Tuesday, November 13, 2012

අන්න ඒ නිසා, සත්වයන්ට 'හිතීමේ හැකියාවක්' ලැබීම ඇත්තටම නම් මහා මරාලයක්!!! !!! !!! මොකද, හිතන්න පුළුවන් කමක් තිබ්බ පලියට උන් වැරදිලාවත්, 'මේ මම තමයි...' 'මේ විඳීම් දැනෙන්නේ මට තමයි...' කියල හිතුවොත් එහෙම, එතන ඉඳලා උන්ව අර නොනවතින loop එකට අහුවෙනවා!!! !!! !!! උන්ට ආයේ කීයටවත් / කොහොමටවත් ඒ වැරදි කල්පණාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! එවෙලේ ඉඳලා උන් 'හිතන රටාව' එහෙම්පිටින් වෙනස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! upset වෙනවා!!! !!! !!! එවුන් මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟක් හන්දා ඇතිවන විඳීම් තමන් කැමති / අකමැති ඒවා... තමන්ට ප්‍රිය / අප්‍රිය ඒවා... කියල තෝරන්න පටන්ගන්නවා!!! කලින් විඳීම් තිබ්බත් නැතත් කිසි විශේෂයක්... කිසි ගානක්... නැතුව හිටිය එකා, හැම තිස්සෙම විඳීම් බලාපොරොත්තු වෙන තත්වෙට වැටෙනවා!!! නිකමට හරි ඒ විඳීම් නැතිවෙන්න වගේ ගියොත්, 'තමන්ව නැතිවෙයි' කියල උන් අම්බානට බය වෙනවා!!! ඒ බය නිසාම, තියන විඳීම් එහෙම්මම තියාගන්න උන් ඇඟ බදාගෙන නැහෙන්න හදනවා!!! ඒ වෙනකොට උන් අර infinite loop එකට අහුවෙලා ඉවර නිසා, උන්ට ආයේ කවදාවත් ඒ කල්පණාවෙන් ගැලවෙන්න... ඒ හිතන රටාවෙන් මිදෙන්න... ලැබෙන්නෙ නෑ!!! !!! !!! උන්ව ඒ කල්පණාවෙම හිරවෙනවා!!! !!! !!! අලුතෙන්ම හැදෙන සත්වයන් 'සංසාරෙට බහින්නේ...' උන්ව 'සංසාරෙට වැටෙන්නේ...' උන් 'සංසාර ගමනට set වෙන්නේ...' අන්න ඒ case එකෙන් තමයි!!! !!! !!! දැන් ඇත්තටම මේ මනුස්සයෝ හදපු computers වල නම් ඔය හිරවීම (infinite looping) නතරකරගන්න, watch dog timers... interrupts... error handling routines... වගේ උපක්‍රම බර ගණනක් පාවිච්චි වෙනවා!!! ඒත් ස්වභාවධර්මයෙන් හැදෙන සත්වයන්ට ස්වභාවධර්මය ඒ safety මොකවත්ම හදල දීල නෑ!!! උන්ව හදල තියෙන්නෙම, 'තෝ ගිහින් ඇනගනින්!!' 'ගිහින් මකබෑවියන්!!' කියලමයි!!! !!! !!!

