Friday, December 9, 2011

මේ ඔලුව විකාර වෙච්ච, මොලේ කොලොප්පන් වෙච්ච, පිස්සෝ රැලක් 'සියල්ල දත් දෙවියෙක්' කියල සංකල්පයක් හදාගෙන, ඒ කියන්නේ, නැති කෙහෙල්මලක් උපකල්පණය කරගෙන, නැහෙන්න යනවා!!! ඒත්, ඒ 'දෙවියව මවාපු පිස්සෝ' දන්නේ නෑ, බුදුරජාණන්වහන්සේ 'බෝධි සත්වයෙක්' හැටියට බුද්ධත්වය උදෙසා පෙරුම්පුරන්න පටන් ගත්තේ මේ ලෝකේ හැදිච්චි කාලෙටත් වඩා බොහෝම දුර ඈත කාලෙක ඉඳන් බව!!!

මේ ඉන්න සියලුම 'මහා' කට්ටිය, ඒ කියන්නේ, මහා විද්‍යාඥයෝ, මහා දාර්ශනිකයෝ, මහා උගත්තු සේරම, මේ ලෝකේ ගැන දන්නේ / කතා කරන්නේ, (ඔය සැහෙන 'ලොකු තොරණක්' බලලා ගොතා ගත්ත big bang කතන්දරේ එහෙම) මේ මහා භද්‍ර කල්පයේ ලෝකය සකස් වෙච්ච තැන ඉඳලයි!!! ඔය 'පරිණාම වාදය' කියන මහා බොරුව (ලොකුම තොරන් case එක!) ගොතාගෙන එන්නෙත් මේ මහා භද්‍ර කල්පයේ ලෝකය හැදෙන්න පටන් ගත්ත තැන ඉඳල, 'මෙහෙම වෙන්න ඇති... අරහෙම වෙන්න ඇති...' කියල උපකල්පණය කරලයි!!! හැබැයි, බුදුහාමුදුරුවෝ දිවැසින් දැකල තියෙනව, මේ පෘථුවිය සහිත සක්වලම එහෙමපිටින් විනාස වෙලා යනවා.... ආයේ අලුතෙන්ම හැදෙනවා... ආයේ විනාස වෙනවා... ආයේ හැදෙනවා... ඒක ඉවරයක් නැති චක්‍රයක්!! repetitive process එකක්!! කියන බව!!! පෘථුවිය එහෙම විනාස වෙන්න ලං වෙනකොට සත්වයෝ සේරමල 'ආභස්සර' නැත්නම්, 'පොඩි පොඩි ආලෝක' වගේ සත්වයින් බවට අනුවර්තනය වෙනවා... (නිකම්, කනා මැදිරි එලි වගේ!! ඒත් සත්වයෙක් පේන්න නෑ... ආලෝකය විතරයි!!! මොකද ගල් / පස් පවා, වාෂ්ප වෙලා යන තරමේ විශාල ගිනි ගහන රස්නයක් ලෝක විනාසයේදී ඇති වෙනවලු!!! ඉතින් සත්වයොත් ඒ රස්නෙන් හානි නොවෙන ස්වභාවයකට පරිවර්තනය වෙනවලු!!!) ආයේ ලෝකය නිර්මාණය උනාට පස්සේ, උන් ආයේ හිටපු හිටපු ස්වාභාවයන්ටම පත් වෙනවා... කියල බුදුහාමුදුරුවෝ අත්දැකීමෙන්ම දන්නවා!!! ඒ කියන්නේ, ලෝකේ විනාස උනත් සත්වයා විනාස වෙලා ඉවරයක් වෙන්නේ නෑ!!! අනික් එක, කාලෙන් කාලෙට ලෝකයේ සත්ව වර්ග වඳවෙලා යනවා... අලුත් වර්ග හැදෙනවා... හැබැයි මනුස්සය, මනුස්සයා හැටියටම පැවතගෙන ඇවිත් මිසක්, එවුන් වානරයන්ගෙන් නැත්නම් මාළුන්ගෙන් පරිණාමය වෙලා නෑ!!! තේරුණයි???

