Thursday, December 22, 2011

** බුදුහාමුදුරුවෝ විඥාණය හැටියට දැක්වුයේ, පංච උපාදාන්ස්කන්ධයේම තවත් ස්වරූපයක් බව හොඳට මතක තියාගන්න!!! ඒක තනිව පවතින, තනිව ගමන්කරන දෙයක් නෙවෙයි බවත් හොඳට මතක තියාගන්න!!! මොකද, 'විඥාණය' නිකම් සත්වයෙකුගේ 'පණ' කියල සරලවම ගත්තත්, පණ තියෙන්න හරි නැතිවෙන්න හරි 'කයක්' තියෙන්නම එපාය?? අනික පණ නැත්නම්, සතරමහා ධාතු වලට 'කයක්' හැටියට පවතින්නත් බැහැ නේ?? මළකුණ කුණුවෙලා අන්තිමට පොළවටම පස්වෙනවා නේ?? ඉතින්, විඥාණයක් නම්, ඒක නාමරූප එක්කම තමයි ඉන්නවා නම් ඉන්නේ / යනවනම් යන්නේ. හොඳද??? එතකොට බලන්න, කතාවක් තියනවා 'ගන්ධබ්භයෙක් කියල එකෙක් තමයි ඇවිල්ල බහින්නේ!!' කියල. ඒක හරිද??? නෑ!!! ඒක 'චතුරාර්ය සත්‍ය' කඳුලක් වත් අවබෝධ කරපු නැති එකෙක් කියපු කතාවක්!!! !!! !!! ඕක මුලින්ම කියපු එකා මොකෙක් උනත්, සිවුරක් ඇඳගත්ත එකෙක්ද / නැද්ද කියන එක වැඩක් නෑ, ඌ හෙණ ගොං හරකෙක්... සත්වයා සන්කතයක් කියන බව නොදැන, මැරුණද? ඒ සත්වයා එතනින් ඉවරයි!! බව නොදැන, 'යනවා ඇති!!' කියල උපකල්පණය කරලා තමයි ඕක ගොතල තියෙන්නේ!!! විඥාණය තනිව පවතින්නේ / ගමන්කරන්නේ නෑ කියපු එකෙන් බේරෙන්න තමයි 'ගන්ධබ්භයෙක්' කියල 'අලුත් එකෙක්' හදාගෙන තියෙන්නේ!!! ඒක බොරුවක්!!! ගන්ධබ්භයෙක් කියල එකෙක් ඇවිල්ල බැහැල 'මිනිස්සු' ඉපදෙනවා නම්, ඒ උපදින එවුන්ට 'තාත්තෙක්' ඕනේ වෙන එකක් නෑ නේ?? තාත්තෙක් ඕනේ වෙන්නේ ඇඟක් හදන්න නේ?? ඒත් එන එකා එන්නේ ඇඟක් එක්කම නම්, අලුතෙන් ඇඟවල් මොකටද?? අනික ලෝකේ ඉන්න තරමක් ගෑනුන්ට හැමදාම ළමයි හම්බවෙයි නේ?? ඇයි ඉතින්, ගන්ධබ්භයෝ 'හිටු කියල' ඇවිත් ඇවිත් බහීවි නේ... තියන තරමක් ඒවාට?? කාගේ තහනමක්ද?? තවත් ඔය ගොං කතාවලට රැවටෙන්න එපා!!! ආ... අනික අර 'අන්තරාභව' seen එක. එහෙම එකකුත් නෑ!!! ඒකත් අමූලික බොරුවක්!!! ගොනෙක් කියපු එකක්!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, විඥාණය එක කයක් අතහරින්නේ තවත් කයක් ආල්ලගෙන කියලයි!!! ඒ කිව්වේ, අර graph එකේ පෙන්වපු cross-fade එක!!! අන්න එහෙමයි වෙන්නේ.