ඉතින්... සත්වයෙක් හිතල තීරණ ගන්න පුළුවන් තරමට විකසනය / develop වෙච්ච ගමන්... 'පෙරේත / දෙවි / නිරිසත්' වගේ එවුන් ඉපදෙනකොටම... 'තිරිසන් / මනුස්ස' වගේ එවුන් හැදෙන්න පටන් අරන් ටික කාලෙකින්ම... මේ 'මම' තමයි!!! මේ 'මගේ ආත්මය' තමයි!!! කියන 'බාල්දිය' පෙරලගන්නවාම තමයි!!! !!! !!! ඊට පස්සේ ඉතින් 'මං' නැතිවෙනවට මොකාද කැමති??? ??? ??? මොකෙක්වත් කැමති නෑ!!! !!! !!! හැම එකාටම ඕනේ තමන්ගේ ජීවිතේ රැකගන්න... තමන්ගේ පණ ගැටගහගන්න... තමයි!!! !!! !!! ඉතින්... ඒ හැම සත්වයෙක්ම, සදාකල් ජීවත්වෙන්න / සදහටම ජීවිතය පවත්වාගන්න full try එක දානවාම තමයි!!! !!! !!! ඒ උනාට, උන් කොච්ච්ච්ර දිගින් දිගට පවතින්න ආසා කලත්... උත්සාහ කලත්... උන්ට මේ ඇඟවල් කොහොමටවත් දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! මේ සතරමහා ධාතුවලින් හැදුනු ඇඟවල්වල ස්වභාවය නැසී වැනසී යාමම තමයි!!! !!! !!! ඉතින්.. ඇඟ බිඳිලා විනාශවේගන යනකොට, ක්‍රම ක්‍රමයෙන් නැතිවේගන යන විඳීම් දිගින් දිගටම පවත්වාගන්න සත්වයෙක් දරන උත්සාහයේ... දඟලන දැඟලිල්ලේ... අවසාන ප්‍රතිඵලය, තවත් සත්ව ශරීරයක් පණගැන්විය හැකි විද්‍යුත්චුම්බක ශක්තියක් උත්පාදනය වීම (generate වීම) විතරයි!!! !!! !!! **- කලින් අර පොඩි graph එකක් ඇඳලා එහෙම පෙන්නුවේ ඔන්න ඔය seen එක තමයි!!! -** හැබැයි ඒ ශක්තියත්, විදුලි කෙටීමේදී ඇතිවන ශක්තිය වගේම 'නිකම්ම නිකම් විද්‍යුත්චුම්බක ශක්තියක්'ම විතරයි!!! !!! !!! ඒකෙ වෙන අද්භූත... අමුතු... මොකවත්ම නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ උඹලගේ අපේ ඇඟවල් ගැන කිව්වේ, 'ලොකුවට පේන්න තිබුණට ඔව්වයි මොකවත් නැහැ බොලල්ල!! බැරිවෙලා වත් ඔව්වයි අන්සුමාත්‍ර වශයෙන් හරි දෙයක් තිබ්බ නම්, අපිට නිවණ කියල එකක් ගැන කතාකරන්නවත් වෙන්නේ නෑ!!' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- හුටා!!! එතකොට අර 'ඇස්ට්‍රල් බොඩිය'??? ??? ??? ... එහෙම එකක් නෑ බොල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය 'astral කතා' සේරම ඇවිල්ල මොට්ට මෝල් බකපණ්ඩිත පොරවල්ගේ ගොං බූරු කතන්දර විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ සේරම හම අරිනවා!!! !!! !!! බලාගෙන හිටහල්ල... -** උඹලට දැනගන්න තියෙන්නේ, 'නැවත ඉපදීමක් සිද්ධවෙනවා...' 'පුනරුප්පත්තියක් සිද්ධවෙනවා...' කියන්නේ, ඔය විදියට එකෙක්ගෙන් හැදෙන ශක්තියෙන් තවත් අලුත් සත්ව ශරීරයක් සජීවී වීමට, නැත්නම් අලුත් සත්වයෙකුට ජීවය ලැබීමට කියන බව විතරයි!!! !!! !!!