ඊළඟට, බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව කාලේ අවුරුදු 7ක් එක දිගට මයිත්‍රී භාවනාව වඩලා, ඒකෙ ආනිසංස හැටියට 'සංවට්ට විවට්ට කල්ප 7ක්', ඒ කියන්නේ, වරක් ලෝකය හැදුනට පස්සේ විනාසවෙලා යන්න ගතවෙන කාලය (කල්පයක්) + ඒ විනාස වෙච්ච ලෝකය ආපහු හැදෙන්න ගතවන කාලය (කල්පයක්) + ආයේ විනාසවෙන්න ගතවෙන... + ආයේ හැදෙන්න... + විනාසවෙන්න... ඔය වගේ කල්ප 7ක්, දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝක වලට... ආයේ බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලට... මාරු වෙවී ඉඳල තියනව!!! පහල වෙනවා... චුත වෙනවා... පහල වෙනවා... චුත වෙනවා... (හැබැයි, ඒ මාරු වෙවී... පහලවෙවී/චුතවෙවී... කියන්නෙත් ඉපදි ඉපදී, මැරි මැරී කියන එකම තමයි!!!)

බුදුරජාණන්වහන්සේට ඔය විදියට, හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉපදිච්ච ඉපදිච්ච ජීවිත වලදි ලබපු අත්දැකීම්, 'අහල / දැකල / විඳලා දැනගත්තු දේවල්' මහා ගොඩාක් මතක් කරගන්න හැකියාව තිබුණා!!! ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ සසර ගමනේ යෙදෙමින් සම්පූර්ණ කල පාරමිතා බලයෙන් දසබල ඥාණ, විශාරද ඥාණ, අභිඥ්ඥා උපදවා ගන්නත් පුළුවන් උනා!!! අන්න එහෙම මහ විසාල පසුබිමක් ඇතුවයි බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට ධර්මය කියා දුන්නේ!!! "අභිඥ්ඥාහන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනභිඥ්ඥාය" (විශිෂ්ඨ ඥාණයකින් යුතුවයි මම ධර්මය කියන්නේ, විශිෂ්ඨ ඥාණයක් නැතුව නොවේ) "සනිදානං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අනිදානං" (මම ධර්මය කියන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ) "සප්පාටිහාරියන් භික්ඛවේ ධම්මං දෙසිස්සාමි, නෝ අප්පාටිහාරියන්" (ප්‍රාතිහාර්ය සහිතවයි මම ධර්මය කියන්නේ, ප්‍රාතිහාර්ය නැතුව නොවේ) කියල උන්වහන්සේ ඒ බව පැහැදිලිවම කියල තියෙනවා!!!

එහෙව් එකේ, අලුතෙන්ම හැදුන කෙනෙක්, නැත්නම් එක් වරම පහල වෙච්ච කෙනෙක්, සේරම දන්නවා කියල කිව්වොත් ඒක මහා 'ගොං කතාවක්ම' විතරයි!!! ඇයි ඒ?? චුට්ටක් හිතන්න බලන්න... එහෙම කොහොම දැනගන්නද?? මේ අපිට උනා වගේම නේ හැම සත්වයෙකුටම වෙන්නේ??? තමන්ම, අහල / දැකල / විඳලා / හඳුනගෙන එපාය සේරම දැනගන්න!!! ඉතින්, අලුතෙන්ම පටන් ගනිද්දී 'දන්න' කිසිම දෙයක් නෑ!!! එහෙනම්, '0' න් පටන් අරන්, 1 2 3 කියල, 'අ' යනු 'ආ' යනු කියල, නැත්නම් a b c d කියල, ඉගෙන ගෙන තමයි පටන් ගන්න ඕනේ!!! ඒ හන්ද සංසාර ගමනක් / නැවත නැවත ඉපදීමක් මොකුත් නැතුව, කවුරු හරි කෙනෙක් 'සියල්ල දැනගෙන එක වරම පහල උනා...' කිව්වොත්, ඒක හෙණ ගොබ්බ කතාවක්!!! අන්න ඒක නිසා ඔය 'මවපු දෙයිය' ගැන ආයේ කතාකරන්නවත් එපා!!! ඒක පිස්සෙක් කියපු එකක්!!!

