සංසාර ප්‍රශ්ණේ විසඳන්න පුළුවන්' කියල නම් පොඩි joke එකක් කලේ!!! එව්වා ප්‍රයෝගිකව කරන්න බෑ!!! මොකද ඔය මතකයේ තියන ඒවා මතක් වෙනකොට නම් / ගම් කතා නෑ!!! බොහොමයක් සිදුවීම් මතක් වෙනකොට, හරියට තමන් මේ දැන්... හැබැහින්... ඒ දේවල් වලට මුහුණ දෙනවා වගේ තමයි!!! !!! !!! ඒත් මේ වෙලා තියෙන්නේ නිකම්ම නිකම් joke වැඩක් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ ගණන්ගත යුතු මොකොවත්ම නෑ!!! !!! !!! හැබැයි ඔය සිද්ධවෙලා තියනදේ ගැන නොදන්න... පෙර සූදානමක් නැති... හැම කෙනෙක්ම, ඒකෙන් මුලාවෙන... හොල්මන් වෙන... එක වලක්වන්න කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි මේ එක එක විදියට විස්තර කරලා උඹලට 'දැනගත යුතුම දේ' පැහැදිලිවම දැනගන්න හදල දුන්නේ!!! දැන් උඹලට හොඳටම තේරෙන්න ඇති නේද, මේ අපි ඇතුළු සත්වයෝ හැමෝටම සිද්ධවෙලා තියන හුට්ටප්පරේ?? ඉතින් උඹලට පුළුවන් නේද ඔය උඹලගෙම හිත් උඹලට මොන මොන 'තොරණ් පෙන්නුවත්' (මොන මොන දේවල් සිහි උනත් / මතක් උනත්) ඒවාට අහුවෙන්නේ... රැවටෙන්නේ... මුලාවෙන්නේ... බයවෙන්නේ... නැතුව ඉන්න??? ??? අනික් එක, තාම නම් එහෙම අතීත කතන්දර මොකවත් තමන්ට මතක් උනේ නෑ... දැනගන්න ලැබුණේ නෑ... කියල, තමන්ට එහෙම කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහිච්ච මතකයක් copy වෙලා නෑ... ඇබැද්දියක් වෙලා නෑ... කියල හිතන්න එපා!!! !!! !!! බැලු බැල්මට නිල් කැටේට වතුර පිරිලා තියන විලක කුණු ජරාව මොකවත් නැතෙයි කියල කාටවත් කියන්න බෑ!!! මොකද, ඒවා මතුවෙන්නේ විල කැළඹෙන කොටයි!!! මනුස්සයන්ටත් අන්න එහෙම 'මතකය එහෙම්පිටින් ඇවිස්සෙන' වෙලාවක් එනවා!!! සංසාර ගත සත්වයෝ හැමෝටම එහෙමයි!!! අන්න එතකොට තමයි යුද්ධෙ පටන්ගන්නෙ!!! ඒත් එතකොට මොකවත් කරන්න time නෑ!!! !!! !!! අන්න ඒකයි මේවා අප්‍රමාදීව... බොහොම ඉක්මනින්... කාලවේලා ඇතුව... දැනගෙන / අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! ටිකක් බරපතල වචන වලින් කිව්වොත්, 'මාර්ගඵල ලබල' ඉන්න ඕනේ!!! !!! !!! කොහොමහරි උඹලට නම් අතීත seen මතක්වෙලා අමුතුවෙන් මුලාවෙන්න දේකුත් නෑ. මොකද, ගොං සංඝයෝ 'පින් කොර කොර... නෑදෑ හත්මුතු පරම්පරාවම පිරිවරාගෙන... පතාගෙන ඔතාගෙන සංසාරේ යන්න පුළුවන්!!' කියල උඹලව වේලපහින්ම ගොනාට අන්දලා... මුලා කරලා... අමාරුවේ දාලා... කරන්න පුළුවන් නස්පැත්තිය උපරිමයෙන්ම කරලා නේ තියෙන්නේ?? හැබැයි visa ඉවරවෙන්න ලං වෙනකොට එව්වට වඩා මහා බරපතල, උඹල කීයටවත් හිතන්නේ නැති විදිය මඤ්ඤං case උඹලගේ හිත් උඹලට පෙන්නාවි!!! !!! !!! අන්න ඒ කිසි දේකට අහුවෙන්න / රැවටෙන්න / මුලාවෙන්න / බයවෙන්න මොකුත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි අපිට ඕනේ!!! !!! !!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් ආර්ය ශ්‍රාවක පිරිසත් එක්ක මහා කන්දක් පාමුලට වැඩිය වෙලාවක, චුටි ගල්කැට 7ක් පෙලට තියල ඒ ශ්‍රාවක පිරිසෙන් ඇහුවා, 'අර කන්දද මේ ගල්කැට 7ද වඩා ලොකු??' කියල. ශ්‍රාවක පිරිස එක හඬින් කිව්වා, 'අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඒ කන්දත් එක්ක බැලුවම මේ ගල්කැට 7 මොකද්ද? හරිම චුටියි නේ...' කියල. එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කලා, 