දැන් ඊළඟට දැනගන්න තියෙන්නේ, ඔය විදුලි කෙටීමේදී අවකාශයේ පැතිරෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයෙයි... සත්වයෙක්ගේ හිතීමේ ක්‍රියාවලියේදී, හරියටම කිව්වොත් 'loop වෙච්ච...' 'හිත බැසගත්ත...' නැත්නම් එකම දේම නැවත නැවතත් හිත හිතා ඉන්න සත්වයෙක්ගේ සිතීමේ ක්‍රියාවලියේදී අවකාශයේ පැතිරෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයෙයි... ලොකූ වෙනසක් තියනවා!!! !!! !!! විදුලි කෙටීමක් කියන්නේ හිතාගන්න වත් බැරි තරම් විශාල ප්‍රමාණයේ 'සරල ධාරාවක්'!!! DC Current එකක්!!! එකපාරට 'ඩෝං ගාල' වැදුනා... එතනින් ඉවරයි. නැත්නම්, ඒ විදියට එක ළඟ එක ළඟ කීප පාරක් සිද්ධවෙන්නත් පුළුවන්. එච්චරයි!!! ඒකෙදි හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ඒ අහල පහලදී (lightning strike එක වදින හරියේ, නැත්නම් 'හෙණ' වදින හරියේ) බැලුවොත්, ඉතාමත් ප්‍රභල (strong Field Strength) ඒත්, ඈතට යන්න යන්න ක්ෂය වෙලා යන (weak Field Strength) විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තමයි!!! plain instantaneous field එකක්!!! ඒකෙන්, ඒ field එක පැතිරෙන කවයේ මැද, කුඩුවෙලාම යන්න lightning එක වදින්නෙත් නැති... ගොඩාක්ම දුරත් නැති... සැලකිය යුතු field strength එකක් තියන මධ්‍යම කලාපයේ, ඕනේ තරමක් හතරමහධාතු වලින් හැදිච්ච bodies වල, විද්‍යුත් ශක්තිය induce වෙන්න පුළුවන්!!! !!! !!! ඒ කියන්නේ, ඕනේ තරමක් සත්ව ජීවිත අලුතෙන්ම සකස්වෙන්න පුළුවන්!!! කෝටි ප්‍රකෝටි ගානක් අලුත් සත්ව ජීවිත ආරම්භ වෙන්න පුළුවන්!!! 'අම්බානක්' අලුත් ජීවීන් හැදෙන්න පුළුවන්!!! කොහොම කිව්වත් එකයි... අලුත්ම අලුත් සත්තු ගොඩාක් හැදෙනවා. එච්චරයි!!! අනික, ඒ හැදෙන තරමක් එවුනුත් එකම වගෙයි!!! හරිය?? ඊළඟට... එහෙම හැදුනට පස්සේ, එවුන්ගෙන් කොටසක් අර කලින් කියපු විදියට develop / evolve වෙන්න... පරිණාමය වෙන්න... ගන්නවා!!! ඉතුරු එවුන් කාලයක් ගිහින් විනාශ වෙලා යනවා. තේරුණයි??

ඊළඟට... මේ සංසාර ගත සත්වයෝ කියන එවුන් හැදෙන්න බලපාන සත්වයෙක්ගේ හිතීමේ ක්‍රියාවලියෙන් හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ගත්තාම, ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ගොඩනැගෙන්න බලපාන්නේ ඒ සත්වයාගේ හිතේ ක්‍රියාකාරීත්වයමයි!!! හිතේ ක්‍රියාකාරීත්වය කිව්වම ඒකට ඒ සත්වයාගේ සම්පූර්ණ මතකය (ඒකගෙ memory bank එකේ තියන data ඔක්කොම)... ඒකා එවෙලේ මතක් කරකර කල්පණා කර කර ඉන්න දේවල් සේරම... ඇතුලත් වෙනවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා දීපු විදියට නම්, ඒ තමයි සත්වයෙකුට තියන