හැබැයි මේ සක්වලේ, ඇත්තටම ඔය 'මවපු කතාව' කියන කෙනෙකුත් ඉන්නවලු... එයාට කියන්නේ 'මහා බ්‍රහ්මයා' කියලයි!!! ඒ ඇවිල්ල මේ සක්වලේ ස්වභාවයෙන්ම ඇතිවෙලා තියන තනතුරක්!!! සක්‍ර දේවේන්ද්‍රයා, යම රජ්ජුරුවෝ, බුදුරජාණන්වහන්සේ, මාරය වගේම තනතුරක්!!! සංසාරේ සැරිසරන සත්වයෝ, කාලෙන් කාලෙට ඔය තනතුරුවලට පත්වෙනවා... ඒ අයගේ කාලය හමාර උනාම එයාල චුත වෙනවා... ඒ වෙනුවට තව අය පත්වෙනවා... ඒක ලෝක ධර්මතාවයක්!!! !!! !!! ඉතින්, ඔය මහා බ්‍රහ්මයා කියන තනතුරට පත්වෙන පුද්ගලයාගේ විශේෂය තමයි, එයාට මහා දීර්ඝ ආයුෂක් තියන එක!!! කොච්චර දීර්ඝ ආයුෂක්ද කියනවා නම්, එයා ජීවත් වෙන කාලේ වැඩි කමටම, එයාට 'මුල' අමතක වෙනවලු!!! එයා දකින්නේ, හැම කෙනෙක්ම ඉපදෙනවා... මැරෙනවා... ඉපදෙනවා... මැරෙනවා... ඒත් එයා එහෙම්මමයි!!! ඉතින් 'මෑන්ස්' හිතනවලු, 'මං තමයි සත්තුන්ව මැව්වේ!! මවන්නේ!!' කියල. මොකද, එයත් 'තොරන් දකින' කෙනෙක්!!! ගෞතම බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය දවස්වල, ඔය දැන් ඉන්න මහා බ්‍රහ්ම උන්නැහැත් 'මමයි මැව්වේ!' කියල පිස්සුවක් කෙලින්න ලැස්ති උනාලු... බුදුහාමුදුරුවෝ ඒ බව දැනගත්ත ගමන් 'මෑන්ස්ව' හම්බවෙන්න ගිහින් කියල තියනවා, "පිස්සු කෙළින්නැතුව හිටහන්... මාත් ඔය තනතුරේ 7පාරක්ම ඉපදිලා උන්න!!" කියල!!! මොකද එහෙම මවපු කතාවක් මේ බූරු මිනිස්සුන්ට නිකමට හරි ඇහුනොත්, උං ඒක අල්ලගන්නවා හුටස් ගාල!!! එතකොට උන්ව ණිවන් දක්කන්න තවත් අමාරුවෙනවා!!! මාත් මේක කිව්වේ ඒකමයි!!! !!! !!! 'මවපු' කතාවක් ලෝකේ කොහේ හරි තියනවා නම් තියෙන්නේ ඔය බ්‍රහ්ම උන්නැහැ පිස්සු කෙලින එකෙන් තමයි!!! හැබැයි ඒ කතාවත් එහෙම්පිටින් බොරු!!!මොකද ගෞතම බුදුරජාණන්වහන්සේ මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා ඉඳලම දන්නවා එහෙම මැවිල්ලක් කරන්න බැරි බව!!!