හරි! දැන් ඇයි මේ සත්වයෝ, උඹල / අපි හැමෝම, සංස්ඛාර කලේ??? ඇයි, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත ලැබෙයි කියල හිතුවේ??? ඇයි එහෙම ඒවා ප්‍රර්ථනා කලේ??? ඇයි පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී හිටියේ??? අන්න... ඒ සේරම උනේ අපේ නොදැනුවත් කමටයි!!! !!! !!! කවුරුවත් මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දර ගැන දැනගෙන හිටියේ නෑ... මේවා අස්සේ 'මං' කියල මොකෙක් හරි ඉන්නවා ඇති!! කියල හිතන් හිටියා... 'ඌ' හැමදාම ඉන්න එකෙක් වෙන්න ඇති!! කියල හිතන් හිටියා... මේ ජීවිතේ ඉවරවෙනකොට, මැරෙනකොට, 'ඌ' වෙන එකකට යනවා ඇති!! කියල හිතන් හිටියා... ඉතීන් 'පතාපන් පුතා!!' තමයි... හිටු කියල පින් කර කර, පෙරුම් පුර පුරා පැතුවා!!! !!! !!! වැඩේ එහෙම්පිටින්ම ඇනුනා!!! !!! !!! අවිද්‍යාව නිසයි මේ අවුල එහෙම්පිටින්ම ඇති වුනේ!!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!! 'සංඛාර පච්චයා විඥාණං' සංස්ඛාර හන්ද විඥාණය ඇතිවුනා!!! 'අරක' හැදුණා... 'විඥාණ පච්චයා නාමරූපං' විඥාණය නිසා නාමරූප ඇතිවුනා!!! තව කයක් ලැබුණා!!! අන්න... ආයෙම ඉපදුනා!!! !!! !!! ආයි පාරක් ඉල්ලගෙනම කෑවා!!! !!! !!!

මතක නේ බාහිය දාරුචීරිය උත්තමය??? 'දිට්ඨේ දිට්ඨ මත්තං... සුතේ සුත මත්තං... මුතේ මුත මත්තං...' කතන්දරය විතරයි ඇහුවේ... (දැක්කොත් දැක්ක විතරයි... ඇහුනොත් ඇහුන විතරයි... කතාව). එයා 84000ක් ධර්මස්කන්ධයේ මොන මගුලක්වත් දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි... පන්සිල් රැක්කද / නැද්ද කියල වත් සඳහනක් නෑ... ඒත් එතනම අරහත්වයට පත් වුනා!!! එතනම පිරිණිවන් පෑව!!! මොකද එයා සංස්ඛාර නවත්ත ගත්ත!!! මොකුත් හිතන්න ගියේ නෑ නේ??? මං ඊළඟට කොහේ යයිද?? මට මීට වඩා හොඳ එකක් ලැබෙයිද?? මං ගොඩාක් පින් කරලා තියනව... මට ලොකුවයින් එකක් ලැබෙයි!! ඔය මොන කෙහෙල්මලක් වත් හිතන්න ගියේ නෑ!!! එතකොට 'අරක' නැතුව යනවා!!! field එක cut-off වෙනවා!!! නිකම්... (light එකක්) switch off කළා වගේ වෙනවා!!! ආයි උපදින්නේ නෑ!!! !!! !!! අවිද්‍යාව නැත්නම් සංස්ඛාර නෑ... සංස්ඛාර නැත්නම් විඥාණයක් නෑ... එතකොට මෙතැනින්ම මේ මල කරදරේ ඉවරයි!!! !!! !!!

දැන් ඉතින් 'හයියෝ... අපි ඉවරායි!!!' කියල හිතන්න, හතරගාතේ දාල වැටිලා, තුෂ්නිභූත වෙලා, 'අන්දෝස් වෙලා' ඉන්න, ලතවෙන්න එපා!!! බුද්ධිමත් මනුෂ්‍යයන්ට මේ සත්‍ය දැනගන්න ලැබුණාම, උද්දාමයට පත්වෙලා කියලා තියෙන්නේ, "ආශ්චර්යයි ස්වාමිනි!!! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්නා වගෙයි... වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි... මුනින් නවල තිබුණු එකක් උඩුකුරු කළා වගෙයි..." කියලයි!!! අපි ඉන්නේ වලක!!! මතකනේ... ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත හා තිරිසන් ලෝක වල බව බුදුහාමුදුරුවෝ කිව්වා නේ??? හැබැයි ඔය කියල තියෙන්නේ අවිද්‍යාවේ ඉන්න අයට... දැන් ඔය උදවිය කතන්දරය දන්නවා නේ?? ඔය කවුරුවත් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල ඉඳල නෑ... ඒත් ඔය උදවියට ලැබිල තියන 'පංච උපාදානස්කන්ධ' නැත්නම් තම තමන්ට ලැබිල තියන 'මතකයන්' කූරුගාල බැලුවොත්, ඒවයි තියනවා සිහිකරලා ඉවරයක් කරන්න බැරි තරම් ඔයවගේ කතන්දර!!! ඒ වගේම, තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනකම් තමන්ට තියන අනතුර අඩුවෙන්නෙත් නෑ!!! අන්න ඒ නිසා, මෙතනින් පහලට ඇදන් වැටෙන්නේ නැතිවෙන්න, මේ සැරේම ඉවරයක් වෙන්න, තිතටම වැඩේ කරන්න ඕනේ!!! අනික ඔය හැමෝම ඉන්නේ තනි තනියම... තමුන්ට තමුන් විතරමයි!!! වටේ පිටේ මොකා හිටියත් වැඩක් නෑ!!! තමුන්ට අම්ම / තාත්ත වත් නෑ!!! !!! !!! මේ තනි තනියෙන් කන පරිප්පුවක්!!!