පංච උපාදානස්කන්ධය!!! ඉතින් ඒ කියන්නේ සත්වයෙක්ගේ හිතීමේ ක්‍රියාවලියේදී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් හැටියට අවකාශයේ පැතිරෙන්නේ ඒ සත්වයාට තියන 'පංච උපාදානස්කන්ධය'යි කියන එක තමයි!!! !!! !!! **- කලින් අවස්ථාවක මේ ගැන බුද්ධ දේශණා දෙකකින්ම කරුණු ගලපලා පෙන්නුවා. උවමනාවෙන් බලපු උදවියට මතක ඇති නේද? -** ඊළඟට, ඒ 'සත්වයෙක්ගේ හිතේ ක්‍රියාකාරීත්වය' කියන එක ඇවිල්ලා අධික වේගයෙන් වෙනස්වෙමින් පවතින ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරා බර ගණනක එකතුවක්!!! විද්‍යුත් තරංග කියල කියන්නේ?? අන්න එයින් තරංග කදම්බයක්!!! තරංග mixture එකක්!!! ඒ තරංග වල සංඛ්‍යාතයත් තියෙන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්නවත් බැරි තරම් ඉතාමත් අධික සංඛ්‍යාත පරාසයකයි!!! (බුද්ධ දේශණාවල උපකාරයෙන් කල්පණා කරලා කරලාම, ඔය නුවණින් විමසීම / විදර්ශනාවේ යෙදීම කියන්නේ... අන්න එව්වා කරලා කරලාම මේවා අල්ලගත්ත මිසක්, නැත්නම් මේ තරංග ගැන දැනගන්න / බලන්න / මනින්න කිසිම ක්‍රමයක් නෑ!!! !!! !!! instruments / measurements මොකවත් නෑ!!! !!! !!!) ඒ වගේම, ඒ අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග වලට අනුරූපව හැදෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයත්, හැදෙන තැනදිය කියල හෙණ ගැහුවා වගේ ශක්තියක් (field strength) ඇත්තෙත් නැති, දුරට යන්න යන්න ක්ෂය වෙලා... නැතිම වෙලා... යන ගානට ශක්තිය අඩුවෙන්නෙත් / weak වෙන්නෙත් නැති, හතර දිග්බාගේම එකම විදියට පැතිරෙන එකක්!!! !!! !!! හරියටම කිව්වොත් ඔය ගුවන්විදුලි / රූපවාහිනී විකාශන වගේම කතන්දරයක්!!! !!! !!! හැබැයි මේ කවුරුවත් හදපු දෙයක් නෙවෙයි... මේ ස්වභාවධර්මයෙන්ම හැදිච්ච කතන්දරයක්!!! !!! !!! ඉතින්, හිතන්න පුළුවන් ගනනට විකසනය / develop වෙච්ච ඕනෙම සත්වයෙක් ගත්තොත්, ඒකගෙ හිතේ ක්‍රියාකාරීත්වයට අනුව, මුළු විශ්වය පුරාම එකම විදියට පැතිරිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගිලා තියනවා!!! !!! !!! හැම එකාම තමන්ගේ 'private TV / radio channel' එකක් transmit කර කර ඉන්නවා වගේ තමයි!!! **- මං මුලින් ලියල ඇති, 'සත්වයා කියන එකා හැදිලා තියන ස්වභාවය අනුව, උන් මොනවා හැංගුවත් / හංගන්න හැදුවත් උන් සේරම ලෝකයා ඉදිරියේ හෙළුවෙන් ඉන්න එවුන් ගානයි... උන්ගේ හිත්වල තියන කෙහෙල්මල් සේරම එලියට පේනවා' කියල. එහෙම කිව්වේ, බුදුහාමුදුරුවෝ 'විඥාණය' නැත්නම් 'භවය' කියල හඳුන්වලා දුන්නු, ඔන්න ඔය 'විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය' උපකාර කරගෙන, හැකියාව තියන උදවියට වෙන අයගේ හිත්වල තියන දේවල් සේරම දැනගන්න / බලාගන්න පුළුවන් නිසයි -**