හරි! දැන් මේ සේරම කිව්වේ, ඕනෙම කෙනෙකුට, මේ සත්වයින්ගේ නැත්නම් 'අපි'ලගේ ඉතිහාසය, ඉතිහාස පොතේ තියන ගානට නෙවෙයි... අනන්තයටම යනකම් බැලුවත්, මෙවුන් මැරි මැරී, ඉපදි ඉපදී, ඇවිත් තියන කොට්ඨාසයක් මිසක්, මොකෙක්වත් මවපු, එහෙම නැත්නම් අලුතෙන්ම හැදුන අය නෙවෙයි කියන එක හොඳටම පැහැදිලි වෙන්නයි!!! හැබැයි ඉතින් 'මේවා විශ්වාස කරන්නම ඕනේ!' කියල... 'මේවා විශ්වාස කරපිය! නැත්නම් මරනවා!!' කියල... එකක් නෑ!!! අකමැති අය විශ්වාස නොකර ඉන්න!!! !!! !!! මොකද කවුරුවත් විශ්වාස කරනවද නැද්ද කියන එක ගැන ස්වභාවධර්මය චුට්ටක් වත් care කරන්නේ නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයාට කියන්නේ දර්ශණයක් / සංකල්පයක්, මොකක්වත් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ ලෝක ධර්මතාවය ගැන!!! මේ nature එක!!! ස්වභාවධර්මය!!! ඒ මිසක් බුදුහාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් නෙවෙයි. උන්වහන්සේත් ඒකට අහුවෙලා, මැරි මැරී, ඉපදි ඉපදී, ගොඩාක් දුක් විඳ විඳ ඇවිල්ල තමයි අන්තිමේ ගැලවෙන්න ක්‍රමය හොයාගෙන උන්වහන්සේත් ගැලවිලා, අපටත් ගැලවෙන්න කියා දුන්නේ!!!

ආ... අනික, බුදුහාමුදුරුවොත් බෝධි සත්වයෙක් හැටියට පෙරුම්පුරාගෙන සංසාරේ ආවේ මේ සාමාන්‍ය සත්වයෙක් හැටියටමයි!!! එතකොට බෝසතානන් වහන්සේයි සාමාන්‍යයෙන් පින්වත් / ගුණවත් / සිල්වත් මනුස්සයෙකුයි බැලුවොත්, ඒ දෙන්නම එකයි!! එකම වෙනස, අර සාමාන්‍ය මනුස්සයා 'වටේ යන' කෙනෙක්!! ඒ කියන්නේ කිසිම අරමුණක් නැතුව, ඔහේ යන්නන්වාලේ යන ගමනක, සංසාරේ අනාගෙන කාලෙකට ඉහලට ඉහලට 'මනුස්ස / දිව්‍ය ජීවිත ලබන', වැඩි කාලයක් පහලට පහලට 'පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබන', අනාත ගමනක යෙදෙන කෙනෙක්!! ඒත් බුදුවෙන්න පෙරුම්පුරන සත්වයා, අඟලෙන් අඟල හරි උඩ අතටම විතරක් ගමන් කරන කෙනෙක්!!! බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය ප්‍රමාණයට පින් බලය, කුසල ශක්තිය, එක්රැස් වෙනකන් මොනම හේතුවක් නිසා වත් ආපහු හැරෙන්නේ නැතුව, එකම ඉලක්කයකට ගමන් කරන කෙනෙක්!!! (හැබැයි බෝධි සත්වයෙක් ඒ යන ගමනේදී 'මං මේ බුදුවෙන්න යනවා...' කියල අඬබෙර ගහගෙන යන කතාවක් ගැන නම් බුද්ධ දේශනා වලින් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! ඔය දැන් 'හිටිවන' බුදුවෙන්නේ, 'පහලවෙන්නේ' පෙත්ත ගන්න අමතක වෙච්ච, බෙහෙත් වැරදිච්ච, බෙහෙත් මාරුවෙච්ච අය විතරයි!!!)