කොච්චර උනත් ඉතින් බයවෙන්න එපා!!! සත්වයා මේ 'ජීවිත' පිලිබඳ සත්‍ය නොදන්නා තාක් තමයි සංසාර ගමනක් නිර්මාණය වෙන්නේ!!! අවිද්‍යාව තමයි මුල!!! තමුන් අවිද්‍යාවෙන් මිදුණා කියන්නේ, තමුන්ගේ ප්‍රශ්ණේ ඉවරයි!!! මම නම්, 'ණිවන් අවබෝධ කරලත් ඉවරයි!!' කියාගෙනම field එකට බැස්සේ, ණිවන් දැකපු නිසයි!!! අවිද්‍යාව කුඩේකුඩු කරනවා කිව්වේ, ඒකත් කරන හන්දාමයි!!! මේක උවමනාවෙන් බලන කෙනෙකුට ආයේ 'සංසාරේ යන්න' ලැබෙන්නේ නෑ!!! කිව්වෙත්, සත්‍ය දැක්කට පස්සේ ආයේ කාටවත් සංසාර කතා බැරි නිසයි!!! සංසාරේ දිගට දිගට තිබුණට, තමන්ට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම්, කට ඇරන් බලන් හිටියයි කියල වැඩක් තියනවද??? කොච්චර තණ්හාවෙන් භරිත වෙලා, කෙල පෙරාගෙන හොඳ එහෙකට යන්න බලන් හිටියත්, යන්න ලැබෙන්නේ නැත්නම්, මක්කොරන්නද??? ප්‍රාර්ථනා ඉටුවෙන්නේ නැත්නම් තණ්හාව බම්බු ගහන්නද??? ඔන්න ඕකයි බුදුරජාණන්වහන්සේට නම් උනයි කිව්වේ!!! 'විසංඛාර ගතං චිත්තං... තණ්හානං ඛය මජ්ජගා...' (හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා...) බොලාටත් එච්චරම තමයි!!!

** හැබැයි, practically කතන්දරේ සෑහෙන වෙනස්... මේ කියනවට වඩා ටිකක් sirious!!! ඉස්සරහට 'Y' junction එකක් එනවා... මේ සත්‍යයට විරුද්ධ / අකමැති අය එක පාරකට set වෙනවා... සත්‍යයට කැමති / සත්‍ය පිළිගන්න, අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවිය අනික් පාරට set වෙනවා... තමන්ට ඕනේ එකට යන්න පුළුවන් කමක් නෑ!!! වැඩපිළිවෙල සිද්ධවෙන විදිය ස්වභාවධර්මයෙන්ම හැදිලයි තියෙන්නේ!!! 'අනාත්මයි' කිව්වේ මොකද්ද කියල පේන්න ගන්නෙත් ඉස්සරහට යනකොට තමයි!!! කොහොමත්, මේ කරුණු විශ්වාස කරන / පිළිගන්න, අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවියට case මොකවත් නෑ... එක්කෝ මෙතැනින්ම ඉවරයි!!! නැත්නම් බොහෝවිට තව එකකින්ම ඉවරයි!!! උපරිම 7යි තමයි!!! ඒක වෙනස්කරන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් නෑ!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.