තව අපට දැනගන්න / මතක්කරගන්න අවශ්‍ය පොඩි කරුණක් තියනවා... කට්ටිය දන්නවා නේද 'අනුනාදය'?? නැත්නම් resonance කියන එක?? ඔය බෙර / drums ගහන කොට... කෝච්චි / බර වාහන එහෙම ලඟින් යනකොට... අපිට 'පපුවට වදිනවා' වගේ ඒවයේ කම්පනය දැනෙන්නේ?? ආයේ ඔය ගොරවනකොට එහෙම ගෙවල් වල ජනෙල් දොරවල් හෙලවෙන්නේ?? තියුණු උච්චස්වර ශබ්ද (sharp high pitch tones) වලට වීදුරු භාජන එහෙම බිඳෙන්නේ?? ඊළඟට violin / guitar වගේ ඒවයි පෙට්ටියක් වගේ තියන කොටසෙන් සද්දේ වැඩිවෙලා ඇහෙන්නේ?? අන්න ඒ සේරම සිද්ධවෙන්නේ ඔය අනුනාදය / resonance කියන ස්වභාවික සංසිද්ධිය හන්දා තමයි!!! ඒ වගේම, ඔය උදවිය දැනගෙන හිටියත් / නැතත්, අද කාලේ භාවිතාවෙන ඔය තියන තරමක් radio / television / satellite broadcasting වලදී, ඒ ඒ අදාළ channel / program තෝරගන්න / select කරන්න / 'tune' කරන්න ඔයාල පාවිච්චි කරන්නෙත් අන්න ඒ resonance කියන ස්වභාවික සංසිද්ධියම තමයි!!! ඉතීන්... දැන් මේ සත්ව ජීවිත වල කතාවේදී, සත්වයෙක්ගෙන් හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් අනුව තවත් සත්ව කයක විද්‍යුත් ශක්තිය ප්‍රේරණය වෙද්දී / induce වෙද්දී බලපාන්නෙත් ඔන්න ඔය අනුනාදය නැත්නම් resonance කියන සිද්ධාන්තයමයි!!! !!! !!! ඒ කියන්නේ, කලින් කියපු විදියට ජීවත්ව සිටින සත්වයෙකුගේ 'සිතේ ක්‍රියාකාරීත්වය' නැත්නම් 'පංච උපාදානස්කන්ධය' කියන අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග කදම්බයකට අනුව මුළු විශ්වය පුරාම පැතිරිලා තියන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකින් විද්‍යුතය ප්‍රේරණය / induce වීමේදී, ඒක හරියටම... 'උපරිමයෙන්ම'... සිද්ධවෙන්නේ ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයට 'දසමෙටම ගැලපෙන' නැත්නම් වැඩියෙන්ම resonate වෙන සත්ව කයක තමයි!!! !!! !!! වඩාත්ම පැහැදිලිව කිව්වොත්, මේ එක සත්වයෙක්ගේ හිතේ ක්‍රියාකාරීත්වයට අනුව සජීවී වෙන්නේ ඒ හිතේ ක්‍රියාකාරීත්වයට හොඳටම ගැලපෙන සත්ව කයක්ම තමයි!!! !!! !!! ඊළඟට පොඩ්ඩක් මතක් කරලා බලන්න... ඔය 'walky talky' කියල තියන දුර ඉඳල දෙන්නෙක් අතරේ අදහස් හුවමාරු කරගන්න හදල තියන විද්‍යුත් උපකරණ කට්ටලයක් ගැන. හොඳ වර්ගයක වටින ඒවයින්... first class powerful units වලින්... ගත්තොත්, ඒ එකකින් කතාකරන එක ඇහෙන්නේ ඒකට tune කරපු අනික් එකෙන් විතරයි. ඒ දෙකම එක තැනක තිබුණත්... එකක් අල්ලපු ගමේ තිබුණත්... වෙන රටක තිබුණත්... වෙන ග්‍රහලෝකෙකට ගෙනිහින් තිබුණත්... ඇහෙන්නේ ඒකෙන්ම විතරයි!!! !!! !!! අනික