බුදුකෙනෙක්ගේ සුවිශේෂත්වය ඇතිවන්නේ උන්වහන්සේ මාර බලවේග පරාජය කොට බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!!එතන ඉඳලා පිරිණිවන් පානා මොහොත දක්වා උන්වහන්සේ යමක් කිව්වොත්, අන්න ඒක නම් ඉතින් එච්චරම තමයි!!! !!! !!! ඒ කියපු විදියටම මිසක්, වෙන විදියකට කිසිවක් සිද්ධවෙන්නේ නෑ!!! බුදුරජාණන්වහන්සේට 'තථාගත' කියල කියන්නෙත් අන්න ඒකයි!!! තමන් වහන්සේ බෝධි සත්වයෙක් හැටියට පෙරුම් පුරාගෙන සංසාරේ ආව කාලේ, "මං මෙහෙම මෙහෙම ඉපදිලා උන්නා..." "මම මේ මේ ජීවිත ගතකලා..." "මම මේ මේ දේවල් කිව්වා... කළා..." කියල හිතන් හිටියට, 'විවේකයෙන් ඉන්න වෙලාවල පොඩි එවුන්ට කතන්දර කියල දෙනවා' වගේ 'ජාතක කතා' හැටියට ඒ අතීත සිදුවීම් ගැන ශ්‍රාවක සංඝයා වහන්සේලාට කිව්වට, 'මං' සංසාරේ ඇවිල්ල නැහැ නේද??? ??? ??? ඇවිල්ල තියෙන්නේ 'මේ මතකයක්' විතරයි නේද??? ??? ??? කියල උන්වහන්සේ දැනගත්තේ බුද්ධත්වයට පත්වෙද්දී මයි!!! ඒක දැනගන්නවත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව කුඩේ කුඩු වෙලා ගියා... සිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැත්තටම නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා... හැබැයි උන්වහන්සේට සුදුසුකම් සම්පූර්ණ කරගත්ත, spirit එක වගේ 'පොරවල්'ට මිසක්, 'මෝඩ පහේ' උදවියට මේ 'සංසාර ගමන' කියල වෙච්ච 'කෙහෙල්මල' මොකද්ද??? ඒ ඇත්තම ඇත්ත කතාව මොකද්ද??? කියල තෝරලා දෙන්න විදියක් තිබුනේ නෑ!!! !!! !!!

හැබැයි, වනගතව භාවනානුයෝගීව කල් ගතකල, ධ්‍යාන වැඩු, තම තමන්ගේ පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව තිබු, 30 නමක් සංඝයා වහන්සේලාට උන්වහන්සේ ඔය 'කතාව' 'ටක්කෙටම' කිව්වා!!! බුදුහාමුදුරුවෝ කලේ, ඒ අයට ඒ අයගේ පෙර ජීවිත සිහිකරන්න කියල, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාල මැරිච්ච වෙලාවල ගලපු ලේ ප්‍රමාණය කොච්චරක්ද බලන්න... ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ කොච්චරක්ද කියල බලන්න... මිනිසුන් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල, තාත්ත මැරිච්ච වෙලාවල, හඬපු කඳුළු ප්‍රමාණය කොච්චරක්ද බලන්න... කිය කිය අතීතය සිහිගන්වලා, ඔය තරම් දුක් කන්දරාවක් විඳින්න හේතුව මොකද්ද කියල දන්නවද??? අහල, "ඔබට ඔය තරම් මහා දුක් කන්දරාවක් විඳින්නට උනේ, පංච උපාදානස්කන්ධය 'මගේ' යයි ගත් නිසයි!!!" කියලා, මේ 'හේතුව' කියල දීපු එක විතරයි!!! ඒ හාමුදුරුවරු 30 නමම එතනම අරහත්වයට පත් උනා!!! !!! !!! දැන් උඹලටත් වෙන්න යන්නේ ඒකම තමයි!!! හැබැයි දැන් ඉන්නේ 'ධ්‍යාන වඩපු' වෙනුවට, මොලේ උඩ වාඩිවෙච්ච / මොලේ 'තියල වාඩිවෙන්න' පාවිච්චි කරන, එවුන් නිසා, අහන පරක්කුවෙන් කී දෙනෙක් රහත්වෙයිද කියන එක sure නෑ!! ඒත් අනිවාර්යයෙන් සැහෙන පිරිසක් ඉඳියි!!! කොහොමත්, වෙන්න ඕනේ දේ නම් අනිවාර්යයෙන් වෙයි...