'යමෙක් සෝතාපන්න උනා නම්, එයා අන්න අර මහා කඳු පර්වතය තරමේ මහා දුක් කන්දරාවක් ඉවරකලා වගෙයි!! එයාට තව ඉතුරු මේ ගල්කැට 7 තරමේ චුටි දුක් ප්‍රමාණයක් විඳින්න විතරයි!!' කියල. ඒකෙ තේරුම, 'උඹලට මතක් කරන්න පුළුවන් / මතක් කරගන්න බැරි සේරමත් එක්ක මුළු මතකයෙන් මහා කඳු පර්වතයක් තරමට තියෙන්නේ අනුන්ගේ කුණුගොඩවල්!! ඒවා තොපිට අදාළ නෑ!! ඒ බව නොදැන සිටි නිසයි සත්වයන්ට සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තිබුණේ!!' කියන එකයි!!! ඉතින් දැන් ඒ සංසාර කතා සේරම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගේම අධිෂ්ඨානයක්ද කොහෙද, උන්වහන්සේගේම ආර්යශ්‍රාවක කල්‍යාණමිත්‍ර පිරිස දත කාල... දත කාල... මාව හදල තියෙන්නේ ඒ කෙහෙල්මල් සංසාර කතාව ඉවරයක්ම කරලා දාන්නයි!!! !!! !!! දැන් මං උඹලට සත්වයන්ගේ කතන්දරේ මුල ඉඳලම දිගහැරලා පෙන්නුවා නේ?? ඉස්සරහට තව හුඟාක් දේවල් දැනගන්නත් ලැබෙයි!!! දැනට උඹල හැමෝටම තියෙන්නේ අන්න ඒ ස්වභාවධර්මයෙන් පටවල තියන බොලාට අදාළ නැති අනුන්ගේ කෙහෙල්මල් මොනවා මතක් උනත්, ඒ සේරම ගණන් නොගෙන... don't care කරලා... අමතක කරලා දාන්නයි!!! මොකටද අනුන්ගේ ගූ මුට්ටි වලට කරගහන්නේ??? අනික, උඹලට මං අර ගල්කැට 7තරම් දුක්විඳින්න වත් ඉතුරු කරන්නේ නෑ!!! මේ ලෝකේ සත්තු හැදෙන රටාව, නැත්නම් සත්ව ලෝකේ structure එක... කර්ම / කර්ම විපාක...ගැන කියල දෙනකොට උඹලට සේරම තිතටම තේරෙයි!!! !!! !!! එතකොට, අපේ හමුදුරුවොන්ටයි / මටයි සෙල්ලම් දාලා සංසාරේ ගූ කරගත්ත කාලකණ්නි ටික හැරෙන්න, මේ කියන දේවල් තේරුම් ගන්න ප්‍රමාණවත් තරමට මොලේ කලඳක් වත් තියන කෙනෙක් නම් අනාගාමී නොවී ඉන්න බැරිවෙයි!!! !!! !!! force shutdown එකක් කරනවා කියල වේලපහින්ම කිව්වේ ඒකයි!!! හැබැයි ඉතින් ගොං සංඝයන්ටයි... එක එක බක පණ්ඩිතයන්ගේ ගොං කතා අහල මඤ්ඤං වෙලා ඉන්න සම්ප්‍රදායික මොට්ට බෞද්ධ පොරවල්ටයි... නම් මේ මොනවා කිව්වත් කලත් වැඩක් වෙන එකක් නෑ!!! මොකද උන්ට ඔය උදාහරණයේදී අර අහිංසක බල්ලගෙන් හැදිච්ච ගොං පොරට මතක් උනා වගේ අතීත seen එකක් මතක් උනොත්, 'මේ මොන කෙහෙල්මලක්ද?? මට අදාළ නෑ!!' කියල බැහැර කරනවා වෙනුවට, ඒ 'මං අහවල් භවයෙදි අහවල් බල්ල හැටියට ඉපදිලා ඉඳල... ද්වේශයෙන් අන්ධවෙලා තව බල්ලෙක්ව හපා කාල... ඒ බල්ලට කරපු පව්කාර වැඩේට විපාක හැටියට... bla... blaa... blaaa...' කියල, ඒ පරණ මතකය තමන්ට ගැලපෙන්න 'සංශෝධනය කරල' හදාගනීවී!!! අනික් අර සංඝගේ case එක වගේ එකක් මතක් උනොත්, 'මං අහවල් කාලේ... අහවල් ගමේ... අහවලා හැටියට ඉපදිලා හිටිය ආත්ම භාවයේදී, මනුස්ස ජීවිතයක් විනාස කරපු ඒකෙ විපාක හැටියට... bla... blaa... blaaa... කියල ඒකත් ඌටම ගැලපෙන්න සංශෝධනය කරලා හදාගනීවී!!! එතකොට ඉතින් ඉල්ලගෙනම කන්න වෙනව!!! එච්චරයි!!! !!! !!! හරිනම් කරන්න ඕනේ, 'ඒ seen වෙන වෙන එවුන්ට සිද්ධ වෙච්ච මිසක්, මට වෙච්ච දේවල් නෙවෙයි!! මං මොකෙක්වත් හපාකෑවෙත් නෑ!! මං මිනී මැරුවෙත් නෑ!!' කියල අමතක කරලා දැමීම තමයි!!! එතකොට කිසිම upset එකක් වෙන්නෙ නෑ!!! ඇයි තමන් කරපුව... තමන්ට වෙච්ච එව්වා... මොනවත් නෙවෙයි නේ?? තමුන් මොකටද අනුන්ගේ ගූ මුට්ටි බාරගන්නේ??? ඒකයි!!! හරිය??

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.