ඔය විද්‍යුත් තරංග / විද්‍යුත් චුම්බක තරංග කියන ඒවා කවලම් වෙන්නෙත් නෑ!!! radio channels හැටහුටහමාරක් තිබ්බට... TV broadcasts / satellite broadcasts ගමකට තිබ්බට... ඔක්කොම කවලම් වෙලා අච්චාරු වෙන්නේ නෑ නේ?? අපිට ඕනේ එකක් වෙන්කරලා / tune කරලා ගතහැකියි නේ??? සත්වයෝ සම්බන්ධයෙනුත් කතන්දරේ ඒ විදියම තමයි!!! !!! !!! හැබැයි සත්තුන්ගේ ඇඟවල්වල, අහවල් එක මොකක්හරි කරකවල / ඔබල ඒ ඇඟ කැමති 'හිතකට' tune කොරන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඒ වෙනුවට සිතක ක්‍රියාකාරීත්වයට අනුව අළුත් සත්වයෙක් හැදීමේදී සිද්ධවෙන්නේ, 'ලඟින් යන ඇඟක්' නැත්නම් ගැලපෙන 'ජාතියක'... ගැලපෙන range එකක... ඇඟක්, ඒ කියන්නේ 'බලු එකක්' 'එළු එකක්' 'හරක් එකක්' 'ගෙඹි එකක්' 'මී එකක්' 'ගැරඬි එකක්' නැත්නම් 'පෙරේත එකක්' වගේ කිට්ටුවෙන් යන ඇඟක් හිතේ ක්‍රියාකාරීත්වයට හරියටම ගැලපෙන්න tune වෙලා... අත පය නැතුව... කොර වෙලා... ඇස් කන් නැතුව... මොංගල් වෙලා... එහෙම හැදෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඕකට තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'කර්මානුරූපව ඉපදීම' කියලා!!! !!! !!!

හ්ම්ම්... සත්වයෝ හැදෙන හැටි ගැන දැනට මේ ටික ඇති!!! මොකද දැන් අපිත් කර්මානුරූපව ඉපදිලා / හැදිලා ඉවර නේ?? දැන් ඕනේ හැදිච්ච හැටි හොය හොය ඉන්න නෙවෙයි!!! ඊට වඩා ගොඩාක් වැදගත්... හෙණ serious... වැඩක් තියනවා කරන්න!!! මොකද්ද දන්නවද?? බුදුහාමුදුරුවෝ, 'පටිච්චසමුප්පාදය' හැටියට හඳුන්වලා දීපු ඔන්න ඔය කියපු කෙහෙල්මල් වැඩපිළිවෙලින් සත්තු හැදෙද්දි මහා අපබ්‍රංස case එකක් සිද්ධවෙනවා!!! !!! !!! ඒක ඉපදිච්ච සත්තුන්ට මහා භයානක ප්‍රතිඵල... මහා බරපතල විපාක... ඇතිකරන්න හේතුවෙන මහා වාත case එකක්!!! ලෝක ලෙඩක්!!! හැබැයි කිසිකෙනෙක්... මොන යකෙක්වත්... දන්නෙ නෑ තමුන්ටත් එහෙම අලකලංචියක් / අකරතැබ්බයක් සිද්ධවෙලා තියන බව!!! අන්න ඒ නිසා, කොච්චර 'ලොක්කෙක්' උනත්... මහා බලසම්පන්න දෙයියෙක් / බ්‍රහ්මයෙක් උනත්... සක්‍රයා / මාරයා උනත්... ඉන්නේ මහා විසාල අනතුරකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'සත්වයා ඉන්නේ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් යුතුවයි!!' 