එහෙමනම් අපි මේ සංසාර කතාව ඉවරයක් කරලා දාමු!!! මෙයින් මතුවට 'ගෞතම බුද්ධ රාජ්‍යය' පවතින තාක් කල් උපදින උපදින මනුස්සයෝ 'ණිවන් යනවා...' මිසක් ආයේ 'සංසාරේ යනවා...' කියල එකක් වෙන්න බෑ!!! කීයට වත් වෙන්න බෑ!!! !!! !!!

මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේ ගේ!!! !!! !!! පරක් තෙරක් / කොනක් පොටක් හොයාගන්න බැරි මේ ජීවිත කතාව නිරවුල්ව අවබෝධ කරගෙන ජීවිතේ දිනන්න, අපි ඕනෙම කෙනෙකුට තියන එකම පිළිසරණය (එකම anchor එක) උන්වහන්සේ විතරයි!!! !!! !!! උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කළා!!! !!! !!! ඉතින්, ජීවිතය අවබෝධ කරගැනීම කියල අපිට කරන්න තියෙන්නේ, උන්වහන්සේ කියල දීපු දේ ඒ විදියටම තේරුම් ගැනීම විතරයි!!! !!! !!! මෙතනට වෙන කිසිම කෙනෙකුගේ අදහස් / මත / අලුත් අර්ථ දැක්වීම් කිසිම දෙයකින් කිසිම වැඩක් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීලයි තියෙන්නේ!!! !!! !!!

ඇත්තටම නම් මම කලින් කරපු technical expression එකෙන් මේ කතන්දරය එහෙම්පිටින්ම ලෝකෙට එලිකලා!!! හැබැයි, 'වියයුතු දේ' අනිවාර්යයෙන් සිදුවෙන විදියට, ඒ වගේම හැම කෙනෙකුටම තේරෙණ විදියට, විශ්වාසයෙන් / උවමනාවෙන් බලන ඕනෙම කෙනෙක් මේ ජීවිතයෙන්ම සංසාර දුකින් නිදහස්වෙන විදියට, අවශ්‍ය කරුණු කියල දෙන්න එතකොට මට තේරුණේ නෑ!!! පස්සේ කල්පණා කරගෙන කරගෙන යනකොට, පාරක් නම් 'පේන්න' ගත්ත... කියල වැඩක් නෑ!!! එලම එල!!! ඒත් ඒකෙදිත් අහුවෙන වැදගත්ම point එක technical උදවියට technically ම කියනවා මිසක්, සාමාන්‍ය උදවියට තෝරලා දෙන්න විදියක් මට 'පෙනුනේ' නෑ!!! වැඩේ හරියටම හරි කියල හොඳටම තේරිච්ච නිසා,කොහොම හරි කියන්න විදියක් දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී, මේ කතාවට 'තිතටම හරියන' උදාහරණය මේකයි කියල hint එකක් දීලා, මේ වැඩේ අනිවාර්යයෙන්ම කෙරෙන තැනට සේරම වැඩ සැලැස්සුවේ නොපෙනෙන ලෝකයේ කල්‍යාණ මිත්‍රයින් පිරිස තමයි!!! ඇත්තටම සංසාරේ සුන්නද්දුලි වෙලා ගියේ එදයි!!! !!! !!! දැන් සැහෙන දවසක් වෙනවා...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.