'සත්වයා ඉන්නේ සතර අපාය දිහාව බලාගත්තු ගමන්මයි!!' කියලයි!!! ඉතින්, දෙවි / බ්‍රහ්ම / සක්‍ර / මාර / සක්විති රජ මොකා උනත්... කොච්චර 'ලොකු' උනත්... ඒ හැම එකාම හතර අපායට වැටෙන එකේ, ඇත්තටම නම් මේ 'මනුස්ස' ජීවිත ලබල ඉන්න 'පඩ පොරවල්' මොකෙක්වත් ගැන කතාකරලා වත් වැඩක් නෑ!!! කොච්චර පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ත්‍රිපිටකාචාර්ය / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සාසන ශූරී / සාසන සෝභන / බයිලා විශාරද ගොං සංඝයෙක් උනත්... රජ කෙනෙක් / 'මහරජ' කෙනෙක් / නිකම්ම නිකම් දේස පාලුවෙක් / දොස්තර කෙනෙක් / මනෝ වෛද්‍යවරයෙක් / ඉංජිනේරුවෙක් මොකෙක් උනත්... හතර අපායටම තමයි!!! !!! !!! **- හැබැයි ඒ 'බුවා'ම, නැත්නම් ඒ 'පොර'ම අපායට යන්නේ නෑ!!! ගැණු / පිරිමි කිසිම වෙනසක් නැතුව, කෙනෙක් මැරෙනකොට ඒකගෙ හිතේ ක්‍රියාකාරීත්වය කියන 'electromagnetic field' එක, හතර අපායේ සත්ව කයක් resonate වෙන ගානට (නිරිසතෙක් උපදින තත්වෙට) set වෙනවා විතරයි!!! -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මැරෙන මැරෙන එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ මුළු මහපොලවේම පස්වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කියල බොහොම පැහැදිලිව සඳහන්කරලා තියෙන්නේ ඒකයි!!! !!! !!! ඒත් හැබැයි මොකා උනත් කමක් නෑ, 'පන්සිල්' රවුන්ද? හතරැස්ද? කියල වත් නොදන්න... 'පන්සිල්' කනදෙයක්ද? බොනදෙයක්ද? කියලවත් නොදන්න... වැද්දෙක් උනත් කමක් නෑ, කාටවත් කරදරයක් / වදයක් නැත්නම් 'මව් භාෂාව' කුණුහරුප වෙච්ච එකෙක් උනත් කමක් නෑ, පටිච්චසමුප්පාදයට අනුව තමුන්ව හැදෙද්දීම / ඉපදෙද්දීම සිද්ධවෙලා තියන 'හුට්ටප්පරේ' ගැන හොඳටම දැනගෙන, ඒකෙන් මුලාවෙන / රැවටෙන තත්වෙන් මිදුනොත්, අන්න එයා නම් සදහටම සතර අපායෙන් අත්මිදිච්ච කෙනෙක් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කෙනාට කියනවා 'සෝතාපන්න' පුද්ගලයෙක්ය කියල!!! !!! !!! බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කිව්වා, 'එයා මහා විසාල කඳු පරුවතයක් තරමේ දුක් ගොඩාක් ඉවර කල කෙනෙක්!! එයාට ඉතුරු තව චූටි ගල්කැට 7ක තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!' කියල!!! මොකද, ඒ තත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ හිතේ ක්‍රියාකාරීත්වය ආයේ කවදාවත්ම හතර අපායේ සත්තු හැදෙන ගනනට 'පල්ලම් බහින්නේ' නෑ!!! !!! !!! දැන් ඉතින් ඔය කස්ටිය කොච්චර 'ලොකු ලොකු පොරවල්' උනත් කමක් නෑ... බොලා හැම එකාම පටිච්චසමුප්පාදය කියන කෙහෙල්මල් වැඩපිළිවෙල හන්දා හැදිච්ච / ඉපදිච්ච සත්තු ටිකක් විතරයි බව හොඳට මතක තියාගෙන, බොලාව හැදෙද්දි සිද්ධවෙලා තියන කතන්දරේ හරියටම / හොඳටම / තිතටම / බොක්කෙන්ම දැනගනිල්ලා!!! !!! !!! මෙයින් මතුවට මේ ගෞතම බුද්ධසාසනය ලෝකේ පවතින තාක් කල් 'සංසාරේ යන' කතන්දර... දෙයිය ගාවට / ස්වර්ගෙට යන කතන්දර... වගේ 'වැල් බයිලා' මේ ලෝකේ තියෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.